අනුරාගික රාත්‍රියක අන්සතු සිහිනයක් මරා දැමීම

හාත්පස ලෝකයට ප්‍රීතිමත් කුටුම්භ තුළ සිනාවෙන් කල් ගෙවන මිනිසුන් එක්තරා අඳුරු මොහොතක තම ලලාසාවන් මුදා හරින්නට නන්නාදුනන ගැහැනුන් යොදා ගනී.මේ අය ආදරය අහිමි සාමාන්‍ය ගැහැනුන් විය හැකි අතර වෛශ්‍යාවන් ද විය හැකිය.වඩා වැදගත් මේ බව රහසිගතව තබා ගැනීමය.සාමාන්‍ය සමාජය තුළ ශුද්ධෝත්තමයන් සේ පෙනී සිටීමය.
එහෙත් සිහිනය පුපුරා ගොස් මිතුරන් පස් දෙනා උභතෝකෝටියකයකට පත් වේ.එක් අනුරාගික රාත්‍රියක සියල්ල වෙනස් වේ.රහසිගත නවාතැනේ සුවපහසු සිරියහන මත කාන්තාවක මරා දමා ඇත. බැලූ බැල්මට මේ මිනීමැරුමකි.දැන් මිතුරන් පස් දෙනා සමඟ ම ප්‍රේක්ෂකයාවද සිනමාපටය විසින් උස්සා පොළොවේ ගසා තිබේ.
සිනමාපටය විසින් දැඩි පීඩනයක් අපට යොමු කරයි. දැන් ප්‍රේක්ෂකයා විසින් මිනීමරුවන් සොයා ගත යුතුය.සැකකාර පිරිමින් පස් දෙනාට වෙන් වෙන්ව ද්වේශ කළ යුතුය.ඉනික්බිති ඉතිරිව ඇති සාක්ෂි

සිනමාපටයේ අධ්යක්ෂවරයා පෙනී සිටින්නේ එවිටය.ඔහු අපේ පූර්ව නිගමනශීලී මනස කළඹවාලයි.වැරදි දිශාවන් වෙත යොමු කරවයි.දැන් මොහොතකට පෙර මේ වැරදිකාර මිනිසුන්ට ද්වේශ කළ සත් ගුණවත් ප්‍රේක්ෂකයා ස්වකීය වැරදිකාර ජීවිතය අනෙකෙකුගේ ඇසින් දකින්නට පටන් ගනී.
එරික් වෑන් ලෝයි අධ්‍යක්ෂණය කළ 'ලොෆ්ට්' සාමන්‍ය කතා සම්ප්රධායෙන් පිට පාරක යන කතාවකි.බාර්ට් ඩි පෝව් තිර නාටකය ලියූ 'ලොෆ්ට්' හි රංගනයෙන් කොයීන් ඩි බොයූ, ෆිලිප් පීටර්ස්,මැතියාස් ෂොනේර්ට්ස්,බෲනෝ වැන්ඩන් බෲකේ,කොඊන් ඩි ග්‍රේව්,වීර්ලේ බීට්න්ස් දායක වී ඇත.බෙල්ජියම් සිනමාපටයක් වූ 'ලොෆ්ට්' තිරගත වූයේ 2008 ඔක්තොම්බරයේදීය.යුරෝ 3,200,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු මේ සිනමාපටය බෙල්ජියමේදී පමණක් උපයා ගත් ආදායම ඩොලර් 7,075,161 කි.
ස්වකීය බිරින්දෑවරු හුදෙකලා කොට රූපශ්‍රීයෙන් අගතැන් වෛශ්‍යාවන් සහ ළාබාල තරුණියන් තම නවාතැන වෙත ගෙන යන මොවුන් විවිධාකාර චරිත ලක්ෂණයන්ගෙන් හෙ

ඔහු වඩාත් රහසිගතය.අන් අය ඉදිරිපිට හෙළි නොවෙයි.සැඟවුම්කාරකයකි. අන් අය වරදට පෙළඹවීම කෙරෙහි දැඩි උවමනාවකින් පෙළෙන්නෙකි.පෙළඹවීම යන්නට වඩා ආසන්න වචනය යටි හිතේ සැඟව තිබෙන,එහෙත් ඉටු කර ගැනීමට ධෛර්යය නොමැති දෑ ඉටු කර ගැනීමට අත් උදව් දෙන ලෙස වෙනස් කළ හැකිය.
ක්‍රිස්,වින්සන්ට්,ලූක්,ෆිලිප් සහ මානික්ස් ගැටෙන්නේ ලලාසවක් සමඟය.සුරූපී තරුණියකගේ මළ සිරුර ඒ ලලාසාවේ වැලැක්විය නොහැකි ගොදුර බවට පත්ව ඇති. ෆිලිප් පාදඩ ගති ලක්ෂණ පෙන්නුම් කරන වෛශ්‍යාවක පවා දූෂ්‍ය කළ ගණයේ අයෙකි.එහෙත් ඔහු සිය නැගණිය දිවි හිමියෙන් සුරකියි.ඈ දෙස තම මිතුරෙකු වූ මානික්ස් කැත බැලුම් හෙළනු දුටුයෙන් ණයෙකු සේ කිපෙයි.වින්සන්ට් ඇසින් සියලු දේ නරඹමින් අඳුරේ පව් කරයි.
ෆිලිප් ගේ නැගණිය සමඟ නවාතැනේ නිතිපතා කම්සැප ලබන්නේ ඔහුය.ක්‍රිස් නම් යහපත් කුටුම්භ හිමියාට වෛශ්‍යාවක පහස ලබාදෙනු පිණිස මුදල් ගෙවන්නේ ඔහුය.නැරඹුම් ප්‍රීතිය විදින්නා ලූක්ය.ඔහු මිතුරන්ට හොර රහසේ උඩුමහල් සයනාගාරයේ සිදුවන දෑ පටිගත කරයි.
නමුත් ඔ

මිතුරන් තව දුරටත් මිතුරන්ම නොවන්නේ එහෙයිනි.හොඳීන් දැන සිටිනවා යයි සිතූ මිතුරන්ගේ ඇතුළු සිත ඔවුනොවුන් නොදන්නා බව ඔවුන්ටම පසක් කරන්නේ නිරුවත් කර මරා දැමූ ගැහැනියගේ මළ සිරුරයි.
එහෙත් තව දුරටත් ඔවුන් සොයා ගන්නේ ඈ වින්සන්ට් විසින් මරා නොදැමුණු බවයි.වින්සන්ට් යහපත සඳහා ඇයව අත් හැර දැමුණු බවයි

ෆිලිප් සාරාගේ අතේ මැණික් කටුව අසල මාරාන්තික කැපුමක් ඇති කර ඈ සයනයට තබා මාංචුලන්නේ මරණය තව තවත් නාටකීය කිරීමටය.එහෙත් ෆිලිප් විසින් මැණික් කටුව අසල අත තුවාල කරන්නේ ජීවතුන් අතර සිටින සාරාව බව ක්‍රිස් සොයා ගන්නේ අවසාන මොහොතේය.එනම් සාරා මරා දමන්නේ ෆිලිප් විසිනි.ඒ තම කුඩා නැගණියව දූෂ්‍ය කිරීමේ වරදට වින්සන්ට් හට දෙන දඩුවමක් ලෙසිනි.
සාරා නම් ගැහැනිය මේ නාටකීය මොහොත සරසන ගොඳුර වන්නේ ඈ වෛශ්‍යාවක නිසා විය හැකිය.එසේත් නැත්නම් ඈ ලිංගික භාණ්ඩයක් පමණක් නිසා විය හැකිය.මැදිවියේ මිතුරන් පස් දෙනාගේ රහසිගත වූත් අනුරාගී වූත් වින්දනය එළිදරව් වීමේ ලැජ්ජාව වැසී යන්නේ ඇගේ මරණයෙනි.
'ලොෆ්ට්'පෙන්වන්නේ අනෙකාගේ රහසිගත ජීවිතයයි.ප්‍රේක්ෂකයා දකින්නේත් අනෙකාගේ අපවිත්‍ර ජීවිතයයි.එහෙත් සිනමාපටය ඔබට ඇත්තටම පෙන්වන්නේ අනෙකාව නොව ඔබවමය.මේ ඔබේ අවිඥානික ආශාවයි.
සතෘප්ත කර ගත නුහුණු මායාකාරී සිහිනයයි.ඒ සිහිනයෙන් ප්‍රේක්ෂකයා අවදි වන්නේ ඇගේ මරණයේ තියුණු වේදනාවකිනි.සිනමාපටය අපූරු වන්නේ එහෙයිනි.ඔබට පෙන්වන කතාවෙන් පරිභාහිර වෙනත් කතාවක් ඉන් උකහා ගත හැකි නිසාවෙනි.මේ රඟන්නේ වෙනත් කතාවකි.'ලොෆ්ට්' නරඹන්නට මා ඔබ පොළඹවන්නේ එහෙයිනි.
0 comments:
Post a Comment