----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි

Friday, September 7, 2012


ටිකට් විකුණලා ‘ජෝති උපහාර’ ප්‍රසංග පැවැත්වීම ජාවාරමක්

  • ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි
j4‘ජෝතිපාල උපහාර ගී’ නමින් ගීත ප්‍රසංග පවත්වන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද, ජෝතිපාල උපහාර ගී ප්‍රසංග මගින් තනිකරම කරන්නේ මුදල් ජාවාරමක්. ඒ ගායකයාව විකුණන්නේ නැතිව ජෝතිපාලයන්ගේ ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න පුළුවනි. ඒකේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ටිකට්ස් ගහලා,ඒවා විකුණලා පවත්වන ජොති උපහාර ගී ප්‍රසංග ජෝතිට කරන උපහාරයක්ද? එහෙමත් නැත්නම් ඒක කූට ජාවාරමක්ද?
‘ලක්බිම’ online වෙත ඉහත අදහස් ප්‍රකාශ කළේ එච්.ආර්.ජෝතිපාලයන්ගේ දියණියක වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියයි. ලොව පුරා සහ ශ්‍රි ලංකාවේ ගීත ගායනා කරන්නට හැකියාව ඇති සමහරු එච්.ආර්.ජෝතිපාල නමින් උපහාර ගීත ප්‍රසංග සංවිධානය කොට පවත්වන බවත්,එහෙත් ඒවා නියමj2 උපහාර ප්‍රසංග නොවන බවත්, තනිකරම කූට ජාවාරමක් බවත් ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය සඳහන් කළේ දැඩි වේදනාවෙන් පිරුණ හඬින් ය. එච්.ආර්.ජෝතිපාල ගුණ සමරු පදනමේ සහ මිතුරු සමාජයේ සභාපතිනිය වන්නේ ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියයි. මේ වනවිටත් මෙරට සහ පිටරටවල එච්.ආර්.ජෝතිපාල උපහාර ගී ප්‍රසංග නමින් ජාවාරමක් ක්‍රියාත්මක වන බව පැවසූ ඈ සංවිධායකයින්ට කෙලින්ම දුරකතන ඔස්සේ කතා කොට එවැනි ප්‍රසංග දෙකක් අවලංගු කර වූ බව පැවසුවාය. මෙම j1සිද්ධිය පිළිඹඳ ක්‍රිෂ්ණි ජොතිපාල මහත්මිය වැඩිදුරටත් මෙසේ පවසා සිටියාය.
“ මගේ තාත්තත් මුලින්ම කිව්වේ හින්දි සින්දු. ඒත් තාත්තා දිගටම හින්දි සින්දු කිව්වේ නැහැ. තාත්තා එයාගෙ සින්දු කියලා නමක් ගොඩනඟා ගත්තා. ඒ වගේ තාත්තාගේ සින්දු කියලා නමක් හදා ගන්නවට මම විරුද්ධ නැහැ. ටිකට් ගහලා,මුදල් හම්බ කර ගැනීමේ අරමුණින් කරන ජාවාරමටයි මම විරුද්ධ. අවුරුදු විසි පහක් තිස්සේ තාත්තගේ සින්දු ටික විකුණනවා. ඒත් එච්.ආර්.ජෝතිපාල තවම ඉන්නවා. එයාව නැති කරන්න බැහැ. එහෙත් එයාගේ සින්දු කියලා ,මුදල් හම්බ කර ගත්ත සමහරුන්ට අද ජෝතිපාල අමතක වෙලා. තාත්තාගේ ගීත ඇතුළත් කරලා සමහරු එයාලගේ හඬින් සී.ඩී, ඩී.වී.ඩී, වී.සී.ඩී. ගහලා හම්බ කරනවා. මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒ වැඩේට. මම දන්නවා තාත්තාව බොහෝම කිට්ටුවෙන්j5 ඇසුරු කළ සමහරු අද ජීවත් වන්නේ බොහෝම අමාරුවෙන් බව. නමුත් එයාලා කිසිම වෙලාවක ජෝතිපාලව විකුණන්නේ නැහැ. මම ඒ අයට ගරු කරනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙස් හා විදෙස් ජෝති ගීත රසිකයින්ට හා ජෝති ගී ගායනා කරන ගායකයින්ට ‘ජෝති උපහාර ගීත ප්‍රසංග’ පවත්වා මුදල් හම්බ කරන්න එපා..සී.ඩී, ඩී.වී.ඩී, වී.සී.ඩී කරන්න එපා කියලා. ”
සටහන : අනුර හොරේෂස්

Lakbima

0 comments:

Post a Comment