සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ
- සරත් කුලාංග
සරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස් හත්වැනි වසර... ඔහු මේ දක්‌වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක් ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක් පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයෙන්ද, සංගීත නිර්මාණයෙන්ද පසුගිය වසර තිස්‌හත පුරා කළ මෙහෙවර අගයමින් කුලාංග වෙනුවෙන් "මුතුවැලක් සේ" ප්‍රසංගය ඉදිරිපත් කෙරේ.
තිස්‌හත් වසරක කලා දිවිය සපුරන සරත් කුලාංග අද රඟහල දොරකඩට පැමිණ සිටී. මුතුවැලක් සේ "ප්‍රසංගය ගැන......?"
මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස් හතයි. 1976 තමයි පළමුව මම රංගනයට ආවේ. ඉතින් ඒ තිස්‌හත් වසර සමරන උත්සවයක් තමයි "මුතුවැලක් සේ". මගේ කලා ජීවිතයේ සංගීතාවලෝකනය ලෙසයි මෙය හඳුන්වන්නේ.
ර කොහොමද අවුරුදු තිස්‌හතකට කලින් ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ?
පාසල් වේදිකාවෙන්. මගේ පාසල හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය. උසස් පෙළ කරද්දී නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වුණා. මගේ පාසලේම සමකාලීනයන් තමයි විනී වෙත්තසිංහ, රවීන්ද්‍ර යසස්. ඊට අමතරව හොරණ ශ්‍රීපාලියේ අපේම වයසේ ඉගෙන ගත්තා සද්ධා උත්පලකන්දගේ. විද්‍යාරත්නයේ ඉගෙන ගත්තා ජනක් ප්‍රේමලාල්, අපි පාසල් තුනක ඉගෙන ගත්තත් නිතරම හවස්‌වරුවේ එකතුවෙනවා. නාට්‍ය ගැන කතා කරනවා. නාට්‍ය කරන්න පුරුදු වුණා.
ර නාට්‍යයක් කළේ......
කොක් සන්නිය නමින් ප්‍රේම්කුමාර කරුණාරත්න නාට්‍යයක් කළා. එවිට මම පාසල් යනවා. ඒ හැත්තෑහයේදී මට එහි හොඳම සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඉන්aපස්‌සේත් ඔහුගේම "දිග අඬු කාරයෙක්" නාට්‍යයට සංගීතය සඳහා සම්මාන ලැබුණා. උසස් පෙළ ඉවර වුණාට පස්‌සේ අපි නාට්‍යයක් කරන්න තීරණය කළා. ජනක් ප්‍රේමලාල්ගේ පියා සිරිසේන ප්‍රේමලාල් මහත්තයා "අබුද්දස්‌ස කෝළම" නමින් නාට්‍යයක් ලියා තිබුණා. අපි අසූ හතරේදී ඒ නාට්‍යය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට ආවා.
ර ඔබ රංගනයට පෙර දස්‌කම් දැක්‌වූයේ සංගීතයට ?
ඔව්. අපේ අයියට තිබුණා බටහිර සංගීත කණ්‌ඩායමක්. අනිල් භාරති, දයානන්ද පෙරේරා, වර්නන් පෙරේරා වැනි අය සම්බන්ධවී හිටියා. මමත් ඒ කණ්‌ඩායමේ සාමාජිකයෙක් වුණා. අයියත් වාදකයෙක් ලෙස කටයුතු කළා. හොරණ ශ්‍රී පාලියෙන් තමයි මම විධිමත් ලෙස හින්දුස්‌ථාන් හා දේශීය සංගීතය හැදැරුවේ. මට සංගීතාචාර්ය සෝමා ගුණතිලක, රෝහණ බැද්දගේ වැනි අය මග පෙන්වූවා. ඒ කාලේදීම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණ වැඩමුළුවට එක්‌වුණා. ගාමිණි හත්aතොටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් ඇසුරට එක්‌වුණා. ඉන් පස්‌සේ හත්තොටුගම මහතාගේ විවෘත වීදිනාට්‍ය කණ්‌ඩායමට සම්බන්ධ වුණා.
ර ඔබේ මේ දීර්ඝ ගමන ආවර්ජනය කරන මුතුවැලක් සේ ප්‍රසංගය ගැන යළි සඳහන් කළොත්...?
පානදුරේ තිබෙනවා මිත්‍රොaදය නමින් වෘත්තිකයන්ගේ සංගමයක්. විශ්‍රාමික විදුහල්පතිවරුද, උපදිසාපතිවරුද, පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ අය ඇතුළු ප්‍රභූවරුන් විසි දෙනෙක් පමණ මේ මිත්‍රොaදය සංගමය පවත්වාගෙන යනවා. මේ වසරේදී සංගමයට වසර දහයක් පිරෙන නිසා පානදුරෙන් බිහිවූ කලාකරුවකුට උපහාර පිදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරා ගත්තේ මාව. මමත් කැමැති වුණා ප්‍රසංගයක්a පවත්වන්න... ඉන් ලැබෙන ආදායමින් ළමුන්ට ශිෂ්‍යත්ව අරමුදලක් හදන්න මම යෝජනා කළා.
ර මේ ප්‍රසංගයට ඇතුළත් වන්නේ මොනවාද?
නාට්‍ය ගීත.. මම නිර්මාණය කළ නාට්‍යවල ගීත.. ළමා ගීත රඟමින් ගයනවා. දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාඡ්ඡේ, ජසයා සහ ලෙන්චිනා, ආටානාටිය, රාජකපුරු වගේ නාට්‍යවල ගීත. රඟපාන්නේ විජය නන්දසිරි, බන්දුල විඡේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, µර්නි රෝෂනි, සරත් චන්ද්‍රසිරි, ගාමිණි අම්බලන්ගොඩ, තාරක උපේන්ද්‍ර වගේම මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා. මේ ප්‍රසංගය නිදහස් උළෙල දා.. ඒ කියන්නේ 04 වැනිදා හවස 6.30 ට පානදුර පුරහලේදී පැවැත්වෙනවා.
ර ගත වූ අවුරුදු තිස්‌හත තුළ ඔබෙන්a වේදිකාවටත්, වේදිකාවෙන් ඔබටත් ලැබුණු දේ ගැන තෘප්තිමත්ද?
කලාකරුවකු ලෙස අපි එක්‌තරා විදිහකට අපි ගැනත් හිතන්න ඕනෑ. මාගේ ඇඟ තුළ තිබෙන දේ, මට දැනෙන හැඟෙන දේ ප්‍රකාශ කිරීමයි මගෙන් විය යුත්තේ. මගේ හැඟීම් පොදු ජනතාවට කියන්න මාධ්‍යයක් හොයාගත යුතුයි. මගෙන් ජනතාවට අනාගත පරම්පරාවට විය යුතු දේ ගැනයි මම හිතන්නේ. ඊළඟ පරපුරට යමක් ලබාදීමයි මා කළ යුත්තේ. එතැනදී මම සමාජයෙන් පෙරළා යමක් බලාපොරොත්තු වන්නේ නෑ.
අජිත් අලහකෝන්
Divayina
Archives
-
▼
2013
(98)
-
▼
February
(22)
- ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...
- 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
- නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහ
- සමනල සංධවනිය
- ආයුබෝවා - සුබ නිදහසක් - ලඞකා ආrt
- නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ
- දිනක දිවිය
- කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත්
- සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....
- අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්...
- ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම
- සම්ප්රදාය නොහදාරා නූතන වෙන්න බැහැ
- හෙට නැවත එයි
- මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයි
- සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති
- ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
- මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ හොරකම් කළැයි ඉරාජ්ට නඩු
- පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා
- සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ
- ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්ද...
- මම විශාල සමාජ පෙරළියක් කළා
- ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්
-
▼
February
(22)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...11 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...9 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
John Keells Properties partners with Chamari Athapaththu to lead the VIMAN Street Cricket Cup - The VIMAN Street Cricket Cup was officially launched at a press conference held on January 21, 2025, at Cinnamon Grand. This transformative initiative, led...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ
Sunday, February 3, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:17 PM
Labels: ජීවිත විත්ති, ටෙලි නාට්‍ය, වේදිකාව
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment