පරා...පරා...

පරාක්‍රම නිරිඇල්ල වේදිකාව - පුංචි තිරය - සහ සිනමාව කියන මාධ්‍ය තුනේම දස්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.
වේදිකාවේ ‘ගැලීලියෝ’, පුංචි තිරයේ ‘යශෝරාවය’, සිනමාවේ ‘සිරිමැදුර’ කියන නිර්මාණ ත්‍රිත්වය පමණක් වුවත් ඔහු ඒ ඒ විෂය ක්‍ෂේත්‍රයන්හි දැක්වූ ප්‍රතිභාව දක්වන නිර්මාණ ලෙස නිදසුන් කොට දක්වන්නට පුළුවන්.
ඉමහත් කැපවීමකින් ගොඩනඟා ගත් දැවැන්ත ජංගම කූඩාරමක් උපයෝගී කර ගනිමින් ‘ජනකරළිය’ නමින් සුවිශේෂ නාට්‍ය ව්‍යාපෘතියක් බිහිකළ නිරිඇල්ල එයටම ඇරුණු නාට්‍ය කණ්ඩායමක් සමඟ ඒ සඳහා ම නිර්මාණය වූ සිංහල සහ දෙමළ නාට්‍ය රැසක් සමඟ දැන් රටවටා යනවා. ‘ජන කරළිය’ ඉතා සාර්ථක, එමෙන්ම ජනප්‍රිය නාට්‍ය ව්‍යාපෘතියක්.
’ජනකරළිය’ සඳහා මූලික සැලසුම් සකස් වෙමින් පැවති අවධියේ දී එහි අවශ්‍යතාවයක් සඳහා යාමට දවසක් දා උදෑසන නිරිඇල්ල ලහි ලහියේ සුදානම් වෙමින් සිටියා. හදිසියේම තම නිවෙසේ ගේට්ටුව අසල කවුදෝ කෙනෙක් ‘පරා..පරා..’ කියමින් තමාට කතාකරනවා කාමරයක කැඩපත ඉදිරිපිට ලැහැස්ති වෙමින් සිටි ඔහුට ඇසුණා. ඔහු තම බිරියට කතා කළා.
’රුක්මණි, කවුරු හරි මාව හම්බ වෙන්ඩ ඇවිල්ලා වගෙ. මම මෙහෙ අඳිනවා. ඔයා පොඩ්ඩක් බලන්ඩ ඒ කවුද කියලා.”
”අනේ පරා... මම මේ නයිටිය පිටින්, තේ හදනවා. මම කොහොමද මෙහෙම ඉස්සරහට යන්නෙ? ඔයා බලන්ඩකො”
බිරිඳ කියනවා ඇහුණාම ඔහු කලිසමේ බොත්තම් පියවමින් ම සාලය හරහා ගේ ඉස්සරහට ගියා. පැමිණි අමුත්තා පිළිගන්නට ඉදිරිපස දොර හැරලා ඔහු ගේට්ටුව දිහා බැලුවා. පිහියකුත් අතේ තියාගෙන, මාළු පෙට්ටිය බැඳි බයිසිකලයට හේත්තු වෙලා මාළු වෙළෙන්දෙක් පරාක්‍රම දිහා බලලා හිනාවෙලා මෙහෙම ඇහැව්වා.
”මහත්තයා, හොඳ පරා මාළු තියෙනවා. ගන්නවද?”
එඩ්වඩ් චන්ද්‍රසිරි
silumina
0 comments:
Post a Comment