සෆීර් සිංහල වේදිකාවට සමකාලීන ජර්මන් නාට්‍යයක් ගෙනෙයි
බ්ලැක් බොක්ස් නාට්‍ය සංකල්පය ලංකාවට හඳුන්වාදුන් නාට්‍යවේදී එම්. සෆීර් ගේ ක්‍රීප්ස් (ඒ මමයි)” නාට්‍ය මේ මස 14 හා 15 දෙදින කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප.ව. 4.00 හා 7.00 ට පැවැත්වේ.
සමකාලීන ජර්මන් නාට්‍ය කලාව නියෝජනය කරන තරුණ නාට්‍යකරුවෙක් වන ලුට්ස් හර්බරේග් ‘ක්‍රීප්ස්’ නාට්‍ය ජර්මන් බසින් සිංහල වේදිකාවට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ භාෂා පරිවර්තකයෙක් වන ජයලත් එස්. ගෝමස් විසිනි.
සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් සඳහා පැවැත්වෙන බ්ලැක් බොක්ස් නාට්‍ය දර්ශනයේ සුන්දර අත්දැකීම විඳගැනීමට ඉන්ටර් ඇක්ට් සංවිධානය කලාකාමීන්ට ඇරයුම් කරයි.
.
0 comments:
Post a Comment