----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......

Thursday, July 5, 2012

Sarasaviya

ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......

ජෝතිපාල සමඟ ප්ලේන්ටීයක්වත් නොබිව් අය අදඔවුන් ජෝති හා එකට ‘අඩි පුඩි’ පවා ගැසූ බවට කයිවාරු ගසති. එහෙත් එච්. ආර්. යන මුලකුරු දෙකෙන් කියැවෙන්නේ ‘හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ්’ යන්න බවවත් ඔවුන් ඇතැම් විට නොදන්නවා විය හැකිය.
එහෙව් රටක මර්වින් සිල්වා අමාත්‍යවරයා, ජෝතිපාලයන් හා ඉතා සමීපයෙන් ඇසුරු කිරීමට වරම, වාසනාව ලද අයෙකි. හේ ජෝතිගේ ගීවලට පෙම් බැන්දේ දේශපාලනයට පිවිසෙන්නට බොහෝ කලකට පෙරාතුවය. ජෝතිපාලයන් සතුව තිබූ ‘මනුස්සකම’ ඔහුට වඩාත් දැනුණේ දේශපාලන ලෝකයේ ‘අමනුස්සකම්’ දුටු විටය.
ජෝති දැයෙන් සමුගෙන පස් විසි වසරක් සපිරෙන මේ මොහොත වන විට මර්වින් සිල්වා යනු මෙරට දේශපාලන ලෝකයේ ප්‍රබල භූමිකාවකි. කෙතරම් කාර්යබහුල දිවියක් ගත කළ ද ඔහු අදත් ජෝතිගේ ගීයකට සවන් දෙන්නේ මනා සංහිඳියාවකින් යුතුවය. ජෝතිගේ උතුරා ගිය මිනිස් ගුණාංගයන්ට ඔහු අදටත් ගෞරවය පුද කරන්නේ හිස නමා ආචාර කරමිනි.
මේ ‘අමරණීය’ ජෝති පිළිබඳ සිය ආදරණීය මතකය අවදි කරන්නට මර්වින් සිල්වා නමැති කලාකාමී සහෘදයා අප හා එක් වූ අයුරුයි.
ජෝති ගැන කියන්න කලින් මම සඳහන් කරන්න කැමැතියි ගීයට, කලාවට මගේ තිබුණ ආශාව, උනන්දුව ගැන. ඇත්තෙන්ම ගීතයට මම පෙම් බැන්දේ ජෝතිපාලයන්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායන ශිල්පීන් නිසා. බෙලිඅත්ත ගමේත්, පාසලේත් මම ඒ කාලේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධයි. මඟුල් ගෙවල්වලට මාව නැතිවම බෑ. පාසලේ විවිධ ප්‍රසංගවලත් නිතර මම ගී ගයනවා. වැඩියෙන්ම මම ගායනා කළේ කෙල්ලන්ගේ සිත් ඇද ගන්න පුළුවන් සිංදු.
කුඩා කල පටන් සිය ගායන ලොවේ වීරයා වූ ජෝතිපාලයන් හඳුනාගෙන, ඔහු සමඟ කිට්ටු ඇසුරකට මර්වින් මුල පුරන්නේ සංසාර පුරුද්දකට මෙනි.
අපේ අම්මගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල. ඒ නිසා අපේ ගෙදර රේඩියෝවෙන් වැඩිපුරම කළේ ඔහුගේ ගීත අසන එක. රේඩියෝ එකේ ජෝතිගේ ලස්සන සිංදුවක් යන කොට අම්මා කියනවා ‘පුතේ ඔය සිංදුව පොඩ්ඩක් පාඩම් කර ගනින්’ කියලා. මම ඉතින් පොඩි නෝට් එකක් ගහ ගන්නවා. අම්මට ඕනෑ ඒ ගීත නැවත ගායනා කරන්න. ඉතින් ගුවන් විදුලියේ අපේ වීරයා වෙලා සිටි ජෝතිපාල අපේ තාත්තගේ බෙලිඅත්තේ හංමුල්ල හන්දිියේ කඩේට එන්න, යන්න වුණා. ඔහු එතකොට ‘හරිශ්චන්ද්‍ර’ ආයතනයේයි, ‘ටැංගානා’ ටී එකෙයි දෙකේම සේවය කළා, අලෙවි නියෝජිතයකු හැටියට. ජෝතිපාල ගමට ආවාම හරියට මඟුල් ගෙයක් වගේ. සෙනඟ පිරිලා. අපි ගොඩේ මිනිස්සුනේ. ඉතිං ගොඩේ අය ජෝතිපාල පණ පිටින් දැකලා නෑනේ.
ඒ කාලේ ඔබ දුටු ජෝතිගේ විශේෂ ගුණාංග මොනවාද?
ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. ආඩම්බරකමක් ගෑවිලාවත් තිබුණේ නැහැ. මිනිස්සු ප්‍රබුද්ධ වෙන්න ඕනෑ. නමුත් ප්‍රබුද්ධකම කැන්සර් එකක් වෙලා මොළයට හා නහරවලට ගියාම ඒක භයානක රෝගයකට මුල පුරනවා. ඒ රෝගෙට ලෝකෙ කොහේවත් බේත් නැහැ. මානය කියන රෝගයට බෙහෙත් නෑ. ඒකට කාගෙන් හරි හොඳ පොලු පාරක් කෑවම තමයි අර නියම තත්වෙට පත් වෙන්නේ. ජෝති හැමදාම හිටියේ මිනිස්සුත් එක්ක. ඔහුගේ ඒ නිහතමානී ගුණාංගය එදා වගේම මියයන තුරුත් ඔහු ළඟ තිබුණා.
ජෝතිපාල බෙලිඅත්තට පැමිණි විට මර්වින් ගේ පියාගේ කඩයට මෙන්ම නිවසට ද ඒමට පුරුදු වූයේ මර්වින් හා ඒ වන විට තිබූ දැඩි හිතවත්කම නිසාවෙනි.
ඒ වෙනකොට ජෝතිට මාවත්, මට ජෝතිවත් නැතිව බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ජෝති සමහරදාට රෑ නවතිනවා. පොඩි අඩියක් ඕනෑ එයාට. තාත්තා ඒවා සපයනවා. ඉතිං ජෝති අඩියක් ගහලා පොඩි සිංදුවක් එහෙමත් කියනවා. අපේ ගේ ළඟ හොඳ කුඹුකේ ලිඳක් තිබුණා. අපි නාන්න යනවා ඒකට. මම ජෝතිට නාන්න වතුර ඇදලා දෙනවා. අර බෝධියකට වතුර වත් කරන සයිස් එකෙන් තමයි මම එයාට වතුර ඇදලා දෙන්නේ. ඒ කාලේ රිවෝඩ් කියලා සුවඳ සබන් ජාතියක් තිබුණා. ජෝති ඒ සබන් පාවිච්චි කරන්න හරිම කැමැතියි. ඇත්තටම අද මට හිතෙන්නේ ජෝතිට එදා වතුර ඇදලා දුන්නා වගේම පිට අතුල්ලලා, නාවලා, පිහදාලා ඔහුට මේස්, සපත්තුත් පැළැන්දුවා නම් කොයි තරම් හොඳ ද කියලයි. මොකද ජෝති කියන්නේ ඒ තරම් හොඳ මහත්මයෙක්.
ජෝති රුහුණේ මී කිරිවලට අතිශයින් ප්‍රිය කළේය. මර්වින් කොළඹ යන විට ජෝති වෙනුවෙන් මී කිරි හට්ටි කිහිපයක් ගෙන යන්නට අමතක කළේ නැත.
ජෝති එතකොට හිටියේ බත්තරමුල්ලේ කොස්වත්තේ අම්මයි, තාත්තයි එක්ක. මම ගමේ ඉඳන් ජෝති බලන්න එනවා. ගොඩක් වෙලාවට එන්නේ උදේ වරුවේ. මම එනකොට මෙන්න ජෝති රේස් කොලේ බලන්න බුකියට ගිහින්. ‘ආ . . .. මල්ලි කිරිත් ගෙනාවද . . .?’ කියලා සිනහමුසු මුහුණින් තමයි ඔහු මාව පිළිගන්නේ. ජෝතිත් එක්ක පැය කීපයක් ගත කරලා මම ආපසු යන්නේ ගතයි, සිතයි නැවුම් ප්‍රබෝධයකින් පුරවාගෙන. මම අනුරාධපුරයේ ඇලයාපත්තුවේ සිටි කාලෙත් ජෝති මාව බලන්න ආවා. ඒ ආපුවාමත් පොඩි අඩියක් එහෙම ගහලා ඔහු ගී ගයනවා. ඒ වෙලාවට ජෝතිගේ මුවින් ගී ගැයෙන්නේ හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගේ.
ඔබ වඩාත් ප්‍රිය කරන ජෝතිගේ ගී මොනවාද?
ඉස්සර අපේ කටේ වැඩිපුරම තිබුණේ ‘සිරියාමේ සාරා’ ගීතය. ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘වැහිදාට අඹරේ’, ‘එපා එන්න කියලා’, ‘උන්මාදිනියේ’, ‘පිළිගන්න මම චන්න ඇමැති වෙමී’, ‘මුලදි බැන්ද’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘අඬන්නේ ඇයි සුදු මැණිකේ’ වගේ ගීතවලට මම ගොඩක්ම කැමැතියි. තාමත් ඒ ගීත මම රස විඳිනවා. විශේෂයෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයේදී ජෝතිට ගහන්න කෙනෙක් හිටියේ නෑ. ඔහුට තිබුණේ තිරයට කදිමට ගැළපෙන හඬක්. ජෝතිගේ ඒ ගායනය ගැන විජය කුමාරණතුංගයන් වරක් කී කතාව තාම මට මතකයි.



0 comments:

Post a Comment