ටිකට් විකුණලා ‘ජෝති උපහාර’ ප්‍රසංග පැවැත්වීම ජාවාරමක්
- ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි
‘ජෝතිපාල උපහාර ගී’ නමින් ගීත ප්‍රසංග පවත්වන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද, ජෝතිපාල උපහාර ගී ප්‍රසංග මගින් තනිකරම කරන්නේ මුදල් ජාවාරමක්. ඒ ගායකයාව විකුණන්නේ නැතිව ජෝතිපාලයන්ගේ ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න පුළුවනි. ඒකේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ටිකට්ස් ගහලා,ඒවා විකුණලා පවත්වන ජොති උපහාර ගී ප්‍රසංග ජෝතිට කරන උපහාරයක්ද? එහෙමත් නැත්නම් ඒක කූට ජාවාරමක්ද?
උපහාර ප්‍රසංග නොවන බවත්, තනිකරම කූට ජාවාරමක් බවත් ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය සඳහන් කළේ දැඩි වේදනාවෙන් පිරුණ හඬින් ය. එච්.ආර්.ජෝතිපාල ගුණ සමරු පදනමේ සහ මිතුරු සමාජයේ සභාපතිනිය වන්නේ ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියයි. මේ වනවිටත් මෙරට සහ පිටරටවල එච්.ආර්.ජෝතිපාල උපහාර ගී ප්‍රසංග නමින් ජාවාරමක් ක්‍රියාත්මක වන බව පැවසූ ඈ සංවිධායකයින්ට කෙලින්ම දුරකතන ඔස්සේ කතා කොට එවැනි ප්‍රසංග දෙකක් අවලංගු කර වූ බව පැවසුවාය. මෙම
සිද්ධිය පිළිඹඳ ක්‍රිෂ්ණි ජොතිපාල මහත්මිය වැඩිදුරටත් මෙසේ පවසා සිටියාය.
ඇසුරු කළ සමහරු අද ජීවත් වන්නේ බොහෝම අමාරුවෙන් බව. නමුත් එයාලා කිසිම වෙලාවක ජෝතිපාලව විකුණන්නේ නැහැ. මම ඒ අයට ගරු කරනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙස් හා විදෙස් ජෝති ගීත රසිකයින්ට හා ජෝති ගී ගායනා කරන ගායකයින්ට ‘ජෝති උපහාර ගීත ප්‍රසංග’ පවත්වා මුදල් හම්බ කරන්න එපා..සී.ඩී, ඩී.වී.ඩී, වී.සී.ඩී කරන්න එපා කියලා. ”


0 comments:
Post a Comment