----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක්‌ වුණා

Saturday, June 4, 2011

සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක්‌ වුණා
අභිෂේකා විමලවීර

ළහිරු මඬල, සමනළ උයන, සෙල්ලම් ගෙදර, හැඩකාර හැන්දෑව, දේදුණු හැන්දෑව, ලස්‌සන ගෙදර, ඔබගේ මතකයේ තිබේ නම් අභිෂේකා විමලවීර නොහඳුනන කෙනෙක්‌ නැති තරම්. ජීවිතය හැඩ කරන බොහෝ දේ දෑත දරාගෙන උපන් ඈ... අද දවසේ වඩාත් සුබවාදී වර්තමානයකට සේම අනාගතයකටද හිමිකාරියක්‌.

අභිෂේකාගෙ ජීවන වටපිටාව ගැන කියනවා නම්...

මගේ තාත්ත සුනිල් විමලවීර, අම්ම දමයන්ති විමලවීර. මම ඉගෙන ගත්තෙ ගාල්ලේ ශ්‍රී ගාර්හා කන්‍යාරාමයෙන් හා ශාන්ත පාවුළු බාලිකාවෙන්. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්‌ෂිකාවක්‌.

කලාවට නෑකම් කියන පවුල් පරිසරයද අද ඔබ මෙතනට ගෙන ආවේ....

මගේ ලොකු තාත්ත සරත් විමලවීර. ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයෙක්‌. තාත්ත ගීත රචකයෙක්‌. ඔවුන්ගේ දක්‌ෂතාව සහජයෙන් මට ලැබුණ දායාදයක්‌. නමුත් මම නිවේදන ක්‌ෂේත්‍රයට සම්බන්ධ වුණේ අනිත් අය වගේම සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වෙලා

ඔබගේ පියා ප්‍රවීන කලාකරුවකු වීමෙන් ඔබට ලැබුණ සහය කුමක්‌ද?

පුංචි කාලෙ ඉඳන්ම මගේ ඉලක්‌කය වුණේ ගායිකාවක්‌ වීමයි. තාත්ත ළමා ගීත ලියවා ගන්න එන බොහෝ දෙනාට තාත්ත මාව හඳුන්වා දෙනවා. ගායන ක්‌ෂේත්‍රයට එන්න තාත්ත මට ගොඩක්‌ උදව් කරනව. ඒ ගුරුකම් මම කරන කියන හැම තැනකදීම තාත්ත මගේ තනි නොතනියට ඉන්නව.

රූපලාවන්‍ය ක්‌ෂේත්‍රයේ ප්‍රකට චරිතයක්‌ වන ඔබේ මවගේ වෘත්තිය ගැන අභිෂේකගේ උනන්දුව මොන වගේද?

මගේ අම්ම දමයන්ති විමලවීර. ඇය රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යනවා. එහි කෙරෙන්නේ බාහිර අලංකරණයට වඩා රූපය හැඩගන්වා ගැනීමට කෙරෙන ප්‍රතිකර්ම. පුංචි කාලෙ ඉඳන්ම අම්මගෙ ඇසුරේ ඉඳන් ඒ පිළිබඳ මම ඉගෙන ගත් දේ බොහෝමයි. ඉදිරි කාලයේ ඉන්දියාවට ගිහින් මේ ගැන වැඩිදුර අධ්‍යාපනය ලබාගෙන අම්මගෙ ව්‍යාපාරය ඉදිරියට ගෙන යැමේ අදහසක්‌ද මා තුළ තිබෙනවා.

"අභිෂේකා ඉදිරි කාලයේ රංගන ක්‌ෂේත්‍රයේත් අපට හමුවනවාද?

රඟපෑමටත් මම කැමැතියි. ටෙලි නාට්‍යවල රඟපාන්න ඇරැයුම් කිහිපයක්‌ම ලැබුණා. නමුත් ඒ අවස්‌ථා විශ්වවිද්‍යාලයේ විභාග වැනි අත්‍යවශ්‍ය කටයුතු යෙදුණ නිසා එම අවස්‌ථා මඟහැරී ගියා. මේ දවස්‌වල චිත්‍රපටයකට ඇරැයුමක්‌ ලැබී තියෙනව. සමහර විට මට ඒ අවස්‌ථාවට සහභාගි වීමට ලැබෙයි.

ගායිකාවක්‌ විදිහට වගේම ලේඛිකාවක්‌ විදිහටත් එළි දකින්න ඔබ පෙරුම් පුරන බව අපිට දැනගන්න ලැබුණා.

ඔව්. යොවුන් ගායිකාවක්‌ විදිහට එළිදකින්න මගේ මේ කාලය හොඳම කාලයක විදිහටයි මට දැනෙන්නෙ. මේ වෙත්දි ගීත දෙකක්‌ නිර්මාණය කරමින් ඉන්නව. ළඟදීම එම ගීත රසිකයන් වෙත තිළිණ කරන්න සූදානමින් ඉන්නෙ. ඒ වගේම මම සංගීතය පිළිබඳ හදාරල විශාරද විභාගයත් සම්පූර්ණ කරලයි ඉන්නෙ. මගේ සංගීත ගුරුතුමා වන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරි ගුරු පියායි.

මේ දවස්‌වල මා ලියූ නිසඳැස්‌ එක්‌කර "නොහිමි" නමින් පොතක්‌ එළිදක්‌වන්නත් මම සූදානමින් ඉන්නෙ.

අභිෂේකා ඔබ ස්‌වාධීන රූපවාහිනියට අයිති නිවේදිකාවක්‌ද?

ෂඔභ එකේ ළහිරු මඬල බලාගෙන ඉඳල සම්මුඛ පරීක්‌ෂණයට එද්දී මට අවුරුදු 10 යි. එදාමෙදා තුර මගේ නිවේදන දිවියේ තක්‌සලාවත්, විශ්වවිද්‍යාලයත් ස්‌වාධීන රූපවාහිනියයි. ITN එකේ ඉන්න බොහෝ දෙනෙක්‌ මට ගුරුහරුකම් දුන් ගුරුවරුන් විදිහටයි මම සලකන්නෙ.

මෙතෙක්‌ ජීවිතයේ සිදුවූ සිදුවීම් දිහා බලද්දී අභිෂේකාට මොකද හිතෙන්නෙ.

මෙතෙක්‌ මගේ ජීවිතයේ සිදුවූ හැම සිදුවීමක්‌ම මට ආශිර්වාදයක්‌ වුණා. සමහර අහිමිවීම් පවා මට අහිමි වී තියෙන්නෙ මගේ හොඳටයි කියලයි මම හිතන්නෙ. උදාහරණක්‌ විදිහට පුංචි කාලෙ වෛද්‍යවරියක්‌ වීමේ සිහිනයක්‌ මට තිබුණා. ඒ නිසා මම උසස්‌ පෙළට තෝරා ගත්තෙ විද්‍යා විෂයන්. නමුත් අතරමඟදී මම කලා විෂයන්ට මාරු වුණා. වෛද්‍යවරියක වීමේ සිහිනය මට අහිමි වුණා. මගේ උරුමය වූ කලාවට මාව යොමු කරවන්න කියලයි මම අද විශ්වාස කරන්නෙ.

පවුලේ එකම දරුවා විදිහට දෙමව්පියන් ඔබේ පෞද්ගලික ජීවිතයත් ගොඩක්‌ සැලසුම් කරනව ඇති නේද?

ඇත්තටම. මම පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් විවාහ විය යුතුයි කියලයි අපේ අම්මල තීරණය කරල තිබුණෙ. ඒත් අපි හඳහන් විශ්වාස කරනව. මගේ විවාහය අවුරුදු විසිහය පහුවුණාට පස්‌සෙ සිදුවීම හොඳයි කියල තියෙන නිසා අම්මයි තාත්තයි ඒ ගැන මට කල්දීල තියෙන්නෙ. මම විවාහ වෙන්නෙ අම්මල හොයල දෙන කෙනෙක්‌ එක්‌කයි. මෙතෙක්‌ මගේ ජීවිතයට නිවැරැදි දේ තෝරා දුන්නා වගේම මගේ විවාහයේදීත් නිවැරැදි තීරණය ගන්න මම ඒ දෙන්නට බාරදීලා තියෙන්නෙ.


ධම්මිකා සුරංජි පතිරණ


Copy Rights - Divayina

0 comments:

Post a Comment