පැට්රික් කෝ?
“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.

ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ කළා.
“මගේ පියා දැන් පදිංචිව ඉන්නේ මගේ අම්මයි නංගියි සමඟ කැනඩාවේ. තාත්තා දැඩි ලෙස රෝගීව සිටි නිසා කැනඩාවේ දීර්ඝ කාලීන වෛද්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තාත්තා මේ රටේ නැති නිසා ඔහුගේ නිර්මාණ බුද්ධිමය දේපළ අයිතීන් සමහරුන් කොල්ල කෑමේ නිරත වෙනවා.
දැනට ලංකාවේ ජීවත් වන මගේ වැඩිමහල් සහෝදරයා සමඟ මම පියාගේ බුද්ධිමය දේපළ, නිර්මාණ ආරක්ෂා කිරීම උදෙසා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ පියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. එය මගේ යුතුකමක්”.
තුෂාරි
silumina
0 comments:
Post a Comment