----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාලනීගේ නංගිලා

Monday, July 9, 2012

කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී, දමයන්ති.. අද
2012 ජූලි මස 06 12:34:48 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
4Share ඔවුනට මවකට එහාගිය සෙනෙහසක්, ආදරයත්  පමණක් නොව ගෞරවයක්ද ගෙන දුන් සදාදරණීය අක්කා මාලනී සෙනෙහලතා ෆොන්සේකාය ඒ මාලනිය ගැන අප බොහෝ දේ ලියා ඇත. ඉදිරියටත් ලියැවෙනු ඇත. කියවනු ඇත. නමුත් අද අපේ සූදානම ඇය ගැන කතා කිරීමට නොවේ. මාලනියගේ නංගිලා ගැන සඳහනක් කිරීමටය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ආචාර්ය මාලනි ෆොන්සේකාගේ නංගිලා අද දවසේ කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියා අපි විපරම කර බලමු.
මාලනියට නැගණියන් සතර දෙනෙකි. කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී. සහ දමයන්ති ඒ සතර දෙනාය.

කල්‍යාණි

මාලනියගේ ලොකු නැගණිය වන කල්‍යාණි රඟපෑමේ කටයුතු වලට දායක නොවුවත්, නර්තනය ප‍්‍රගුණකර ඇත. නාරිලතා චිත‍්‍රපටයේ එක් දර්ශනයකට පමණක් පෙනී සිටි ඇයගේ සැමියා සිරිපාල වෙත්තමුණි ජීවතුන් අතර නැත. කල්‍යාණිට පුතුන් දෙදෙනෙකු සිටින අතර ලොකු පුතා උදය සුරංජන ගුවන් හමුදා නිලධාරියෙකි. අනෙක් පුතා දැන්වීම් ප‍්‍රචාරක අංශයේ නිරතව සිටියි.

ශ්‍රීයානි

මාලනියගේ මේ නැගණිය පවුලේ අටවැනියාය. තිලකා හා තිලකා වසන්තයේ දවසක්, චිං - චිං නෝනා, සමන්මලී, ඇතුළු චිත‍්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය එකල වඩා ප‍්‍රකටව ඇතේතේ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසය.වේදිකා  නාට්‍ය හැට - හැත්තෑවකට පමණ ඇය රංගනයෙන් දායක වීඇත. සැමියා ජයන්ත මෙන්ඩිස් ව්‍යාපාරිකයෙකි. ශ්‍රීයානිට පුතෙකු සහ දියණියන් දෙදෙනෙක් සිටිති. පුතා අමිත්ත ජයාංග මෙන්ඩිස්ය. ලොකු දුව තරාණා හංසනී විවාහක නමුත් තව දුරටත් උසස් අධ්‍යාපනයේ නිරතව සිටින්නීය. දෙවැනි දුව උදාර කල්පනී ගුරුවරියකි. ඇයද උපාධිය හදාරමින් සිටින්නීය. ශ්‍රීයානි ඇතුළු මේ පවුල වෙසෙන්නේ එංගලන්තයේය. 2004 දී පමණ සිය පවුලම එංගලන්තයට ගොස් ඇත්තේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු  සඳහා බවත්, පවුලක් ලෙස එකට සිටීමේ වුවමනාව නිසා බවත් ශ්‍රීයානි සඳහන් කරන්නීය.

රසාදරී

0 comments:

Post a Comment