‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
යෞවනයකු යෞවනියකට කරන ගිලානෝපස්ථානයක් වෙනුවට අම්මා බලා කියා ගන්නා පුතෙකුගේ ආදරය එම සංසිද්ධි මාලාවේ ප්‍රකාශමාන චිත්‍රපටියේ පූර්වභාගයේ පියල්ගේ මෙම කාර්යය සඳහා ඔහු වන සූදානම ප්‍රේක්ෂකයාත් නදීත් සියල්ලෝමත් තේරුම් ගන්නේ ලිංගික සහවාසයකට අත වැනීමක් ලෙස ය. නදී නොසඟවා, නො වළහා පියල්ට එය ප්‍රදානය කරයි. නදී සෙවූ යෞවනයා පියල් වෙතින් ඈට මුණගැසේ. එහෙත් පියල් සෙවූ අම්මා නදී වෙතින් පියල්ට මුණගැසුණේ ද චිත්‍රපටයේ ගැටුම හෘද සංවාදයෙන් ඔබ්බට ගොස් බුද්ධි සංවාදයක් වන්නේ එවිටය. එසේ නම් නදී, අමන්දා වෙතින් පියල් අම්මා සොයාගෙන නො යන්නේද ‘ගම්පෙරළිය’ නවකථාවේ තිස්ස කොළඹ නගරයේ දී ගණිකාවක් සොයාගෙන ගොස් ඈ සමඟ ලිංගික ව සම්බන්ධ නො වී පෙරළා හුදකලා නවාතැනට එයි. ඒ ගණිකාව දුටු විට අම්මා සහ අනුලා නමැති අක්කා සිහිවීම නිසායි. එසේ නම් තිස්ස සොයා ගියේ ගණිකා ඇසුර ම ද?
විනාඩි කීපයක අතිශය වෙහෙසකාරී රූපාවලියක් ලෙස පොදු ප්‍රේක්ෂකයා සිතන පියල්ට නො පෙනෙන පියා සමඟ කරන දීර්ඝ දුරකථන සංවාදය චිත්‍රපටය කියවීමට අතිශය වැදගත් රූපාවලියක් හා ශබ්දාවලියක් යැයි සිතමි. එහි දී පියාගේ රූපකාය නො පෙනේ. එහෙත් පියාගේ අණ, විධානය, ආධිපත්‍ය වැටහේ.
සෙමින් ඇවිද ගියත් වේගයෙන් ගියත් මහපොළවට ස්පර්ශ නො වී අනුන්ගේ යතුරු පැදියක ගියත් මහා පොළොවේ පය නො ගසා වහලක් මත දිග ඇදුණත් තාත්තාගේ සෙවණැල්ලෙන් මිදීමට පියල්ට නො හැකි ය. අප සියල්ල අවබෝධ කර ගන්නේ පියල්ගේ මෙම ප්‍රකාශ සහ රංගනය ඔස්සේ පමණි. ආධිපත්‍යධාරී පීඩක පියෙකු පසුබිමේ ඇතිවාට සැක නැත.
දැන් චිත්‍රපටයේ ඉතිරිය කියවන්නේ කෙසේද? නදීගේ හඬ, ඇය ලබන පීඩා ව, ඇයගේ රූපය යනාදී සියල්ල පියල් නදීට සමීප කරවයි. එම සමීප කිරීම නදීකගෙන් අසංතෘප්ත ස්ත්‍රී ශරීරය පියල්ගෙන් සංතෘප්ත කරගැනීමක් ලෙස වටහා ගත්තොත් චිත්‍රපටය සම්බන්ධ ව කියවීම බිඳ වැටෙතැයි සිතමි. නදීත් පියලුත් නදීකත් හඹා යන්නේ අරමුණු තුනකි. ඉලක්ක තුනකි. ප්‍රමෝද තුනකි. මේ ප්‍රමෝදයේ කෙළවර ඛේදවාචකය යි. චිත්‍රපටයේ අවසානයේ ඇසෙන්නේ ද සුරතාන්තයේ සනීපදායක කෙඳිරිල්ලක් නො ව, මරණයේ අති බිහිසුණු කෙඳිරිල්ල යි. “ඇයි මේ චිත්‍රපටය ‘වැඩිහිටියන්ට පමණ යි’ යනුවෙන් ලේබල් කළේ?” යනුවෙන් උසස් පෙළ දරුවන් අසන ප්‍රශ්නය තුළ ඇත්තේ යථාර්ථය තේරුම් ගැනීම යි.
ලංකාවේ කලා මණ්ඩල තුළ ඉන්නා ‘වැඩිහිටි චූටි බබාලාට’ ‘කර්ම’ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකි. ගැටවර විය ඉක්මවමින් සිටින්නා වූ පරම්පරාවට ‘කර්ම’ නැවත නැවත බැලිය යුතු හොඳ චිත්‍රපටයකි.
‘කර්ම’ චිත්‍රපටයේ පියල් නදීව හඹා යන්නේ ඇයි? දෙදෙනා සම්මුඛ ව සිප වැලඳගෙන ඉනික්බිති ව ක්ෂණික ව වෙන් වී පියල් මහා හයියෙන් විලාප දෙන්නේ ඇයි? ‘ඊඩිපස්’ නාට්‍ය නරඹා ඇත්නම් ‘කර්ම’ චිත්‍රපටයේ පියල්ගේ විලාපයේ අර්ථය තේරුම් ගනු ඇත. කෙතරම් ආකර්ෂණීය වුණත් කෙතරම් ආශක්ත වුවත් මේ ස්ත්‍රිය සමඟ ලිංගික සම්බන්ධතාවකට නො යන මේ පියල් හඬා වැටෙන්නේ ඇයි? ඒ ඔහුගේ මනෝ ලෝකය සොයන අහිමි අම්මා නදී නිසා ය.
ශබ්ද සහ රූප, ‘කර්ම’ චිත්‍රපටයේ අමුණා ඇත්තේ ප්‍රසන්නය. ඒ ප්‍රසන්නගේ වියමනයි. මේ ලිපියෙහි ශබ්ද හා රූප අමුණා ඇත්තේ මා ය. ඒ මගේ කියවීම යි.
මා චිත්‍රපටය නරඹා දෙසතියක් ගත වී ඇත.
මම තවමත් එහි ශබ්ද හා රූප අමුණමින් අර්ථ සොයමින් සිටිමි.
‘කර්ම’ චිත්‍රපටයේ දිග හැරෙන්නේ පහත දැක්වෙන නාමාවලිය සමඟ ය.
තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්...
එක් පසෙක තනිකඩ තරුණයෙක්...
අනෙක් පස වසර ගණනකට පසු හමුවූ පෙම්වතුන් යුවළක්...
පරිච්ඡේද හතර යි. එක් චිත්‍රපටයයි.
ඉව ඇල්ලීම (Gaze)
බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයාගේ ජීවිතය
හුස්ම (Breath)
අනෙක් පස පමා වූ යෞවනයේ මඟ හැරුණු බලාපොරොත්තු
දියවීම (Melt)
මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැනිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීම.
භාව විරේචනය (Catharsis)
අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කළ තිදෙනා එකිනෙකාගේ ජීවිත සියැසින් දැකීම.
මේ ප්‍රහේලිකාසහගත නාමාවලිය ද මම නැවතත් සිහි ගන්වමි. එම නිසා ‘කර්ම’ චිත්‍රපටය තේරුම් ගැනීමට නැවත එම චිත්‍රපටයේ ආරම්භයට යා යුතුය. සාමාන්‍යයෙන් අප දකින චිත්‍රපට එක් වරක් වුවද නරඹා රසවිඳිය හැකි ය. ‘කර්ම’ දෙතුන් වතාවක්වත් නරඹා තේරුම් ගත යුතුය.
මේ චිත්‍රපටයේ මා දකින විශිෂ්ට ම රූපය නදී, අමන්දාගේ ය. ලාංකේය චිත්‍රපට බාහුල්‍යයක දක්නට ලැබුණු ගැමි ප්‍රසන්න සඳ මුහුණ වෙනුවට ඇගේ යුරෝපීය මුහුණුවර නූතන කියවීමට අලුත් සංකේතයකි. ඒ මුහුණු මිචෙල් හර්ෆ්ට්ගේ ය. ඇගේ රංගනය විශිෂ්ට ය. ජගත් මනුවර්ණ නවකයකු නො වේ. ඔහුට හැර කිසිවෙකුට මේ චරිතය රඟපෑ හැකි ද යන තරමට ඔහුගේ රංගධර කාර්යය විශිෂ්ට ය. නදීක ගුරුගේට රඟපාන්නට දෙයක් නැත. චිත්‍රපටයේ නදීකගේ චරිතයට අදාළ වෙස්ගැන්වීම ද කට හඬ ද ඉරියව් ද නදීක සතුව ඇත. රඟපෑවා නම් ස්ථිර වශයෙන් ම නදීක අසාර්ථක ය. නදීක වැනි සංගීතඥයෙකු චිත්‍රපට නළුවෙකු ලෙස ස්ථානගත කිරීම අභියෝගයකි. එය ප්‍රසන්නත් නදීකත් යන දෙදෙනාම ජයගෙන ඇතැයි සිතමි.
’කර්ම’ චිත්‍රපටය බලන්න යනුවෙන් මම ඔබට යෝජනා කරමි. ඒ සමඟ ම මේ චිත්‍රපටය නැරඹීම වෙහෙසකර පීඩාකාරී ක්‍රියාවලියක් බව ද සටහන් කරමි. ප්‍රසන්නගේ මේ අදහස කියන්නට, ප්‍රක්ෂේපණය කරන්නට වෙනත් ක්‍රමවේදයක් නැද්ද? ප්‍රේක්ෂකයා මෙතරම් නො රිද්දා මේ ශල්‍යකර්මය කිරීමට නො තිබුණේ ද? යනුවෙන් කෙනෙක් ප්‍රශ්න කළහොත් මම ඔහුට ද එකඟ වෙමි.
0 comments:
Post a Comment