
තෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලි සිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වේ.

එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.
උළෙලෙහි තෙදින වැඩසටහන් දිගහැරුම මෙසේය. 19 වැනිදා උදෑසන මයිකල් අන්ජලෝ අන්තෝනිගේ බිලෝව් අප් චිත්‍රපටය තිරගත වේ. සන්ධ්‍යාවේ ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ පෝලා රැන්ඩිවිඩින් මෙහෙය වන වැඩමුළුව පැවැත්වේ. 20 වැනිදා උදෑසන බූඩි කීර්තිසේනගේ මිල්ලෙ සොයා චිත්‍රපටය සහ එය පිළිබඳ හඳුන්වා දීම.
සවස ඉතාලි ජාතික කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ කුරාටෝ ස්ටෙෆානෝ මාටිනාගේ ඉෆ්ටෝ පැරඩිස්කෝ කෙටි චිත්‍රපටය තිරගත වේ.
21 වැනිදා උදෑසන ඉහත ඉතාලි අධ්‍යක්ෂවරුන් දෙදෙනා මෙහෙයවන වැඩමුළුව. එදින සවස කොළඹ කොටියාඩ් හෝටලයේදී උළෙලෙහි සම්මාන ප්‍රදානය සිදු කෙරේ.
Sarasaviya
0 comments:
Post a Comment