ප්‍රසාදිනි සරසවි සිසුවියක ලෙස කොළඹ ඇවිත් නාට්‍ය හා රංග කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
කැලණි සරසවියේදී හැදෑරුවේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියයි. නාට්‍ය හා රංග කලාවට ප්‍රායෝගිකව අවතීර්ණ වුණේ මේ කාලයේදීමයි.
ජනේලයෙන් පනින්නද? නාට්‍යය ඔබ රඟපෑ කීවැනි නාට්‍යයද?
ධනුෂිකා නයන කුමාරි (ශාන්ති පාවුළු බාලිකාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය) අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යයට පෙර මෙම උළෙලේදී සම්මාන ලැබූ ප්‍රියංකර රත්නායක මහතාගේ 'ඇන්ටිගනී' නාට්‍යයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පෙර 'ඊඩිපස්', 'තටු ඇවිත්', 'සඳ ගිනි අරන්', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'යෙර්මා', 'සිංදු පහයි/කෝල්ස් පහයි' සහ පෙම් යුවළක් ඒ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවා.
නාට්‍යය වටා ගොනු වූ ඔබ ගැන හරියටම කතා කරන්න පටන් ගන්නෙ මේ සම්මානයත් සමගයි. එහෙම නේද?
ඔව්, ඒක හරි.
ඇයි මීට පෙර ඔබ ගැන කතාබහක් නොවුණේ?
වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතර යම්තාක් දුරකට කතාබහ වෙන්න ඇති. වේදිකා නාට්‍ය නරඹන්නෙ සීමිත පිරිසක් වීම ඊට හේතුව වෙන්න ඇති.
වැඩි පිරිසක් නොහඳුනන ක්ෂේත්රයකට පමණක් සීමා නොවී වැඩි පිරිසකගේ ජනප්‍රියත්වය ලබන අංශයකට යොමුවෙන්න අකමැතිද? ඒ ජනප්‍රිය කියන මානසිකත්වය ඔබට නැද්ද?
නැහැ. කවදාවත් එහෙම ඇතිවෙලා නැහැ.
ඇයි ජනප්‍රියත්වයට අකමැතිද?
හොඳ දෙයක් සමග මට යා හැකි දුරක් තියෙනවා. දායකවන නිර්මාණයේ ගුණය මත සුළු පිරිසක් දැන සිටියත් මට ප්‍රශ්නයක් නැහැ. මම සියල්ල කරන්නේ මගේ ගුරු වෘත්තියට ඇති ගෞරවය රුක ගනිමින්.
ඒ සීමාව හඳුනාගෙනයි. හොඳ රංග ශිල්පිනියක කියන තැන සිට කටයුතු කිරීම මගේ අරමුණයි.
ලාංකීය සමාජයේ රංග ශිල්පිනියකට කටයුතු කරන්න වෙන්නෙ සීමාවක් ඇතුළෙ ඉඳලද? එහෙම සීමාවක් තිබිය යුතුද?
එහෙම සීමාවක් තුළ ඉඳගෙන රඟපාන්න ඕන කියා මම කියන්නෙ නැහැ. මගේ වටපිටාව මගේ සීමාව මම හඳුනාගෙන තමයි දායක වෙන්නෙ.
මොකක්ද ඒ සීමාව?
මම වෘත්තියෙන් ගුරුවරියක්ග එය විශාල වගකීමක්. ඇවතුම් පැවතුම් සියල්ල ඊට බලපානවා. මොකද අපි අනාගත පරපුරකට පාර කියන අය. ඒ සියල්ල වටහාගෙන කටයුතු කිරීම වැදගත්. ඊට අමතරව මගේ පවුලේ කටයුතුවලටත් සාපේක්ෂ වෙන්න ඕන. ළඟදීම යුග දිවියට එළැඹීමටත් සුදානම්. ඒ නිසා කරළිය මතම ජීවිතය ගෙවා දමන්න බැහැ. ජීවිතේ සියලුදේට සමබරව අර්ථවත්ව මුහුණදීම තමයි වඩා වැදගත්. නාට්‍යයක් කිරීමේදී කැපවීම කියන දේ අත්‍යවශ්‍යයි. ඒ කැපවීම කළ හැකි නම් පමණයි ඊට දායකවෙන්න ඕනෑ.
ලංකා සමාජයේ නිදහසේ තමුන්ගේ රටාවකට ජීවත් වෙන්න බැරිද? ලංකාවට විතරක් සීමාවූ දෙයක්ද මේ රාමුව?
ලංකා සමාජයේ වෘත්තියක් ලෙස රංගනය තෝරා ගැනීම අපහසු මාර්ගයක්. ජීවත්වීම සහ තමුන් අධ්‍යාපනය ලද විෂය පථයන් හරහා වෘත්තීමය අංශය තෝරාගතයුතු වෙනවා. ලංකා සමාජය වෘත්තීය නිළියල ශිල්පිනිය කියනදේ තබා ගැනීමේ අසීරුව සහ ඉඩකඩ මදි නිසා නියැළෙන වෘත්තියට මුල්තැන දීම කළ යුතුමයි.
මෙතැනින් එහාට, ඔබගේ භූමිකාව කොහොම වේවිද?
මේ සම්මානය නිසා මම ලංකාවේ දක්ෂතම නිළිය කියලා හිතන්නෙ නැහැ. මෙය රංගන ශෛලියේ එක් පියවරක් විතරයි. මෙතැනින් එහාට මීටත් වඩා හොඳම රංගනය කිරීම සහ චරිත තෝරා ගැනීම කළයුතු වෙනවා. මිනිස්සු එය බලාපොරොත්තුවන දෙයක්. පසුගිය දිනවල මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ 'බහුචිතවාදියා' චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ විදියට නිර්මාණවලට දායක වේවි.
මේ විදියට සම්මාන ලැබීමත් සමග ටෙලිනාට්‍ය සහ සිනමාවේ චරිත සඳහාත් දොරටු විවෘත වෙනවා. එහිදී ඔබ වඩා කැමති මොන අංශයටද?
සිනමාවට මම කැමතියි.
ඒ කියන්නෙ ටෙලි නාට්‍යය බැහැර කරනවාද?
නැහැ. නමුත් වර්තමානයේ නිර්මාණය වන ටෙලිනාට්‍ය දීර්ඝ ඒවා. එවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මාලා සඳහා කැපකිරීමට තරම් කාලයක් නැහැ. සිනමාව සහ වේදිකාවට මගේ ඉඩ ලැබෙන කාලය වෙන්කරාවි. කොහොමටත් වේදිකාවේ රඟපා ලබන ආත්ම තෘප්තිය හරි ඉහළයි. මේ සම්මාන ලැබීම පිටුපස මගේ දෙමාපියන් සිටිනවා. ඔවුන් මේ ගමන එන්න ආර්ථික අතිනුත් උදව් කළා. වේදිකාව කියන්නෙ මුදල් උපයන තැනක් නෙමෙයි. සමහර විට අපටම වියදම් දරන්නත් වෙනවා. එවැනි අංශයක නියැලෙන්න ගෙදරින් ලැබුණ දායකත්වය අගය කළ යුතුමයි.
කුරුණෑගලින් කොළඹට පැමිණ අද සිටින තැන ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
කොළඹ සමාජය මුලින්ම ඔබට දැනුණේ කොහොමද?
කොහොමටත් මුල් කාලයේදී සියල්ල අපට අලුත් සහ අමුතුයි. සරසවිය කියන්නෙ විවිධ පළාත්වල විවිධ පුද්ගල එකතුවක්. බොහෝ අත්දැකීම් ලබන්න ඒ පරිසරයම ඇති. කොහොම වුණත් මේ සියල්ල නිසා මට ජීවිතය හොඳට හුරු බව හැඟෙනවා. බොහෝ දේ ගැන වැටහීමක් ඇති බව දැනෙනවා. ඇත්තටම අත්දැකීම් මගින් ජීවිතය දැනුවත්වීම ඉතා වැදගත්.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ














































ඔව්. එක දිගට වසර 4 ක් මට රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළියට හිමි 
සම්මානය හිමි වුණා. කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ මේ සම්මානය මට ලැබෙයි කියල. 
ජනප්‍රිය නිළියට හිමි සම්මානය හිමිවුණු පළමු අවස්ථාවේ ඇති වුණු තිගැස්ම මෙවර 
සම්මානය ගැනීමට යාමේදීත් මට ඇති වුණා. ඒ වගේ ම මම හරිම සතුටු වුණා මම ක්ෂේත්රයට 
පැමිණි මුල් කාලයේ මට තිබුණු ජනප්‍රියත්වය තවමත් මට තිබීම ගැන. 
අපේ 
     දක්ෂ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න මේ දවස්වල 
     වැඩිහරියක් කාලය ගෙවන්නේ හපුතලේ කියලයි ආරංචිය. ඒ රෙජිනෝල්ඩ් 
     කුරේ ඇමැතිතුමා නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට 
     සම්බන්ධවෙලා සිටින නිසා. ස්වාමිපුරුෂයා අහිමිව ජීවත්වන විටදී 
     ගම්මුලාදෑනියකුගේ බලහත්කාරම්වලට, අතවරයට ලක්ව දරුවකු ලැබිලා ඒ 
     දරුවා හදාවඩා ගැනීමේ චරිතයක් තමයි දමිතට ලැබිලා තියෙන්නේ. ඒ 
     අතරේ ගීත කිහිපයකුත් නිර්මාණය කරන්න යනවා කියලත් ආරංචියි. ඇය 
     දායක වුණ භාර්යාවෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල අවසන් 
     කරාලු. ඔය අතරේ ළඟදීම විදෙස්ගත වෙන්න යනවා කියලත් ආරංචියි. 
     ඩුබායි සහ මැලේසියාවේ තමයි මේ ප්‍රසංග පැවැත්වෙන්නේ කියලයි 
     ආරංචිය. දමිතා ඩුබායි යන්නේ නම් සින්දු කියන්නලු. නර්තනය සහ 
     රංගනය දෙකම එකට මුසුකරගත් ප්‍රසංගයක් තමයි මැලේසියාවේ තිබෙනවා 
     කියන්නේ. මේ ප්‍රසංගය මැලේසියාවේ සිටින ලාංකිකයන් පිරිසක් 
     සංවිධානය කරනවා කියලයි ආරංචිය. දැවැන්ත ප්‍රසංගයක් විදිහටලු 
     මෙය පැවැත්වෙන්නේ. දමිතා සමග අපේ රටේ තවත් නළු නිළියෝ මේ සඳහා 
     සහභාගි වෙනවා කියලයි ආරංචිය.
                  
මෙයාගෙ 
     නම නම් ෂෙරිල් ඩෙකර්. හැබැයි ඒ වුණාට දැන් නම් හැමෝම මෙයාට 
     කියන්නේ අමා කියලා. ඒ වෙන හේතුවක් නිසා නම් නෙමෙයි අමා 
     නාට්‍යයේ අමාගේ චරිතය හින්දා. දැන් නම් ෂෙරිල්ව නොදන්න කෙනෙක් 
     නැහැ. ඒ තරමට ඇය ජනප්‍රියයි. අමා නිසා මේ තරම් ජනප්‍රිය වෙයි 
     කියලා එයාවත් හිතුවේ නැතිලු. මෙයා පුංචි කාලේ ඉඳන් හැදිලා 
     වැඩිල තියෙන්නේ කොළඹ. ඒ හින්දා ඒ පරිසරයට තමයි වැඩිපුර හුරු. 
     හැබැයි අමා නිසා දැන් ගමේ කෙල්ලෙක් වෙලාලු. ඔය අතරේ තවත් 
     ටෙලිනාට්‍යයකට ආරාධනාවකුත් ලැබිලා තියෙනවා කියලත් අපට 
     ආරංචියක් ලැබුණා. රොෂාන් කුරුප්පු මහත්තයා අධ්‍යක්ෂණය කරන 
     මෙම නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරෙනවා කියලත් 
     ආරංචියි. මේ ගැන දැනගන්න අපි ෂෙරිල්ට කතා කළහම එයානම් කිව්වේ ඒ 
     ගැන දැන්ම කතා කරන්න කැමැති නැහැ, පසුව කියන්නම් කියලයි.
අංජුලා 
     කිව්වහම දැන් අපේ රටේ නළු නිළියන්ට ආදරය කරන ඕනෑම කෙනෙක් 
     දන්නවා. අංජුලා හෙට ඉඳන් පුංචි තිරයේ සල්ලිකාර තරුණියක්ගේ 
     චරිතයක් හරහා අලුත්ම නිර්මාණයකින් අපට දැකගන්න ලැබෙනවා කියලා 
     ආරංචියි. චන්දික විජයසේනගේ රිදී සිත්තමේ ටෙලි නිර්මාණය හරහා 
     අංජුලා හැමදාම රාත්‍රි 8.00 ට එන්න සූදානමින්ලු ඉන්නේ. ඒ 
     හින්දා අංජුලා මේ දවස්වල දිගටම රූගත කිරීම්වලට සහභාගි වෙනවා 
     කියලත් ආරංචියි. මේ අතරේ ෙµංෂු ගෙදර කියන ටෙලි නිර්මාණය හරහාත් 
     දකින්න ලැබෙනවා. පසුගිය දවස්වල ඇය සම්බන්ධ වුණ වීරයා 
     චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා කියලත් ආරංචියි. ඔය අතරේ 
     ඇන්ඩ් කොම්පැනි ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. 
     ඒක හින්දා අංජුලා රූගත කිරීම් සමග ජීවිතේ සාමාන්‍ය විදිහට 
     ගෙවිලා යනවා කියලයි කියන්නේ. ඇය මේ දිනවල ජීවිතයේ වෙනසක් 
     බලාපොරොත්තුවෙනුත් ඉන්නවා කියල අපට පොඩි ආරංචියක් ලැබුණා. ඒ 
     ගැන අපි අංජුලාගෙන් ඇහැව්වහම ඇය නම් කිව්වේ ඇත්තටම ජීවිතේ 
     වෙනසක් වෙන්න තියෙනවා නම් හොඳයි කියලයි. ඒකාකාරී ජීවිතයකට 
     අකැමැති අංජුලා වෙනසක් හොයනවා. ඒක කොයි ආකාරයකට සිදුවෙයිද 
     කියලා ඇයටත් කියන්න බැරිලු. කොහොම හරි ජීවිතේ වෙනසක් වෙන්න 
     ආසාවෙන් තමයි අංජුලා මේ දවස්වල කාලය ගෙවන්නේ. හැබැයි ඒ වෙනස 
     හොයන්නේ සාදයකින් නම් නොවෙයි කියලා ආරංචිය. 