මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව 15 දා

මහ ඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය භාවිතය හා නූතන නාට්‍ය කලාව මැයෙන් සංවිධානය කෙරෙන ශාස්ත්‍රීය සම්භාෂණයක් එතුමන්ගේ 16 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් 15 දා සවස 3.30 ට පදනම් ආයතනයේදී පැවැත්වේ.
මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ආරාධිතයන් හැටියට සහභාගි වන මෙම වැඩසටහනේ මුඛ්‍ය දේශනය නාට්‍යවේදී ජයලත් මනෝරත්න පවත්වයි.
එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් –“සාහිත්‍ය හා නාට්‍ය කලාව“ මැයෙන් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක “නූතන වේදිකාව හා සමාජය” නමින් හා නාට්‍යවේදී ජැක්සන් ඇන්තනි “වේදිකාව හා පුරාණෝක්ති” යනුවෙන් කෙටි දෙසුම් පවත්වති.
මෙහිදී මහාචාර්ය ආරියරත්න ඇතුගල රචිත “වෙස් මුහුණු හා විෂ්පෞරුෂායනය” සහ “මහසමයම හා එපික් නාට්‍යවේදය” පර්යේෂණ ග්‍රන්ථ දෙක එළිදැක්වීම හා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පිදීම ද සිදු කෙරේ.
Divayina
2 comments:
ඔබට නිවන් සුව ලැබේවා!
"නිහොන් සැප ද ලැබේවා"|
Post a Comment