චිත්‍රපටයක ප්‍රධාන චරිතයට තෝරා ගැනීම සඳහා නිළියන් දෙදෙනකු අතර කාසියේ වාසිය උරගා බැලූ ඉතා විරල අවස්ථාවක් සිංහල සිනමා ඉතිහාසයෙන් වාර්තා වෙයි. කාසියේ වාසිය උරගා බැලුවේ සන්ධ්‍යා කුමාරි හා විජිත මල්ලිකා අතෙර්ය.
ඒ ‘ධීවරයෝ’ චිත්‍රපටයේ රොසලින්ගේ චරිතය රඟපෑම සඳහාය. මෙයින් කාසියේ වාසිය අත්පත් වූයේ සන්ධ්‍යා කුමාරිටය. විජිත මල්ලිකාට සහාය චරිතයක් ලැබිණි.
1943 දී මීගමුවේ උපන් විජිත මල්ලිකා (ඇගේ මුල් නම විජිතා ද සිල්වාය). මූලික අධ්‍යාපනය ලැබුවේ නිවුස්ටඩ් බාලිකා විදුහලෙනි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පවා නාට්‍ය කලා ගුරුවරයකු වූ සී. බෙන්ජමින් ප්‍රනාන්දු (බෙන්ජමින් මාස්ටර්) විජිත මල්ලිකාගේ මාමා වූයේය. ( ‘සත් සමුදුර’ චිත්‍රපටයේ රඟපෑ ලීනා ද සිල්වා මොහුගේ දියණියකි).
විජිත මල්ලිකා සිනමාවට පිවිසියේ ‘සූරයා’ චිත්‍රපටයෙනි. එහි ඇය සුළු චරිතයක් රඟපෑවාය. ඉන්පසු ඇය චිත්‍රපට කීපයකම රඟපෑවේ විකට නළුවාගේ පෙම්වතිය ලෙසය. ‘සොහොයුරෝ’, ‘පුරුෂ රත්නය’, ‘නළඟන’, ‘වීර විජය’, ‘සුවිනීත ලාලනී’, ‘අදට වැඩිය හෙට හොඳයි’, ‘සුහද සොහොයුරෝ’, ‘මංගලිකා’, ‘කළ කළ දේ පල පල දේ’ ඇය මුල් යුගයේ රඟපෑ චිත්‍රපට කීපයකි. ‘වීර විජය’ චිත්‍රපටයේ ඇය ‘මේවා තමයි ජිල් ජිල් ජිල්’ නම් වූ ගීතය ගයමින් කළ රංගනය එදා එම චිත්‍රපටය නැරඹූ රසිකයන්ට තවමත් මතක ඇතැයි සිතමි.
විජිත මල්ලිකා ප්‍රධාන චරිතයක් රඟපෑ මුල්ම චිත්‍රපටය වූයේ ‘සුවිනීත ලාලනී’ය.
ජිත මල්ලිකාගේ කැපී පෙනෙන චරිතාංග නිරූපණයක් දක්නට ලැබුණේ ‘හඳපාන’ චිත්‍රපටයේය. එවක සිංහල සිනමාවේ ජනප්‍රියම නිළිය වූයේ ජීවරාණි කුරුකුලසූරිය ය. එසේ වුවත් 1966 ‘සරසවිය’ සම්මාන උළෙලේදී ‘හඳපාන’ චිත්‍රපටයේ රඟපෑම සඳහා විජිත මල්ලිකාට ප්‍රියතම නිළි චරිතය යන නමින් හැඳින්වෙන අලුත්ම සම්මානයක් ප්‍රදානය කෙරිණි. (කෙසේ වුව ඒ වසරේත් ජනප්‍රියම නිළිය වූයේ ජීවරාණිය).
එකල ජනප්‍රිය සිනමාව තුළ ගාමිණී – ජීවරාණි, ගාමිණී - සන්ධ්‍යා, ගාමිණි – අනුලා යනාදී වශයෙන් යුග නිර්මාණයව තිබිණි. ‘රෑන ගිරව්’ චත්‍රපටයේ ගාමිණී – විජිත මල්ලිකා එකට රඟපෑවත් එය යුගයක් නිර්මාණය කිරීමට තරම් උපස්ථම්භක වූයේ නැත. ක්ලැරිස් ද සිල්වා සම්බන්ධයෙන් ද කිව හැක්කේ් එයමය. ඇය ‘ආත්ම පූජා’ චිත්‍රපටයේ ගාමිණී සමඟ රඟපෑවත් ගාමිණී – ක්ලැරිස් යුගයක් සිංහල සිනමාවේ බිහි නොවූයේය.
‘සැමියා බිරිඳගේ දෙවියාය’, ‘සුජාගේ රහස’, ‘ළා දළු’, ‘හතර මහා නිධානය’, ‘හිතට හිත’, ‘ස්විප් ටිකට්’, ‘සැඟවෙන සෙවණැල්ල’, ‘සැඟවුණ මැණික’, ‘ළඳක මහිම’, ‘සුදු දුව’, ‘සඳ නැග එද්දී’, ‘සැනසිලි සුවය’, ‘ඔක්කොම හරි’, ‘සිඟිති සුරතල්’, ‘ලන්ඩන් හාමු’, ‘දෙහදක දුක’, ‘ඔබ නැතිනම්’, ‘අමතක වුණාද’, ‘කපටිකම’ එකල විජිත මල්ලිකා රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.
ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී සුගතපාල ද සිල්වා හා ඩී. බී. නිහාල්සිංහ එක්ව අධ්‍යක්ෂණය කළ ‘සමනළයෝ’ චිත්‍රපටයේ විජිත මල්ලිකා ටෝනි සමඟ ප්‍රධාන චරිතය රඟපෑවාය. එහෙත් අවාසනාවකට මෙන් මේ චිත්‍රපටයේ වැඩ නිම වූයේ නැත.
එය මුළුමනින්ම නිෂ්පාදනය වී තිරගත වූවා නම් එය විජිත මල්ලිකාගේ සිනමා රංගන ජීවිතයේ වෙනසක් සනිටුහන් කෙරෙන අවස්ථාවක් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.
විජිත මල්ලිකා පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට ද යොමු වූවාය. ඒ ‘සුලි සුළං’ චිත්‍රපටයෙනි. ඇතැම් විට ඇය මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘ධීවරයෝ’ චිත්‍රපටයේදී තමාට ගිලිහී ගිය අවස්ථාව නැවත ලබා ගැනීමටදැයි සැක සිතේ. ‘සුළි සුළං’ චිත්‍රපටයේ ඇය රඟපෑවේ ‘ධීවරයෝ’ චිත්‍රපටයේ රොසලින් බඳු ධීවර ගැහැනියකගේ චරිතයකි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විජිත මල්ලිකාගේ පළමු සැමියා වූ ඇන්ටන් ප්‍රනාන්දුය.
එකල අන් නළු නිළියන් මෙන්ම විජිත මල්ලිකා ද රංගනය පවත්වාගෙන ගියේ වෘත්තියක් ලෙසිනි. එහෙයින් ඇතැම් චිත්‍රපටවල ඇය කළ කැපවීම් අපේ ඇගැයීමට ලක් විය යුත්තකි. ‘හතර මහා නිධානය’ චිත්‍රපටයේ ඇය ඇතැම් ජවනිකා රඟපෑ ඇත්තේ අධික ලෙස උණ රෝගයෙන් පෙළී සිටි අවස්ථාවලදීය.
දක්ෂ චරිතාංග නිළියක බවට ලකුණු ඇතැම් චිත්‍රපටවලින් පළ කළ ද විජිත මල්ලිකාගේ අති සුවිශේෂ චරිතාංග නිරූපණයක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ක්ලැරිස් ද සිල්වා ‘මාතලන්’ චිත්‍රපටයෙත් සන්ධ්‍යා කුමාරි ‘ධීවරයෝ’ චිත්‍රපටයේත් කළ රංගන මට්ටමට සමපාත ආකාරයේ රංගනයක් කිසිදා විජිත මල්ලිකාගෙන් මතු නොවූයේය.
හැත්තෑව දශකයේදී විජිත මල්ලිකා රඟපෑවේ චිත්‍රපට දෙක තුනක පමණි. Qඛ්ාරත හතර’, ‘ආශා’, ‘හොඳින් ඉන්න’ එවැනි චිත්‍රපටය.
මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගාමිණී මුණසිංහ සමඟ දෙවන වරට විවාහ වූ විජිතා ඉන් පසු චිත්‍රපට රංගනයෙන් ඉවත් වූවාය.
1992 දී විජිත මල්ලිකා පිළිකාවකට ගොදුරු වීමෙන් ජීවිතයෙන් සමු ගත්තාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 50 වත් පිරී නොතිබිණි.
0 comments:
Post a Comment