
ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය හෙට එනම් 29 වැනි දින
සවස 5.30 ට මේ දිනවල ගෝවේ නගරයේ පැවැත් වෙන 43 වැනි ඉන්දියානු අන්තර්ජාතික
සිනමා උළෙලේ තරගකාරී අංශයේ තිරගත වීමට නියමිතය.
මෙම චිත්‍රපටය තිර ගත කරනු
ලබනුයේ ගෝවේ සිනමා උළෙලේ විශාලතම සිනමා හල වූ කලා ඇකඩමි ශාලාවේය. එහි ආසන
සංඛ්‍යාව 950 කි.මේ වන විටත් සිනමා ලෝලීන් අතර කතා බහට ලක්වී ඇති චිත්‍රපටයක් වන
ඔබ නැතිව ඔබ සමග චිත්‍රපටයේ ප්‍රධාන නිළි අංජලී පටිල් විධායක නිෂ්පාදක සුනිල්
ෆොන්‍සේකා සහ අධ්‍යක්ෂක ප්‍රසන්න ගෝවේ සිනමා උළෙලට සහභාගි වීමට පැමිණ
සිටිති.
රටවල් 72 කින් තෝරා ගත් චිත්‍රපට 172 ක් අතරින් සම්මාන සදහා තරග වදින
චිත්‍රපට ගොන්නට ඔබ නැතුව ඔබ සමග අයත්ය. ලොව ඉහලම සිනමා සම්මානයක් වන ඉන්දියානු
අන්තර්ජාතික සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය හෙට 30 වැනි දින පැවැත්වීමට නියමිතය.
සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ගෝවේ සිට
සුනිල් ටී ෆිල්ම්ස් අනුග්‍රහයෙනි
0 comments:
Post a Comment