----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

රණවිරු රියල් ස්‌ටාර් ඩේමියන්

Saturday, June 4, 2011

රණවිරු රියල් ස්‌ටාර් ඩේමියන්



ලොව දැවැන්තම රණවිරු රියල් ස්‌ටාර් සංගීත ප්‍රසංගයේ අවසන් මහා තරගයේ ප්‍රථම ස්‌ථානයට හිsමි කිරුළ ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දුය. එහි දෙවැනි ස්‌ථානය යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ ඉන්දික අමරංගට හිමිවිය. තෙවන ස්‌ථානය යුද හමුදාවේ කෝප්‍රල් ලලිත් වික්‍රමනායකට හිමි වූ අතර සිව් වැනි ස්‌ථානය නාවික හමුදාවේ උප ලුතිනන් තරංග ලහිරු සම්පත් සහ පස්‌වන ස්‌ථානය යුද හමුදාවේ කාර්මික සෙබළ ධනුෂ්ක ලක්‌මාල් ටද හිමිවිය.

රණවිරු කිරුළ ලබාගත් ඩේමියන් ප්‍රනාන්දුට රුපියල් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ වටිනා අංග සම්පූර්ණ නිවසක්‌ ත්‍යාග වශයෙන් ලැබිණි. අනුශූරතාවට රුපියල් ලක්‍ෂ 35 ක්‌ වටිනා මෝටර් රථයක්‌ සමග මිලියන දෙකක ත්‍යාගයකි. තෙවන ස්‌ථානයට මිලියන දෙකක මුදල්ද සිව්වන සහ පස්‌වන ස්‌ථානවලට ලක්‍ෂ පහ බැගින් ත්‍යාග ද පිරිනැමිණි. ජනාධිපතිතුමා සහ එම ආර්යාවගේ ප"ධානත්වයෙන් පැවති මෙම උළෙලට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සහ එම මහත්මියද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගීවිය.

Copy Rights - Divayina

1 comments:

Anonymous said...

ඩේමියන් Dinuwa Thamai.. Eth Horata..
Navy Eke Naviyo Lawwa Balenn SMS Gahagena..

Post a Comment