----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බල්ලොත් එක්ක බෑ - ජූනි 13 & 20

Thursday, June 10, 2010

අතිශයින්ම විනෝදාත්මක නාට්‍යක් වන
රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනය කොට
අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ස්වතන්ත‍්‍ර නාට්‍ය නිර්මාණයක් වන

‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යයේ
විශේෂ දර්ශන දෙකක්
ජූනි මස 13 වන ඉරිදා
පස්වරු 3.30 ට සහ 6.45 ට
කොළඹ 10එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී ද

ජූනි මස 20 වන ඉරිදා
පස්වරු 3.30 ට සහ 6.30 ට
ගාල්ලහෝල් ඩි ගෝල් රංග ශාලාවේදී
වේදිකා ගත වීමට නියමිතය.

විජය නන්දසිරි,
රොෂාන් පිලපිටිය,
සමන් හේමරත්න (ලීලසේන),
ගිහාන් ප‍්‍රනාන්දු,
කුමාර තිරිමාදුර,
අනුෂා දිසානායක,
ලූවොලින් වැන්ඩවෝල් චරිත නිරූපණය කරන මෙහි
සංගීත නිර්මාණය ශාන්ත පීරිස්ගෙනි,
වේදිකා පසුතල නිර්මාණය ලූවොලින් වැන්ඩවොල්ගෙන්වන අතර
වේදිකා පරිපාලනය අශෝක සොයිසා සමග ශාන්ත උදය කුමාරගෙනි.
ගිහාන්ප‍්‍රනාන්දුගේ ඇඳුම් නිර්මාණයෙන් සහ
සමන් හේමරත්නගේ වෙස් නිර්මාණයෙන් ඔපවත් වූමෙම නාට්‍යයේ
රංගාලෝකය මෙහෙයවීම රංග සමරකෝන්ගෙනි..
ඇස්ල් ජේ. ලංකා ආයතනයවෙනුවෙන් සුගත් ජයසිංහ

‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යය ඉදිරිපත් කරන අතර
එහි ප‍්‍රධාන සංවිධායක ලෙස ජූඞ් ශ‍්‍රීමාල් කටයුතු කරයි.

ඔත්තුව - Jude Shrimal

2 comments:

Anonymous said...

Eththa Thamayi. Balloth ekka Be

දුකා said...

මම මේ නාට්‍ය නුවරදී බැලුවා ගිය පෙබරවාරි වල මතක හැටියට.

ඒත් මට නම් හිතුනේ කියන තරම් විනෝදාත්මක ගතියක් මේ නාට්‍යයේ නෑ කියලයි. ස්වතන්ත්‍රයක් නිසා නිර්මාණකරුවා අගය කල යුතු නිසා පුලුවන් අය ගිහින් බලන්න . . . .

ඒත් මීලඟ නිර්මාණයක් මීට වඩා සාර්ථකව කරන්න කියලා පනිවිඩය ත් දීලා එන්න අමතක නොකර . ..

මිනිස්සු ෆිල්ම් නොබලා නාට්‍ය බලන්න යන්නේ ෆිල්ම් වල තියෙන මෙලෝ රහක් නැති කම නිසා.

ඒ ගතිය නාට්‍ය වලටත් බෝ වුනොත් ප්‍රේක්ෂකයා නාට්‍ය ශාලාවෙන් ඉවත් වුනොත් හොඳ නාට්‍යයක් වත් නිර්මාණය නොවේවී. ඒක මම වගේ නාට්‍ය රසිකයෙක්ට දරා ගන්න නම් අමාරු වේවී.

Post a Comment