කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’ කපිල කුමාර කාලිංග
කලකට පසු කැලණි සරසවියට ගියේ එහි සිසුවකු වන ගාමිණී බස්නායකගේ ‘මධුමල් සුවඳ’ නමැති කෙටිකතා එකතුව පිළිබඳ කතාබහට සහභාගි වීමටය.
ඔහු කල්තියාම මට පොතක් එවා තිබුණි. උඩින්පල්ලෙන් කියවා එය පසෙක තැබූ මම උත්සවය පැවැති 28ට දෙදිනකට පෙර යළිත් කියැවීම සඳහා පොත සෙවීමි. එය නුවරය. මා කොළඹ ය. ගාමිණීට දුරකථනයෙන් ඇමතූ මම සිදුවූ ප්‍රමාදය ගැන පවසා තවත් පොතක් ලබාගත හැකි මඟක් විමැසීමි.
”පොතක් එවන්න බැරිකමක් නැහැ. ඒත්, නෙට් (Net) එකෙනුත් පොත බලන්න පුළුවනි.”
ගාමිණී කීවේය.
අම්පාරේ, මහඔය, සේරංකඩ මහා විද්‍යාලයෙන් කැලණි සරසවියට ආ ගාමිණී බස්නායක නම් වූ තරුණ සිසුවා ඔහුගේ පළමු කෙටිකතා එකතුව අන්තර්ජාලයෙන් කියැවිය හැකි බව දන්වා සිටීම මා තුළ ඇති කළේ විමතිය මුසු සතුටකි. ඒ වනවිටත් පොත්පත් වෙබ් අඩවියෙන් (pothpath.com) 800 දෙනෙකු පමණ ‘මධුමල් සුවඳ’ කියවා හෝ දැක තිබූ බව පසුව දැනගන්නට ලැබුණි.
කෙනෙකුගේ මුල් කෘතියේ ගුණාගුණ කෙසේ වුවද ඉන් ඔහු ලබන්නේ මහත් ආස්වාදයක් බව අත්දැකීමෙන් දනිමි.
ගාමිණීගේ කෙටිකතා ගැන ප්‍රධාන දේශනය කරන්නට පැමිණ සිටියේ ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වන කේ.කේ.සමන් කුමාරය.
මා ‘දවස’ කතු මඬුල්ලේ සේවය කරන අවධියේ එක් දිනෙක (1987 පෙබරවාරි 15) සමන් ඔහුගේ මුල් කෘතිය පිරිනැමීමට එහි පැමිණියේය. සතියකට හෝ දෙකකට පසු යළිදු පැමිණියේය.
”පොත කියෙව්වද?”
”තාම නෑ සමන්. හෙට අනිද්දා කියවනවා”
අජිත් තිලකසේනගේ කෙටිකතාවලින් චමත්කාරයට පත්ව සිටි මට සමන්ගේ කෙටිකතා තුළින් ද පෙනුණේ පොඩි අජිත් කෙනෙකි. ඒ බව මම බොහෝ දෙනාට දැනුම් දුන්නෙමි.
සමන්ගේ කෙටිකතා එකතුවේ නම ‘සර්පයකු හා සටන්වැද’ විය. සමකාලීන මිත්‍ර ජනයා අතර එය කොතරම් ජනප්‍රිය වී ද යත් සමන් කුමාරට ‘සර්පයා’ යනුවෙන් නමක් ද පටබැඳුණි.
ගාමිණීගේ පොතේ වැඩේ සඳහා මා කැලණි ගියේ සමන් සමඟය. එදින උදෑසන ඔහු මට දුරකථනයෙන් කතා කළේය.
”කපිල.. මම මේ සර්පයා කතාකරන්නෙ..”
සමන් කුමාරගේ මුල්පොත ඔහු ‘සර්පයෙකු’ බවට පත්කළේ එසේය.
’70 දශකයේ ප්‍රේමය’ දොරට වඩින දා එය පිළිගැන්වීම සඳහා මා ඇරැයුම් කළේ සයිමන් නවගත්තේගමයන්ටය. මා ඔහුට මගේ පොත පිළිගැන්වූ පසු ඔහු ද මට පොතක් පිරිනැමුවේය. ඒ නවගත්තේගමයන්ගේ මුල්ම කෙටිකතා එකතුව වූ ‘මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාවෙ‘හි (1960) දෙවැනි මුද්‍රණයේ පිටපතකි! එදා මට නොවැටහුණත් පසුකලෙක නවගත්තේගමගේ සියුම් සරදම වටහා ගතිමි.
සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යයකුව සිටියදී ලියන ලද ‘ඔහුගේ කතාව‘ට පසුව නවගත්තේගමගේ පොතක් මුද්‍රණයෙන් පළවන්නේ ඊට එකොළොස් වසරකට පසුවය. ඔහුගේ ම වචනයෙන් කියනවා නම් එය මංගල මොහොතකි.
දැන් දැන් පොත් ප්‍රකාශනය සුලභය. ඒ අතර හොඳ පොත් දුලබය. පිටු දහයක පහළොවක ළමා කතාවක් ලියාගත්තෝ ද උත්සව පවත්වා දොරට වැඩීම් කරති. එබඳු තැනක ප්‍රධාන අමුත්තා “සාහිත්‍යකාමී” ප්‍රාදේශීය සභාපතිතුමාය. නොඑසේ නම් කලා රසික, පොලිස් ස්ථානාධිපතිවරයාය! අනෙක් උදවිය නෑදෑයෝය.
තවත් සමහර දොරට වැඩීම්, තනිකරම පිටකසා ගැනීම්ය. කතුවරයා ගොනාට ඇන්දවීම්ය.
මේ නිසා ම පොත කියැවීමට පෙර ඒ පිළිබඳ දේශනා බාර ගැනීම ද භයානක යැයි සමන් කුමාර කියා සිටියේය.





"ගැබ්බර මිනිසා" .... මේ ප්‍රවීන රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ නවතම නාට්‍ය නිෂ්පාදනයයි. ශ්‍රියන්ත කලා ලෝකය තුළ බොහෝ භූමිකාවන්හි නියෑලෙන චරිතයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. ඔහු වත්මනෙහි නාට්‍ය අනුමණ්‌ඩලයෙහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. නාට්‍ය අනුමණ්‌ඩලයක සභාපතිවරයකු ලෙස සිටිමින්ම යම් කලා ශිල්පියකු නාට්‍යයක් නිපදවූ පළමු අවස්‌ථාව ලෙස ද මෙය සැලකිය හැකිය.






නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ජෝර්ජ එස්. විජේගුණරත්න
තිරගත වූ දිනය – 1950 මැයි 26
තිරගත වූ දිනය – 1951 මාර්තු 09
‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන්ය. ඓතිහාසික කතා වස්තුවක් සිනමා මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය උදෙසා රැගෙන එන සනත් අබේසේකර එහි අධ්‍යක්ෂවරයා ලෙසින් මාධ්‍යයකට මෙතෙක් කී නොකී සියළු දේ සරසවිය වෙත දිග හරින ලද මොහොතක්.




චංචලා වර්ණසූරිය අපට සිටින කුසලතා පිරි දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙමින් කලා ලොවට පිවිසුණු ඇය මේ වනවිට රූපවාහිනිය, වේදිකාව, සිනමාව යන ක්ෂේත්‍ර තුනම ජයගෙන ඇත. වසරේ වැඩි කාලයක් ප්‍රංශයේ ගත කළ ද මේ දිනවල ඇය ‘සාජන්ට් ගේ නැන්දම්මා’ වේදිකා නාට්‍යය සමඟ රට වටා යයි. එම වේදිකා නාට්‍යයේ නිෂ්පාදිකාව ද ඇයය. අද සතුටු සාමීචිය වෙන් වන්නේ චංචලා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
දෙන්නා මුලින්ම රංගන ලෝකයේදී හමු වුණේ කොයි කාලේ වගේද?
අනුලාගේ රංගනය ගැන බොහෝ දේ පවසන්නට ඇති? එහෙම නේද?
‘බොලිවුඩ්පුරයේ දඩබ්බරයා’ හැටියට සමහරු හඳුන්වන සුපිරි නළු සල්මන් ඛාන් දෙස පසුගිය සතියේ ඔහුගේ රසික රසිකාවියන් වඩාත් අවධානය යොමු කළා. එයට හේතු කිහිපයක් ම තිබුණා. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වුණේ ඔහු රඟපෑ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක්. මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය කර තිබුණේ ප්‍රසිද්ධ සිසිල් බීම වර්ගයක් වෙනුවෙන්.
පේ‍්‍රමකීර්ති ද අල්විස් ප්‍රවීණ ගීත රචකයා ගේ අභාවය සිදුවී විසි වසරක් සපිරීම නිමිත්තෙන් සහ මීට වසරකට පෙර වියෝ වූ ප්‍රවීණ ගායක කලාකරු අබේවර්ධන බාලසූරිය ගේ 66 වන ජන්ම දින සැමැරුම වෙනුවෙන්
හැම දෙයක් ම දැන දැනත් තනියම විඳ දරා ගත්තා. එයාට කරන්න ඕන ඇප උපස්ථාන හැම දෙයක් ම කළා. ඇත්තටම මම අදටත් සතුටු වෙන්නෙ මම එයාව හොඳින් බලාගත්තා කියන එක ගැන හිතලා.
දු කියලා දැන් තනියම ඒවාට යන්න මට ශක්තියක් නැහැ. මගේ දෙපය වාරු නැහැ. අබේගෙ නම රැකගෙන එයා වෙනුවෙන් පින්දහම් කරගෙන එයාගෙ හිතේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ඨ කරගෙන ජීවිතේට මුහුණ දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.
හිතාදර අබේ,
මේ මොකක් ද? නාට්‍යකරුවන්ට විකල්ප මාතෘකාවක්. අපේ රංග කලාවට එක් වන තවත් අලුත් වචනයක් පමණක්ද?
මෙතෙක් ප්‍රේක්ෂකයා උදාසීනව කම්මැලිව නැරඹූ ක්‍රමය ඉවත්ව උද්යෝගීමත් වීම, ප්‍රේක්ෂකයා නිර්මාණය සමඟ ඇද බැඳ තබා ගැනීම, ප්‍රේක්ෂකයා හා රංගය අතර දැඩි බැඳීමක් ඇති වීම මෙහිදී නිරායාසයෙන් සිදු වන්නක්. එහෙත් සීමිත පිරිසකට පමණයි මෙය නැරඹීමට හැකි වන්නේ.
එතනදී ප්‍රෙක්ෂකයා ස්ථානය අනුව හැසිරිය යුතුයි. මේ විද්‍යාව එන්න එන්නම දියුණු වෙනවා. එහි ප්‍රතිඵලය තමයි නවීන රංග ක්‍රම සොයා ගැනීම. මේ බ්ලැක් බොක්ස් ක්‍රමයේදී ප්‍රේක්ෂකයන් හට රංගනයේ ඇති විශ්වාසනීය භාවය, ප්‍රේක්ෂක ප්‍රතිචාර සෘජුවම ලැබීම ආදිය නිසා රංගය අති සාර්ථක වෙනවා.
මේ හරහා ඔබෙන් රටට වන කාර්යයක් තිබෙනවාද?
මේ ගමනේ මුල කොතැනද?
මෙවර ප්‍රධාන චරිතයක් රඟපාපු ශිල්පියෙක් තෝරා ගැනීම වෙනුවට ප්‍රශස්ත රංගනය සඳහා සම්මාන පිරිනැමීම සිදු වී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. හේතුව ඉතා කෙටි නමුත් ප්‍රශස්ත රංගනයක් ඉදිරිපත් කළ හැකි ඕනෑම දක්ෂයෙකුට මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්ය කියන සංඥාව මේකෙන් ලැබෙනවා.
මෙවර හොඳම නිළිය වීම ගැන?