----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

කාටවත් නොපෙනුනාට මමත් අඬනවා

Friday, September 7, 2012

ලබන ආත්මයක්‌ ගැන හිතන්නේ නෑ...
නිරෝෂා විරාජිනි

බීට්‌ස්‌ ඔෆ් හාර්ටිස්‌ නිරෝෂා විරාජිනිගේ සංගීත ඇකඩමියේ පළමු ශිෂ්‍ය කණ්‌ඩායම විසිර යනවා. ඒ මෙම 02 වැනිදාට බිෂොප් විද්‍යාලයීය රඟහලේ සිට, රියෑලිට්‌ වැඩසටහන්වලින් පසුගිය කාලයේ නිරෝෂාව දුටුවේ විනිසුරුවරියක ලෙස ඒත් ඇකඩමියේ වැඩකටයුතු නිසා නිරෝෂා රියෑලිට්‌ වැඩසටහන්වලින් මඳකට ඉවත් වෙලා. කලකට පසු නිරෝෂා මීවිත සමග කතා කළේ ඇකඩමිය ගැන සංගීතය ගැන වගේම ජීවිතය ගැනයි.

ඔබ අනෙක්‌ ගායිකාවන්ට අභියෝගයක්‌ද?

ඔව්... මම මගේ මේ රටේ හැම කෙනෙක්‌ටම අභියෝගයක්‌... තරගයක්‌. අභියෝගයක්‌ ලෙස හිතුවාම තමයි මට මගේ අඩුපාඩු හදාගත හැක්‌කේ. මම විතරක්‌ නොවේ අපි හැමදෙනාම හිතන්න ඕනේ තමන් අනෙක්‌ හැම කෙනාටම අභියෝගයක්‌ වෙනවා කියලයි. අපි අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕනෑ අනෙකා සමග තරග කරන්න... පැරදුම වෙනම දෙයක්‌ ඒත් දිරිමත් කළ යුත්තේ දිනන්න මිස තරගයකට සහභාගි වෙන්න විතරක්‌ නොවේ.

ඔබ රියෑලිට්‌ වැඩසටහන් විනිශ්චය කළා තරුණ පරපුර ගැන.... ඔවුන්ගේ විනය ගැන හිතෙන්නේ කොහොමද?

අද අපේ රටේ විනයක්‌ හැදිලා නෑ.... මම සමාජයේ විවිධ අය ඇසුරු කරනවා. මම හොයනවා. ඒ අය ඒ තත්ත්වයට ආවේ කොහොමද කියලා. හේතුව ඒ අය විනය ගරුකයි. කුමන රැකියාවක්‌ කළත් පෞරුෂත්වය වැදගත්. මම පිටරටවලට ගියාට ඒ අය නිරෝෂා විරාජිනිව දන්නේ නැහැනේ. ඒත් මම ඒ රටවලදි කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්වෙනවා. ඒ මම හැසිරෙන, කතාබහ කරන ආකාරය අනුව... ඉතිං මම අපේ නව පරපුරට දෙන අවවාදයත් තමයි විනය ගරුක වෙන්න තමන්ගේ පෞරුෂත්වය පවත්වා ගන්න කියන එක...

ඔබේ ඇකඩමියේ සිසුන්ට මේවා උගන්වනවාද?

ඔව්....අපි මේ හැම දෙයක්‌ම උගන්වනවා. ගායනය සහ ඊට අවශ්‍ය ටෙක්‌නික්‌ එක, කටහඬ පුහුණුව, ප්‍රාසාංගික බව පෞරුෂත්ව වර්ධනය මේ හැමදෙයක්‌ම අපේ බීට්‌ස්‌ ඔෆ් හාර්ට්‌ස්‌ ඇකඩමියේ උගන්වනවා. කිෂූ ගෝමස්‌, මහාචාර්ය සුනිල් ආරියරත්න, රෝසි සේනානායක වැනි ඒ ඒ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් රැසක්‌ තමයි මේ සිසුන්ට ශිල්පය ලබා දෙන්නේ. දැන් පළමු ශිෂ්‍ය කණ්‌ඩායමේ පාඨමාලාව අවසන්...... ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් බීට්‌ස්‌ ඔෆ් හාර්ට්‌ස්‌ ප්‍රසංගය සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මේ 02 වැනිදා හවස 6.00 ට බිෂොප් විද්‍යාලයීය රඟහලේ පැවැත්වෙනවා. වයස අවුරුදු අටේ සිට හැට දක්‌වා අයත් මේ සිසුන් අතර ඉන්නවා. සෑම ශිෂ්‍යයෙක්‌ම එදාට තමන්ගේ දස්‌කම් පෙන්වනවා.

ඔබේ ගායන හැකියාව ගැන ඔබ ආඩම්බර වෙනවද?

ඔව්.... නිහතමානිව. කටහඬ කියන්නේ ස්‌වභාවයෙන්ම ලැබුණ දෙයක්‌. ඒත් ඒක තත්පර ගණනින් නැති වෙන්න පුළුවන්.... මම මේ වෙද්දි මගේ හැකියාවෙන් යමක්‌ කරලා තිබෙනවා. යම් කිසි විදිහට මට ගයන්න බැරි වුණොත් මම දුක්‌ වන්නේ නැහැ. මැරෙනතුරා අපි හැම කෙනාගෙම අතපය, මුහුණ, රූපය, කටහඬ මේ විදිහටම තියෙනවා කියා කිව හැකිද? ඒ නිසා මේ හැකියාවන් ලැබීම ගැන මම මේ මොහොතේදී ස්‌තුති කළ යුතුයි. දශමයක අඩුවක්‌ හෝ නැතිව මට මේ හැකියාවන් ලැබී තිබෙනවා. එයට කොතරම් තුති පිදිය යුතුද මම නිතරම ප්‍රාර්ථනා කරන්නේ මට වඩා දක්‌ෂ අය බිහි විය යුතුයි කියා.

කෙනෙකු ගැයූ ගීයක්‌ තවත් කෙනෙක්‌ ගැයීම වරදක්‌ නොවේද?

වසර තිහකට හතළිහකට පෙර ගැයූ ගීයක්‌ ඒ කාලෙට ගැලපුනාට තාක්‌ෂණයේ දියුණුව අනුව වෙනස්‌ වෙනවා. ඕනෑම කෙනකුගේ හඬෙ තිබෙන ආකර්ශනය වයසට යද්දී එන්න එන්න අඩුවෙනවා. එතකොට ඔහු හෝ ඇය මීට පෙර ගැයූ ගීය නොමැරී පවතින්න නම් අලුත් විය යුතුයි. සෙලින් ඩියොල්, මයිකල් ජැක්‌සන් පවා අන් අයගෙ ගීත ගයා තියෙනවා. ඒත් එය නිසිලෙස අවසර ඇතිව කෙරිය යුතුයි. අදනම් සීයට අනූවක්‌ විතර ක්‍රමවත්ව මෙය සිදු වෙනවා. රුක්‌මණි දේවියගේ පරණ ගීත තියෙන්නේ පරණ තැටියේ නව නිර්මාණයක්‌ එළිදක්‌වන්න ඇය නැහැ. ඒ ගී අලුත් පරපුර වෙත ගෙන යා යුතුයි. දැන් ගීත කොල්ලකෑමක්‌ වන්නේ නෑ. නීත්‍යානුකූලව එය කෙරෙනවා.

ඔබේ සිත හඬයි ගීය රිමික්‌ස්‌ කළේ ඒ අනුවද?

ඔව්. සිත හඬයි මා ගැයූ පළමු ගීය එය ගයද්දී මම ආධුනිකයි. පොඩි ළමයෙක්‌... ගීයේ හැඟීම් මතුකරන්න තරම් මහන්සියක්‌ ගත්තේ නෑ. දැන් මට තේරෙනවා ඒ ගිය තුළ මා ජිවත්විය යුතුයි. හැඟිSම් මතු කළ යුතුයි කියා. ඒ අනුව මට වුවමනා වුණා. මෙතෙක්‌ නොගැයු ශෛලියකට ඒ ගීය ගයලා අලුත් පරපුරට දෙන්න. එය හිතාගන්න බැරි තරමට ජනප්‍රිය වුණා. හැබැයි සමහරු කැමැති පැරැණි ගීයට... ඉතින් මම මේ පැරැණි ගීයත් අලුත් ගීයත් දෙකම ගායනා කරනවා.

ඔබේ ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නේ

සීයට අනූ නවයක්‌ම මගේ ජීවිතය ගෙවෙන්නේ ඇකඩමියේ වැඩකටයුතු සහ ප්‍රසංග සමග... මගේ මනස බොහොම පැහැදිලියි කොහෙන්වත් කාගෙන්වත් බාධාවක්‌ නැහැ. මානසික පීඩාවක්‌ නෑ. මම ළමයින්ට උගන්වන්නේ හරිම ආදරෙන් මා උගත් දේ කියලා දෙද්දි මට ලෝබ කමක්‌ හිතෙන්නෙම නෑ.

ලංකාවේ ගායිකාවක්‌ වීම...

අවංකවම සතුටු වෙනවා. මගේ හොඳට හෝ නරකට මම මේ රටේ ඉපදුනා. ඒ අනුව මම අද සතුටු විය හැකි තැනක ඉන්නවා. මිනිසුන් මට ආදරෙයි. ඒ ආදරයට වයස්‌ භේදයක්‌ නෑ. මම හරියට පිං කරලා ඇති..... ඒ ආදරය ලබන්න. මම කැමැතියි නිහතමානි මනසකින් මිය යන්න හෙටක්‌ ගැන කියන්න මට දන්නේ නැහැ.....අදටත් මට කිසිම තරහකාරයෙක්‌ නෑ. මගේ හුස්‌ම ගැන මට තක්‌සේරු කළ හැක්‌කේ මේ මොහොතේදී විතරයි ඊළඟ තත්පරය ගැන කියන්න බෑ.

මියගිය පසු ජීවිතයක්‌

නෑ... මැරුණට පස්‌සේ ආපහු පණ ගහලා ආපු මිනිස්‌සු මම දැකලා නැහැ. එහා ලෝකෙක මිනිස්‌සු මට ඒ ආත්මෙ ගැන කියලාත් නෑ. මම ලබන ආත්මයක්‌ ගැන හිතන්නේ නැහැ. මට අත්විඳින්න නොලැබෙන දේ ගැන මට විශ්වාසයක්‌ නෑ. මම පුනරුප්පත්තිය නක්‍ෂත්‍රය රේඛා සාස්‌තර විශ්වාස කරන්නේ නෑ. ඒත් තාරකා ශාස්‌ත්‍රය යම් තරමකට විශ්වාස කරනවා.

ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද?

මිනිස්‌සු හිතනවා මට ඕනෑම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් කියා. නෑ. මමත් මනුෂ්‍යයෙක්‌ මමත් අඬනවා මටත් රිදෙන තැන් තියෙනවා. ඒත් මම අඬන හේතුව මගේ දුක පෞද්ගලික ගැටලු නොවෙයි මිනිසුන්ට අවශ්‍ය මගේ ගීත මොන ප්‍රශ්න ආවත් මම මනසින් වැටෙන්නේ නැහැ. දුක පෙන්වන කෙනාට වඩා එය සඟවාගෙන සිටින කෙනාට දුක වැඩියි. ඒත් ඒක අනෙක්‌ මනුෂ්‍යයාට වැදගත් නෑ. දුකක්‌ වේදනාවක්‌ ආවාම මම සින්දු අහනවා. චිත්‍රපට බලනවා. එහෙම තමයි පීඩනය පිට කරන්නේ නැතිනම් මගේ ළඟම යහළුවෙකු සමග දුක කියලා ඇති තරම් අඬනවා. ඒක තමයි ඇත්ත.

අජිත් අලහකෝන්

Divayina

0 comments:

Post a Comment