මෙවර යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඇයයි. ‘ජනේලයෙන් පනින්නද?’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘හොඳම නිළිය’ ලෙස අභිෂේක ලැබූ සමාධි ලක්සිරි සමඟ කළ කතාබහක්. යෞවන නාට්‍ය උළෙලේදී මේ සමාධි සම්මානයට පාත්‍ර වූ තෙවන අවස්ථාවයි. 2007 වසරේදී හොඳම සහාය නිළිය ලෙස තම කුළුඳුල් සම්මානය ලබා ගත් අතර 2008 දී ‘සඳ ගිනි අරන්’ නාට්‍ය උදෙසා හොඳම නිළිය වන්නට වරම් ලැබුවාය. ‘2010 හොඳම නිළිය විදිහට මං යෞවන සම්මාන දිනුවෙ ධනුෂිකා නයෝමිගෙ ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍ය වෙනුවෙන්. ඇත්තටම ඒ නාට්‍යය වර්ක්ෂොප් එකකදි කරපු නිර්මාණයක්. ධනුෂිකා, තුමිඳු, කෞශල්‍යා, ප්‍රසාදිනී, අමා, පනා, ලෙමන් ඇතුලු අපේ නාට්‍ය කණ්ඩායමේ කැපවීම, සහයෝගය නිසා තමයි මේ අවස්ථාව ලැබුණෙ.’ ඇඹිලිපිටිය ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සමාධි පාසල් කාලයේදී රංගන කටයුතු වෙනුවෙන් දායක නොවූවාය. ‘පාසල් කාලේදී මගේ ප්‍රධාන විෂය වුණේ නැටුම්. මම විශ්ව විද්‍යාලයට එන්නෙත් නර්තනය වෙනුවෙන්. නමුත් එහි නාට්‍යවලට තිබූ තැන නිසාම මටත් ඒ විෂයට ඇල්මක් ඇති වුණා. අපිව ඒ විෂයට තෝරා ගත්තෙ මහා පුදුම විදිහට. අපි එක්ක සුහදව කතා කරපු ඒ අය බැලුවෙ මේ විෂයට අපි තුළ තියෙන ඇල්ම විතරයි. රංගනයට පිවිසෙන්න කිසිම කැමැත්තක් නොතිබුණ මම විශේෂවේදී උපාධියට හිටපු 9 දෙනාට ආවෙ 400 ක් අතරින්. විශ්ව විද්‍යාලයේදී ප්‍රියංකර රත්නායක සර්ගෙන් ලැබුණ මඟ පෙන්වීම මගේ රංගන ජීවිතයට සාර්ථක අත්වැලක්. ඇත්තටම මම විශ්ව විද්‍යාලයට ආවේ නැත්නම් නිළියක් වෙන එකකුත් නැති වෙයි.’ පැහැදිලි වදනින් තම රංගන දිවිය පිළිබඳ කතා කරන සමාධි මුව මත මගේ දෑස් රැඳුණි. සත්තකින්ම ඈ තුළ ඇත්තේ් සොඳුරු පෙනුමකි. ඒ සොඳුරු බව රූපවාහිනියටත්, සිනමාවටත් අපූර්වත්වයක් ගෙන දෙන්නට සමත් ලක්ෂණයක් බව මට හැඟුණි. ‘මගේ කැමතිම මාධ්‍ය වේදිකාව. සිනමාවටත් මම කැමතියි. ඒත් ඒ කැමැත්ත තිබුණට මං ලැබෙන හැම දේම භාර ගන්නෙ නැහැ. ප්‍රසන්න විතානගේ මහතාගෙ ‘ආකාස කුසුම්’ සහ සෝමරත්න දිසානායක මහතාගෙ ‘සිරි රජ සිරි’ චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා. චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් විවිධ හේතු නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. ටෙලි නාට්‍යවලත් මම ගොඩක් හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමතියි. ඒ කැමැත්තෙ ප්‍රතිඵලයක් තමයි මේ දිනවල විකාශය වෙන ‘කඩදොර’ ටෙලි නාට්‍යය. රජීව් ආනන්ද අධ්‍යක්ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර නිෂ්පාදනය කළ ‘කඩදොර’ මගේ රංගන ජීවිතයේ කඩඉමක් විදිහටයි මං පිළිගන්නේ.’ සංස්කෘතිත හා කලා කටයුතු අමාත්‍යාංශයේ, ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන සමාධි, තම රැකියාව උතුම් කොට සලකන්නීය. ‘මම රටට සේවයක් කරන රැකියාවක් කරන කෙනෙක්. මගේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නෙ රැකියාවට. මම ජීවත් වෙන්නෙ රැකියාවෙන්. රස්සාවත් එක්ක මට ලැබෙන සීමිත කාලය මම ඉතාම හොඳ නිර්මාණයකට යොදවන්නයි කැමති.’ සමාධිට තම රංගන කටයුතු වෙනුවෙන් තම මවගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ. ‘මගේ පවුලේ මාත් එක්ක කෙල්ලොම පස් දෙනෙක්. පොලිස් නිලධාරියෙක් වූ මගේ තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. අම්මා තමයි අපේ ශක්තිය. මගේ අම්මා කලාවට සම්බන්ධ නොවුණට, ඈ තුළ කලාව කෙරෙහි ඇති ඇල්ම මට පිටිවහලක් වුණා. ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹ ඇවිත් රඟපෑවට, අම්මාට එයාගෙ දූ විශ්වාසයි. ඒ විශ්වාසයයි මගේ ශක්තිය.’ සමාධි සමඟ කතා බහ අතර මගෙන් පැනයක් නැගුණා. රංගන ශිල්පිනියව ඔබ නිර්වචනය කරන්න කැමති මොන විදිහටද? ‘තමන්ගෙ ජීවිතයෙදි විඳින්න සහ දකින්න ලැබෙන අත්දැකීම් නිර්මාණයකදී මනාව හසුරුවන කෙනා තමයි රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්නෙ. ඒ වගේම හොඳ හැදෑරීමක් තිබිය යුතුයි. හැදෑරීම කියන්නෙ ආයතනයකට ගිහින් ඉගෙන ගෙන සහතිකයක් ගන්න එක නෙවෙයි. තමා ජීවත් වන සමාජය තුළ සිටින මිනිසුන්ව, අපේ ප්‍රවීණ ශිල්පීන්ගේ රංගනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි මම හැදෑරීම කියලා අර්ථවත් කළේ’. සිහින හොරු අරන්, ඇන්ටිගනී, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය, මේ දිනවල සමාධිගේ රංගන ප්‍රතිභාව විදහා පාන නිර්මාණයි. චරිතාංග රංගනවේදිනියක ලෙස රංගන ක්ෂේත්‍රයේ රැඳෙන සමාධිගේ රංගන හැකියාව පිළිබඳව වැඩිදුර කතා කරන්නට ඉඩ ලැබෙන කාලය වැඩි ඈතක නොවේ යැයි ඇගෙන් සමුගන්නා විට මට දැනුණි.මෙවර යෞවන සම්මාන නිළිය හමු වෙමු
සමාධි ලක්සිරි
Archives
-
▼
2011
(205)
-
▼
February
(17)
- FM frequency Assignments
- ශිල්පියකුට ලැබෙන ඇගැයීම
- ග්‍රේෂන්, මතක සටහනක්
- 39 වැනි ජාතික නාට්‍ය උළෙල
- ග්‍රේෂන් ගී එකතුව
- Janelen Paninnada......???
- "මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්"
- සමාධි ලක්සිරි
- ඇන්ටිගනි
- "සැබෑ මුහුණේ වෙස් මුහුණු"
- මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්
- ජැක්සන් – කුමාරි යළි එක් වී යුග ගී ගයතිජැක්සන් ඇන්...
- මට කේමදාස මාස්ටර් මතක් වුණා
- පෙබ.16 වෙනස් කළ හැකිනම්
- ගැහැනු ළමයි
- කාසියේ වාසිය අහිමි වූ නිළිය
- අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පිළිතුරු දෙයි
-
▼
February
(17)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Photos – Army SC vs Sri Lions | Mastercard Club Rugby League 2024/25 – Week 3 - ThePapare.com | Viraj Kothalawal | 28/12/2024 | Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright in...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සමාධි ලක්සිරි
Monday, February 21, 2011සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:45 PM
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, වේදිකාව
Subscribe to:
Post Comments (Atom)
1 comments:
oya hari hoda kenek samahara vita mawa matakat athi oya game avit yanakota bas ekedi hamuwenawa oyage edri anagatayata mama suba patanawa
Post a Comment