පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............
නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.
පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....
අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප‍්‍රශ්නය ටිකක් අසාමාන්‍ය ප‍්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.
අසඩක් - දැන ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් ! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.
පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........
අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?
ගෲෂා - දරුවා මගේ
අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.
ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.
පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.
අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.
පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.
නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..
දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත‍්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත‍්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ
( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත‍්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?
පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප‍්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.
අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!
දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත‍්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................
අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?
ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)
අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.
ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත‍්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත‍්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.
දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!
අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.
ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.
පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!
අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත‍්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)
ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!
උපුටා ගැනීම
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින්
හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ
හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි.
Archives
-
▼
2010
(172)
-
▼
June
(66)
- පින්වතුනි දෑස් හැර බලනු මැණව...
- මකරාක්ෂයා
- මාත්‍රා 2010 නර්තනයේ සුන්දරත්වය දකින්න...
- ලහිරු පෙරේරාගේ රතු රට කජු
- ‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට
- හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල
- සුද්දෙක් කතා කරයි
- වයඹ ජනකලා පදනමේ පාඨමාලාවන්ට අයදුම්පත් කැඳවේ
- තර්ස්ටනයිට් බ්රාස් 2010 26 දා B.M.I.C.H හිදී
- ළමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක්
- හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල ලුම්බිණියේදී
- ගුරු ගරු
- මාත්‍රා 2010
- නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි
- හුණුවටයේ කතාවේ කොටසක්
- අසඩක් ගෲෂාට ලියූ කවිය (Asadak & Grushaa)
- මානුශවාදී විණිසුරු හෙවත් අසඩක්
- රාජිත දිසානායක - Rajitha Dissanayake
- ධර්මසිරි බණඩාරනායකගේ මකරාක්ෂයා ගැන සටහනක්
- මහේන්ද්‍රගේ අලුත්ම භූමිකාව
- 2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය
- අපේ උරුමය වෙනුවෙන් වූ නාලිකාවට වසරක් සපිරෙයි...
- සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදය
- හින්දුස්ථානි සංගීතය පිළිබඳ වැඩමුළුවක් 24 දා
- නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා
- ‘‘මගුල් ප්‍රස්ථාව’’ කඳානේදී සහ හලාවතදී
- “දීගෙක ඇවිත්” 21 වැනි දා පුංචි තියටර් හිදී
- ‘‘සොකරි’’ මීගමුවේදී
- බර අවි හොරණට
- සකි සඳ මඬල කුරුණෑගලට
- ධර්මසිරි බණ්ඩාරණායකගෙන් මකරාක්ෂයා යළි කරළියට!
- ශාලිත සහ මහේෂ් එක්ක අපිත් යමුද ලෝකෙ වටේ...???
- කොඩිකාරගොඩ සුනීත හිමි
- දීගෙක ඇවිත් සහ කන්දොස්කිරියාව පුංචි තියටර්හිදී
- සෝමලතා සුබසිංහගෙන් ළමුන් සඳහා...
- හත්තොටුවේගමටත් හොර ඔප්පු ලියා ගන්න හදයි
- ධර්මජිත් පුනර්ජීව
- රාජ්‍ය නාට්‍ය උළෙල
- මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණෙනි,
- සුජාතා දියණියන්ගේ ‘සුභාවී 2010’ 19 සහ 20 දා
- මාධ්‍ය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි
- මිරර් - සිංහලෙන් සඟරාවක්
- ධර්මසිරි බණ්ඩාරනායක
- හර්ෂණීගේ "විචිත්‍ර" දින 3 ක් කලාභවනේ දී
- බල්ලොත් එක්ක බෑ - ජූනි 13 & 20
- රත්නාවලී 11 දා මහනුවරදී
- කුවේණි - කඹුරුපිටියේදී
- බල්ලොත් එක්ක බෑ - ගාල්ල හෝල් ඩි ගෝල් රංග ශාලාවේදී
- මගුල් ප්‍රස්ථාව පානදුරදී
- ඇන්ටිගනී Play එකේ facebook Account 1......
- Academic Players.....>>>>
- මකරාක්ෂයා නැවතත් වේදිකාවට
- ලොවම හිනැස්සූ චාලි චැප්ලින්
- අති විශිෂ්ට චරිතාංග නළු හේමසිරි ලියනගේ කියයි
- රජීව් ටෙලිනාට්‍ය සංගීත අධක්ෂවරයෙක්
- සහන්ගෙන් ජනගී
- කුමාර තිරිමාදුරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි
- කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයට නවක සිසුන් බඳවා ...
- මුද්‍රා නාට්‍ය පාඨමාලාවට අයැදුම්පත් කැඳවේ
- රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන වසරේ අලුත් වේ
- Colombo Colombo 05 – 06 කොළඹ දී
- රත්නාවලී මහනුවරදී
- මංගලිකා තෙන්නකෝන් ‘ඔබේ මල් ගොමුවෙන්’
- ඉන්ද්‍රනාථ තේනුවර – පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනය.
- මකරාක්ෂයා යළි කරළියට
- ඒකා අධිපති
-
▼
June
(66)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
මහා පිරිත් ලණු ප‍්‍රශ්නය හෙවත් මං දැන් MK? - With metta - මාර වැඩේ නේ ෆ්‍රෙන්ඩ්ස් මට වුණේ. දවස් දෙකකට කලින් මට පන්සලකට යන්න වුණා සෑහෙන කාලෙකට පස්සේ. මං හිතන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු හිතවත් දෙදෙනෙකු සමග එහි දිනයට පසු ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
හුණුවටයේ කතාවේ කොටසක්
Saturday, June 26, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment