Archives
-
▼
2012
(376)
-
▼
October
(40)
- අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා
- චිත්‍රපට සංස්ථාවෙන් කෙටි චිත්‍රපට තරගයක්
- උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී
- නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්
- ‘මිරර්’ 17 කලාපය එළිදකී
- අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා
- ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’
- අනුත්තරා සම්බන්ධකම් පවත්වනවා.
- කම්මැලියා පැනලා ගියා
- මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව
- ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ
- ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල
- කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
- "උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය...
- කවු ද මේ සබ්රිනා ඇන්ඩි්රයා?
- සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි.
- උදයන්ති තල්ලුකරපු පාර
- ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.
- පාරේ බැහැලා යන්න බැරි තරම්
- මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ
- චරිත නපුරු වුණාට මම එහෙම නෑ
- මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.
- තනිකඩ වෙද්දෙන්...!
- 'ගන්ග්නම්' රැල්ල
- සුමිත්‍රා හැඩ කළ සළ රූ
- මනීෂා අලුත් වැඩක
- ලාල් පුටු සොයයි
- “දිය මත ලියමි” මුහුරත් උළෙල දා
- වැඩක
- ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"
- ප්‍රතික්ෂේප
- රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ
- "කර්ම" - ප්‍රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක්
- ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,
- එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා
- ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය
- මම දැන් "කළු කුමාරි"
- කවුද මේ කළු කුමාරි...........................???
- “කළු කුමාරි” අපට කියන්නේ වත්මන් සමාජ ඛේදවාචකයයි
- "කළු කුමාරි"
-
▼
October
(40)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...5 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව
Thursday, October 18, 2012
ප්‍රසන්න ජයකොඩිගේ කර්ම ගැන සුදත් දේවප්‍රියගේ අදහස්
සිනමා කෘතියක් පිළිබඳ තවත් සිනමාකරුවකු අදහස් පළ කරන්නේ බොහෝ කලාතුරකින්. මේ එබඳු දුර්ලභ අවස්ථාවක්. ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නිර්මාණය කොට කීර්තියට පත් සුදත් දේවප්‍රිය තරණය, උඩු ගං යාමය චිත්‍රපට නිර්මාණය කොට සිනමාවේ නමක් තැබුවේය. උඩුගං යාමය, සරසවිය, ජනාධිපති සම්මාන රැසක් දිනා ගත්තේය. මේ දිනවල තිරගත වන ප්‍රසන්න ජයකොඩිගේ කර්ම නරඹා උදම් වූ සුදත් ඒ පිළිබඳ ලියා එවූ ලිපියකි මේ.
සිනමාව යනු යථාර්ථයම නොවේ.
එය හඹා යන කාලය අල්ලා හසුකර ගැනීමට දරන්නා වූ අති වෙහෙස කර ව්‍යායාමයකි. එසේම සිනමාව යනු අපට අභිමත ලෙස එකට අමුණා, බලෙන් ඔබවා, සකසනු ලබන රූප පද්ධතියක් ද නොවේ.
එය පොදු කාල රටාවක් විසින් නිසඟයෙන්ම ඉල්ලා සිටින රූප මාලාවකි. මෙකී ගුණ සමුදාය කලා ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් පවතින්නේ ද සිනමාවේ පමණකි. එහෙත් මෙම අනඟි ගුණය හරි හැටි වටහා නොගත් නිසා හුදු කතන්දර කලාවක් බවට පත් වූ සිනමාව, සිනමාවේ මූලික ගුණය වන කාලය හා අවකාශය නියම ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් ද අද වියුක්තව සිටී.
ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියාගේ කර්ම චිත්‍රපටය අපට වැදගත් වන්නේ මෙම පසුබිම තුළ අප සිනමාව සතු විශේෂත්වයන් ගැන විමසිලිමත් වන විටය. ඒ අනුව බලන විට කර්ම යනු සැබැවින්ම හෙළ සිනමාවට දායාද වූ අනඟි තිළිණයකි. කර්ම හුදු කතන්දර කලාව මත යැපෙන අපේ සිනමා සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සිනමාව සතු සත්‍යතාවයන් මනාව හසුකර ගැනීමකි.
කර්ම සරල රේඛීයව පෙනෙන කතන්දරයක් අපට නොකියයි. ත්‍රිකෝණගත චරිත ලෙසින් පියල් හා අමන්දාත්, නදීත් අපට හමුවන අතර මෙම චරිත එකිනෙකට වෙනස් වූ බවක් දක්වයි. එකකු අනිකාගේ ජීවිතයට ඉව අල්ලන්නේ තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙම්බත්ව හිස් වූ ඉම පුරවා ගන්නටය. පියල් එවැන්නෙකි.
අමන්දා නම් වූ යුවතියගේ හෘද ස්පන්දනය මිනිස් ශාරීරික අවශ්‍යතාවයක් වන්නා වූ රතීයට පමණක් සීමා වූවක් නොවේ. ඈ ඇගෙන් පලා යන ජීවිතය යළි තුරුලු කරගන්නට කිසිවකු සොයයි. අනිකාගේ ජීවිතයේ තමාට ද සැඟවිය හැකි හිඩසක් දුටු විට ඇගේ උකුළ නිරාවරණය වේ.
නදී වත්මන් වෙළෙඳ කුලය නියෝජනයෙන් පැන නැගුණු අතුරු ඵලයක් මෙනි. සෘජු දේශපාලන මිනුම් දඬුවලින් තොරව නිර්මාණ ගැන කතා නොකරන යුගයක කර්ම චිත්‍රපටය අපට සුවිශේෂී වේදිකාවක් තනා දෙයි. මෙහි චරිත තුළින් ගලා හැලෙන අධ්‍යාත්මික දේශපාලන රටාවේ සුවය අපි මෙහිදී විඳින්නෙමු.
මෙකී තුන් කොන් චරිත අතුරින් මා දුටු කර්ම හි කතා ප්‍රවෘත්තියේ සංසිද්ධීන් මෙසේ ලඝු කොට දක්වමි. සිය මවගේ වියෝව ගැන ස්වයං වරදකාරී හැඟීමක පසුවන අප තරුණයා, පියල්, සිය ජීවිතයේ රික්තකය පුරවාලනු වස් යාබද නිවසේ ජීවත් වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගත් ඇගේ පෙම්වතා නදී දමා පලා යයි. තමා සමීපව යහන් ගත වූ අමන්දා පිළිකාවකින් පෙළෙන මරණාසන්න වූ රෝගියකු බව දැනගන්නා පියල් එය තමා තම මව සමඟ යහන්ගතවීමක් හා සමාන යැයි සිතා වැලපේ. එකී වරදකාරී හැඟීමෙන් ගැළවෙන්නට මෙන් ඔහු අමන්දාව ඇගේ මරණය තෙක් රැක බලා ගනියි.
එනිනෙකට සරලව ගොතන ලද රූප සමෝධනයක් මෙහි දක්නට නොලැබෙන අතර කර්මවල මා දකින සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි චරිත චෛත්‍යසිකයන් හා හැඟුම්බරව අපට බැඳෙන්නට නොදී සමස්ත කෘතියම දෙස ප්‍රේක්ෂකයකු ලෙස ඉහළින් සිට සිදු වන්නේ කුමක්දැයි ඉව අල්ලන්ට සිනමාකරුවා විසින් අපට ලබා දී ඇති අවකාශයයි.
මෙම අවකාශය තුළ අපට හැගුම්බර වීමට ඉඩ නොදෙන ප්‍රසන්න ජයකොඩි අඳුරත්, රතීයත් අතර ඇති විශ්වීයව මානව සබඳකම පරදවාලමින් දුර සිට පියල්ට හා අමන්දාට පෙම් කරන්නට අපව පොලඹවා ගනී.
එහෙත් ඔවුන් හා එකතුව එකී දුක බෙදා හදාගන්නට තවමත් අපට අවසර නොමැත. සිනමාපටය පුරාම අපි කුහුලින් බලා සිටින්නෙමු. මෙහි එන චරිත කවුරුන්ද? ඔවුන් නියෝජනය නව සමාජ සංස්කෘතික හා දේශපාලන පසුබිම කවරේද? යන්න අප විසින්ම සොයා ගැනීමට ඉඩ තබා ප්‍රසන්න බලා සිටියි. අපි අපගේ බුද්ධිය සමඟ සටන් කරමින් මෙකී චරිතයන්හි අක්මුල් සොයන්නෙමු. එය සැබැවින්ම විශ්මජනක චාරිකාවකි.
ප්‍රේක්ෂක ඇසට ඇඟිල්ලෙන් ඇන මේ අසවල් චරිත යැයි අපට නොකියා නිර්මාණකරුවා සිනමාව සතු ශිල්පීය ගුණයක් අතැඹුලක් සේ භාවිත කරමින් මෙම චරිකාව පුරා අපව ගෙනි යයි. එහි ගමනාන්තය සැබවින්ම කාව්‍යාත්මකය. අති සුන්දරය. වරක් ලෝ ප්‍රකට රුසියානු සිනමාධර ඔන්ද්‍රේ තර්කොවුස්කි ‘සිනමාව ඇත්තේ කවිය හා සංගීතය අතර යැයි’ පැවසූ බවක් මෙහිදී මගේ මතකයට නැඟේ.
එක වහළක් යට බිත්තියෙන් එහා මෙහා වෙසෙන චරිත තුනක් සිය අධ්‍යාත්මයෙන් අඳුරු අහුමුළුවල ඔඩු දුවා ඇති කුණු කන්දල් වමාරමින් ස්වයං භාවවිරේචනකයක යෙදෙති. එහි විශේෂත්වය වන්නේ ඒවා හිතාමතා නොකරන අතර එකිනෙකා අතර ඇතිවන අධ්‍යාත්මික ඝට්ටනයක් නිසාම එකී සියල්ල නිසඟව මතු වී ගෙන ඒමයි.
එසේම කර්ම සැබවින්ම සිනමාලංකාරයෙන් පොහොසත් වූ අගනා සිතුවමක් ලෙස අපට ඒත්තු ගන්වන සංකේත රූපවලින් ද පිරිපුන් වූ කෘතියකි. චිත්‍රපටය ඇරැඹෙන්නේ ජල තටාකයක වකුªටු වී ඉන්නා පියල්ගේ රූපයකිනි. විවේක බුද්ධියෙන් යුතුව බලන විට එය මවකගේ කුස තුළ ඉන්නා කලල රූපයක් සේ අපට දැනේ. මෙහි මා දකින කතා නායකයා වන්නේ පියල්ය.
ඔහු සිනමාපටය පුරාම සිය මවගේ වියෝව තමාගේ වරදින් වී යැයි සිතා වියෝවන්නෙකි. හුදු කාමස්වාදය සඳහා අමන්දා වෙත එබී බලන පියල් පසුව ඈ තුළින් දකින්නේ තම මවගේ අහිමි වූ දාරක ප්‍රේමයේ ආස්වාදයකි. අමන්දා හා යහන්ගත වූ දින ඔහු කුඩා දරුවකු සේ හඬා වැලපෙන්නේ ද එබැවිනි.
රූප රචනය අතින්ද කර්ම සුවිශේෂී චිත්‍රපටයක් ලෙස හුවා දැක්වීමට මම කැමැත්තෙමි. කිසියම් නිර්මාණයක් එළිබට වූ විට එහි පවතින දෑ පිළිබඳ කතා කිරීමට බොහෝ අය මැලි වෙති. ඊට හේතු වන්නේ අප සතුව තිබෙන්නා වූ කුහකත්වයයි. එසේම මුවින් නොබැන මිතුදම් රැක ගත යුතු බැවිනි.
මෙකී කාරණා පසක තබා මට නිදහස්ව ලියන්නට තරම් කර්ම නිර්මාණකරුවා පොහොසත්ව සිටී. රූප රචනයත්, ආලෝකයත්, රාමුව තුළ නළු නිළියන් පෙළ ගැස්වීමත්, කැමරා ධාවනයත්, නිශ්චිත සෘතියක තබා කරන සුසංයෝගය අපගේ බොහෝ චිත්‍රපටවල නොදකින තරම්ය. නළු නිළියන් මෙහෙයවීමේදී ද ප්‍රසන්න සියලු අභියෝගයන් ජය ගන්නේ ජීවිතය පිළිබඳ අපරිමිත අත්දැකීම්වලින් පරිපූර්ණ වූ නිර්මාණවේදියකු සේය.
රූප නිර්මාණයේදී ද අඳුර හා ආලෝකය හැසිරවීමේදී ද නිර්මාණකරුවාට අනඟි සහායක් ලබාදෙන කැමරා අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා ද මගේ මතකයට නැෙඟන්නේ ඔහු තම සිනමාවේදියාට තම සම්මාදම නොඅඩුව සපයා ඇති නිසාමය. අධ්‍යක්ෂවරයකුගේ මනසේ මෝදු වන රූප ඡායා නිසඟ රූප බවට පත්කළ හැක්කේ ශූර කවීත්වයක් ඇති කැමරා ශිල්පියකුට පමණි. කර්මයෙහි කැමරාකරුවා ඒ අතින් පොහොසත් වීම අපගේ අමන්දානන්දයට හේතු වේ.
කර්ම චිත්‍රපටයේ සියලු සංසිද්ධීන් එකට හකුළුවා ගන්නේ චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙනි. එහි ඇත්තේ එකම එක් රූපයක් පමණි. එය සැබවින්ම විශ්මයජනකය. අමන්දා පියයුරක් අහිමි යුවතියක බව අප දකින්නේද එහිදීය. පියල් තම මවගෙන් නොලද ප්‍රේමය ද අමන්දාගෙන් ලබන බවක් එම රූපය තුළ ඔවුන් ස්ථානගත කර ඇති ආකාරයෙන් අපට පසක් වෙයි.
කර්ම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය ඇත්තේද එතැනය. මෙතෙක් චිත්‍රපටය නැරැඹීමේදී ප්‍රසන්න ජයකොඩි විසින් අපගේ පපු කුහර මත තබා ඇති මහා ගිරිකුල හිම කිරමක් සේ දියව පහව යන්නේ මේ රූප දැකීමෙනි. ඉන් නොනවතින අපි අපගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නෙමු. අපගේ ජීවිත මෙහි තබා ඇත්තේ කොතැනද යැයි සොයන්නෙමු.
අපි හෘද සාක්ෂිය අපට කතා කරන්නට පටන් ගනී. අප සිත් අඳුර හා බැඳුණු හුදු රතිය පිළිබඳ පවතින ආකල්පවලින් ලිහී ගොස් කිසියම් අධ්‍යාත්මික සුවයකින් පියල්ට හා අමන්දාට ළං වන්නෙමු. මෙලොව සෑම මිනිසකුම තම පෙම්වතියකගෙන් සොයා බලන්නේ කුමක්ද? ඇය සිය පති භාර්යාව වූ පසු ඇගෙන් පතන්නේ කිනම් රසයක්ද? එය හුදු කාමස්වාදයක් ද නොවේ. ඉන් එහාට අප කැඳවාගෙන යන මහා කරුණා රසයෙන් පිරි මාතෘ ස්නේහයකි.
අවසන් රූප රාමුවේ අමන්දාගේ මුහුණ දෙස බලන විට මට ඇගේ මඳ සිනහව අමතක කළ නොහැක. චිත්‍ර කලාවට ඩාවින්චි මැවූ මොනාලිසාගේ සිනහව කෙසේ ද, ලාංකේය සිනමාවට අමන්දාගේ සිනහවත් එසේමය. ඉන් ධ්වනිත වන අරුත කිමැයි මට නම් කිව නොහැක. එය සිනමාවේ මෙතෙක් මා දුටු කාරුණිකම සිනහව යැයි මා සඳහන් කරන්නේ නිහතමානීවමය.
සිනමාවේ නව මං පෙත් හෙළි කරන
ප්‍රසන්න ජයකොඩි සොහායුර!
ඔබට මාගේ ප්‍රණාම.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:56 PM
Labels: අදහස, චිත්‍රපටිය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment