----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’

Saturday, March 12, 2011

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’ කපිල කුමාර කාලිංග

කලකට පසු කැලණි සරසවියට ගියේ එහි සිසුවකු වන ගාමිණී බස්නායකගේ ‘මධුමල් සුවඳ’ නමැති කෙටිකතා එකතුව පිළිබඳ කතාබහට සහභාගි වීමටය.

ඔහු කල්තියාම මට පොතක් එවා තිබුණි. උඩින්පල්ලෙන් කියවා එය පසෙක තැබූ මම උත්සවය පැවැති 28ට දෙදිනකට පෙර යළිත් කියැවීම සඳහා පොත සෙවීමි. එය නුවරය. මා කොළඹ ය. ගාමිණීට දුරකථනයෙන් ඇමතූ මම සිදුවූ ප්‍රමාදය ගැන පවසා තවත් පොතක් ලබාගත හැකි මඟක් විමැසීමි.

”පොතක් එවන්න බැරිකමක් නැහැ. ඒත්, නෙට් (Net) එකෙනුත් පොත බලන්න පුළුවනි.”

ගාමිණී කීවේය.

අම්පාරේ, මහඔය, සේරංකඩ මහා විද්‍යාලයෙන් කැලණි සරසවියට ආ ගාමිණී බස්නායක නම් වූ තරුණ සිසුවා ඔහුගේ පළමු කෙටිකතා එකතුව අන්තර්ජාලයෙන් කියැවිය හැකි බව දන්වා සිටීම මා තුළ ඇති කළේ විමතිය මුසු සතුටකි. ඒ වනවිටත් පොත්පත් වෙබ් අඩවියෙන් (pothpath.com) 800 දෙනෙකු පමණ ‘මධුමල් සුවඳ’ කියවා හෝ දැක තිබූ බව පසුව දැනගන්නට ලැබුණි.

කෙනෙකුගේ මුල් කෘතියේ ගුණාගුණ කෙසේ වුවද ඉන් ඔහු ලබන්නේ මහත් ආස්වාදයක් බව අත්දැකීමෙන් දනිමි.

ගාමිණීගේ කෙටිකතා ගැන ප්‍රධාන දේශනය කරන්නට පැමිණ සිටියේ ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වන කේ.කේ.සමන් කුමාරය.

මා ‘දවස’ කතු මඬුල්ලේ සේවය කරන අවධියේ එක් දිනෙක (1987 පෙබරවාරි 15) සමන් ඔහුගේ මුල් කෘතිය පිරිනැමීමට එහි පැමිණියේය. සතියකට හෝ දෙකකට පසු යළිදු පැමිණියේය.

”පොත කියෙව්වද?”

”තාම නෑ සමන්. හෙට අනිද්දා කියවනවා”

අජිත් තිලකසේනගේ කෙටිකතාවලින් චමත්කාරයට පත්ව සිටි මට සමන්ගේ කෙටිකතා තුළින් ද පෙනුණේ පොඩි අජිත් කෙනෙකි. ඒ බව මම බොහෝ දෙනාට දැනුම් දුන්නෙමි.

සමන්ගේ කෙටිකතා එකතුවේ නම ‘සර්පයකු හා සටන්වැද’ විය. සමකාලීන මිත්‍ර ජනයා අතර එය කොතරම් ජනප්‍රිය වී ද යත් සමන් කුමාරට ‘සර්පයා’ යනුවෙන් නමක් ද පටබැඳුණි.

ගාමිණීගේ පොතේ වැඩේ සඳහා මා කැලණි ගියේ සමන් සමඟය. එදින උදෑසන ඔහු මට දුරකථනයෙන් කතා කළේය.

”කපිල.. මම මේ සර්පයා කතාකරන්නෙ..”

සමන් කුමාරගේ මුල්පොත ඔහු ‘සර්පයෙකු’ බවට පත්කළේ එසේය.

’70 දශකයේ ප්‍රේමය’ දොරට වඩින දා එය පිළිගැන්වීම සඳහා මා ඇරැයුම් කළේ සයිමන් නවගත්තේගමයන්ටය. මා ඔහුට මගේ පොත පිළිගැන්වූ පසු ඔහු ද මට පොතක් පිරිනැමුවේය. ඒ නවගත්තේගමයන්ගේ මුල්ම කෙටිකතා එකතුව වූ ‘මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාවෙ‘හි (1960) දෙවැනි මුද්‍රණයේ පිටපතකි! එදා මට නොවැටහුණත් පසුකලෙක නවගත්තේගමගේ සියුම් සරදම වටහා ගතිමි.

සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යයකුව සිටියදී ලියන ලද ‘ඔහුගේ කතාව‘ට පසුව නවගත්තේගමගේ පොතක් මුද්‍රණයෙන් පළවන්නේ ඊට එකොළොස් වසරකට පසුවය. ඔහුගේ ම වචනයෙන් කියනවා නම් එය මංගල මොහොතකි.

දැන් දැන් පොත් ප්‍රකාශනය සුලභය. ඒ අතර හොඳ පොත් දුලබය. පිටු දහයක පහළොවක ළමා කතාවක් ලියාගත්තෝ ද උත්සව පවත්වා දොරට වැඩීම් කරති. එබඳු තැනක ප්‍රධාන අමුත්තා “සාහිත්‍යකාමී” ප්‍රාදේශීය සභාපතිතුමාය. නොඑසේ නම් කලා රසික, පොලිස් ස්ථානාධිපතිවරයාය! අනෙක් උදවිය නෑදෑයෝය.

තවත් සමහර දොරට වැඩීම්, තනිකරම පිටකසා ගැනීම්ය. කතුවරයා ගොනාට ඇන්දවීම්ය.

මේ නිසා ම පොත කියැවීමට පෙර ඒ පිළිබඳ දේශනා බාර ගැනීම ද භයානක යැයි සමන් කුමාර කියා සිටියේය.

READ MORE - කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’

සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!

සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!

පොලිසිය වටා මල් පාත්ති. ලස්‌සන ලස්‌සන පාට පාට මල් පිපිලා..." සාමා එන්න මල් පිපීදැයි බලන්න... "හෝඩි පොතේ තිබූ පාඩම මතක්‌ වේ. කූඩුවේ ඉන්න අපරාධකාරයෙක්‌ මාංචු පිටින් එළියට කැඳවාගෙන ආ ඕ.අයි.සී. මහත්තයා "චොප්පේ... එන්න මල් පිපිලාද කියලා බලන්න..." යෑයි බොහෝම හිතවත්ව ආදරයෙන් කියයි. "එන්න... එන්න... මෙයා පැමිණිල්ල පස්‌සේ දාමු.. අපි බලමු වත්තේ මල් පිපිලාද කියලා..." තරුණ පොලිස්‌ කාන්තාවක්‌ තොදොල් වෙමින් පැමිණිල්ලක්‌ දාන්න ආ වයසක අම්මා කෙනෙක්‌ගේ අතින් අල්ලාගෙන වත්තේ ඇවිද යන්නීය. මල් පැණි බොන්න ආ බඹරුන්ගේ රූං රූං හඬ, පැණි කුරුල්ලන්ගේ කීචි බීචි නාදය සිරකුටියටද ඇසේ. පාර තොටේ යන අයත් මල් පිපිලාදැයි බලන්න පොලිසිය තුළට එන්නට පෝලීම් ගැසී සිටිති... ඉන්න ඉන්න ඔයාලා හැම කෙනෙකුටම අවස්‌ථාව දෙනවා... මේ හැම දෙයක්‌ම ඉතිං ඔයාලාගේම තමයි "මුරකුටියේ ඉන්නා කොස්‌තාපල්වරයා සිනාමුසු මුහුණින් පවසයි.

මේ ඉතා නුදුරේදීම දිවයිනේ සෑම පොලිසියකම අපට දක්‌නට ලැබෙන දසුනක්‌ විය හැකිය. පොලිසිය, පොලිස්‌ නිලධාරියා කෙරෙහි ජනතාවගේ සිත්වල ආදරයක්‌ ඇති කළ යුතුය. ඒ නිසා සෑම පොලිස්‌ ස්‌ථානයක්‌ වටාම ඉදිකර තිබෙන තාප්ප කඩා දැමිය යුතුය. පොලිසිය තාප්පයකින් වෙන් කළ යුතු නොවේ. තාප්ප කඩා මල් වැවිය යුතුයි. එවිට පොලිසිය කෙරෙහි තිබෙන ජනතා ආකල්පය වෙනස්‌වනු ඇත. මේ පසුගියදාක පොලිසියට ඉහළින් ආ නියෝගයකි. ඒ අනුව මේ වන විටත් අගනුවර හා ඒ අවට පොලිස්‌ ස්‌ථාන කීපයකම තාප්ප කඩා බිමට සමතලා කර තිබෙන අයුරු අපට දක්‌නට ලැබිණි.

ඇත්තටම ජනතාවට පොලිසිය අරහං වී ඇත්තේ තාප්පය නිසාද... තාප්ප කැඩීමෙන් පසු පොලිසිය කෙරෙහි ඇති ජනතා ආකල්පය වෙනස්‌ වේවිද...

පොලිසියත් ජනතාවත් අතර කාලාන්තරයක පටන් තාප්පයක්‌ නැතිනම් පවුරක්‌ ඉදිව තිබෙන බව නම් සත්‍යයකි. එය ගලක්‌ බැඳි තාප්පයක්‌ නොවේ. අකාරුණික බව, කෲර වධහිංසාව, අල්ලස, ඇතුළු තවත් විවිධ අකටයුතුකම් නමැති පවුර නිසා පොලිසිය ජනතාවගෙන් ඈත්ව තිබේ. සැබවින්ම කඩා බිඳ දමා පොළවට සමතලා කළ යුත්තේ මේ පවුර මිස ගලින් බැඳි තාප්පය නොවේ.

තාප්පයකින් වටවූ පොලිස්‌ ස්‌ථාන තුළ විය යුතු දැ මෙන්ම නොවිය යුතු දැත් සිදුවේ. එනිසා තාප්ප කඩා මල් වවන්න තීරණය කළා යෑයි සිතිය හැකිය. ඒත් තාප්පය කැඩූ පමණින් ගොඩනැඟිල්ල තුළ සිදුවන දෑ ජනතාවට නිරා වරණය වේද.

රාජ්‍ය ආයතන අතුරින් දූෂිතම ආයතනය පොලිසිය බව පසුගිය කාලයේ විවිධ සමීක්‍ෂණ වාර්තා පෙන්වා දුන්නේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉතා වැදගත් මහත්වරුද සේවය කරති. ඒත් මහත්වරුන්ට වඩා සිටිනුයේ මහත්හොරුය. පොලිස්‌ දෙපාර්තමේන්තුව වසර සියයකට වඩා පැරැණිය. මේ කාලය තුළදී පොලිසිය වෙතින් සාමාන්‍ය ජනතාව ඈත් වූවා මිස ළං වීමක්‌ සිදුවූයේ නැත.

පණ පිටින් අත්අඩංගුවට පත්වන සැකකරුවන් දිනකට දෙකකට පසු යළි නිවසට එන්නේ පෙට්‌ටියකිනි. අඟුලාන තරුණයන් දෙදෙනාගේ ඝාතනය එක්‌ උදාහරණයක්‌ පමණි. බම්බලපිටිය මුහුදේදී පොලිස්‌ නිලධාරියකු අහිංසකයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ද තවත් උදාහරණයකි. ඒ පොලිසිය කෙරෙහි ජනතාව තුළ ඇති වැරදි ආකල්පය තිව්‍ර කළ සිද්ධීන් දෙකකි.

මුදල් සහ වෙනත් වාසි තකා පොලිස්‌ පැමිණිලි පොතේ පිටු ගලවා පැමිණිලි යට ගැසීම සාක්‌කි සටහන් අතුරුදන් කිරීම ද ඇතැම් පොලිස්‌ ස්‌ථානවල සිදුවන්නකි. බොහෝ පොලිස්‌ ස්‌ථානවල වත්තපිටිය ශුද්ධ කරන්නේ හෙරොයින්වලට ඇබ්බැහි වූවන්ය. ඔවුන්ට දවසේ දීමනාවක්‌ ගෙවනු ලබයි. ඒ මුදලින් නොව හෙරොයින්වලිනි. දවසේ වැඩ නිමවූ පසු කුඩු පැකැට්‌ටුවක්‌ පොලිසිය විසින්ම අදාළ තැනැත්තාට ලබාදේ. මෙවැනි සිද්ධියක්‌ අඟුලාන ද්විත්ව ඝාතන නඩු විභාගයේදී ද මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ සාක්‌කිකරුවෙකු අනාවරණය කළේය. එය ඇසූ විනිසුරුවරයාද මවිතයට පත්විය.

සැකකරුවන් සමග අත්අඩංගුවට ගන්නා හෙරොයින් රස පරීක්‍ෂකවරයා වෙත උසාවිය හරහා ඉදිරිපත් කරන්නේද පොලිසිය විසිනි. එහෙත් අවසානයේදී රස පරීක්‍ෂකවරයාගේ නිගමනයට අනුව පොලිසිය එවූ කුඩු පැකැට්‌ටුවේ ඇත්තේ පාං පිටිය. හෙරොයින් නැත. සැකකරු නිදහස්‌ය.

පොලිස්‌ නිලධාරීන් දිනපතා තමන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරයි. සැකකරුගේ ඥතීන් ද උදෑසනම පොලිසියට පැමිණේ. සිගරට්‌, සිසිල් බීම වලින් පොලිස්‌ නිලධාරීන්ට සංග්‍රහ කිරීමට මේ ඥතීන්ට සිදුවේ. ඒ සැකකරුට අගතියක්‌ වේ යෑයි බියෙනි. දිවා ආහාර වේලද මේ ඥතීන්ගෙනි. චයිනිස්‌ රෙස්‌ටුරන්ට්‌ එකක නමක්‌ කියන පොලිස්‌ නිලධාරියා සැකකරුගේ ඥතින් ලවා උසාවියේ පොලිස්‌ මුරපළ වෙත පයිඩ් රයිස්‌, බුරියානි ගෙන්වා ගනී. සැකකරුට අගතියක්‌ වේ යෑයි බියෙන් ඔවුන් පොලිස්‌ නිලධාරීන්ට දිවා ආහාරය ද ලබාදේ. (ඇතැම් පොලිස්‌ නිලධාරීන් මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධ බවද මෙහිදී සඳහන් කළ යුතුය.) මේ ආකාරයට සැකකරුගෙන් කන බොන පොලිස්‌ නිලධාරියා විවෘත අධිකරණයේදී ඔහු වෙනුවෙන් කළ ගුණ දක්‌වයි. "ස්‌වාමිනී සැකකරු ඇප මත මුදා හරිනවාට විරුද්ධ නැහැ..." යෑයි පොලිස්‌ නිලධාරියා විනිසුරුවරයාට පවසයි. පොලිසියේ ඉල්ලීම මත සැකකරුට ඇප ලැබේ.

කුඩු, ගංජා, කසිප්පු මෙන්ම ගණිකා නිවාස වැටලීම සඳහා ද පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම් පිටින් පොලිස්‌ ස්‌ථානයෙන් පිටව යති. අදාළ වැටලීමට පෙර කුඩු ජාවාරම්කරුට, ගංජා, මුදලාලිට, කසිප්පු මුදලාලි සහ ගණිකා නිවාසයේ මැඩම්ට පොලිසිය පැමිණෙන බවට "නිව්ස්‌" එක ලැබී අවසන්ය. ජීප් රියට නැඟීමට පෙර වැටලීමේ කණ්‌ඩායමේ නිලධාරියකුම අදාළ ජාවාරම්කරුට ඔත්තුව ලබාදී අවසන්ය.

පොලිසිය ඇතැම් විට කිසිදු වරදක්‌ නොමැති අහිංසකයන් සැකපිට අත්අඩංගුවට ගනී. ප්‍රදේශවාසීන්, ඥතීන් සියල්ලෝ ඔහු අහිංසක බව දනී. එහෙත් පොලිසියට ඔහු අපරාධකාරයෙකි. නොකළ වැරදි ගැන අසමින් පහර දෙති. අවසානයේ ඔහු අහිංසකයකු බව පොලිසිය ද වටහා ගනී. එහෙත් ප්‍රමාද වැඩිය. පහරදී ඇත. නිදහස්‌ කළොත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව එල්ල වේ. එනිසා පොලිසිය මේ චෝදනාවෙන් ගැලවීමට උපක්‍රම යොදයි. ඒ අහිංසකයා අපරාධකරුවෙකු බවට පත් කිරීමය. අහිංසකයා සන්තකයේ කුඩු හෝ ආයුධ, නැතිනම් බෝම්බ තිබූ බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කරයි. නිර්දෝෂී පුද්ගලයා රිමාන්ඩ් බාරයට පත් කරයි. පොලිසිය අහිංසකයන් දරුණු අපරාධකරුවන් බවට පත් කරන්නේ ඒ ආකාරයටය.

මහමග සැඟවී සිට රථ වාහන වැරදි කරනතුරු බලා ඉන්නා පොලිස්‌ නිලධාරීන් වාහනය නතර කරති. උසාවි යැම කරදරයක්‌ බව දන්නා රියෑදුරෝ ගොඩින් ප්‍රශ්නය විස¹ ගනී. ඇතැම් පොලිස්‌ නිලධාරීන් දඩ කොළය සඳහා වැරදි හදති. රියෑදුරා අත කිසිදු වරදක්‌ නැතත් අඩුම ගානේ වාහනයේ විදුලි පහනක්‌ නැතැයි චෝදනා කරමින් හෝ දඩ කොළ ලියන අවස්‌ථා ඇත. දේශපාලකයන් නිසා අසරණ වන පොලිස්‌ නිලධාරීන් සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට අපහාසයක්‌ ලෙස හැසිරෙන අවස්‌ථාද දක්‌නට ලැබේ. විරුද්ධ පක්‍ෂවල විරෝධතා උද්ඝෝෂණවලට පහර දෙන මැරයන්ට ආරක්‍ෂාව දීමට ඇතැම් පොලිස්‌ නිලධාරීන්ට සිද්ධ වන්නේ දේශපාලන බලධාරීන්ගේ නියෝග මතය. පසුගියදාක කොළඹදී සරසවි සිසු උද්ඝෝණයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ ආකාරය ඉන් අපහසුතාවටම පත්වූ සරසවි සිසුන්ගේ දසුන අතිශය දුක්‌බරය. එහෙත් සරසවි සිසුන්ගේ පැත්තෙන් ගත්කල ඔවුන් මේ අරගල කරනුයේ අනාගත පරපුරේද අයිතිවාසිකම් රැක ගැනීමටය. අද ඔවුන්ට පහර දෙන පොලිස්‌ නිලධාරියාගේ දරුවාට ද හෙට මේ අයිතිවාසිකම් භුක්‌ති විඳීමේ අවස්‌ථාව වෙනුවෙන් ඔවුහු අරගල කරති.

අප මේ සඳහන් කළේ පොලිස්‌ නිලධාරීන් විසින් සිදුකරන ජනතාවට අප්‍රසන්න ක්‍රියාවන් කිහිපයක්‌ පමණි. පොලිසිය සහ ජනතාව වෙන් කරන්නේ එවැනි දේය. දෙපාර්ශ්වය වෙන් කරන පවුර එයයි. එහෙත් ජනතාවගේ මේ ආකල්පය වෙනස්‌ කරන්න ආණ්‌ඩුව උත්සාහ කරන්නේ පොලිසියේ තාප්ප කඩා බිඳ දමමින් නම් එය නිශ්ඵල ක්‍රියාවකි. කළ යුත්තේ පොලිස්‌ නිලධාරීන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් වෙනසකට ලක්‌ කිරීමය.

තාප්ප වෙන් කිරීමෙන් ජනතාව ළංකර ගත හැකිනම්, ජනතා විශ්වාසය ගොඩනැංවිය හැකිනම් ඉදිරි මැතිවරණවලදී අපේක්‍ෂකයන් ලෙස තරග වදින ලොකු ලොක්‌කෝද තම නිවෙස්‌ වටා ඉදිකර ඇති මහා ප්‍රාකාර කඩා බිඳ දමනු ඇත. එසේ නම් ඉදිරියේදී අරලියගහ මැඳුරේ තාප්පය ද කඩා බිඳ දැමීම නොකර සිටීද.

පොලිසියේ ඉහළම තලයේ සිටින අයෙකුගේ බිරියට ද බැක්‌ අප් රථවලින් ආරක්‍ෂාව ලබාදෙන බව පසුගියදා රටම දැන ගත්තේය. ඒ සිදුවූ හදිසි අනතුරක්‌ නිසාය. අදාළ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ බිරියට ආරක්‍ෂාව සපයමින් වේගයෙන් ආ ජීප් රියකට අහිංසක යතුරුපැදිකරුවෙක්‌ ගැටී මරණයට පත්විය. පොලිස්‌ නිල දරුවෙකුගේ බිරියක්‌ මෙතරම් වේගයෙන් යන රාජකාරි කටයුත්ත කුමක්‌ද... ඇයට ආරක්‍ෂාවට බැක්‌අප් රථ අවශ්‍යද... මේ ජනතාවගේ සිත් සතන් තුළ ඇතිවන ප්‍රශ්නය.

තාප්ප කඩන්නේ පොලිස්‌ ස්‌ථානය කෙරෙහි ජනතාවට ප්‍රසාද ජනක හැඟීමක්‌ ඇති කරවීම සඳහා යෑයි යමෙකුට පැවැසිය හැක. එසේ නම් අප පෙරකී ස්‌ථානයන්හි ද තාප්ප කඩා බිඳ දැමිය යුතුය. පාසල්, පල්ලි, පන්සල් ආදියේ ද තාප්ප කඩා බිඳ දැමීය යුතුය.

තාප්ප කඩා දැමීමෙන් පොලිසිය හා පොලිස්‌ නිලධාරීන් කෙරෙහි ඇති ජනතා ආකල්පය වෙනස්‌ වේද යන්න ගැන තීරණය කිරීම ජනතාවටම භාර කරමු.

අජිත් අලහකෝන්

Copy Rights -Diwayina

READ MORE - සාමා එන්න පොලිසියේ මල් පිපීදැයි බලන්න!

Weekly Art News 01

Your Art News send To - tissa333@gmail.com

Copy Rights - Divayina

READ MORE - Weekly Art News 01

බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..

බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..



වේදිකාවේ රැඳී සිටීම දුෂ්කර ක්‍රියාවක්‌. ඒ නිසාම නාට්‍යයක්‌ දෙකක්‌ හැදූ අය වේදිකාව අතහැර යති. වේදිකාවෙන් මුදලක්‌ හම්බකර ගත නොහැකි නිසා නළු නිළියෝද වේදිකාව හැර එක්‌කෝ මෙගා ටෙලි නාට්‍ය රඟති. නැතිනම් නිවේදන කටයුතු කරති.

අවුරුදු හතළිහක්‌ අඛණ්‌ඩව වේදිකාවේ රැඳී සිටිමින් දුක්‌ කඳුළු විඳ නාට්‍ය හතක්‌ නිර්මාණය කළ අයෙක්‌, තමාගේ නාට්‍යවල පමණක්‌ නොව මේ අවුරුදු හතළිහ පුරා අන් අයගේත් නාට්‍යවල රඟපෑ අයෙක්‌ සිටීනම් හේ ජයලත් මනෝරත්නය. මනෝරත්න සර්වකාලීන වටිනාකම් සහ ජීවිතය ගැන කියා දෙන නාට්‍යකරුවෙක්‌ බව විචාරකයෝ පවසති. දැන් ඔහු සිය අටවැනි නිර්මාණය සමග ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට සූදානම්ව සිටී. මනෝ මෙවර වේදිකාවට ගොඩවන්නේ කතා කරන බූරුවෙකු සමගිනි. අසූවේ කණ්‌ඩායම සමග එක්‌ව "බූරුවා මහත්තයා" මෙම 11, 12 යන දිනවල සවස 6.45 ට ලුම්බිණි රඟහලේද ඊට පසුදා එනම් 13 වැනිදා සවස එල්ෆීන්ස්‌ටන් රඟහලේද ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණේ.

ප්‍රවීණ නාට්‍යවේදී රංගන ශිල්පී ජයලත් මනෝරත්න "බූරුවා මහත්තයා" පිළිබඳ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සම්මුඛ සාකච්ඡාවක්‌ කළේය. මතු පෙළ ගැස්‌වෙන්නේ එකී සාකච්ඡාවේ සටහන්ය.

ඔබ මෙවර වේදිකාවට ගෙන එන්නේ නවකතාවක්‌ ඇසුරෙන් හැදූ නාට්‍යයක්‌... මෙයට අපට අලුත් අත්දැකීමක්‌"

මෑත කාලයේදී කිසිවෙකු නවකතාවක්‌ වේදිකාවට ගෙනැවිත් නැහැ. මා ඒ ගැන සොයා බැලුවා. මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතාගෙනුත් විමසීමක්‌ කළා. අතීතයේදී ඩබ්ලිව්. ඒ. සිල්වා, ටී. බී. ඉලංගරත්න, ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා යන අයගේ නවකතා ඇසුරින් නාට්‍ය හැදිලා තියෙනවා. මම දැන් කරන අලුත් නිර්මාණය "බූරුවා මහත්තයා" ක්‍රිෂන් චන්දාර් නමැති උර්දු ලේඛකයාගේ "මිස්‌ටර් ඩොන්කීස්‌ ඔටෝ බයෝග්‍රපි" කෘතියේ සිංහල පරිවර්ථනය ඇසුරෙන් කළේ. එය ගුණතිලක මැටියගනේ නමැති ලේඛකයා විසින් සිංහලයට පරිවර්ථනය කළේ. "සද්ගුණවත් බූරුවා මහතාගේ ස්‌වයං ලිත චරිතාපදානය" නමින්. මේ නවකතාව කියවද්දී මට හිතුණා එය සාහිත්‍යයෙන් එහා මානයකට ගෙන යා යුතුයි කියා. නවකතා නොබලන අය ඉන්නවා නාට්‍ය බලන. ඉතින් මම මේ නව කතාවෙන් නාට්‍ය පිටපත රචනා කළා. මා කලින් කළ "ලෝකය තනියායක්‌" කළේත් මහගම සේකරයන්ගේ ප්‍රබන්ධ කාව්‍යක්‌ ඇසුරින්. නාට්‍ය කලාව සාහිත්‍යයෙන් තොර විය යුතුයි කියා සමහරු කියනවා. ඒත් සාහිත්‍යයෙන් තොර නාට්‍යයක්‌ තියෙන්න බැහැ කියන කරුණ මම විශ්වාස කරනවා. අපි ගුරුහරුකම් ලැබුවේ, හැදුනේ වැඩුනේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වැනි ජ්‍යෙෂ්ඨයන් යටතේ. ඒ වැඩ කරද්දී දැනුණා නාට්‍ය කලාවට සාහිත්‍යය අත්‍යවශ්‍ය බව එනිසා තමයි "ගුරු තරුවෙන්" පවා මා විමසුවේ සාහිත්‍යයෙන් තොර සමාජයක්‌ සාධනීයව පවතීද යන්න.

අපි නව කතාවකින් සාහිත්‍ය රසයක්‌ ලබනවා. ඒත් එය එතැනින් තවත් පුළුල් තැනකට ගෙන යා යුතුයි කියා හිතුණා. මේ නවකතාව කියවා බලන්න. එය කියවද්දී දෘශ්‍ය රූප මැවෙන ආකාරයටයි ලියා තිබෙන්නේ. ශූර පරිවර්තනයක්‌. මම හත් අට වතාවක්‌ කියවුවා.

කෙනෙකුට "බූරුවා" යෑයි ඇමතූ විට එතැනම විශාල අපහාසයක්‌ තියෙනවා. "බූරුවා මහත්තයා" ඊටත් වඩා ලොකු අපහාසයක්‌. ඇයි ඔබ මෙවර බූරුවෙක්‌ මගින් අපේ ප්‍රේක්‍ෂකයා අමතන්නේ. ඔබ මේ අපහාස කරන්නේ කාටද?

මේ නාට්‍යයේ පොඩි උත්ප්‍රාසයක්‌ තියෙනවා. ගැමි නාටකයේ කෝළම් සම්ප්‍රදාය අනුව සමාජයේ පහළ පීඩිත පැලැන්තිය ප්‍රභූ පැලැන්තිය උපහාසයට ලක්‌ කරනවා. මුදලි කෝළම, පොලිස්‌ කෝළම වැනි කෝළම් වලින් කියන්නේ මේ උසස්‌ පැළැන්තියේ සැබෑ තත්ත්වයයි. "බූරුවා මහත්තයා" කීවාම එතැනම නොගැලපීමක්‌ තියෙනවා. බූරුවාට මහත්තයා කියන වචනය එකතු වුණාම වෙනම අර්ථයක්‌ ගොඩනැඟෙන්නේ. මා මෙහිදී විමසනවා කකුල් දෙක බූරුවාටද, කකුල් හතර අපටද? කියා. "මම බූරුවාද ඔබ මහත්තයද" කියාත් විමසනවා.

මේ බූරුවා ගැන කෙටි විස්‌තරයක්‌ කළොත්...?

ඔව්.... මෙයා රෙදි අපුල්ලන්නෙක්‌ ළඟ වැඩකරන බූරුවෙක්‌. අදත් මේ වගේ අය ඉන්නවනේ... ඉතින් දවසක්‌ මේ අපුල්ලන්නාව කිඹුලෙක්‌ ඩැහැගෙන යනවා. මේ බූරුවා කෙළෙහිගුණ දන්නා කතා කරන්න පුළුවන් හොඳ බූරුවෙක්‌. ලියන්න කියවන්නත් පුළුවන්. යමක්‌ කමක්‌ ගැන දන්නා බූරුවෙක්‌. ඉතින් අපුල්ලන්නාව කිඹුලා කනවා. පවුලේ අය අසරණ වෙනවා. බූරුවා මේ පවුලේ අය වෙනුවෙන් රජයේ කාර්යාලවලට ගිහිං උදව් උපකාර ඉල්ලනවා. ඉතින් ඒ අවස්‌ථාවලදී බූරුවා මුහුණ පාන තත්ත්වයන් තමයි නාට්‍යයෙන් කියන්නේ. ඇත්තටම බුරුවා වන්නේ කවුද යන්න වටහාගන්න පුළුවන්. අද රජයේ කාර්යාලයකට ද්‍රවිඩ ජාතිකයෙක්‌ ගියාම ලැබෙන ප්‍රතිචාර, දුර බැහැර ගැමියෙක්‌ ගියාම දක්‌වන ප්‍රතිචාර සහ ටයි දමාගත් ඉංගී්‍රසියෙන් කතා කරන කෙනෙක්‌ ගියාම දක්‌වන ප්‍රතිචාර වෙනස්‌. අද අපි අපි අතරම තිබෙනවා හිනාවෙන්න හැකි බොහෝ දේ. මෙවැනි නාට්‍ය හඳුන්වන්නේ ට්‍රැජි කොමඩි ෙ€ද සුඛාන්ත (ඔර්dටහ ඤපැdහ) කියලා. හාස්‍ය රසය සමග යටි පෙළින් ෙ€දවාචකයක්‌ ගැනයි කියන්නේ.

අපේ සමාජයේ හරස්‌ කඩක්‌ ගත්තාම මේ තත්ත්වය දකින්න පුළුවන්. අද සමාජය විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒත් යටින් ලොකු කඩා වැටීමක්‌ තිබෙනවා. ක්‍රිෂන් චන්දර්ට හමුවෙනවා නේරුව. නාට්‍යයේත් මේ චරිතය එනවා. නේරු සමග බූරුවා කතා කරනවා. තනි පුද්ගලයෙක්‌ හොඳින් පාලනය කරන රාජ්‍යයක්‌. ඔහුගේ පෞරුෂත්වය කවදාහරි නැති වුණාම රටට මොනවද වෙන්නේ... සමකාලීන ප්‍රශ්නත් "බූරුවා මහත්තයා" කතා කරනවා.

තලමල පිපිලා, අන්දරේලා, ගුරුතරුව, සඳගිර, කනේරුමල්, ලෝකය තනි යායක්‌ සහ සුදුරෙදි හොරු සමග බූරුවා මහත්තයා වෙනස්‌ වන්නේ කෙසේද?

මූලික වශයෙන් ආකෘතිමය ලෙස වෙනස්‌ වෙනවා. නව කතාවක දීර්ඝ පරාසය වේදිකාවට නඟන්න බැහැ. කෙටි කරනවා. පෙන්වන්න බැරි දේ අයින් කරනවා. ඒත් ඉවත්කරන කොටස්‌ පූරක හරහා ගීයකින් ඉදිරිපත් කරනවා. ආලෝකය සහ අඳුර මගින් "බූරුවා මහත්තයා" ජවනිකා ඉදිරියට ගෙන යනවා. අනෙක මාගේ හැම නාට්‍යයකම සමාජයේ මට දැනෙන දේ තමයි ප්‍රශ්න කළේ. ක්‍රිෂන් චන්දාර්ගේ නව කතාව හැත්තෑවේදී කී දේ අදටත් ගැලපෙනවා. මේ නාට්‍යයේ උත්ප්‍රාසයෙන් යුක්‌තයි. "කතා කරන බූරුවා" යන්නම හාස්‍යයක්‌ මම මෙහිදී සාහිත්‍ය බොහෝ වශයෙන් පාවිච්චි කළා. නර්තනයත් යොදා ගත්තා. පෙරදිගට හුරු නාට්‍ය ශෛලීන් ගොඩනඟද්දී මේවා ප්‍රයෝජනයට ගත යුතුයි. මෙහි දුරස්‌ථිකරණය, වර්ණ රංගය කියන ලක්‍ෂණ තිබෙනවා.

"බුරුවා මහත්තයා" අපට අපේ රටට ගලපා ගන්න පුළුවන්ද?

මං හිතන්නේ අමාරු නැහැ. මෙය ඉන්දියානු නවකතාවක්‌. ඉන්දියාව අපට කිට්‌ටු රටක්‌. ඒ කියන දේ අපටත් අදාළයි. බූරුවා කීවාම මැවෙන චිත්‍රය අපට ඈත නැහැ. මහත්තයා කියන වචනයේත් එක්‌තරා අර්ථයක්‌ තියෙනවා. අමන, මෝඩ, හැම දෙනාගේම පහරට ලක්‌වෙන, කිසිවක්‌ නොදන්නා සතෙක්‌ තමයි බූරුවා. බූරුවෙක්‌ ආයතනයකට ගිහිං වැඩක්‌ කර ගනිද්දී ඇතිවන සංවාදය සාමාන්‍ය කෙනෙකුට වඩා ආකර්ෂණීයයි.

ඔබ වසර හතළිහකට වඩා වැඩි කාලයක පටන් වේදිකාවේ රැඳී සිටිනවා. මේ කාලය තුළ වේදිකාවේ සිදුවූ වෙනස්‌කම් ඔබ දුටුවේ කිනම් ආකාරයටද?

ඔව්. පසුගිය වසර හතළිහ පුරාම මම අඛණ්‌ඩව වේදිකාවේ රැඳී සිටියා. එනිසා එකල සහ මෙකල වේදිකාව ගැන හොඳ අත්දැකීමක්‌ තියෙනවා. මේ කාලය තුළ එක එක රැළි, උස්‌ පහත්වීම් දකින්න ලැබෙනවා. ඒත් අද වේදිකාවේ විශාල ප්‍රබෝධයක්‌ දකින්න පුළුවන්. මේ ප්‍රබෝධය අපට දකින්න ලැබෙන්නේ පසුගිය දශක දෙක සමග සැලකු විටයි. හොඳ නාට්‍ය අද තැනතැන පුහුණු වෙනවා. රංග ශාලා, දින ගණන් වෙන්වෙලා. රසිකයෝ ශාලාවලට එනවා. මේකට හේතු කිහිපයක්‌ තියෙනවා. එකක්‌ තමයි යුද්ධයේ නිමාව. එදා තිබූ සීමාවන් තුළ ජනතාවගේ ජීවිතය හැඩ ගැසී තිබුණා. දැන් ඒ තත්ත්වය ලිහිල් වෙලා. දෙවැන්න තමයි රූපවාහිනිය ප්‍රසාංගික ලක්‍ෂණවලින්, නාට්‍යවලින් පහත වැටීම. එහි අතිශය ෙ€දනීය පරිහානියක්‌ දකින්න ලැබෙනවා. එනිසා ජනතාව රූපවාහිනිය අතහැරලා එළියට එනවා. අනෙක නාට්‍ය හා රංග කලාව ගැන පාසල් මට්‌ටමේ සිට එන ප්‍රබෝධය මේ ප්‍රබෝධය කොතරම් තිබුණත් නාට්‍යකරුවාගේ පැත්තෙන් කිසිම පහසුකමක්‌ නැහැ. අද නාට්‍යයක්‌ පුහුණුවෙන්න කොළඹ කිසිම තැනක්‌ නැහැ. අපි අවුරුදු හතළිහක්‌ නාට්‍ය පුහුණුවීම් කළේ අගුපිල්වල. පිට පළාත්වල නාට්‍ය ශාලා අතිශය දුෂ්කරයි. ශබ්දය ඇහෙන්නේ නැහැ. විදුලි ආලෝකය නෑ. වැසිකිළි පහසුකම් නැහැ. නාට්‍යයක්‌ පිට පළාතකට ගෙන යද්දී ප්‍රවාහන පහසුකම්වලට විශාල වියදමක්‌ යනවා. ඒ වගේම ශිල්පීන්ට වේදිකාවට වඩා අනෙක්‌ මාධ්‍යවලින් ආර්ථික වශයෙන් හොඳ මිලක්‌ ලැබෙනවා. ඒත් වේදිකා නාට්‍යයකින් ජීවත් විය හැකි මුදලක්‌ ගෙවන්න බැහැ. එනිසා ජ්‍යෙෂ්ඨයන් වේදිකාවේ රඳවා ගැනීම අමාරු දෙයක්‌.

නාට්‍ය සහ සෞන්දර්ය ලෝකය තුළදී ඔබ අනුගමනය කරන පරමාදර්ශී චරිතයක්‌ තිබෙනවාද?

අපට සරච්චන්ද්‍රයන් වෙන්න බැහැ. ඒත් එතුමාගේ ක්‍රියා මාර්ග අදත් අපි අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඊළඟට මම ඉතාම කැමැත්තක්‌ දක්‌වනවා දයානන්ද ගුණවර්ධනයන්ට, සරච්චන්ද්‍රයන් විදග්ධ තැනකත්, දයානන්ද ගුණවර්ධනයන් ජන සම්ප්‍රදායේත් හිටියා. මේ දෙකේම සංකලනයක්‌ අපට අවශ්‍යයි. ඈතින් පහන් කණුවක්‌ පෙනෙද්දී අපි ගමන් කරන්නේ එදෙසටයි. මේ අය අපට පහන් කණු වගේ.

සංවාද සටහන
අජිත් අලහකෝන්


Copy Rights - Divayina

READ MORE - බූරුවා මහත්තයා සමග මනෝ යළිත්..

එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න

එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න
ප්‍රවීන කලා ශිල්පී - නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස්‌

"ගැබ්බර මිනිසා" .... මේ ප්‍රවීන රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ ගේ නවතම නාට්‍ය නිෂ්පාදනයයි. ශ්‍රියන්ත කලා ලෝකය තුළ බොහෝ භූමිකාවන්හි නියෑලෙන චරිතයක්‌ ලෙස හැඳින්වීමෙහි වරදක්‌ නැත. ඔහු වත්මනෙහි නාට්‍ය අනුමණ්‌ඩලයෙහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. නාට්‍ය අනුමණ්‌ඩලයක සභාපතිවරයකු ලෙස සිටිමින්ම යම් කලා ශිල්පියකු නාට්‍යයක්‌ නිපදවූ පළමු අවස්‌ථාව ලෙස ද මෙය සැලකිය හැකිය.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ නම් ඔහු සමඟ කතාබහ කළ හැකි බොහෝ දේ තිබුණද මේ ප්‍රවිශ්ඨයත් සමඟ පමණක්‌ අද ඔහු සමඟ සංවාදයකට එළැඹෙන්නේ, ඔහු අතිශය කාර්ය බහුල මොහොතක සිටියදීය.

"ගැබ්බර මිනිසා" ගැන මුලින්ම කතාබහ කළොත්?

ඇත්තටම මේ දවස්‌වල "ගැබ්බර මිනිහා" නාට්‍යයේ මූලික පුහුණුවීම් කටයුතු සිදුවෙනවා. මම වසර එකොළහකට පමණ පසුවයි, මගේම නාට්‍යයකට ප්‍රවේශ වුණේ. මීට පෙර මම "පාදඩ අසපුව" නාට්‍යය නිෂ්පාදනය කළා. එය 2000 වර්ෂයේදී මම වේදිකාගත කළා.

ගැබ්බර මිනිසා නේද මට ලැබෙන්නේ. දාරියෝ ගෝ" ගේ කෙටි නාට්‍යයක අනුවාදයක්‌ හැටියටයි. එය අජිත් මෙන්ඩිස්‌ විසින් නාට්‍ය පිටපතක්‌ ලෙස ගොඩනඟනවා. මේක වෙනස්‌ හැඩයක්‌ තිබෙන නාට්‍යයක්‌ නිසා මට හිතුණා මෙය වේදිකාවට ගෙන ඒම සුදුසුයි කියන එක.

නාට්‍යයේ අනෙකුත් ශිල්පීන් ගැනත් අපි දැනගන්න කැමැතියි.

"ගැබ්බර මිනිසාගේ" චරිතයට පණ පොවන්නේ මම. ඊට අමතරව කුසුම් රේණු, සරත් කොතලාවල, මල්කාන්ති ජයසිංහ, වසන්ත විට්‌ටච්චි, සුජීව ප්‍රියලාල් හා නවක නිළියක්‌ අපි සම්බන්ධ කරගන්නවා මිහිරි ප්‍රියදර්ශනී යාපා කියලා.

විශේෂයෙන් කියන්න ඕන මෙහි සංගීතය ගැන. නාට්‍යයට සංගීතය සපයන්නේ "ඇන්තනි සුරේන්ද්‍ර" ඔහු ජනප්‍රිය අප්‍රකට සංගීතඥයෙක්‌ විශේෂයෙන් නාට්‍ය කලාවට..... මුලින්ම ඔහු පාදඩ අසපුව අපේ වේදිකා නාට්‍යයට සංගීතය සැපයුවා. අංග රචනය වසන්ත විට්‌ටච්චි, ඉදිරිපත් කිරීම ජූඩ් ශ්‍රීමාල්... ඉතා ඉක්‌මණින් ඒ කියන්නේ මාර්තු මාසයේ 30-31 දිනවල ලුමිබිණි රඟහලේ වේදිකාගත කිරීමට අපි ලහි ලහියේ පුහුණුවීම් කටයුතු සිදුකරනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ යන චරිතය නාට්‍යයක්‌ වෙනුවෙන් "ගැබ් ගැනීම" සාමාන්‍ය දෙයක්‌... නිතරම නාට්‍යයක්‌ හැදීමේ විලිරුදාවෙන් පෙළෙන බව ඔබම අප එක්‌ක පවසා තිබෙනවා.

ඇත්තටම මම මුල ඉඳලම වේදිකාවට අසීමිත ලෙස පෙම්බැඳපු කෙනෙක්‌. රංගධරයෙක්‌ හැටියට මගේ - අපේ, පෙකනිවැල කැපෙන්නේ වේදිකාවේදී බවයි, මම විශ්වාස කරන්නේ. අපි මීට වඩා වසර තිහකට පමණ පෙර වේදිකාව මත ප්‍රසූත වෙනවා, එතැනදී අප ආරම්භ කරන වේදිකා ක්‍රියාවලිය මොන තරම් දුක්‌ පීඩා ආවත් අප අතහැරියේ නැහැ. මම මොන තරම් කාර්ය බහුල මට්‌ටමක හිටියත්, මොන ක්‍ෂේත්‍රයේ හිටියත් ඔබ කිව්වා වගේ නාට්‍යයක්‌ නිසා ගැබ් ගන්නවා. නාට්‍යයක්‌ වේදිකාගත කිරීමේ විලිරුදාව හටගන්නවා. "ගැබ්බර මිනිසා" ශ්‍රියන්ත මෙන්ඩිස්‌ තුළ ගැබ් ගන්නෙත් ඒ ක්‍රියාවලිය නිසයි. ටෙලිනාට්‍ය, චිත්‍රපට මේ හැම දේම කළත් මේ තිඹිරිගෙය අමතක කරන්න බැරි මොකක්‌දෝ උණත් මට තියෙනවා. මේක බොහෝ කලාකරුවන්ට පොදු ලක්‍ෂණයක්‌. මම ආරාධනා කරනවා, වේදිකාව අතහැර ගිය කලාකරුවන්ට එන්න. නැවත ඇවිත් මෙය පෝෂණය කරන්න... මෙය අයිති උරුමක්‌කාරයන් ඔබමයි.

ඒත් ශ්‍රියන්ත නාට්‍ය වැඩිපුර නිෂ්පාදනය කරන්නේ යුරෝපය ඉලක්‌ක කරගෙන කියන කතාවකුත් තියෙනවා.

එහෙම කතාවක්‌ ගැන මට නම් ඇහිලා නෑ. එහෙම වෙන්න හේතුවකුත් නැහැ. සිංහල නාට්‍ය රසිකයකු ලෝකයේ කොහේ ජීවත් වුණත් ඔහුගේ අනන්‍යතාවය අප සතුයි. මේ මවුබිම එකයි. ලෝකයේ සතර දිග්භාගයේ ජීවත් වන ප්‍රේක්‍ෂකයන් නිරන්තරයෙන් අප සමඟ ගනුදෙනු කරනවා. මගේ පෞද්ගලික අදහසක්‌ තිබෙනවා ශ්‍රී ලාංකීය නාට්‍ය ලෝකයත් එක්‌ක මීට වඩා ව්‍යාප්ත විය යුතුයි කියලා. විශ්ව ගම්මානීය සංකල්ප තුළ එය එසේ සිදුවිය යුතුයි. අද කොළඹ ලුම්බිණියේ පෙන්නන නාට්‍යය නොව නිව්යෝර්ක්‌ නගරයේ, වොෂින්ටන් ඩිසීවල මෙල්බර්න්, ලන්ඩන්වල පෙන්නන්න හැකියාව තිබිය යුතුයි. මෙන්න මේ ක්‍රමවේදය හඳුනාගන්න අපි කිහිපදෙනෙක්‌ට ඒ රටවල ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ආරාධනා හා අවස්‌ථාවන් ලැබෙනවා. අපි ඒක ප්‍රයෝජනයට ගන්නවා.

ඒත් තවමත් නාට්‍ය කළත් එතරම් සාර්ථක වර්ධනයක්‌ දකින්න නැහැ කියන තත්ත්වය තුළ එවැනි ක්‍රියාදාමයක්‌ සාර්ථක වෙයිද?

මම කැමැතියි ඔබේ ඉරිදා පුවත්පතේ "තුන්වැනි පිටුව" ඔබේ අවධානය යොමුකරන්න. බලන්න මොන තරම් නාට්‍ය දැන්වීම් ගණනාවක්‌ පළවෙනවද කියලා. මම හිතන්නේ ඔය කියන තරම් අහේනියක්‌ නැහැ කියන්න ඒක දක්‌වන්න පුළුවන් ඉතාම සුළු උදාහරණයක්‌ විතරයි. නමුත් යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන් බව මමත් පිළිගන්නවා. අපි මොන තරම් දුරක්‌ ආවත් ඒ දුෂ්කරතා මැදමයි. මේ වසර වෙනකොට ප්‍රවීන අංකුර නාට්‍යකරුවන් රැසක්‌ නාට්‍ය

රැසක්‌ වේදිකාගත කිරීමට සූදානම්. "කරලියට වසන්තය ලැබෙනවා සත්සයි" කියන මා අත්දුටු සත්‍යයට මේක හොඳ පෙරගමනක්‌. ඒකට පූර්වාදර්ශයක්‌ හැටියටයි නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා හැටියට මම නාට්‍යයක්‌ කරන්න පෙළඹෙන්නේ. ඉතිං අපිට ඔබ ඔය කියන අභියයෝගය ජයගන්න බැරිවෙන්නේ නැහැ.

නාට්‍ය අනුමණ්‌ඩලයේ කිසිදු චරිතයකට හොඳක්‌ අහන්න පුළුවන්කමක්‌ තිබුණු බවක්‌ අපි පහුගිය කාලයේම දැක්‌කේ නැහැ. මේ අභියෝගයට ඔබ මූණ දෙන්න සූදානම්ද?

අපිත් ඉතිහාසයේ මේ චරිත සමඟ විටින් විට මතවාදීමය අර්බුදවලට පැටලුණා. මේකට එනකොටම මම ඉල්ලීමක්‌ කළේ මේක බැනුම් නොඅහන චරිතයක්‌ බවට පත්කරගන්නට මට අවස්‌ථාවක්‌ දෙන්න කියලා. මම කිව්වේ නාට්‍ය නරඹන්නන්ගේ පැත්තේ ඉඳගෙන වැඩ කරන්න මට අවස්‌ථාවක්‌ දෙන්න කියලයි. මම අද වෙනකොට ඔවුන් සමඟ ඉන්නවා. ඔවුන්ගේ ලේ දහදිය සුවඳ සෝසුසුම් මම දන්නවා. මම හිතන්නේ මට මෙය ලොකු අභියෝගයක්‌ නෙමෙයි. ඒ නිසාම නාට්‍ය කරුවාට දෙන්න පුළුවන් උපරිමය දෙන්න මම උත්සාහ කරනවා. සාම්ප්‍රදායානුකූලව බැනුම් අහනවාට වඩා එතැනින් ඔබ්බට ගිය වැඩක්‌ කරන්න මම ලෑස්‌තියි. යමක්‌ කරලා බැනුම් අහන එක හදවතට සුවයක්‌.

කාර්ය බහුල ජීවිතයක්‌ ගෙවන අයකු හැටියට ඔබගේ "ගුරු චරිතයට" සාධාරණයක්‌ ඉටුකරන්නේ කොහොමද කියලා දැනගන්න කැමැතියි...

ගුරු වෘත්තියට මම ඉතාම ප්‍රිය කරනවා. එය ඉතාම පූජනීය උත්තරීතර දෙයක්‌ හැටියටයි මම සලකන්නේ. මම කොතරම් කාර්ය බහුල වුණත් ඊට විශේෂ තැනක්‌ මුල් තැනක්‌ දෙන්නයි නිතරම උත්සාහ දරන්නේ.


උදේශ සංජීව ගමගේ
ඡායා - නිමල් දයාරත්න



Copy Rights - Divayina

READ MORE - එන්න නැවත ඇවිත් වේදිකාවට ගොඩවෙන්න

ශිරෝෂි නටන්නේ නැත්තෙ ඇයි ?

Tuesday, March 8, 2011

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා සිය නර්තන හැකියාව සඳහා මේ දිනවල විරාමයක් තබා ඇතැයි පවසයි.

සතිඅන්ත පුවත් පතක අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබේ.

කෙසේවුවත් තව ටික දිනකින් යළිත් නර්තනයේ යෙදෙන බව පවසන ඇය කියා සිටින්නේ උඩරට නර්තනය සඳහා ඇය යොමුවූයේ වයස අවුරුදු පහේදී බවයි.



කෙසේවුවත් එලෙස ආරම්භ කළ නර්තන කලාවට ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටය හමුවනතුරු වසර කිහිපයක විරාමයක් තබා තිබූ බවත් ඇය පැවසුවාය.

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් බදාදා දිනයන්හිදී දිගහැරෙන ‘ඉකිබිඳින තාරුකා’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳ ප‍්‍රතිචාර ලැබෙන බවත් රොමේෂිකා පවසියි.

එසේම ඇය මෙම ටෙලිනාට්‍යයෙන් පසුව වෙනත් ටෙලි නිර්මාණ සඳහා දායක නොවූ බවත්, ඉදිරියේදි හොඳ නිර්මාණයකට දායකවීමට හැකිවුවහොත් එයට එක්වන බවද පවසන්නීය.

සිරස රූපවාහිනියේ තරුමංසල වැඩසටහන හරහා ටෙලි නිර්මාණ සඳහා දායකවූ ශිරොෂි ‘කොටඋඩ මන්දිර’, ‘ලොක්කයියා’ වැනි ටෙලි නාට්‍යවලින් පේ‍්‍රක්‍ෂක ජනාදරයට පත්වූවාය.

ඇය සිරස රූපවාහිනිය මගින් නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය ලෙසද රඟපෑම විශේෂිතය.











Copy Rights - Srilanka mirror

READ MORE - ශිරෝෂි නටන්නේ නැත්තෙ ඇයි ?

ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි

Monday, March 7, 2011

ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි

ලෝචනා ඉමාෂි

සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනෙන් සතියේ දින පහ පුරාම ඔබේ හදවතට සමීපවන මේ සොඳුරු මියුලැසිය ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යයේ චංචලා ගේ චරිතයෙන් ද වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා. රූපවාහිනී නිවේදිකාවක මෙන් ම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ද වන ලෝචනා ඉමාෂි නම් වූ නව යොවුන් රුවැත්තිය සමඟ මා හෘදයාංගම කතාබහකට මුල පිරුවා.

ඉතින් ලෝචනා මේ දවස්වල ඔයාගේ අලුත් ම තොරතුරු මොනවාද?

මේ දවස්වල සිරසේ ‘දිගන්තය’ රූපවාහිනී වැඩසටහනනේ නිවේදිකාව වශයෙන් කටයුතු කරන නිසා මම තරමක් කාර්ය බහුලයි. ඒ අතරතුරම රවීන්ද්‍ර විජේරත්න ගේ අලුත් ම ටෙලිනාට්‍යයේත් රඟපාන නිසා එහි රූපගත කිරීම් සඳහාත් නිතරම සම්බන්ධ වෙන්න වෙනවා.

එතකොට ඔයා එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුණා නිවේදන කටයුතුවලින් තාවකාලිකව ඈත්වෙලා රඟපෑම පැත්තට වැඩියෙන් කැපවෙනව කියලා.

ඇත්තටම මං ඒ වෙලාවෙ එහෙම ප්‍රකාශයක් කළා තමයි. ඒත් එයින් පසුව ගොඩාක් අය මට ඉල්ලීම් කළා නිවේදන කටයුතුවලින් ඈත්වෙන්න එපා කියලා. විශේෂයෙන් ම මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වගේ ම සිරස රූපවාහිනියේ අයත් මට කළ ආදරණීය ඉල්ලීම ඉවතට දාන්න කිසිම හැකියාවක් නෑ.

ඔයා මුලින් ම එවැනි ප්‍රකාශයක් කිරීමට හේතු වූ කරුණු මොනවාද?

ඒ දිනවල මට එරංග සේනාරත්න ගේ දීර්ඝ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනාකර තිබුණා. තවත් පැත්තකින් මට උදය වරුවේ නිවේදන කටයුතු සඳහා යාමට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්නයකුත් තිබුණා. මේ හේතු නිසයි මං එවැනි තීරණයක් ගැනීමට මුලින් පෙළඹුණේ.

ඔයා මුලින් ම නිවේදන කටයුතුවලට යොමු වුණේ කොහොමද?

මම මුලින් ම ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කළා. ඉන්පසුව තමයි සුසාර දිනාල් මහතා මට සිරස නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න ආරාධනා කළේ. මීට පෙර මං මැජික් බොක්ස් වැඩසටහනෙන් නිවේදිකාව විදියට කටයුතු කළා.

එතකොට ඔයා රඟපෑමට යොමු වුණේ?

මම මුලින් ම කතා බහට ලක්වුණේ ‘කාව්‍යා’ ටෙලිනාට්‍යයේ කාව්‍යා ගේ දියණියගේ චරිතයෙනුයි. ඒ සඳහා මට අවස්ථාව උදා කර දුන්නේ රාධාන් ටැලන්ට් ෆැක්ටරි ආයතනයේ අජිත් වීරසූරිය මහතායි. හැබැයි ඊට පෙර මට දයාරත්න රටගෙදර ‘සිත නිවෙන කතා’ ටෙලිනාට්‍ය මාලාවේ රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ සඳහා මට අවස්ථාව උදා වුණේ දයාරත්න රටගෙදර මගේ තාත්තාගේ සමීප යහළුවෙක් නිසයි.

එයින් පසුව මට සංජය නිර්මාල් ගේ ‘දිව්‍යා’ රවීන්ද්‍ර විජේරත්න ගේ ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යවලත් චරිත නිරූපණය කිරීම සඳහා අවස්ථාව උදා වුණා.

ඔයා වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ‘අපි අපි වගේ’ ටෙලි නාට්‍යයේ ‘චංචලා’ ගේ චරිතය ගැනත් ටිකක් කතා කරමු.

ඇත්තටම චංචලා ගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහි මං රඟපෑවේ ජුලෝට පෙම් බඳින, කොල්ලෙක් වගේ දඟලන, අහිංසක, දඟකාර කෙල්ලකුගේ චරිතයයි. එයින් ලැබුණු ප්‍රතිචාර නිසා මටත් දිගටම රඟපාන්න හිතුණා. ඉදිරියේදීත් ඉඩකඩ ලැබෙන හැම මොහොතකම රඟපෑවේ පැත්තට වැඩියෙන් යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් යමක් ප්‍රකාශ කළොත්...

මම ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. උසස් පෙළට හැදෑරුවේ කලා විෂයයන්. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, ආච්චියි, අක්කයි, නංගියි. අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාර කටයුතුවල නිරත වෙන නිසා තරමක් කාර්ය බහුලයි. ඒ නිසා ආච්චි අම්මා තමයි මගේ වැඩ කටයුතුවලට සහාය දෙමින් මාව දිරිමත් කරන්නේ. මගේ අක්කයි, නංගියි දැනට ’3 ඵඪඵබඥප ඵචතධධද’ නමින් අප නිවෙසේම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. මායි, අක්කයි, නංගියි එකතුවෙලා සහෝදරියො තුන්දෙනෙක් කරන නිසයි මේ නම තබා තිබෙන්නෙ.

සංවේදී යෞවනියක ලෙස ඔබට ආදරය හා විවාහය ගැන හිතන්නේ මොනවාද?

ඇත්තටම යෞවනයට ආදරය සමීප නම් තමයි. ඒත් දැනට නම් මට පෙම්වතෙක් නැහැ. ඒ ගැන මං වැඩිය හිතන්න කැමැතිත් නෑ. එහෙම දේකට පැටලුණොත් මට මගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්නත් අපහසුවෙයි. ඒක නිසා මං කවද හරි දවසක මගේ ආදරය, විවාහය, සම්බන්ධ සියලුම කටයුතු අම්මගෙ, තාත්තගෙ කැමැත්ත අනුව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මං කවද හරි විවාහ වෙන කෙනා මගේ කලා ජීවිතයට හොඳ සහයෝගයක් ලබා දෙන යහපත්, අවංක කෙනෙක් වීමත් අනිවාර්යයි.

අවසාන වශයෙන් ඔබේ කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් යමක් පැවසුවොත්.

ඇත්තටම මගේ හරිම ආසාවක් තියෙනවා සිනමාවට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් ම හොඳ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු යටතේ, හොඳ සිනමා පටයක රඟපාන්න ආසයි. මීට අමතරව ඉදිරියටත් ටෙලිනාට්‍යවල රඟපාන අතරතුරම නිවේදන කටයුතුවලත් නිරතවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ඉදිරියේ දී සමහරවිට මගේ ම කියලා ව්‍යාපාර කටයුත්තකට යොමුවෙන්නත් බලාපොරොත්තු වෙනවා.

ඇගේ ලිපිනය - ලෝචනා ඉමාෂි, නො. 10, ශ්‍රී සිද්ධාර්ථ පාර, කිරුළපන, කොළඹ 06.

READ MORE - ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි

චිත්‍රකතාවේ නූතනවාදය හඳුන්වාදීම

මීට අවුරුදු 25 කට විතර කලින් ගුණසේන පොත් සාප්පුවේදී මට අහම්බෙන් වගේ ඇස ගැටුණ පොතක් මා සුළු මුදලක් දී මිලට ගත්තා. පොතේ නම නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’. පොත ලියලා තිබුණේ කුලනාථ සේනාධීර කියලා කෙනෙක්. දවසක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් අපේ ගෙදර ආපු දවසක මම මේ පොත වඩාත් වටින්නේ ශාන්තට කියලා හිතලා ඔහුට තිළිණ කළා.

”මචං මං මේක හොය හොය හිටිය පොතක්. උඹට කොහොම ස්තුති කරන්නද මන්දා.”

ශාන්ත පොත අතට ගනිමින් කිව් හැටි මට මතකයි. ඒ පොත පසුගියදාක ‘විභවි’ ලලිත කලා ඇකඩමියෙන් නැවත පළකර තිබෙනවා.

මං පස්සේ කාලෙක කුලනාථ සේනාධීර ගැන ටිකක් හෙව්වා. ඔහු අපේ ගම්පළාතේ (මීගමුවේ) කෙනෙක් බවත් ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉගෙනගද්දි මහාචාර්ය සිරි ගුනසිංහත් එක්ක එකතුවෙලා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වපු බවත් මට දැනගන්න ලැබුණා.

ඇත්තටම චිත්‍ර කලාවේ නූතනවාදය ගැන සිංහලෙන් ලියැවුණු මුල්ම පොත මේ ‘නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’ කියන පොතයි. පෝල් ගොගෑන්, වින්සන්ට් වැන්ගෝ, උපස්ථිතිවාදය ගැන අපි මුලින්ම දැනගත්තේ මේ පොතෙන්.

කුලනාථගේ පරම්පරාවෙන් පස්සේ බිහිවුණු දක්ෂතම චිත්‍රකලා විචාරකයෙක් ලෙස හැඳින්විය හැකි එරික් ඉලයප්ආරච්චි (ඔහුත් මීගමු පුත්‍රයෙක්) තමන්ගේ ‘චිත්‍රකලාව සහ විචාරය’ පොත පිළිගැන්වා ඇත්තේ කුලනාථ සේනාධීරගේ ශ්‍රී නාමයට.


Copy Rights - Silumina

READ MORE - චිත්‍රකතාවේ නූතනවාදය හඳුන්වාදීම

සිංහල සිනමා විස්තරය


‘ගම්බද සුන්දරී’

තිරගත වූ දිනය – 1950 ජනවාරි 27

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ජෝර්ජ එස්. විජේගුණරත්න

කතාව, දෙබස්, ගීත රචනය, සංගීතය – එන්. කේ. කාරියවසම්

ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත.

ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර්

ගීත සංඛ්‍යාව - 06

ගීත හා ගායන ශිල්පීන් -
මල් මාලා දාලා - ශීලා පීරිස්
ආලය වේග - ශීලා පීරිස්
ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර / ශීලා පීරිස්
විකාර මේ – හර්බට් පෙරෙරා / තිලකා සිරිවර්ධන
ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස්
බොළඳ සිනා - කිංස්ලි ජයසේකර

කැමරාව - ලෙස්ලි පේදිරිස්

සංස්කරණය – ඉසබෙලා බ්‍රෝහියර් / ශීලා බැස්ටියන්

නැටුම් - ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා

වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස්

රඟපෑම් - ශීලා පීරිස් (රූපා), වින්සන් ද පෝල් පීරිස් (පෝල්), ඇලන් පෙරේරා (මුදලාලි හාමිනේ), එච්. දළුවත්ත (ශාස්ත්‍රකරු) කිංස්ලි ජයසේකර (විමල්), ඊ. සී. බුලත්සිංහල (සේකර මුදලාලි), සුජාතා බුලත්සිංහල, තිලක් ගුණතිලක, ඊ. ඕ. ෆොන්සේකා, හර්බි සෙනෙවිරත්න, එච්. ගුණසේකර, තිලක සිරිවර්ධන.

විශේෂිතා - ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.
මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.
විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.
එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.

ප්‍රදර්ශනය – මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.

1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.

මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

‘හදිසි විනිශ්චය’

තිරගත වූ දිනය – 1950 මැයි 26

නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එච්. ද ඉසැඩ් සිරිවර්ධන, ෂර්ලි කොරයා

කතාව, දෙබස් - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

අධ්‍යක්ෂණය – මර්සලින් ඇල්බට්

ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය

ගීත සංඛ්‍යාව - ගීත 14

ගීත ප්‍රබන්ධය – මර්සලීන් ඇල්බට්

ගීත හා ගායන ශිල්පීන් -

ජීවන සැප ශ්‍රී පානා - රුක්මණී දේවි
තම හිමියා වැඩ ඇරිලා - එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
සංසාර සැපා නාස්ති වේ – රුක්මණී දේවි / ඇලන්සන් මැන්දිස්
මාගේ මව්නි - මේබල් බ්ලයිත්
මනුලෝකේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණී දේවි
ප්‍රේම රජා මගේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණි දේවි
මගේ කාලෙත් ආලෙත් – එඩී ජයමාන්න
මගේ පද්මිණිගේ රූපේ -එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
ආශ්‍රේ නිසා මේ – රුක්මිණී දේවි
ආදර ස්වාමි – එඩී ජයමාන්න / ලැටීෂියා පීීරිස්
බෑ බෑ බෑ බෑණා මගේ - එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
මගේ රූපේ බලාලා - බර්ට්‍රම් ප්‍රනාන්දු / සූරිය රාණි
මන පිනවායා - රුක්මණී දේවි
අසහාය මේ ආලේ - රුක්මණි දේවි

රඟපෑම් – රුක්මණී දේවි (කාන්ති), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (සිරිපාල), බර්ට්‍රම් ප්‍රනාන්දු (පින්තු), මේබල් බ්ලයිත් (ශ්‍රීමතී), ස්ටැන්ලි මල්ලවආරච්චි (සේනක), හර්බි සෙනෙවිරත්න (ආනන්ද), එඩී ජයමාන්න (කෝකිල), ලැටීෂියා පීරිස් (පද්මිණී), ෂර්ලි බ්ලයිත්, ගබ්රියල් පීරිස්.

ප්‍රදර්ශනය : සීමාසහිත සිනමාස්

කිංග්ස්ලි සිනමා හලේ මැයි 26 සිට ජූලි 13 වන දින දක්වා ප්‍රදර්ශනය විය. එදිනම නඩරාජා (මීගමුව), වෙම්බ්ලි (මහනුවර), නගර ශාලාව (අනුරාධපුර), ට්‍්‍රවෝලි (නුවරඑළිය), මොඩර්න් (බදුල්ල) යන සිනමා ශාලාවල එකවර ප්‍රදර්ශනය විය. මංගල දර්ශනය – 1950 මැයි 26 සවස 6.30 ට කිංග්ස්ලිහිදී

‘සීදේවී’

තිරගත වූ දිනය – 1951 මාර්තු 09

නිෂ්පාදනය – නවජීවන චිත්‍රපට සමාගම

අධ්‍යක්ෂණය, කතාව, දෙබස් ගීත රචනය - සිරිසේන විමලවීර

ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය

ගීත සංඛ්‍යාව - 11

ගීත හා ගායන ශිල්පීන් -
ප්‍රේම තතේ හැප්පී – බී. එන්. අමරලතා / ඩී. ආර්. නානායක්කාර
ගියා මා හැරා දුක් ගිනි දී – බී. එච්. ද සිල්වා /ජේ. සී. කේ. රූපාවතී
ගීත ඇසේ මිහිරි – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී
ස්වාමි ඔබ මාගේ - ෆෙ‍්‍රක්සිඩ් ප්‍රනාන්දු
නිදි මර මර දුටු - බී. එන්. අමරලතා / ආර්. පද්මිණී
ඕ පායා ඒවී පූර්ණ චන්ද්‍රයා - ජේ. සී. කේ. රූපාවතී / බී. එච්. ද සිල්වා
පිටුපාලා නොයනු - බී. එච්. ද සිල්වා / කේ. ඩබ්. කරුණා කුමාරි
මහා මේරු පර්වත රාජ - කේ. හෙක්ටර් සොයිසා
මා පාදචාරී - ෆෙ‍්‍රක්සිඩ් ප්‍රනාන්දු
පල ඇති රුකටා - කේ. හෙක්ටර් සොයිසා
සීදේවී – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී

සංගීතය – බී. එච්. ද සිල්වා

කැමරාව - පී. එල්. රායි

කලා අධ්‍යක්ෂණය - ෂොඩ් ගවෝන්කර්

නාද ශිල්පි - ටී. ආර්. රාමචන්ද්‍රන්

රසායනාගාර පාලක – රම්බාබු

රඟපෑම් – බී. එච්. ද සිල්වා (එඩී ජූනියර්) (රාජේන්ද්‍ර) ටී. මාර්ෂල් පෙරේරා (දොස්තර), ඇන්. ආර්. ඩයස් (පියා), ඩී. ආර්. නානායක්කාර (මැනේජර්), බී. චන්ද්‍රදාස (බබා) ජේ. සී. කේ. රූපවතී (රාණි) කේ. ඩබ්. කරුණා කුමාරි (ග්‍රේස්) ඩබ්ලිව්. රීටා පද්මිණී (බබී), බී. එන්. අමරලතා (අමරා) ඇස්. ඒ. ෂර්ලි සමරසිංහ (කාච්චි අක්කා).

මංගල දර්ශනය – එවකට කොළඹ නගරාධිපති ධූරය දැරූ එස්. සෙල්ලමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 6.00 ට ගාමිණී සිනමාහලේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම.
මරදානේ ගාමිණී සිනමා ශාලාවේ ‘සීදේවි’ මාස දෙකයි
දින 22 ක් නොකඩවා ප්‍රදර්ශනය විය.

විශේෂිතා - දින 82 ක් පෙන්වා ලක්ෂ 10 ක ආදායමක් ලබා ඇත.

READ MORE - සිංහල සිනමා විස්තරය

‘මහින්දාගමනය’

සනත් අබේසේකර හෙළිදරව් කරයි

‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන්ය. ඓතිහාසික කතා වස්තුවක් සිනමා මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය උදෙසා රැගෙන එන සනත් අබේසේකර එහි අධ්‍යක්ෂවරයා ලෙසින් මාධ්‍යයකට මෙතෙක් කී නොකී සියළු දේ සරසවිය වෙත දිග හරින ලද මොහොතක්.

වසර 11 ක් තුළ ටෙලි නාට්‍ය 30 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරපු මගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මහින්දාගමනය.

සනත්, ඔබේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ඓතිහාසික කතා තේමාවක් තෝරා ගත්තේ ඇයි?

මම විශ්වාස කරන දේ තමයි මොන යම් කලාවක් තුළ හෝ තිබිය යුත්තේ ආනන්දය සහ ප්‍රඥාවයි. දැන් තියෙන චිත්‍රපටවල ඔය කාරණාව තියෙනවද කියන එක ප්‍රශ්නයක්. චිත්‍රපටයක් කරන්න කලින් ප්‍රධාන අරමුණ පිළිබඳ දැනුවත් විය යුතුයි.

එහෙම නොවී කළ නිර්මාණ තුළින් වන්නේ සිනමාවට හානියක්. සමහරු කියනවා වර්තමානයේ සිනමාවක් නැහැ කියලා. මේ ප්‍රශ්නවලට උත්තර නැතුවා නෙවෙයි. මේ නිසාම තමයි මම මහින්දාගමනයට මුල පිරුවෙ.

මගේ් නිර්මාණයෙන් වින්දනය වගේම ප්‍රඥාවත් ප්‍රේක්ෂකයාට ලබා දීම මගේ අරමුණ වූ නිසාමයි ඓතිහාසික කතාවක් කරන්න හිතුවෙ. මේ චිත්‍රපටය කරන්න ක්‍රි. පූ. 250 වකවානුව පිළිබඳ පොත් මං මගේ උසට වඩා ප්‍රමාණයක් කියෙව්වා. පිටපත ලියන්න මට වසරක් ගියා. ඒකත් 25 වතාවක් විතර ලිව්වා.

මහින්දාගමනය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමට අපහසු වුණේ නැද්ද?

ඒක ආශ්චර්යයක්. මේ චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් හොයලා දෙන්න මුල පිරුවෙ ජනාධිපතිතුමා. එතුමාට තිර රචනයෙ මුල් පිටපත දුන්නහම, චිත්‍රපටය කරන්න කීයක් යනව ද කියලා ඇහැව්වා. කරන දේ හරියට කරන්න කියලා එතුමා මට කිව්වා. එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් වගේම උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් පවා මේ නිර්මාණයට ආශිර්වාද ලැබුණා.

ජනාධිපති ලේකම් ඇතුළු සියලු දෙනාගෙ මැදිහත්වීමෙන් අර්ථපතියෙක් ලැබුණා. ජනාධිපතිතුමා ඇතුළු ඒ හැමෝටම ඕන වුණේ හොඳ බෞද්ධයෙක් මෙහි නිෂ්පාදනයට එක්කර ගන්න. දමින්ද උපාලි ප්‍රනාන්දු මහතා මෙහි නිෂ්පාදනයට එකතු වුණේ ඒ විදිහට. ජනාධිපතිතුමා ඉදිරිපත් නොවෙන්න ‘මහින්දාගමනය’ මට හැබෑ නොවුණ හීනයක් බවට පත් වෙන්න තිබුණා. මෙය ජාතික වගකීමක් ලෙස හිතලා ජනාධිපතිතුමා මේකට මැදිහත් වුණ එක මට සතුටක්.

* මෙවැන්නක් තුළින් හෝ අපේ සිනමාවට රාජ්‍ය අනුග්‍රහය යොමු වීම නිසා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති වේවි කියලා හිතෙනවාද?

පිබිදීම තමයි මම බැනුම් අහපු එක. ක්ෂේත්‍රයේම ඉන්න අය මට කතා කරලා කියන්න බැරි අසභ්‍ය වචනවලින් මට බැන්නා.

* කොහොමද දන්නෙ ක්ෂේත්‍රයෙම අය කියලා?

සමහරු නම් කියලම කතා කළා. තවත් අය පිට ඉඳන් මට බනින කොට, ඒ බනින අය ළඟ හිටපු අය ෆෝන් ඔන් කරලා මට ඒවා අහන්න සැලැස්සුවා.

* ඒ බැනපු අය අතර ඔබේ කලින් නිර්මාණවලට දායක වුණ අයත් හිටියාද?

අපෝ ඔව්. මගේ නිර්මාණවලට දායක වුණ නළු නිළියොත් හිටියා. ඒ හැම නොසරුප් වචනයක්ම මට ශක්තියක් වුණා. ජනාධිපති ලේකම්තුමා, ගරුතර මහා සංඝරත්නය මාව ධෛර්යයමත් කළා.

* මහින්දාගමනයට නළු නිළියන් තෝරා ගැනීමේදී සැළකිලිමත් වූ කරුණු මොනවාද?

මේ චිත්‍රපටයට චරිත තේරුවෙ පල්ලේගම සෝමරතන හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා. මේ චරිත බෞද්ධ චරිත නිසා අපි හුඟක් සැළකිල්ලෙන් හිටියෙ.

* බෞද්ධ චිත්‍රපටයකට බෞද්ධකම ගැන සැළකිලිමත් වුණත් දේවානම් පියතිස්ස රජුගේ චරිතයට තෝරා ගත් ජීවන් කුමාරතුංග කතෝලිකයෙක් වීම ගැන සංඝරත්නය ප්‍රශ්න කළේ නැද්ද?

නැහැ. කතෝලිකයෙක් වුණත් ජීවන් බෞද්ධාගමටත්, අනෙක් ආගම්වලටත් හොඳින් ගරු කරන කෙනෙක්. ඒ වගේම ජීවන් මේ චිත්‍රපටයට පේ වෙමින් දායක වුණා.

* මෙවැනි ඓතිහාසික කතා මින් පෙර කරද්දී එම නිර්මාණවේදීන් මුහුණ පෑවා යැයි පැවසූ සුවිශේෂ සිදුවීම් වැනි දේවලට ඔබටත් මෙහිදී මුහුණපාන්නට සිදු වූවාද?

මහින්දාගමනය කරද්දී මම ඒ වෙනුවෙන්ම පේ වෙලා හිටියා. 61 වතාවක් සිල් සමාදන් වුණා. ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ සමීපයේ පිටපත තියලා බාර වෙලා තමයි කැපවීමෙන් මේ නිර්මාණය කරන්න පටන් ගත්තෙ. නිර්මාණයකට අවැසි නිදහස මට චිත්‍රපටය අවසන් වනතුරුම ලැබුණා. අපි ෂූටිං කළේ වහින දවස්වල. අහස කළු කරගෙන එනකොට මම ඇස් වහලා බුදු ගුණ කියලා ආයෙම ඇස් අරින කොට වැහි වළාකුළු නැති වෙලා. හැම තැනම වැස්සත් අපි ෂූටිං කරපු තැනට වැස්ස නැහැ. ජය ශ්‍රී මහා සමිඳුගෙ ආශිර්වාදය අපිට ලැබුණා. පස් පවින් වැළකෙමින් තමයි මම මේ නිර්මාණය කළේ.

* මහින්දාගමනයට පසු ඔබේ නිර්මාණ මොනවාද?

මගේ දෙවන නිර්මාණයට මම මේ දිනවල සූදානම් වෙමින් මූලික කටයුතු සැලසුම් කරනවා. ඒක ලක්ෂ දාහක බජට් එකක්. විශාල පිරිසකට රඟපාන්න අවස්ථාව ලැබෙනවා.

ඒ පිරිස සඳහා ඔබට බැනපු අයටත් අවස්ථාව ලැබෙයිද?

(සිනාසෙමින්) අනිවාර්යයෙන්ම මම ඒ චරිතවලට සුදුසු අය, ඒ බැනපු අය අතර හිටියොත් ගන්නවා.


Copy Rights - Sarasaviya
READ MORE - ‘මහින්දාගමනය’

‘දැන්ම බඳින්න අදහසක් නෑ’

‘දැන්ම බඳින්න අදහසක් නෑ’

චංචලා වර්ණසූරිය

චංචලා වර්ණසූරිය අපට සිටින කුසලතා පිරි දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙමින් කලා ලොවට පිවිසුණු ඇය මේ වනවිට රූපවාහිනිය, වේදිකාව, සිනමාව යන ක්ෂේත්‍ර තුනම ජයගෙන ඇත. වසරේ වැඩි කාලයක් ප්‍රංශයේ ගත කළ ද මේ දිනවල ඇය ‘සාජන්ට් ගේ නැන්දම්මා’ වේදිකා නාට්‍යය සමඟ රට වටා යයි. එම වේදිකා නාට්‍යයේ නිෂ්පාදිකාව ද ඇයය. අද සතුටු සාමීචිය වෙන් වන්නේ චංචලා සමඟ කළ කතාබහ වෙනුවෙනි.

කලා කටයුතුවලට සම්බන්ධ වුණු හැටි සිහිපත් කළොත්...

“මගෙ නෑදෑයො වැඩිපුරම ඉන්නෙ ප්‍රංශයෙ. මට ප්‍රංශයෙ පුරවැසිභාවය තියෙනව. එහෙ අපට ව්‍යාපාර තියෙනවා. ඒත් මාසෙකට දෙකකට සැරයක් ලංකාවට එනවා. ඒ වාගෙ ලංකාවට ආව වෙලාවක ටීවී ටයිම්ස් ආයතනයේ ලක්ෂ්මන් ගුණතිලක මට මුණගැහුණා. ඔහු මගෙ ඡායාරූප කීපයක් අරගෙන ටයිම්ස් පුවත්පතේ පළ කළා. ඒව දැකපු කීප දෙනෙක් මට රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකට ම ඇරයුම් කළා.

පසුව මොහාන් නියාස් ගෙ ‘සීතාම්බර සළු’ ටෙලිනාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ මගේ පළමු ටෙලි රංගනය. ඒකෙ මට කරන්න තිබුණෙ ගැමි චරිතයක්. ඒක මට තරමක් අභියෝගයක් වුණත් ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දුන්නා.”

ඔබ දැන් වේදිකා නාට්‍ය නිෂ්පාදිකාවක් නේද?

“මම මුලින් ම සම්බන්ධ වුණේ ටෙලිනාට්‍යවලට. ඊට පසුව චිත්‍රපට කීපයකම රඟපෑවා. ඉන් පසුවයි එම වේදිකාවට සම්බන්ධ වුණේ. සැන්ඩෝ හැරිස්ගෙ ආරාධනයක් අනුව ඔහුගේ නිර්මාණයක් වන ‘සාජන්ට්ගේ නැන්දම්මා’ වේදිකා නාට්‍යයට එක් වුණා. එහි නිෂ්පාදිකාවත් මම.

ඔබ දායක වී ඇති වෙනත් නිර්මාණ...?

“රංජිත් කුරුප්පු ගේ ‘පුතිනි හඹා ගිය’, ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ, සුදත් රෝහණ ගේ ‘කළුවර ගෙදර’, බර්මින් ලයිලි ගේ ‘ගුරු ගීතය’ කියන ටෙලි නාට්‍ය වලටත්, රෝයි ද සිල්වාගේ ‘ද ලාස්ට් චාන්ස්’, උදය කාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ ‘තුෂාරා’, ‘මුතු සළඹ’, ‘අපි මැරෙන්නෙ නෑ’, කිව්වත් නහී නොකිව්වත් නහී’ චිත්‍රපටවලටත් මට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

විලාසිතා නිරූපණය ඔබ නියැළී සිටින තවත් ක්ෂේත්‍රයක් නේද?

“විලාසිතා නිරූපණය මගෙ ප්‍රධානම විනෝදාංශයක්. ප්‍රංශයේ මම එක් ආයතනයක නිරූපිකාවක් ලෙස සේවය කරනව. ඒ වගේ ම ප්‍රංශයේ’ ’ Top Model’ කාඩ්පත පවා මට ලැබී තියෙනවා. මට ගැලපෙන ඇඳුම් නිර්මාණ නිරූපණයට පමණයි මම දායක වෙන්නෙ. මම හැම විටම වැඩ කරන්නෙ මගෙ දෙමව්පියන්ගෙ සහ රටේ ගෞරවය රැකෙන විදියටයි. මම ලංකාවෙ කෙනෙක් කියන දේ මම හැම තිස්සෙම හිතනවා.

ගීත ගායනයට ඇති ඔබේ හැකියාව ගැන සඳහන් කළොත්...?

“මම සංගීතය විෂයක් විදියට ඉගෙන ගෙන නෑ. හැබැයි ගීත ගායනයට පුංචි කාලෙ ඉඳල පුංචි හැකියාවක් තියෙනවා. මීට මාස කීපයකට පෙර ප්‍රංශයේ ශබ්දාගාරයක ප්‍රංශ චිත්‍රපටයක හඬ කැවීම්වලට සහභාගි වෙලා ඉන්න වෙලාවක මම ටයිටැනික් ගීතය මුමුණමින් සිටියා.

ඒක ඇසුණු එඩුවා සෙවෙල් නම් සංගීතඥයා ඔහුගේ මීළඟ සීඩී තැටියට ගීතයක් ගයන්න මට ඇරයුම් කළා. ඒ අනුව මම Killing me Sofly ගීතය ඒ සී.ඩී. එකට ගායනා කළා. ළඟදීම මගෙ ම සිංහල ගීතයක් කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තියෙනවා.

කලා ක්ෂේත්‍රය තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

“කලාව රැකියාවක් කරගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මට ජීවත් වෙන්න ව්‍යාපාර තියෙනවා. මගෙ කලා හැකියාවන් ගෙන් අනෙක් අයට තෘප්තිමත් කරල මමත් තෘප්තිමත් වෙන්න විතරයි මම කලාව භාවිතා කරන්නෙ.”

ආදරය, ප්‍රේමය පිළිබඳව ඔබට තියෙන්නෙ මොනවගේ හැඟීමක් ද?

“මම හිතනව බොහෝ දෙනෙක් හිතන ආදරය බඩගින්න, නිදි මත වගේ හැඟීමක් විතරයි කියල. නමුත් කෙනෙක් තව කෙනෙකුට ගරු කරනව නම්, ආරක්ෂා කරනව නම්, විශ්වාස කරනව නම්, අගය කරනව නම් එතැන නියම ආදරය තියෙනවා.”

ඔබේ පෙම්වතා ගැන සඳහන් කළොත්...?

“ඒ ගැන දැන් ම කියන්න අමාරුයි”

ඔබේ විවාහය ළඟදී සිදුවේවිද?

“නැහැ. මට කරන්න තව ගොඩක් වැඩ තියෙනව. ළඟදී විවාහ වෙන්න මගෙ අදහසක් නෑ.”

පවුලේ තොරතුරු?

“මගෙ තාත්ත නැති වුණේ මම පොඩි කාලෙදිමයි. මගෙ අම්මයි, මල්ලියි, නංගියි (මල්ලිගෙ බිරිඳ) ඉතාම සතුටින් ජීවත් වෙනවා.

READ MORE - ‘දැන්ම බඳින්න අදහසක් නෑ’

ටෝනි ගේ ලණු ගැන අනුලා සිහිපත් කරයි

බොල්ගොඩ ගඟේ ළවැලි තලාවේ දෙදෙනකුගේ පිය සටහන්ය. බොහෝ කලකට පසු මුණ ගැසුණු මේ දෙපොළ මොන මොනවද මුමුනමින් ඉදිරියට ඇදෙයි. පිය සටහන් නොමැකෙන්නට පිය නගමින් මම ඔවුන් පසුපස ගියෙමි. කවුරුන් හෝ තමන් ලුහුබැඳ එන වග ඉවෙන් මෙන් දැනුණු දෙදෙනා එක වරම ආපසු හැරී බැලුවෝය.

මේ ප්‍රවීණයන් දෙපොළව හඳුන්වා දීමට වැල්වටාරම් අවැසි නොවෙයි. රූපකාය පමණක් සෑහේය. එහෙත් ඔවුන්ව නමින් හඳුන්වා දීම මගේ යුතුකමක් වන්නේය.

ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක. දශක ගණනාවකට පසුව ටෝනිත් අනුලාත් එක්ව රඟයි. අලුත් ගෙදර නම් වූ එය රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයක් වන අතර තරංග දිසානායකගේ නිෂ්පාදනයකි.

ටෝනි සහ අනුලා ගේ රංගන හමුවීම සහ මේ සටහන ලියන මා ඔවුන්ව මුණ ගැසුණේ ද අලුත් ගෙදර හි බණ්ඩාරගම දර්ශන තලයේදීය. ඔවුන් දැන් රසබර අතීතයක අල ගිය මුල ගිය වැල ගිය තැන් මා ඉදිරියේ දිග හරින්නට සූදානමිනි.

අපි කතාව කොහෙන්ද පටන් ගන්නේ? මම ඇසුවෙමි.

පුතාම අහන්නකො බලන්න, එතකොට අපි උත්තර බඳීන්නම්.

ඒ තවමත් වියපත් නොවූ ටෝනිගේ හඬය.

දෙන්නා මුලින්ම රංගන ලෝකයේදී හමු වුණේ කොයි කාලේ වගේද?

මගේ මතකයේ හැටියට අපි චිත්‍රපටයකදී එකට රඟපෑවේ ගම්පෙරළියේ. ඒ 1962 අවුරුද්දේ. ඒකේ බලදේව හැටියට මමත් ළසඳා ලෙස අනුලත් චරිත නිරූපණයේ යෙදුණා. ඊට ප්‍රථම ධර්මසේන වික්‍රමරත්නගේ රන් තෝඩු වේදිකා නාට්‍යය කරද්දිත් අපි හමුවෙලා තියනවා. අද වගේම තමයි අනුලා ගාව ලැජ්ජාශීලී ආඩම්බරකමක් තියනවා. ඇය වැඩිය නාඳුනන අයත් එක්ක කතාබහ කරනවා අඩුයි. ඒත් මුල්ම හමුවේදීම අපි බොහොම හිතවත් වුණා. ඒ බැඳීම එදා වගේම නොඅඩුව අදටත් අපේ සිත්වල තිබෙනවා.

ටෝනි අතීතාවර්ජනය ඇරැඹුවේය.

දෙන්නා එකට රඟපාපු චිත්‍රපට කිහිපයක් මතක් කරමුද?

මම අනුලා අක්කාගෙන් ඇසීමි.

ගම්පෙරළියෙන් පසුව රන්සළු, නාරිලතා, ඇතුළු චිත්‍රපට ගණනාවක අපි එකට රඟපෑවා. ඒ අතර මේ දෙයත් කණගාටුවෙන් මතක් කරන්න ඕනෑ. ධර්ම ශ්‍රී කල්දේරාගේ මුව දඩයම චිත්‍රපටයේ ටෝනිත් මමත් රංගනයේ යෙදුණේ ඉතාම උනන්දුවෙන් සහ කැපවීමකින්. අවාසනාවට එය තිරගත වුණේ නැහැ. අපටත් ආසයි ඒ චිත්‍රපටය නරඹන්න.

කොහොමද ටෝනි කැමරාව ඉදිරියේදී ලබා දුන් සහයෝගය?

ඒ ගැන නම් කිව යුතුමයි. නළුවකුට හෝ නිළියකට කැමරාව ඉදිරියේ තනිවම රඟපාන්න බැහැ.(දෙදෙනකු හෝ ඊට වඩා වැඩි ගණනක් ඉන්න දර්ශනයකදී) ඒ සඳහා අනිත් අයගෙන් සහයෝගය ලැබිය යුතුමයි. මමත් සමඟ ටෝනි රංගනයේ යෙදෙන සෑම අවස්ථාවකදීම ඔහු ලබා දුන්නේ නොඅඩු සහයක්. ඔහුත් මාත් සිටින දර්ශනයක් රූගත කරද්දී ටෝනි දෙබස් කියා නිම වන විටම ඊට ම’වෙතින් සිදු විය යුතු කාර්ය වන්නේ ඉබේමයි. දෙබසක් නම් නිරායාසයෙන්ම කියවෙනවා. මුහුණේ හැඟීමක් නම් ඒත් එහෙමමයි.

අනුලා එහෙම කියද්දී ටෝනි නිහඬව මේ සියලු දේවල් අසා සිටින්නේ සොඳුරු සිනහවක් ද මුවෙහි සටහන් කර ගනිමිනි.

මගේ මීළඟ පැනය ටෝනිටය.

අනුලාගේ රංගනය ගැන බොහෝ දේ පවසන්නට ඇති? එහෙම නේද?

ඇත්තටම අනුලා ගැන කියන්න වැදගත් දේවල් කිහිපයක් තියනවා. ගොළු හදවත චිත්‍රපටයේ දම්මි ලෙස ඇය කළ චරිතය වෙනත් කෙනෙකුට ලැබුණා නම් එහි අසාර්ථකත්වය කෙසේ වේවිදැයි මටවත් හිතා ගන්න බැහැ. එහෙත් එහෙම වුණේ නැහැ. ඒ විදිහට බලන කළ අනුලා භාග්‍යවන්තියක්. ඇය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන දම්මිව නිරූපණය කළ හැටි අද්විතීයයි. ප්‍රශංසනීයයි. මං හිතනවා රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට එක්තරා අවස්ථාවක් ලැබෙනවා තමාගේ උපරිම දක්ෂතා එළියට දාන්න. අනුලට ඒ අවස්ථාව හිමි වුණේ ගොළු හදවතින්.

එයට පසුව අනුලාගේ රංගනයන් වාර කිහිපයදී මා දුටුවා. පරසතුªමල් ඉන් එකක්. එහෙත් අනුලා වගේ නිළියක්ව අගය කළා මදි යැයි මට විටෙක හිතෙනවා.

තව දෙයක් මතක් කළ යුතුයි. අනුලාට විවිධාකාර චරිත ලැබීගෙන එද්දී ඇගේ විවාහය නිසා රංගනයෙන් සමුගන්නට සිදු වෙනවා. හදිසියේවත් දිගටම රංගන චාරිකාවේ යෙදුනා නම් ඇය අවස්ථා ගණනාවකදී සම්මානනීය වන්නට තරම් චරිත ලැබෙන්නට තිබුණා.

ටෝනි රණසිංහයන් එක්තරා යුගයක ලණු දීම සම්බන්ධව සිනමා ක්ෂේත්‍රය තුළ සුපතලව සිටියේය. අපේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් ටෝනි අයියා ගේ ලණු නිසා ඇස් රතු කර ගත් අවස්ථා ද එමටයි.

වියපත් මිනිසකු හැටියට අද මං කණගාටු වෙනවා ඒ සම්බන්ධව. සමහරෙකුට මං දීපු ලණු දිරවා ගත නොහැකි වුණා. එහෙත් අද ඒවා රසවත් කතා බවට පත් වෙලා තියනවා.

ලණු දීලා කාව හරි සමච්චලයකට පත් කරපු අවස්ථා කතා කරන්න මං කැමැති නැහැ. ඒවා කිව්වොත් වෙන්නේ මං මාවම සමච්චලයකට පත්කර ගන්න එක.

ඒ ටෝනි අයියාගේ අද මතය.

එයා එහෙම කිව්වට මං කියන්නම්කො මෙයා මට කරපු හොඳ වැඩක් ගැන.

අනුලක්කා සිහිපත් කළාය.

මමයි ෆ්‍රෙඩී සිල්වයි හොඳ යාළුවෝ. එක දවසක් අප චිත්‍රපටයක් රූගත කරද්දී උදෑසන ෆ්‍රෙඩීව මට හමු වුණා. ඔහු ඉතාම සුහදව වෙනදා මෙන්ම මාත් එක්ක කතාබහ කළා. දහවල් කෑමෙන් පස්සේ ෆ්‍රෙඩී මට දකින දකින තැන දී ඔරවන්නත් මාව මග හැරලා යන්නත් පටන් ගත්තා. මට මේක මාර ප්‍රශ්නයක් ඒ ඇයි කියලා. ෆ්‍රෙඩීගෙන් අහන්නත් බැහැ. ටික වෙලාවකින් මට ඇත්ත සිද්ධිය දැනගන්නට ලැබුණා. ටෝනි, ෆ්‍රෙඩීට කියලා මං ආසම නැති නළුවත්, රඟපාද්දි බලන් ඉන්න බැරි නළුවත් ෆෙ‍්‍රඩී සිල්වා කියලා. කෙසේ හෝ ඇත්ත හෙළි වුණාට පස්සේ ෆෙ‍්‍රඩීම ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා.

අපි දැන් කතා කරමු අලුත් ගෙදර නාට්‍යය පිළිබඳ? කොච්චර කාලෙකට පස්සෙද දෙන්නා එකට රඟපාන්නේ?

අතීතයේ රස ගුලාවේ සිට අපි වර්තමානයට පැමිණියෙමු.

අපි දෙන්නා අවසන් වතාවට එකට රඟපෑවේ විජයපාල හෙට්ටිආරච්චිගේ පේනවා නේද චිත්‍රපටයේ. ඒ 1969. ඒ අනුව බලන කළ අවුරුදු 42 කට පසුවයි අනුලත් එක්ක රඟපාන්නේ.

අලුත් ගෙදර නාට්‍ය ගැන යමක් පැවසුවොත් මේක වැඩිහිටි නිවාසෙක කතාවක්. ජී. ආර්. පෙරේරා, විජේරත්න වරකාගොඩ, රම්‍යා වනිගසේකර, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, නාමෙල් වීරමුණි, අයිරාංගනී සේරසිංහ මෙහි රඟපානවා. එහි උපුල් නම් වූ චරිතයයි මං නිරූපණය කරන්නේ. උපුල් තමා ආදරය කළ ප්‍රේමවන්තියව විවාහ කර ගත නොහැකි වූ සොවින් පෙළෙන කෙනෙක්. ඇයත් දැන් මහළුයි. ඒත් ඇය උපුල්ව බලන්න එනවා. උපුල්ට තියෙන්නේ බොහොම සංවේදී කලාකාමී හිතක්. ඒ නිසා හැගුම්බර වෙනවා වැඩියි.

අනුලා කියන්නකෝ ඉතුරු ටික?

අනුලා අක්කාට ඉතිරි ටිත කියන්න ඉඩ ඇරියේ ටෝනි අයියාමය.

අලුත් ගෙදර නාට්‍යයට මට ආරාධනා කළාම මං ඇහැව්වා ඉතුරු නළු නිළියන් ගැන. ඒ අතර ටෝනි ඉන්න බව දැනගන්න ලැබුණම හිතේ ඇති වුණේ පුදුම සතුටක්. මමත් එක හෙලාම කියා සිටියා ටෝනිව මේ නාට්‍යයෙන් අත හරින්න එපා කියලා. ඒ ඔහු ඉන්න එක මට ශක්තියක් නිසා.

අලුත් ගෙදර හි මං ලතා. ලතා හරිම අවිහිංසක අම්මා කෙනෙක්. ඇගේ දරුවන් ඇයව බලන්න එනවා තියා ලියුමක්වත් එවන්නේ නැහැ. එහෙයින් ඇය තනි වන වාර අපමණයි. මං හිතනවා වෙනස්ම කතා ආරකට ගොඩ නැගුණ අලුත් ගෙවල් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනියි කියලා. කලකට පසුව අප සමකාලීනයින් එක්ක රඟපාන්න ලැබීම සොඳුරු අත්දැකීමක්. ඒ වගේම තව එක් කෙනෙක්වත් මතක් කළ යුතුයි. ඒ අයිරාංගනී සේරසිංහ මහත්මියව. අප දෙන්නා සමඟ ඇයත් බොහොම කලාන්තරයකට පසුව අලුත් ගෙවල් නිසා එකට රඟපානවා.

Copy Rights - Sarasaviya
READ MORE - ටෝනි ගේ ලණු ගැන අනුලා සිහිපත් කරයි

‘බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී

බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී

‘බොලිවුඩ්පුරයේ දඩබ්බරයා’ හැටියට සමහරු හඳුන්වන සුපිරි නළු සල්මන් ඛාන් දෙස පසුගිය සතියේ ඔහුගේ රසික රසිකාවියන් වඩාත් අවධානය යොමු කළා. එයට හේතු කිහිපයක් ම තිබුණා. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වුණේ ඔහු රඟපෑ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක්. මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය කර තිබුණේ ප්‍රසිද්ධ සිසිල් බීම වර්ගයක් වෙනුවෙන්.

සල්මන් මෙහි සුළු පටු රංගනයක් නොවෙයි, ඉදිරිපත් කළේ. ඔහු පැරෂුටයක ආධාරයෙන් අඩි 10,000 ක උසකින් බිමට පැන්නා. එය කාගේත් ලොමු දැහැගන්වන රංගනයක් වූ බව නොලියාම බැහැ.

“හැමෝම සල්මන්ගේ රඟපෑම ගැන බය වුණා. සමහරු හිතුවේ සල්මන්ගේ ජීවිතයට අනතුරක් වේවිය කියලයි. ඒත් එයා බය නැතුව ඒ රඟපෑම කළා. රූපගත කිරීමට එක්වූ ශිල්පියෙකු එලෙස සඳහන් කළා.

“හුඟ දෙනෙක් මගේ මේ රඟපෑමට බයවුණා. ඒත් මම හොඳ විශ්වාසයකින් මේ වැඩේ කළ නිසා ඒක සාර්ථක වුණා. මෙතනදි බය නැතිකමයි, උත්සාහයයි තියෙන්නත් ඕනෙ.” රූපගත කිරීමෙන් පසුව සල්මන් කියා සිටියා. මේ රඟපෑම වෙනුවෙන් ආදේශක නළුවෙකු යොදා ගැනීමට වෙළෙඳ දැන්වීම නිර්මාණය කළ අධ්‍යක්ෂවරයා යෝජනා කර තිබුණා.

නමුත්, එම ආදේශක (ස්ටන්ට්) නළුවා තම රංගනය හරි හැටියට ඉදිරිපත් නොකරාවි යැයි සල්මන් සැක පහළ කළා. ‘ස්ටන්ට් නළුවා අහසේ ඉඳල පැරෂුට් එකෙන් එන දර්ශනය හරියටම කරාවිද කියල මට සැක හිතුණා. ඒ නිසයි මට ම ඉදිරිපත් වෙලා ඒ අවදානම් සහගත දර්ශනයේ රඟපෑවේ. සල්මන් ලොකු ආඩම්බරයකින් එලෙස ප්‍රකාශ කළා.

මෙම වෙළෙඳ දැන්වීම නිර්මාණය වූයේ ලෝක ප්‍රසිද්ධ සිසිල් බීම වෙළෙඳ සමාගමක ඉන්දීය ශාඛාවයි. එහි අලෙවි අධ්‍යක්ෂවරියක වන කල්පනා ටයිටස් පැවසුවේ මෙම දැන්වීමට විශාල මුදලක් වැය වූ බවයි.

සල්මන් මෙම සිසිල් බීම වර්ගය වෙනුවෙන් ලාංඡන නියෝජිතවරයා ලෙස පෙනී සිටිනවා. ඔහු වැනි රංගන ශිල්පියෙකු මෙවැනි අවදානම් සහගත රංගනයක් නිරූපණය කළ මුල් ම අවස්ථාව මෙය හැටියටයි බොහෝ දෙනා සලකන්නේ.

සල්මන් වැනි තරුවක් මෙවැනි සිසිල් බීම දැන්වීමකට යොදා ගන්නට තීරණය කළේ ඇයි දැයි කල්පනා ටයිටස් මෙලෙස පහදා දුන්නා... “බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවන් අතරින් සල්මන්ව තෝරා ගත්තේ එයාව ප්‍රිය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් ඉන්න බව අපි දන්නා නිසයි. නගරවල විතරක් නෙමෙයි. ඈත ගම්වල පවා සල්මන් ගේ රසික පිරිස් ඉන්නවා. අපි මුලින් ම තීරණය කළේත් සල්මන්ව මේ වෙළෙඳ දැන්වීමට යොදා ගන්නයි.”

ඇය මේ දැන්වීම රූපගත කළ ආකාරය පිළිබඳ විස්තරයක් ද පැවසුවා. “මේ දැන්වීම රූපගත කළේ නවසීලන්තයේ යි. දර්ශන රූපගත කරපු පරිසරය හරිම ලස්සනයි. ඒක කඳුකර පළාතක් . රූපගත කරන්න එකතු වුණේ ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන අන්තර්ජාතික ශිල්පීන් පිරිසක්. මේ රූපගත කිරීමෙන් පසුව සල්මන් තවත් අපූර්වතම රංගනයකට එකතු වුණා. එය ද අවදානම් රඟපෑමක්.

ත්‍රිරෝද රථ රියැදුරෙකු හැටියටයි සල්මන් රඟපෑවේ. ඒ, චිත්‍රපටයක් වෙනුවෙන්. රූපගත කිරීම සිදුවුණේ තායිලන්තයේ පතායා නගරයේදී යි. මෙය, සල්මන් ගේ සිනමා ජීවිතයට එක් වූ අලුත් ම අත්දැකීමක්. සල්මන්, ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රඟපෑවේ අනිස් බාස්මී අධක්ෂණය කරන ‘රෙඩි’ චිත්‍රපටයේයි.

“ත්‍රීවීලර් එකක් පදවාගෙන යන්න සල්මන්ට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසයි, එයා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට රඟපාන්න අධ්‍යක්ෂවරයාව කැමැති කරවා ගත්තේ. මේ දර්ශනවලදී සටන් ජවනිකා නිරූපණය කරන්න සල්මන්ට සිද්ධ වුණා. මීට කලින් කිසිම බොලිවුඩ් නළුවෙක් මේ වගේ රඟපෑමක් ඉදිරිපත් කරලා තිබුණෙ නැහැ. මේවා අතිශය භයානක සටන් ජවනිකා.

ඒ නිසා මේ දර්ශන ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් කාලෙකට ඈත් නොවී තියේවි. ‘රෙඩි’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘ටී සීරීස්’ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවා.

ඔහු පැවසූ ලෙස මේ දර්ශන අතිශය බියකරු වන්නේ ඇයි? සල්මන් ත්‍රිරෝද රථයක් පදවාගෙන යද්දී එක් මොහොතකදී ඔහු ධාවනය වෙමින් තිබෙන ත්‍රිරෝද රථයකට පැන එහි රියැදුරාට පහර දෙන දර්ශනයක් ද ඇතුළත් වන නිසයි. එය, ප්‍රේක්ෂකයන් සන්ත්‍රාසයට පත් කරවන දර්ශනයක් බවයි චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් පවසන්නේ. මේ චිත්‍රපටය ජූනි 6 වැනිදා තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිත යි.

පසුගිය සතියේ සල්මන් බොහෝ දෙනෙකු ගේ අවධානය ලක් වූ තවත් සිදුවීමක් තිබුණා. ඒ ඔහුට චින්කාරා මුවන් දඩයම් කිරීමේ චෝදනාවට ලක්වීමෙන් පසුව පනවා තිබූ තහනමක් ඉවත් වීමයි. සල්මන්, 1998 දී චිත්‍රපට රූපගත කිරීමකට එක්වී සිටියදී දුර්ලභ චින්කාරා මුවන් දඩයම් කිරීමේ වරදට චූදිතයෙකු වී සිටින බව ප්‍රකට කාරණයක්. මේ වෙනුවෙන් වන නඩු විභාගය තවමත් පැවැත්වෙනවා.

නඩුව විභාග කර නිමවනතුරු සල්මන්ට උසාවියේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කර තිබුණා. පසුගිය සතියේ මෙම නඩුව නැවතත් විභාගයට ගත් රාජස්ථාන් මහාධිකරණය සල්මන්ට පනවා තිබූ මේ තහනම ඉවත් කළා. දැන් ඔහුට කිසිවෙකුගේ අවසරයකින් තොරව විදේශගත වී තමන් ගේ වැඩකටයුතු නිම කර නැවත මව් රටට එන්නට නිදහස ලැබී තිබෙනවා.

READ MORE - ‘බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී

අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ

අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ

- නිරංජලා සරෝජිනී

පේ‍්‍රමකීර්ති ද අල්විස් ප්‍රවීණ ගීත රචකයා ගේ අභාවය සිදුවී විසි වසරක් සපිරීම නිමිත්තෙන් සහ මීට වසරකට පෙර වියෝ වූ ප්‍රවීණ ගායක කලාකරු අබේවර්ධන බාලසූරිය ගේ 66 වන ජන්ම දින සැමැරුම වෙනුවෙන් ‘අප ගැයූ ප්‍රේම් ගේ ගී’ සංයුක්ත තැටිය දොරට වැඩීම මේ මස 9 වැනිදා සවස 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සිදු කෙරේ. ඒ නිමිති කොටගෙන අබේවර්ධන බාලසූරිය ගේ ප්‍රිය බිරිඳ ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජිනී සමඟ යෙදුණු පිළිසඳරක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

ඇත්තටම’ ‘අප ගැයූ පේ‍්‍රම් ගේ ගී’ CD තැටිය එළිදක්වන්න හිටියේ දැනට වසරකට පෙරාතුවයි. මේ CD තැටියේ වැඩ කටයුතු හැම දේම අබේ මිය යන්න පෙරාතුව නිම කරලා තිබුණේ. CD එක එළිදක්වන්න ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි අබේ අසනීප වුණේ. එදා එයාගෙ හිතේ තිබුණු අරමුණ තමයි මම ඉදිරිපත්වෙලා මේ විදිහට ඉටු කරන්නේ.

මේ CD එකේ එන හැම සින්දුවක් ම ප්‍රේමකීර්තිම අප දෙන්න වෙනුවෙන් අපිටම ලියපු ගීත. ඔහු අපිට ලියපු ගීත අතුරින් ජනප්‍රිය වුණු ගීත 20 ක් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. අබේගේ හිතේ තිබුණු මේ අදහස මේ විදිහට ප්‍රසංගයක් පවත්වල මට ඉෂ්ට කරන්න ලැබීම ගැන මට සතුටුයි.

අබේ ගෙ ජීවිතේ පුරාම තිබුණ දෙයක් තමයි සැලසුම් සහගත බව. ඒක එයාගෙ මම දැකපු විශේෂ ලක්ෂණයක්. ඕනම දෙයකට එයා හරිම පිළිවෙළයි. මගෙ ජීවිතේ හැම දේම මම ඉගෙන ගත්තෙ එයාගෙන්. මං අබේ එක්ක විවාහ වෙද්දී මට වයස අවුරුදු 26 යි.

මං ඊට වැඩි කාලයක් අබේ එක්ක ජීවත් වුණා. අවුරුදු 29 ක් විතර. ඒ කාලය තුළ මට හැම දෙයක් ගැන ම පවුල් ජීවිතේ වුණත් කලා ක්ෂේත්‍රයේ වුණත් හැම දේම ගැන හොඳ අවබෝධයක් ඔහු ලබා දුන්නා. එයා මට ජීවිතේ කියල දුන්න විදිහට ඉදිරි කාලය ගෙවා දමන්න මට ශක්තිය තියෙනවා.

2008 දී තමයි අබේට ස්නායු දුර්වලතාවයක් තියෙනවා කියල අපි දැනගත්තේ. එයා කතා කරන කොට පොඩි ගොත ගැසීමක් ආවා. කටහඬ වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට තමයි අපි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වුණේ. ඒ වෛද්‍ය පරීක්ෂණවලින් කිව්වේ අබේගෙ ඇඟ ඇතුළෙ ස්නායු දුර්වලවීමක් තිබෙනවා කියලයි. මේකට කියන්නේ ‘මෝටර් නියුරෝන් ඩිසීස්’ කියලයි.

ඒක හොඳ කරන්න බැහැ කියලා වෛද්‍යවරු මට කිව්වා. මේ තත්ත්වය ලක්ෂ පහළොවකින් අයෙකුට හැදෙන දෙයක්. ඇත්තටම අබේ මේ ගැන දැනගෙන හිටියෙ නැහැ. එයා හැම වෙලාවෙම හිතුවෙ එයාට හොඳවෙයි කියලා. මමත් එයාට මේ කිසිදෙයක් දැන ගන්න ඇරියෙ නැහැ. මම ඉතින් මේ හැම දෙයක් ම දැන දැනත් තනියම විඳ දරා ගත්තා. එයාට කරන්න ඕන ඇප උපස්ථාන හැම දෙයක් ම කළා. ඇත්තටම මම අදටත් සතුටු වෙන්නෙ මම එයාව හොඳින් බලාගත්තා කියන එක ගැන හිතලා.

එයාගෙ අඩුව ජීවිතේ කියාගන්න බැරි තරම් දෙයක්. මොන දේ කරන්න ගියත් මට එයාව මතක් වෙනවා. අබේ නැති අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බැහැ. මේ ගේ පුරාම මට පේන්නෙ එයාව. දැනෙන්නෙ එයාගෙ සුවඳ. තනියම කල්පනා කරන වෙලාවට මට මතක් වෙන්නේ අපි දෙන්න සතුටින් හිටිය කාලේ නෙමෙයි. ඇත්තටම මට මතක් වෙන්නෙ අබේ අසනීපෙන්, දුකෙන් හිටපු ඒවා. හිතට වාවගන්න හරි අමාරුයි.

ඒත් හිත හදාගෙන ඉන්න උත්සාහ කරනවා. වෙන මොනවා කරන්නද? ආයෙත් කවදාවත් මම සින්දු කියන එකක් නැහැ. සංගීත ක්ෂේත්‍රය කියන්නේ අපි දෙන්නම එකට ආපු ගමනක්. අබේ නොහිටින්න නිරංජලා සරෝජිනී කියලා කෙනෙක් සංගීත ක්ෂේත්‍රයේ නැති තරම්. මගේ නම රටේ හොඳ තැනකට ගෙන ආවේ අබේගෙ උදව් උපකාර ඇතිව. දැන් ඉතින් මට සින්දු කියන්න ශක්තියක් නැහැ.

මගේ හඬත් ගිලිහිලා වගේ. අබේ අසනීපෙන් ඉන්න කාලෙ එයා හරියට දුක් වුණා. එයාට ආයෙ සින්දු කියන්න බැරිවෙයි කියලා. එයාගෙ සින්දුවක් යනකොට එයා හරියට දුක් වුණා. “මට ආයෙ මෙහෙම කියන්න පුළුවන් වෙයි ද?” කියලා. එයා මගෙන් අහනවා “අපි බලමු කො. ඔයාගෙ උගුරෙ අමාරුව හරියයි” කියලා මම ඒ අහන හැම වෙලාවෙම කියනවා.

මම පුළුවන් තරම් එයාගෙ හිත හැදුවා. අපි දෙන්නම උත්සවවලට, සංගීත සංදර්ශනවලට ගියේ එකට. එහෙම එකට ගිහිල්ලා එකට සින්දු කියලා දැන් තනියම ඒවාට යන්න මට ශක්තියක් නැහැ. මගේ දෙපය වාරු නැහැ. අබේගෙ නම රැකගෙන එයා වෙනුවෙන් පින්දහම් කරගෙන එයාගෙ හිතේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ඨ කරගෙන ජීවිතේට මුහුණ දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.

අබේ හිතුවෙ නැහැ එයා නැතිවෙයි කියලා. ඒත් අන්තිම දවස් දෙකේ එයාට තේරුණා පොඩ්ඩක් විතර ජීවිතේ අවදානම් කියලා. එයාට ජීවත් වෙන්න බැරිව යයි කියලා.

එයා මට කොළේක ලියල දුන්නා ‘මගේ අවසන් මොහොතෙ මගේ ළඟ ඉන්න” කියලා. එයා ඇදේ ඉන්න මොහොතේත් මම හාමුදුරුවො වඩම්මවලා පිරිත් කියලා එයා ඉදිරිපිට දීම අටපිරිකර පූජා කළා. මොනවා කරන්නද එයා රෑ එකොළහකුත් ගාණට මාව දාලා ගියා.

වෙලාවකට හිතෙනවා අපි දෙන්නට දරුවෙක්වත් හිටියා නම් කියලා. මේ වේදනාව ඒකෙන් හරි අඩුවෙන්න තිබුණා. නමුත් අපිට දරුවන් නැහැයි කියලා අපි දෙන්න දුක් වුණේ නැහැ.

ඒක අපි දෙන්න විද දරා ගත්තේ අපිට දෙවියන් දුන්නු විදිහ කියල හිත හදාගෙනයි. අපි දෙන්න අපි දෙන්නට හුඟාක් ආදරෙන් හිටියා. හැම විටම එකටම තමයි ගමන් බිමන් ගියේ. ඒක තමයි මට දැන් දරා ගන්න අමාරු. මම හැමදාම දෙවියන් බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්නේ අබේ හොඳ තැනක ඉපදිලා උපදින හැම ආත්මයකදීම එයා මටම ලැබෙන්න, මගේ ම වෙන්න කියලයි.

ගුවන් විදුලිය
ලංකාව
89/02/05

හිතාදර අබේ,

ලියන්න කිසිම අමුතු දෙයක් නැහැ. ඒ නිසා පසුගිය මාසය පුරාම ලිපියක් ලියන්න අතපසු වුණා. උඹ ගැනත් තොරතුරු මං මෙහේ නංගිගෙන් අහගන්නවා. මට බොරලු ගොඩයත් කිව්වා විස්තර. අරූගෙ (අල්විසාගෙ) තොරතුරු තමයි ඇහෙන්නෙ නැත්තේ.

ඌ හොඳින් කීකරුව ඉන්නවද? ඕකාට කියහන් ජර්මනියෙ තියෙනවලු “කෙස් හිටවීමේ” ක්‍රමයක් (තරහයයි ද දන්නෙ නැහැ) මචං උඹ ගියාට පස්සෙ මං රූපවාහිනියට ගියෙ දෙතුන් වරයි පී.හෙට්ටිආරච්චි මහත්තයාගේ සහ ටයි මහත්තයාගේ වැඩ දෙකකට කමෙන්ට්‍රි කරන්න.

රූපවාහිනියට යනකොට මතක් වෙනව නිතරම උඹෙ දැවැන්ත රූපය ඒ ගොඩනැඟිල්ල අතරෙ. මට තදින්ම හිතවත්ව හිටියෙත් උඹ විතරයි. ඒ නිසා ඒ අඩුව තදින්ම දැනෙනව.

උඹ එදා එනකොට දුන්න සල්ලි කාර් එකටම දුන්නා. ඒවායින් තමයි ඉතුරු බඩු අරගෙන කාර් එක Complete කරගත්තේ. ඒකටත් උඹට පින් සිද්ධ වෙනවා විතරක් නෙමෙයි ජාති ජාතිත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

මං නංගිගෙන් ගෙදරදොර තොරතුරු අහල බලනව. උඹට ආරංචි ඇතිනෙ වික්ටර් දාගත්තු ලෙඩේ. මං අනන්තවත් කිව්වා බීපං, කමක් නැහැ - ඔය විදිහට දිගටම පැය විසිහතරෙම බොන්න එපා කියලා.

ඌ මාව ගණන් ගත්තෙ නැහැ. අපි පොඩි මිනිස්සු නිසා වෙන්න ඇති. මට ඌ ගැන හරිම දුකයි. ආරංචිය අහපු වෙලාවේ මගෙ ඇස්දෙකට කඳුළුත් ආවා.

මං උඹට වගේම ඌටත් හරිම ආදරෙයි. ළෙන්ගතුයි. ඒත් ඌ දන්නෙ නැහැ අපි ඌ ගැන දක්වන සෙනෙහස ළෙන්ගතුකම කොච්චර ද කියල. උඹත් ඒ දවස්වල කට කැඩෙනකං කොච්චර කිව්වද? දැන්නම් සනීපයි. දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙන්න කියල මං හිත යටින් නිතරම කියනවා.

ඉතිං මචං කොහොම ද? ඔය පළාතේ තොරතුරු? ආවාම අහගන්න බැරියැ. අරූව (අල්විසා) පරිස්සමින් බලාගනින්. ජර්මන්කාරයො ඕකගෙ තට්ටෙ පලයි.

උඹේ කටහඬ නං ඇහෙනව මචං... නිතරම උඹේ සින්දුවලින්. එතකොට ළඟ ඉන්නව වාගෙ දැනෙනව. ඒත් හැබැහින් නෙමෙයිනෙ. උඹටයි මටයි විශේෂ වෙච්චි ලෝකේ.

වෙනත් වැඩිමනක් තොරතුරක් නැහැ මචං වික්ටර් අසනීප වෙච්චි එක හැරුණහම. මේ වාගෙ වේලාවක උඹ හිටිය නං දුවල පැනල ඌට කීයක් හරි අතමිටට හම්බ කරලා දෙනවා නේද කියලා මට හිතුණා.

උඹ ඒ අතින් පින්වන්තයා. උඹට ජාති ජාතිත් හරි යන්න ඕන. මේ ආත්මෙ උඹට ලැබෙන්නෙ ගිය ආත්මේ මේ විධියට කරපු පින් කියලයි මං හිතන්නෙ. තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

උඹට නිරෝගී සුවයත් – උඹ අත තියන සෑම කටයුත්තක්මත් සාර්ථක වේවායි කියල මං දෙවියන්ගෙන් යදිනව.

මං අනුරාධපුරෙයි, මාතරයි, මහනුවරයි මාරු කරල හිටිය අවුරුදු 2 1/2ක් විතර. ඒ කාලෙට අම්ම තාත්තටවත් ලියුමක් ලිව්වේ නැහැ ගෙදරටවත්. මේ අවුරුදු ගණනකටම මගේ අතින් ලියවෙන ලියුම.

ඒ උඹට නිසා. උඹ කෙරෙහි තියෙන ඇල්මට ළැදියාව හා ගෞරවයට. එහෙනං මචං මං නවතින්නං - උඹට නැවත නැවත තුන්රුවන් සරණ පතනවා. මං ඉතාම ළෙන්ගැති

-ප්‍රේම්

(1989 වසරේදී අබේවර්ධන බාලසූරිය රූපවාහිනී ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියේ බර්ලින් නුවර සිටියදී ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ලිපියක කොටසක්)


Copy Rights - Silumina
READ MORE - අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ

බ්ලැක් බොක්ස් නාට්‍ය?

බ්ලැක් බොක්ස් නාට්‍ය?

මේ මොකක් ද? නාට්‍යකරුවන්ට විකල්ප මාතෘකාවක්. අපේ රංග කලාවට එක් වන තවත් අලුත් වචනයක් පමණක්ද?

‘ඉන්ටරුක්ට් ආර්ට් තියටර්’ හවුස් නමින් හඳුන්වන මෙම රඟහල, රාජගිරිය ඔබේසේකර මාවතේ පිහිටියකි. එහි නිර්මාතෘ, බ්ලැක් බොක්ස් නාට්‍ය රංග තාක්ෂණය ලාංකේය නාට්‍ය සම්ප්‍රදායට එක් කළ එම්. සෆීර් නාට්‍යවේදියා සමඟ මම කතා බහට එක් වුණෙමි.

මොකක්ද මේ බ්ලැක් බොක්ස් කියන්නේ?

ලෝකයේ රංග කලා ඉතිහාසයේ රංග ශාලා ක්‍රම හයක් හඳුනා ගන්නවා. ඒවා නම් රංග පීඨ හෝ කවාකාර රංග ශාලාව, රංගාවටය, ඉදිරියට නෙරූ හෝ විවෘත වේදිකාව හා ප්‍රොසීනියම් වේදිකාවයි. මේ අතරට මෙයට වසර පනහකට හැටකට උඩදී ‘බ්ලැක් බොක්ස්’ නමින් හඳුන්වනු ලබන ක්‍රමවේදයක් පිවිසෙනවා. මේ ක්‍රමවේදය මෑත භාගය වනතුරුම මෙරට නාට්‍ය භාවිතයට ගැණුනේ නැහැ.

ඉහත දැක් වූ වේදිකාවල බොහෝ පුද්ගලයන්ට එක ආකාරයකට නැරඹීමේ අපහසුවක් තියෙනවා. එම නිසා ප්‍රේක්ෂකයා හා රංගය අතර තාර්කික හා ප්‍රයෝගික හිඩැස අවම කිරීම, ප්‍රේක්ෂකයා හා රංගය අතර දැඩි සන්නිවේදනයක් ඇති කිරීම හා නිර්මාණයට අවශ්‍ය ලෙස රඟහල හා අවකාශය සකසා ගැනීම ආදිය මේ තුළින් සිදු කෙරෙනවා.

මෙහිදී සිදුවන විශේෂතා මොනවාද?

මෙතෙක් ප්‍රේක්ෂකයා උදාසීනව කම්මැලිව නැරඹූ ක්‍රමය ඉවත්ව උද්යෝගීමත් වීම, ප්‍රේක්ෂකයා නිර්මාණය සමඟ ඇද බැඳ තබා ගැනීම, ප්‍රේක්ෂකයා හා රංගය අතර දැඩි බැඳීමක් ඇති වීම මෙහිදී නිරායාසයෙන් සිදු වන්නක්. එහෙත් සීමිත පිරිසකට පමණයි මෙය නැරඹීමට හැකි වන්නේ.

අර විශාල පිරිසක් එකට සිට නැරඹූ ක්‍රමය මෙහිදී නිශ්චිත සීමිත පිරිසකට ලඝු වෙනවා. නිර්මාණයත් සමඟ ප්‍රේක්ෂකයා සියයට දෙසීය ක් බැඳී සිටිනවා. මෙ බ්ලැක් බොක්ස් ක්‍රමය තමයි නාට්‍යයක, පර්යේෂණයන්, මතවාද, විද්‍යාව ආදිය පරීක්ෂා කිරීමට ඉතාමත් ගැළැපෙන තැන.

කොටින්ම කිවහොත් පර්යේෂණාත්මක ක්‍රමවේදයකට උචිතම තැන බ්ලැක් බොක්ස්. මෙහි ඉඩ සීමිතයි. නිර්මාණ අවකාශය අසීමිතයි. ඒ අවකාශය කියන්නේ චින්තනය. මෙතනදී නිර්මාණකරුවාට බොහෝ අත්හදා බැලීම් කළ හැකියි. නාට්‍ය කලාව, සංගීතය, නැටුම් මේ ඕනෑම දෙයක් අත්හදා බලන්න පුළුවන්. බ්ලැක් බොක්ස් ක්‍රමයේදී අත්හදා බලපු විද්‍යාවන් එක්ක තමයි හය වැනි ක්‍රමයකට ලෝකය එන්නේ.

එය ‘සකසා ගත් හෝ සොයා ගත් අවකාශ’ තුළ නිර්මාණයන් කිරීමයි. මේ කලාව අද ලෝකයේ භාවිත වන නවීනතම වේදිකා රංග ක්‍රමය. මේ නිසාම තමන් අවශ්‍ය අවකාශයක ඕනෑම නාට්‍යයක් පෙන්විය හැකියි. උදාහරණ ලෙස ගඟක නම් ගඟක, පිට්ටනියක නම් පිට්ටනියේ. මෙය විශාල අවකාශයක් තුළ ඉතාම තාත්ත්විකව නාට්‍ය පෙන්වීමේ කලාවක්.

එතනදී ප්‍රෙක්ෂකයා ස්ථානය අනුව හැසිරිය යුතුයි. මේ විද්‍යාව එන්න එන්නම දියුණු වෙනවා. එහි ප්‍රතිඵලය තමයි නවීන රංග ක්‍රම සොයා ගැනීම. මේ බ්ලැක් බොක්ස් ක්‍රමයේදී ප්‍රේක්ෂකයන් හට රංගනයේ ඇති විශ්වාසනීය භාවය, ප්‍රේක්ෂක ප්‍රතිචාර සෘජුවම ලැබීම ආදිය නිසා රංගය අති සාර්ථක වෙනවා.

කොටින්ම කියනවා නම් භාෂාව කියන දූපත් මානසිකත්වය නිශේධ කළ හැක්කේ මේ බ්ලැක් බොක්ස් වැනි රංග ක්‍රම තුළින්. එය ඒ තරම් ප්‍රබලයි.

ලංකාවට ‘බ්ලැක් බොක්ස්’ ආගමනය සිදු වන්නේ කොහොමද?

මට ශිෂ්‍යත්වයක් ලැබිලා යුරෝපයේදී ලැබුණු නාට්‍ය අත්දැකීම තමයි අද මේ විදියට ‘බ්ලැක් බොක්ස්’ තියටර් එකක් ලංකාවේ අරඹන්න තරම් පෙළඹ වූයේ. මට කණගාටුවට කරුණ මීට වසර පනහකට පමණ පෙර ලෝකයේ ඇති වුණ මේ ක්‍රමය මට පෙර එහි ගිය අය ලංකාවට හඳුන්වා නොදීම ගැනයි.

ඒ සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් ඔබට අනුග්‍රහය ලබා දුන්නාද?

මම මගේම මුදලින් දැන් මේ තියන කුඩා රඟහල නිර්මාණය කළා. 2008 වසරේදී නිර්මාණය කළ මේ රඟහල මගින් මම වැඩමුළු දෙකක් පවත්වා සාර්ථක ‘බ්ලැක් බොක්ස්’ රංග කලාවක් ස්ථාපිත කරන්න වැර වෑයම් ගත්තා. එහිදී පනහකට අධික තරුණ පිරිසක් මෙහි නියම ප්‍රතිඵල ගත්තා. මේ කටයුත්තට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මට විශාල සහයෝගයක් ලබා දුන්නා.

මේ හරහා ඔබෙන් රටට වන කාර්යයක් තිබෙනවාද?

මම හා මගෙන් මේ කලාව ඉගෙන ගත් පිරිස හරහා ඉන්දියාව හා යුරෝපයේ රටවල් කිහිපයක් එක් කරගෙන ‘ඉන්ටරුක්ට් ආර්ට් සංසදය’ මඟින් මේ ‘බ්ලැක් බොක්ස්’ කලාව ලංකාවට හඳුන්වා දීම නිමිති කොට ගෙන ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක් පවත්වන්න උත්සාහ කරනවා.

මේ වන විට රටවල් හතක් මෙහි පැමිණීමට සූදානමින් සිටිනවා. එය 2011 වසරේ අගදී පවත්වන්න තමයි සැලැසුම් කර තිබෙන්නේ. මෙය අප හඳුන් වන්නේ ‘කලම්බෝ තියටර් ෆෙස්ටිවල්’ යනුවෙන්. මෙහි අරමුණ අපේ නාට්‍ය කලාවට ජාත්‍යන්තර වටිනාකමක් ලබා ගැනීමයි.

මම එම්. සෆීර් නම් නාට්‍යවේදියාගේ සොඳුරු රඟහලෙන් පිය මැන්නේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක සිරිය සිතින් මවා ගනිමිනි.

පසුව ලියමි:-

එම්. සෆීර් යනු කඳවුරක්, දෘෂ්ථාන්තයක්, පශ්චත්තාප, සැබෑ මුහුණු, කරුණවෙන් සවන් දෙන්න, ඔය දොර අරින්න ආදී නාට්‍යයන් ඇතුළු නාට්‍ය දොළසක් හා කෙටි නාට්‍ය තුනක් හා වේදිකා කළමනාකරණය නැමැති නවතම පොත (උසස් පෙළ නාට්‍ය හා රංග කලාවට නිර්දේශිත අතිරේක කියවීම් පොතක්) රචනා කළ කතුවරයාය.

READ MORE - බ්ලැක් බොක්ස් නාට්‍ය?

FM frequency Assignments

Tuesday, February 22, 2011

Telecommunications Regulatory Commission

FM frequency Assignments
As at 13-Jun-2008
No Name of the Broadcaster Location Channel Number Status
1 People's Media Network (Private) Limited Nuwara Eliya 87.3 RESERVED
2 Sri Lanka Broadcasting Corporation Colombo 87.6 OPERATIONAL
3 TNL Radio Network (Pvt) Ltd Kandy 87.6 OPERATIONAL
4 Sri Lanka Broadcasting Corporation Haputale 87.6 OPERATIONAL
5 TNL Radio Network (Pvt) Ltd Chilaw 87.6 OPERATIONAL
6 Independant Television Network Ltd Karagahatenna 87.9 OPERATIONAL
7 TNL Radio Network (Pvt) Ltd Gongala 87.9 OPERATIONAL
8 Telshan Network (Pvt) Ltd Piliyandala 88.0 OPERATIONAL
9 MBC Networks (Pvt) Ltd Gongala 88.2 OPERATIONAL
10 MBC Networks (Pvt) Ltd Hunnasgiriya 88.2 OPERATIONAL
11 Independant Television Network Ltd Haputale 88.5 OPERATIONAL
12 Independant Television Network Ltd Yatiyantota 88.5 OPERATIONAL
13 MBC Networks (Pvt) Ltd Nuwara Eliya 88.8 OPERATIONAL
14 Telshan Network (Pvt) Ltd Nuwara Eliya 89.0 OPERATIONAL
15 TNL Radio Network (Pvt) Ltd Colombo 89.2 OPERATIONAL
16 Sri Lanka Broadcasting Corporation Deniyaya 89.3 OPERATIONAL
17 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 89.3 OPERATIONAL
18 MBC Networks (Pvt) Ltd Colombo 89.5 OPERATIONAL
19 People's Media Network (Private) Limited Karagahatenna 89.5 RESERVED
20 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 89.7 OPERATIONAL
21 Asia Broadcasting Corporation Colombo 89.8 OPERATIONAL
22 TNL Radio Network (Pvt) Ltd Nuwara Eliya 90.0 OPERATIONAL
23 Sri Lanka Broadcasting Corporation Yatiyantota 90.3 OPERATIONAL
24 Sri Lanka Broadcasting Corporation Haputale 90.3 OPERATIONAL
25 MGM Network (Pvt) Ltd Colombo 90.6 OPERATIONAL
26 Sri Lanka Broadcasting Corporation Karagahatenna 90.6 OPERATIONAL
27 Sri Lanka Broadcasting Corporation Deniyaya 90.9 OPERATIONAL
28 Asia Broadcasting Corporation Hunnasgiriya 90.9 OPERATIONAL
29 Asia Broadcasting Corporation Laggala 90.9 OPERATIONAL
30 MBC Networks (Pvt) Ltd Kandy 91.2 OPERATIONAL
31 MBC Networks (Pvt) Ltd Nayabedda 91.2 OPERATIONAL
32 Sri Lanka Broadcasting Corporation Colombo 91.2 OPERATIONAL
33 TNL Radio Network (Pvt) Ltd Chilaw 91.2 OPERATIONAL
34 MBC Networks (Pvt) Ltd Jaffna 91.5 OPERATIONAL
35 MBC Networks (Pvt) Ltd Hunnasgiriya 91.5 OPERATIONAL
36 Sri Lanka Broadcasting Corporation Haputale 92.2 OPERATIONAL
37 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 92.2 OPERATIONAL
38 Sri Lanka Broadcasting Corporation Madukanda 92.2 OPERATIONAL
39 Sri Lanka Broadcasting Corporation Yatiyantota 92.2 OPERATIONAL
40 Power House Ltd Gammaduwa 92.4 RESERVED
41 TNL Radio Network (Pvt) Ltd Gongala 92.5 OPERATIONAL
42 MBC Networks (Pvt) Ltd Colombo 92.6 OPERATIONAL
43 Sri Lanka Broadcasting Corporation Karagahatenna 92.7 OPERATIONAL
44 Sri Lanka Broadcasting Corporation Deniyaya 92.8 OPERATIONAL
45 Asia Broadcasting Corporation Jaffna 93.0 RESERVED
46 Asia Broadcasting Corporation Nuwara Eliya 93.0 OPERATIONAL
47 Colombo Communications Ltd Ratnapura 93.2 OPERATIONAL
48 Colombo Communications Ltd Hunnasgiriya 93.2 OPERATIONAL
49 Colombo Communications Ltd Gongala 93.2 OPERATIONAL
50 Sri Lanka Broadcasting Corporation Colombo 93.3 OPERATIONAL
51 Ruras Lanka (Private) Limited Colombo 93.6 OPERATIONAL
52 Telshan Network (Pvt) Ltd Kandy 93.7 OPERATIONAL
53 Asset Radio Broadcasting (Pvt) Ltd Gongala 93.9 OPERATIONAL
54 Telshan Network (Pvt) Ltd Colombo 93.9 OPERATIONAL
55 Voice of Asia Network (Private) Limited Kandy 93.9 RESERVED
56 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 94.2 OPERATIONAL
57 Sri Lanka Broadcasting Corporation Yatiyantota 94.2 OPERATIONAL
58 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 94.4 OPERATIONAL
59 Power House Ltd Colombo 94.5 RESERVED
60 Asia Broadcasting Corporation Gongala 94.7 OPERATIONAL
61 Asia Broadcasting Corporation Laggala 94.7 OPERATIONAL
62 Asia Broadcasting Corporation Hunnasgiriya 94.7 OPERATIONAL
63 Asset Radio Broadcasting (Pvt) Ltd Colombo 95.0 OPERATIONAL
64 Asset Radio Broadcasting (Pvt) Ltd Colombo 95.0 OPERATIONAL
65 Sri Lanka Broadcasting Corporation Karagahatenna 95.0 OPERATIONAL
66 Asia Broadcasting Corporation Nuwara Eliya 95.3 OPERATIONAL
67 Sri Lanka Broadcasting Corporation Colombo 95.6 OPERATIONAL
68 TNL Radio Network (Pvt) Ltd Gongala 95.6 OPERATIONAL
69 Colombo Communications Ltd Hunnasgiriya 95.8 OPERATIONAL
70 Sri Lanka Broadcasting Corporation GiranduruKotte 95.8 OPERATIONAL
71 Power House Ltd Nayabedda 95.8 RESERVED
72 Temporary Demonstrations / Testing Islandwide 96.1 RESERVED
73 Sri Lanka Broadcasting Corporation Haputale 96.4 OPERATIONAL
74 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 96.4 OPERATIONAL
75 Sri Lanka Broadcasting Corporation Yatiyantota 96.4 OPERATIONAL
76 Asia Broadcasting Corporation Gongala 96.7 OPERATIONAL
77 Asia Broadcasting Corporation Colombo 96.7 OPERATIONAL
78 Rangiri Dambulla Development Foundation Karagahatenna 96.7 OPERATIONAL
79 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 97.0 OPERATIONAL
80 Telshan Network (Pvt) Ltd Ratnapura 97.2 OPERATIONAL
81 Asia Broadcasting Corporation Laggala 97.3 OPERATIONAL
82 Asia Broadcasting Corporation Hunnasgiriya 97.3 OPERATIONAL
83 Independant Television Network Ltd Colombo 97.6 OPERATIONAL
84 Independant Television Network Ltd Deniyaya 97.6 OPERATIONAL
85 Independant Television Network Ltd Hunnasgiriya 97.6 OPERATIONAL
86 Asia Broadcasting Corporation Nuwara Eliya 97.9 OPERATIONAL
87 TNL Radio Network (Pvt) Ltd Kandy 98.2 OPERATIONAL
88 Sri Lanka Broadcasting Corporation Colombo 98.3 OPERATIONAL
89 Sri Lanka Broadcasting Corporation Haputale 98.4 OPERATIONAL
90 Sri Lanka Broadcasting Corporation Kotmale 98.4 OPERATIONAL
91 Sri Lanka Broadcasting Corporation Mahailluppallama 98.4 OPERATIONAL
92 Voice of Asia Network (Private) Limited Colombo 98.6 OPERATIONAL
93 Voice of Asia Network (Private) Limited Gongala 98.6 RESERVED
94 Voice of Asia Network (Private) Limited Nuwara Eliya 98.6 RESERVED
95 Colombo Communications Ltd Nayabedda 98.8 OPERATIONAL
96 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 98.8 OPERATIONAL
97 Colombo Communications Ltd Colombo 99.0 OPERATIONAL
98 People's Media Network (Private) Limited Deniyaya 99.0 RESERVED
99 MBC Networks (Pvt) Ltd Gammaduwa 99.1 OPERATIONAL
100 Power House Ltd Kandy 99.2 RESERVED
101 Colombo Communications Ltd Yatiyantota 99.3 OPERATIONAL
102 People's Media Network (Private) Limited Nayabedda 99.3 RESERVED
103 Sri Lanka Broadcasting Corporation Deniyaya 99.6 OPERATIONAL
104 Sri Lanka Broadcasting Corporation Yatiyantota 99.6 OPERATIONAL
105 Sri Lanka Broadcasting Corporation Karagahatenna 99.6 OPERATIONAL
106 Asia Broadcasting Corporation Gongala 99.9 OPERATIONAL
107 Asia Broadcasting Corporation Colombo 99.9 OPERATIONAL
108 Asia Broadcasting Corporation Hunnasgiriya 99.9 OPERATIONAL
109 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 100.2 OPERATIONAL
110 Asset Radio Broadcasting (Pvt) Ltd Kandy 100.4 OPERATIONAL
111 Asset Radio Broadcasting (Pvt) Ltd Kandy 100.4 OPERATIONAL
112 Colombo Communications Ltd Colombo 100.4 OPERATIONAL
113 Lanka Television Network (Private) Limited Nayabedda 100.4 OPERATIONAL
114 Asia Broadcasting Corporation Gongala 100.7 OPERATIONAL
115 Sri Lanka Broadcasting Corporation Karagahatenna 100.7 OPERATIONAL
116 TNL Radio Network (Pvt) Ltd Colombo 100.7 OPERATIONAL
117 MBC Networks (Pvt) Ltd Nuwara Eliya 101.0 OPERATIONAL
118 MBC Networks (Pvt) Ltd Nayabedda 101.3 OPERATIONAL
119 Sri Lanka Broadcasting Corporation Colombo 101.3 OPERATIONAL
120 MBC Networks (Pvt) Ltd Gammaduwa 101.7 OPERATIONAL
121 TNL Radio Network (Pvt) Ltd Colombo 101.7 OPERATIONAL
122 Sri Lanka Broadcasting Corporation Haputale 102.0 OPERATIONAL
123 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 102.0 OPERATIONAL
124 Sri Lanka Broadcasting Corporation Palaly 102.0 OPERATIONAL
125 Power House Ltd Gongala 102.3 RESERVED
126 Sri Lanka Broadcasting Corporation Karagahatenna 102.4 OPERATIONAL
127 Sri Lanka Broadcasting Corporation Deniyaya 102.6 OPERATIONAL
128 Sri Lanka Broadcasting Corporation Yatiyantota 102.6 OPERATIONAL
129 Asia Broadcasting Corporation Laggala 102.7 OPERATIONAL
130 Asia Broadcasting Corporation Nuwara Eliya 102.9 OPERATIONAL
131 MGM Network (Pvt) Ltd Kandy 103.2 RESERVED
132 Asia Broadcasting Corporation Colombo 103.2 OPERATIONAL
133 Asia Broadcasting Corporation Gongala 103.2 OPERATIONAL
134 MGM Network (Pvt) Ltd Karagahatenna 103.2 RESERVED
135 MBC Networks (Pvt) Ltd Nuwara Eliya 103.8 OPERATIONAL
136 Lanka Television Network (Private) Limited Karagahatenna 104.0 OPERATIONAL
137 Lanka Television Network (Private) Limited Gongala 104.0 RESERVED
138 Asia Broadcasting Corporation Nuwara Eliya 104.2 OPERATIONAL
139 Colombo Communications Ltd Gongala 104.5 OPERATIONAL
140 Sri Lanka Broadcasting Corporation Karagahatenna 104.5 OPERATIONAL
141 People's Media Network (Private) Limited Colombo 104.5 OPERATIONAL
142 Asia Broadcasting Corporation Laggala 104.8 OPERATIONAL
143 Sri Lanka Broadcasting Corporation Yatiyantota 104.8 OPERATIONAL
144 Sri Lanka Broadcasting Corporation Deniyaya 104.8 OPERATIONAL
145 MBC Networks (Pvt) Ltd Gongala 105.1 OPERATIONAL
146 MBC Networks (Pvt) Ltd Colombo 105.1 OPERATIONAL
147 MBC Networks (Pvt) Ltd Gammaduwa 105.1 OPERATIONAL
148 Asset Radio Broadcasting (Pvt) Ltd Laggala 105.4 OPERATIONAL
149 Asset Radio Broadcasting (Pvt) Ltd Laggala 105.4 OPERATIONAL
150 Sri Lanka Broadcasting Corporation Haputale 105.4 OPERATIONAL
151 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 105.6 OPERATIONAL
152 Sri Lanka Broadcasting Corporation Colombo 105.6 OPERATIONAL
153 Asset Radio Broadcasting (Pvt) Ltd Magalkanda 105.9 OPERATIONAL
154 MBC Networks (Pvt) Ltd Magalkanda 106.2 OPERATIONAL
155 MBC Networks (Pvt) Ltd Gongala 106.2 OPERATIONAL
156 MBC Networks (Pvt) Ltd Hunnasgiriya 106.2 OPERATIONAL
157 MBC Networks (Pvt) Ltd Kandy 106.5 OPERATIONAL
158 MBC Networks (Pvt) Ltd Colombo 106.5 OPERATIONAL
159 MBC Networks (Pvt) Ltd Nayabedda 106.5 OPERATIONAL
160 Sri Lanka Broadcasting Corporation Nuwara Eliya 106.9 OPERATIONAL
161 Sri Lanka Broadcasting Corporation Yatiyantota 106.9 OPERATIONAL
162 Sri Lanka Broadcasting Corporation Deniyaya 107.2 OPERATIONAL
163 Rangiri Dambulla Development Foundation Colombo 107.2 OPERATIONAL
164 Sri Lanka Broadcasting Corporation Hunnasgiriya 107.3 OPERATIONAL
165 Lanka Television Network (Private) Limited Colombo 107.6 OPERATIONAL
166 Sri Lanka Broadcasting Corporation Karagahatenna 107.6 OPERATIONAL
167 Asia Broadcasting Corporation Colombo 107.9 OPERATIONAL
168 Asia Broadcasting Corporation Hunnasgiriya 107.9 OPERATIONAL
169 Sri Lanka Broadcasting Corporation Haputale 107.9 OPERATIONAL
170 Rangiri Dambulla Development Foundation Nayabedda 98.1 RESERVED

Monitoring and Broadcasting Services
Telecommunications Regulatory Commission


Resoures - Tv radio srilanka Blogspot

READ MORE - FM frequency Assignments

ශිල්පියකුට ලැබෙන ඇගැයීම

මැටි කරත්තයේ ජයන්ත මුතුතන්ත්‍රි සහ කලම්බො-කලම්බෝ- අනසුයා සුබසිංහ

මේ ගමනේ මුල කොතැනද?

හම්බන්තොට බරවාකුඹුක ගමේ ඉපදිලා, ගම් මටටමේ නාට්‍ය කළා. කොළඹට ආවට පස්සේ ජන කරලියට සම්බන්ධ වුණා. චරන්දාස් සම්මාන ලැබීම, ‘බිංදු’ චිත්‍රපටයට සම්බන්ධ වීම කියන ගමන මැටි කරත්තය දක්වා ඉදිරියට ආවා.

ජන කරළියට සම්බන්ධවීමත් සමඟම හමු වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු දැනමුතුකම් හා ක්ෂේත්‍රය ගැන කරන හැදෑරීම එක්ක තමයි මේ ගමන එන්නේ.

නළුකම එදා සහ අද පේන්නේ මොන විදිහටද?

ගම්වල කොල්ලො හැටියට නළුවා හා නිළිය කියන්නේ සුපිරි චරිත හැටියටයි අපි දැක්කේ. නමුත් අපි රඟපෑමට ආවට පස්සේ නළුවාට එහා ගිය රංගන කාර්ය කරන ශිල්පියා එහෙමත් නැත්නම් රංගන ශිල්පියාවීමයි අවශ්‍ය වෙන්නේ. කියන දේ අත්දැකීම් ඇසුරෙන් අවබෝධ කර ගන්නවා කිව්වොත් හරි.

වේදිකාව සජීවි කලාවක් නිසා ප්‍රේක්ෂකයා හා රංගන ශිල්පියා අතර බොරුවකට ඉඩක් නෑ. මේ නිසාම රංගනය කියන්නේ ඇඳුම් ආයිත්තම් අභ්‍යාසය කියන දේවල්වලට එහා ගිය නිරන්තරයෙන් ගවේෂණය කළ යුතු දැනුම්වත්ව සිටිය යුතු දෙයක් බවට පත් වෙනවා.

හොඳම නළුවා ලෙස ඔබ ලද සම්මානය ගැන ඔබේ හැඟීම?

හොඳම නළුවා සම්මානය ප්‍රධාන නළුවාට හම්බ වෙනවාය කියන අදහසක් තමයි මටත් තිබුණේ. ඒ නිසා උප ප්‍රධාන චරිතයක් රඟපාපු මම වසරේ ප්‍රශස්ත නළුවා සම්මානය හිමි වේවිය කියලා කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ.

මෙවර ප්‍රධාන චරිතයක් රඟපාපු ශිල්පියෙක් තෝරා ගැනීම වෙනුවට ප්‍රශස්ත රංගනය සඳහා සම්මාන පිරිනැමීම සිදු වී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. හේතුව ඉතා කෙටි නමුත් ප්‍රශස්ත රංගනයක් ඉදිරිපත් කළ හැකි ඕනෑම දක්ෂයෙකුට මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්ය කියන සංඥාව මේකෙන් ලැබෙනවා.

සම්මානයක් කියන්නේ වැඩේ හොඳට කළාය කියන එකනෙ. මම වගේ කෙනෙකුට නම් මේ සම්මානය ටිකක් බර වැඩියි. බරපතළයි. මම කවුද, ඉදිරියට කරන්න ඕන මොනවාද, මාව මේ සම්මානය සඳහා තවදුරටත් සුදුස්සෙක් හැටියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණා ගැන හිතන්න මාව පොළඹවන්න මේ සම්මානය හේතු වෙනවා.

ඒ වගේම අද ජීවතුන් අතර නැතත් මගේ තාත්තා, ඒ වාගේම අම්මා, සහෝදර සහෝදරියන් අපේ මුරණ්ඩුකම් ඉවසමින් දක්වපු සහයෝගය නිසා තමයි මේ ගමන එන්න මට ලැබුණේ. ඒ හැමෝටම මේ වෙලාවේ මගේ් හෘදයංගම ස්තූ®තිය පුද කරන්නත් කැමැතියි.

*********************************************************************************

ඔබේ වේදිකා නාට්‍ය පසුබිම මොන වගේද?

මම ඉංග්‍රිසි වේදිකාවත් එක්ක හිටපු කෙනෙක්. පියල් කාරියවසම් තමයි මාව සිංහල වේදිකාවට ගෙනාවේ. මා ගැන කිසිම දෙයක් නොදැන මගේ රඟපෑමක් නොදැක මාව ඔහුගේ වේදිකා නිර්මාණයකට දායක කර ගත්තු නිසා ඔහු ගත්ත ඒ අවධානම නිසා තමයි අද මට සිංහල වේදිකාවේ රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ රාජිත දිසානායක හා ඉන්දික ෆර්ඩිනැන්ඩු ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කර ගත්තා.

ඉංග්‍රීසි හා සිංහල වේදිකාව ඔබට පේන්නේ මොන විදිහටද?

අපේ රටේ පොහොසත් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවක් අතීතයේ තිබුණත් අද වෙන කෙට ඒක බොහොම පුංචි තැනකට සීමා වෙලා. එතැන වැඩ කරන ප්‍රමාණයත් ඉතාම අඩුයි. නමුත් සිංහල වේදිකාවේ තත්ත්වය ඊට වඩා හොඳයි. මෙතැන අත්හදා බැලීම් කරන, අභියෝග භාර ගන්න නාට්‍ය කලාව ගැන පර්යේෂණ හා ඉගෙනීම් කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම සිංහල නාට්‍ය ඉංග්‍රීසි නාට්‍යවලට සාපේක්ෂව රට වටා ගෙනි යන්න, දර්ශන වාර වැඩි ගණනක් පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ අවස්ථාව ඉංග්‍රීසි වේදිකාවට නෑ.

මෙවර හොඳම නිළිය වීම ගැන?

නිළියක් හොඳ හෝ හොඳ නැති කියලා බෙදන්න බෑ. කැපවීම, හොඳ පිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ කණ්ඩායමක් තියෙනවා නම් ඒ ඔක්කොම එකතු වුණ තැන හොඳම නිර්මාණයත්. ඒකට ලැබෙන දායකත්වය මත හොඳම නිළියක් බිහි වෙනවාය කියලයි මම නම් හිතන්නේ. ‘කලම්බෝ කලම්බෝ’ නාට්‍යයේ පෙරහුරුව ප්‍රබලවීම තුළ තමයි මට මේකේ චරිත තුනකට සාර්ථකව පණ පොවන්න පුළුවන් වෙන්නේ.

ඔබ මෙතෙක් දායක වුණු නාට්‍යවලින් මේ නාට්‍ය වෙනස් වෙන්නේ මොන විදිහටද?

ලංකාවේ හැදෙන නාට්‍ය බොහෝමයක් දෙබස්වලට බර තිබ්බ යථාර්ථවාදී නාට්‍ය වෙද්දී ලෝක නාට්‍ය ශාරීරික හැකියාවන් මත බර තියලා භාෂාව අතික්‍රමණය කරන්න උත්සාහ කරමින් ඉන්න පසුබිමක මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් ශිල්පීන් හැටියට අපිත් අර ලෝක ධාරාව අනුගමනය කරන්න උත්සාහ කළා. මේ සාර්ථකත්වයට ඒ උත්සාහයත් බලපෑවා කියලයි මම හිතන්නේ.

රංගන ශිල්පිනියක් හැටියට ඔබ ඔබව පවත්වාගෙන යන්නේ මොන විදිහටද?

මම සම්බන්ධ වෙන නාට්‍යවලට මං හුඟක් ආදරෙයි. පෙර පුහුණුව, රඟපෑම කියන දේවල්වලට පමණක් සීමා නොවී මාව අලුත් කර ගන්න, දැනුම එකතු කර ගන්න නිරන්තරයෙන්ම මම වෙහෙසෙනවා.

ඒක මම කැමැත්තෙන් කරන දෙයක්. අනික තමයි අවසන් පෙර පුහුණුවේදී නාට්‍යයේ තිබිය යුතුය කියලා අධ්‍යක්ෂවරයා තීරණය කරන ටයිමිං ඇතුළු සියල්ලම අකුරටම තිබිය යුතුය කියන එක මමත් තදින්ම පිළිගන්න නිසා ඒ දේ ප්‍රයෝගිකව කරන්නත් මම වෙහෙසෙනවා.

ශිල්පියකුට ලැබෙන ඇගැයීම කියන දේ ඔබ බලන්නේ මොන විදිහටද?

මේ වගේ ඇගැයීමක් ලැබීමෙන් තමන්ට වටිනාකමක් ලැබෙනවා.

ඒකටත් අදාළ අවුරුද්දේ ප්‍රශස්ත තත්ත්වයට පත්වෙන නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබීමේ වාසනාව තියෙන්නත් ඕන.

සම්මානය නිසා අපි කෙරෙහි අනිත් අයගේ අවධානය යොමුවීමත් හොඳ දෙයක්. ඒ වගේම දිරි දීමකුත් වෙනවා.

නමුත් සම්මානයක් ලැබුණු පළියට ඒ මත්තෙම කෙනෙකුට පවතින්න බැහැ. මම ඉදිරියටත් වැඩ කරන හා ඒ වෙනුවෙන් කැප වෙන ප්‍රමාණයට තමයි මට නිළියක හැටියට පවතින්න පුළුවන් වෙන්නේ.

READ MORE - ශිල්පියකුට ලැබෙන ඇගැයීම