----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම නිල් චිත්‍රපට හදන කෙනෙක්‌ නෙමෙයි

Monday, March 28, 2011

මම නිල් චිත්‍රපට හදන කෙනෙක්‌ නෙමෙයි

රටම කැළඹූ නිදි යහන ගැන අධ්‍යක්‌ෂ කියන කතාව

සුනිල් සෝම පීරිස්‌ගේ පුත්‍රයා. පියාගේ අඩිපාරේ යමින් සුදේශ් වසන්ත පීරිස්‌ චිත්‍රපට ක්‍ෂේත්‍රයට එන්නේ කුඩා වියේ සිටියි.

සුනිල් සෝම පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපටවල සම අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වසන්ත ඩී. බී. නිහාල්සිංහ නිර්මාණය කළ කෙළි මඬල චිත්‍රපටයේ සහය අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කර ඇත.

සුදේශ් වසන්ත පීරිස්‌ චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කළේ වයස අවුරුදු 17 දීයි. ඒ රත්තරං මිනිහෙක්‌ නම් චිත්‍රපටයයි.

එහෙත් සුදේශ් වසන්ත පීරිස්‌ මේ වනවිට චිත්‍රපට හතක්‌ අධ්‍යක්‌ෂණය කර ඇත. ඒ අතර දරු උපත, මමත් ගැහැනියෙක්‌, පිංපොං, අන්ඩවල්ඩ් තිබෙනවා. සුදේශ්ගේ නවතම චිත්‍රපටය නිදියහන කැලඹෙයි. මේ අප සුදේශ් වසන්ත පීරිස්‌ සමග කළ කතාබහක සටහනකි.

ඇයි ඔබ චිත්‍රපට ක්‍ෂේත්‍රයට පැමිණියේ?

මගේ පියා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌. මේ රටේ ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට හැදූ සුනිල් සෝම පිරීස්‌ගේ පුතා ක්‍ෂේත්‍රයට පැමිණීම අමුත්තක්‌ නොවෙයි. මම මගේ රැකියාව ලෙස තෝරා ගත්තේ චිත්‍රපට කර්මාන්තයේ අධ්‍යක්‍ෂ කියන තනතුරයි.

ඔබ සාර්ථකයි කියලා හිතනවද?

අනිවාර්යෙන්ම මම මේ රටේ පිළිගත්ත අධ්‍යක්‍ෂවරුන්ගේ සහය අධ්‍යක්‌ෂවරයා ලෙසත් සම අධ්‍යක්‌ෂවරයා ලෙසත් විශාල චිත්‍රපට සංඛ්‍යාවක වැඩ කරලා තියෙනවා. ඒ අත්දැකීම් අනුසාරයෙන් මම නිර්මාණය කළ චිත්‍රපට සියල්ලම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අලුත්ම චිත්‍රපටය වූ නිදියහන කැලඹේ චිත්‍රපටයත් සාර්ථක ලෙස තිරගත වෙනවා.

ඔබ හැදූ චිත්‍රපට වැඩි ප්‍රමාණයක්‌ වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේයි තිරගත වෙන්නේ?

වෙන්න පුළුවන්.... හැබැයි ඔය ඇඟිල්ල දික්‌කරන්නේ මං වගේ පොඩි මිනිහෙකුටයි. ඒකයි කනගාටු. මට ළමයින්ටත් වැඩිහිටියන්ටත්, වැඩිහිටියන් හා ළමයින්ටත් බලන්න චිත්‍රපට හදන්න පුළුවන්. මගේ ළඟ ඕනතරම් කතාවස්‌තු තියෙනවා.

බොහෝ දෙනෙක්‌ කියනවා චිත්‍රපට ක්‍ෂේත්‍රය කඩාවැටෙන්න ඒක හේතුවක්‌ තමයි පසුගිය කාලේ තිරගතවුණු කාමරැල්ලේ චිත්‍රපට කියලා.

මුලින්ම කියන්න ඕන මම නිල්චිත්‍රපට හදන කෙනෙක්‌ නොවෙයි. මගේ චිත්‍රපට නොබලා කියන කතා මට වලංගු නැහැ. චිත්‍රපට බලන්න මිනිස්‌සුන්ට විවේකය ඕන. නරඹන්න ක්‍රමවත් චිත්‍රපට හදන්න ඕන. එහෙම නැතිව කාටවත් බැනලා වැඩක්‌ නැහැ. පසුගිය කාලේ චිත්‍රපට හදපු සමහර අයට තමන්ගේ වාහනයට තෙල් ගහන්න සල්ලි නැහැ.

තමුන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න සල්ලි නැතිව ඉන්නවා. එහෙම චිත්‍රපට කරන්නේ මොකටද, අපි හැමෝම කරන්නේ රක්‌ෂාවක්‌. ඔය කෑගහන අයගේ චිත්‍රපට සාර්ථකවෙලා තියෙනවාද, අඩුම ගානේ නිෂ්පාදකයා වියදම් කරපු මුදල් ටිකවත්.

ඔය කියන්නේ ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට කිරීම සාර්ථක ව්‍යාපාරයක්‌ කියලද?

නැවතත් කියන්න ඕනේ මම ලිංගික චිත්‍රපට හදන නිර්මාණකරුවෙක්‌ නොවෙයි. චිත්‍රපට හැදීම මගේ රක්‌ෂාව. මම රක්‌ෂාව හරියට කළොත් තමයි තව අයට රැකියා අවස්‌ථා ලැබෙන්නේ. චිත්‍රපටයකට ලිංගික දර්ශනයක්‌ ඇතුළත් කළ යුතුනම් එය එක්‌ කිරීමට මම මැලිවෙන්නේ නැහැ.

නිදියහන කැලඹෙයි ලිංගික දර්ශන ඇතුළත් නැහැ කියලද ඔය කියන්නේ.

මම දරු උපත චිත්‍රපටය කළා. චිත්‍රපටයේ දරු උපතක්‌ නොපෙන්වා දරු උපතක්‌ ගැන කතා කරන්නේ කොහොමද? නිදියහන කැලඹෙයි චිත්‍රපටය තුළින් මම කතා කරන්නේ සමාජ රෝගයක්‌ ගැන. සාර්ථක පවුල් ජීවිතයක්‌ ගතකරන අඹුසැමි යුවලක්‌ මුහුණදෙන ගැටලුකාරී තත්ත්වයක්‌ ගැන. මට කියන්න ඔබ මෑතකදී සනත් ගුණතිලක නිර්මාණය කළ එකමත් එක රටෙක චිත්‍රපටයේ ලිංගික දර්ශනයක්‌ තිබුණා. ඒත් ඒ චිත්‍රපටය කාමරැල්ලේ චිත්‍රපටයක්‌ කියලා කවුරුවත් කිව්වාද? නැහැනේ. ඇයි මට විතරක්‌ මේ චෝදනා කරන්නේ..... මගේ චිත්‍රපට බලන්න සෙනඟ එන නිසාද?

එතකොට නිදියහන කැලඹේ චිත්‍රපටයේ පෝස්‌ටර් වැඩි ප්‍රමාණයක්‌ පාසල් ආසන්නයේ අලවා තිබුණ බවටත් සමහරු චෝදනා කරනවා.

ඒක වැරැදි කතාවක්‌. කොළඹ පෝස්‌ටර් අලවන්න තියෙන ස්‌ථාන හරිම අඩුයි. අනික පෝස්‌ටර් ගහන්න අපි කොන්ත්‍රාත් දෙනවා. ඉතිං ඒවා අලවන්නේ කොහෙද කියලා හොයන්න මට යන්න වේලාවක්‌ නැහැ. මෙහිදී කියන්න ඕන නිදියහන කැලඹෙයි චිත්‍රපටය යම් කිසි පිරිසක්‌ ඉලක්‌කකොටගෙන නිර්මාණය කළේ නැහැ. මේ තුළින් යමක්‌ ඉගෙන ගන්න කැමති අයට ඒ අවස්‌ථාව තියෙනවා.

මේ පෝස්‌ටර් දැක්‌කාම හිතන්නේ මෙය කාම චිත්‍රපටයක්‌ බවයි.

පෝස්‌ටර් අලවන්නේ චිත්‍රපටය ප්‍රචාරය කරන්න. චිත්‍රපටය බලන්න. පිටින් බලලා තීරණවලට එළඹෙන්න එපා. මෙය හොඳ චිත්‍රපටයක්‌. ඉගෙන ගන්න යමක්‌ තියෙනවා. ඒත් නිල් චිත්‍රපටයක්‌ කියන හැඟීමෙන් මෙය බලන්න එපා.

නිදියහන කැලඹේ චිත්‍රපටය උදෙසා රන්රුවන් කුමාරතුංග, නිශාන්ති ගමගේ, නදීකා ගුණසේකර, සුසන්තා චන්ද්‍රමාලි, රෙක්‌ස්‌ කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු ඇතුළු නළු නිළි පිරිසක්‌ රංගනයෙන් දායක වී ඇත.


සුගත් ශාන්ත මොරගහකුඹුර


Copy Rights - Diwayina

0 comments:

Post a Comment