ජනප්‍රියත්වය බොරුවක් Copy Rights - Divayina
නදීශා යාපගේ
රංගන ශිල්පිනියක් මුල්වරට සම්බන්ධ වුණු නිර්මාණයෙන්ම ජනප්‍රිය වෙන්න ලැබීම කොතරම් ලොකු වාසනාවක්‌ද? හැකියාව තුළින් ලද ඒ වාසනාව නිසාම නවක ශිල්පිනියන් අතර ඉහළම තලයක රැදීසිsටින්නට සමත් වූ ඇයව බොහෝ දෙනා හඳුනන්නේ අමන්දා හි කැතී නමින්. එලෙසින් දඟකාර කෙළිලොල් චරිතයකට පණ පොවන ඇය නමින් නදීශා යාපගේය.
නදීශා කියන්නද කැතී කියන්නද?
නදීශා කියන්න.
නමුත් ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කැතී නමින්?
කැතී කියන්නේ මම රඟපාන චරිතයක්. ගොඩක් අය මට කැතී කියලා කතා කරනවා. චරිතයේ තියෙන දඟකාරකම නිසා වෙන්න ඇති ප්‍රේක්‍ෂකයා අතර කැතී ඉක්‌මණින්ම ජනප්‍රිය වෙන්න ඇත්තේ. කැතීට මම ගොඩක් අදරය කරන්නෙ මේ චරිතය හරහා මට ප්‍රේක්‍ෂකයා පිනවන්න අවස්‌ථාව ලැබුණු නිසයි.
පළමු නාට්‍යයෙන්ම මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවද?
නැහැ. මම ජනප්‍රියත්වය හොයාගෙනවත් සල්ලි හම්බකරන්නවත් නෙමෙයි රංගනයට පිවිසුණේ. රඟපාන්න මගෙ හිතේ තිබුණු ආසාව නිසා තමයි ආවේ. මටත් පුදුමයි. ජනප්‍රියත්වය හොයාගෙන එන අය තාමත් එක තැන ඉද්දි මට ලැබෙන ජනතා ආදරය ගැන.
ඒ ජනප්‍රියත්වය දැනෙන්නේ කොයි විදිහටද?
කෙනෙකුගේ ආදරයක් ලබන්න ගිය ආත්මෙක අපි පිං කරලා තියෙන්න ඕන. ඒ පින මගෙ වාසනාවකට මේ ආත්මෙ ලැබිලා තියෙනවා.
රංගනයට එක්‌වීම ගැන අද මොකද හිතෙන්නේ?
සතුටුයි. අවුලකට තියෙන්නේ ජනප්‍රියත්වය තමයි.
ජනප්‍රියත්වයට අකමැතිද?
අකමැත්තක් නැත්තෙමත් නැහැ. එහෙම දෙයක් ගැන බලාපොරොත්තු නොවුණු නිසා පුරුදු නැහැවගේ.
නමුත් නිළියකගේ පැවැත්ම තියෙන්නේ ජනප්‍රියත්වය මත නේද?
ඒ කතාව හරි. මම මගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. නමුත් ජනප්‍රියත්වය නිසා මාව හොයාගෙන ඇවිත් කතාකරන පිරිසක් ඇති වෙලා තියෙනවා. ඒ පසුබිමට මම කැමති නැහැ. රංගනයට එන්න කලින් හිටියා වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට කතා බහ කරනවනම් තමයි මම කැමති. ජනප්‍රියත්වය නිසා නැති යාළුවොත් නැති නෑදෑයොත් ඇති වෙනවා. ඒ නිසා ජනප්‍රියත්වය බොරුවක් කියලයි මට නම් හැඟෙන්නේ.
නදීශාත් කැතී වගේ දඩබ්බර චරිතයක්‌ද?
කැතී තරම්ම ආවට ගියාට වැඩ කරන කතා කරන කෙනෙක් නම් නෙමෙයි. මම හැම දේකදිම ටිකක් හිතලා බලලා තමයි වැඩකරන්නේ.
අමන්දාගෙන් එහා ගිය නිර්මාණයකට එකතුවුණේ නැද්ද?
ආරාධනානම් කිහිපයක් ලැබුණා. මගෙ බලාපොරොත්තුවක් තියෙනවා වැඩිදුර අධ්‍යාපනයට. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට යොමු වුණොත් රංගනයට තිත නෙමෙයි ටික කාලෙකට කමාවක් තියන්න සිද්ධ වෙයි.
වැඩිදුර අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන්නේ මොන විෂය පථයක් ඔස්‌සේද?
වීඩියෝ එන්ජිනියරින් ගැන ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
රංගනයට යොමුවීම නිසා සංගීතය අමතක වෙලාද?
සංගීතයට තමයි මම පුංචි කාලේ ඉඳලම ආස කළේ. ඒවගේම තමයි කැතී චරිතය දඟකාර වුණත් බොක්‌ස් ගිටාර් එක ප්ලේ කරන සංගීතයට ලැදියාවක් දක්‌වන කෙනෙක්. ඒ නිසා රඟපෑම තුළත් සංගීතය බද්ධ වෙලා තිබුණා.
නදීශා අද ලංකාවේ ජීවත් වුණත් ඔබ ඉපදුණේ හැඳුණේ වැඩුණේ පිට රටක?
ඔව්. මම ඉපදුණේ ලෙබනන්වල බේරූට් නගරයේ. මගෙ අම්මයි තාත්තයි ඒ රටේ තමයි රැකියා කළේ. මට ඉන්නේ අයියා විතරයි. අපි දෙන්නම ඉස්‌කෝලේ ගියේ එකට. අවුරුදු 15 දී තමයි මම ලංකාවට ආවේ.
ජීවිතේ අරමුණ වුණු ගමන් මාවතේද අද ඔබ ගමන් කරන්නේ?
කොහෙත්ම නැහැ. පොඩිකාලේ මම හරි ලැ-ජයි. ඒ තත්ත්වය තිබියදීත් අද මම රඟපානවා කිව්වහම පොඩිකාලේ මාත් එක්‌ක හිටපු කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ. මගෙ අරමුණ වුණේ ඔෆිස් එකක කැරකෙන පුටුවක වාඩිවෙලා රැකියාවක් කරන්න. නමුත් යන්න බලාපොරොත්තු වුණු පාරේ නෙමෙයි වෙනත් පාරක තමයි යන්න සිද්ධ වුණේ. නමුත් පාර වෙනස් වුණාට වැරදුණේ නම් නැහැ.
ආගම දහමට තියෙන නැඹුරුවීම මොනවගේද?
මගෙ අම්මා තාත්තා දෙන්නම බෞද්ධ. නමුත් මම ඉගෙන ගත්තේ ලෙබනන්වල නිසා කතෝලික ආගම තමයි හදාරන්න සිද්ධ වුණේ. පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත නිසා කතෝලික ආගම තමයි අදහන්නේ. ඒකට පවුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
රංගන කටයුතුවල නිරත වුණොත් ටෙලිනිර්මාණ අතර පමණද රැඳෙන්න බලාපොරොත්තුව?
හැමදේම බදාගෙන කරන්න ඕන අදහස මට නැහැ. ඒ වගේම තමයි එකවගේ චරිත රඟපාන්නත් කැමැත්තක් නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් නිතර නැති වුණත් කලාතුරකින් හෝ රැඳී ඉන්නවා.
වෘත්තිය කුමක් වෙයිද?
තාම හිතාගන්න බැහැ. ගුවන් සේවිකාවක් වෙන්නත් කැමැත්තක් තිබුණු නිසා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නත් පුළුවන්.
රංගනයෙදි උස බාධාවක් වුණේ නැද්ද?
නැහැ. මගෙ උස අඩි පහයි අගල් අටයි. සමහර තැන්වලදි පොඩි පොඩි ගැටලු මතුවුණත් පොදුවේ වාසියක් වුණා. බාස්‌කට් බෝල් ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති මෙච්චර උස යන්න ඇත්තේ.
නමුත් විවාහයේ දී නම් උස ගැන වැඩි සැලකිලිමත් වෙන්න වෙයි නේද?
සමහර විට. උස අය දැකලනම් තියෙනවා. ඒත් මට හරියන කෙනෙක් තාම හම්බ වුණේ නම් නැහැ. කොහොම වුණත් ඒ ගැන හිතන්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා ඉෂ්ට කරගන්න.
දැන් ඔබ නිරූපිකාවක් නොවේද?
රංගනයෙන් ඈත් වුණත් නිරූපණයෙන් නම් කවදාවත් ඈත්වෙන්නේ නැහැ. හැමදේටම වඩා මම ඒකට ආසකරන නිසා.
ලක්‌මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන
අද විශේෂ - Today Special
Archives
-
▼
2011
(205)
-
▼
June
(25)
- ජනකරළිය නාට්‍ය මාලාව
- හෝමාගමට පිවිසෙන "ජන කරළිය"
- ජනප්‍රියත්වය බොරුවක්
- එහෙම යෝජනා එනවා
- වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක් !
- ‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය 4k ජූලි 01ලූම්බිණි රගහල...
- ඒක මට සුළු කැප කිරීමක්.
- ජැකලයින්ට වැඩ ගොඩක්
- ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක් නොවෙයි
- ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා
- අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ
- මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන
- මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි
- යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?
- මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්කළා
- හායි බේබි හායි *****************
- ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?
- කිලිං මී සොන්ට්ලි.'''''''''''''''''
- සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක් වුණා
- පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය ...
- බිපාෂාට මිනිෂාට මාර පරිප්පුවක්?
- පූජා කොහොමද ඉන්දීය නිළියක් වෙන්නේ? මම සිංහල බෞද්ධ ...
- රණවිරු රියල් ස්ටාර් ඩේමියන්
- අහුබුදු පබැඳූ සිනමා සින්දූ
- කොමඩි චරිත රඟන ශිල්පීන්ට සංයමයක් අවශ්‍යයි
-
▼
June
(25)
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
සාක් චිත්‍රපට උළෙල 26වනදා සිට - (කොළඹ, ලංකාපුවත්) –සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘සාක් චිත්‍රපට උළෙළ 2013’මෙම මස 26වනදා සිට 31වනදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා...3 days ago
-
යුධ බිමේ ගීතය - *නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන* යුධ බිමේ ගීතය පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත...5 days ago
-
Gratiaen Prize has ‘leavened Sri Lanka’s cultural scene’ - Gratiaen Prize has ‘leavened Sri Lanka’s cultural scene’ [image: article_image] Text of the address by Dr. Jayantha Dhanapala, chairman of the panel of ju...1 week ago
-
-
සිතිවිලි කොත්තුවක්!! - මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා.. ඔයාටත් දැනෙනවා ඇත...4 weeks ago
-
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල2013සදහා නිර්මාණ දැන් බාරගැනේ - (කොළඹ, ලංකාපුවත්) –රූපවාහිනී නිර්මාණවල ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම හා නිර්මාණකරුවන් අගය කිරීමේ අරමුණෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ...4 weeks ago
-
2012 යොවුන් නාට්‍ය උළලේ කෙටි නාට්‍ය කිහිපයක් පිළිබඳව විමංසාවක් - යොවුන් නාට්‍යකරුවා යනු නිර්මාණශීලීත්වය සම`ග යෙදෙමින් අලූත් දේ සොයා යන්නෙකි. සම්මතය හා අසම්මතය තුල රැුෙ`දමින් සම්ප්‍රධායන් වෙනස් කරන්...3 months ago
-
-
Wehi Pabalu Seli – Surendra Perera - Wehi Pabalu Seli – Surendra Perera Tags: Sinhala Music Video The post Wehi Pabalu Seli – Surendra Perera appeared first on Sandeshaya dedicated to Sri La...4 months ago
-
නීල අහසේ සැඳෑ වලා - *නීල අහසේ සැඳෑ වලා ඇදෙනා යාමේ සිහිලේ ළංවී ගංගා තීරේ ඉඳිමූ තනිවී ආදර සෙනෙහේ සුවේ මවා සීත සෙවනේ මුවා වෙලා ආදර දෑසේ සිනා සලා බැඳිලා වෙළිලා මාගේ දෑතේ කොඳුරා ර...5 months ago
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen10 months ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...1 year ago
-
Trojan Kanthavo at the University of Sri Jayawardenepura - A show of the play Makarakshaya was organized at the University of Sri Jayawardenepura on 22nd February 2012. The show was presented by the TrikonE Cult...1 year ago
-
රේණුකා නඩයක් සමග ඉන්දියාවේ ? - Srilankamirror - කුස පබා චිත්‍රපටයේ පිටපත් රැගෙනඒමට එහි නිෂ්පාදන හවුල්කාරියක වන රේණුකා බාලසූරිය ප්රමුඛ නඩයක් ඉන්දියාවට යාමට සූදානම්වීම සම්බන්ධයෙන් මේ ...1 year ago
-
Photography සිංහලෙන් is Closing Down - යම් යම් තාක්ෂණික ගැටළු නිසා, නොවැළැක්විය හැකි හේතු මත “Photography සිංහලෙන්” අඩවිය ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබේ. නමුත් අප පාඨක ඔබ සඳහා මේ වෙන...1 year ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...1 year ago
-
-
-
What awaits our drama culture? - ** *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in...2 years ago
-
ජගත් මානව හිමිකම් දිනය අදයි................| Internatinal Human Rights Day | Part 2 - ලෝක ජනතාව නියම මානව අයිතිවාසිකම් භුක්ති විදිමක් සිදු වුයේ වර්ෂ 1945 න් පසුව ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමය ඇති කරගැනීම පිණිස මානව අයිතිවාසිකම් කොන්දේසියක්...2 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...2 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...2 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.2 years ago
-
-
Labels
- English (15)
- Gossip (145)
- Radio (1)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (54)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (138)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (2)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (202)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (147)
- වේදිකාව (206)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
-
Kai po che! (2013) | අරමුණ කරා… [සිංහල උපසිරසි සමඟ] - 9da8d87754d565621fab8dda6dd265c2c9a5f2ea 053201e7cfe2919e1fd05173ae4ae35a9e7d9cbb 1f9e53f2a4bc68da953cb43acec6307dff430b64 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරය...53 minutes ago
-
-
Bates Motel (2013) [ S01 - E10] | ඇරඹුමක් අවසානය…. [සිංහල උපසිරැසි සමඟ] - c445dee5c5ab1fdcf4452dadc172343942a79f67 4dc271c11131d5a2c6064be2944a3cfb47adca1b 54693e198a0f354fc4e02677600627682315b56c/span> ටොරන්ට් ලින්ක් ක්‍රියා නො...1 hour ago
-
Avatar: The Last Airbender [S03 : E21] | ඇවතාර් ඈන්ග් [සිංහල උපසිරැසි සමඟ] [බයිස්කෝප් සිංහලෙන්] - ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 4569ddbc22a261f6969600fdaae...4 hours ago
-
What things do I perform to have my fitness back? - I have been at all times fanatic about being healthy till just the once in my life when I thought I lost mind. I had a big change when I had to move to ano...1 year ago
-
අද තමයි දවස - ශ්‍රී ලංකා ප්රජාටාන්ත්රික සමාජවාදී ජන රජයේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් :)) කඩින්කඩ පවත්වනු ලබන පලාත් පාලන මැතිවරන්යේ අවසාන අදියරයි අද දින පැවැත්වෙන්න...1 year ago
-
Silver Showcase Blogger Template - Template Name : Silver Showcase Blogger TemplateTemplate Author : Goomelar / goomelar.blogspot.com Designer : GoomelarBasic Instructions : How...2 years ago
-
India Vs West Indies – World Cup 2011 – Watch Online - To Watch full Screen WRITE CLICK on the video and choose "Toggle Fullscreen"2 years ago
-
-
Blogs of the Month
-
-
රජාගේ මනාපේ,,,,1 day ago
-
ඔයාලට කියන්න මෙයාලා...1 week ago
-
-
නෙතූගේ අලුත්ම කතාව...2 weeks ago
-
වස්සානයේ දවසක2 weeks ago
-
සිතිවිලි කොත්තුවක්!!4 weeks ago
-
-
ආදරය විදින්න..........2 months ago
-
ගැහැණු ලොවක සිරකරු... 12 කොටස3 months ago
-
අපේ ලෝකය....7 months ago
-
පුතු නුඹ10 months ago
ජනප්‍රියත්වය බොරුවක්
Thursday, June 23, 2011සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:20 PM
Labels: Gossip, ටෙලි නාට්‍ය
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment