"කැලණිය විශ්වවිද්‍යාලයේ
ප්‍රතිබිම්බ
කලා අධ්‍යයන ඒකකයේ අවසන් වසර සිසුන් විසින් ඉදිරිපත් කරන
"උපනෙත" ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනය
මෙවර ලයනල්
වෙන්ඩ්ට් කලාගාරයේ දී
2012 ඔක්තොබර් 22 දින සිට 24 වන දින දක්වා පැවැත්වේ.
සමාරම්භක
උත්සවය
සිනමාවේදිනී
සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්
22වන දින සවස 5ට ආරම්භ වේ.
චිත්‍රපටවල
මංගල දර්ශන
එදිනම සවස 6.00ට
උඩුමහලේ
හැරල්ඩි පීරිස් කලාගාරයේ දී පැවැත්වේ.
උත්සවය හා
ප්‍රදර්ශනය සඳහා
ඡායාරූප හා
සිනමා ක්ෂේත්‍රයේ
ප්‍රවීණ
විද්වත් රසික පිරිස් බොහොමයත් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ.
වාර්ෂිකව ප්‍රතිබිම්බ
කලා අවසන් වසර සිසුන් විසින් සංවිධානය කරන
උපනෙත ප්‍රතිබිම්බ
කලා උළෙල
විශ්වවිද්‍යාල
පරිශ්‍රයෙන් පිටත පැවැත්වෙන්නේ පළමු වතාවටය.
මෙවර එය
සංවිධානය කරන විද්‍යාර්ථීහු
පසුගිය වසරේ
අටවක නමින් ද ඡායාරූප ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කළහ
උපනෙත ප්‍රදර්ශනය
සඳහා
හය දෙනෙක්
ඡායාරූපයෙන් ද
දෙදෙනෙක්
චිත්‍රපට නිර්මාණ වලින් ද දායක වෙති.
ඡායාරූප
දැක්ම තේමා හයක් ඔස්සේ ඉදිරිපත් කෙරෙන
ඡායාරූප 90කින් සමන්විත අතර
චිත්‍රපට
ලෙස වාර්තා චිත්‍රපටයකුත් කෙටි චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය වේ.
මෙවර උපනෙත
අරවින්ද
චන්ද්‍රපද්ම,
අමන්දා
ජයවර්ධන,
පබසරා
රණසිංහ,
ප්‍රෞඩ
බුවනෙක,
ප්‍රසාද්
අලුත්වත්ත,
සම්පත්
දර්ශණ,
නාලක සංජීව
යන පිරිසගේ
සාමූහික ප්‍රදර්ශනයකි
කැලණිය විශ්වවිද්‍යාලයේ
නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශය ඡායාරූප සිනමා හා රූපවාහිනී යන
අංශත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යයන පාඨමාලා මෙහෙයවන එකම අධ්‍යයන
අංශයයි. සෑම වසරකම අවසන් වසර අධ්‍යයන කාර්යයක් ලෙස ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනයක්
උපනෙත නමින් අවසන් වසර සිසුන් අතින් සංවිධානය වේ. මෙවර පැවැත්වෙන්නේ 14වන උපනෙත ප්‍රදර්ශණයයි. මෙතෙක් කල් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පැවැත්වුණු
උපනෙත මෙවර බාහිර සමාජයට විවර වීම විශේෂ කරුණකි.
Reported by අරවින්ද චන්ද්‍රපද්ම
1 comments:
Thanks Lanka art for the Upannetha News
Post a Comment