----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මහනුවර මහ උළෙලට මුල පුරයි

Thursday, July 19, 2012



2012 ජූලි මස 19 18:30:24 | ලලිත් වලිසුන්දර

තෙවරක් ප‍්‍රදක්ෂිණා කැර පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීමෙන් පසු දේවාලයේ ප‍්‍රධාන කපුරාල කප සිටුවයි.
ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි.

READ MORE - මහනුවර මහ උළෙලට මුල පුරයි

පැණි වළලු


 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක විවිධ කාලවකවානුවල විවිධ හේතු මත නිරන්තර කතාබහට ලක්වෙන පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම අවධානය දිනාගත් ජනප්‍රිය ගණයේ මහාචාර්යවරයෙකි. හේ පසුගිය දා තීරු ලිපි සංග්‍රහයක් ජනගත කළේ ය. ඒ ගොඩගේ පොත් මැදුරෙන් ප්‍රකාශයට පත් කළ ‘පැණි වළලු’ නම් කෘතියයි. තීරු ලිපියේ සමාජ වගකීමත්, මහාචාර්යවරයකු වශයෙන් ඔහුගේ පැවැත්මත්, රූපවාහිනියේ ඔහු ඉටු කළ භූ®මිකාවත් පිළිබඳ කළ සංලාපයෙක සංක්ෂිප්තයයි මේ.
තීරු ලිපිය පුවත්පතක ප්‍රධානතම අංගයක්. එය ප්‍රබල සමාජ වගකීමක් ඉටුකරන ලිපියක්?
සමස්ත පුවත්පතම සමාජ වගකීමක් දරනවා. තීරු ලිපිය පමණක් නොවෙයි, පුවත්පත තොරතුරු සම්පාදනය කිරීම, විනෝදාස්වාදය සැපයීම, සමාජානුයෝගය, අධ්‍යාපනය ආදී කුමන අරමුණ අරභයා ගත්තත් යම්කිසි ආකාරයකින් සමාජය අරභයා ඉෂ්ට කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. මේ කාර්යභාරය තීරු ලිපිය කියන පෞද්ගලික රචනාවටත් අදාළයි. තීරු ලිපි ලියන්නේ බොහෝ දුරට ආරාධිත ලේඛකයන් නිසා ඔවුන්ගේ පෞද්ගලික මතිමතාන්තර ඊට ඇතුළත් වෙනවා. එහෙම වුණත් සාමාජීය රාමුවෙන් නිදහස් වෙන්න තීරු ලිපි රචකයාටත් බැහැ.
ඔබ පවසන්නේ තීරු ලිපිය පෞද්ගලික රචනාවක් කියාද?
තීරු ලිපිය කියන්නේ ජනමාධ්‍යවේදයේ තිබෙන පෞද්ගලික ප්‍රකාශනයක්. විශේෂයෙන් පුවත්පත්වල තියෙන අනෙකුත් විශේෂාංග, ප්‍රවෘත්ති වාර්තා ආදියෙන් තීරු ලිපිය වෙනස් වෙනවා. රචකයාගේ පෞද්ගලික මතිමතාන්දර පමණක් නොවේ, රචනා ශෛලියේ, ඉදිරිපත් කිරීමේ විලාසයේ පවා ආවේණික ලක්ෂණ තිබෙනවා. ඒ නිසා තීරු ලිපිය පෞද්ගලික ප්‍රකාශනයක්.
පෞද්ගලික ප්‍රකාශනය යන්නෙන් ඔබ අදහස් කරන්නේ, අර්ථ දක්වා ගන්නේ කුමක්ද?
කිසියම් අදහසක්, සංසිද්ධියක් දේශපාලනිකව දරන මතයක්, එසේත් නැතිනම් යම්කිසි කරුණක් සම්බන්ධයෙන් ලේඛකයා දරන මතය තමයි පෞද්ගලික ප්‍රකාශනය වශයෙන් මම හඳුනාගන්නේ. සමහරවිට ඒ මතය පොදු මතය විය නොහැකියි. ඒ පෞද්ගලික ප්‍රකාශනය පාඨකයා පිළිගැනීම හා නොගැනීම වෙනම ම කාරණයක්. එය සෘජු ව පුවත්පතේ අනෙක් අංග හා බැඳී නැහැ.
තීරු ලිපිය එක්තරා අන්දමකට පෞද්ගලික ලියවිල්ලක්. එහෙත් එය අවසන් වශයෙන් පොදු අරමුණකට ඉලක්ක කළ යුතු නොවේද?
මතයක් වශයෙන් එසේ කිව හැකියි. තීරු ලිපිය අපි හිතමු දේශපාලන අරමුණකට ලියැවෙන්නක් කියලා. එතකොට ඒක ඒ තීරු ලිපි රචකයාගේ අදහස මිසක් හැමෝගෙම අදහස නොවෙයි. හැබැයි ඒක ලියන්නේ පොදු දෙයක් ගැන.
මේ සියලු තීරු ලිපි අතරේ පැණි වළලු ස්ථානගත වන්නේ කවර අරමුණක් වෙනුවෙන් ද?
පැණි වළලු කියන්නේ ජීවිතය දෙස නැවත හැරී බැලීමක්. බොහෝ තීරු ලිපිවල ජීවිතය නැහැ. ජීවිතයේ ගැඹුර විදහාපාන, ජීවිතය ගැන සිතා බලන තීරු ලිපි ලංකාවේ බිහිවන්නේ නැහැ. පැණි වළලු තීරු ලිපියෙන් මම කළේ මේ අඩුව පුරවන්නයි.
ඔබ එසේ කිව්වත් අහුපෑවත, සිත්තර සිත්තම්, සර්පයාගේ කොලම, සහෘද සටහන් එක්තරා විදියකට ජීවිතය පිළිබඳ නැවත හැරී බලන තීරු ලිපි. එවැනි තීරු ලිපි වත්මන ලියැවෙනවා.
පුවත්පතකට ඕනෑම දෙයක් ඇතුළු වෙන්න පුළුවනි. පුවත්පත් පාඨකයා කියන්නේ සාමාන්‍ය ජනතාව. පුවත්පත් බස සරලයි. පුවත්පත් කියවන සියලු දෙනා දාර්ශනික අදහස් කියවන්නේ නැහැ. මම තීරු ලිපියක් ලියන්නේ හැමදෙනාටම පොදුවේ දැනෙන්න, විඳින්න පුළුවන් වෙන්න. ඒක මගේ ඉලක්කය. මට අවශ්‍යයයි පුවත්පතේ සමස්ත පාඨකයා. මට තිබුණා මගේ පාඨක සංඛ්‍යාව සීමිත කරගන්න එක විෂයය පථයක් ගැන විතරක් ලියන්න. මට ඕන වුණේ ඒක නොවෙයි. පොදු සමාජ වින්දනයක් ලබාදෙන්නයි.
ඔබේ පැණි වළලු කියැ වූ පාඨකයෙක් ලෙස මට බොහෝ අවස්ථාවන්හි මෙසේ සිතී තිබෙනවා. ඔබේ පෞද්ගලික සිතිවිලි හා ඔබට සිදු වූ දේ කියැවීමෙන් මට ලැබුණේ කතා රසයක් පමණක් ද කියා.
ඕනෑම ලේඛකයෙක් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් තමයි නිර්මාණයකට යොදන්නේ. නවකතාවක් ලියුවත්, කෙටිකතාවක් ලියුවත් මේක පොදුයි. එය තමන් දුටු දෙයක් හෝ, ඇසූ දෙයක් විය හැකියි. ඒ පෞද්ගලික අත්දැකීම් කොයිතරම් පාඨකයාට සමීප කරන්න පුළුවන්ද කියන එක මතයි ලේඛකයාගේ හැකියාව තීරණය වෙන්නේ. තීරු ලිපි රචකයකුට රාමුවක් නැහැ. තීරු ලිපිය කියන්නේ නිදහස් ලියවිල්ලක්. එහි ඕනෑම දෙයක් අඩංගු විය හැකියි.
ලෝකය වෙනස් කරන්නේ වෙනස් විදියට හිතන අය සහ වෙනස් ව ක්‍රියාකරන අය නිසයි. එහෙත් ඒ වෙනස අර්ථවත් නොවුණොත් එය සාමාජීය බිඳවැටීමක් වෙනවා.
වෙනස්වීම හැර වෙන දෙයක් නැහැ. ඒක යථාර්ථයක්. ඕනෑම ආගමක් එය පිළිගන්නවා. වෙනස්වීමට අකමැති වුණත් වෙනස්වීම වළක්වන්න බැහැ. වෙනස්වීම දර්ශනයක් හැටියට පිළිගන්නවා නම් ඊළඟ ගැටලුව ඒ වෙනස්වීමට අර්ථවත් ව මුහුණ දෙන්නේ කෙසේද කියන එක. වෙනස්වීම අපට ඕන විදියට හදාගන්න බැහැ.
ජීවිතය පිළිබඳ දැක්මක් මේ ලිපි පෙළ ඇතුළේ තියෙනවා කියලා මම හිතනවා. ඒක පාඨකයාගේ මනසේ වෙනසක් ඇති කළ බවත් මම දන්නවා. ජීවිතය අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ කියන ශුන්‍ය හැඟීම මම මේ ලිපි මඟින් ගොඩනැඟුවා. බුදුදහමේ කියන්නෙත් ඒකයි. මේ සංසාරය ඇතුළේ මිනිසා අතරමං වෙලා නේද කියන හැඟීම මේ මඟින් මම මතු කළා.
ඔබ එය අවබෝධයෙන් ද කළේ?
ඔව්. එය මගේ පුද්ගලික ආත්ම ප්‍රකාශනයක්. නැවත හැරී බැලුවහම ජීවිතයේ යම්කිසි ශුන්‍ය බවක් තිබෙන බවක් හැඟෙනවා. තමන්ගේ මනස ඇතුළට ගියාම ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒ මට දැනුණු හිස් ගතියට හේතු මම මේ තීරුවල ලිව්වා. ජීවිතාර්ථයෙන් ඔබ්බට ගිය දර්ශනයක් මම මගේ අත්දැකීම් අනුව මේ ලිපිවල අන්තර්ගත කළා. අපි දියුණු ද, පොහොසත් ද? පොහොසත්කම කියන්නේ මොකක්ද වගේ දේවල්. කොහොමද මේවා තීරණය කරන්නේ. එක්කෙනකුට පොහොසත් දේ අනෙක් කෙනාට දුප්පත් වෙන්න පුළුවන්.
ඉතිහාසයේ අපට මතක හිටින තීරු ලිපි තියෙනවා. වගතුග, සීයාගේ කොලම, මයුරපාද, බාසුරු වගේ. මානිගෙ තීරුව, විමලගෙ කොලම වත්මනේ මිනිසුන් අතර ජනප්‍රියයි. මේවා බොහෝ විට සමාජ ප්‍රශ්න, ගැටලු මුල් කරගෙන ලියැවුණු තීරු ලිපි. මේ තීරු ලිපි මඟින් ඉටුවුණු සහ ඉටුවන සමාජ මෙහෙවර ‘පැණි වළලු’ මඟින් ඉටුවෙනවද?
මම හිතනවා ඉටුවෙනවා කියලා. ඒක තීරණය වෙන්නේ මිනිස්සු කොයිතරම් මේ තීරුව වැලඳ ගන්නවාද කියන කාරණය මත. උපහාසාත්මක ඉදිරිපත් කිරීමකින් සමාජ වගකීමක් ඉටුවෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපට පාඨකයන්ට සමීප වීමේ ක්‍රම ගණනාවක් තිබෙනවා. මගේ ක්‍රමය එකක් පමණයි. හැඟුම්බර හා සංවේදී බවින් දෙයක් ඉදිරිපත් කිරීම හුඟාක් සාර්ථකයි.
ඔබ මේ පවසන්නේ වත්මන් පාඨකයා සරල, සිල්ලර කියැවීමක නියුතු පිරිසක් බවද?
මම හිතන්නේ විදග්ධ වුණත්, සරල වුණත් සන්නිවේදකයකුගේ කාර්ය තමයි තමන්ට අදාළ බලපෑම ග්‍රාහකයාට එල්ල කිරීමට හැකියාවක් තිබීම. මම මේකෙ ලියලා තියෙන ‘අම්මා’ කියන ලිපිය කියවපු අවිදග්ධ මිනිස්සු වගේම විදග්ධ මිනිස්සුත් ඇඬුවා. ඒ තමයි සන්නිවේදකයාගේ හැකියාව. හදවතට කිඳා බැහැලා ඒ සංවේදනාව ඇතිකරන්න පුළුවන් නම් මම දකින විදියට ඒක තමයි සමාජ වගකීම. සමාජ වගකීම කරන්න ඕනේ මෙහෙමයි කියලා කොහේවත් ලියලා නැහැනේ.
ඔබේ ‘පැණි වළලු’වල රසය මතු කරන්න ඔබ සංස්කෘතිය, හරපද්ධති, වටිනාකම් බාධාවක් කරගත්තේ නැහැ. ඒත් පැණි වළලු වුණත් වැඩියෙන් කන්න හොඳ නෑ වගේ මේ වටිනාකම් සියල්ල ප්‍රතික්ෂේප කිරීම සමාජයට කුමන බලපෑමක් එල්ල කරයිද?
පැණි වළලු සංකේතාත්මකයි. අපට පුළුවන්ද කිසිම දෙයක් කොටු කරන්න. වෙබ් අඩවි තහනම් කරන්න පුළුවන්. ඒත් ඒවා බලන එක නතර කරන්න පුළුවන්ද? අද සමාජය රාමු කරන්න බැහැ. සංස්කෘතිය වුණත් රාමු කරන්න බැහැ. විදුලි සංදේශ තාක්ෂණයේ දැවැන්ත පෙරළිය නිසා කොහොමත් කිසිම දෙයක් රාමු කරන්න බැහැ. මේ රාමුව නැති සමාජයේ අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒකට යම්කිසි උත්තේජනයක්, පිළිතුරක් තමයි මම මේ තීරුවෙන් ලබා දුන්නේ.
සුබසාධක මාධ්‍යයක් ලෙස එන රූපවාහිනිය ඔබ සභාපති ධූරය දැරූ කාලය ඇතුළත මුළුමනින් ම විනෝදාස්වාදය සහ පෙලඹවීම පමණක් ඇති කරන මාධ්‍යයක් බවට පත් කළා. එදා සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමේ ඵලවිපාකය නිසා අද පරපුරට විදග්ධ මාධ්‍ය භාවිතයක් අහිමි වීම සමාජ ඛේදවාචකයකට මුල පිරීමක් යැයි ඔබට සමාජයෙන් චෝදනා නැඟෙනවා.
මම හැම තිස්සෙම වෙනස් වෙන්න කැමති වෙනස් විදියට හිතන පුද්ගලයෙක්. මම විවෘත වුණේ ලෝකෙට. රාමුකරන තැනක නොවෙයි මම ඉන්නේ. රූපවාහිනිය ගැන වුණත් එහෙමයි. මට දැන් හැරිලා බලද්දි හිතෙනවා මට තව බොහෝ වෙනස්කම් කරන්න තිබුණා කියලා. මම ගිය වේගය මදි, ඊට වඩා වේගයෙන් මම යා යුතුව තිබුණා නේද කියලා දැන් මට හිතෙනවා. ඉන්දියාව කොච්චර දුර ගිහින්ද?
ඔබ සිතන්නේ ඒ ඔබ කළ වෙනස්කම් ඊටත් වඩා මහා පරිමාණයෙන් කළා නම් හොඳයි කියාද? නැත්නම් දෙගිඩියාවක්ද?
කිසිම දෙගිඩියාවක් නෑ. මම ගිය වේගය මදි කියලා හැඟීමක් මට තියෙන්නේ. ගන්න උදාහරණයක් විදියට ඉන්දියාව. රාමු කරපු නැති සමාජයක ඒ සමාජයට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මට ගැටුමක් තියෙනවා.
හැබැයි ඔබ කියන සුබසාධක කතාව වෙන එකක්. ලෝකේ මහජන සේවා විකාශ කියලා එකක් තියෙනවා. ලංකාවේ රූපවාහිනිය මහජන සේවා විකාශයක් නොවෙයි. රූපවාහිනිය මුදල් හම්බ කරන්න ඕන. අපේ ගුවන් කාලය අපි විකුණන්න ඕන. ගුවන් කාලය විකුණන කෙනෙක්ගෙන් කොහොමද සංස්කෘතිය රකී කියලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අර මහජන සේවා කියන එක වෙනයි. එහෙදි කාටවත් කොන්ද නමන්න ඕන නැහැ. ලංකාවේ තියෙන්නේ වාණිජ විකාශ. මම සභාපති වුණාම මම මේ ව්‍යාපාරයෙන් ලාබ අරන් පෙන්වන්න ඕන.
ඉතින් මම වෙළෙඳ පොළට බැස්සා. මහජන සේවා විකාශයක් පවත්වාගෙන යන්න ඉස්පිරිතාල දහයකට වියදම් කරන්න ඕන මුදල් වියදම් කරන්න ඕන. එහෙම පුළුවන් වුණා නම් අපිට තිබුණා අපේ නැටුම් පෙන්නන්න. විදග්ධ ගීත කලාවක් හදන්න.
මහාචාර්යවරයෙක් විදියට ඔබේ භූමිකාව රාමුගත නැහැ. පුද්ගලයෙක් රැකියාවක් ඇතුළත රාමුගත විය යුතු යැයි මම සිතන්නෙත් නැහැ. එහෙත් සිංහල මහාචාර්යවරයෙක් ලෙස ඔබ රාමුව බිඳින්නේ ශක්තිමත් හේතු සාධක නොමැති ව හුදෙක් බිඳීමේ අරමුණින් පමණකැයි මට හැඟෙනවා.
මම රාමුව බින්දෙ නැහැ. හැබැයි මම රාමුවෙන් එළියට පැන්නා. එළියට ඒම නිසා මම නිදහස් මිනිසෙක්. උදාහරණයක් විදියට ජනප්‍රිය සංස්කෘතියේ ඉන්න ඔක්කොම මිනිස්සු මේ රාමුවෙන් පැනපු අය. ගුණදාස අමරසේකර ඒ කාලේ රාමුව පැනපු කෙනෙක්. සිරි ගුනසිංහත් ඒ වගේ. දැන් ඒ වගේ අය නැහැ. ජනප්‍රිය සංස්කෘතිය ඇතුළට මහාචාර්යවරු ආවම මොකක්ද තියෙන වැරැද්ද? තරුණ පරම්පරාව ඉන්නේ එතැන. මහාචාර්යවරයකුට ගිහින් එතැන ස්ථානගත වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
ඔබ පර්යේෂණ කරන්නේ විශ්වවිද්‍යාල විදාර්ථීන්ගේ ලිංගිකත්වය ගැන. එහෙමත් නැත්නම් ඔවුන් අතර ජනප්‍රිය ම පොත මොකක්ද වගේ කාරණා ගැන. මහාචාර්යවරයෙක් විදියට ඔබේ පර්යේෂණ ගැටලු ගැන සමාජයට විමතියක් තිබෙනවා.
මම දිගින් දිගටම ඉටු කරන්නේ සන්නිවේදන භූමිකාවක්. මම කළ පර්යේෂණ ගැන සමාජයේ විශාල කතිකාවක් ඇතිවුණා. පර්යේෂණ කියන්නේ බොහෝ දුරට ප්‍රතිඵලය විද්‍යාගාරයේ තැන්පත් කරන විදියේ ඒවානේ. මම ගියා එතැනින් ඔබ්බට. සමාජයට අදාළ පර්යේෂණ කළාම ඒවට පුළුල් ප්‍රචාරයක් ලැබෙනවා.
ඔබ කළේ සමාජ විද්‍යා පර්යේෂණ. එය පැහැදිලියි. නමුත් ඒවායෙන් සමාජයට ඇති ඵලය ගැනයි ගැටලුව.
මම කළේ කාලීන වශයෙන් වැදගත් පර්යේෂණ. ඒ කාලයට ගැළපෙන පර්යේෂණ කළාම මාධ්‍ය මඟින් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා.
ප්‍රසිද්ධියයි, පර්යේෂණ ප්‍රතිඵලයයි අතර පවතින සබඳතාව කුමක්ද?
අද විශ්වවිද්‍යාල පර්යේෂණ සමාජගත වන්නේ බොහෝම අඩුවෙන්. වී ගොවිතැන ගැන හෝ ආසනික් ප්‍රශ්නය ගත්තත් එහෙමයි. කාලීන නිසා ඒවාටත් ප්‍රචාරයක් ලැබුණා.
ඔබ නිරත වන්නේ සාම්ප්‍රදායික මහාචාර්යවරයාගේ භුªමිකාවේ නොවෙයි?
මගේ භූමිකාවේ කොහොමත් කකුල් දෙක දෙපැත්තේ තියෙන ගතියක් තියෙනවා. මහාචාර්යකම වගේම මම දේශපාලනෙත් කරනවා. මගේ කොහොමත් අසම්මත ගතියක් තියෙනවා.
’පැණි වළලු’ ජනගත වූ දිනයේ මහාචාර්ය ජේ.බී.දිසානායකයන් ඔබට ආරාධනයක් කළා, විදග්ධ ලේඛනයට අවතීර්ණ වෙන්න කියලා. ඒ ගැන මොකද හිතන්නේ?
ඒක තියෙන්නේ මගේ හීනත් එක්ක. මහාචාර්යතුමා එහෙම කිව්වට පැණි වළලු විකිණිලා ඉවර වෙන්න ගියේ දවස් තුනයි. ඊළඟට මේක ටෙලි නාට්‍යයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම මේ යන්නේ වෙන කොහේද පාරක. ඒ අතරතුරේ මම දේශපාලනෙත් කරනවා. අනිත් කාරණේ මම මේ කරන්නේ මම අකමැතිම රස්සාව. මම උගන්වන්න කැමැති නැහැ. මම කැමති අභියෝග තියෙන රස්සාවකට. මහාචාර්යතුමා කියපු දේ ගැන මට හීනයක් තියෙනවා.
READ MORE - පැණි වළලු

මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා


මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

ආචාර්ය වික්ටර් රත්නායක ‘ස’ ප්‍රසංගයේ මතක මැදින්
ආචාර්ය වික්ටර් රත්නායක නම් වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රය කිසියම් වෙනසකට ලක්කළ ප්‍රවීණ සංගීතවේදියෙකි. පෙර අපර දෙදිග සංගීත මූලාශ්‍ර ඇසුරු කරගනිමින් හෙළයට ආවේණික වූ සංගීත ආරක් බිහි කිරීමට මුල්වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ මියුරු ගීත සංඛ්‍යාව සිය ගණනකි. 1973 වසරේ ඇරඹි වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය මෙරට පමණක් නොව ලොව රටවල් විශාල සංඛ්‍යාවක ඉතා සාර්ථකව වේදිකාගත විය.
“ස” ප්‍රසංගයට වසර 39 ක් සපිරෙන ජූලි 20 වැනිදා එම ප්‍රසංගයට සමුදීමට වික්ටර් රත්නායක සැරසේ. වික්ටර් රත්නායකයන් සමඟ අප රසඳුන වෙනුවෙන් සංවාදයකට එක්වූයේ “ස” ප්‍රසංගය පිළිබඳවත් ඔහුගේ අතීත සංගීත දිවිය පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
”ස” ප්‍රසංගයේ ආරම්භය සිදු වුණේ කොහොමද?
ඒ; 1973 අවුරුද්ද. ඒ දවස්වල ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණේ නෑ. පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනිය එක්ව ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” ප්‍රසංගය ඒ දිනවල ඉතාම සාර්ථකව දිවයින පුරාම වේදිකාගත වුණා. ඒ කාලයේ මගේ ළඟින්ම සිටි මිතුරන් තමයි, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර කේ. විජේතුංග, ආර්.ආර්. සමරකෝන්, හරිශ්චන්ද්‍ර වීරසිංහ, චින්තන ජයසේන වැනි අය. දිනපතාම නොවුණත් සතියකට දින දෙකක් හෝ තුනක් අපි කට්ටිය එකට හමුවුණා. එහෙම හමුවුණු දිනවල අපි අලුත් ගීත නිර්මාණය කළා, විවිධ මාතෘකා පිළිබඳව කතා කළා. දවසක් ඒ වගේ අපි කට්ටිය හමුවුණු වෙලාවක ඔවුන් මට කිව්ව “වික්ටර් ඔයාට පුළුවන්නෙ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කියල.
ඒ වනවිට කවුරුවත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වා තිබුණේ නෑ. ඒ දිනවල මගේ ගීත ඉතාම ජනපි‍්‍රයයි. ඒ වන විට මම විවිධ ශෛලියේ, විවිධ මාතෘකා යටතේ ගීත ගයල තිබුණා; බුදුගුණ ගීත, මව්ගුණ ගීත, පිය ගුණ ගීත, ප්‍රේම ගීත, දේශාභිමානී ගීත වැනි විවිධ මාතෘකා ඔස්සේ රචනා වුණු ගීත මම ගයල තිබුණා. ඒ නිසයි මගේ හිතවතුන් යෝජනා කළේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න.
ඉන්පසුව මේ ප්‍රසංගයට විවිධ නම් යෝජනා වුණා. සප්ත ස්වරයේ ඕනෑම ස්වරයක් මත “ශ්‍රැති ස්වරය වන ස ස්වරය පිහිටුවිය හැකි” නිසාත්, “සප්ත ස්වරයේ මුල් අකුර ස නිසාත් මෙම ප්‍රසංගය “ස” ප්‍රසංගය ලෙස හැඳින්වීම සුදුසු බව යෝජනා කළේ මා මිත්‍ර චින්තන ජයසේන. ඒ විදියටයි මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “ස” ප්‍රසංගය බවට පත්වුණේ. මුල්ම “ස” ප්‍රසංගය පැවැත්වුණේ 1973 ජූලි මස 20 වැනිදා ලුම්බිණි රඟහලේදී.
”ස” ප්‍රසංගය දිගින් දිගටම පවත්වන විට ඔබ අවිවේකී වන්නට ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. රටේ සෑම ප්‍රදේශයකින් ම “ස” ප්‍රසංගයට ඉල්ලුමක් ඇති වුණා. රසික රසිකාවියන් සිය ගණනින් “ස” ප්‍රසංගය වටා රොක්වෙන්න පටන් ගත්තා. සතියට දින කීපයක්ම “ස” රටේ විවිධ ස්ථානවල වේදිකා ගත වුණා. ඒ නිසා “ස” ප්‍රසංගයට සම්බන්ධ සියලුම දෙනා අතිශය කාර්ය බහුල වුණා. මම “ස” ප්‍රසංගයටම යොමුවෙලා ඉන්න විට මගෙ දරුවන්ගෙ සියලුම කටයුතුත් ගෙදර දොරේ වැඩ කටයුතුත් බලා කියාගෙන මගේ වැඩවලටත් උපරිම විදියට මගේ බිරිඳ චිත්‍රා උදව් වුණා. ඇය මගේ පසුපස නොසිටින්නට “ස” ප්‍රසංගයට මෙපමණ දුරක් එන්න ලැබෙන්නෙ නෑ. ඇය මා පසුපස සිටි යෝධ සෙවණැල්ලයි.
”ස” ප්‍රසංගය පවත්වන විට ඔබට රසික ප්‍රතිචාර උපරිම විදියට ලැබෙන්න ඇති...?
”ස” ඇරඹුණු දා ඉඳලම රට තුළදි පමණක් නොවේ, විදෙස් රටවලදි පවා පුදුම විදියේ රසික ප්‍රතිචාර ලැබුණා. “ස” අපි ආරම්භ කළේ ප්‍රසංග සිය ගණනක් පවත්වන අදහසින් නෙමෙයි. මෙපමණ කාලයක් “ස” පැවැත්වූවේ ප්‍රසංගය නැවැත්විය නොහැකි වූ නිසයි. “ස” සමඟ රට වටා යන විට සමහර පළාත්වලදි මගේ ලේන්සුව හතරට ඉරල සිහිවටන ලෙස රසික රසිකාවියන්ට දෙන්න සිදු වුණා. ඒ දවස්වල මගේ කොණ්ඩය ගොඩක් තිබුණා. ඇතැම් ප්‍රසංග අවසන් වෙලා සමරු පොත්
අත්සන් කරන විට මට දැනිල තියෙනව මගේ කෙස් වලින් අදිනව. ඒ විදියට මගේ කෙස් ගසුත් සමරු ලෙස තබාගත් රසික රසිකාවියන් සිටියා. “ස” ප්‍රසංගය නිසා දහස් ගණනකගෙන් මට ලැබුණු ආදරය ගෞරවය අසීමිතයි. ඒක මතක් වන විට සිතට දැනෙන්නෙ හරිම සතුටක්.
”ස” ප්‍රසංගය පරම්පරා 3 ක් රස වින්දා නේද?
ඔව් “ස” ප්‍රසංගයට දැන් අවුරුදු 39 යි. මීට අවුරුදු 39 කට පෙර වැඩිහිටියන් ලෙස සිටි පිරිසත් තරුණ පිරිසත් “ස” ප්‍රසංගයේ ගීත රස විඳ තිබෙනවා. එදා තරුණ පිරිසගේ දරුවන් අද “ස” රස විඳිනවා. එතකොට පරම්පරා 3 ක් “ස” ප්‍රසංගයේ ගීත රස විඳිනවා. කිසියම් රටක කලා කරුවකුට හැකි නම් පරම්පරා 3 ක රසික පිරිස් සනසවන්න ඒක විශාල භාග්‍යයක්. එවැනි දෙයක් කරන්න ලැබීම ගැන අද මම සියුම් ආඩම්බරයෙන් බුක්ති විඳිනවා.
සිංහල සිනමාවට ඔබෙන් ලැබුණු දායකත්වය අඩුයි නේද?
අඩුයි කියන්න අමාරුයි. ඒ මොකද මම චිත්‍රපට ගීත 100 ක් පමණ ගයල තියෙනව. ඒ වගේ ම චිත්‍රපට 16 ක පමණ සංගීතය නිර්මාණය කරල තියෙනව. මාතර ආච්චි, හුලවාලි, තවලම, සරුංගලේ වැනි චිත්‍රපට ඒ අතරින් සුවිශේෂයි. නමුත් කියන්න කනගාටුයි ඒ චිත්‍රපටවල සංගීතය නිසි ඇගයීමකට ලක් නොවුණු බවයි මගේ හැඟීම. මගේ සිනමා සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ සුවිශේෂී ශිල්පියෙක් තමයි සුනිල් එදිරිසිංහ. ඒ විදියට බලන විට සැලකිය යුතු මට්ටමකින් සිංහල සිනමාවේ සංගීතයට දායක වී තිබෙනවා.
මෑතදී ඇරඹුණු රියැලිටි වැඩසටහන්වලට ඔබ විරුද්ධ ඇයි?
තරු බිහි කරන සංගීත වැඩසටහන්වලට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මෙලෙස තරු බිහි කිරීම ලාංකේය තාරුණ්‍යයේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමක් ලෙසයි මම දකින්නේ. අපි තාරුණ්‍ය පෙලඹිය යුත්තේ නිර්මාණාත්මක ලෝකය බිහි කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්නා විදියටයි. එසේ නැතිව මීට අවුරුදු පනහකට හැටකට එහා ජනපි‍්‍රය ශිල්පීන් ගායනා කළ ගීත කළු මැද මැද කියන්න පුහුණු කළාට කලාවට සෙතක් වෙන්නේ නෑ.
එවිට තාරුණ්‍යයට තම අනන්‍යතාව ගොඩනඟාගන්න ලැබෙන්නේ නෑ. මම සංගීත ක්ෂේත්‍රයට එන විට අමරදේවයන්, සුනිල් ශාන්තයන්, සූර්ය සංකර් මොල්ලිගොඩ, එච්.ඩබ්ලිව්. රූපසිංහ වැනි ස්වතන්ත්‍ර ගීත ගායනා කළ හොඳ ශිල්පීන් පිරිසක් සිටියා. මමත් ඒ ශිල්පීන්ගේ ගීත ගායනා කර කර සිටියා නම් අද වික්ටර් රත්නායක කෙනෙක් නෑ. ඒ නිසා මම කවදත් අනුන්ගේ ගීතවලින් බැබළෙන ශිල්පීන් ශිල්පිනියන් අනුමත කරන්නේ නෑ. අනුන්ගේ ගීතවලින් කවුරු හරි බැබළෙනවා නම් ඔහු හෝ ඇය සැමදාම ආධුනිකයෙක්. එම පුද්ගලයා කවදාවත් ප්‍රවීණයෙක් වෙන්නේ නෑ.
ගාමිණී ෆොන්සේකා ‘ස’ ප්‍රසංගය නරඹමින්

ඔබ තාරුණ්‍ය සමඟ තරහද?
නැහැ කවදාවත්ම නැහැ. තාරුණ්‍ය තමයි රටක ජීවනාලිය. නමුත් තාරුණ්‍යයේ ඉඳගෙන, “කංසා බොන්ට හොඳා”, “තනමල්විල මල්” කියල ලියන, ගයන අයට මම දොස් කියනවා. ඒ මොකද මේ රටේ සදාචාරයක් තියෙන්න ඕනනෙ. ඒවා ගීත නෙමෙයි වාත. ඒ වගේම බඩ වියත රැකගන්න අනුන්ගේ ගීත ගයන අයටත් මම දොස් කියනවා. එහෙම නැතිව මම තාරුණ්‍ය එක්ක කවදාවත්ම තරහ නෑ.
”ස” ප්‍රසංගය නවත්වන්න සිතුවේ ඇයි?
කිසියම් ගායන ශිල්පියකුගේ ගීත රසික රසිකාවියන් අතර පවතින්නේ ඔහුගේ ගායන හැකියාව, පැහැදිලි උච්චාරණය, තනුවල ඇති අලංකාරවත් බව සහ ගීතයේ ඇති භාවමය ගුණය නිසයි. මේ ලක්ෂණ කා තුළ වුවත් සැමදා පවතින්නේ නෑ. එයයි මේ ලෝකයේ ස්වභාවය. “සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි” කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒ ධර්මතාව මටත් පොදුයි. ඒ අනිත්‍යතාව අපටත් එන බව දැන දැන තොල් පැටලි පැටලි වචන උච්චාරණය නිවැරදිව කළ නොහැකිව ගීත ගායනා කිරීම හරිද? රසික රසිකාවියන්ගේ සතුට පතා දෙන දේ රසිකයාට සතුට නොලැබෙන තත්ත්වයෙන් නොදීමට අප වග බලාගත යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ශිල්පියා කෙරෙහි රසිකයා අනුකම්පාවක් දැක්වීමයි. ශිල්පියකුට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ගෞරවයයි. “ස” ප්‍රසංගයේ අවසානය සටහන් කරන්නේ ඒ ගෞරවය මා තබා ගත යුතු නිසයි.
මෙම 20 වැනිදා ප්‍රසංගයෙන් පසුව ඔබ සංගීත කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද?
එදින සිදුවන්නේ මගේ “ස” ප්‍රසංගයේ සමාප්තිය සටහන් කිරීමයි. “ස” ප්‍රසංගයෙන් සමුගැනීමයි. නමුත් ඉන් ඉදිරියටත් වික්ටර් රත්නායක කියන සංගීත ශිල්පියා තනු නිර්මාණය කරමින්, සංගීතය අධ්‍යක්‍ෂණය කරමින්, ගීත ගයමින් ගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. 20 වැනිදා සිදුවන්නේ “ස” ප්‍රසංගය නමැති බාරදූර කටයුත්තෙන් ඉවත් වීමයි.
ගායන ශිල්පියෙකු සංගීතවේදියෙකු ලෙස ඔබ මෙතෙක් දුර පැමිණි ගමන පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
අතිශයින්ම තෘප්තිමත්. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් නෙමෙයි. කිසියම් කලා ශිල්පියකු තමා නිරතවී සිටින ක්ෂේත්‍රය පිළිබඳව හොඳින් හදාරා ඇත්නම්, ඒ දැනුම හැකියාව අන් අයටත් ප්‍රදානය කර ඇත්නම්, තම හැකියාවෙන් රසිකයා පිනවා ඇත්නම් එම ශිල්පියාට තෘප්තිමත් විය හැකියි. මොහිදීන් බෙග්, අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ජෝතිපාල, එඩ්වඩ් වැනි ශිල්පීන්ගේ සිට උරේෂා රවිහාරි වැනි මෑත යුගයේ ශිල්පිනියන් දක්වා මම මගේ නිර්මාණ දායාද කරල තියෙනව. මගේ නිර්මාණාත්මක හැකියාවෙන් මම විතරක් කීර්තිය ප්‍රසංසාව ලබාගෙන නෑ. මේ නිසා මම ඉතාම තෘප්තිමත් කලාකරුවෙක්.
READ MORE - මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා


වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

කුලරත්න ආරියවංශ
මම උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී තමයි මුලින්ම වික්ටර් අයියගේ ගීතවලට ආකර්ෂණය වුණේ. අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කලා උලෙළක් සංවිධානය කළා. ඒ කලා උලෙළට ගීත ගායනා කරන්න ආරාධනා කරන්න වික්ටර් අයියව මුණගැහෙන්න ගියා. එතකොට වික්ටර් අයියා කොළඹ ආවම ඉන්නේ සේන වීරසේකර මහත්මයාගේ ගෙදර. එතැනදි තමයි ඉස්සරලම වික්ටර් අයිය මට මුණගැහෙන්නේ. එදා ඔහු අපේ ආරාධනාව පිළිඅරගෙන කිසිදු මුදලක් ගන්නෙත් නැතුව ඔහුගේ වියදමින්ම කලා උළෙලට ඇවිත් ගීත කියලා ගියා.
ඒ පළවැනි හමුවීමෙන් පස්සෙ මම ගීත රචකයෙක් විදියට අබේවර්ධන බාලසුරිය සමඟ සමීපව කටයුතු කරන කාලේ මට නැවතත් වික්ටර් අයියව මුණගැහෙනවා. එතකොට වික්ටර් අයියා ‘ස’ ප්‍රසංගය පටන් අරගෙන. ඒ කාලේ මම රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර වැන්නන්ගේ මිතුරු සමාගමයට වැටිලා මමත් ‘ස’ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා.
ඊට පස්සෙ තමයි මට වික්ටර් අයියට ගීත ලියන්න අවස්ථාව ලැබෙන්නේ. වික්ටර් අයියගේ ඇසුර මගේ රසවින්දනය දියුණු කර ගැනීමට වගේම ඔහුට ගීත රචනා කිරීමෙන් ගීත රචකයෙක් විදියට ඉදිරියට පැමිණෙන්නටත් ලොකු පිටුබලයක් වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයත් එක්ක මමත් රට වටේ ගියා. ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එක්ව සිටි ආනන්ද වීරසිංහ ඒ කාලේ මහියංගණේ ඉස්කෝලෙක වැඩ කළේ. බොහෝ අවස්ථා තිබුණා ඔහුට ‘ස’ ප්‍රසංගයට පැමිණෙන්නට නොහැකි වුණු. එවැනි අවස්ථාවල ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට මමත් එක්වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ.විජේතුංග, කේ.ඩී.කේ.ධර්මවර්ධන වැන්නන්. ඉතාම කාර්ය බහුල ජීවිත ගත කළ මේ අයත් එක්ක හැම සති අන්තයකම ලංකාවේ කොහේ හරි ‘ස’ ප්‍රසංගය කරන එක අතිශය අමාරු කටයුත්තක් වුණා. සමහර දවසට මේ කාටවත් නිවේදන කටයුතු සඳහා පැමිණෙන්නට නොහැකි වුණා.
එවැනි අවස්ථාවක දවසක් මට වික්ටර් අයියා කිව්වා ‘ඉතින් කුලේට පුළුවන්නේ නිවේදන කටයුතු කරන්න’ කියලා. ඒ වගේ ‘ස’ ප්‍රසංග ගණනාවක මම නිවේදන කටයුතුත් කළා. ‘ස’ත් සමඟ ගත කළ ඒ අතීත ජීවිතය ඉතාම සුන්දර මතකයක්.
වික්ටර් අයියා ගායකයෙක් වශයෙන් ගත්තම හරිම පරමාදර්ශි පුද්ගලයෙක්. ඔහුගේ හඬ පෞරුෂය, රසික ගෞරවයට කැළලක් නොවන අයුරින් හැසිරුණු හැටි දිහා බැලුවාම ඔහු හරිම පිවිතුරු චරිතයක් කියලා මට හිතෙනවා. ගායකයෙක් වශයෙන් ගත්තත්, පුද්ගලයකු වශයෙන් ගත්තත් ඔහුගේ පැවැත්ම අපට හරිම ආඩම්බරයක් රැගෙන එනවා. එවැනි කෙනෙක් සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගන්නට අපිත් එක පැත්තකින් වාසනාවන්ත වෙලා තිබෙනවා.
’ස’ ප්‍රසංගය නවත්වනවාය කියන එක, එක පැත්තකින් මට විශාල කනගාටුවක්. නමුත් මේකට වෙන විකල්පයකුත් නෑ. මේක තමයි වික්ටර් අයියාගේ පෞරුෂයේ හැටි. මේ තීරණයට අපිට හිස නමන්න වෙනවා.

නොමියෙන ගායන පෞරුෂයක්

බුද්ධදාස ගලප්පත්ති
එක්දහස් නවසිය හැටේ දශකයේ හිරිමල් යෞවනයේ සිටි අපේ පරම්පරාව වික්ටර් රත්නායක ගේ මධුර ස්වරයට ලොබ බැන්දේ ආදරය කළේ කොයි විදියට ද ජීවිතයේ සැඳෑ සමයේ පසුවන අද දවසේ ද අපි ඔහුගේ හඬට ලොබ බැඳ සිටිනවා.
ඔහුගේ මධුර ගායනාවට බැඳි ආදරය අත් නොහැර සිටිනවා. කෙතරම් දිගු කාලයක් ගෙවුණත්, යෞවනයේ දී පෙම් බැඳි යුවතියක් අහිමි වුවත් ඇගේ ආදරය පිළිබඳ මිහිරි මතකයෙන්, සැමරුමින් අත්මිදිය නොහැකි ලෙසම වික්ටර්ගේ පේ‍්‍රමාන්විත මධුර ස්වරයෙන් ගැයුණු ගීතාවලියේ බහුතරයකින් ඈත්වන්නට අපට සිත් දෙන්නේ නැහැ. දිනෙන් දින අපි ඒ ගී මිහිරට ළං වෙනවා.
අතීත සුවඳින් හද පුරවා ගන්නවා. වික්ටර් ගැයූ ගී දැන් අයිති ඔහුට නෙමෙයි. ඒවා දැන් රසික ප්‍රජාව සතු අගනා වස්තූන්. ඔහුට ‘ස’ ප්‍රසංගය අත්හිටුවන්නට හෝ නැවැත්වීමට අයිතිය තිබුණත් එතෙර මෙතෙර සුවහසක් රසික ජනයා අත් පත් කොටගෙන ඇති ඔහුගේ ගායන මාධූර්යය උදුරා ගැනීමට අයිතියක් නැහැ.
වික්ටර් රත්නායක යනු නොමියෙන ගායන පෞරුෂයයි.

‘ස’ ප්‍රසංගය හතළිස් වසරක් පැවතීම වික්ටර්ගේ පරම විජයග්‍රහණයක්

ප්‍රේම් දිසානායක
ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා ආචාර්ය පණ්ඩිත් අමරදේව යන සංගීතඥයන් හෙළි පෙහෙළි කළ මෙරට සිංහල ජන සංගීත ගමන් මඟේ දිශානතිය වෙනත් මානයකට යොමු කළ පොදු ජන සංගීතඥයා වික්ටර් රත්නායකයි.
එදා මෙදා තුර වික්ටර් රත්නායකයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ගායනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් හා තනු නිර්මාණයෙන් කළ මෙහෙවර අද්විතීයයි. වික්ටර් ගේ ‘ස’ ප්‍රසංගය 70 දශකයේ පටන් අද දක්වා වසර 40ක් පුරා දර්ශන වාර 1500කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට හැකි වීමෙන්ම මෙම කරුණ සනාථ වෙනවා. එවැනි සාර්ථක මංසලකුණු සටහන් කළ ඒක පුද්ගල ප්‍රසංගයක් ලංකාවේ මෙතෙක් පැවැත්වී නැහැ. දශක හතරක් පුරා ෂක්ටර් අසීමිත රසික ජන ප්‍රසාදයක් මැද මෙම ප්‍රසංගය අති සාර්ථකව පවත්වාගෙන ඒමේ සුවිශේෂත්වය නම් සුමියුරු ගායනය, මධුර සංගීතය සහ ප්‍රසංග පෞරුෂයෙන් පමණක් ‘ස’ ප්‍රසංගය සුවිශේෂිත වීමයි.
අද වෙනත් සංගීත ප්‍රසංග පවත්වාගෙන යාම සඳහා බාහිරින් එල්ලා ඇති ආරිච්චි බෝරිච්චි අලංකරණවලින් තොරව ‘ස’ හතළිස් වසරක් අඛණ්ඩව පැවැත්වීම වික්ටර්ගේ සංගීත හා ගායන කෞශල්‍යයේ පරම විජයග්‍රහණයක් බවට විවාදයක් නැහැ.
වික්ටර් ‘ස’ සමාප්තිය සනිටුහන් කරන්නට ස්වයං තීරණයකට එළඹෙන්නේ වර්තමාන ප්‍රසංග කලාවේ පවතින මෙවන් විපරීත විලම්බීත මැද ‘ස’ ප්‍රසංගය විජයග්‍රාහී මට්ටමක පවතිද්දීයි. ගායන පෞරුෂයෙන් හා ප්‍රාසාංගික හැඩරුවින් පොහොසත්ව සිටිද්දීත් සමුගැනීමේ තීන්දුවකට එළඹෙන්නට වික්ටර් ගත් අභීත තීන්දුව ඔහුගේ නිවැරැදි සංගීත ඥානයේ සහ නිහතමානීත්වයේ සංකේතයක් බව පැහැදිලියි.

‘ස’ ප්‍රසංගය ආධුනිකයන්ට අභ්‍යාසයක්

ගීතනාත් කුඩලිගම
වික්ටර් රත්නායකයන්ගේ ඇසුරට පත්වන ඕනෑම ගීත රචකයකුට මධුර මනෝහර තනුවක් නිර්මාණය වන ආකාරයේ පද වැලක් ගොතන්නේ කෙසේ දැයි යන අභ්‍යාසය නිතැතින්ම ලබා ගැනීමට හැකිවෙනවා. සර්පිනාවේ සරපුවරු මත ඇඟිලි තුඩු එහෙම මෙහෙ යවමින් ඔහු තමන්ගේ හදවතේ ඇති මාධුර්ය ගුණය ඇඟිලි තුඩු අගින් සර්පිනාවට කවමින් රසවත් තනුවක් නිර්මාණය කරන්නේ අතිශය චමත්කාරයක් මවමින්.
බොහෝ කාලයක් තිස්සේ ඔහු සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් මා ලද ඒ අභ්‍යාසය එසේ කැටිකර දැක්වීමට පුළුවන්. සමහර විට සර්පිනාව ඉදිරියේ හිඳිමින් ඔහු ගොතන අපූර්ව ගී තනුවට උචිත පදමාලාවක් යෙදීමේ විරල අභ්‍යාසය මම ඔහු නිසා ලබා තියෙනවා. පදමාලාව කලින් ලබාගෙන තනුවක් නිර්මාණය කරන අයුරු දැක ඇතිවා වගේම කලින් තනුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවද ඊට පදවැලක් ගෙතීමේ අභ්‍යාසයද මා ඔහු නිසා ලබා තියෙනවා.
වික්ටර් අයියා (මා ඔහු අමතන ආකාරය) හා බැඳුණු මේ දිගු ඇසුරේ අග්‍ර ඵලය ඔහු වැනි ගාන්ධර්වයකුගේ චරිතාපදානය සංගෘහිත කිරීමේ අවස්ථාව මට හිමි වීමය. ඔහු වෙනුවෙන් ගීත සියයක් රචනා කළාටත් වඩා එය මහත් භාග්‍යයක් කොට මා සිතනවා. මගේ සාහිත්‍ය ජීවිතයේ එය මා ලැබූ ජයග්‍රහණයක්. එය කෙතරම් සාර්ථක ව්‍යායාමයක් වීද යත් 2003 වර්ෂයෙන් පටන් ගෙන 2011 වන විට එහි තුන්වන මුද්‍රණය කරා යෑම තරම් තෘප්තියක් රචකයකුට තවත් තියෙනවද?
මට හිතෙන්නෙ ‘ස’ ප්‍රසංගය සංගීතය පුරුදු පුහුණු වන ආධුනිකයන්ට අභ්‍යාස ආයතනයක් වගේ. ‘ස’ ප්‍රසංගයෙන් ඔහුගේ සමු ගැනීම මට දැනෙන්නෙ ඒ අභ්‍යාස ආයතනය හදිසියේ වසා දැම්මා වගේ හැඟීමක්.
READ MORE - වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

‘ස’ප්‍රසංගයේ රස කතා


‘ස’ප්‍රසංගයේ රස කතා

තල් රා ටිකක්...
අධික ජනප්‍රසාදයක් දිනා ගත් ‘ස’ ප්‍රසංගය එතෙක් සිංහල ගී ප්‍රසංගයක පහස නොලැබූ යාපනයේ සුප්‍රකට වීරසිංහම් ශාලාවේ දී ද පැවැත්වීම සඳහා වරම් ලැබිණ. ශිල්පීන් ඒ සඳහා පිටත් වූයේ ඊට පෙර දින රාත්‍රියේ ය. මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තෙක් සිනා කතාවෙන් පිරුණු බස් රථය කෙමෙන් නිහඬ වූයේ එකා දෙන්නා නින්දට වැටුණු බැවිනි. මද වේලාවකින් රියැදුරු සහ රථයේ සහායකයා හැරෙන්නට බස් රථයේ සිටි සෙසු සියල්ලෝ ම තද නින්දක ගිලී සිටියෝ ය.
ඔවුන් යළිත් ඇහැරෙන්නට පටන් ගත්තේ වටින් ගොඩින් එළිය වැටෙන්නට හෝරාවකට පමණ පෙර ය. බසයේ ජනෙල් පියන් අතරින් එළිය බැලූ ශිල්පීන් හට අඳුරේ වුව ද කෙමෙන් කෙමෙන් වෙනස් වන පරිසරය දර්ශනය විය. බැලූ බැලූ අත පෙනෙන, තමන්ට නුහුරු නුපුරුදු තල් ගස් දැකීමෙන් අමුතු ප්‍රබෝධයක් ලද ශිල්පීන් රථයේ රියැදුරු හට කථා කොට රථය නවත්වා ගත්තේ වඩාත් හොඳින් පරිසරය විඳ ගැනීමේ අපේක්ෂාවෙනි. කඳු ගැටයක මුදුනේදී බස් රථය නැවැත්විණ.
මඳ අඳුරේම බසයෙන් බැසගත් සංගීත ශිල්පීහු අවට සිරි නරඹන්නට වූහ. හීන් සිසිලසක් දැනී දෑත් පොරවා ගෙන වටපිට බැලූ එක් සංගීත ශිල්පියකු හට පාරේ මඳක් ඉදිරියෙන් හිසේ තලප්පාවක් දවටා ගත් කිසිවකු වාඩි වී සිටිනවා පෙනුණි. යාපනයේ වැසියකු දැකීමෙන් හිතට නැඟුණු අදහසක් ද ඇතිව ඔහු වෙත ගිය සංගීත ශිල්පියා තමාට පිටුපා වාඩි වී සිටි තැනැත්තා දෙස බලා උගුර පාදා මෙසේ ඇසීය.
“ලොකු උන්නැහේ, අපිට බැරිවෙයි ද මෙහෙන් හොඳ තල් රා ටිකක් හොයා ගන්ඩ? ඔහේ මෙහෙ කෙනෙක් නිසා ඒ ගැන තොරතුරු දන්නවා ඇතිනෙ.”
වාඩි වී සිටි තැනැත්තා නැගිට්ටේ තලප්පාව ගලවා අතට ගනිමිනි. හේ සංගීත ශිල්පියා දෙස බලා සාවඥ සිනාවක් මුවඟට නංවා ගත්තේ ය.
“ඇයි මහත්තයා... මම මහත්තයලා ආපු මේ බස් එකේ ඩ්‍රැයිවර්නෙ.” එසේ කියූ රියැදුරා බස් රථය වෙත ගොස් රියැදුරු අසුනට ගොඩ වුණේ ය.
ලාභයි වට්ටක්කා
ඒ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය අම්පාරේ හාඩි ටෙක්නිකල් ආයතන ශාලාවේ පැවැත්වූ දිනයයි. ඊට පෙර දින රැයේ කොළඹින් පිටත් වූ ශිල්පීන් රැගත් බස් රථය අම්පාරට ළඟා වූයේ ප්‍රසංගය දින හිමිදිරියේ ය.
උදේ ආහාරයෙන් පසු අම්පාර නගරයේ ඇවිදින්නට ගිය සංගීත ශිල්පීන් හට නගර මධ්‍යයේ පොළක් දකින්නට ලැබුණි. එක් සංගීත ශිල්පියකු ගේ වැඩි අවධානය යොමු වූයේ පොළේ එක් කෙළවරෙක අහස උසට ගොඩ ගැසූ වට්ටක්කා තොගයක් අලෙවි කරමින් සිටි වෙළෙන්දෙකු වෙත ය. ඔහු එම වෙළෙන්දා වෙත ගොස් වට්ටක්කා ගෙඩියක මිල විමසීය. ලොකු වට්ටක්කා ගෙඩියක මිල රුපියල් පහකි. සංගීත ශිල්පියා හට එය අදහාගත නොහැකි විය. තමා පදිංචි කොළොන්නාවේ හන්දියේ වට්ටක්කා ගෙඩියක මිල රුපියල් සියයකට ආසන්න බව සිහිකළ හෙතෙම දෙවරක් නොසිතා වට්ටක්කා ගෙඩි දෙකක් ම මිලදී ගත්තේ ය. ඉතා අසීරුවෙන් ඒවා බස් රථය වෙත ගෙනැවිත් එහි මුල්ලක තැන්පත් කළේ ය.
සාර්ථක ප්‍රසංග වාර දෙකකින් පසු රාත්‍රි ආහාරය ද නිමවී අම්පාරෙන් පිටත් වූ බස් රථය කොළඹට ළඟාවෙද්දී පසු දිනට එළි වී තිබුණි. සාමාන්‍යයෙන් ශිල්පීන් නිවෙස්වලට ඇරලවන්නේ රාත්‍රියේදී බස් රථය කොළඹට ළඟා වුවහොත් පමණි. ඒ අනුව ශිල්පීන් එදින පිටකොටුවෙන් බැස යා යුතු විය. බස් රථය පිටකොටුවේ නවත්වද්දී අප සංගීත ශිල්පියාට තරු පෙනුණේ තමා හට එතැන් සිට කොළොන්නාව දක්වා තම සංගීත භාණ්ඩය, ඇඳුම් බෑගය සහ වට්ටක්කා ගෙඩි දෙක ගෙන යා යුතුව ඇති බව සිහිපත් වීමෙනි. ඔහු කළ යුතු අන් පිළියමක් නොදැක ටැක්සියක් නවතා තම ආම්පන්න සියල්ල ද එහි පටවා ගෙන තම නිවෙස බලා පිටත් විය.
ඔහු කොළොන්නාවේ තම නිවෙස අසලදී ටැක්සියෙන් බැස, තම ආම්පන්න සියල්ල ද බිමට බා, ටැක්සි ගාස්තුව ලෙස රුපියල් දෙසීයක් ද ගෙවා නිවෙසට පිය මැන්නේ තමාට ම සිතින් සාප කර ගනිමිනි. අප සංගීත ශිල්පියා හට වට්ටක්කා ගෙඩි දෙක සඳහා රුපියල් එකසිය අනූ පහක් වැය වී තිබිණ.
Silumina
READ MORE - ‘ස’ප්‍රසංගයේ රස කතා

‘ස’ මතක සැමරුමක්...


‘ස’ මතක සැමරුමක්...

‘ස’ ප්‍රසංගය යනු, සිංහල සංගීතයේ වසන්ත කාලයයි. එහි මිහිරි අනුරාවයයි; සොඳුරු පිළිබිඹුවයි. ගොගොල්ගේ ‘හිම කබායෙන්’, රුසියානු ලේඛක පරපුරක් බිහිවූවාක් මෙන් වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයෙන් ද, ගායක පරපුරක් පමණක් නොව ගේය පද රචක සමූහයක් ද බිහිවුණි.
වසන්ත කාලය ගෙවී ගොසිනි.
ගිම්හානය උදාවී ඇත.
’මම මහලු වයසේ - බැරිය මියු ගායනා පෙර සේ’ යැයි සිතීමෙන් දෝ, වියපත් වික්ටර් රත්නායකයයෝ ‘ස’ ප්‍රසංගය නිමා කරනා බැව් සිය රසික ජනයාට නිවේදනය කළහ.
මෙය අතීතාවර්ජනයකට සුදුසු, හැඟීම්බර මොහොතකි.
70 දශකයේ මුල් භාගයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ශාලාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණි. එවකට නක්කාවත්ත මහා විද්‍යලයේ සංගීත ආචාර්යවරයාව සිටි වික්ටර් රත්නායකයන්ද, ඊට සහභාගි වීමට නියමිතව තිබුණි. ඔහුගේ මුල්ම ගීත වූ ‘මයුරාසන’, ‘සෝක සැනසුම්’ හා ‘සිහිල් සුළං රැල්ලේ’ එකල රසිකයන් අතර මහත් ජනපි‍්‍රයත්වයක් දිනාගෙන තිබූ අතර ගුවන් විදුලියෙන් ද නිතර ප්‍රචාරය කෙරුණි.
එදා, අන්තෝනි රඟහල් වේදිකාවට රත්නායක ගායකයා පිවිසෙද්දි ප්‍රෙක්ෂකාගාරයෙන් කසු කුසු නැඟුණි. සිහින් සිරුරැති මේ තරුණ ගායකයා සුදු කලිසමක් හැඳ, ඊට උඩින් සුදු කමිසයක් හැඳ සිටියේය. ඔහුගේ චාම් බව දුටු රසිකයින්ට, “අනේ අර තරම් ලස්සන සින්දු කියන්නෙ මේ මිනිහා’දැයි සිතුණා විය හැකිය.
ඉතා රසාලිප්තව, ගීත තුනක් ගැයු වික්ටර් රත්නායක වේදිකාවෙන් බැස ගියේය.
වික්ටර් රත්නායකයන් තාරුණ්‍යයේ රූප ශ්‍රීයෙන් බැබළෙන්නට වූයේ, ‘ස’ ප්‍රසංගයේ ‘මැදිවියේ’ දී යැයි මට සිතේ. දකින මුල් දසුනින් ම ඔහු ගාන්ධර්වයෙකු බව ඕනෑම කෙනෙකුට සිතාගත හැකි විය. සමහරු ඔහු අනුකරණය කරන්නටද වූහ.
’ස’ ප්‍රසංගය ඇරැඹුණු අවධියේ මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සවස දුම්රියේ වික්ටර් රත්නායක සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ද ගමන් කරනු මට දක්නට ලැබුණි. ඔහු සමඟ වචනයක් කතා කිරීමට මහත් ආශාවක් ඇති වූයෙන් අතරමඟදි මම අසුනින් නැගිටියෙමි.
වික්ටර් සහ සතිස්, දුම්රිය භෝජනාගාරයේ පැත්තක බීර බඳුන් දෙකක් තොලගාමින් සිටියහ. (එකල දුරගමන් දුම්රියවල බීර විකිණීමට තිබුණි)
සතිස්ගේ සොහොයුරියක මහනුවර නගරයේ පාසලක සේවය කරන බවත් මහනුවර පැවැත්වෙන ‘ස’ ප්‍රසංගයක සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම සඳහා නුවර ආ බවත් වික්ටර් රත්නායක පැවසුවේ, සුපුරුදු නිහතමානී සිනාව දෙතොලග රඳවාගෙනය.
එදා එසේ සංවිධානය කළ ‘ස’ ප්‍රසංගයට පසුව දිනයක් ලබා ගැනීම සඳහා සංවිධායකයෝ “පොර කෑහ”! ‘ස’ ප්‍රසංගයක් නැති දිනයක් කැලැන්ඩරයේ නැති තරම් විය!
රසිකයෝ ඔහුට ගරු කළහ. රසිකාවියෝ ඔහුට පෙම් කළහ. සෙනගින් පිරී, ඉතිරි, සිරවී ගිය ශාලාවල පවා කැස්සකින්වත් බාධා නොකර, වික්ටර් ගී අසන්නට ඔවුහු සැදී පැහැදී සිටියහ. ‘ස’ ප්‍රසංගයේදි ගීතයෙන් ගීතයට නොමසුරුව අත්පොළසන් දුන්හ. සැබැවින්ම එය අසිරිමත් ප්‍රසංගයකි. අන් කිසිවෙකුටවත් ඒ තලයට ළඟාවිය නොහැකි විය.
’ස’ ප්‍රසංගය බලන්නට ලැබෙන හැම වතාවක ම, සියලු වැඩ පසෙකලා ඉන් ප්‍රයෝජන ගැනීම අප සිරිත විය. තමන් ‘ස’ නැරඹූ වාර ගණන කීම එකල රසිකයිනට ආඩම්බරයට කාරණයක් ද විය.
අන්තෝනි රඟහලේ ම පැවති ‘ස’ දර්ශනයකදි, එක්වරම ශබ්ද පරිපාලනයට බාධා සිදුවිණි. වේදිකාවේ හඬ ශාලාවට නෑසී ගියේය. තිරය වැසුණි. ශ්‍රාවකයන් සන්සුන්ව ම සිටියහ.
එදා ශබ්ද පාලනය බාරව පැමිණ සිටියේ ගුවන් විදුලි සංස්ථාවෙහිද එම රැකියාවම කළ ප්‍රවීණ රංගන ශිල්පි යූ. ආරියවිමල්ය. ආරි දහදිය මුගුරු හෙළා ගෙන, ශබ්දපාලන යන්ත්‍රය පණ ගැන්වීමට උත්සාහ කළේය. එහෙත් ඉන් පලක් නොවීය.
වික්ටර් එතැනට පැමිණියේය.
”ආරි – මට වොයිස් මයික් එක විතරක් හදල දෙන්න.”
ඔහුගේ හඬ සැළුණි. ඉන් මොහොතකට පසු ශබ්ද පාලනයෙන් තොරවම ප්‍රසංගය යළි ඇරැඹුණි. සංගීතය ඇසුණේ යාන්තමිනි. වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬ පමණක් රසික දන පිනවමින් ශාලාවේ ගලා ගියේය.
වෙනදාටත් වඩා හඬින් අත්පොළසන් නැඟුණි.
වික්ටර්ගේ හඬම සංගීතයක් නම් වෙනත් සංගීතයක් කුමටද?
’ස’ ප්‍රසංගය නතර කළ හැකිද? එය සදා කාලයට ම රසික සිත් තුළ නිනද වන, සජීවී, සදාසර්ණී ප්‍රසංගයකි.


Silumina
READ MORE - ‘ස’ මතක සැමරුමක්...

Victor

READ MORE - Victor

ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්


ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්

චන්දික සීනි නැතිව බීම බොයි

සිහිනයකි ජීවිතේ දර්ශන තලයේ රසමුසු තැන්

මේ ගෙවෙන්නේ වෙහෙසකර දිනයකි. බොරැල්ල මංසන්ධියෙන් කොට්ටාව බසයකට ගොඩ වූ මම කවුළුවක් අසල අසුන්ගත වීමි. ස්වල්ප වේලාවකින් බසය ගමන් ඇරැඹීය. එහි ගුවන් විදුලි යන්ත්‍රයේ ජෝතිපාලයන්ගේ ගීතයක් වාදනය වෙමින් තිබිණි. ප්‍රේමෙන් බැඳෙන්නෝ සිටිති ලොවේ එයින් කීයෙන් කී දෙනෙකුන්දෝ දන්නේ සුවේ ප්‍රේමයේ තවත් පැතිතඩක් විවරණය කරන එම ගීතය ඇසෙන්නට පටන් ගත්තේ පන්නිපිටියට ආසන්නයෙන් බසය ගමන් කරද්දීය.
හදිසියේම කවුළුවෙන් පිටත බැලූ මගේ නෙතට හසු වූයේ තරුණයකු සහ තරුණියකි. නම් වශයෙන් හැඳින්නුවහොත් ඒ උද්දික ප්‍රේමරත්න සහ ශලනි තාරකාය. ඔවුන් දෙදෙනා පෙම් කරන වගක් මම අසා තිබුණේ ද නැත.
මෙය ජනමාධ්‍යකරුවකු වූ මට හොඳ පුවතකි. එහෙයින් වහ වහා බසයේ සීනුව නාද කොට බසයෙන් පැන ගත්තෙමි.
අවට කැමරාවක් හෝ පෙනෙන්නට නැත. ප්‍රසිද්ධ ස්ථානයක වුව ද දෙන්නාගේ හැසිරීම සාමාන්‍ය පෙම්වවතුන් යුවළක් ගානය. දැන් දෙදෙනා අතිනත් බැඳන් මා පසු කොට ගියෝය. ඒ ආදරයේ බලමහිමය කෙසේද යත් ඔවුන් මා පවා දුටුවේද නැත. සිත මේච්චල් වුව ද මාගේ දෑත එසේ නොවූවේය. මගේ අත්පොඩි නදින් උද්දික සහ ශලනි මොහොතක් නතර වුණෝය.
දෙන්නගේ ලව් එක කොච්චර ද කියනවා නම් මාවවත් දැක්කේ නැහැ නේද?
එය කියවුණේ ඉබේමය.
වචන දෙවනුව තබා සිනහවකින් පළමුව සංග්‍රහ කොට මට ‘බායි’ යන්න පවසමින් එතැන තිබූ නිවසකට දෙදෙනාම ගියෝය.
මම ද එතැනට ගියෙමි. එහෙත් පුද්ගලයකු පැමිණ ‘එන්න එපා’ යැයි අතින් සන් කළේය.
කට් . . .කට් . . . කට් . . .
නිවසින් හඬක් නික්මිණ.
ආ . . . දැන් ඇතුළට එන්න අවසරයි.
මම බන්දු ලලිත් පෙරේරා.
මේකේ ප්‍රඩක්ෂන් මැනේජර්.
ඒ මට එන්න එපා කී පුද්ගලයාය.
චන්දික නානායක්කාර සහ ශලනිගේ මව නිර්මා සුරංජි ආලින්දයේ වාඩි වී සිටිති. නව පරපුර නියෝජනය කරන උදිත් සඳරුවන් සහ ඉෂාරා සඳමිණි (කේතකී) සඳළුතලයේ කතාවකය. මා හඹා ආ පෙම්වතුන් යුවළ ද තිර පිටපතක් අතැතිව හුන් පුද්ගලයකු ළඟය.
මේ නළු නිළියන් එකතුවීමෙන් නිර්මාණය වූ නාට්‍යක් මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වේ. එහි නම සිහිනයකි ජීවිතේය. උද්දික සහ ශලනි පිටුපසින් මා පැමිණ ඇත්තේ එහි දර්ශන තලයටය.
තිර පිටපත අතැතිව සිටියේ එහි අධ්‍යක්ෂ තිස්ස විජේකෝන්ය. ඔහු මීට ප්‍රථම විශ්මය, අනුත්තරා වැනි ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය කොට ඇත.
අපි ශලනිගෙයි උද්දිකගෙයි සීන් එකක් ෂූට් කළා. උඩ තට්ටුවෙ ජනේලයක් ගාව තමයි කැමරාව තිබුණේ.
තිස්ස කීය.
මා රැවටී ඇතිවග දැනගතමුත් මම එය ඔහුට නොකීමි.
ඔයා හොද දවසක තමයි ඇවිත් තියෙන්නේ. අද ලොකේෂන් එකේ මේන් ආර්ටිස්ලා ඔක්කොම ඉන්නවා.
චන්දික මගේ අහඹු ගමන ගැන දන්නේ නැතිව එලෙස පැවසීය.
හදිසියේම නිවසෙහි මැද දොරක් විවර කරමින් ඉෂාරා දුව විත් මිදුලෙහි බහුලව ඇති බෝගන්විලා පඳුරක සැඟ වුණාය. ඇයව ඔබ හොඳින් හඳුනන්නේ ‘සිහින පියාපත්’හි ‘කේතකී’ හැටියටය.
කෝ මේ ගෑනු ළමයා?
යෝගට් එකක් අතැතිව උදිත් සොයන්නේ ඇයව බව මට ප්‍රත්‍යක්ෂ විය. ඇයි මොකද ප්‍රශ්ණේ?
මේ යෝගට්වලට හම්බු වෙච්ච හැඳි ටික ඉෂාරා අරන් දිව්වනේ.
බෝගන්විලා මල් අතරේ සැඟවුණු ඉෂාරාව දැක ගැනීමට උදිත්ට නොහැකි විය.
කොහොමද, මල කවුද මම කවුද කියලා අඳුන ගන්න බැරි වුණානේ.
ඇය ඉන් පිටතට පැමිණියේ එලෙස කියාගෙනය.
උදිත්ගේ හැඳි ගැටළුව එතැනින් නිමාව දුටුවේය.
මෙයා හොඳටම බය වුණා අපි දෙන්නා අතින් අල්ලන් මුකුළු කර කර යද්දි.
උද්දිකගේ වදන්වලට මම සිනාසුණා පමණි.
අපි දෙන්නා පොඩි ජෝක් එකක් කළේ. ‘සිහිනයකි ජීවිතේ’ නිසයි අපි ලවර්ස්ලා වුණේ.
ඊළඟ සීන් එකට බීම වීදුරුවක් ඕනේ. සහය අධ්‍යක්ෂ සුනෙත් රසාංග ඉල්ලා සිටියි.
ආ . . . මෙන්න. හැබැයි චන්දික මේකෙන් භාගයක්වත් බොන්න ඕනේ සීන් එකේදී.
හරි, හරි භාගයක් නෙවෙයි, ඔක්කොම බොන්නම්කෝ මං.
දර්ශනය ඇරැඹිණ.
කියූ පරිදි චන්දික ද බීම වීදුරුව හමාර කළේ බිඳක්වත් නොතියාය.
අයියෝ සීන් එක ඉවරද? බීම එකට සීන් දැම්මේ නෑනේ.
සහයකයකු එතැනට පැමිණියේ සීනි බෝතලයක්ද රැගෙනය.
මට ඒක දැනුණේ නැහැ. හැබැයි බීම එක පැණි රහයි.
චන්දික එය බීවේ අමාරුවෙන් බව නොකියා එලෙස කීවේය.
මම එහෙනම් ගිහින් එන්නම්.
මේ සොඳුරු දර්ශන තලයෙන් සමුගන්නට හිත නොදෙයි. තවත් මොහොතක් එහි රැඳෙන්නට ඇත්නම් යන්න මට දෙතුන් සැරයක්ම සිතිණ. නොදන්වා හෝ පැමිණිය ද රසවත් දෑ බොහොමයක් රැගෙන මම ඔවුන්ගෙන් සමු ගත්තෙමි.
‘සිහිනයකි ජීවිතේ මේ අයත් රංගනයෙන් දායක වේ.
ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, කුසුම් රේණු, මනීෂා නාමල්ගම, ලසන්ත උඩුකුඹුර, සුසිල් පෙරේරා, ලක්ෂාන් වාත්තුහේවා, සම්පත් කුමාරතුංග, නුවන් ගුණසේකර, රොහාන් රණතුංග, සම්පත් ආතාවුද.
නිෂ්පාදනය – නිල්වලා වීඩියෝ ටීම් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ.
නිෂ්පාදන විධායක – ලලිත් වසන්ත, නීල් රුක්මන්
කතාව සහ තිර රචනය - සනත් සමරනායක
කැමරා අධ්‍යක්ෂණය – ප්‍රසාද් වීරකෝන්
කලා අධ්‍යක්ෂණය - සිසිර කුමාර වන්නිනායක
සංගීත අධ්‍යක්ෂණය - ශාන්ත ජයලත් තිසේරා
ගී පද රචනා- චන්න ජයනාත්
සංස්කරණය - සමන්ත වික්‍රමසිංහ
ගීත ගායනා - එරන්ද පැතුම්, අමිලා නදීශානි
 Sarsaviya
READ MORE - ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්

රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්




රෝහණ සිරිවර්ධනගේ සරල ගී

24 වැනි දා ස්වදේශීය සේවයෙන්

වසර ගණනාවකට පසුව ජනප්‍රිය ගායක රෝහණ සිරිවර්ධන සරල ගී වැඩසටහනක් ඉදිරිපත් කරයි.
මෙම 24 දා ( අඟහරුවාදා ) රාත්‍රි 7.45 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙය ප්‍රචාරයවේ.‘ ඔබේ අතගෙන, ලොවේ කොයි කාටත් හොරෙන්, සීත කඳු රැල්ලේ, මටත් හොරෙන් රෝහණ ගැයූ ගී අතර ජනප්‍රිය ගීත කිහිපයකි.
 

READ MORE - රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්

ඒක අලුත් අත්දැකීමක්.


විහඟි වගේම මමත් සංවේදී චරිතයක්

විහඟි මට ලැබුණේ ‘තරුණී’ හරහා

භාග්‍යා ගුරුසිංහ සමඟ සුහද කතාබහක්



කොන්ක්‍රිට් පුරවරයට සිසිල ගෙනෙන සුන්දර දියවන්නා ඔය අසබඩ ඇති තුරු සෙවනට මම පියවර මැන්නෙමි. කොන්ක්‍රිට් බංකුව මත වාඩි වී සිටි සොඳුරු යුවතියගේ නෙත් පැහැර ගෙන තිබුණේ සුන්දර දියවන්නාවේ දිය රැළිය. දියවන්නාව පිස හමන මද සුළඟ වැදී ලෙළෙන දඟකාර කෙස් රොදක් ඇගේ උවනට රැගන එන්නේ අමුතු සුන්දරත්වයකි. උන් තැනින් එක් වරම නැඟිට ගත් ඈ තුරු සෙවනෙහි සක්මනක යෙදුනාය. තුරු සෙවන යට ගිමන් හරිමින් සිටි බොහෝ දෙනෙකුගේ නෙත් යොමුව තිබුණේ ඈ දෙසටය.
‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ රඟපාන විහඟි ඇවිදිනවා’මා අසලම අන් එකියක් තවත් එකියකට කොඳුරනු මට ඇසිණි. ඔවුන් කියූ දෙය නෑසුණාක් මෙන් මම විහඟි දෙසට ගමන් කළෙමි. මා දෙසට නෙත් යොමු වූයෙන් ඇගේ සක්මන නතර විය. ඇය සිනාසුණාය. ‘මම මේ ආවා විතරයි’ මා කතා කරන්නටත් පෙර ඇය කතාවට මුල පිරුවාය.
‘රෝද පුටුව ගෙදර තියලද ආවේ’
ආබාධිත යුවතිය නිරූපණය කරමින් ඈ අපට මුණ ගැසෙන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි රාත්‍රී 9.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේදී විහඟි ලෙසය.
භාග්‍යා ගුරුසිංහ.
‘මෙහෙ හිටිය කිහිප දෙනෙක්ම ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවා.’
ඈ වට පිට බැලුවේ ඔවුන් සොයන්නට මෙනි.
‘සතුටු හිතෙන ප්‍රතිචාර ලැබෙනවා වගෙයි’
ඒ කතාවට අලගු තියන්නට මෙන් කතාවට පෙර උවනෙහි නැඟුණු සිනහව ඉස්සර විය.
‘මම ගොඩක්ම ජනතාව අතරට ගියේ ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ විහඟි කියන ආබාධිත යුවතියගේ චරිතය ඔස්සේ. ඒ යුවතියට කොයි තරම් ප්‍රේක්ෂකයෝ ආදරය කරනවාද කියල දැනෙන්නේ මේ වගේ එළියේ ඇවිදින වෙලාවටයි. ඔවුන් විහඟි ගැන කොයි තරම් වද වෙනවද කිව්වොත් විහඟිට රඟපාන යුවතියත් ආබාධිත බවයි සිතන්නේ. රංගනයට නවක මටප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර චරිතය වඩාත් හොඳින් ප්‍රතිනිර්මාණය කරන්න ශක්තියක්.’
එහෙම නම් ඔබ මීට පෙරත් රඟපෑව යුවතියක්.
‘ඔව්, මුලින්ම මම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම් කිහිපයකටයි. මා රඟපෑ වෙළෙඳ දැන්වීම්වලින් වඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ලාඕජී ‘බට්ටි’ කියන දැන්වීමයි. ඉන් පස්සේ රඟපෑ ඔලේ ක්‍රීම් සෝඩා දැන්වීම මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මං විවර කරනවා. සිරස රූපවාහිනියෙන් විකාශය වුණු ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයේ අනුලාගේ චරිතය මට ලැබෙන්නේ මේ අනුවයි.
ඊට පස්සේ ‘බිනරි’, ‘කුණු දැමීම තහනම්’, ‘පියවි’ කියන ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා මා භාර ගන්නේ බොහොම සතුටින්. ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ විහඟි ලෙස රඟපාන්නට අවස්ථාව ලැබෙන්නේ ‘තරුණී’ පුවත්පතේ ගිය මගේ කවරය දැකීමෙන්. ‘තරු පිරි අහස’ හි චමින්ද වික්‍රමසිංහ කියන අයියා මට කතා කළාට පස්සේ සම්මුඛ පරීක්ෂණයකින් මම විහඟිගේ චරිතයට තෝර ගන්නවා. ප්‍රේක්ෂකයන් ආදරය කරන ‘විහඟි’ කියන චරිතය සාර්ථකව නිරූපණය කරන්න ලක්ෂ්මන් පුෂ්ප කුමාර, ජෝශප් ජෙරම්, ජගත් විජේනායක, රුවන් අයියා ඇතුළු ‘තරු පිරි අහස’ කණ්ඩායමේ හැමෝගෙන්ම ලැබුණු සහයෝගයට මා ඔවුන්ට ස්තුති කරනවා.
විහඟිව ඔබට දැනෙන්නේ කොහොමද කියල කිව්වොත්?
‘විහඟි කියන්නේ බොහොම සංවේදී යුවතියක්. ඒ වගේම ආබාධිත යුවතියක් නිසා ඇගේ හැඟීම් ප්‍රකාශ වෙන්නේ මුහුණෙන්. ඇගේ රඟපෑමේදී මුහුණේ ඉරියව් පිළිබඳ සැළකිලිමත්වීමට සිදු වුණා. මේ වගේ අවස්ථාවකදී රංගනයට ආධුනික මම වගේ කෙනෙකුට ඒක ලේසි පහසු දෙයක් වුණේ නැහැ.
ඒ නිසා මේ චරිතය මට දැනෙන අයුරින් රඟපාන්න මම උත්සාහ ගත්තා. සමහර අවස්ථාවලදී මෙහි රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් මට ලැබුණු සහාය අපමණයි. හයිසින්ත් ඇන්ටි වගේම වරකාගොඩ අංකල්ගෙන් ලැබුණු ඒ සහාය මම වගේ කෙනෙකුට බොහොම වටිනවා. යම් යම් අවස්ථාවලදී අඬන්න තියෙන දර්නවලදී මගේ ඇස් දෙකට කඳුළු ආවේ ඉබේමයි.’
විහඟි වගේ ඔබත් සංවේදී යුවතියක්ද?
‘මමත් බොහොම සංවේදි යුවතියක්. මට ඉන්නේ අයියා කෙනෙක් හා නංගියෙක්. අයියා දිල්ෂාන්. එයා රැකියාව කරන්නේ මූල්‍ය සමාගමක. නංගි නිෂාදි. ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්නවා. මමත් උසස් පෙළ කළේ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේ වානිජ අංශයෙන්. තාත්තා සුනිල් ගුරුසිංහ. ව්‍යාපාරිකයෙක්. අම්මා නීටා ගුරුසිංහ. ඈ තමයි අපි හැමෝම ආදරයෙන් බලා ගන්නේ. ඉතිං අපි පස් දෙනා බොහොම ආදරයෙන් තමයි කටයුතු කරන්නේ. අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය තමයි අපිව සංවේදී අය කරන්නේ.’
ඒ සංවේදී යුවතියට ප්‍රේමවන්තයෙක් ඉන්නවද?
‘මම මූලිකත්වය දුන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. ඉදිරියේදී දිගටම ඉගෙන ගන්න මම වඩාත් කැමැතියි. පුංචි කාලෙදි නම් නීතිඥවරියක් වීම තමයි මගේ සිහිනය වුණේ. දැන් නම් මගේ බලාපොරොත්තුව බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නයි.
මේ සියලු දේ නිසා ආදරය පිළිබඳ සිතන්න මට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් දැන් එවන් ආරාධනාවක් ලැබුණොත් ඒ පිළිබඳ සිතන්න මම කැමැතියි. එයා මට ගැළපෙන්න ඕන. ඒ වගේම ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අම්මගේ තාත්තගේ කැමැත්ත මතයි.’
දිගින් දිගටම රංගනයෙහි නිරත වෙන්න අදහසක් නැද්ද?
‘ඒක තීරණය වෙන්නේ මට ලැබෙන රංගන කටයුතු සමඟයි. කාර්යබහුල කෙනෙක් වෙන්න මගේ ඒ තරම්ම කැමැත්තක් නෑ. රැකියාවක් කරමින් රඟපාන්නත් මගේ පුංචි අදහසක් තිබෙනවා.’
මේ ළඟදී චිත්‍රපටයකටත් දායක වුණා.
‘ප්‍රවේගය’ කියන චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක අලුත් අත්දැකීමක්. ඒ වගේම මා රඟපෑ මුතු වරුසා, සංසාර ප්‍රාර්ථනා කියන ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වේවි. මේ අතර රංගනය පිළිබඳ හදාරන්නත් ඕනෑ. මුලින්ම මම හිතාගෙන හිටියේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට යන්න. ඒත් දැන් ඒ පාසල නැවතිලා. මේ දවස්වල මා රංගනය පිළිබඳ උගන්වන පාසලක් සොයමින් ඉන්නේ.’
READ MORE - ඒක අලුත් අත්දැකීමක්.

'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී

බූන්දිගෙන්, 



ජගත් ජයසේකරගේ සහ නදීකා බණ්ඩාරගේ සම නිෂ්පාදනයක් ලෙස දොරට වඩින 'භාව විරේක' වේදිකා නාට්‍යය ජුලි 29 වැනිදා සවස 7 ට කොළඹ සුදර්ශි ශාලවේ දී (BMICH ඉදිරිපිට) රඟ දැක්වේ. 'භාව විරේක' නුතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලංකාවේ තොවිල් සම්ප‍්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. වේදිකා රංග ආලෝකය පෙනුම පන්දම් මිශ‍්‍ර කරමින් ආලෝක නිර්මාණ සිදු කර ඇති මෙය එළිමහන් තියටර් අත්දැකීමක් ලෙස හැඳින්විය හැක



READ MORE - 'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී

මාලනීගේ නංගිලා

Monday, July 9, 2012

කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී, දමයන්ති.. අද
2012 ජූලි මස 06 12:34:48 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
4Share ඔවුනට මවකට එහාගිය සෙනෙහසක්, ආදරයත්  පමණක් නොව ගෞරවයක්ද ගෙන දුන් සදාදරණීය අක්කා මාලනී සෙනෙහලතා ෆොන්සේකාය ඒ මාලනිය ගැන අප බොහෝ දේ ලියා ඇත. ඉදිරියටත් ලියැවෙනු ඇත. කියවනු ඇත. නමුත් අද අපේ සූදානම ඇය ගැන කතා කිරීමට නොවේ. මාලනියගේ නංගිලා ගැන සඳහනක් කිරීමටය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ආචාර්ය මාලනි ෆොන්සේකාගේ නංගිලා අද දවසේ කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියා අපි විපරම කර බලමු.
මාලනියට නැගණියන් සතර දෙනෙකි. කල්‍යාණි, ශ්‍රීයානි, රසාදරී. සහ දමයන්ති ඒ සතර දෙනාය.

කල්‍යාණි

මාලනියගේ ලොකු නැගණිය වන කල්‍යාණි රඟපෑමේ කටයුතු වලට දායක නොවුවත්, නර්තනය ප‍්‍රගුණකර ඇත. නාරිලතා චිත‍්‍රපටයේ එක් දර්ශනයකට පමණක් පෙනී සිටි ඇයගේ සැමියා සිරිපාල වෙත්තමුණි ජීවතුන් අතර නැත. කල්‍යාණිට පුතුන් දෙදෙනෙකු සිටින අතර ලොකු පුතා උදය සුරංජන ගුවන් හමුදා නිලධාරියෙකි. අනෙක් පුතා දැන්වීම් ප‍්‍රචාරක අංශයේ නිරතව සිටියි.

ශ්‍රීයානි

මාලනියගේ මේ නැගණිය පවුලේ අටවැනියාය. තිලකා හා තිලකා වසන්තයේ දවසක්, චිං - චිං නෝනා, සමන්මලී, ඇතුළු චිත‍්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය එකල වඩා ප‍්‍රකටව ඇතේතේ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසය.වේදිකා  නාට්‍ය හැට - හැත්තෑවකට පමණ ඇය රංගනයෙන් දායක වීඇත. සැමියා ජයන්ත මෙන්ඩිස් ව්‍යාපාරිකයෙකි. ශ්‍රීයානිට පුතෙකු සහ දියණියන් දෙදෙනෙක් සිටිති. පුතා අමිත්ත ජයාංග මෙන්ඩිස්ය. ලොකු දුව තරාණා හංසනී විවාහක නමුත් තව දුරටත් උසස් අධ්‍යාපනයේ නිරතව සිටින්නීය. දෙවැනි දුව උදාර කල්පනී ගුරුවරියකි. ඇයද උපාධිය හදාරමින් සිටින්නීය. ශ්‍රීයානි ඇතුළු මේ පවුල වෙසෙන්නේ එංගලන්තයේය. 2004 දී පමණ සිය පවුලම එංගලන්තයට ගොස් ඇත්තේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු  සඳහා බවත්, පවුලක් ලෙස එකට සිටීමේ වුවමනාව නිසා බවත් ශ්‍රීයානි සඳහන් කරන්නීය.

රසාදරී

READ MORE - මාලනීගේ නංගිලා

හත්තොටුවේගම සමග වීදි බැසීම | Streets Ahead with Haththotuwegama |

This book is the first attempt to bring together a selection of Gamini Haththotuwegama’s seminal articles on theatre and cinema in a single volume.
Description
This book is the first attempt to bring together a selection of Gamini Haththotuwegama’s seminal articles on theatre and cinema in a single volume.

1961 පටන් 2009 දක්වා ගාමිණී හත්තොටුවේගම ලියූ ලිපි, රචනා, පද්‍ය හා නාට්‍ය මෙන් ම ඔහු හා පැවැත්වුණු සම්මුඛ සාකච්ඡා ද සංග්‍රහ කරගත් මේ කෘතිය
රංග කලාව හා සිනමාව පිළිබඳ හත්තොටුවේගමගේ ලිපි ලේඛන සම්භාරය කෘතියකට ගොනු කිරීමෙහිලා දැරෙන පළමු ප්‍රයත්නය යි.

...
Editor
Kanchuka Dharmasiri

Assistant Editors
Lohan Gunaweera
Nicole Calandra


සංස්කාරිකා
කංචුකා ධර්මසිරි

සහාය සංස්කාරකවරු
ලොහාන් ගුණවීර
නිකෝල් කැලැන්ඩ්‍රා
READ MORE - හත්තොටුවේගම සමග වීදි බැසීම | Streets Ahead with Haththotuwegama |

වේදිකාවෙන් මහපොළොවට

Saturday, July 7, 2012


READ MORE - වේදිකාවෙන් මහපොළොවට

ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය

http://www.dailynews.lk/2007/09/05/Z_p29-nanda.jpg
විශාරද නන්දා මාලිනිය කලක් නිහඬව සිට 2010 වසරේදී ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංග මාලාවත් රැගෙන ඔබ හමුවට පැමිණියා ඔබට මතක ඇති. සිරස නාළිකා ප්‍රධානී එස්. එම්. මරික්කාර්ගේ අදහසකට අනුව 2010 සැප්තැම්බර් මාසයේ 14 වැනිදා තමයි ඉස් ඉස්සෙල්ලාම ‘ශ්වේත රාත්‍රිය’ ආරම්භ කළේ. වසර දෙකකට ආසන්න කාලයක් පුරා මෙහි ප්‍රසංග 22 ක් රට වටා පැවැත්වුණේ සුවහසක් රසික ප්‍රතිචාර මධ්‍යයේයි. මේ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයේදී ගැයුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ ගී 25 ක්.
ගීත ලෝලී හදවත් ආමන්ත්‍රණය කළ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංග මාලාවේ අවසානය සනිටුහන් කරන්නට ය දැන් නන්දා සූදානම් වෙන්නේ. එහි අවසන් ප්‍රසංග 03 ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිතයි.
‘ශ්වේත රාත්‍රිය’ 24 වැනි ප්‍රසංගය අගෝස්තු 10 වැනිදා රාත්‍රී 7.00 ට කෑගල්ල නගර ශාලාවේදීත් අවසන් ප්‍රසංගය (25 වැන්න) සැප්තැම්බර් 14 වැනිදා රාත්‍රී 7.00 ට රත්මලාන සිරස ස්පෙයින්ස් ස්ටුඩියෝ හි දිත් පැවැත්වීමට නියමිතයි.



READ MORE - ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය

‘කොටඋඩ ගෙදර’

Silumina ශිරෝෂි ඔබ මේ දවස්වල කාර්ය බහුල ද?
ඔව් තරමක් කාර්ය බහුලයි. මේ දිනවල ‘පිනි වැස්සක්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. පිනි වැස්සක් වී. සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයක්. මේ ටෙලිනාට්‍ය ජූලි 09 වැනිදා (හෙට) සිට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.
ඔබ කලාවට පැමිණි ආකාරය...
‘සිරස’ නාලිකාවෙන් විකාශය වුණු ‘තරු මංසල’ වැඩසටහනට මම මුලින් ම සහභාගි වුණා. මගේ මුල් ම ටෙලිනාට්‍ය වුණේ ‘කොටඋඩ ගෙදර’. ඉන්පසුව ‘කාව්‍යා’, ‘දුර ගමනක්’, ‘ලොක්කයියා’ වැනි ටෙලිනාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසුව තමයි ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයට මම එක් වුණේ.
පිනි වැස්සක් ටෙලිනාට්‍යයේ ඔබ රඟපාන්නේ මොන වගේ චරිතයක් ද?
මේ ටෙලිනාට්‍යයේ මම චරිත දෙකක් රඟපානවා. එකක් සයුරි. අනෙක වෙනුරි. වෙනුරි උසස් සල්ලිකාර පවුලක කෙලිලොල් තරුණියක්. සයුරි ඉතා තැන්පත් හොඳ ගතිගුණ තියෙන චරිතයක්. චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයේ රඟපෑම මට තරමක අභියෝගයක් වුණා. නමුත් මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. පිනි වැස්සක් ටෙලි නාට්‍ය සඳුදා අඟහරුවාදා බදාදා කියන දිනවල රාත්‍රි 7.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙනවා.
කුඩා කාලයේ ඉඳලම ඔබ නර්තනයට ළැදිද?
ඇත්තෙන් ම ඔව්. නර්තනය මගේ ජීවිතයව වගේ කියලයි මට හිතෙන්නෙ. පාසල් යන කාලෙ ඉඳලම මම නර්තනය ඉගෙන ගත්තා. මම පාසල් ගියෙ රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයට. පාසලේ දි නර්තනය ඉගෙන ගත්තත් ප්‍රසිද්ධ වේදිකාවෙ නටන්න, නර්තන ප්‍රසංගවලට සහභාගි වෙන්න මම වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. මට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණත් වෙන ළමයෙක්ව ඉදිරියට දාල මම පැත්තකට වෙලා හිටිය. මටම පුදුමයි මම දැන් චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට එක්වීම ගැන.
‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටය ඔබට සුවිශේෂියි නේද?
සිරස නාළිකාවෙ ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙලා සිටින විට මට ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ රඟපාන්න ඇරයුමක් ලැබුණා. ඒ මගේ පළමු චිත්‍රපටය. එය මට හොඳ අවස්ථාවක් වුණා. ‘ඩාන්සින් ස්ටාර්’ ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් වැලඳ ගත්තා. දුෂ්‍යන්ත වීරමන් එක්ක තමයි මම එහි රඟපෑවෙ.
එම චිත්‍රපටයේ සිටි සියලුම කලා ශිල්පීන්ගෙනුත් සිරස කාර්ය මණ්ඩලයෙනුත් මට උපරිම විදිහට සහයෝගයක් ලැබුණා චිත්‍රපටයට හොඳින් දායක වෙන්න. චිත්‍රපටය තිරගත වෙලා වසර කීපයක් ගියත් ඒ චිත්‍රපටයේ මගේ රංගනය ප්‍රේක්ෂකයින්ට තාම මතකයි. මඟ තොටේ හමුවන අය - අදත් ඒ චරිතය ගැන මට ප්‍රශංසා කරනව.
ඉදිරියේදී තවත් චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත්...
මම ඉතාම සතුටින් ඒ ආරාධනය බාරගන්නවා. හැබැයි ඒ චරිතය මට ගැළපෙන මගෙ හැකියාව පෙන්වන්න පුළුවන් චරිතයක් වෙන්න ඕන.
කලා ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
ඇත්තෙන් ම ඔව්. රටක කලා ශිල්පිනියක් වෙන්න හැකියාව වගේ ම වාසනාවත් තියෙන්න ඕන.
ඔබ කලා ශිල්පිනියක් නොවුණා නම්...?
එහෙම නම් මම නැටුම් ගුරුවරියක් වේවි. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉඳීවි.
මේ ගමන එන්න ඔබට මඟ පෙන්නුව අය කවුද?
මුලින් ම මතක් කරන්න ඕන මගෙ අම්මයි තාත්තයි. ඔවුන් දෙන්න තමයි මගේ නර්තන හැකියාව දැකල මාව ඉදිරියට තල්ලු කළේ. ඉන්පසුව සෝමා ගමගේ මහත්මිය වැනි ගුරුවරු මගේ හැකියාවත් ඔපවත් කළා.
එතකොට ඔබේ පවුලේ තොරතුරු...?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි අයියයි. අයිය විවාහකයි. මගේ පවුලේ අය මගේ කලා කටයුතු වලට උපරිම සහයෝගයක් ලබාදෙනවා.
යෞවන ප්‍රේමය ඔබේ ජීවිතයට සමීප ඇති...?
ඔව්. මම ආදරයේ සුන්දරත්වය විඳින කෙනෙක්. මට පෙම්වතෙක් ඉන්නවා. ප්‍රේමය හරිම සුන්දර අත්දැකීමක්. ආදරය මගේ ජීවිතයට ගොඩක් අවශ්‍යයි. ඒ ආදරය මම දැන් ලබනවා.
රඟපෑම ඔබේ වෘත්තිය ද?
රඟපෑම වෘත්තිය ලෙස යොදාගන්න නෙමෙයි මම මුලින් ම රංගනයට ආවෙ. ආශාව නිසයි මම මුලින් ම රඟපෑවේ. රඟපෑම මගේ වෘත්තිය කරගන්නව ද කියල මට දැන් හිතිල තියෙනව.
ඔබට ගොඩක් බලාපොරොත්තු ඇති?
බලාපොරොත්තු ගොඩක් නෑ. නමුත් කලා ශිල්පිනියක විදියට හොඳ නිර්මාණවලට දායක වෙමින් කා එක්කත් සහයෝගයෙන් වැඩ කරමින් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටීමයි මගේ බලාපොරොත්තුව.



READ MORE - ‘කොටඋඩ ගෙදර’

හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා

silumina

‘සන්ෆ්ලවර්’ පෙති විසිරෙයි


පසුගිය වකවානුවේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ පැතිර ගිය ආරංචි අතර “සන්ෆ්ලවර්” සංගීත කණ්ඩායම කැඩිලා. කණ්ඩායමේ හැමෝම නීල්ව දාලා ගිහිල්ලා.” යන ආරංචිය ද විය. ඒ පිළිබඳව සත්‍ය දැන ගන්නට “සන්ෆ්ලවර්” නායක නීල් වර්ණකුලසූරිය හට මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ආරාධනා කළෙමු.
මේ, නීල් අප සමඟ කළ කතාබහයි.
“දිගු කාලයක් අපි එකට උන්නා. හැමෝම දක්ෂ වාදන ශිල්පීන්. කණ්ඩායමක වැඩි කාලයක් සුහදව උන්නු වාදන ශිල්පීන් උන්නේ ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමෙයි. ඒත් ඉතින් කාගෙ කාගෙත් යහපත උදෙසා අපිට වෙන් වෙන්න සිදුවුණා. එක්වීම සැබෑ නම් වෙන්වීමත් මේ ලෝකේ ස්වභාවය යි. මෙය මහා බරපතළ ප්‍රශ්නයක් කියලා මං හිතන්නෙ නැහැ.”
එහෙත් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔබ ගත් ඇතැම් තීරණ නිසා සමහර සාමාජිකයන්ට අසාධාරණයක් සිදුවෙන්න ඇති නේද?
“නැහැ. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා වශයෙන් මා ගත්තේ ඉතා සුදුසුම තීරණ බව කවුරුත් දන්නවා. කණ්ඩායමක් ලෙස අපි හිතන්න ඕනේ කණ්ඩායමේ පැවැත්ම ගැනයි. එසේ නැතුව අපි එකිනෙකාගේ පෞද්ගලික ඕනෑ එපාකම් සලකා කණ්ඩායමක් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. එකට වැඩ කරද්දි සුළු සුළු අමනාපකම් ඇති වෙනවා. ඒ හැරුණු විට ‘සන්ෆ්ලවර්’ හැර ගිය කිසිම සාමාජිකයෙකුට අසාධාරණයක් සිදු වී නැහැ. සමහර අයට මං නවතින්න කිව්වත් ඔවුන් ගියා. සමහරු මා සමඟ අවුරුදු පහළොව, දොළහ, අට, හත උන්නු අය. කෙසේ හෝ මේ වෙනස ඕනෑ වී තිබුණා. ඉතින් එම වෙනස සිදුවුණා. එච්චරයි.”
දක්ෂ වාදන ශිල්පීන්ගෙන් සමන්විතව පැවති ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමට මෙවැනි වෙනසක් සැබැවින්ම උවමනා වී තිබුණා ද?
“ඔව්. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා ලෙස මට අවුරුදු තිහක අත්දැකීම් තියෙනවා. මේ කාලයේ සියලු දේම අලුත් විය යුතුව තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ගැළපෙන වෙනස්කම් ඇතුව. ගායකයින් නළුවන් වුවත් එහෙමනේ. ඉස්සර වගේ නෙමේ දැන් අලුත් ගායක ගායිකාවෝ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. අපේ ගීත


ලෝලීන්ට මේ වෙනස තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒ වෙනස කළාම ටික කාලයක් යනකොට ඔවුන් අපි කළ වෙනසට කැමැති වෙනවා. ඕනෑම සංගීත කණ්ඩායමක පැවැත්මට වරින්වර මෙවැනි වෙනස් වීම් උවමනා වෙනවා.”
“සන්ෆ්ලවර්” මෙතෙක් දුර පැමිණියේ මෙවැනි වෙනස් වීම් සමඟින් ද?
“නැතුව... මෙවැනි වෙනස්වීම් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ මීට ඉහත කොපමණ වාරයක් සිදු වී තියෙනවා ද? ලූෂන් ගිහිල්ලා ‘ඩ්‍රම්ස්’ වාදනයට මහින්ද ආවා. ඒ වගේම මහින්ද ගියාම රොෂාන් ආවා. අර්නිව නතර කළාම සමහරු මට දොස් කිව්වා. අයිවෝ මුලින් ‘රිදම්’ ගිටාරයයි වාදනය කෙරුවේ.
මම ඔහුව ‘බේස්’ ගිටාරයට යෙදෙව්වාමත් කළේ වෙනසක් තමයි. ඒ වගේමයි මාලන්ව දැම්මෙත්. අතුල අයින් වුණාම ඇන්ටන්ව ‘ඕගනය’ වාදනයට යොදවා ගැනීමත් සාර්ථකව සිදු වූ වෙනස්වීම්. ඒ වෙනස්වීම් නිසා ‘සන්ෆ්ලවර්’ කැඩී ඉහිරුනේ නැහැ. ඒ වගේම තමයි දැන් ඉන්න අලුත් සාමාජිකයින් සමඟත් මේ වන විට ‘සන්ෆ්ලවර්’ සාර්ථක වී අවසානයි.”
සන්ෆ්ලවර්’ කණ්ඩායමේ අලුත් සාමාජිකයින් කවුරුන් ද?
“අලුත් සාමාජිකයින් කිව්වට මේ අය අලුත්ම අය නෙමේ. සමහරු මා සමඟ මීට ඉහත වැඩ කරලා තියෙන පළපුරුදු වාදන ශිල්පීන්. දැන් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ සාමාජිකයින් හඳුන්වා දෙනවා නම් මෙහෙමයි. රොශාන් (කීබෝඩ්) - චලන (ලීඩ්) - ශිරන්ත (බේස්) - සුදත් (රිදම්) - ප්‍රභාත් (ඩ්‍රම්ස්) - අනුරුද්ධ (ඔක්ටර්පෑඩ්) සහ ගායකයින් ලෙස නෙල්සන් වාස් සමඟ කසුන් චාමිකර. ඔවුන් අතරින් නෙල්සන් අවුරුදු තිස් දෙකක් පමණ කාලයක් සහ සුදත් අවුරුදු විසි දෙකක් පමණ කාලයක් මා සමඟ රැඳී ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායම කැඩිලා නීල් තනි වෙලා නැහැ. තරගකාරි යුගයට සරිලන අයුරු වෙනස් වීම් කිහිපයක්ම කණ්ඩායම තුළ සිදු කෙරුණා පමණයි.”
වත්මන් ක්ෂේත්‍රය පිළිබඳව ඔබට හැඟෙන්නේ මොනවා ද?
අද දක්ෂයෝ ඉන්නවා. තවත් එනවා. ලෝකය ශිඝ්‍රගාමී වෙලා. ගීත ක්ෂේත්‍රයෙත් කටයුතු සිදුවෙන්නේ එහෙමමයි. එදා ගීත වැඩි ගණනක් තිබුණේ නැහැ. එම නිසා විද්‍යුත් මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය වූ වාර ගණන වැඩියි. ඒත් ගීත ක්ෂේත්‍රය ‘පිටකොටුව‘ වගේ වෙලා. අපි නොහඳුනන නිර්මාණ අප්‍රමාණයි. හරියට ඉස්සර ගල් ලෑලිවල අකුරු ලිව්වා වගේ තමයි අද බිහිවන ගීත වැඩි ප්‍රමාණයකට අත්වන ඉරණම. ලිව්වා - මැකුවා. පොතක පෑනක ලිව්වා වගේ පැවැත්මක් ඒවාට නැහැ.”
එදා මෙදා ප්‍රසංග වේදිකාවේ වෙනස්කම් ඔබ දකින්නේ කෙසේ ද?
“එදා තරම් ගායක ගායිකාවෝ අද ප්‍රසංග වේදිකාවේ නැහැ. එදා ප්‍රසංගයක ගී ගයන්න ගායක ගායිකාවන් විසි පහක් පමණ උන්නත් අද ඉන්නේ පස් දෙනයි. රසිකත්වයත් යම් තරමක වෙනසකට ලක් වෙලා. අද චැනල් වැඩි හින්දා ගීත අහන්න ඇස් දල්වාගෙන බලා ඉන්න රසිකයෝ නැහැ ප්‍රසංග වේදිකා ඉදිරියේ. අද හිපොප් ආදි විවිධ ශෛලීන් වලින් ගැයෙන ගීත වැඩියි. එදා ශෛලින් වෙනස් වුණේ සුළු වශයෙන්. අද ඒ තත්ත්වයන් වෙනස් වෙලා. කොහොමත් එදා තරම් අද ප්‍රසංග වේදිකාව නැවුම් නැහැ.”
‘සන්ෆ්ලවර්’ ඉදිරි කටයුතු ගැන පවසනවා නම්?
“මුලින්ම මේ ටික කියන්න ඕනේ. හැබැයි ඉතින් හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා. මනුස්සයෝ වෙලත් මනුස්සයෝ වගේ හිතන්නේ නැතිකම තමයි ඒ. හරියට අනුන්ගේ වත්තේ පොල් කඩලා තමන්ගේ දරුවන්ට කන්න දෙනවා වගේ වැඩක් ඔවුන් කරන්නේ. ඉදිරියේ දී අපේ ගීත ඇල්බමයක් කරනවා. අපේ ගීත නිර්මාණවලට අමතරව වෙනත් ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කර දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වුවත් අපිට ප්‍රසංග වේදිකාවේ අභියෝගයක් නැහැ. ‘සන්ෆ්ලවර් දිගටම ඉන්නවා.’

READ MORE - හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා

කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්‍යක්ෂවරු වෙලා

Silumina

කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්‍යක්ෂවරු වෙලා


සිංහල සිනමාව, දිනේශ් පි‍්‍රයසාද් ‘නොම්මර එකේ පෙරළිකාරයකු’ ලෙස හඳුන්වන්නේ ඔහු හුදෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් පමණක් නොවේ. දිනේශ් අති දක්ෂ සිනමා කාර්මික ශිල්පියෙකි. ‘විශේෂ දෘශ්‍ය ප්‍රයෝග‘ සඳහා උපකාරී වන ‘ඔප්ටිකල් පි‍්‍රන්ටරයක්’ මෙරට මුලින්ම නිපදවන ලද්දේ ඔහු විසිනි. එසේම මෙරට ඩිජිටල් සිනමාකරණයේ පුරෝගාමියා ඔහුය. ඔහු පරිගණක හා ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේරා සමඟ එක්ව ‘සිනෙමැජික් ලංකා’ නමින් ආයතනයක් බිහිකර එමඟින් ඩිජිටල් සිනමාකරණය මෙරටට හඳුන්වා දීමට උත්සුක වූයේය.

මෙරට ඩිජිටල් සිනමාවේ පුරෝගාමියා ඔබ. ඔබ කොහොමද මේකට මුල පිරුවේ?

1991 විතර මහා නළු ගාමිණි ෆොන්සේකා මට කිව්වා, ස්ටීවන් ස්පීල්බර්ග් ‘ජුරාසික් පාක්’ කියලා චිත්‍රපටයක් කරනවා, එහි ඩයිනෝසිරයන් නිර්මාණය කරන්නේ කොම්පියුටරයෙන් කියලා. ඒ වනවිට අපේ රටේ කොම්පියුටරයක් තිබුණේ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා සතුව පමණයි. එතුමාට සමගාමීව තවත් එක් පුද්ගලයකු ළඟ කොම්පියුටරයක් තිබුණා. ඒ පරිගණක හා ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේරා ළඟ. දයානන්දගේ පරිගණක තාක්ෂණ ඥානයත් මගේ සිනමා තාක්ෂණ ඥානයත් සංකලනය කරගෙන අපි අවුරුදු හතක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී ඩිජිටල් රූප (VISHUVAL DATA)මි.මි. 35 වර්ණ සිනමා පටල (COLOR FILM NEGATIVE)මත ආරෝපණය කළ හැකි නිවැරදි යන්ත්‍රයක් නිෂ්පාදනය කළා.

ඩිජිටල් තාක්ෂණයෙන් ඔබ නිර්මාණය කළ මුල්ම චිත්‍රපටය මොකක් ද?

අපි මුලින්ම කළේ වෙළෙඳ දැන්වීමක්. ඒ සම්පත් බැංකුව සඳහාX SETනම් වූ දැන්වීම. මුල්ම චිත්‍රපටය වුණේ ’මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි.’ අධ්‍යක්ෂ මම. දයානන්ද පෙරේරා නිෂ්පාදක. ඒක වර්ණ කාටුන් (2D ANIMATE)චිත්‍රපටයක්. ලෝකයේ පළමුවැනි ඩිජිටල් සිනමාපටය ලෙස සැලකෙන ‘ස්ටාර් වෝස් - 2’ තිරගත වුණේ 2000 වසරේදී. ඒත් අපේ චිත්‍රපටය තිරගත වුණේ ඊට අවුරුද්දකට කලින්. එසේම ප්‍රථම පරිගණක ත්‍රිමාන චරිතයක් නිර්මාණය වුණේ මගේ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයෙන්. මේක තමයි සත්‍ය ඉතිහාසය.

ඒත් මෙරට ඩිජිටල් සිනමාවේ පීතෘත්වය දැරීමට වෙනත් අයත් ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබෙනවා.

ඔය ඔක්කොම චිත්‍රපට හැදුණේ අපිට පස්සේ. ඒ කියන්නේ ‘ආදරණීය වස්සානය’, ‘බහු බූතයෝ’, ‘රන් කෙවිට’, ‘සුදු සළු’ වගේ චිත්‍රපට.

ඩිජිටල් ක්‍රමවේදයෙන් හැදෙන චිත්‍රපට ‘සිනමාව‘ නෙමෙයි කියල සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා?

කොහොමද එහෙම කියන්නේ? මේක සිනමාවේ නිශ්චිත වර්ධනීය අවස්ථාවක්. ලෝක සිනමාවේ මුලින් තිබුණේ කළු - සුදු ශබ්ද රහිත චිත්‍රපට. ඊට පස්සේ වර්ණය ආවා, ශබ්දය ආවා. සිනමාස්කෝප් ආවා. මේවා සිනමාව නෙමෙයි කියලා කියන්න පුළුවන් ද? හැබැයි අපේ රටේ තවම එකම ‘සිනමාස්කෝප්’ චිත්‍රපටයක්වත් හදලා නැහැ.

හදලා නැහැ? එතකොට ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ ‘වැලිකතර’?

ඒක සිනමාස්කෝප් නෙමෙයි අල්ට්‍රාස්කෝප්. ‘වැලිකතර’ තාක්ෂණය අතින් විශිෂ්ට චිත්‍රපටයක්. මං එහෙම කියන්නේ ලෝකයේ ප්‍රථම වතාවට එක ලෙන්ස් එකකින් (මි.මි 50) හදපු චිත්‍රපටය මෙය වන නිසා. මුල් යුගයේ චාලි චැප්ලින් එහෙම කරලා තියෙනවා; ඒ නැතිබැරිකමට. තාක්ෂණය නොදැන කාටවත් එක ලෙන්ස් එකකින් චිත්‍රපටයක් කරන්න බැහැ. ‘වැලිකතර’ මම තිස් දෙවතාවක් බලපු පික්චර් එකක්. වචන දෙකක් නැහැ අති විශිෂ්ට චිත්‍රපටයක්.

ඔබ සිනමා තාක්ෂණය හොඳට දන්න අධ්‍යක්ෂවරයෙක්. ඒත් ඔබ හදන්නේ කබල් වාණිජ චිත්‍රපට?

ඔබ මට කියන්නේ කලාත්මක චිත්‍රපට කරලා හොම්බ බිම ඇණගන්න කියල ද? ඔය සම්භාව්‍ය කියන අධ්‍යක්ෂවරුන්ට අද සබ් ටයිටල් නැතුව කතාවක් කියාගන්න පුළුවන් ද? ලංකාවේ හොඳම චිත්‍රපට දහයට ගැනෙන එක් කලාත්මක යැයි කියන චිත්‍රපටයක පළමු ෂොට් එකේම කැමරාමන්ගේ හෙවණැල්ල පේනවා. ඒත් කිසිම විචාරකයෙක් ඒ වැරැද්ද පෙන්වලා දීලා නැහැ. ලෙනින් මොරායස්, එම්.එස්. ආනන්දන් කැමරාව මෙහෙයවපු චිත්‍රපටවල ඔය වගේ වැරදි තිබුණේ නැහැ. ලෙනින් තමයි අපේ රටේ බිහිවුණු සාර්ථකම වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරයා. එම්.එස්. ආනන්ද තමයි එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම කැමරා ශිල්පියා. ‘ගොළු හදවත’ චිත්‍රපටයේ පාසලේ සුදු බිත්ති පසුබිමේ සුදු ඇඳුම් ඒ දෙකේ වෙනස පේන්න ඔහු ෂූට් කරලා තියෙනවා. ඒක මෙලෝ යකෙකට කරන්න බැහැ. හොලිවුඩ්වලවත් කරන්න බැහැ.

ඔබ වැනි අධ්‍යක්ෂවරයකු ඇයි හින්දි විඩියෝ අනුකරණය කරලා චිත්‍රපට හැදුවේ?

කියන්න බලන්න මම මොන පික්චර් එකද කොපි කරලා තියෙන්නේ?

ඇයි ‘පෙරළිකාරයෝ’. ඒක ‘සත්තේ පේ සත්තා’ චිත්‍රපටයේ කොපියක්නේ?

ඒ චිත්‍රපටයෙන් මම ගත්තේ කතාව විතරයි. ‘පෙරළිකාරයෝ’ තිරගත වුණේ 1986 දී. ඒත් මම මේ හින්දි චිත්‍රපටය බැලුවේ 2007 දී. ඒ කියන්නේ අවුරුදු 21 කට පස්සේ. මගේ ‘හොඳ හොඳ සෙල්ලම්’ චිත්‍රපටයත් හින්දි කතාවක් යැයි කියනවා. මම ඒ චිත්‍රපටය හැදුවේ කොටින්ම තිරනාටකයක්වත් නැතුව.

ඔබ ටෙලිනාට්‍ය එහෙම හදන්නේ නැද්ද?

කිසිම දවසක නැහැ. මොකද, මගේ මාධ්‍යය සිනමාව. චිත්‍රපටයක් නම් එකදිගට බලන්න ඕනැ. ගෙදර ඊඍ බලනකොට ටික වෙලාවක් බලලා, එක්කෝ ඉස්තෝප්පුව අතුගානවා, නැත්නම් ඇඳුම් මඳිනවා. ඒ විදියට කලාව රස විඳින්න පුළුවන් ද? මගේ චිත්‍රපට රූපවාහිනියෙන් පෙන්නනවටවත් මං කැමැති නැහැ.

අද හැදෙන චිත්‍රපට ගැන ඔබ මොකද හිතන්නේ?

අන්තිම අභව්‍ය කතානේ අද හදන්නේ. ‘ආදම් සහ ඒව‘ කියලා පික්චර් එකක් හැදුවොත් ඒකේ ආදම් සහ ඒවගේ අත්වල ත්‍රිත්ව එන්නත ගහපු සලකුණු තියෙන්න බැහැනේ. එයින් පේන්නේ ආදම් සහ ඒවටත් කලින් දොස්තර කෙනෙක් ඉපදිලා තියෙනවා කියන එකනේ. දැන් බලන්න උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’, චන්න පෙරේරාගේ ‘අංජලිකා’ හරිම අභව්‍ය චිත්‍රපටනේ. මං දැකපු චිත්‍රපටවලින් අභව්‍යම දර්ශනය තිබුණේ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ. ඊට පස්සේ මං දැක්ක අභව්‍ය දර්ශනය තිබුණේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ.
ඒක අභව්‍ය එකේ හොඳ එක. එතකොට ‘අංජලිකා’ හරිම දුර්වල තිරනාටකයක්. මං ‘සුපර් සික්ස්’ ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද, ඒ චිත්‍රපටය තවම තිරගත වෙන නිසා. ගැලවුණු දවසට කතා කරන්නම්. අද වෙලා තියෙන්නේ කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්‍යක්ෂවරු. ජීවිතේට චිත්‍රපටයක් නොකරපු අයට ලක්ෂ 900 ගණන් වියදම් කරනවා. මට පුළුවන් ඒ සල්ලිවලින් චිත්‍රපට පහක් හදලා පෙන්වන්න. අපේ අය ලෝකයේ හොඳම කැමරා හයර් කරනවා. ඒත් පික්චර් එක හරියට හදා ගන්න බැහැ. ඕක තමයි අද අපේ සිනමාවේ තත්ත්වය.



READ MORE - කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්‍යක්ෂවරු වෙලා

මුල් පිටු


READ MORE - මුල් පිටු