----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අහුබුදු පබැඳූ සිනමා සින්දූ

Saturday, June 4, 2011

"මගේ සංදේශය චිත්‍රපටයේ සියලුම ගීත අරිසෙන්
අහුබුදු රචනා කළා. සුනිල් ශාන්තයන් ගේ තනු යටතේ
ආර්. මුත්තුසාමි සංගීතය නිර්මාණය කළ එම ගීත
"සංදේශය" චිත්‍රපටයට මහත් ආලෝකයක්‌ ගෙන දුන්නා"

- ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌

අරිසෙන් අහුබුදු වන් ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ සිංහල ආචාර්යවරයකු ලෙස එදා සේවය කරත්දී එතුමන්ගේ ශිෂ්‍යයකු ලෙස හෙළ බස හැදෑරූ අග්‍රගන්‍ය සිනමා නළු ගාමිණි ෙµdන්සේකා මහතා (ගාමිණීගේ නිවසේදී) හමුවූ අතීත මොහොතකි.

ලක්‌මාතාව අපට දායාද කරදුන් සමාජයට පලදායක වූ දරුවන් තමා නියෑළි නොයෙකුත් ක්‍ෂේත්‍රයන්හි එම කාර්යයන් තුළ ඉහළින්ම වැජඹෙමින් මුළු ජාතියම අවදි කරද්දී ක්‍ෂේත්‍ර ගණනාවක්‌ පුරා රැඳෙමින් රටත්, ජාතියත් දැනුවත් කළ තවත් එක්‌ උදාර පුරුෂයකු අපගෙන් නික්‌ම ගියේ රටටම ඵලදායක වූ නැණවත් මල් පොකුරේ රටම සුවඳවත් කළ තවත් එක්‌ මල් පෙත්තක්‌ මල් පොකුරට අහිමි කරමින් ඒ අඩුව තවකෙනකුට පිරවීමට නොහැකි අයුරින් විශාල හිඩැසක්‌ ද තබමිනි. ඉතිහාසයේ සාහිත්‍යයේ පැති ගණනාවක්‌ පුරා පැතිර ගිය එම දැනුම් සම්භාරය ඔහුගේ ගීත රචනා තුළ ද පැහැදිලිවම දකින්නට ලැබිණි.

ගුවන් විදුලි ගීතයක්‌ වූ සුනිල් ශාන්තයන් ගැයූ ලංකා ලංකා පෙම්බර ලංකා, වලාකුලින් බැස, එම්බා ගංගා නවතිනු, තෙල් ගාලා හිස පීරන්නෑනෝ, කුමාරතුඟුන්ගේ අගේ වැනි ගීත රචනා සහ වෙනත් ගායක ගායිකාවන් ගැයූ ගීත රචනා අතුරින් මගේ අවධානය යොමු කරනු ලබන්නේ එතුමා ලියූ චිත්‍රපට ගීත ස්‌වල්පයේ විචිත්‍රත්වය වෙත ඔබේ අවධානය යොමු කරලීමටය.

සංදේශය - 1960, දරුවා කාගේද? -1961, සැනසිලි සුවයම් - 1966, නාරිලතා - 1969, කවුද හරි? - 1969 පාරාවළලු - 1969 වීර පුරන්අප්පු - 1978, හඳයා -1979. චිත්‍රපට අට සඳහා රචනා වූ එම ගීත ප්‍රමාණය 24 ක්‌ පමණ වුවද කුමරතුඟුවන්ගේ හෙළ හවුල් භාෂා ව්‍යවහාරය හා බැඳි නිවැරැදි පිරිසිදු බසින් ගීත රචනයෙහිලා ගීත රචනය තුළ පැවැතිය යුතු සංවේදිතාව පිළිබඳ ආදර්ශ රූප මවමින් ප්‍රේමය පිළිබඳවම හැඟුම් පළ කරනු පිණිස අවට පරිසරය විචිත්‍රකොට මැනීමට පෙළැඹෙමින් ජාතිය වෙනුවෙන් දිවි පිදීමට රණබිම කරා යොමුවන මුවට අතිශයින් උචිත වූ පද පෙළ රචනා කරමින් පබැඳුණු එම ගීතයන් මෙසේ වෙන් වෙන්කොට ඉදිරිපත් කරනු ලබන්නේ සෑම පැතිකඩක්‌ම ඔස්‌සේ විහිද ගිය ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව අපගේ ගෞරව පූර්වක නමස්‌කාරය ද එතුමා වෙත පුදකරමිනි.

කවදත් එතුමා තුළ දකින්නට ලැබුණු දේශාභිමානය මෙලෙසින් සිනමා ගීතයට නැඟේ.

"උගුල් අකුල් බාධා දැකැ නැහැ අප නවතින්නේ

අකුල් කැපීමෙනුයි කැලේ එළි කළ යුතු වන්නේ....."

- අලුත් හඳක්‌ උදා වුණා - පාරාවළලු

"පුලතිසි රාවණ කුලයෙන් එන්නෝ

ගාමිණි පැරකුම් මුනුපුරු වන්නෝ

අපි මේ බිම පතිsයෝ......"

- පැරකුම් සයුරේ - පාරාවළලු

"වැලි මිරිකා තෙල් ගත්තෝ

යකඩ විකා දිය ගත්තෝ

සත් සමුදුර ජය ගත්තෝ

එදා අපේ මුතු මිත්තෝ..."

- ජය අපටයි ලංකාවේ - වීරපුරන්අප්පු

ලියෑවුණු රණ ගීතය මෙසේ පෙළගැසෙයි.

"එකෙකුන් අපගෙන් නැසුවොත් හතුරන්

උන්ගෙන් සියයක්‌ හෙළාපියව්

කඩුවට කඩුවයි හීයට හීයයි

පපුවට පපුවයි දී පලයව්......"

- කෝ හතුරෝ - සංදේශය

ඉතිහාසය ගැන ලිවීමේදී එතුමාට රාජසිංහයන්, පෘතුගීසීන්, ඉංගී්‍රසීන් කියා භේදයක්‌ තිබුණේ නැත.

අහුබුදු

"රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ළංවුණා

නපුරු උණකටුව පතුලේ ඇනී වණවුණා

එක්‌වැ සිටි පිරිස මතුරා විසද වැඩි වුණා

රාජසිංහ දෙවි නාමෙත් ගියා නැතිවුණා"

- කටේ කිරි සුවඳ - සංදේශය

පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ

අපි ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ......"

- පුරුතුගීසිකාරයා - සංදේශය

"බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ

ඉංගී්‍රසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට

සැරසෙව් රාලේa........"

- විරිඳු පෙළ - වීර පුරන්අප්පු

සැනසිලි සුවය චිත්‍රපටය සඳහා ලියා ඇති

නිති මා දල්වන පහනේ භක්‌ති ගීතයෙන්

"වැඩිහිටි කන්දේ වෙසෙන සුරින්දේ

ඇයි දුක දෙන්නේ පිහිට නොවන්නේ

රක්‍ෂා පතුරා දෙවිඳේ

නිති එළියෙන් මා සනසන්නේ........"

සිංහල අවුරුදු උත්සවයට එළැඹෙන්නේ මෙසේය.

"ගමේ සවිය මුළු වැරැදී කඹේ අදී දෙකට බෙදී

යටි පිල යනවා පැරදී නඟමු හෝයියා.....

හෝයියා හෝයියා හොහෝ හෝයියා......"

- නව වසරේ කිරි ඉතිරේ- දරුවා කාගේද?-

සිනමා ගීතාවලිය තුළ පෙම් ගීත සහ විරහ ගීත සඳහා ඇති ඉල්ලුමට එතුමා සපයන්නේ මෙම පෙම් ගීතයන් සහ

"විල් කුමරි රැල්ල නඟා රඟාලා

ඇගෙ මිහිරා එන මඟමයි බලන්නේ

කඳුරුලියා ඈම සොයා ඒ

කන්ද උඩින් පියාසලාලා

මාගේ සූQදා - මාගේ සූදා තවම නෑ....

- රෑන ගිරා රෑන අඹේ මී බිබී - සංදේශය

"සිය මනමාලිට කොහා තුරුල් වී

කොහෝ කොහෝ හඬලයි

මී අඹ ලඹ දෙන කොළ යහනේ

යුවළ නිදාගනිතෙයි......."

- පුන්සඳ එළියයි එනමද සුළඟයි - සංදේශය

"ගැහැනිය රකිනා ගුණදම් කඳෙන්

දෙවියන්ගේ පවා බැල්ම ලැබේ

හොඳ හිතින් පෙම් කළොත් සාරා

හොඳ කෙරුවෙත් මේ ලොව හොඳ වෙනවා..."

- සොම්නස සුළඟේ පාවෙනවා - සැනසිලි සුවය

විරහ ගීතයන් ය.

"මේ ලෝකේ හැටි පිරිමින්නේ

මල් සොයමින් යන මී මැසි වාගේ

පෙම් මිහිරෙන් මා හද නහවාලා

ඇයි ගියේ මේ මා වෙත නොබැඳී...."

- මා මැවූ පෙම් මාළිගා - සැනසිලි සුවය

"ආදරේ බිඳ හැරියෙ ඇයි මේ ලෝකයා

පැතුම ඇතුවට එය නොගන්නේ මෝඩයා

සුවය ලැබුමට පාර පෑදී ඇති දිනේ

මැණික දැකලත් එය නොගන්නේ ඇයි දනා...."

- සාගරේ මැද පීනුවා - සැනසිලි සුවය

"මා පැතූ සොඳුරිය තරහ වුණාදෝ

මා ආසා දේවල් නැස ගියාදෝ

ගලාවි උතුරා මගේ රුධිරේ

විඳින්න බැරි මේ දුක්‌නේ මේ ලෝකේ........"

- සිතූ පැතූ දේ නැසී ගියාදෝ - සැනසිලි සුවය -

ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය නැළවිලි ගීතය නොවේද?

"සුරංගනාවනුයි වලාකුළ ඔසවාගෙන එන්නේ

හඳ මාමයි සිනාසිසී රිදී පාන අල්ලන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා......"

- සුදට සුදේ වලාකුළයි - සංදේශය-

"චූටි බබාලා නිදිද බලා හීන හඬින් රස හීන මවා

තරු කුමරියෝ රැස්‌ සලඹ සලා රඟදෙතිs නිල් අහසේ...."

- දොයි දොයි බිලිඳෝ - නාරිලතා

චමත්කාර රූ මවාලන මෙම ගීතයන්ට ළමා හා තරුණ වයස්‌ භේදයක්‌ ඇතිවේ යෑයි සිතිය නොහැක.

"ඒ කන්දත් අපේ තමයි

මේ කන්දත් අපේ තමයි

කඳුයායම අපේ තමයි අපේ රාඡ්ඡේ..."

- රැජින මමයි අපේ රාඡ්ඡේ - සංදේශය

"බකමූණා හූම් හූම් හිඹුටු හඬයි හූම් හූම්

බුම්මාගෙන හූම් හූම් ඔක්‌කෝටම හූම් හූම්

කප්පරකට පුවක්‌ පුවක්‌ කොරවක්‌කයි පුවක්‌ පුවක්‌

මට විටකට නුදුන් පුවක්‌ අපි තරහයි පුවක්‌ පුවක්‌......"

- මීමැස්‌සා රූං රූං - දරුවා කාගේද?

"අපේ සුන්දර ළමා ලොවේ මල් සිනා පිපී සැලේ

දිවා රැයේ මාවතේ ගුටි බැට කන්නේ ඇන බැණගන්නේ අත්වැල් බැඳගන්නේ."

- සිඟිති ලොවේ සුරතල් -හඳයා

"ලොක්‌කො අපියි ලොක්‌කො අපියි අපි ගමට

ලොක්‌කො අපියි ලොක්‌කො අපියි හෙට රටට

පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස්‌ ඇටේ

හායි හූයි ගෑව නේද ගම්මිරිස්‌ ඇටේ........."

- කවුද කවුද දැන් ලොක්‌කෝ - හඳයා

අප සැමට සිතන්නටද යමක්‌ ඉතිරි කරමින් කවුද හරි? චිත්‍රපටයේ නාමාවලිය සඳහා ලියා ඇති මෙම ගීතය ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපට මුහුණදීමට සිදුවන පරම සත්‍යය නොවේද? මෙය ජීවිතයේ සදාකාලයටම වලංගු වන අදහස්‌ කැටිවුණු ගී පදමාලාවක්‌ නොවේද?

"නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ

වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ

දිනුම් පෙන්න අතේ දුරයි කැපී වැටෙන්නේ

වැටුණුq ඉරට රුවන් ඉරයි වැටී පෙනෙන්නේ

දාදු දමන්නේ

දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ

වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ

බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ

පිනට හැරෙන්නේ

පියෙන් පියට දාදු පෙනේ කපටි ගැට වැටේ

ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ

වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ

දාම දිනන්නේ

ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුද හරි?

මෙම ගීත රචනා සඳහා සංගීතයෙන් සුනිල් ශාන්ත (ගීතනු) ආර්. මුත්තුසාමි, මොහොමඩ් සාලි, ප්‍රේමසිරි කේමදාස, සිසිර සේනාරත්න, සෝමදාස ඇල්විටිගල, සෝමපාල රත්නායකද ගායනය සඳහා ධර්මදාස වල්පොල, ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල, මොහිදින් බෙග්, මන්සූර් රාජබාලි, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්‌, වික්‌ටර් රත්නායක, නාරද දිසාසේකර, සුනිල් එදිරිසිංහ, බන්ධුල විඡේවීර යන ගායක ගායිකාවන් ද දායකත්වය සපයන ලදී.

මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු


Copy Rights - Divayina

0 comments:

Post a Comment