මගේ මහත්තයා හරිම නිදහස් පුද්ගලයෙක්
ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ බිරිය කුසුම් නවලිය සමඟ
ඇය කුසුම් රේණු. ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස්. මේ දෙන්නාම අපේ රටේ ජනප්‍රිය චරිත දෙකක්. ජනප්‍රිය චරිත වුණාම ඒ අය ගැන මිනිස්‌සු හොයලා බලනවා. ඒ හොයා බැලීම නිසාම හුඟාක් දේවල් මිනිස්‌සු දන්නවා. ඔබ හුඟාක් දේවල් දන්නා ශ්‍රියන්ත ගැන ඔබ නොදන්න දේවල් ටිකක් කතා කරන්න අපි සූදානම්"
ඒ සඳහා අපි තෝරා ගන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුවයි. මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ වේදිකා රංගන ශිල්පිනියක ලෙසයි. ඒ දවස්‌වල මම ලක්‌ෂ්මන් ආරච්චිගේ නාට්‍යයක වැඩ කළා. අපේ කණ්‌ඩායමේ කට්‌ටිය ශ්‍රියන්තගේ වේදිකා නාට්‍යයක් බලන්නට ගියා. ඒ නාට්‍යයේ නම "දෙයියන්ගේ පුංචි අක්‌කරය." එදා තමයි මම ශ්‍රියන්තව මුලින් දැක්‌කේ. මට මතක විදිහට ඒ නව රඟහලේදී. මම රංගන ශිල්පිනියෙක් වුණාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළා. ඒ කාලේ ශ්‍රියන්ත ගුරුවරයෙක්. මම විවාහ වෙන වයසේ සිටියේ. ඔහු ගෙනා යෝජනාවට මම කැමති වුණා. කැමති වීමට හේතුවක් තිබුණා. එකක් ඔහු ගුරුවරයෙක්. අනික කලා කරුවෙක්. මම කලාවේ දිගින් දිගටම නිරත නොවුණත් කලා කටයුතු ගැන කතා කරන්න. හැන්දැවට වේදිකා නාට්‍යයක් බලන්න යන්න වගේ පුංචි පුංචි ආසාවල් තිබුණා. ඒවා ඉටුකරන්න හොඳම කෙනා ශ්‍රියන්ත බව මට දැනුණා හිතුණා. මට මතක විදිහට ශ්‍රියන්ත යෝජනාව ගෙනාවේ 1985 අප්‍රේල් වලදී. අපි 1986 ඔක්‌තෝබර් 25 විවාහ වුණා.
විවාහයෙන් පස්‌සේ මම
රැකියාවෙන් අස්‌වුණා. කලාවෙන් ඒ කියන්නේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලා ශ්‍රියන්ත කිව්වා. දුකින් වුණත් මම ඒකට කැමති වුණා. හැබැයි අර පුංචි ආසාව නම් මගේ හිතේ තිබුණා. ඒකට ශ්‍රියන්තත් කැමතියි.
ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ එදා ජනප්‍රිය චරිතයක් නොවෙයි. ඔහු තුළ තිබුණු කුසලතා නිසා ජනප්‍රිය වෙයි කියලත් දිගු ගමනක් යයි කියලත් එදා මම දැනගෙන හිටියා. ඒ වගේම ශ්‍රියන්ත එයා රඟපෑ පළමු ටෙලි නාට්‍යය වූ පලිඟු මැණිකේ හි සුරසේනගේ චරිතයෙන් එක රැයින් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය අදත් ඔහුට තියෙනවා. එයාගේ බිරිඳ විදිහට ඒ ගැන මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්. මොකද ජනප්‍රියත්වය රැකගැනීම ලෙහෙසි නැහැ. ඒත් ශ්‍රියන්ත ගැන මම මුලින් හිතාගෙන හිටිය දේවල් වෙනස් වුණා. ඔහු ජනප්‍රිය වුණ නිසා වැඩ වැඩි වුණා. ගුරුවරයකු ලෙසත් ඔහු සේවය කරන නිසා ඒ කාර්ය බහුලත්වය ඉහළ ගියා. මම ගෙදර. ඔය අතරේ මට ලොකු දුව ලැබුණා. එයා දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේ දරුවා කියන තැන හිටියේ. දරුවට නම දැම්මේ ශ්‍රියන්ත. නිපුනි ප්‍රේක්‌ෂිකා කියලා. දුව ලැබුණු ඒ කාලේ අපේ රටේ කලබල තිබුණා.
ඔය අතරේ ශ්‍රියන්ත වේදිකා නාට්‍යයක් හැදුවා. එහි රංගන ශිල්පිනියට එක දවසක් එන්න බැරිවුණා. ඒ අඩුව පුරවන්න තමයි මම යළිත් රංගනයට එකතු වුණේ. ඒ ඊට පස්‌සේ මහාචාර්ය සරත්චන්ද්‍රයන් ගේ නාට්‍යය වලට සම්බන්ධ වුණා. ඒ සඳහා ශ්‍රියන්ත අවසර දුන්නා. නිතර නිතර ශ්‍රියන්තට පිටරට යන්න වුණා. රංගන ශිල්පියෙක් නිසා. දෙවැනි දුව ලැබෙන කොට එය සවුදිවල. දෙවැනියාට නම දැම්මෙත් එයා. මායාවක් නොවුණ තරුව. තේරුම ඇති තාරුකි ඕමායා.
හැබැයි එයා දරුවෝ දෙන්නට සලකන්නේ දෙවිදිහකට. වේලාවකට මට දුකත් හිතෙනවා. ලොකු දුවට සලකන්නේ පුතෙක් විදිහට. දෙවැනියා දුවෙක් විදිහටයි. ඒකට හේතුව ඒ ළමයි ශ්‍රියන්ත හමුවේ හැසිරෙන විදිහ. ලොකු දුව හරි අපි කරමු. ඒක තමයි හරි කියලා ඉක්‌මන් වෙනවා. දෙවැනියා එපා. එහෙම නෙවෙයි මෙහෙම කරමු. තව ටිකක් හිතමු. කියලා නිවිසැනසිල්ලේ වැඩ කරන්නෙ.
ශ්‍රියන්ත දැන් හුඟාක් නිවුණු කෙනෙක්. ඒ දවස්‌වල නම් ආවේග කාරියි. දඩබ්බරයි. ඒත් ඒ කේන්තියාමත් ටක්‌ගාලා නිවෙනවා. ශ්‍රියන්ත බොහෝම පුංචි තැනකින් ජීවිතය පටන් ගත්තේ. ඔහුට අතීතය අමතක නැහැ. මං ඒකට කැමතියි. විශේෂ යාළුවෝ කියලා නැහැ. මං හිතන්නේ එයත් එක්‌ක ඉස්‌සර ළඟින් හිටපු අයත් ශ්‍රියන්තවගේම දැන් කාර්ය බහුලයි. කමල් අද්දරආරච්චි ජැක්‌සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි තමයි එයාගේ යාළුවෝ.
කාලකාරයෝ වුණාම. මත්පැන් බොනවා සමහරු එහෙම හිතනවා. නමුත් ශ්‍රියන්ත එහෙම නැහැ. ඒකත් මට ලොකු සතුටක්. මං හිතන්නේ යාළුවෝ අඩුත් එයාට ඒ නිසා.
පවුලට එයා මුල්තැන දෙනවා. ලැබෙන පුංචිම කාලය හරි දරුවොත් එක්‌ක ඉන්නයි උත්සාහ කරන්නේ. දරුවෝ දෙන්නට යාළුවෙක් වගේ.
මම මුලින් කිව්වනේ ශ්‍රියන්තට යාළුවෝ නැහැ සමීපයි කියලා කියන්න. මම තමයි එයාගේ හොඳම යාළුවා. සමහර විට හිටපු ගමන්. මට මචං කියලත් කතා කරනවා.
අපේ ගෙදර වැඩවලට උදව්වට කෙනෙක් ඉන්නවා. ඒත් ගෙදර ඉන්න දවසක නම් ශ්‍රියන්ත උදෙන් නැගිට්‌ටොත් එයා අපිටත් එක්‌ක තේ හදනවා. රසට තේ හදන්න පුළුවන්. ඒ වගේම තමයි අත්හදා බැලීම් කරලා රසට සලාද හදන්නත් පුළුවන්. විශේෂ දවසකට ශ්‍රියන්ත තමයි සලාද හදනනේ අපේ ගෙදර.
එයා හුඟාක් ආසයි නිසංසලව ඉන්න. ඒ නිසා නිවාඩු තිබුණොත් අපි සියලුම දෙනා එක්‌ක එහෙම තැන්වලට යනවා. සිංදු අහන්නත් හරිම ආසයි.
ජීවිතේ හරිම සැළසුම් සහගතයි. ඒ එයා ගුරුවරයෙක් නිසා වෙන්න ඇති. එයා කතෝලික. මම බෞද්ධ. අපේ ගෙදර බුදු පහන දැල්වීමත් යාඥ කිරීමත් කරනවා. ශ්‍රියන්ත උදේට ගෙදරින් යන්නේ බුදුපහන දල්වලා. කීයට ගෙදර ආවත් ඔහු දවස මෙනෙහි කරලා යාඥd කරනවා.
පංගු පේරුවක් ඔහු තුළ නැහැ. ඒ නිසා අපේ ගෙදර වැඩ බෙදාගෙන නැහැ. කරන්න තියෙන දේ අපි දෙන්නාගෙන් කවුරු හරි කරනවා හැබැයි. ශ්‍රියන්ත මුදල් ගැන හිතනවා මදියි කියලා මට හිතෙනවා.
ශ්‍රියන්ත නිතරම කියන්නේ අනුන්ට කරදරයක් නොවුණ තරමට තමන්ගේ හිත නිදහස් කියලා. ඇත්තටම ඔහු නිදහස් පුද්ගලයෙක්.
සුගත් ශාන්ත මොරගහකුඹුර
පිංතූර - සමන් අබේසිරිවර්ධන
Copy Rights - Nawaliya
Archives
-
▼
2011
(205)
-
▼
March
(71)
- ශේෂාද්‍රි අපායේ තප්පර දහයක් ඉඳලා
- Gamini Hattotuwegama
- ‛‛වීදියේ සටන් කරුවා” පිළිබද සටහනක්..
- බූරුවා මහතා වේදිකාවට
- හස්තිකාන්ත මන්තරය අපූරුයි
- එච්.ඒ. නළුවෙක් පමණක් නොවේ
- ඔව්! වේදිකාව පොහොසත්
- තත්පර අනූවේ විශිෂ්ටයා
- ධම්ම ජාගොඩ දේශපාලන ටෙලි නාට්‍යකරුවා
- බස්වල අදටත් ජනපි‍්‍රය ජෝතිගේ සින්දු
- දස වසරකට පෙර සමුගත් මාලනී
- බොරු ආඩම්බර චරිතවලට මම කොහෙත්ම කැමැති නෑ
- ඒක රැගුම් පාලක මණ්ඩලයේ වැඩක්
- ආනන්දයෙන් බිහි වුණ 'ස' ගීත රචකයෝ
- සෙනෙහබර ධනුද්ධර ඇරැඹේ
- නිල්මිණී තෙන්නකෝන් ගේ ජීවිතය අලුත් වෙලා
- මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය
- "නරිබෑනා" 50 වසරක් කරළිය මත
- මම නිල් චිත්‍රපට හදන කෙනෙක් නෙමෙයි
- මට හැදුන කටකතාව ඇත්තක්
- පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා
- ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?
- මම කාගෙවත් පවුල් කඩලා නැහැ
- අයි ඇම් ශ්‍රී ලංකා ඕයි !
- ලොවම වසඟ කළ එළිසබෙත් ටේලර් මියයයි
- දැන් පෙන්වනවා
- බර්නාඩාගේ සිපිරි ගෙය - The House of Bernarda Alba
- විශ්වවිද්‍යාලයීය නාට්‍ය උළෙල - 2011
- සියක් ආයු ලැබූ සිත නිවන කතා
- අනේ අදත් ඔබ සිටියානම්
- මම තවමත් ඉගෙනගන්නවා!
- ඔව් අපි මාස්ටර්ගේ ගෝලයෝ තමයි
- මංජුලා රිය අනතුරක
- අලුත් ඇල්බමයක් ළඟදීම
- කවදාවත් නළුවෙක්ව නම් කසාද බඳින්නෙ නෑ
- බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්
- ලංකා කලා දිනපොත තහනම් කරයිද ??
- වෙනස් නමක් තියෙන අලුත් තාලයේ වැඩක්
- ‘ඇන්ටිගනි’
- නළුකම කලාවක් කර ගත් ආණ්ඩුවේ කන්තෝරුකාරයා
- සරසවි Radio
- පාසල් කාලයේ සංගීතය කළේ පිස්සුවෙන් වගේ
- මම විශ්‍රාම නොයමි
- මගේ මහත්තයා හරිම නිදහස් පුද්ගලයෙක්
- මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ
- එදා ළමා ගායිකාවක වූ ශිරෝමාලා අද ‘ආච්චි’ කෙනෙක්
- නාමෙල් මාලිනී කැදැල්ල
- ලෝක කුසලානයෙන් ගීත සාහිත්‍යයට එක්වූ ක්‍රිකට් සින්දු
- ‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ
- නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි
- ඒ අද්දැකීම මට වචනයෙන් විස්තර කරන්න බෑ
- නාන ඇඳුමට බැහැ කියා රටට කීර්තිය ගෙනා
- බූරුවා මහත්තයා කැටුව එන මනෝ
- මනීෂා නංගියේ අපි ඔයාට ආදරෙයි
- මේනකාට මන්තී‍්‍රවරයෙකුගෙන් බලපෑම් ?
- පොත්පත් ඩොට්කොම්
- කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’
- සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!
- Weekly Art News 01
- බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..
- එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න
- ශිරෝෂි නටන්නේ නැත්තෙ ඇයි ?
- ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි
- චිත්රකතාවේ නූතනවාදය හඳුන්වාදීම
- සිංහල සිනමා විස්තරය
- ‘මහින්දාගමනය’
- ‘දැන්ම බඳින්න අදහසක් නෑ’
- ටෝනි ගේ ලණු ගැන අනුලා සිහිපත් කරයි
- ‘බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී
- අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ
- බ්ලැක් බොක්ස් නාට්‍ය?
-
▼
March
(71)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්‌ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
ஆஸி. வீரரினை உரசியமைக்கு விராட் கோலிக்கு அபாரதம் வழங்கிய ICC - இந்திய கிரிக்கெட் அணியின் முன்னணி துடுப்பாட்டவீரரான விராட் கோலிக்கு அவுஸ்திரேலிய அணியுடனான நான்காவது டெஸ்ட் போட்டியில் ஒழுங்கீனமாக நடந்து கொண்டமைக்காக அபரா...3 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මගේ මහත්තයා හරිම නිදහස් පුද්ගලයෙක්
Tuesday, March 15, 2011සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:00 PM
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, වේදිකාව
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment