Archives
-
▼
2012
(376)
-
▼
August
(24)
- මාලක දේවප්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”
- ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට න...
- අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ...
- සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall
- නිහොන් සැප ලැබේවා..!
- බල්ලො මාරු වෙලා
- තලේ තනියම අද පිලානේ
- ‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ
- හරි යන්න හරි යන්න හිතට බයලු
- නදීශා කේක් කපද්දී
- ‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....
- ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ.
- ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ.
- නුවර පෙරහැරේ නුදුටු පෙළහර
- මරණය සමඟ ජීවත් වන මිනිසුන්ගේ කතාව ස්වර
- 'ජය ශ්‍රී රේඩියෝව'
- සෆීර් සිංහල වේදිකාවට සමකාලීන ජර්මන් නාට්‍යයක් ගෙනෙයි
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමර...
- නළුකම දත්තෝ - නොදත්තෝ සහ හිතට ගත්තෝ
- “කෝ තාත්තෙ අම්මා?”
- ‘කෝ මාක් නෝ මාක්’
- මගෙ හිත සොයන මම ලබන්න කැමැති ආදරය මට හමුවුණොත්
- ඔයා මගේ හිත කියෙව්වා
- ශානිකාගෙන් රස හෝරාවක්
-
▼
August
(24)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...11 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මරණය සමඟ ජීවත් වන මිනිසුන්ගේ කතාව ස්වර
Monday, August 13, 2012
ඔවුන් එකම අරමුණක් පෙරදැරි කොට ගනිමින් දිගු ගමනකය. ජීවත්වීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවය. ගෙවෙනා හැම තත්ත්පරයකම ඔවුන් තමන්ගේ ඊළඟ තත්ත්පර කිහිපය ගැන සිහින දුටුවෝය.
සැබෑය . . .
සැබෑවටම ඔවුන් ජීවත්වීමට පොර බැදුවෝය.
එච්. අයි. වී වෛරසය ශරීරයේ සෑම තැනකම දැවටී ඇති බව දැනගත් මොහොතේ සිටම මේ තැන තැන ජීවත් වූ පිරිස දිවි ගෙවූවේ අනපේක්ෂිත මරණය අපේක්ෂාවෙනි. නමුදු ඔවුන් මේ සොඳුරු ලොව අතැර යන්නට නොහැකිව දිරියෙන් නැගී සිටියෝය. ඔවුන්ගේ අපූරු කතාවයි ‘ස්වර’.
එච්. අයි. වී වෛරසය ශරීරගතව මියෙමින් සතුටින් දුක දරාගන්නා ඔවුන්ගේ ජීවිත අන්දරය දුක්බරිතය.
නර්මදා තමාගේ ජීවිතය බවට පත්කර ගත්තේ සංගීතයයි. සංගීතයේ මියුරු ස්වර අතර ඈ ළෙණ්ගතුව කාලය ගෙවුවාය. වරෙක මිමිණෙන ගීතයක, තවත් විටෙක වැයෙන තනුවක ඉමිහිරියාව අතරේ ඈ ජීවිතය ගෙවමින් උන්නේ නිස්කලංකවය. එක් වරම ඒ මියුරු හදවත කැඩී බිඳී ගියේය. තමා එච්. අයි. වී ආබාධිතයකු බව දැනගත් මොහොතේ මෙලොවම ගුගුරා හැලෙන බවක් ඇයට දැනුණාය.
ඇය නිවෙසට පැමිණියේ ලැජ්ජාව, කනස්සල්ල, මෙන්ම කෝපය ද පිට කරමිනි. නිවෙසේ බිත්ති හතර ගිණිගෙන දැවෙන බවක් ඇයට දැනුණි. අවලමේ ගිය ගැහැනියක සේ සමාජයේ හංවඩු ගැසෙද්දී නර්මදා සියල්ල දරා ගනිමින් ජීවිතය වින්දාය. ‘මෙවන් විපතක් කිසිම කෙනෙකුට අත් නොවේවා’ නර්මදා පිවිතුරු හැඟුමෙන් දෙවියන් යැද්දාය. තමා නිවැරැදි බව ඈ දැන උන්නාය. නර්මදාට මේ දුක දුන්නේ කවුරුන්ද? ඈ සියල්ල ඉවසා වදාරමින් යැද්දාය.
නර්මදා තවත් කිසි අයකුට මේ දුක උරුම නොවේවා යයි දෙවියන්ට කන්නලව් කළ ද ඈ මෙන් දුක්විඳින තවත් බොහෝ දෙනකු විසිරී සිටින බව ඈ නොදත්තාය.
විහාරා ද නර්මදා මෙන්ම ජීවිතය හඹා ගියාය. පියවරෙන් පියවර සුපිරි නිරූපිකාවක වූ විහාරා ජීවිතයේ අවුල් වියවුල් යායක පැටලී උන්නාය. දිනෙන් දින නොවිසඳුණු ප්‍රශ්න හමුවේ ඈ තමා විසින්ම උත්තරයක් තනා ගත්තාය. මේ සියල්ලටම විසඳුම මත් ද්‍රව්‍ය බව ඈ ස්ථිරවම තීරණය කළාය. මතින් ගත අප්‍රාණික වූ කල්හි මුලු ලොවම මිහිරි යයි ඇයට දැනුණි. නමුත් එක් මොහොතක ඇගේ ජීවිතයම කඩා වැටුණේ මත් ද්‍රව්‍ය එන්නත් කටුව මත් ද්‍රව්‍ය සමඟ ඇගේ ගතට එච්. අයි. වී වෛරසය ද එන්නත් කළ බව දැන ගැනීමත් සමඟය.
මේ අතරතුරදී ඇය සිඟිති දියණියකට අම්මා වූවාය. උත්තරීතර මව් පදවියත්, පාපතර එච්. අයි. වී වෛරසයත් අතර ජීවිතය සමඟ පොර බැදුවාය. දෑස අහිමිව ලොව දිනන්නට වෙර දරන සිඟිති දියණී අංජලීට මෙලොව සොඳුරු දේ පෙන්වීම වෙනුවෙන් ජීවත් විය යුතු යයි විහාරා සිතුවාය. කිසිදු දෙයක් නොදත් කිරිකැටි දියණිය අංජලී සමාජය විසින් පිළිකුල් කොට කොන් කර දැමුවේ ඇයට ඉගෙනීමට පාසලක් පවා අහිමි කරමිනි.
අංජලීගේ ජීවිතය වෙනුවෙන් නර්මදා ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ජීවිතවලට තම තමන්ගේ සිතේ ජවය ආරෝපණය කරගත් ඔවුන් එච්. අයි. වී වෛරසය පැරදවීමට වඩා සමාජ මත බිඳීමට පොර බැදුවෝය.
පද්මා ද මේ කණ්ඩායමට එල්ලවන පොදු ප්‍රශ්න රාමුවේ තනි වූවාය. ඈ කලකට ඉහත විදෙස් රැකියාවක් පතා ගියේ දරුවන්ගේ අරමුණු දිනවන්නටය. නමුදු ඈ නැවත ගෙපැලට ගොඩ වූයේ එච්. අයි. වී ආසාධිතයකු ලෙසිනි. සියලු දෙයින් ශක්තිමත් වූ පද්මා ජීවිතයෙන් පලා යාම වෙනුවට තවත් පිරිසකට දිරියෙන් ජීවිතය දිනවන්නට කැපවීමට ඉටා ගත්තාය.
තැන තැන ජීවත්වන එකම ප්‍රශ්නයෙන් දැවෙන පිරිස අතර ජෝ ද තමාගේ පැතුම් ගොන්න ගුලි කොට විසි කළේ තමා එච්. අයි. වී ආසාධිතයකු බව දැනගත් මොහොතේය. කුඩා කල සිටම පිරිමියකු ද ගැහැනියකු ද වග නොදත් ජෝ අවසන තමා ගැහැනියක බව වටහා ගත්තාය. බෙලහීනතාවය ඔච්චමට ලක්වෙමින් සොච්චමට විකිණෙන බව ඔහු දැන උන්නේය. තමා මිය යා යුතු යයි ඈ සිතුවාය. නමුදු ලොවෙහි තමා ගේ ජීවිතය තීරණය විය යුතු ආකාරයක් ඇතැයි ජෝ කල්පනා කළාය.
තැන තැන විසිරී ජීවත්වන මේ පැන සිත තුළ දරාගත් පුද්ගල අහුර ජීවිතයේ විවිධ දෝමනස්සයන් හමුවේ තම තමන්ගේ දුක ගලපා ගන්නා ආකාරය ‘ස්වර’ තුළ කතාබහ කෙරෙයි. වාර්තාමය චිත්‍රපටයක් නොවන ‘ස්වර’ විවිධ සමාජ පන්තිවල ජීවත්වන එච්. අයි. වී ආසාධිතයන් කේන්ද්‍ර කොට ගනිමින් ගෙතී ඇති අපූරු කතා පුවතකි.
* නිෂ්පාදනය – නීටා ප්‍රනාන්දු
සම නිෂ්පාදනය – මනෝහන් නානායක්කාර
* සම තිර රචනය – නිෂ්පාදන විධායක – යොලන්ඩා වීරසිංහ
* අධ්‍යක්ෂණය සහ සම තිර රචනය - සංජය නිර්මාල්
* කැමරාව - ප්‍රභාත් රෝෂන්
* සංස්කරණය – ලාල් දිසානායක / නන්ද ජයකොඩි
* නර්තන වින්‍යාසය – චන්න විජේවර්ධන
* සංගීතය – රංග දසනායක
* කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
* ගායනා - දයාසිරි ජයසේකර, ප්‍රදීපා ධර්මදාස, නිරෝෂා විරාජිනී, රංජන් සාලිය, සොෆ්රානෝ
* සහය අධ්‍යක්ෂණය – නිශාන්ත රණසිංහ
* නිෂ්පාදන විධායක – නිලන්ත හපන්වීර
* විශේෂ ප්‍රයෝග - චානක රුක්මාල්
ගීත රචනා - නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක
රංගන පිරිවර -
නීටා ප්‍රනාන්දු, සචිනි අයේන්ද්‍රා මහීපාල, අනූෂා රාජපක්ෂ, ධනු, දමිතා අබේරත්න, දිනුලි මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමින්ද පෝරගේ, ජානකී විජේරත්න, ශ්‍රියාණි කොඩිතුවක්කු, නන්ද මහවත්ත, සංජීවනී වීරසිංහ, නිලන්ති විජේසිංහ, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, වීණා ජයකොඩි, වෛද්‍ය ආනන්ද ගුණසේකර, අසේල ජයකොඩි, සංජීව දිසානායක, කුමා අත්තනායක
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:53 PM
Labels: Gossip, චිත්‍රපටිය, පුවත්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment