විරු තරු අද අවසන් සටනේ
රණවිරුවන්ගේ ගායන කුසලතා ජාතික තලයට හඳුන්වා දුන් මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රියැලිටි ටී. වී වැඩසටහන වූ “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියේ දෙවැනි අදියරේ අවසාන තරගය ජූලි 06 (අද) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපි 2010 ඔක්තෝ්බර් මස පළමු අදියර ආරම්භ කළා. එහි අවසන් තරගය 2011 මැයි මස පැවත්වූවා. ආරම්භයේදීම අප අතර අදියර තුනක් යටතේ වැඩසටහන් තුනක් පවත්වන්න එකඟතාවාක් ඇතිවූවා. දෙවන අදියර 2011 ඔක්තෝබර් පටන්ගෙන එහි අවසන් අදියර අද මෙලෙස පැවැත්වෙනවා. මෙම තරගය අවසන් වූ වහාම තුන්වන පියවර සඳහා අයදුම්පත් කැඳවනවා.
![]()
පසුගිය තරගයේ ජයග්‍රාහකයන්ගේ නිර්මාණ ඇතුළත් කැසට් පටය රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව
|
වෙනත් රියැලිටි වැඩසටහන්වලට මූලික වටවලදී ලැබුණු කෙටි පණිවුඩවල සාමාන්‍යය වන්නේ ලක්ෂ දෙකක්. අවසාන වැඩසටහන සඳහා ලක්ෂ 6 – 7 අතර අගයක්. නමුත් රණවිරු රියල් ස්ටාර් මූලික වටයේදී ලක්ෂ 9 ක පමණ එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබුණු අතර අවසාන තරගයේදී මිලියන 2.2ක වාර්තාගත කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබුණා. අනික් වැඩසටහන්වලට මුළු කාලය ඇතුළතදීවත් ඊට ආසන්න විය හැකි මට්ටමක එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබී නැහැ.
අසේල මනුකුලසූරිය
වයස - 33
ගම - නාරම්මල, දඹගිරිගම

මම යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්. ඕගනය වාදනය කිරීමට මම වඩාත් කැමතියි. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී ගායනය සඳහා පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය ලබා තිබෙනවා. යුද්ධය පැවැති කාලයේදී යාපනය, කිලිනොච්චිය යනාදී සෑම ප්‍රදේශයකටම ගොස් ගායනයෙන් සම්බන්ධ වෙමින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට දායකව තිබෙනවා. ඒ කාලයේදී යුද්ධය අවසන්ව අපේ දක්‍ෂතා මෙලෙස තරගයකින් එළි දක්වන්න පුළුවන් දවසක් එයි කියලා කිසි ලෙසකින්වත් හිතුවෙ නැහැ. ඒ නිසා වෙැනි අවස්ථාවක් ඇති කළ ආරක්ෂක ලේකම්තුමාට හා ජනාධිපතිතුමාට ස්තූති කරනවා.
මම රණවිරු රියල් ස්ටාර් මිෂන් 1 සහභාගි වුණත් මට ගමන් කළ හැකි වූයේ අවසන් 150 දක්වා පමණයි. මෙවර පසුගිය වසරට වැඩිය තරගකාරීත්වය ඉහළ ගොස් තිබියදී ඉදිරියට එන්න ලැබීම ගැන සතුටු වෙනවා.
ගයාන් අරුණප්‍රිය
වයස - 26
ගම - කුරුණෑගල, වාරියපොල

බෙර, දවුල්, තම්මැට්ටම වැනි වාද්‍ය භාණ්ඩ වගේම ඔක්ටපෑඩ් හා ඩ්‍රම්ස් වැනි බටහිර සංගීත භාණ්ඩත් වාදනය කරන්න පුළුවන්. රණවිරු ස්ටාර් පළමු තරගය ජයග්‍රහණය කළේ නාවික හමුදාවෙන් නිසා මගේ බලාපොරොත්තුව එම කිරුළ රැක ගැනීමයි.
මට මගේ සේනා විධායකයෙන් හා බළගණයෙන් විශාල සහයක් ලැබෙනවා.
අයෝමි පෙරේරා
වයස - 28
ගම – වාද්දුව

යුද හමුදාව ගෞරවනීය වෘත්තියක්. මම එහි ඉංජිනේරු අංශයේ සෙබළියක් හැටියට සේවය කරනවා. යුද හමුදාවට බැෙඳන්න මට උදව් කළ මේජර් ජනරාල් වසන්ත කුමාරසිංහ මහතා හා ඉංජිනේරු බලකායේ මේජර් ජනරාල් මහින්ද අඹන්පොල, කර්නල් මහේෂ් පෙරේරා යන මහත්වරු දුන් ධෛර්යය අගය කරනවා.
පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවෙන් හා මෙතෝදිස්ත විදුහලින් මගේ ඉගෙනීමට හා කලා හැකියාවන් දියුණු කරන්න විශාල ශක්තියක් ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු විශාරද කල්‍යාණි ධම්මිකා ගුරුතුමිය යටතේ ඉන්දීය රාගධාරී සංගීතය ඉගෙන ගත්තා.
පසුගිය වසරේ පැවැති ආරම්භක රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ඉදිරිපත් වුණත් මූලික වටවලදීම මට ඉවත් වන්නට සිදු වුණා. මෙවර අවසන් වටයට ඉදිරිපත් වන්නට ලැබීම අඛණ්ඩ උත්සාහය හා පුහුණුව නිසා ලැබුණ දෙයක්. මම අවිවාහකයි. තරගයේ දී මම ගායනා කළ ඇන්ජලීන්, ලතා, උරේෂා ගායිකාවන්ගේ ගීත වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ එකම බලාපොරොත්තුව මෙවර කුසලානය යුද හමුදාවට ලබා දීමට යි.
ඉමාලි පතිරණ
වයස - 29
ගම – ගලේවෙල, පහළ වැව

බාල කාලයේ සිට සංගීතයට ඇල්මක් තිබුණු නිසා සා.පෙළ හා උසස් පෙළ දෙකටම සංගීතය හැදෑරුවා. විශ්වවිද්‍යාලයට තේරුණත් එහි නොගිහින් ගුවන් හමුදාවට බැඳුණා. ඒකට හේතුව මගේ අප්පච්චි. ඔහු වසර 21 ක් යාපනයේ පලෙයි ඇතුළු ක්‍රියාන්විත ප්‍රදේශ රැසක රාජකාරි කළා. ඔහු අපිට රට වෙනුවෙන් සේවය කිරීමේ වැදගත්කම කියලා දුන්නා. මමත් හමුදාවට බැඳුණේ ඒ අනුවයි.
මම විවාහකයි. ඔහුත් සේවය කරන්නේ ගුවන් හමුදාවෙ. වෙනත් රියැලිටි ටී.වී. වැඩසටහන්වලට සහභාගී වී නැති වුවත් මම පසුගිය වසරේ පැවැත්වූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනටත් සහභාගි වුණා. එහිදී මට ගමන් කළ හැකි වුයේ අවසාන හැට දෙනා දක්වා පමණයි. ඒ නිසා මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව චන්ද්‍රලේඛා පෙරේරා. ඇයගේ ගීත තුනක් මම තරගයට කිව්වා.
ක්‍රිෂාන් දුමින්ද රාජ්
වයස - 27
ගම – මතුගම, හොරවල

යුද හමුදාවෙ තුන් දෙනෙක් රියල් ස්ටාර් කිරුළ අබියසට පැමිණ තිබෙනවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය යුද හමුදාවට ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. ඔවුන් අතරින් කවුරු ජයග්‍රාහකයා වුවත් කමක් නැහැ. අපේ අරමුණ යුද හමුදාවට කීර්තියක් ගෙන ඒමයි.
මම යුද හමුදාවට දායකත්වය ලබා දෙන්නේ තූ®ර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. සංගීතය පාසල් අධ්‍යාපනයෙන් පසුත් විෂයක් ලෙස හැදෑරුවා. වාද්‍ය හා ගායන විශාරද නන්දා පෙරේරා මහත්මිය මගේ ගුරුතුමියයි. ඇය යටතේ මම ගායන විශාරද උපාධියේ I හා II කොටස් ඇතුළුව මුළුමනින්ම සම්පූර්ණ කර තිබෙනවා.
මෙයට පෙර මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් හා රණවිරු ස්ටාර් තරග වලට තරගකර අවසන් විසි හතර දෙනා අතරට පැමිණ තිබෙනවා. ගියවර මට තරගයෙන් ඉවත් වීමට සිදු වූෙ ය් අසනීප තත්ත්වය නිසයි. ශාස්ත්‍රිය ගායනයන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නිසා අවසන් තරගයේ දී එවැනි ගායන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
.Dinamina
0 comments:
Post a Comment