මෙරට වේදිකා නාට්‍ය කලාව වෙනස් මානයකට ගෙනගිය නාට්‍යකරුවෙකු ලෙස ධර්මසිරි බණ්ඩාරනායක නාමය හැඳින්විය හැකියි. ඔහුගේ සුවිශේෂී නාට්‍ය නිර්මාණයක් වන මකරාක්ෂයා නැවතත් වේදිකාගත කිරීම සඳහා ඔහු සූදානමින් සිටිනවා. ජූනි 19 හා 20 සවස 6.45 ට ලයනල් වෙන්ඩ්ට් හිදී මෙහි සමාරම්භක දර්ශන වේදිකාගත කරනු ලබනවා.
මකරාඬයා නව නිෂ්පාදනයේ වෙනස්කම් මොනවාද?
1985 දී කළ නාට්‍යයට වඩා මේ නාට්‍යයේදී නිෂ්පාදන අංශයෙන් විවිධ වූ අරුත් ගැන්වීම් තිඛෙනවා. ඉංග්‍රීසි වේදිකාවේ වැඩ කරන ජෙහාන් ඇලෝසියස් කියන අධ්‍යඬවරයා සමග එකතු වෙලා රංග වින්‍යාසය ඔහුට බාර දුන්නා. මකරා කියන චරිතය හැදිලා තියෙන්නෙ කුමන වූ මනුෂ්‍ය වේෂයකින්ද කියන එක හැකිතරම් ප්‍රේඬකයන්ට දනවන්න උත්සාහ කරනවා. ඒක නව නිෂ්පාදනය තුළ දැකිය හැකියි. එසේම මකරා පැමි‚යාට පසු තවත් මකරෙක් පැමිණෙනවා. මේ හරහා අර්ථ ගන්වන්නේ පවතින සිස්ටම් එක යනු එක මකරෙක් නොව මකර සමූහයක් යන්නයි. ඒ වගේම යමෙක් මේ සිස්ටම් එකට අනුගත වන්නේ තමන් තුළත් මකරෙක් සිටින නිසයි. අපි ඒකත් ඉදිරියට ගනිමින්, දේශපාලන අරුත් සැපයීමට මේ නාට්‍යයෙන් උත්සාහ කරනවා.
මේ නාට්‍ය 1943 යෝගිනි සාර්ස් විසින් රුසියාවේ රචනා කළහම රුසියාව තුළ මෙය තහනම් වෙනවා. මොකද ඔවුන්ට මෙය අභියෝගයක්. නමුත් 1973 සිට මෙරටදී හෙන්රි ජයසේනයන්ගෙන් මේ නාට්‍ය ඇරඹුවාට පසු මෙය ලංකාවේ තහනම් වුනේ නැහැ. නමුත් නාට්‍යකරුවන්ට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වුණා. ඒක සරල කරුණක් නෙවෙයි. නිර්මාණාත්මක නිදහස අවහිර කිරීමක්. 1985 දී මට එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා.
මකරාක්ෂයා නැවත වේදිකාගත කරන්න අදහස් කළේ ඇයි?
මම පසුගිය වසරේදී ඒකාඅධිපති නාට්‍ය වේදිකාගත කළා. ඒක මගේ පළමු නාට්‍ය. මම අනුපිළිවෙලින් නිර්මාණය කළ නාට්‍ය ඉදිරියේදී වේදිකාගත කරන්න කටයුතු කරමින් යනවා. ඒ අනුව තමයි zමකරාඬයාZ යළි වේදිකාගත කරන්නෙ. මේ නාට්‍ය යළි වේදිකාගත කිරීමේ අදහස වන්නේ මේ නිර්මාණ තවදුරටත් පැවතිය යුතුය යන්නයි. ඒක ඉදිරි කාලයට වඩා වැදගත්. නාට්‍ය හා රංග කලාව පිළිබඳව හදාරන විද්‍යාර්ථයන් දැඩි උනන්දුවක් ඒ සම්බන්ධව දක්වනවා. මම නිෂ්පාදනය කරන නාට්‍ය පිටපත් වශයෙන් වත් නැහැ. නාට්‍ය වල පැවැත්ම සඳහා අලූතෙන් වීඩියෝ පට නිර්මාණය කිරීම සිදු කරනවා. මේ නාට්‍යයේ ප්‍රදර්ශනය සමග ඒ විදිහේ තැන්පතුවක් ඇති කරන්න උත්සාහ කරනවා. මම නිර්මාණය කළ කලා කෘති පහ මේ වසර අවසානය වනවිට ප්‍රේඬකයාට දැකගන්න අරමුණු කරගෙන තමයි මේ නාට්‍ය නිෂ්පාදනය වෙන්නෙ.
නමුත් පවතින සමාජ, ආර්ථීක වටපිටාව මේ නාට්‍ය වල තේමාවන්ට ගැළපෙන නිසා යළි ප්‍රතිනිෂ්පාදනය කරනවා යැයි කාටහරි අර්ථ දක්වන්න පුළුවන් නේද?
ඔය විදිහේ අදහස් දැක්වීමක් තිඛෙනවා. නාට්‍ය රසිකයා එවැනි ආකල්පයක් දැරීම අපට නවත්තන්න බැහැ. නමුත් මගේ නාට්‍ය නිර්මාණ වල නිරන්තර සංවාදයක් දේශපාලනිකව තිබුණා. එවැනි දේශපාලන සංවාදයකට විවෘත නාට්‍ය තමයි මම නිෂ්පාදනය කළේ.
සමාජය ඒ කලා කෘතිය තුළින් අප ජීවත්වන සමාජ වටපිටාව මොකක්ද යන්න අවබෝධ කරගත යුතුයි. මකරාඬයා කියන නාට්‍ය 1943 දී රචනා කළේ යෝගිනි සාර්ස් කියන රුසියානු නාට්‍ය නිෂ්පාදකයා.
මකරාඬයා පළමු වරට මෙරට වේදිකාගත කළේ හෙන්රි ජයසේනයන් විසින්. 1973 දී පරිවර්තනය කර වේදිකා ගත කළා. ඒකෙ ලාට්ස් නොට් කියන චරිතයට හෙන්රි මාව තෝරා ගත්තා. 1985 දී මම සිරිල් පී පෙරේරා ලවා පරිවර්තනය කොට වේදිකාගත කළා. එදා සිට මෙහි ජීවමය ගුණ ගත්තොත් නාට්‍ය දර්ශන සිය ගණනකට වඩා රඟ දැක්වීමේ හැකියාව තිබුණා.
ඒ දශකය නල්ලතම්බි ප්‍රවාහය ඉතා දැවැන්ත ලෙස ගුණාත්මක නාට්‍ය වලට බලපෑමක් ඇති කළ සමයක්. නල්ලතම්බි කළ අභියෝගය භාර ගැනීමක් ලෙස තමයි මම එය දකින්නේ. ඒ මොහොතේ මම මේ නාට්‍ය නිර්මාණය නොකළා නම් නල්ලතම්බි වැනි අවරගණයේ නාට්‍ය තමයි ප්‍රේඬකයන්ට දැකගන්න ලැඛෙන්නෙ.
මකරා නාට්‍ය මම නිර්මාණය කළේ මෙරට පැවති යුද්ධය නිර්මාණය වීමෙන් පසුව සමාජ චලනය විග්‍රහ කිරීමක් වශයෙන්. අනිත් පැත්තෙන් මර්දනය, බියගුලූකම, වටපිටාව, දූෂිතභාවය වැනි කාරණා තමයි මේ නාට්‍ය හරහා ඉස්මතු වුනේ.
වර්තමානයේ නිර්මාණය කෙරෙන නව වේදිකා නාට්‍ය ප්‍රේඬකාගාර හිස් බව පැවසුනත් ඔබගේ නාට්‍ය ප්‍රතිනිෂ්පාදන වලට පවා ඉහළ ප්‍රේඬක ප්‍රතිචාරයක් හිමිවනවා. මින් හැඟවෙන්නේ ඔබ ප්‍රේඬකයන්ට දැනෙන ලෙස නිර්මාණය බිහිකරනවාය යන්න හා වත්මන් පරපුර එසේ නොකරන බවද?
නාට්‍ය හා රංග කලාව පාසල් විෂයට එක්කර තිබීම තුළ පාසල් ළමුන් උදෑසන 8.00 සහ 11.00 ට නාට්‍ය නරඹනවා. මේ අය විභාගයට සූදානම් වීම උදෙසා නාට්‍ය හා රංග කලාව හදාරනවා පමණයි. මේක අධ්‍යනය තුළ සිදුවන භයානක වරදක්. රසිකත්වය කියන එක විභාග මට්ටමින් කල ෘ වෙනුවෙන් දක්කාගෙන යාමක් තමයි වෙන්නෙ. ඒ වගේම කළුකඩ ගුරුවරු ටිකක් තමන් නොදන්න විෂයක් ඉගැන්වීම තමයි නාට්‍ය හා රංග කලා කඩ තුළ දක්නට ලැඛෙන්නෙ. මේක භයානක විපතක්. මේ ළමයි විභාගයට නියමිත පොත හෝ නාට්‍ය බලනවා හැර වෙනත් කිසිදු නාට්‍යයක් බලන්න එන්නෙ නැහැ.
60,70 දශක වල ලංකාවේ ජනයා නාට්‍ය නැරඹුවේ එය පාසල් විෂය නිර්දේශයට එක්කර නෙවෙයි. එක ගුරුවරයෙක් නාට්‍යයක් පිළිබඳව ඔහුගේ මතය ඉදිරිපත් කරනවා. ළමයි 500 පමණ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ එකම විදිහට. රසිකත්වය කියන්නෙ එහෙම එකක් නෙවෙයි. ඒක විවිධාකාරයෙන් ළමයා දකින්න පුළුවන්. නමුත් ගුරුවරයා ඉගැන්වූ දේම පිටස්තරින් ළමයෙකු තම නිර්මාණ කෞෂල්‍ය තුළ, රසික වින්දනය තුළ උත්තරයට ලිව්වොත් මේ විභාග ක්‍රමය තුළ පිළිගන්නෙ නැහැ. මේක අධ්‍යාපන පටිපාටියට නොගැළපෙන දෙයක්.
නමුත් දියුණු රටවල මේ සඳහා සැලසුම් තියෙනවා.
නාට්‍යයක ප්‍රේඬකයා කියන්නේ තරුණ ශිෂ්‍යා පමණක් නෙවෙයි. සමස්ත සමාජය. එවැනි නාට්‍ය කලාවක් තමයි ලංකාව තුළ ගොඩනැගී තිබුනේ. ඒක සම්පූර්ණයෙන් දැන් බිඳවැටිලා. අපට හිටපු කෘතහස්ත ප්‍රවීණ නාට්‍ය නිර්මාණ පරපුරේ අන්තිමයා තමයි හෙන්රි ජයසේන. ඊළඟ පරම්පරාව ලෙස මම, මනෝරත්න, කිරිඇල්ල ආදීන් කටයුතු කරනවා. අනිත් එක මේවාට සහභාගී වන ශිල්පීන් මේ නාට්‍ය වලට පමණක් සීමා වූ තත්ත්වයක නෙවෙයි සිටින්නේ. ඔවුන් වෙළෙඳ භාණ්ඩ බවට පත්වෙලා. උදේ සිට හැන්දෑ වෙනකන් ටෙලි නාට්‍ය වැඩ කරලා තමයි හවස නාට්‍ය පුහුණුවට දුවගෙන එන්නේ. මේක තමයි කලාකරුවන්ගේ අර්බුදය.
මේ තුළ ඉතා ගුණාත්මක ගණයේ නිර්මාණයක් කිරීමේදී නිර්මාණකරුවා හුදකලා වනවා. ලෝකයේ දියුණුවට නාට්‍ය කලාවක් ඇතිවී තිඛෙන්නේ ඒ වෙනුවෙන් වෙන්වූ පිරිස් සිටින රටවල පමණයි. මෙතනදි ලාංකීය නාට්‍ය කලාවේ දුක්ඛිත තැනක් තිඛෙනවා.
අපිට සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යකරුවන්ගෙන් අසීමිතව දැනුමක් ලැබුණා. අද තරුණයන් කරන නිර්මාණ වල රසවින්දනයක් නැහැ. ඒ නිසා දර්ශන දෙක තුනක් පෙන්වූ පසු එය අහවර වෙනවා. නාට්‍ය ප්‍රේඬකාගාරයේ ඉන්නෙ නාට්‍ය රඟපාන අයගේ ඥාතීන් හා නාට්‍යකරුවාගේ යහළු මිත්‍රාදීන් පමණයි. මේකට නෙවෙයි ප්‍රේඬකාගාරයක් කියන්නෙ. ප්‍රේඬකාගාර ගොඩනැංවීමේ අරමු‚න් තමයි නාට්‍යකරුවන් කටයුතු කළ යුත්තේ.
මම මගේ නාට්‍ය යළිත් ප්‍රති නිෂ්පාදනය කරන්නේ මේ කටයුත්තට මුලපිරීමක් වශයෙනුයි. කාටහරි හිතෙනවා නම් මෙය පවතින ආණ්ඩුවට පහර ගැසීමක් කියලා, ඒක එහෙම නෙවෙයි. ආණ්ඩුව වැරදි කරනවා නම් ආණ්ඩුවට හැදෙන්නත් කලාකෘති උදව් වෙනවා.
ලංකාව කියන්නේ සංස්කෘතික මිනිසා මියගිය රටක්. ඒ මිනිසා නැවත ගොඩනැංවීම උදෙසා තමයි අපේ මේ ප්‍රයත්නය දියත් කරන්නේ.
නිරෝෂාන් ප්‍රේමරත්න
0 comments:
Post a Comment