10,11,12,13 ශ්‍රේණි වල සෞන්දර්යය විෂයයන් සඳහා නිර්දේශිත ‘‘සොකරි’’ නාටකයේ
විශේෂ දර්ශනයක් ජූනි මස 22 වන අඟහරුවාදා දින පෙරවරු 8.00 ට සහ 11.00 ට මීගමුව
රුක්මණිදේවී රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය. සෞභාග්‍යයට, සශී‍්‍රකත්වයට මුල් තැන
දෙන පැරණි සොකරි ජන නාට්‍ය සම්ප‍්‍රදාය රැකගනිමින් නූතන වේදිකාවට ගැලපෙන සේ
නිර්මාණය කර ඇති සොකරි නාටකය ජනාධිපති සම්මාන දිනූ නාට්‍යවේදී ජාලිය
රාජපක්ෂයන්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි සංගීතය ශමිල රාජපක්ෂ ගෙන් වන අතර වේදිකා
පරිපාලනය සමන් ගාමිණීගෙනි. සොකරි නාටකයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ජූඞ් ශී‍්‍රමාල්
කටයුතු කරයි.


0 comments:
Post a Comment