Archives
-
▼
2012
(376)
-
▼
August
(24)
- මාලක දේවප්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”
- ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට න...
- අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ...
- සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall
- නිහොන් සැප ලැබේවා..!
- බල්ලො මාරු වෙලා
- තලේ තනියම අද පිලානේ
- ‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ
- හරි යන්න හරි යන්න හිතට බයලු
- නදීශා කේක් කපද්දී
- ‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....
- ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ.
- ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ.
- නුවර පෙරහැරේ නුදුටු පෙළහර
- මරණය සමඟ ජීවත් වන මිනිසුන්ගේ කතාව ස්වර
- 'ජය ශ්‍රී රේඩියෝව'
- සෆීර් සිංහල වේදිකාවට සමකාලීන ජර්මන් නාට්‍යයක් ගෙනෙයි
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමර...
- නළුකම දත්තෝ - නොදත්තෝ සහ හිතට ගත්තෝ
- “කෝ තාත්තෙ අම්මා?”
- ‘කෝ මාක් නෝ මාක්’
- මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත්
- ඔයා මගේ හිත කියෙව්වා
- ශානිකාගෙන් රස හෝරාවක්
-
▼
August
(24)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...11 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
නුවර පෙරහැරේ නුදුටු පෙළහර
Monday, August 13, 2012
සුදත් මහදිවුල්වැව විස්තර කරයි වෙනදා රූපවාහිනී තිරයෙන් අප දුටු නුවර පෙරහැරට වඩා කිසියම් නැවුම් බවක්, අපූර්වත්වයක් මෙවර පෙරහැරේ දකින්නට ලැබුණු බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. ඒ වෙනස අහේතුකව සිදු වූ දෙයක් නොවේ. ඊට පැහැදිලි හේතුවක් තිබුණි. දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය, මෙවර එම සජීවී විකාශයේ සියලු රූගත කිරීම් බාර දී තිබුණේ රූප මාධ්‍යයේ හසල නිපුණතාවයකින් යුත් නිර්මාණශීලී අයකු හටය. ඔහු සුදත් මහදිවුල්වැවයි.
මුළු රටම එකට එකතුව ඒ නැවුම් අත්දැකීම විඳ ගත්තේ නිකිණි පොහෝ දා පැවැති අවසන් රන්දෝලි පෙරහැරේ සජීවී විකාශයත් සමගිනි. එහි නඩේ ගුරා වූ සුදත් මෙසේ අප හා එක් වන්නේ එකී අභියෝගාත්මක කාර්යභාරයේ අප නුදුටු පැත්ත පහදා දෙන්නටය. නොඑසේ නම් ඒ අත්දැකීම් අප හා බෙදා හදා ගන්නටය.
සාමාන්‍යයෙන් පෙරහරක් බලන්න එන කෙනෙකු දකින පෙරහැර තියෙනවනේ. කොප්පර පන්දම්වලින් ගිනි බෝලවලින් නැගෙන ආලෝකය වගේම බෙර හඬ, නැට්ටුවන්ගේ සිලම්බු හඬ, මේ වගේ දේවල් පෙරහැර ළඟට ගිහින් නරඹන කෙනෙකුට අසන්න දකින්න පුළුවන්. නමුත් පෙරහැර රූප මාධ්‍යයට පරිවර්තනය වෙන කොට ඒ ජීව ගුණය රැඳී නොතිබුණ බව දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය අවබෝධ කරගෙන තිබුණා. ඒ පිළිබඳ ඔවුන් සෑහෙන කාලයක පටන් සවිඥානකවයි සිටියේ. මෙන්න මේ අභියෝගය ජය ගන්නේ කොහොමද කියන කාරණයත් එක්ක තමයි ඔවුන්ගෙන් මට මේ ආරාධනාව ලැබෙන්නේ.
මහනුවර දළදා පෙරහැර රූගත කිරීමේ කාර්යයට දිගු ඉතිහාසයක් තිබෙනවා?
ඔව්, තනි කැමරාවකින්, කැමරා දෙකකින්, පහකින්, හයකින් පෙරහැර රූගත කළ අවස්ථා තිබෙනවා. රජයේ චිත්‍රපට අංශය මගින් කලකට පෙර රූගත කළ කලු, සුදු වාර්තා වැඩසටහන් පවා තිබෙනවා. නමුත් මට මේ කාර්යය පැවරුණේ ඉතා දියුණු නවීනතම කැමරා සහ තාක්ෂණික උපකරණ සමඟ ගනුදෙනු කරන යුගයක. මෙවන් පසුබිමක ඉඳගෙන තමයි මම මේ ඓතිහාසික කාර්යයට දායක වුණේ. ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන්න මම අවස්ථා කිහිපයකදීම නුවරට ගියා. පෙරහැර ගැන පටිගත කර තිබූ සියලුම වැඩ සටහන් එකක් නෑර මම නැරැඹුවා. ඒ වගේම මම පෞද්ගලික සටහන් තබා ගත්තා මේ අයට කොතැනද වැරැදුණේ, ඇයි එහෙම වැරැදුණේ කියලා. ඒ ඔස්සේ තමයි මගේ සැලසුම් ක්‍රියාත්මක කෙරුණේ.
ඒ අධ්‍යයනය පමණක්ම ප්‍රමාණවත් වුණේ නෑ මම හිතන්නේ මේ අභියෝගය ජය ගන්නට?
ඔව් . . . ඒ අධ්‍යයන හැරුණාම දෙවනුව මම කළේ මාළිගාව පිළිබඳ තිබුණු සියලු ලිඛිත සටහන් අධ්‍යනය කිරීම. එතනදී මට ඒතතු ගිය කාරණාව තමයි අපි මේ දකින පෙරහැරට වඩා විශාල සංස්කෘතික මැදිහත්වීමක් මෙහි තිබෙන බව. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දකින්නේ කසකාරයෝ කස පුපුරවන එක විතරයි. නමුත් මේක ඇතුළේ කාරණා දෙකක් සිද්ධ වෙනවා. පළමු කාර්යය තමයි පෙරහැර එන මාර්ගය එළි පෙහෙළි කිරීම. අතීතයේ පාරවල් එතරම් පැහැදිලි නැති යුගවලදී පාරට මිනිසුන් හෝ සත්තු එන එක නවත්තන්න තමයි කසය පාවිච්චි කර තිබුණේ. ඒ වගේම ඈත ඉන්න මිනිසුන්ට පෙරහැර එන බව පවසන්නෙත් මේ කස හඬ. තව ප්‍රභූවරුන් පෙරහැරේ ගමන් කරන විටත් කසය පාවිච්චි කළා. මෙහි සංස්කෘතික කාරණාව තමයි වැස්ස නොමැති කාලවල වැස්ස වලාහක දෙවියන්ගේ පිහිට ලබාගැනීම සඳහා කොහොමද පෙරහැර යොදා ගත්තේ කියන එක. කස කියන්නේ හෙණ, ගිනිබෝල කියන්නේ අකුණු. අලි කියන්නේ ලොකු වැහිවලාකුළු. මෙහෙම සංකේත අරුත් ගණනාවක් මේකේ පිටිපස්සේ තිබිලා තියෙනවා. අප වැනි කෘෂි කාර්මික රටක ජීවත්වන ජනතාව ස්වභාව ධර්මයත් සමඟ කළ ගනුදෙනුවේදී මේ පෙරහැර සංස්කෘතිය හරහා පුද, සත්කාර පවත්වා කන්නලව් කර තිබෙන්නේ ඒ අයුරින්.
ඔබ නිරීක්ෂණය කළ ඒ සංස්කෘතික කාරණා මේ තාක්ෂණික විප්ලවය මැද්දේ වුවත් ප්‍රේක්ෂකයාට දනවන්නයි ඔබ උත්සුක වුණේ?
අපට මොන යම් හේතුවක් නිසාවත් පෙරහැරේ ගමන් මාර්ගය හා එහි අංගෝපාංග වෙනස් කරන්නට බැහැ. පෙරහැර යන විදිහට යද්දී ඒ යන පෙරහැර කොහොමද අපි, අපිට අවශ්‍ය විදිහට රූපයට නගන්නේ කියන අභියෝගය අපට තිබුණා. ඒ කියන්නේ ඔබ කියපු අර සංස්කෘතික කාරණාත් එක්ක. බෞද්ධ කොඩිය කොයි වෙලාවට ද එන්නේ, ආයුධ කොයි වෙලාවට ද එන්නේ වගේ කාරණා. පෙරහැරේ එක්, එක් අදියර තියෙනවානේ. මුලින්ම කසකාරයා ඇවිත්, ඊට පස්සේ ගිනි බෝල කාරයා ඇවිත්, ඊට පස්සේ බෞද්ධ කොඩිය, දිශා කොඩිය ඇවිත් ඊළඟට බුලත් පදය කියා තියෙනවා. එයින් කෙරෙන්නේ ආරාධනාවක්. මේ පෙරහැරට අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් පොල් මල් අරගෙන යන්නේ සශ්‍රීකත්වය සංකේතවත් කරන්න. මෙතෙක් අපි දැනගෙන හිටියේ පොල් මල් කාරයෙක් ගියා කියන එක විතරයි. දැන් මෙහෙම එකින් එක කාරණා ගත්තොත් මෙතෙක් කල් අපි අහලා නැති, අපි තේරුම් ගත්තේ නැති සංස්කෘතික කාරණා ගණනාවක් තියෙනවා. පෙරහැරේ අලංකාරය වගේම ඒ සංස්කෘතික ලක්ෂණත් ඉස්මතු කරන්න මම උත්සාහ කළා.
මෙතෙක් කල් අප රූපවාහිනියෙන් දුටුවේ නොයෙක් වර්ණයන්ගෙන් ආලෝකමත් වූ පෙරහැරක්. නමුත් මෙවර පෙරහැරේ කිසියම් අඳුරු බවක්, කළුවරක් අප දැක්කා?
අපට ඕනෑ වුණේම ඒ ස්වභාවික පන්දම් එළියෙන් පේන පෙරහැර රූපයට හසු කර ගන්න. ඒ කියන්නේ පසුබිම අඳුරු වෙලා තියෙද්දී, කොප්පරා පන්දම් එළියෙන් විතරක් ආලෝකමත් වූ, නැට්ටුවන්ගේ දිළිසෙන දේවල් විතරක් දිලිසෙන ආකාරයේ පෙරහැරක් තමයි අපට ඕනෑ වුණේ. මම හිතන්නේ අපේ සත්කාරය තුළ අපි දැනගෙනමයි ඒ මැදිහත්විල්ල වුණේ. ඒ නිසා මෙවර පෙරහැර කළුවරයි, සමීප රූප වැඩියි කියලා කවුරු හරි කිව්වොත් මම ඒක ගන්නේ ධනාත්මක ප්‍රකාශයක් විදිහට. අපි උඩදි ලයිට් අප් කළේ හුළු අතුවලට සමාන එළියක්, ආලෝකයක් අපේ පාලනය යටතට ගේන්න. එතකොට මේ පෙරහැරේ වෙනදා වගේ එහෙන් මෙහෙන් ගහපු ලයිට් ගණනාවක් තිබුණේ නැහැ. පෙරහැර බලන්න ආපු කෙනෙකු පවා නොදැකපු ආකාරයේ පෙරහැරක් කොහොමද රූපයට නගන්නේ කියන දේ සම්බන්ධව අපි ගොඩක් සැළකිලිමත් වුණා.
විවිධ කැමරා කෝණවලින් මෙවර නුවර පෙරහැර පේ‍්‍රක්ෂකයාට දැකගන්නට ලැබුණා. ඇත්තටම එය අලුත් අත්දැකීමක්. මේ සඳහා ඔබ ඇතුළු කණ්ඩායම විශාල පරිශ්‍රමයක් දරන්නට ඇති. ඒ පිළිබඳ කතා කළොත්?
මීට කලින් නුවර පෙරහැර පිළිබඳ කළ සියලුම ආවරණයන්වල තිබුණේ ප්‍රවෘත්තිමය ආවරණයක හැඩහුරුකම. ඒකට හේතු ගණනාවක් තිබෙන්නට ඇති. මම මේක ඇතුලේ බිඳලා දැම්මේම ඒ සම්ප්‍රදායය. එක තැන ඉඳන් පෙරහැර බලන කෙනෙකුට පෙරහැරවල් තුනක් පෙනෙනවා. ඒ විද්‍යාත්මක කාරණාව මෙහෙමයි. අප ඉදිරියට එන පෙරහැර හා අප ඉදිරියෙන් ගමන් කරන පෙරහැර අපට පිටුපා යන පෙරහැර. මෙන්න මේ සිද්ධාන්තයට අනුව රූගත කිරීම් සිදු කරන්නයි මම උනන්දු වුණේ. පෙරහැර නරඹන කෙනෙකු එතනදි දකින දෙයින් 85% ක්වත් රූපවාහිනියෙන් එය නරඹන ප්‍රේක්ෂකයාට ලබා දෙන්න මම උත්සාහ කළා. මෙහි සම්පූර්ණ ගෞරවය අයිති වෙන්නේ රුවන් කොස්තාට. මූලික සැලසුම්වලදී ඔහු තමයි ආලෝකකරණය සහ කැමරා කෝණවල ප්‍රමුඛ මැදිහත්කරුවා විදිහට කටයුතු කළේ.
මේ රූගත කිරීම් සඳහා කැමරා කීයක් භාවිත කළාද?
කැමරා හතක් යොදා ගත්තා. තව අතිරේක කැමරාවකුත් තිබුණා. මේක මගේ තනි වැඩක් නෙවෙයි. පුද්ගල සම්බන්ධකම් ගොඩක එකතුවක්. තිස් දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මේ කාර්යයේදී මා සමඟ අත්වැල් බැඳ ගත්තා. අපි අවසන් රන්දෝලි පෙරහැරට කලින් පැවැති පෙරහැරවල් දෙකක් රූගත කරලා රාත්‍රී 10.00 න් පස්සේ සියලුම ශිල්පීන් එකතු වී තමන්ට වැරැදුන තැන් කොතැනද කියලා විවෘතව සාකච්ඡා කළා. ඒ අත්දැකීම් සහ වැරැදි නිවැරැදි කර ගැනීම් හරහායි අපි අවසන් රන්දෝලි පෙරහැර මේ තරම් සාර්ථකව රූගත කළේ. මගේ ළඟ තිබුණේ රූප ශික්ෂණයක් සහ වෙනස් විදිහක ජීවිත අත්දැකීමක්. බහු කැමරා මෙහෙයවීමේ මේ අභියෝගයට මුහුණ දුන්නේ ප්‍රථම වතාවට. මේ අභියෝගය භාර ගනිද්දීම මට විශාල චෝදනා නැගුණා. මට මේ සඳහා තිබෙන සුදුසුකම් මොනවාද කියා ඇතැමුන් ප්‍රශ්න කළා. පළමුවැනි වතාවට තමයි මම දැනගත්තේ පෙරහැර රූගත කිරිමට සින්නක්කර අයිතිකාරයෝ හිටියා කියලා.
ජීවිතයේ ප්‍රථම වතාවට මෙබඳු අභියෝගයක් ජය ගන්න ඉවහල් වූ කාරණා ඔබේ පාර්ශවයෙන් විග්‍රහ කරන්නේ කොහොමද?
මගේ ළඟ දැක්මක් තිබුණා. පැහැදිලි අවබෝධයක් තිබුණා. රූපයත් එක්ක වැඩ කරලා ලබා ගත්ත ජීවිත අත්දැකීම් තිබුණා. මට අවශ්‍ය වුණේ මම දන්න දේ මේක ඇතුළේ පාවිච්චි කරන්න මිසක මාළිගාවේ පෙරහැර කළා කියලා අලුතින් ආලෝකයක් ලබා ගන්න නෙවෙයි. මෙවැනි ඓතිහාසික, සංස්කෘතික අංගයන් රූපයට හසුකර ගැනීමේ ව්‍යාකරණයක් ලංකාවේ ඇතුලේ හැදෙයි මින් පස්සේ. ඒක තමයි මගේ සතුට. ඒ සංස්කෘතික විප්ලවයේ පළමුවැනි හැරවුම් ලක්ෂ්‍යය අප සනිටුහන් කළා. ලබන අවුරුද්දේ පෙරහැර කවුරු කරයි ද කියා මම දන්නේ නැහැ. ඒත් අපි ආරම්භ කළ දේ ඔස්සේ ඉදිරියේදී මේ පෙරහැර සංස්කෘතිය වඩාත් වර්ණවත් වේවි. ඔපවත් වේවි.
මම හිතන්නේ අපි මෙතෙක් දැකපු, අපි නරඹපු සාම්ප්‍රදායික පෙරහැර සංස්කෘතියෙන් ඔබ්බට ගිහින් ඔබ පෙරහැර කියවීමේ කලාවක් ලාංකේය ප්‍රේක්ෂකයා තුළ ආරෝපණය කළා?
අසංක . . . හරිම වචනය ඒක තමා. පෙරහැර බලපු අයට මම පෙරහැර කියවන්න, එය විඳින්න අලුත් මානයක් විවර කළා කියලා මටත් හිතෙනවා. විශේෂයෙන්ම රූපය වගේම ශබ්දයෙන් පවා අප ඒ වෙනස ඇති කළා. හැමදාම නිවේදකයෙක් මේ පෙරහැර පැහැදිලි කර දීලා තියෙනවා. මේක රූප ව්‍යාකරණ තුළට ආවාම විශාල වැරැද්දක්. දකින දෙයක් ඇතුළේ ආයේ පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපි පැහැදිලි කරන්න ඕනෑ දකින දේ පිටුපස තිබෙන කාරණාව. අලියාගේ ගෙජ්ජි හඬ නැතිනම් සංගීත භාණ්ඩයක, බෙරයක සියුම් නාදය නිවේදකයාගේ හඬින් යටපත් වුණු ආකාරයක් තමයි මෙතෙක් කල් අප දැක තිබුණේ. මෙවර අප හඬ පටය පිළිබඳ විශේෂ අවධානය යොමුකර විශේෂ මයික්‍රෆෝන තැන තැන ස්ථානගත කළා. අපි වැඩි අවස්ථාව දීලා තිබුණේ මේ පෙරහැර ගැන පණ්ඩිතකම් කියන්න නෙවෙයි, ශබ්දය විඳීන්න දෙන්න.
එය අතිශයින්ම සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?
දන්ත ධාතුන් වහන්සේ වැඩම කරන කරඬුවට පිටුපසින් යනවා කවිකාර මඩුවක්. දැන් ඒ කවිකාර මඩුව විශාල කවි සංඛ්‍යාවක් දළදා වහන්සේ ගැන ගායනා කරමින් තමයි යන්නේ. මේ කවිකාර මඩුව කවම, කවමදාකවත් රූපයට හසු වී තිබුණේ නැහැ.
ඒ හසු වී නැත්තේ කැමරා කිහිපයකින් කරඬුව සහිත ඇතා ආවරණය කළාට පස්සේ ඒ කොටස මග හැරුණු නිසා. අපි මෙවර ඉතා අමාරුවෙන් ඒ දසුන කැමරාවට හසු කර ගත්තා.
කියන්න සතුටුයි රූප රාමු තුනක් අපි කවිකාර මඩුවේ ගෙන ආවා සහ කවිකාර මඩුවේ කවි ගායනා පළමුවරට පේ‍්‍රක්ෂකයාට අහන්න සැළැස්සුවා.
මොකද ඔවුන් ඒ කවි ගායනා කරන්නේ උස් හඬකින් නෙවෙයි. ඒ වටේට ඇහෙන්න විතරයි. අපේ ප්‍රේක්ෂක ජනතාව පළමුවරට මේ පෙරහැරේදී ඒ කවි ගායනා සජීවීව සවන් දුන්නා. එය අපේ ජයග්‍රහණයක්.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment