සිද්ධාර්ථ කුමරුවූ ගගන් මලික්
නවදිල්ලියේදී උපත ලද ගගන් මලික් පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. ඔහු ව්‍යාපාරික පවුලකට අයත් තැනැත්තෙකි. ගගන් ඒ සියල්ල ගැන අපට විස්තර කළේ මෙලෙසිනි.
‘‘ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් අප සතුයි. මගේ දෙමාපියන් ඉතාම ආගමානුකූලව ජීවත් වන අයයි. ඒ නිසාම තමයි මට මෙම චිත‍්‍රපටයේ රඟපෑමට අවකාශය ලැබුණේ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලම කෙනා මමයි. තව එක් සහෝදරියක් සිටිනවා. ඒ අය මට හරිම ආදරෙයි. මාත් ඒ අයට හරිම ආදරෙයි. මම ඉගෙන ගත්තෙ නවදිල්ලියේදීයි.
මෙලෙසින් අදහස් දැක්වූ ගගන්, මේ සිද්ධාර්ථ චරිතය ලැබීම පෙර වාසනාවක් යැයි සඳහන් කළේය. මෙවැනි උත්තම පූජනීය චරිතයක් රඟපෑම වෙනුවෙන් බුද්ධාගමේ සහ බුදුන්වහන්සේගේ දහමේ ආශිර්වාදය ලබාගත් බවද ප‍්‍රකාශ කළ හේ ශ්‍රී ලංකාවට මහත්සේ ගෞරව කරන්නෙකි. සාදxඋත්සව කිසිවකට දායක නොවන ගගන්, පොත් කියවීම සහ චිත‍්‍රපට නැරඹීම විනෝදාංශ කරගෙන සිටී. විවාහකයකුවන ගගන් බිරිඳ පූජාට වඩාත් ගරුකරන බව කියයි.
යශෝදරා වූ අන්චල් සිං
නව යෞවනියක වන අන්චල් පන්ජාබයේදී උපත ලද තැනැත්තියකි. නවදිල්ලියේ වැඩි කොටසක් වාසය කළ ඇයගේ පවුලේ අය දැන් වෙසෙන්නේ මුම්බායි නගරයේය. යශෝධරා චරිතය ගැන ඇය ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
‘‘යශෝදරා යනු මතුපිටින් ඇති ලස්සනට වඩා ඇතුළාන්තයෙන් ලස්සන චරිතයක්. ඒ වගේම ආදරය කියන්නෙ කුමක්ද යන්න පහදා දුන් ගැහැණියක්. ආදරය යනු පරිත්‍යාගයක් නම්, ඒ පරිත්‍යාගය කළ ඉහළම කෙනා ඇයයි. සහතිකෙන්ම අපේ පවුලේ අය හරිම ආගමානුකූලව ජීවත් වන අයයි. මේ චරිතය ලැබීමෙන් පසු මම තවත් ආගමානුකූල වුණා. මිනිසත්බව ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිසත් බවට වටිනාකමක් දීම ඉතා වටිනා දෙයක්. මේ වගේ චරිතයක් රඟපෑමට ලැබීම ඒ ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්.
මහාමායා දේවියගේ චරිතය රඟපාන අංශු මලික්ද ආගමානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තියකි. වයස අවුරුදු 26ක් වන අංශුද ශ්‍රී ලංකාවට මහත්සේ ආදරය කරන තැනැත්තියකි. සනත් ජයසූරිය මෙන්ම බොහෝ කි‍්‍රකට් තරුවලට ඇය වඩාත් ප‍්‍රිය කරන්නීය. මහමායා දේවිය වැනි චරිතයක් ලැබීම ජීවිතයේ කෙනෙකු ලබන ඉහළම භාග්‍යය බව ඇය පැවසුවාය.
වයස අවුරුදු 25ක් වන ගෞතම් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දී පමණය. දේවදත්ත චරිතයට බොහෝ දෙනා වෛර කරන අතර එය සාධාරණ වෛරයක් බව ඔහුගේ අදහසය. තමා මේ චරිතය ඉතා කැපවීමෙන් කළ බව සඳහන් කරන ගෞතම්ද මේ චරිතය ලැබීම පුරුවෙ පිනක් ලෙස සළකයි.
මෙම චිත‍්‍රපටයට මේ අය දායක කරවා ගෙන ඇත්තේ උතුරු ඉන්දියාවට ගොස් ශිල්පීන් 200ක් පමණ අතුරිනි. එලෙසින් චරිත සඳහා නළු නිළි පිරිස තෝරා ගත්තද ඊළඟට ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස මුහුණදී ඇත්තේ එකලට ගැලපෙන ඇඳුම් ආයිත්තම් ආදිය නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා අපමණ වෙහෙසක් දැරීමට සිදු වූ බව නවීන් ගුණරත්න සඳහන් කළා. කපිලවස්තු මාළිගය නිර්මාණය කිරීමේ කටයුත්ත පවා එලෙස නිර්මාණය කිරීම සඳහා ඉතිහාසයේ බොහෝ දේ සොයා යාමට. පර්යේෂණ කිරීමට සිදුවීම පවා කළ බව ඔහු සඳහන් කළා. ආසියා ආලෝක පදනම යටතේ මෙම ප‍්‍රධාන දර්ශන තලය තනා ඇත්තේ හෝකන්දර පිහිටි ප‍්‍රදේශයකය.
0 comments:
Post a Comment