අසන් මහතුනේ...
නොවී ඔහු සාධු කෙනෙකු හෝ
පකීර් කෙනෙකු
ශාන්තු වරයෙකු හෝ ශුද්ධ වූ මිනිසෙකු
නොවී ඔහු යෝගියෙකු
තවුසෙකු – සිනමාකරුවෙකු හෝ
දේශපාලකයෙකු
ඔහු වූ කලී
පූර්ව කර්මය ඉපැදී
පත්තර බැලුමට ලොල් වී ගඩොල් ගල්
වැලිද අදිනා
බූරුවෙකු මේ අමුම අමු
බූරුවෙකු
යමුනා ගංතෙර අසබඩ ගිමන් හරින සංචාරක නාට්‍ය කණ්ඩායමක් වෙතින් ගැයුණු ගී නද සමඟ ලුම්බිණි වේදිකාවේ කඩතිර විවර වූයේ ‘බූරුවා මහත්තයා’ වෙතය. ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නගේ නවතම නාට්‍යය වන “බූරුවා මහත්තයා” නාට්‍යයට නිර්මාණය වී ඇත්තේ උර්දු ලේඛක ක්‍රිෂාන් චන්ද්‍රර්ගේ නවකතාවක් වූ ඡ්ම් ච්චඤඩඥ ඬඪ ඵචපඨඩභලචඵබ හි සිංහල පරිවර්තනය වන ‘සද්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය’ ආශ්‍රය කොට ගෙනය. ගුණතිලක මැටියගනේ එහි පරිවර්තකයාය.
මනෝරත්න දේශීය නාට්‍යය කලාවේ පෝෂණය සඳහා ස්වතන්ත්‍ර නාට්‍ය කලාව වර්ධනය විය යුතුය යන්න දැඩිව පිළිගත්තෙත් වීම නිසා ඔහුගේ නාට්‍යය නිෂ්පාදන අතර පරිවර්තන නාට්‍යය ද්විත්වයකට පමණක් සීමා වී ඇත.
දේශීය මූලයන් වෙත ඔහු දක්වන රුචිය ඇරෙන්නට මනෝගේ නාට්‍යහි දක්නට ලැබෙන අනෙක් වැදගත් ලක්‍ෂණය වන්නේ සාහිත්‍ය සමඟ ඔහු දක්වන සමීප සම්බන්ධය ය. “බූරුවා මහත්තයා” නාට්‍යයද රචනා වන්නේ ඔහු එලෙස ගුණතිලක මැටියගනේ ගේ පරිවර්තිත නවකතාව කියැවීමෙන් ලබන ප්‍රලය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එහි අනෙක් අග්‍ර ඵලය වන “ ලෝකය තනි යායක්” නාට්‍ය රචනා වී ඇත්තේ සුපතල කවිවර මහගමසේකරයන්ගේ “ප්‍රබුද්ධ” නවකතාව ඇසුරු කොට ගෙන ය.
“මානව ජීවිතයේ පෝෂණය සඳහා දායක කර ගත හැකි බරසාර සාහිත්‍යය කෘතින් රැසක් අපිට තිබෙනවා. නමුත් පසුගිය යුගවල සමාජ ආර්ථික තලයේ ඇතිවූ චලනයන් නිසා කියැවීම සම්පූර්ණයෙන්ම වාගේ නැතිවී ගියා. “ගුරුතරුව “ වැනි නාට්‍යයක් හරහා මම කතා කිරීමට උත්සාහ කළේත් එම ඛේදවාචකය පිළිබඳවයි.”
නවසිය හතළිහේ දශකයේ ඉන්දිය ජන සමාජය පසුබිම් කරගත් නවකතාවක් ආශ්‍රයෙන් වර්තමාන ලාංකික සමාජය ආමන්ත්‍රණය කිරීමට ඔහු දරන උත්සාහ කෙතෙක් දුරට කාලීන විය හැකිද? යන්නට මනෝගේ ප්‍රතිචාරය වන්නේ මේ කතා තේමාවෙන් කාල-අවකාශ සම්බන්ධය ඉවත් කළ විට අපට අදාළ කර ගන්නට බොහෝ දේවල් “බූරුවා මහත්තයා” හී තිබෙන බවය.
නවකතාවකින් මතු කරන සංකීර්ණ සමාජ දේශපාලන සබඳතාවයන් පැය දෙකක නාට්‍යයකට ගෙන ඒම දුෂ්කර අභියෝගයකි. මෙහිදී ගුණතිලක මැටියගනේගේ ශූර පරිවර්තනය තමන්ට බෙහෙවින් ඉවහල් වූ බව පවසන මනෝරත්න එම නවකතාව පළමුවරට කියැවූ අවස්ථාවේදී සිනමාවක් නරඹනවාක් වැනි හැඟීමක් තමන් තුළ ඇතිවූ බව පවසයි.
ක්‍රිෂාන් චන්දාර් නවකතා කරුවෙකුට අමතරව නාට්‍ය රචකයෙක් හැටියට ද කටයුතු කර ඇත. ඔහුගේ නාට්‍යය සෝවියට් රුසියාවේද ගෞරව බහුමානයට පාත්‍රව ඇත.
අධිතාත්වික කතා වින්‍යාසයක් සහිත නාට්‍යය සංකල්පයක් වූ බූරුවා මහතා වේදිකා නාට්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දී මනෝරත්න ඔහුට හුරුපුරුදු වාර්තා රංගය සමඟ දුරස්ථකරණ රීතිය ද මුසු කරගත් නිදහස් රංගයක් යොදාගෙන ඇත.
වේදිකා නැවත වරක් එහි ප්‍රබෝධ ජනක යුගයක් වූ 60 සහ 70 දශකයන්හි දක්නට ලැබුණු අයුරින් රසිකයන් ආමන්ත්‍රණය කරන තැනක් බවට පත් වෙමින් තිබෙන බව මෑත කාලීන අත්දැකීම් අනුව පෙනෙන්නට තිබෙන බව මනෝ පවසයි. සාමකාමී වාතාවරණයක් ගොඩනැඟීම හා රූපවාහිනිය බිඳ වැටීම නැවත නාට්‍යයට වෙත රසිකයා ආකර්ෂණය වීමට බලපෑ හේතුවක් ලෙස ඔහු දක්වයි.
ජයග්‍රහණයන්හිදී උදම් අනන්නෝ පරාජයේදී බූරුවා මහතා අත හැර යති. ජයලත් මනෝරත්නගේ අලුත්ම දුක්ඛ ප්‍රහසනය වන “බූරුවා මහත්තයා” නාට්‍ය මේ දහම නාට්‍යාකාරයෙන් මැනවින් දක්වා ඇත.
0 comments:
Post a Comment