----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ

Sunday, February 3, 2013


ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ
2013 පෙබරවාරි මස 01 12:07:21 | ලංකාදීප
නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය මේ දිනවල තිරගත කෙරේ. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් වේ. වසර 2600කට පෙර ඉතිහාසය ගෙන හැර පෑම සහ ඒ පරිසරය මෙන්ම ඇඳුම් ආයිත්තම් සියල්ල නිර්මාණය කිරීම ආදී සියල්ල වෙතින් මෙම චිත‍්‍රපටය නිර්මාණය වූයේ කෙසේද? ඒ ගැන පැවසීමට බොහෝ දේ තිබේ. ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය තිරගත කෙරෙන මොහොතක අපි ඒ ගැන විස්තර දැන ගනිමු. ඊට අමතරව මෙහි සිද්ධාර්ථ කුමරු ලෙස රඟපාන ගගන් මලිත්ද, යශෝධරා දේවිය ලෙස රඟපාන අන්චල් සිං, මෙන්ම මහාමායා දේවිය ලෙස රඟපාන අංශුමලිත් සහ දේවදත්ත වූ ගෞතම් ගුලාටි ගැනත් විස්තර දැන ගනිමු.

සිද්ධාර්ථ කුමරුවූ ගගන් මලික්
නවදිල්ලියේදී උපත ලද ගගන් මලික් පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. ඔහු ව්‍යාපාරික පවුලකට අයත් තැනැත්තෙකි. ගගන් ඒ සියල්ල ගැන අපට විස්තර කළේ මෙලෙසිනි.
‘‘ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් අප සතුයි. මගේ දෙමාපියන් ඉතාම ආගමානුකූලව ජීවත් වන අයයි. ඒ නිසාම තමයි මට මෙම චිත‍්‍රපටයේ රඟපෑමට අවකාශය ලැබුණේ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලම කෙනා මමයි. තව එක් සහෝදරියක් සිටිනවා. ඒ අය මට හරිම ආදරෙයි. මාත් ඒ අයට හරිම ආදරෙයි. මම ඉගෙන ගත්තෙ නවදිල්ලියේදීයි.
පසුව රංජි කුසලානය සඳහා පළමු පෙළ ක‍්‍රිකට් කී‍්‍රඩකයකු ලෙසත් කටයුතු කළා. නමුත් ක‍්‍රිකට් සඳහා දේශපාලනික බලය ආදිය තිබිය යුතුයි. ඒ නිසා ඒ අංශයෙන් ඉදිරියට නොගොස්, රඟපැම තෝරා ගත්තා. අද මගේ වෘත්තිය රඟපෑමයි. රාමායනය ඇසුරින් කළ වෘතාන්තයක් මේ දිනවල ශ්‍රී ටී.වී. ඔස්සේ විකාශය වනවා. මම එහි රාම රජු ලෙස රඟපානවා’’
මෙලෙසින් අදහස් දැක්වූ ගගන්, මේ සිද්ධාර්ථ චරිතය ලැබීම පෙර වාසනාවක් යැයි සඳහන් කළේය. මෙවැනි උත්තම පූජනීය චරිතයක් රඟපෑම වෙනුවෙන් බුද්ධාගමේ සහ බුදුන්වහන්සේගේ දහමේ ආශිර්වාදය ලබාගත් බවද ප‍්‍රකාශ කළ හේ ශ්‍රී ලංකාවට මහත්සේ ගෞරව කරන්නෙකි. සාදxඋත්සව කිසිවකට දායක නොවන ගගන්, පොත් කියවීම සහ චිත‍්‍රපට නැරඹීම විනෝදාංශ කරගෙන සිටී. විවාහකයකුවන ගගන් බිරිඳ පූජාට වඩාත් ගරුකරන බව කියයි.

 

යශෝදරා වූ අන්චල් සිං
 නව යෞවනියක වන අන්චල් පන්ජාබයේදී උපත ලද තැනැත්තියකි. නවදිල්ලියේ වැඩි කොටසක් වාසය කළ ඇයගේ පවුලේ අය දැන් වෙසෙන්නේ මුම්බායි නගරයේය. යශෝධරා චරිතය ගැන ඇය ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
‘‘යශෝදරා යනු මතුපිටින් ඇති ලස්සනට වඩා ඇතුළාන්තයෙන් ලස්සන චරිතයක්. ඒ වගේම ආදරය කියන්නෙ කුමක්ද යන්න පහදා දුන් ගැහැණියක්. ආදරය යනු පරිත්‍යාගයක් නම්, ඒ පරිත්‍යාගය කළ ඉහළම කෙනා ඇයයි. සහතිකෙන්ම අපේ පවුලේ අය හරිම ආගමානුකූලව ජීවත් වන අයයි. මේ චරිතය ලැබීමෙන් පසු මම තවත් ආගමානුකූල වුණා. මිනිසත්බව ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිසත් බවට වටිනාකමක් දීම ඉතා වටිනා දෙයක්. මේ වගේ චරිතයක් රඟපෑමට ලැබීම ඒ ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්.

මහාමායා දේවිය වූ අංශූ මලික්
 මහාමායා දේවියගේ චරිතය රඟපාන අංශු මලික්ද ආගමානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තියකි. වයස අවුරුදු 26ක් වන අංශුද ශ්‍රී ලංකාවට මහත්සේ ආදරය කරන තැනැත්තියකි. සනත් ජයසූරිය මෙන්ම බොහෝ කි‍්‍රකට් තරුවලට ඇය වඩාත් ප‍්‍රිය කරන්නීය. මහමායා දේවිය වැනි චරිතයක් ලැබීම ජීවිතයේ කෙනෙකු ලබන ඉහළම භාග්‍යය බව ඇය පැවසුවාය.


දේවදත්ත ලෙස රඟපාන ගෞතම් ගුලාටි
 වයස අවුරුදු 25ක් වන ගෞතම් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දී පමණය. දේවදත්ත චරිතයට බොහෝ දෙනා වෛර කරන අතර එය සාධාරණ වෛරයක් බව ඔහුගේ අදහසය. තමා මේ චරිතය ඉතා කැපවීමෙන් කළ බව සඳහන් කරන ගෞතම්ද මේ චරිතය ලැබීම පුරුවෙ පිනක් ලෙස සළකයි.
මෙම චිත‍්‍රපටයට මේ අය දායක කරවා ගෙන ඇත්තේ උතුරු ඉන්දියාවට ගොස් ශිල්පීන් 200ක් පමණ අතුරිනි. එලෙසින් චරිත සඳහා නළු නිළි පිරිස තෝරා ගත්තද ඊළඟට ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස මුහුණදී ඇත්තේ එකලට ගැලපෙන ඇඳුම් ආයිත්තම් ආදිය නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා අපමණ වෙහෙසක් දැරීමට සිදු වූ බව නවීන් ගුණරත්න සඳහන් කළා. කපිලවස්තු මාළිගය නිර්මාණය කිරීමේ කටයුත්ත පවා එලෙස නිර්මාණය කිරීම සඳහා ඉතිහාසයේ බොහෝ දේ සොයා යාමට. පර්යේෂණ කිරීමට සිදුවීම පවා කළ බව ඔහු සඳහන් කළා. ආසියා ආලෝක පදනම යටතේ මෙම ප‍්‍රධාන දර්ශන තලය තනා ඇත්තේ හෝකන්දර පිහිටි ප‍්‍රදේශයකය.


 අදහස්(5)  බැලූවෝ (1263)

0 comments:

Post a Comment