----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේ

Wednesday, September 22, 2010

ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේ
Crocodile Tears (Basu) කිඹුල් කදුළු
Poison (Suminuri) වහ
Paper Balloon (Kami Fusen) කඩදාසි බැලුනය

presented by the
Image Arts Unit
, Univercity Of Kelaniya
Japanese Graduates Alumni Association of SriLanka
Japanese Embassy of SriLanka

September 25,
6.30 @ Namel Malini Punchi Theatre

Entrance FREE
READ MORE - ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේ

සිනමාව ගොඩගන්න නම් සිනමා සංස්කෘතියක් ඇති කළ යුතුයි

Saturday, September 18, 2010

ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු

මේ දිනවල තිරගත වන බෙනට් රත්නායක සිනමා නිර්මාණයක් වන “ඉර හඳ යට” සඳහා තම රංගන දායකත්වය ලබාදෙන ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සරසවිය සමඟ කළ කතා බහකි මේ.

“ඉර හඳ යට” චිත්‍රපටයට ඔබ සම්බන්ධ වීම කොහොමද සිද්ධ වුණේ

යුද්ධය දරුණුවට කෙරීගෙන ගිය කාලෙක තමයි මේකේ පිටපත මගේ අතට ලැබුණේ. දවසක් අපේ ගෙදර ආව බෙනට් රත්නායක මහත්මයා පිටපත මගේ අතට දීලා මේ චරිතය කියවලා බලලා කරන්න කැමැති නම් කියන්න කියලා කිව්වා. පිටපත කියවගෙන යද්දී මට කරන්න තිබුණු චරිතය ගැන මා තුළත් පැහැදීමක් ඇති වුණා. රඟපාන්නත් කැමැති වුණා.

ඔබේ චරිතය මොන විදිහටද තේරුම් ගත්තෙ?

ම නිරූපණය කරන්නේ එල්.ටී.ටී.ඊ යේ අරමුණ වෙනුවෙන් අවංකවම කැපවුණු තරුණියකගේ චරිතයක්. මුලදී අවංක අරමුණක් වෙනුවෙන් එකට ගොනුවුණු ඒ සංවිධානයේ නායකකාරකාදීන් පස්සෙ තමන්ගෙ මුල් අරමුණ අමතක කරලා.

තම තමන්ගෙ අරමුණ කරා යන්න ගන්නවා. නමුත් ඒ මුල් අරමුණ වෙනුවෙන් කැපවුණු කාන්තාව ඒ වෙනුවෙන් කැපවන ආකාරය විශ්වසනීය ආකාරයෙන් ගොඩ නගා තිබුණා. යථාර්ථවාදී නිරූපනයකට ඉඩක් තිබුණු නිසා මම ඒ චරිතයට කැමැති වුණා. ඒ චරිතය අන්තවාදී නොවී සාධාරණ විදිහට නිරූපණය කරන්න උත්සහ කළා. ඒක කොච්චර සාර්ථකද කියන එක තීරණය කරන්න වෙන්නෙ පේ‍්‍රක්‍ෂකයන්ටයි.

දැන් ඒ චිත්‍රපටය බලද්දී මොකද හිතෙන්නෙ

ලස්සන පිටපතක් මත පදනම් වුණු චිත්‍රපටයක් බව මට හැෙඟනවා. මේකේ සිද්ධි මාලාව තව තවත් ගොනු වුණා නම්. සංස්කරණය වුණා නම් හොඳයි කියලා දැන් මට හිතෙනවා. එහෙම වුණා නම් එය නරඹලා එළියට එද්දි දැනෙන හැඟීම මීට වඩා ප්‍රබල වෙන්න තිබුණා.

සුළු චරිතවලට පවා ප්‍රබල ශිල්පීන් යොදාගෙන චිත්‍රපටයේ පදනම ශක්තිමක් කරන්න අධ්‍යක්‍ෂවරයා උත්සහා කරනවා කියලයි මට හිතෙන්නෙ. හොඳ චිත්‍රපටයක් කරන්න අධ්‍යක්‍ෂවරයා සෑහෙන උත්සහයක යෙදුණා. ඒකට කැමරාකරණය පැත්තෙනුත් හොඳ සහයක් ලැබිලා තියෙනවා. එක කැමරා ශිල්පියාගේ දක්‍ෂකමක් නිසා ඒ ගෞරවය ඔහුට හිමිවෙන් න ඕන.

ඔබට ලැබෙන චරිතයක් භාර ගැනීම තීරණය වෙන්නෙ?

මම හුඟක් කැමැති සමාජ යථාර්ථයට. ඇත්ත කතා කරන චිත්‍රපටවල රඟපාන්න. චරිත නිරූපණය භාර ගත්තම ඒ චරිතය මගේ ඇඟ ඇතුළේ වැඩ කරන්න ගන්නවා. දැක්මත් සහිත චරිතයක් නම් ඒ වගේ චරිත කරන්න වැඩි කැමැත්තක් තියෙනවා. සමාජයට යමක් දෙන්න පුළුවන් චරිතයක් නිරූපණය කරන්න තියෙනවා නම් රංගන ශිල්පියකුට ලැබෙන තෘප්තිය වැඩියි. චරිතයට සාධාරණයක් කළ හැකි දැක්මක් ඇති චරිතයක් නම් මම ඒක භාර ගන්නවා.

චරිත නිරූපණය ගැන ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?

චරිත නිරූපණයක් කියන්නෙ තමන්ගෙ අත්දැකීම් සහ තමන් විශ්වාස කරන දැක්ම කියන දේත් තමන් නිරූපණය කරන චරිතයට එකතු කරන දෙයක්. තමන් දරන මතයක් ඇතුව නිරූපණය කරන චරිතයක් තමයි වඩාත් ආර්ථවත් වෙන්නෙ. නළුකම පින්සලක් නම් දැක්මක් ඇතිකොට ඒ පින්සලෙන් අඳින සිතුවම වඩාත් අර්ථවත් වෙනවා.

චරිත නිරූපණයත් එහෙමයි. තමන් තුළ තියෙන හැකියාව දැනුම හා දැක්ම කැටි කරලා තමන්ට ලැබෙන චරිතය පෝෂණය කරලා යම් චරිතයක් ප්‍ර‍්‍රතිනිර්මාණය කිරීම තමයි චරිත නිරූපණයක් හැටියට ගන්න වෙන්නෙ.

මෙරට සිනමා කෘතියක් පිටරට සම්මානවලට පාත්‍රවීම ගැන?

ඕනෑම නිර්මාණයකට විදේශ සම්මානයක් ලැබීම සතුටට කාරණයක්. ඒක අපි දියුණුයි අපිත් ඒ තරග තුළ ඉන්නවාය කියන එකට ලැබෙන පිළිගැනීමක්.

ඒ තුළ තමන් ඇගයීමකට ලක්වෙනවාය කියන කාරණයත් වැදගත්, මොකද ලෝකයට පොදු තේමාවක්, ලෝකයේ ඇගයීමට ලක්වීම වගේම ඒ සඳහා වන සංචාරයකින් ශිල්පීන් ලබන නවමු ඇත්දැකීම් හා දැනුම ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ. නමුත් සම්මානයක් ලැබීම නිසාම යම් නිර්මාණයක් අතිශයින්ම සාර්ථකයි කියලා කියන්න බැහැ.

සම්මාන පිටරට සිනමා වෙළෙඳ පොළ තුළ ඉඩක් හැදෙනවාට වඩා මෙරට පේ‍්‍රක්‍ෂකයන් අද්දා ගන්න යොදා ගන්න බවක් පේනවා නේද?

මට හිතෙන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ යම් කඩා වැටීමක් තියෙන නිසා ටෙලිවිෂන් එකෙන් මේ පේ‍්‍රක්‍ෂකයා ගලවා ගෙන සිනමාව වෙත ඇද ගන්න ඒක හොඳ දෙයක්. නමුත් සිනමා කෘතිය සම්මානයට පාත්‍ර වෙන්නෙ මොන අරමුණින්ද කියන දේ ගැනත් අපට හිතා බලන්න වෙනවා.

ලෝක සිනමා ධාරාවන් එක්ක අපිත් ඒ ගමන යනවද කියන ප්‍රශ්නය ගැන අපට හිතා බලන්න වෙනවා. පිටරට සම්මානයක් නිසාම ලංකාවේ මාර්කට් වේවියි කියලා කියන්න අමාරුයි. ඒ නිසා ලෝක සිනමා ධාරා හඳුනාගෙන ඒ ගැන අවබෝධයක් ඇතිව අපේ පේ‍්‍රක්‍ෂකයා ඉහළට ඔසවා තබන්න උත්සහා කරන්න ඕන. ඒ සඳහා විදෙස් ඇගයීම් හේතුවක් වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

අපේ රටේ සිනමාව කඩා වැටෙන්න බලපානවයි කියන හේතු ඔබ දකින්නේ මොන විදිහටද?

දියුණු රටවල මිනිස්සුන්ව කුඩා කාලයේ සිටම හොඳ පේ‍්‍රක්‍ෂකයෙක් වෙන්න, පාඨකයෙක් වෙන්න පුරුදු පුහුණු කරනවා. කාන්ස් චිත්‍රපට උළෙලේ උදේවරුවේ ළමුන් පාසල් නිල ඇඳුම පිටින් විශාල වශයෙන් එක්ක ගෙන එනවා. එහෙම කරන්නෙ ඒ අයට පුංචි කාලෙම රස වින්දනය හුරු කරන්න ඕන නිසා.

සමහර රටවල අඩුම ආදායම් ලබන කෙනෙක් පවා මාසෙකට චිත්‍රපට කීයක් බලනවද කියලා සමීක්‍ෂණය කරනවා. ඒකෙන් පුළුවන් සමාජයක රසවින්දනය මැන ගන්න. අපේ පුංචි කාලෙත් අපව පාසල්වලින්ම චිත්‍රපට, නාට්‍ය එහෙම බලන්න එක්කගෙන යන ක්‍රමයක් තිබුණා. නමුත් පස්සෙ කාලෙක කලාව රසවිඳිමේ ඒ සංස්කෘතිය පාසලෙනුත්, සමාජයෙනුත් ඈත්වෙලා ගියා.

අපේ රටේ ඇති වුණු බොහොමයක් සමාජ සංස්කෘතික කාරණ මේ කඩා වැටීමට හේතුවෙනවා ඇති. පස්සේ කාලෙක අපේ රසවින්දනය අවදි වෙන්නත්, අපි නිර්මාණ කරණය පැත්තට යොමු වෙන්නත් මේ ලබපු අත්දැකීම් හේතුවක් වුණා.

නමුත් අද වෙනකොට එහෙම තත්ත්වයක් සමාජයේ දකින්න නෑ. රූපවාහිනිය නිසාම සිනමාව කඩා වැටුණා කියනවට වඩා මේ පැති ගැනත් හිතන්න ඕනය කියලයි මට නම් හිතෙන්නෙ.

READ MORE - සිනමාව ගොඩගන්න නම් සිනමා සංස්කෘතියක් ඇති කළ යුතුයි

රටක් පිනවු හරෑන් ලන්ත්‍රා අද අසරණයි

පැරැණි ගීතවලට කවදත් අපි කැමැතියි. ඒ පැරැණි ගීත කණ්ඩ අදත් රසික සිත්හී රැඳී තියෙන්නේ ඉන් මැවෙන රසභාව රසවත් හා අරුත්බර නිසයි.

එවැනි අරුත්බර ගීත රැසක හිමිකරුවකුගේ හඬ අද ඉතා අනුවේදනීය ලෙස නිහඬවෙලා.

ස්වකීය මියුරු හඬින් රටක් නැල වූ ඒ කෝකිලයා ගේ ගායන හැකියාව කියාපාන්නට ‘සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳක් අරගෙන එන්නේ ගීතය පමණක් වුව සෑහෙයි.

මේ ඒ මිහිරි ගායනවේදියා සමඟ ‘සරසවිය’ කළ කතාබහකි. එය හරවත් හා රසවත් කරනා අටියෙන් ඔහුගේ ‘බිරිය අතාරිත් ලන්ත්‍රා ද ඔහුගේ තනි නොතනියට සිටියාය.

ගම් පළාත ගැන කියලම කතාව පටන් ගත්තොත්..?

මගේ මුල් ගම මරදාන. අපේ පවුලේ අටදෙනයි. මම දෙවැනියා. එකම පිරිමි දරුවත් මමයි. අපේ තාත්තා වැඩ කළේ මිලර්ස් ආයතනයේ. මගේ පුංචි සන්දිය ගෙවුණේ මරදානේ.

මුලින්ම ඉගෙන ගත්තේ මරදානේ සහිරා විද්‍යාලයේ. ඉන්පසුව දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලට ගියා. ඒ කාලේ පටන්ම සංගීතය තමයි මගේ ඇඟේ තිබුණේ.

විශිෂ්ටත්වය වෙනුවෙන් ඔහු ලැබූ සම්මාන

යාළුවොත් එක්ක සින්දු කියන එක තමයි විනෝදාංශය. සිංදු කිව්වා ජනප්‍රිය වුණා. ඒත් සල්ලි හම්බ කළේ නැහැ. අවාසනාවට හදිසි අනතුරෙන් පස්සේ අසරණ වුණා. මුලින්ම අපි හිටියේ හුණුපිටියේ කුලී ගෙදරක.

මේ අසරණකමට දෙවියෙක් වගේ පිහිට වුණේ සනත් ගුණතිලක. අපේම දරුවෙක් වගේ ඇවිත් අපට උදව් කළා. මේ ගේ වුණත් හදලා දෙන්න මැදිහත් වුණෙත් සනත්. ඒ නිසයි අද අපිට වැටිලා ඉන්න මේ වගේ හරි තැනක් තියෙන්නේ.

ඇයි ඔබට වෙනත් උපකාර ලැබෙන්නේ නැද්ද?

ටවර්හෝල් පදනමෙන් මුදලක් ලැබෙනවා. තව නෑදෑයෝ මිත්‍රයෝ එහෙමත් උදව් කරන නිසයි අපි මෙහෙමවත් ජීවත් වන්නේ.

ගීත ප්‍රචාරයෙන් ඔබට යම් ආදායමක් ලැබෙනවා ඇතිනේ.

අපෝ කියපු ගීත නම් සිය දහස් ගාණක්. ඒත් ලැබෙන මුදලක් නම් නැහැ. මුදල් නැතිවුණා කියලා දුක් වෙන්නේ නැහැ. පුළුවන් විදිහට ජීවත් වෙනවා.

ගායනයේ සුන්දර මතකය මොන වගේද?

ඔහුගේ බිරිය යාන්තමින් ඒ ගීවල මුල්පද මුමුණනවා.

ධර්මසිරි ගමගේ ලියපු ‘ සුළං කුරුල්ලෝ ’තමයි කවුරුත් දන්නේ. ඒ වුණාට ලොවේ සැමදා, තන්හා ආශාව සාදා, මැවී රූප, සඳපානේ මල් පිපුණා.

ඇයි චිත්‍රපට පසුබිම් ගීත.....

මම මේ අඩුව පිරවීමට උත්සහ කළා.

ගීත නම් මතක නැහැ. මගේ හිතේ පනහක හැටක විතර.... හැංගි හොරා චිත්‍රපටයේ ‘හංස රාණි ආදරේ, සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ පිරුණා හද සංතානේ, රන් රස චිත්‍රපටයේ ‘හදමල් පඳුරේ’ සුදු දුව චිත්‍රපටයේ ආනන්ද මේ රෑ, පුංචි බබා චිත්‍රපටයේ ගංගාවේ නිල් ජලේ...

ඔබේ මේ ගීතවලට සම්මානත් ලැබුණා?

සරසවි සම්මානය, ඕ.සී.අයි.සී. සම්මානය, ජනාධිපති සම්මානය ඔය වගේ සම්මාන ගොඩක් ඒ කාලේ ලැබුණා. දැන් නම් ඒවා මතකත් නැහැ.

එදා ඔබට ආදරය කරපු කලාකරුවෝ විශාල පිරිසක් ඉන්න ඇති. ඒ අය අද උදව් කරන්නේ නැද්ද?

හුඟක් උදව් කරපු හොඳම කෙනෙක් තමයි ජෝතිපාල. හරිම හොඳ මනුස්සයෙක්. ඒ වගේම දුකේදී සැපේදී එකට හිටිය කෙනෙක්.

මගේ ගීතවලට එයා ගොඩක් කැමැතියි. මාලනි ෆොන්සේකා මා ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ. දැක්ක තැන දුවගෙන ඇවිත් වඳිනවා. ළඟදි මාලනීගේ ගෙදරටත් එක්ක ගියා. ජනාධිපතිතුමා වුණත් දැක්ක තැන කතා කරනවා.

මේ ළඟදී රාමසාන් උපවාසය පටන් ගන්න දවසෙත් එතුමා හමුවුණා. ඒත් කතා කරන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඒත් එතුමා එදා වගේම අදත් මාස්ටර් කියලා කතා කරන එක ගැන සතුටුයි.

එදා තම මවුපියන්ගේ අකැමැත්ත පිට විවාහ වූ ඔහුගේ බිරිය පමණක් අද ඔහුගේ දුක බෙදා ගන්නට ඔහු ළඟ ඉතිරිව සිටී.

ඔහුගේ ජීවන ගමනට අත්වැල් සපයන බිරියගේද දෑස් නොපෙනෙන තරම්ය. ඇසේ සුද රෝගයෙන් පෙළෙන ඇගේ ද දෑස් නොපෙනී ගිය දිනක ඔහුට වාරු දෙන්නේ කවුරුන්ද? යන අදහස මා සිත පෙළන්නට විය.

මේ එළඹ ඇත්තේ, මේ අසරණ කලාකරුවාට කිසියම් උපකාරයක් කළ යුතුම මොහොතකි. ජීවිතය මෙය යැයි කියාපාන ඔහුගේ යාන්තමින් ඇසෙන හඬ තවත් දවසක් හෝ ඇසෙන්නට සැලැස්විය හැකිනම්, එය ඔබ ලබන මහඟු පිනකි.

ඔබත් ඔහු සොයා යන්නට කැමැති නම්,

මේ ඔහුගේ ලිපිනයයි.
හරූන් ලන්ත්‍රා
නො. 42,
පොල්හේනවත්ත,
කැලණිය.

READ MORE - රටක් පිනවු හරෑන් ලන්ත්‍රා අද අසරණයි

“සඳ සඳ වගේ”

රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයක්

මේ දිනවල ඉහළ පේ‍්‍රක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන රුවන් මාලිගා ටෙලි සිතුවමින් අනතුරුව රවීන්ද්‍ර විජේරත්න පුංචි තිරයට තිළිණ කරන අලුත්ම ටෙලි නිමැවුමයි “සඳ සඳ වගේ”

ජීවිතයේ සැදෑ සමය ගෙවන සිසී මුදල් අතින් පොහොසත් රදළ පැළැන්තියක අයකි. ඇයගේ ආවතේව කටයුතු කිරීම සඳහා ‘සඳු’ නම් තරුණියක් මේ නිවසට පැමිණේ.

ක්‍ෂිතිජ, සිසීගේ මුණුපුරෙකි. ඔහු සඳු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ ගනී.

මේ අපූරු සිද්ධි දාමය වටා දිවෙන අපූරු කතාවයි සඳ සඳ වගේ.

සිසී ලෙසින් ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ රංගන කාර්යයේ යෙදෙයි. සඳු ලෙස තම ස්වරූපය වෙනස් කරගෙන සිටින්නේ ශලනි තාරකායි.

ක්‍ෂිතිජගේ චරිතයට ගිවන්ත අර්ථසාද් පණ පොවයි.

සෙසු චරිතයන් ආනන්ද වික්‍රමගේ, පාලිත සිල්වා, දීපානි සිල්වා, දමයන්ති ෆොන්සේකා, ප්‍රියා රණසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, ගිහාන් ප්‍රනාන්දු, නදීෂා අලහප්පෙරුම, ගයාන් වික්‍රමතිලක, කුසුම් පෙරේරා, ලෝචනා හිමාෂි, තිසරි යුවනිකා, සංකේත් අභිලාෂ්, මංජුල මොරගහ, තුසිත ධනුෂ්ක, හර්ෂණ චතුරංග සමඟ සුසිල් පෙරේරා පණ පොවනු ලබති.

කැමරාව ජයන්ත රණසිංහගෙනි. සංස්කරණය සමන් ආරියරත්න ගෙනි, අමිල මිරිස්සගේ අංග රචනා ශිල්පියාය. මහේෂ් ප්‍රනාන්දු කලා අධ්‍යක්‍ෂණයෙන් ඔපවත් කරයි.

සඳ සඳ වගේ සඳහා සහය අධ්‍යක්‍ෂවරු දෙදෙනෙකි. ඒ එරන්ද මධුශාන් සහ දිනේෂ් හත්ගල්ලයි.

කපිල පුගල ආරච්චිගේ සංගීතයට අනෝමා විජේවර්ධන ගීත රචනාකොට තිබේ.

සඳ සඳ වගේ තිර රචනය මෙන්ම නිෂ්පාදනය තරංග දිසානායකගෙනි.


READ MORE - “සඳ සඳ වගේ”

වසන්ත කොටුවැල්ල

වසන්ත කොටුවැල්ල

ඔබට මතකද ධර්මසිරි බණ්ඩාරනායකගේ විශිෂ්ට සිනමා කෘතියක් වූ තුන්වැනි යාමයේ පර්සි පීරිස් නැමැති තරුණයාව ජීවමාන කළ මේ රංගන ශිල්පියා. ඒ අන් කවුරුවත් නොව වසන්ත කොටුවැල්ලයි. තුන්වැනි යාමයේ වසන්ත පෑ විශිෂ්ටත්වය කෙළවර වුයේ පර්සි පීරිස් සම්මානනීය කරමිනි.

රිදී තිරයට මෙන්ම පුංචි තිරයට නවමු ආලෝකයක් එක් කළ වසන්ත, ගම්පෙරළිය ටෙලි වෘතාන්තයේ පියල් ලෙසින් රංගනයේ පෑ පෙළහර සදා අමරණීයය.

තමාට ලැබෙන චරිතය කුමක් වුවත් එයට ඉතාම හොඳින් සාධාරණයක් ඉටු කළ වසන්ත කොටුවැල්ල කලාතුරකින් රටකට පහළ වන රංගන ශිල්පියෙකි.

රංගන නිම්නයේදී කැමරාවට හිතවත් වෙමින් අප හදවතේ සිය වතෙහි රුව කිසිදු දිනෙක නොමැකෙන්නට සනිටුහන් කළ වසන්ත කොටුවැල්ල අද මොකද කරන්නේ ? මේ ඒ වෙනුවෙන් ඔහුගේ හඬ අවදි වූ අයුරුයි.

මගේ රංගන ගමන ඇරැඹෙන්නේ 1980 අවුරුද්දේ ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වැනි යාමය සිනමා පටයෙන්.

එතුමාගෙන් ලද ආරාධනාවක් මත මම එහි ප්‍රධාන චරිතයක් වූ පරිසි පීරිස්ට පණ පෙව්වා.

මට ඒ චරිතයට එම වසරේ හොඳම නළුවාට හිමි ඕ. සී. අයි. සී සම්මානයත්, සරසවිය මෙන්ම ජනාධිපති සම්මාන උළෙලේ කුසලතා සම්මානයත් හිමි වුණා.

අනතුරුව තුන්වැනි ඇස, දෙව්දුව, සර්කස් ඔන් ද මූන් වැනි චිත්‍රපටවලටත්, සුබ ප්‍රාර්ථනා, ගම්පෙරළිය, චරිත තුනක්, සුර අසුර, ගිණිගත් රැයක්, සංසාර මන්දිර, සද්ගුණාකාරය වැනි ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා.

මේ කාලයේ මං තරමක් නිහඬයි. ඒ නිහඬතාවයට හේතු කිහිපයක් තියෙනවා. වර්තමානයේ මං ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ග්‍රාමීය වැඩ සටහන් වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

අප රටේ සිය දිවි නසා ගැනීම් වැඩියි. මෙමගින් අහිමි වන්නේ රටේ ජාතික සම්පත්. මෙම තත්ත්වය අවම කිරීමේ උපදේශකවරයකු ලෙසිනුයි දැන් මං කටයුතු කරන්නේ. මෙම සමාජ සද්කාර නිසා ලැබෙන තෘප්තිය කියලා නිම කරන්න බැහැ.

මේ කටයුතු නිසයි මං කලාවෙන් තරමක් දුරස් වුණේ. මං විශ්වාස කරනවා අපේ රටේ කලාව රැක ගන්න පුද්ගලයො ඉන්නවා. සමිති සමාගම්, සංස්ථා තිබෙනවා. නමුත් මෙවැනි පුණ්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන අය අඩුයි. ඒ නිසයි මං ඒ පැත්තට තරමක් යොමු වුණේ.

මේ කටයුතු නිසා රඟපාන්නට වෙලාවක් නැති තරම්.

ඒත් අපි මුල් යුගයේ දර්ශන තලවල ගත කළ කාලය ගැන නිතරම මගේ මතකයට එනවා. අපි ඒ කාලේ දැඩි විනයකින් හා කැපවීමකින් වැඩ කළේ. මට මතකයි අපි චරිත තුනක් නාට්‍ය කරන කාලේ කේ. ජයතිලක මහත්තයාගේ ගමට ගියා. ඒ ගැමියන් සමඟ කාලය ගත කරමිනුයි අපි ඒ චරිත ගොඩ නගා ගත්තේ.

දැන් නම් රඟපාන්න තරම් කාලයක් නැති තරම්. ඒත් ක්ෂේත්‍රය දෙස උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා.

මේ වසන්තගේ ලිපිනය සහ දුරකතන අංකයයි.
අංක 45,
පාසිහේන පාර, වරාගොඩ,
කැලණිය. - 0776955210, 0776955210



READ MORE - වසන්ත කොටුවැල්ල

සාගරිකා ගෝමස් 1961 - 1989

සාගරිකා ගෝමස් 1961 - 1989

1961 ඔක්තෝබර් 19 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී මෙළොව එළිය දුටු සාගරිකා ගෝමස් ජනප්‍රිය ගායිකාවක්, ගුවන් විදුලි හා වේදිකා නාට්‍ය ශිල්පිණියක් හා රූපවාහිනී නිවේදිකාවක ද වූවාය.

කුඩා කළදීම ළමා ශිල්පිණියක ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වූ සාගරිකා ළමා රංග පීඨය, ළමා උයන, සරසවි මණ්ඩපය වැනි වැඩ සටහන් රැසකට දායක වූවාය.

ටවර් රඟහල පදනමේ රැකියාව කරමින් කලා කටයුතුවලට ද සම්බන්ධ වූ සාගරිකා ටවර් රඟහල පදනම නිපැයූ ශ්‍රී වික්‍රම, සමුද්‍ර දේවි, සිරිසඟබෝ, පණ්ඩුකාභය වැනි නාට්‍ය කීපයකම රඟපෑවාය.

ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද තම හැකියාවන් ප්‍රකට කරමින් සිටි සාගරිකා ට 1989 භීෂණ සමයේ සැප්තැම්බර් 13 වැනිදා අන්ධකාර රාත්‍රියේ දෙහිවල මුහුදු වෙරළේ දී ජීවිතය මරුවාට පූජා කිරීමට සිදු වූවාය.

READ MORE - සාගරිකා ගෝමස් 1961 - 1989

රංජිත් පෙරේරා 1942 - 2004

රංජිත් පෙරේරා 1942 - 2004

‘වා නම් වා පෝ නම් පෝ’ දෙබස් ඛණ්ඩය තුළින් අතිශය ජනප්‍රිය වූ සිනමා, වේදිකා හා ටෙලි නාට්‍ය නළුවකුව සිටි රංජිත් පෙරේරා 1942 අප්‍රේල් 22 වැනිදා උපත ලැබුවේය.

ලයනල් රංවලයන්ගේ ‘කාල ගෝල’ නාට්‍යයෙන් රංගනයට පිවිසි රංජිත් සිනමා නළුවකු වූයේ ‘යුක්තියට වැඩ’ චිත්‍රපටයෙනි.

පසුව බෝනික්කා සහ රන්එතනා චිත්‍රපටවලින් ජනප්‍රිය වූ ඔහු කලියුගය, වෙල්ලස්සේ වෙඩි හඬ, උතුරේ රාහුල, කොමාන්ඩෝ දියසේන, දෙව්ලොව දෝණි වේදිකා නාට්‍යවල රඟපෑ අතර ‘පාරාදීසය’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළේය.

හිඟන කොල්ලා, ප්‍රමාද වැඩියි, ගමන වැනි ටෙලි නාට්‍ය කීපයකම රඟපෑ රංජිත් ගුවන් විදුලි හා රූපවාහිනී නාට්‍යවල හඬ කැවීම් ශිල්පියකු ලෙස ද කටයුතු කළේය.

2004 සැප්තැම්බර් 09 වැනිදා මෙලොව හැර යන විට ඔහු 64 වැනි වියේ පසු වූයේය.

READ MORE - රංජිත් පෙරේරා 1942 - 2004

රගපෑම උගන්වන්න ගියොත් බිහිවෙන්නේ රූකඩයක්

ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය

අද සරසවිය වේදිකාවට ගොඩවෙන්නේ සෞන්දර්ය සරසවියේ රංගකලා ඇදුරකු ප්‍රවීණ නළුවකු හා නාට්‍ය නිර්මාණකරුවකු ද වන ප්‍රසන්නජිත් අබේසූරිය ය. මේ ඔහු සමඟ ඔහු ගේ සරසවි බිමේදී කළ සම්මුඛ සාකච්ඡාවකි.

රංගනය පැත්තට ඔබ යොමු වුණේ කොහොමද ?

පාසල් යන කාලේ ඉඳලම රඟපාන්න මට පුදුම ආශාවක් තිබුණා. මොකේද රඟපාන්නෙ කියන දේට වඩා කොහොමහරි රඟපාන්න ඕනය. නළුවෙක් වෙන්න ඕනය කියන පුදුමාකාර ආශාව නිසයි රංගනය පැත්තට යොමුවුණේ.

එතකොට රංගනය විෂයක් හැටියට හදාරන්න ඕනය කියන අවශ්‍යතාවය තිබුණෙ නැද්ද?

මමත් ඇතුළුව අපේ රටේ ඉන්න බොහෝමයක් නළු නිළියන් රංගනය ශාස්ත්‍රීයව හදාරලා, ගොඩක් දැනගෙන ආපු අය නෙවෙයි. මට හිතෙන හැටියට රඟපාන්න තියෙන වුවමනාව වගේ දේවල් නිසා තමයි මේ ක්ෂේත්‍රයට එන්නෙ. ගොඩක් දුරට මගෙත් ආරම්භය එහෙමයි.

නමුත් කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉද්දි වීදි නාට්‍ය කණ්ඩායමට ආවට පස්සෙ ගාමිණී හත්හොටුවගම මහත්තයා, ඊට පස්සෙ සරච්චන්ද්‍ර මහත්තයගෙ නාට්‍ය, සෝමලතා සුබසිංහ මත්මියගෙ නාට්‍ය, වගේ නාට්‍යකරුවන් එක්ක වැඩ කරන්න ගත්තට පස්සෙ, රඟපාන්න තියෙන ආශාවට කරන දේකට වඩා ගැඹුරු, ශාස්ත්‍රීය හැදෑරීමක් කළ යුතු, ආවට ගියාට කරන්න බැරි දෙයක් හැටියට තේරුම් අරගෙන නාට්‍ය හා රංග කලාව විෂයක් හැටියට හදාරන්න පෙළඹුනා.

වඩා වැදග් න්‍යායාත්මක දැනුම ද ප්‍රායෝගික දැනුම ද කියන ප්‍රශ්නය දිහා ඔබ බලන්නෙ මොනවිදිහට ද?

මෙහෙමයි අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ට නළුවො ගත්තොත් ඒ අය ආයතන ගතවෙලා රංගනය ඉගෙන ගත්තු අය නෙවෙයි. නමුත් විශිෂ්ට රංගන හැකියාවන් ඒ අය පෙන්නලා තියෙනවා.

සිනමාවේ ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා වගේ නළු නිළියො ගත්තත්, වේදිකාවේ දැැවන්ත හා විශිෂට නළුවකු වන ජයලත් මනෝරත්නව ගත්තත් මේ කවුරුවත් ආයතන ගතවෙලා ශාස්ත්‍රීය විදිහට රංගනය හදාරපු අය නෙවෙයි. ඒ නිසා හොඳ රංගන ශිල්පියෙක් වෙන්න න්‍යායාත්මක දැනුම අත්‍යවශ්‍ය නෑ.

මේ අය රංගනය ඉගෙන ගෙන තියෙන්නෙ තමන්ගෙම ජීවන තක්සලාවෙන්. මේ අයගේ රංගනයේ ගැඹුර සාර්ථකත්වය මතු වෙන්නෙ අත්දැකීමෙන්. ඒකට හේතුව රඟපෑම කියන්නෙ සමාජයේ කොතැනක හෝ ජීවත් වූ හෝ ජීවත්විය හැකි යැයි හිතන පුද්ගල ස්වරූපයක් ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒක හරියට කරන්න නම් ඒකේ තාක්ෂණික පැත්ත, ශරීරය මෙහෙයවීම, හඬ පාලනය ගැන වගේම මනුෂ්‍ය ස්වභාවය ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මිනිස්සුන්ගෙ හැසිරීම්, ඔවුන්ගෙ ප්‍රතිචාර, ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ වගේ කාරනාත් ඉගෙන ගන්න වෙනවා.

ඒ ටික නොදන්න කෙනෙකුට මොන අභ්‍යාස කළත් වැඩක් නෑ. රංගනය ඉගෙන ගන්නවය කියලා සමහර ආයතන හා වැඩමුළුවල වේදිකා අභ්‍යාස කරනවා. අභ්‍යාසයෙන් විතරක් නළුවෙක් හැදෙන්නෙ නෑ. ඒ නළුවා තුළ පරිකල්පනය දියුණුවෙන්න නම් අනිවාර්යයෙන්ම ජීවන අත්දැකීම් තියෙන්නම ඕන. ඒක නැතුව රංගනය ඉගෙන ගන්නවය කියන්නෙ බොරු වැඩක්.

මෙතෙන්දී අධ්‍යාපන පසුබිම කියන්නෙ වෙනම එකක්. රංගන වැඩමුළුවලින් හෝ විශ්ව විද්‍යාල මට්ටමින් මේ විෂයේ න්‍යායාත්මක පැත්ත ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් නමුත් හොඳ නළුවෙකු වෙන්න නම් ඉහතින් කියපු ගුණාංග තියෙන්නම ඕන.

රංගනය කියන දේ ඔබ විග්‍රහ කරන්නෙ මොන විදිහට ද?

මම විශ්වාස කරන විදිහට නම්, මේ මහපොළව උඩ කොතැනක හෝ ජිවත්වන මිනිසුන් සහ ඔවුන්ගේ අනවතර ජීවන අරගලය සහ ඊට ඔවුන් දක්වන ප්‍රතිචාර වේදිකාව මත හෝ කැමරාව ඉදිරියේ ඒ සඳහා වූ සුදුස්සන් විසින් ප්‍රති නිර්මාණය කිරීම තමයි රංගනය කියලා කියන්නෙ.

ඒ අර්ථයෙන් අපි රඟපානවය කියල කරන්නෙ මේ ලෝකෙ කොහෝ හෝ හිටපු ජීවත් වුණු හෝ ජීවත් වන ගැහැනුන් සහ මිනිසුන්ගේ හැසිරීම් රටාව, මනුෂ්‍ය ස්වභාවය අවංකව සහ ඒ චරිතවලට සාධාරණයක් වන විදිහට ප්‍රති නිර්මාණය කිරීමයි. රඟපෑමේ තියෙන තාක්ෂණික පැත්ත, රංගන න්‍යායන් වගේ දේවල්වලටත් වඩා වැදගත්ම දේ තමයි රංග අභ්‍යාසයන්ගෙන් නම්‍යශීලී කරගත්තු ශරීරය.

පුහුණු කර ගත්තු හඬ වගේ දේවල් ඇසුරෙන් මනුෂ්‍යත්වය ප්‍රතිනිර්මාණ කිරීම. ඒ නිසා මිනිස්සු ගැන වඩ වඩාත් ඉගෙනීම රංග කාර්යයට අවශ්‍යයයි. තමන් නිරූපණය කරන චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.

මගේ දැනීමේ හැටියට මනුෂ්‍යත්ව ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි ජීවන තක්සලාව. ලෝකෙ වටේම තියෙන රංග පාසල්වලට ගියත් ඉගෙන ගන්න බැරි දේ, අපට ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නෙ ජීවන තක්සලාවෙන්. මට හිතෙන්නෙ අපේ රටේ වැඩියෙන්ම ඉන්නෙත් ජීවන තක්සලාවෙන් ඉගෙන ගත්තු නළු නිළියන් තමයි.

වේදිකාව නළුවගෙ මාධ්‍යය කියන කාරණය දිහා ඔබ බලන්නෙ මොන විදිහට ද ?

වේදිකා නාට්‍යයක අදියුරු එහෙමත් නැත්නම් එය වේදිකාව මත රඟ දැක්වීමටත් කලින් මනසින් දකින කෙනා වෙන්නෙ අධ්‍යක්ෂවරයයි. මෙය සිනමාවට වගේම ටෙලි නාට්‍යයටත් මේ විදිහටම අදාළයි. අධ්‍යක්ෂවරයා ගේ මනස් කරළිය මත රඟදක්වා අවසන් වූ දෙයක් තමයි. ඔහු අප හමුවේ ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඔහුගේ මනසේ මැවුණු දේ යථාර්ථයක් කිරීම එයට සම්බන්ධ වන අනෙකුත් අයගෙ වගකීම බවට පත් වෙනවා.

ඒ සඳහා අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවය හඳුනාගන්න සිද්ධ වෙනවා. නළුවෙක් නම් තමන්ට ලැබුණු චරිතයෙන් අධ්‍යක්ෂවරයා මතුකරගන්න හදන්නෙ මොන විදිහේ මනුෂ්‍ය ස්වභාවයක් ද කියන දේ නිවැරැදිව හඳුනාගන්න, අවබෝධ කරගන්න වෙනවා. අවසානයේ අධ්‍යක්ෂවරයා ගේ රූකඩයක් බවට පත් නොවී එකී චරිතය තමන් අතිනුත් පෝෂණය කරමින් හැකි උපරිම සාධාරණයක් ඒ චරිතයට ඉටුකිරීම තමයි වැදගත් වෙන්නෙ.

වේදිකාව නළුවාගේ මාධ්‍ය බවට පත්වෙන්නෙ රංගනයේ දී නළුවා තම ආධිපත්‍ය දරනවාය කියන තත්ත්වය තුළයි. නාට්‍ය කලාව සජීවී මාධ්‍යයක් නිසා තමයි නළුවට මේ ආධිපත්‍ය ලැබෙන්නෙ.

පිටපත මොනතරම් ප්‍රබල වුණත්, පෙර පුහුණුවීම් කොතරම් සාර්ථක වුණත් නාට්‍ය රඟ දක්වන මොහොතේ අදාළ නළුවාගේ කායික මානසික තත්ත්වය උඩ තමයි ඒ මොහොතේ රංගනය තීරණය වෙනනේ.

මේ නිසා නාට්‍ය රඟ දැක්වෙන මොහොතේ ප්‍රේක්ෂකයා ඉදිරියේ ඉන්න නළුවට පුළුවන් නාට්‍ය ඇති කරන්න හෝ නැති කරන්න. අධ්‍යක්ෂවරයා, පිටපත අංග රචනය, ආලෝකය, පසුතලය මේ හැම දේම ප්‍රේක්ෂකයා දකින්නෙ නළුවා හරහා. ඒ නිසයි රංගනයේදී නළුවා ප්‍රමුඛයා වෙන්නෙ.

නමුත් නාට්‍ය නිර්මාණ කාර්යයයේදී ප්‍රමුඛයා වෙන්නෙ අධ්‍යක්ෂවරයයි. නාට්‍ය රඟ දැක්වෙන මොහොත දක්වාම එය අධ්‍යක්ෂවරයාගේ කලාවය කියන එකයි මගේ අදහස . රංග කාර්යයේදී නළුවා ගේ කාර්ය අති විශිෂ්ටයි.

වගකීම් සහගතයි වගේම බලසම්පන්නයි. නමුත් නාට්‍යයක අවසාන තීරකයා වෙන්නෙ අධ්‍යක්ෂවරයයි. අධ්‍යක්ෂවරයා මනසින් දුටු නිර්මාණය එලෙසින්ම වේදිකාව මත යළි ප්‍රති නිර්මාණය කරන වැඩේදි ඔහු සහ ඔහුගේ කණ්ඩායම අතර අවබෝධාත්මක සහෝදරත්වයක් තියෙන්න ඕනය කියලයි මම හිතන්නෙ.

රංග කාර්ය උගන්වන ගුරුවරයකු හැටියට කියන දේවල් හා නිර්මාණ ක්ෂේත්‍රයේ දී ප්‍රායෝගිකව කරන්න සිද්ධවන දේ අතර හිඩස ඔබට ම අභියෝගයක් වෙන්නෙ නැද්ද?

පැහැදිලිවම මට වගේ අයට ඒ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධවෙනවා. නාට්‍ය හා මුද්‍රානාට්‍ය අධ්‍යන අංශ ප්‍රධානියා හැටියට ඒ වගකීම තවත් වැඩිවෙනවා. මුල් කාලේ මම මෙගා නාට්‍යවලට එහෙමත් සම්බන්ධවෙලා ඉන්දැද්දී ළමයි මගෙන් අහන්න ගත්තා සර් මෙතන කියන දේයි අතන රඟපාන විදිහයි ගැළපෙනවද කියලා.

සමහර ළමයි මටම කියලා තියෙනවා මේ රඟපාන්නෙ අපේ සර්ය කියලා කිව්වම ඒ අයගෙ දෙමවුපියො ඒක පිළිගන්නෙ නැහැයි කියලා. දැන් දැන් මම රංගනය මගේ වෘත්තීය එහෙමත් නැත්නම් ජීවනෝපාය කරගෙන නැති නිසා තෝරා බේරාගෙන රඟපානවා.

ඒනිසා කලාතුරකින් හොඳ ටෙලිනාට්‍යයකට දායක වෙනව හැරෙන්න මගේ රඟපෑම වේදිකාවට පමණක් සීමාකරගෙන තියෙනවා. හැබැයි මෙච්චර කාලෙකට මම සම්බන්ධ වුණු චරිතයකට හෝ නිර්මාණයකට හානියක්, අවැඩක්වෙන විදිහට මම ඒ දේ කරලා නෑ කියන ආත්ම තෘප්තිය මට තියෙනවා.

සාර්ථක රංගන ශිල්පියෙක් වෙන්න ආශාව විතරක් තිබුණට ප්‍රමාණවත් ද ?

රංගන ශිල්පියෙකුට තියෙන්නෙම ඕන දේ තමයි ජීවන අත්දැකීම. අපි රඟපාන්න ගියාම අත් දකින ඛේදනීය තත්ත්වයක් තමයි මතුපිට ලෝකවල සුරංගනා ලෝකවල ජීවත්වුණු ජීවන අත්දැකීම් නැති අයත් එක්ක නිර්මාණවලට දායක වෙන්න සිදුවීම.

කොස්සකින් අතුගාන ළිඳකින් වතුර අදින, දර ටිකක් පළන වගේ දෙයක්වත් ව්‍යාජ විදිහට නිරූපණය කරන්න බැහැ. ඒ නිසා මිනිස් ජීවිතය හා සිතුම් පැතුම් මිනිසුන් සමඟ ජීවත්වීමෙන් අවබෝධ කරගන්න ඕන. වේදිකා නළුවෙක් වෙන්න නම් අභ්‍යාසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හේතුව රඟපෑම උගන්නන් පුළුවන්කමක් නෑ.

අනිත් පැත්තෙන් වේදිකා රංගන ශිල්පියකුට සිනමා හෝ ටෙලි නළුවෙකුට වගේ තාක්ෂණය මත යැපෙන්න පුළුවන්කමක් නෑ. මේ මාධ්‍යවල නළුවාට දෙබස් කියන්න බැරි නම් ඩබ් කරන්න පුළුවන්. අවශ්‍ය රංගනය හරි මදි නම් නැවත නැවත රූගත කරන්න පුළුවන්. සංස්කරණය කරන්න පුළුවන්.

නමුත් වේදිකාවෙ මේ දේවල්වලට ඉඩක් නෑ. ප්‍රේක්ෂකයා ඉදිරියට යන රංගන ශිල්පියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම අමු අමුවේ ප්‍රේක්ෂකයාට සජීවීවම පේනවා. ගායනය, දෙබස් මේ හැමදේම තමන්ම ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම පැය දෙක තුනක් එක දිගට වේදිකාවේ රැඳීල ඉන්න ජවය තියෙන්න ඕන.

මතක ශක්තිය, හඬ පාලනය, වගේ දේවල් දීර්ඝ පුහුණුවකින් වග දිහා කරගන්න ඕන. වේදිකාවේ ස්වභාවය අනුව හැඩ ගැහෙන්න දැනගෙන ඉන්න ඕන.

මේ දේවල් ළඟා කරගන්න නම් අනිවාර්යයෙන්ම කැපවීම හා අභ්‍යාසය තිබිය යුතුමයි. ඒ වගේම රංගනය ගැන නා්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා ගන්නත් ඕන.

හේතුව මෙලෝ යකෙකුට රඟපාන්නෙ වෙන්න මෙහෙමයි කියලා උගන්නන්න බෑ. යමෙකුට රඟපෑමට අවශ්‍ය කායික මානසික සූදානම් කිරීමක් විතරයි කරන්න පුළුවන්.

මොළයයි හදවතයි, ශරීරයයි එකට බද්ධ කරලා තම ප්‍රකාශනය එළියට ගේන ලෝකේ එකම මාධ්‍ය තමයි රංගනය. රංගනයක් සාර්ථකවෙන්න මොළෙන් දැනගෙන හදවතින් විඳිමින් ශාරීරිකව ඒ දේ ප්‍රකාශ කිරීම කළ යුතු වෙනවා.

රඟපෑම කියලා රංගන ශිල්පියකුට උගන්වන්නේ රඟපෑම සඳහා අවශ්‍ය කායික මානසික සූදානම් කිරීම විතරයි. රංගනය ඉගෙන ගන්න නම් අභ්‍යාස කළ යුතුයි. අත්දැකීම් ලැබිය යුතුයි. නැත්නම් ගොඩ ඉඳන් පිහිනන් උගන්නනවා වගේ වෙනවා. රඟපෑම උගන්නන්න ගිය දවසක නළුවා මැරිලා රූකඩයක් හෝ අච්චු තමයි බිහිවෙන්නෙ.

නළුවෙක් හැටියට ශෛලිගත නාට්‍යවල වගේම තාත්වික නාට්‍යවලත් රඟපාන ඔබ ඒ දහරා දෙක දිහා බලන්නෙ මොන විදිහටද ?

පැහැදිලිවම මේ දෙකේ ආකෘතික හා ඉදිරිපත් කිරීම පැත්තෙන් වෙනසක් තියෙනවා. ශෛලි ගත නාට්‍යයක භාව ප්‍රකාශනයෙයි. තාත්වික එහෙමත් නැත්නම් ලෝකධර්මී නාට්‍යයක භාව ප්‍රකාශනය වන විදිහයි අතර වෙනසක් තියෙනවා.

මේ ඉදිරිපත් කිරීමේ ශෛලියේ වෙනස්කම් තිබුණට මම විශ්වාස කරන්නෙ මේ දෙකෙන්ම ඉදිරිපත් වෙන්නෙ මනුෂ්‍යත්වය කියලයි. මිනිස්සුන්ට හැෙඟන දැනෙන දේ එකයි.

ජීවිතයේ දැනෙන විඳින දේ තමයි ඔය කිව්ව රාමු දෙකෙන් එකකට දාන්නෙ. සිංහ බාහු නාට්‍යයේ සිංහයාට කාලෙකට පස්සෙ තමන්ගෙ පුතාව දැක්කම ඇති වන හැඟීමයි.

කැලණි පාලමේ චුට්ටෙට අවුරුදු ගාණකට පස්සෙ සරණපාලව දැක්කම ඇතිවන හැඟීමයි තමන්ගෙ පුතා දැකීමෙන් ඇතිවන පීතෘ සෙනෙහස හැටියට එකයි. මේ හැඟීම ලෝකෙ කොතනක කාට ඇති වුණත් එකයි.

නමුත් ඒ හැඟීම ප්‍රකාශ වෙන්නෙ විධි දෙකකට. සිංහබාහුව දැක්කම සිංහයාට ඇතිවන හැඟීම කියවෙන්නෙ ගස් මුදුන්වලින් හඳපායගෙන එන කොට කුමුදු මල් පිපුනා වගේ කියලා. නමුත් කැලණි පාලමේ චුටටෙ අතින් මේ අත්දැකීම වචනවලට පෙරලන්නෙ, පුතේ කොච්චර දෙයක්ද උඹ දැක්ක එක.

හරියට කට්ට කළුවරේ හඳ පෑව්වා වගේ කියලා. නමුත් මෙතනදී චුට්ටෙ කිව්ව නම් තුරුහිසින් නැගී සේ තරින්ද, නුඹ මා දකින්නට ආවා. කියලා මිනිසුසු හිනා වෙනවා. මේ දහරා දෙකේම රඟපාන කෙනෙක් හැටියට මම හැම වෙලාවෙම උත්සහ කරන්නෙ යථාර්ථවාදීව බලන්නයි.

ස්වතන්ත්‍ර හා පරිවර්තන කියන ප්‍රවේශයන් ගැන ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක් ද?

ස්වතන්ත්‍රද පරිවර්තනද කියනවට වඩා මම බලන්නෙ කෘතියේ අර්ථය මොකක්ද ඒක අපේ රටට ගැළපෙනවද කියන කාරනා ගැනයි. කොච්චර උසස් පරිවර්තනයක් වුණත් ඒක අපේ රටට සමාජයට ගැළපෙන්නෙ නැත්නම් ඒ නිර්මාණය අපේ කරණය වෙන්නෙ නැත්නම් ඒකෙන් ඇති වැඩක් නෑ.

අනිත් කාරණය තමයි අපේ රටේ හුඟක්ම ජනප්‍රිය වුණේ. හුණුවටයේ කථාව, මුහුදු පුත්තු, බෙරහඬ, බක්මහ අකුණු, තාරාවෝ ඉගිලෙති වගේ නාට්‍ය දේශීය කරණයට ලක් වූ නාට්‍ය, විදේශ කෘති වචනෙන් වචනෙ පරිවර්තනය කරලා ගෙඩි පිටින් අපේ මිනිස්සුන්ට පෙන්නුවම ඒක ප්‍රේක්ෂකයාට දුරස් අත්දැකීමක් වෙනවා.

වඩා වැදගත් ප්‍රේක්ෂක රස වින්දනයනෙ අන්න ඒක ඉටුවෙන්නෙ නැත්නම්, ප්‍රේක්ෂකයා ඒ නිර්මාණ වැළඳ ගන්නෙ නැත්නම් ඒ නිර්මාණයෙන් වැඩක් නෑ. මේ නිසා පෞද්ගලිකව මම නම් වඩා කැමැති ස්වතන්ත්‍ර නාට්‍ය වලටයි. හේතුව අපි කොතරම් හොඳ පරිවර්තන හෝ අනුවර්තන නාට්‍ය කළත් ඒකෙන් දක්ෂ නළුවන් හොඳ නිෂ්පාදන බිහිවෙයි.

නමුත් ඒකෙන් දේශීය නාට්‍ය කලාවක් ගොඩනැගෙන්න ලැබෙන දායකත්වය මොකක්ද ඒ නාට්‍යයක් අපේ දේශීය නාට්‍යයක් හැටියට පිට රටකට ගිහින් පෙන්නන්න පුළුවන්කමක් තියෙනවද ? විදෙස් ආභාෂය ලබන්න ඕන.

ඒක අත්දැකීමක් කරගෙන අපේම නිර්මාණයක් බිහිකිරීමයි වඩා හොඳ අද ඉන්න අපේ සමහර තරුණ නිර්මාණකරුවන්ට සාර්ථක වෙන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවත් මෙන්න මේ දේ වටහා නොගැනීමය කියලයි මට හිතෙන්නෙ. ඒ අය කතාකරන විෂයන්. කතා කරන විදිහ, තේමාව තුළ ආර්ට් කියන එක නැතිවෙලා අමු ගතියක් මතුවෙන්නෙ ඒකයි.

ඒ වගේ නාට්‍යයක් පළමුවරට බලන ප්‍රේක්ෂකයා ආයෙ ජීවිතේට නාට්‍යයක් බලන එකක් නෑ. මෙන්න මේ වගේ හේතු නිසා දේශීය නාට්‍ය කලාව පෝෂණය වෙන්න නම් ස්වතන්ත්‍ර නාට්‍ය බිහිවීම වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.

නාට්‍ය ඇගයීම් සම්මාන වගේ දේවල් ගැන ?

සම්මාන උළෙලක සිද්ධවෙන ගාල ගෝට්ටියට ප්‍රධාන හේතුවක් තමයි අපි පුංචි රටක් වීම හා ඊට සම්බන්ධ වන සියල්න් අපි කවුරුත් පෞද්ගලීකව දැන සිටීම. මේ නිසා මේ ඇගයීම් කරන අය ඒ සඳහා සුදුස්සෝද කියන ප්‍රශ්නයත් එක්කයි අපේ රටේ සම්මාන සඳහා වන ඇගැයීම් මහා අච්චාරුවක් බවට පත්වෙන්නෙ.

අනිත් කාරනේ අපේ නිහතමානී කමක් නැතිකම. අපි පිළිගන්න සූදානම් නෑ. අපි අසාර්ථකයි කියලා. අලුත් කෙනෙකුට සම්මානයක් ලැබුණම ඒක දරා ගන්න. පිළිගන්න අපි සූදානම් නෑ. ගිය අවුරුද්දේ යෞවන නාට්‍ය සම්මාන රැසක් දිනපු අපේ විශ්ව විද්‍යාලයේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයෙන්ම අයින් කළා අසභ්‍ය යයි කියලා.

මේනාට්‍යයේ ගණිකාවෝ ඉන්නව, අසභ්‍ය වචන තියනවය කියන එක තමයි හේතුව. නමුත් මේ නාට්‍ය ලිව්වෙ කමලාදාස් ගේ a dall For a child prostitute කියන ගණිකා මඩමක් ඇසුරෙන් ලියවුණු කතාවක් මත. මේ නාට්‍ය විනිශ්චය කරපු අය කිව්වෙ ඒ නාට්‍ය දර්ශන දැක්කම ඒ අයට හිරිකිත හිතිලා ඇඟේ හිරුගඩු පිපුනලු.

එතකොට හිතාගන්න පුළුවන්නෙ ඒ අයගෙ නිර්මාණ රසවින්දනයේ ප්‍රමාණය. මේවා මෙහෙම වෙන්නෙ පෞද්ගලීකත්වය, බැඳීම් ඇලීම් ගැලීම් නිසා. ඒ වගේම කෝන්තරත්, මේවට බලපානවා. කොහොම වුණත් නිර්මාණකරුවන් විනිශ්චය මණ්ඩලයේ ඉන්නට පෞද්ගලීකව මම නම් කැමැති නෑ. මමත් හිටපු නිසා කියන්නෙ එහෙම වුණාම නිර්මාණය දිහා බලනවා වෙනුවට මම මගේ ටේස්ට් එක, චින්තනය, ස්ටයිල් එකට මම ඒ නාට්‍ය මනසින් ඩිරෙක්ට් කරන එකයි කරන්නෙ. ඒ වගේම තමන්ට වඩා දක්ෂ නම් කපලා දාන එක, ගිය පාර කැලණියට තැන දෙන්න අපිව කපලා දැම්මා වගේ කැපිලා යනවා.

ඊළඟට ශාලා වෙන්කර ගන්න පුළුවන් දින ගානට නාට්‍ය සීමා කරගෙන ඒ සීමිත නාට්‍ය අතුරෙන් තමන් කැමැති එක තෝරනවා වගේ දේවල් අපේ රටේ තමයි සිද්ධ වෙන්නෙ. සම්මාන නිර්මාණකරුවෙකුට ශක්තියක් තමයි.

නමුත් නිර්මාණයක පැවැත්ම සාර්ථකත්වය තීරණය වෙන්නෙ සම්මාන මත නෙවෙයි. සිංහබාහු, කැලණිපාලම, හුණුවටයේ කථාව, නරි බෑනා, ගජමන් පුවත ඔය එකක්වත් සම්මාන දිනපු නාට්‍ය නෙවෙයි. නමුත් එදා සිට අද දක්වාම ඒ නාට්‍ය ජනතාව අතර පවතිනවා.

READ MORE - රගපෑම උගන්වන්න ගියොත් බිහිවෙන්නේ රූකඩයක්

Thatta Gaayikaawa | තට්ට ගායිකාව | Oct _ 15_Punchi Theatre

Wednesday, September 15, 2010

Thatta Gaayikaawa:
Romanian-born French dramatist
Eugene Ionesco's one-act “antiplay”
La Cantatrice chauve (The Bald Soprano, 1949) in Sinhala!
Directed by Kanchuka Dharmasiri.

Translated by Kanchuka Dharmasiri and Lohan Gunaweera.

Two public shows of
Thatta Gaayikaawa
on the 15th of October
at Namel-Malini Punchi Theatre
at 3.30 and 6.30 pm

Cast:
Deepani Silva,
Chamaru Pathirana,
Sangeetha Abeywardhana,
Athula Samarakoon,
Lakmali Jayasinghe and
Dhanushka Gunathilake as the fire chief

තට්ට ගායිකාව: රුමේනියානු ජන්ම ලාභී ප්‍රංශ නාට්‍යකරු
යුශේන් ඉයොනෙස්කෝගේ ඒකාංක "ප්‍රතිනාටකය"
'ලා කැන්තාත්‍රිස් ශෝව්' (The Bald Soprano) නැවතත් සිංහල බසින්!
අධ්‍යක්ෂණය කංචුකා ධර්මසිරි

පරිවර්තනය කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර


නළුනිළි කැළ:
දීපානි සිල්වා,
චමරු පතිරණ,
සංගීතා අබේවර්ධන,
අතුල සමරකෝන්,
ලක්මාලි ජයසිංහ සමග
ධනුෂ්ක ගුණතිලක
Celuiqui vend aujourd’hui un boeuf, demain aura un oeuf //
අද ගොන් නාම්බා විකුණන එකාට ‍හෙට බිත්තරයක් ‍ලැබෙනවා. //
He who sells an ox today, will have an egg tomorrow

ගලක් ගිනි ගත්තා
මැදුර ගිනි ගත්තා
කැලේ ගිනි ගත්තා
පිරිමි ගිනි ගත්තා
ගෑණු ගිනි ගත්තා.......

පෙරේරා මයා:
මොනවා? කාට හරි බෙල් එක වැදෙනවා ඇ‍හෙනවයි කියන එකෙන් අදහස් වෙන්නේ දොර ළග කවුරු හරි ඉදගෙන දොර ඇරව ගන්න බෙල් ක‍රනවා කියන එකයි.

සිල්වා මිය:
හැම වෙලේම නෙවෙයි. ඔයා ඒකෙ අනිත් පැත්ත මේ දැන් දැක්කා විතරයි.

Fan page of Thatta Gaayikawa

ඔත්තුව - කංචුකාගෙන්
READ MORE - Thatta Gaayikaawa | තට්ට ගායිකාව | Oct _ 15_Punchi Theatre

අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

Friday, September 10, 2010

ජගත් මෝහිනි – මධුර භාෂිණී’ මේ අපි කවුරුත් අද සරස්වතී දේවියට වන්දනා කරන ගීතයයි. මේ ගැඹුරු අමර ස්වරය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේමය. එයින් ඇරඹෙන මධුර ගීතාවලිය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘බඹරෙකු ආවයි’, ‘දස්කොන් සකි සඳ’, ‘පසළොස්වක සඳ’ ආදී වූ මියුරු ගී රස හා බැඳේ.

දේශයේ අග්‍රේෂ්වර ගාන්ධර්වයාණන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මේ මියුරු ගීතාවලිය පසුගිය දිනක අප සවන්පත් මෝහනයට පත් කළේ ඔහුගේ අමරණීය ගී දහසයක් ඇතුළත් ’බඹරකු ආවයි’ සංයුක්ත තැටිය පසුගියදා නිකුත් වීමෙන් පසුවය.

වැදගත් හරවත් නිර්මාණ රැසක් කවදත් ශ්‍රාවකයන් හමුවට එහි රසය නොනැසෙන අයුරින් තිළිණ කරන්නට උත්සාහ දරන සරත් කොතලාවලගේ ‘ටොරානා’ ආයතනයේ නිෂ්පාදනයක් ලෙස එය දොරට වැඩුණේ බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර් හිදී පැවැත්වුණු චාම් උත්සවයකදීය.

මේ අවස්ථාව වර්ණවත් කරන්නට පැමිණි ආචාර්ය පණ්ඩිත් අමර දේවයන්ගේ සම්ප්‍රාප්තිය අතිශයින්ම වැදගත් විය. වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන මෙහි අඩංගු බොහෝ පැරණී, ජනපි‍්‍රය ගීත මීට මාස තුනකට පමණ ඉහතදී අමරදේවයන් විසින් නව සංගීත සංයෝජනයට ගායනා කරන ලද ඒවා විය. දශමයකුදු වෙනස් නොවී, ඒ රසය ඒ ආකාරයෙන්ම පැවතෙන අයුරින් අමරදේවයන්ගේ අමර සරය හැඬවී තිබීම මෙහි තිබුණු සුවිශේෂිත්වයම විය.

ශි‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත ‘ජගත් මෝහිනී’ (සරස්වතී ගීතය) ගීතයෙන් ඇරඹෙන අමර ගීතාවලිය මහගම සේකරයන්ගේ ‘ඈත කඳුකර හිමව් අරණේ’, ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘ඔබේ දෑසයි ඔබේ දෑසයි’, ‘ඔබ මා තුරුලේ’ යන ගීතවලින් වඩ වඩාත් රසාලිප්ත වේ.

මඩවල එස්. රත්නායකයන්ගේ ‘බඹරෙකු ආවයි’ මෙන්ම ඩෝල්ටන් අල්විස් ශූරින්ගේ ‘පෙම්බර මා පුතණුවනේ’ පදවැල් ද මෙම ගීත සමුච්චය සඳහා අමරදේවයන් යළි ගයා තිබේ. ‘දස්කොන් සකි සඳ’ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතය) ‘පසළොස්වක සඳ’ (ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය) යන මියුරු යුග ගීත මේ ගීත එකතුවට විශාරද නීලා වික්‍රමසිංහ සමඟ යළි ගයා තිබීමද සුවිශේෂීය. විශාරද චරිතා පි‍්‍රයදර්ශනී පීරිස් සමඟ මෑතකදී ගැයූ ගීතයක්ද මේ අතර වේ.

මේ ගීත එකතුවේ අනෙක් සුවිශේෂිම කාරණය වනුයේ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කළ ගීතෝපකායක් ලෙස මෙහි අඩංගු වන දළදා ගීතයයි. එය මින් පෙර කිසිදු සංයුක්ත තැටියකට ඇතුළත් නොවූවකි.

”දන්ත ධාතූන් වහන්සේ උදෙසා ගායනා කළ මෙම ගීතය මීට ප්‍රථම මම මහනුවරදි දළදා වහන්සේ උදෙසා පූජා කළා. මේ ගීතය මට රචනා කළේ ඩබ්ලිව්.ඒ. අබේසිංහ ශූරින්. එහි යුග ගායනය සඳහා විශාරද නන්දා මාලිනි ඇතුළු පිරිස එක්වෙනවා.

මම අන්තිමට සංයුක්ත තැටියක් එළි දැක්වූයේ 2002 වර්ෂයේදී. ඒ ‘වැලිතල අතරින්’ සංයුක්ත තැටිය. අවුරුදු 8 කින් තමයි මේ සංයුක්ත තැටිය එළි දකින්නේ. අලුත් නිර්මාණ කිහිපයකුත් එක්ක මේ සංයුක්ත තැටිය එළි දක්වන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා.” දළදා ගීතය ලියවුණේ ඩබ්ලිව්.ඒ. අබේසිංහයන් අතින්. ගීතයේ පසුබිම ගැන අබේසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.

”මේ ගීතය මගේ අතින් ලියවුණේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ ලෙස නෙරංජන් විජේරත්න මහතා වැඩ කරන කාලයේ. දියවඩන නිළමේ තුමාගේ ළඟම මිත්‍රයකු වූ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න මහතා තමයි මේ ගීතය නිර්මාණය කරන්නට මැදිහත් වුණේ. මුලින්ම මේ ගීතය පණ්ඩිත් අමර දේවයන් තනියම ගායනා කළේ. දැනට අවුරුදු 04 – 05 ට ඉස්සර තමයි රෙකෝඩ් කළේ.”

පණ්ඩිත් අමරදේවයන් පසු පස රැඳෙමින් ඔහු ආදරයෙන් බලා කියා ගන්නේ දයාබර බිරිඳ විමලාවන්ය. ඔහුට මෙන්ම ඔහුගේ නිර්මාණයන්ට ද බෙහෙවින් ආදරේ කරන විමලාවන් මෙම නිර්මාණ කාර්යයේදිත් ඔහු පසු පස නිබඳවම රැඳීහුන් බව අපට දැන ගන්නට ලැබුණි. විශේෂයෙන්ම මේ ගීත තේරීමේදී අමරදේව පවුලේ රංජන අමරදේව ඇතුළු පිරිසගේ සුවිශේෂි අවධානය යොමුවූ බවද පැවසිණ.

මානවසිංහයන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස් හා ඩබ්ලිව.ඒ. අබේසිංහයන්ට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උදයසිරි පතිරණ හා යමුනා මාලිනි පෙරේරා මෙහි සෙසු ගී පද රචනා කර තිබේ.

සරත් ද අල්විස් මහින්ද බණ්ඩාර සංගීතවේදීන්ගේ ගීත අධීක්ෂණයෙන් යුතුව හේමලාල් ගීතදේව, විද්‍යා මුණසිංහ හා රංග දියබලනගේ ටොරානා ශබ්දාගාරයේදී ‘බඹරෙකු ආවයි’ ගීතාවලිය පටිගත කර ඇත. මෙම ගීත 16 න් 15 ගේම ගී තනු නිර්මාණය පණ්ඩිත් අමරදේවයන්ගේමය.


READ MORE - අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

මෙගා ද එහෙනම් බැහැ

නදී චන්ද්‍රසේකර ආධුනික නිළියක වශයෙන් ක්ෂේත්‍රයට පැමිණ ඉතාම කෙටි කලක් ඇතුළත ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගිහින්. ඒත් පසුගිය මාස කිහිපයේදී ඈ අපට ටෙලි නාට්‍ය ඔස්සේ දක්නට ලැබුණේ ඉතාම අඩුවෙන්.

මේ දිනවල ‘රිදී ඉට්ටංකරය’ නැවත විකාශය වන නිසා එහි ඇය දක්නට ලැබෙන නමුත් අලුත් ටෙලි නාට්‍යයක් හරහා ඇගේ රංගනයන් අපට දක්නට ලැබුණෙ නෑ.

මේ නිසාම පසුගිය දිනක අපි ඇයට කතා කළ විට අසන්නට ලැබුණේ මේ කාලයේ වැඩියෙන් නිර්මාණය වන්නේ මෙගා ටෙලිනාට්‍ය නිසා තමා ඒවාට සම්බන්ධ නොවීමට තීරණය කරගෙන සිටින බවයි.

READ MORE - මෙගා ද එහෙනම් බැහැ

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

ඒත් එකකටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ

නෙලූ අධිකාරි

ප්‍රාසාංගික වේදිකාව භාව පූර්ණ හඬක් සොයමින් සිටි අවදියක සරල ගීත කලාවට නවමු රසක් එක් කරමින් අපූර්ව ගායිකාවකගේ ආගමනය සිදුවිය. ‘ඔබ අසා සිටී නම්’, ‘නඟේ මලේ’, ‘සයුරේ රළ සේ’ මියුරු හඬින් රසිකයාගේ සවන් පිරවූ ඇය නමින් නෙලූ අධිකාරී.

2002 වසරේ ‘සයුරේ රළ සේ’ ප්‍රථම ගී එකතුව එළි දක්වමින් රසිකයන් තුළද, ක්ෂේත්‍රය තුළද, ඉතාම ඉක්මනින් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට නෙලූට හැකි වන්නේ සංගීතය ගැන ඇයට තිබූ දැනුමෙන් හා ජන්මයෙන් ලද වාසනා ගුණය නිසාවෙනි. ඉතා නිහඬ ගමනක යෙදෙමින් හැම විට ම හොඳ නිර්මාණයක් එළි දැක්වීමට උත්සහා දරන නෙලූ ඇගේ දෙවැනි ගීත එකතුව ‘මං නැතිදා’ නමින් එළි දක්වන්නීය.

වසර කිහිපයක නිහැඬියාවකින් පසු ‘කඳුළු’ නම් වූ ඇගේ නවතම ගී එකතුවත් සමඟ නෙලූ යළි සිය මියුරු හඬ අවදි කරමින් ඇගේ රසිකයන් ආමන්ත්‍රණයට දරා ඇති උත්සාහය පිළිබඳ කෙරුණු පිළිසඳරකි මේ.

ඔබගේ අලුත්ම ගී එකතුව ගැන දැන ගන්න කැමැතියි.

මාගේ අලුත්ම ගී එකතුව ‘කඳුළු’ නමිනුයි එළිදැක්වුණේ. මේ මාගේ 3 වැනි සංයුක්ත තැටියයි. ගීත රචනයේ හා තනු නිර්මාණයෙන් රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, සරත් ද අල්විස් වැනි ප්‍රවීණයන්ගේ ද නවක ශිල්පීන්ගේ ද එකතුවෙනුයි මෙවර මාගේ ගී නිර්මාණ බිහි වුණේ.

දිගු නිහැඬියාවකට පසුයි ‘කඳුළු’ ත් සමඟ නැවත පිවිසෙන්නේ

ඔව්. හොඳ නිර්මාණයක් බිහි කරන්න කාලය අවශ්‍යයි. මගේ ගීත ඇතුළත් පළමු සංයුක්ත තැටිය බිහි වී වසර 3 කට පසුවයි දෙවැනි ගී එකතුව එළි දැක්වුණේ. ඉතින් ‘කඳුළු’ නිර්මාණය කරන්න වසර 2 ක් පමණ ගත වුණා.

මොනවාගේ ශෛලීන් ද මෙවර ඔබගේ ගී එකතුව සඳහා යොදා ගත්තේ?

ජන නිර්මාණවලට හුරු ගීත ‘කඳුළු’ ගීත එකතුවට යොදා ගෙන තිබෙනවා. ඊට අමතරව පුංචි පුංචි වෙනස්කම් කිහිපයක්ම මෙවර ඇතුළත් වන අතරම මගේ ඉතාමත් ජනපි‍්‍රය වුණු ගීතයක් වන ‘අහසට සොඳුරුද’ ගීතය ද මේ ගී එකතුවට ඇතුළත්.

සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් දැනගන්න කැමැතියි.

මගේ වැඩකටයුතුවලදී ඔහුගෙන් ලැබෙන සහය අති විශාලයි. අපි හැම වැඩක්ම කරන්නේ ඉතාමත්ම සහයෝගයකින් යුතුවයි. මේ ගී එකතුව සඳහා ද කපිල මා පසු පස සිටිමින් මට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඔහු ගේ නිර්මාණ 3 ක් පමණ මේ සංයුක්ත තැටියට එක්කොට තිබෙනවා.

සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනෙක් ඉතා සීමිත කාලයයි ජනපි‍්‍රයත්වයේ රැඳී සිටින්නේ. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ ඔබ කොතරම් දුරට ස්ථාවරද?

මේ ක්ෂේත්‍රයට එකතු වන නවකයන්ට මෙවැනි කලදසාවක් උදාවීමට හේතුවන කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒත් මා ක්ෂේත්‍රයට පිවිසුණු කාලය වාසනාවන්තයි කියලයි මට දැනෙන්නේ. මොකද මම ක්ෂේත්‍රයට පැමිණි කාලේ මෙතරම් ලොකු තරගකාරිත්වයක් තිබුණේ නැහැ. අපේ ප්‍රවීණයන්ගේ කාලයේදී මෙරට මාධ්‍ය ආයතන තිබුණේ දෙක තුනක් පමණයි.

ඒ මාධ්‍ය හරහා ඔවුන්ගේ ගීත නිතරම ඇසෙන්නට වූ නිසා එම ගීත බොහොමයක් රසිකයන් අතරට ගොස් ඔවුන් මතකයේ රැඳුණා. නමුත් අද මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් බිහිවී තිබෙන නිසා රසිකයනුත් තමන් ශ්‍රවණය කරන්නට හෝ නැරඹීමට කැමැති මාධ්‍යයක් තෝරා ගන්නා නිසා රසිකයන් බෙදී ගොස් තිබෙනවා. මේ නිසයි අපගේ ගීත එක් මාධ්‍යයක් හරහා වරක් ප්‍රචාරය වුණත් සීමිත පිරිසකට පමණක් ගීතය රස විඳින්නට සිදුවන්නේ.

මේ හේතූ නිසාම අපි අපගේ ස්ථාවරත්වය තබා ගත්තත් අපි පවා ඒ මාධ්‍ය ගැටලුවට මුහුණ පා තිබෙනවා යැයි කීවොත් නිවැරැදියි. ගායකයාවත් රසිකයාවත් එකතු කරන පාලම තමයි මාධ්‍යය.

ගායකයකුගේ හොඳ නිර්මාණයක් එළි දක්වන්න මාධ්‍ය අපිට සහාය වුණේ නැත්නම් අපේ නිර්මාණ කොතරම් හොඳ වුණත් ඒවා රසිකයන් අතරට යන්නේ නැහැ. ඉතින් මගේ පළමු සහ දෙවැනි ගීත එකතුව රසිකයන් අතරට ගියෙත් නඟේ ‘මලේ, මම යන්නම්, සයුරේ රළ සේ’ වැනි ගීත බොහොමයක් රසිකයන් ආදරයෙන් වැළඳගත්තේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හරහා මට ලැබුණු සහයෝගය නිසයි.

එහෙත් අද වන විට මාධ්‍ය ආයතන වගකීමකින් තොරව හරයක්, රසවින්දනයක් නැති ගීත ප්‍රචාරය කිරීම තුළ හොඳ ගීත ප්‍රචාරය වීම අඩු වෙනවා. මේ නිසා තමයි ක්ෂේත්‍රයේ සිටින හෝ ක්ෂේත්‍රයට එන බොහෝ ගායක ගායිකාවනට අද ස්ථාවරත්වයක් පවත්වා ගන්නට අසමත් වෙන්නේ.

ඔබ වඩාත් පි‍්‍රය කරන්නේ කුමන ශෛලියේ ගී සඳහාද?

මගේ ගායන හැකියාවට මම සීමා මායිම් පනවා නැහැ. විවිධ ශෛලීන් අනුගමනය කිරීමේ හැකියාවක් තිබෙනවා යැයි මා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මම ගායනා කරන්නේ සරල ගීතයි.

වෙනස් ශෛලීන්වලට අයත් ගීතද ගායනා කරල තිබුණත් රසිකයන් අතර මා ජනපි‍්‍රය වී සිටින්නේ සරල ගී ගායනා කරන කෙනකු ලෙසයි.

ඔබේ කාර්යබහුලත්වයත් සමඟ ගේදොර කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?

දැන් නම් එතරම් කාර්ය බහුලත්වයකට මුහුණ දෙන්නට සිදු වන්නේ නැහැ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී නම් ප්‍රසංග බොහොමයකට ආරාධනා ලැබුණා. ඒ කාලයේදි වගේම අදත් අපි නිවෙසේ රැඳෙන්නේ නැති සෑම අවස්ථාවකම කපිලගෙත් මගෙත් දෙමාපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. එය අපට ලොකු ශක්තියක්.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

අනේ නැහැ මේ වනතෙක් එවැනි ආරාධනයක් ලැබී නැහැ. මට රඟපාන්න හැකියාවක් ඇති කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ.

එවැනි හැකියාවක් තිබුණත් මට උරගා බැලීමට තරම් අවශ්‍යතාවයක් නැහැ. කලා ක්ෂේත්‍රයේ දැන් සිදුවන දේවල් දුටුවාම කලකිරිමක් ඇතිවෙන්නේ. සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා. මේ තුළ දෙකෙන් එකකටවත් හරි සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වාට ඊට වඩා හැකියාවලින් පූර්ණ අය අප අතර සිටින්නට පුළුවනි.

නමුත් තමන් යෙදිලා සිටින විෂය තුළ එයට සාධාරණත්වයක් ඉටු කළොත් පමණයි එහි සාර්ථකත්වය රැඳෙන්නේ. වඩාත් හොඳ දේ අපිට වඩාත්ම හැකියාව තිබෙන පැත්ත හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමයි.

ඉදිරි වැඩ කටයුතු ගැනත් දැන ගන්නට රසිකයන් කැමති වේවි.

මේ වන විට මම සංගීත පන්තියක් පවත්වාගෙන යනවා. මම ළමා පරපුරට උගන්වන්න බොහොම කැමැතියි. ඒ නිසාම ඉදිරියේදී කොළඹ අවට මගේ කලා ආයතනයක් ආරම්භ කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. බොහෝ දුරට ලබන වසරේදී මට ඒ පැතුම ඉටු කරගන්නට හැකි වේවී.

ටානියා මෝසස්

READ MORE - සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

’යුගාන්දරය’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ

සෝමචන්ද්‍ර විජේසූරිය

සෝමචන්ද්‍ර විජේසූරිය ලංකාවේ බොහෝ දෙනකු හඳුනන්නේ ලේඛකයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, සාහිත්‍ය පරිවර්තකයෙක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කීර්තියක් දිනාගත්තකු ලෙසයි. ඔහු විසින් රචිත ’යුගාන්දරය’ නවකතාව පාදක කොට ගනිමින් පසුගිය දා එනමින් ම ටෙලි වෘත්තාන්තයක් නිර්මාණය කිරීමට ඔහු සමත් වුණා. ලාංකේය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා විජේසූරිය මහතා සිදු කළ සහ සිදුකරමින් පවතින නිර්මාණ කටයුතු පිළිබඳව ඔහු සමඟ කතා බහ කරන්නට මට පසුගිය දිනෙක අවස්ථාව උදාවුණා.

මේ එහි දී ඔහු සමඟ පැවැත්වූ සංවාද සටහනයි.

ඔබ අලෙවිකරණය පිළිබඳව රාජකාරි කටයුතු සිදුකළ වෘත්තිකයෙක්. සාහිත්‍ය කලාව කෙරෙහි ඔබගේ ආගමනය සිදුවුණේ කොහොමද?

මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ අලෙවිකරණය පිළිබඳව කටයුතු කළ වෘත්තිකයෙක්. මම මගේ වෘත්තියෙන් විශ්‍රාම යෑමට ආසන්න වන විට සාහිත්‍ය කලාව කෙරෙහි බොහෝ සේ නැඹුරු වුණා. මම පුංචි කාලේ ඉඳලම පොත පත කියවන්න ආසයි. විශේෂයෙන්ම සමාජයේ ඇතිවුණු විවිධ අර්බුද ඒ කියන්නේ 56 පෙරළිය, 71 කැරැල්ල මේ වගේ දේවල් මගේ මනසට ඉතා තදින් බලපෑවා. මං ඒ දේවල් ගැන හුඟාක් සංවේදීව හිතුවා.

71 කැරැල්ල සිදුවන අවස්ථාවේදී මම සේවයට ගියේ කොළොන්නාවේ බෝඩිමක නැවතිලා. මට මතකයි ඒ දවස්වල ඇඳිරිනීතිය දාලා තිබුණා. ඒ සංසිද්ධිය වෙනකොට මට හිතුණා 56 පෙරළිය සහ 71 කැරැල්ල යන සිදුවීම් අතර කුමන හෝ සමාජ සම්බන්ධතාවයක් ඇති බව. මේ සිදුවීමත් සමඟ සංවේදී වූ මගේ සිතුවිලි නවකතාවක ඇරඹුමට හේතුපාදක වුණා.

ඔබේ ‘යුගාන්දරය’ නවකතාව රචනා කිරීමට මූලිකම හේතුව වන්නේ මේ සිදුවීමම ද?

ඔව්. මේ සිදුවීම මත ’යුගාන්දරය’ නවකතාව ලියන්නට මම පෙලඹුණා. මෙය මම ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ සම්මාන උළෙලට ඇරියා. ඒත් එතැනදී අවම වශයෙන් මේ නවකතාව ගැන සඳහනක්වත් වුණේ නැහැ.

එයට හේතුව කුමක් කියා ද ඔබ හිතන්නේ?

එතැනදී මට තේරුණේ මේකයි. ඒ තැන විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ මහාචාර්යවරු, කර්තෘවරු, තමයි. ඔවුන් නවකතාව මොකක්ද කියල දන්නැති අය බවයි මට හැඟී ගියේ. මොකද මම ඒ වෙනකොට පැහැදිලි වශයෙන් ම බටහිර සාහිත්‍ය, විචාර කියවා ඇසුරුකර තිබුණා. විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ අයගේ දැනුමේ විශාල හිඩසක් තිබුණා කියලා මට තේරුණා.

ඔබේ ‘යුගාන්දරය’ නවකතාව ඉංගිරිසියට ඔබ විසින් පරිවර්තනය කරනු ලැබුවා. එය සම්මානයට පවා පාත්‍ර වුණා නේද?

ඔව්. මම ඒ කතාව First Rising නමින් ඉංගිරිසියෙන් ලිව්වා. එය 1998 දී ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

’යුගාන්දරය’ නවකතාවට පාදක වන වස්තු බීජය ගැන කතාකරමුද?

මෙයට වස්තුබීජ වන්නේ 71 කැරැල්ලේ ප්‍රාරම්භය. කෑගල්ල ප්‍රදේශයේ විසූ ගෘහ පවුලක කතාවක් ආශ්‍රයෙන් තමයි මෙහි කතා තේමාව ගොඩනැඟෙන්නේ. දේශපාලනය, ආර්ථිකය 71 කැරැල්ල හා බැඳුණු සරල කතාවක් ඇසුරින් මේ නවකතාව ගොඩනැෙඟනවා. මේ නවකතාවෙන් විවරණය වන්නේ ආර්ථික, දේශපාලන කරුණු, වාමාංශික ව්‍යාපාරයේ කඩාවැටීම 71 කැරැල්ලට හේතුවුණේ කොහොමද? කියන එකයි.

ඔබ ‘යුගාන්දරය’ නවකතාව ටෙලිනාට්‍යයකට නැඟීමට වෑයම් කළේ ඇයි?

මෙහි ඉංගිරිසි පරිවර්තනයට ලැබුණු ප්‍රතිචාර මත හුඟ දෙනෙක් මෙයින් ටෙලිනාට්‍යයක් කරන්න කියලා ඉල්ලීම් කළා. ඒ නිසා මම මෙහි පිටපතක් රූපවාහිනියට දුන්නා. එහි තේරීම් මණ්ඩලයෙන් මේ පිටපත සම්මත කළා. ටෙලිනාට්‍යය නිර්මාණය කරලා අරන් ගියාම එය ප්‍රතික්ෂේප කළා. සිංහල බෞද්ධ ධර්මයට මෙයින් නිගාවක් වන බව පවසමින් රූපවාහිනියෙන් මෙය විකාශනය කිරීම ප්‍රතික්ෂේප කළා. ඇත්තටම ඒ කරුණ මම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ආචාර්ය තිස්ස අබේසේකර මේ ටෙලිනාට්‍යය නැරඹුවා.

ඔහු මේ නාට්‍යය ගැන බොහොම පැහැදීමකින් කතා කළා. මෙහි ආරම්භයට සහ අවසානයට ඔහු හුඟාක් කැමැති වුණා. නමුත් මේ දක්වා මගේ ටෙලිනාට්‍යයට සාධාරණයක් ඉටුවෙලා නැහැ.

මෙයින් ඔබේ සාහිත්‍ය කලාවට තිබුණු නැඹුරුව අඩු වුණාද?

මගේ හිත කඩා වැටුණා. නමුත් මම මගේ අනෙකුත් සාහිත්‍ය නිර්මාණ කටයුතුවලින් ඉවත් වූයේ නැහැ. ඉන්පසුව මම පරිවර්තන ගණනාවක් කළා.

ලංකාවේ නූතන විචාරක කලාව ගැන ඔබ හිතන්නේ මොන විදිහටද?

අද ඉන්න විචාරකයන් බොහෝදුරට යුරෝපයේ විශ්වවිද්‍යාලවල ‘ෆ‍්‍රැන්ක්ෆර්ට්’ පාසලේ විචාර කලාව අනුගමනය කරන අයයි. එම විචාර ක්‍රමයේ තිබෙන දුර්වලකම ලෙස මම දකින්නේ එය ඉතිහාසයට සම්බන්ධ නොවීම.

ඔවුන් කරන බොහෝ විවේචන, (සාහිත්‍ය, නවකතා, සිනමා කෘතිවල) සමාජ පදනම මත විවේචනය කරන්න බැරිවෙලා තියෙනවා කියා හිතෙනවා. එමනිසා ඔවුන් සමාජ යථාර්ථවාදය හඳුනාගෙන විචාරය කළ යුතුයි කියා මා සිතනවා.

READ MORE - මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

සිරි සමන් විජේතුංග

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...

විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී.

පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන් වූ අදත් දැකිය හැකි මේ සොඳුරු පරිසරය ගීත රචකයාගෙ හිත් ගත්තෙ ඔහු සරසවි සිසුවකුව සිටි සමයේ.

සිතේ ලැගුම්ගත් ඒ සොඳුරු පරිසරය හා සරසවියේ වසර ගණනාවක් දුක සැප බෙදා ගත් පෙම්වතුන් යුවළකගේ සමුගැන්ම ගීතයකට නැඟුවෙ ඒ සරසවි බිමෙන් ඔහු නික්ම වසර ගණනාවකට පසුව.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයකු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය උපදේශකවරයකු, ජාතික උරුමය පිළිබඳ අමාත්‍යංශයේ සම්බන්‍ධීකරණ ලේකම්වරයකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කථිකාචාර්යවරයකු ලෙස විවිධ කාලවල පැතිරුණු ඔහුගෙ සේවාව ලේඛන කලාවටද

පැතිර ගියේ ඊට සාපේක්‍ෂව.

”හැබැයි ඔය හැම දේටම කලින් මං සම්බන්‍ධ වුණේ පුවත්පත් කලාවට. කුරුණෑගල නුංගමුව විද්‍යාලය සහ වදාකඩ මහ විද්‍යාලය මං උගත් පාසල්. සරසවියෙන් පිට වුණේ 1968 අවුරුද්දෙ. ඒ කාලෙ ඉඳලම ‘රසකතා’ පත්තරේට කවි - කෙටිකතා ලියන එක මගෙ පුරුද්ද.

චන්ද්‍රරත්න මානවසිංහ, ආනන්ද සමරකෝන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ගේ මාහැඟි භාෂා විලාසයට නිර්මාණවලට යෞවන අපේ හිත් ඇදිල ගියා. අපේ රසඥතාව ගොඩනැඟුණේ ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය – භාවිතාව හරහා.

’රසකතා’ පත්තරේට ලියන කාලෙමයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ රැකියාවට ආවෙ. එතැනින් සෞඛ්‍ය අමාත්‍යංශයට. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආවෙ 1982 අවුරුද්දෙ.

ගුවන් විදුලියට අත්පිටපත් රචනා කරගත්තෙත් 1976 පටන්. සරල ගී වැඩසටහනට ගීත ලියන්න ගත්තෙත් ඔය කාලෙ. එතකොට දයාරත්න රණතුංග සිංහල සේවා අධ්‍යක්‍ෂ. (සංගීත අංශයේ) මා ලියා එවූ ‘සරසවියෙදි හෙට විතරයි...’ ගීතය ඔහු තෝරා ගෙන තියෙන්නෙ සරල ගී වැඩසටහනකට ගයන්න.

1997 දී ගුවන් විදුලියෙන් මහාචාර්ය පරණවිතාන සූරීන් වෙනුවෙන් ඉදිරිපත් කළ, ‘පරණවිතාන අනුස්මරණ ගීතාවලිය’ සඳහා ගීත ලියන්න ලැබීමත් මා ලද සුවිශේෂි අත්දැකීමක්. ඒ ගීතාවලියේ පිටපත් රචනය කළෙත් මමමයි.

1996 වික්ටර් දලුගම සංගීතවත් කළ ‘සූරිය වරුණ’ ගීත නාටකයට මං පිටපත් රචනා කළා. අපි ඒක කළේ එක සිංහල අවුරුද්දකට.

අමරා රණතුංග ගයන, ‘සිරිලක් දෙරණේ ජනිත වූ සාම පරෙවි රෑන් රෑන්...’ ගීතය එකල නොබැඳි ජාතින්ගේ සාම සමුළුව වෙනුවෙනුයි මං රචනා කළේ. සුජාතා අත්තනායක ගයන, ‘හෙට උපදින පුංචි පුතේ...’ සකුන්තලා පීරිස් - සනත් නන්දසිරි ගයන ‘ඉද්දමල් කඩා හිසමත – ගසා නොගන්නේ නෑනෝ...’ වැනි ගීත මගේ ගීත රචනා ගොන්නෙන් කිහිපයක්...”

අද ඔහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකම නිදහස් මාධ්‍යවේදියෙක්.

”එවකට ‘සන්ඩේ ටයිම්ස්’ කර්තෘ රෙජී මයිකල් මගේ පුවත්පත් ජීවිතේ ගුරුවරයා. 1979 ජනසන්නිවේදන ඉංගි‍්‍රසි මාධ්‍ය ඩිප්ලෝමාව මං කළේ ඇක්වයිනාස් ආයතනයේ. ඒ දැන උගත් දේ අප ඇසුරු කළ වියතුන්ගේ ආභාසය වෘත්තියෙන් ලද පරිචය මා නිතැතින් ග්‍රන්ථ කතුවරයකු කළා.

‘භාරත ලංකා බෞද්ධ උරුමය’, ‘ශිලා, ලිපි සන්නිවේදනය’, ‘වල්ලිපුරම් සන්නස හා හෙළ උරුමය’, ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන’, ‘පඬුවස් නුවර (පරාක්‍රමපුර)’ ‘හෙළ කලා විස්කම්’ (නුදුරේ දොරට වඩියි) වැනි කෘති නවයක් රචනා වුණේ එහි ප්‍රතිඵලයක් විදියට...”

විවිධ පරාස ඔස්සේ විසිරී පැතිරුණු සිරිසමන් විජේතුංගයන්ගේ ප්‍රතිභාව අගය කළ යුතු වන්නෙත් ඒ නිසා.

READ MORE - සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

හෙළ කලාව යළි පණ ගැන්වූ ‘හොරණ ශ්‍රීපාලියට’ 75 යි

තාගෝර් තුමන් විසින් මුල්ගල තබන ලද ගොඩනැඟිල්ල

රමණීය කඳුගැටයක් පාමුල ඉදිවුණු මේ අපූරු ගොඩනැඟිල්ල අපට කියාපාන්නේ දශක ගණනාවක ඉතිහාසයක අනුස්මරණීය මතකයක්. ගොඩනැඟිල්ලට ඉහළින් අහසට විහිදුණු දැවැන්ත සියඹලා රුකත් මේ ඉතිහාසයටම නෑකම් කියන්නක්. අද මේ කඳුගැටය පුරා විහිදුණු ගොඩනැඟිලි සියල්ල සෙවණ දෙන්නේ අපේ රටේ අනාගතය බාර ගන්නට ඉන්න ආදරණීය දූ දරුවන් රැසකට.

දශක ගණනාවක මනරම් අතීතයක සුවඳත් සමඟ මා පිවිස තිබුණේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට.

1934 මැයි මස 20 වැනි දින භාරතීය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් මුල්ගල තබා ආරම්භ කරන ලද ‘ශ්‍රීපාලිය’ එදා මෙදා තුර මෙරට සෞන්දර්ය කලා විෂයයන් සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය.

හොරණ ශ්‍රීපාලියේ නිර්මාතෘවරයා වනුයේ විල්මට් ඒ.පෙරේරා මහතාය.

එකල පැවැති අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය යටතේ වූ අධ්‍යාපන විසමතා පිළිබඳ නිරන්තර උනන්දුවකින් කටයුතු කළ විල්මට් ඒ.පෙරේරා ගේ හිත රටට ඔබින ජාතික අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාව පිළිබඳ යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීපාලිය මෙරටට තිළිණ විය. ජාතික නැටුම් ගැයුම්වලට මුල්තැන දුන් කේරළ මහා කවි ‘වලතොල්’ ගේ කේරළ කලා මණ්ඩලයට ගිය විල්මට් ඒ.පෙරේරා බෙංගාලයේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට ද ගියේය.

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඉන්දියාවේ නිදහස් සටනට පණපෙවූ මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, ජවහර්ලාල් නේරු, සරෝජිනී නායිදු ආදී ඉන්දියානු නායකයින්ගේ නිදහස් සටන් ව්‍යාපාරය දුටු ඔහු ශාන්ති නිකේතනයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ මනා අවබෝධයකින් පසු පෙරළා මෙරටට පැමිණියේ ලංකාවේද ශාන්ති නිකේතනයක් ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතුවයි.

තාගෝර් තුමන් විසින් රෝපණය කරන ලද සියඹලාගස

ඒ අනුව හොරණ – කළුතර පාරට මුහුණලා පිහිටි ඔහුට අයිති ‘කපුකුල’ නම් වූ රබර් ඉඩමෙහි මෙම විද්‍යාලය ආරම්භ කිරීමට ඔහු සැලසුම් කළේය. ඔහුගේ ආරාධනයෙන් 1934 දී මෙරටට පැමිණි මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් එම විද්‍යාලය සඳහා මුල්ගල තබන ලදී. එදිනම එතුමන් විසින් රෝපණය කරන ලද සියඹලා පැළය අද මහා වෘක්ෂයක්ව ශ්‍රීපාලි භූ®මියේ විශාල පෙදෙසකට සිසිලස පතුරයි. මෙම සියඹලා ගස පා මුල දක්නට ලැබෙනුයේ රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ කවි පන්තියක් කොටන ලද ශිලා පුවරුවකි.

වර්තමාන විදුහල්පති ජේ.ඩී.එල්.වී.කේ.ජාසිංහ

ශ්‍රීපාලි විද්‍යාලයට ශ්‍රීපාලි යන නාමය තබන ලද්දේ ද තාගෝර්තුමන් විසිනි. ශ්‍රියා කාන්තාව වාසය කරන ස්ථානය යන අරුත් ඇතිව ‘ශ්‍රීපොල්ලි’, ‘ශ්‍රීපාලි’ යන නම තබනු ලැබීය. අවට ගම්වාසීන් ඇතුළු මහජනයාගෙන් පිරීගිය උත්සවයකදී ජාතික ඇඳුමින් සැරසුණ රත්නවීර සිරිසේන, ජයසුන්දර හා ගුණතිලක යන නම්වලින් යුතු දරුවන් හතර දෙනෙකු තාගෝර්තුමාගේ ආශිර්වාදය ලබාගෙන ශ්‍රීපාලියෙහි පළමුවන ශිෂ්‍යයින් වශයෙන් බඳවා ගැනිණි.

ශ්‍රීපාලිය පිරිමි ළමයින්ගේ ඉංග්‍රීසි පාඨශාලාවක්, කර්මාන්ත ශාලාවක්, කලා භවනක්, ගොවිපළක්, පුස්තකාලයක්, කියවීම් ශාලාවක් හා ගම්බද ක්‍රීඩා පිටියකින් ද සමන්විත විය. කඳුගැටය මුදුනේ පිහිටි පැරණි නිවාසය ශිෂ්‍ය නිවාසය මෙන්ම නැටුම් ගැයුම් වැයුම් ඉගැන්වීමේ සහ චිත්‍ර ශිල්පය හැදෑරීමේ ස්ථානය ද විය. ශිෂ්‍ය නිවාසය අසල කඳුමුදුනේ ගල්තලාවේ සෑම ශිෂ්‍යයෙකුටම ආගම ඇදහීම සඳහා උපාසන මළුවක් සාදනු ලැබීය.

මේ උපාසන මළුව අද ද දක්නට ලැබෙන අතර අද ද පාසල ආරම්භවන්නට පෙර සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙතැනට රැස්ව ආගම සිහිකර ශ්‍රීපාලියටම වෙන්වුණු ගීත ගායනා කරමින් පෙරහරින් පාසල වටා පැදකුණු කරති.

ශ්‍රීපාලියේ මුල්ම විදුහල්පතිවරයා වූයේ හොරණ වෑවල ඩබ්ලිව්.ඒ.එස්.ෆොන්සේකා මහතාය. ජාතික ඇඳුමින් සැරසුණු ඔහු ශ්‍රීපාලිය වඩා වර්ධනය කිරීමට එහි නිර්මාතෘ විල්මට් ඒ.පෙරේරා මහතාට මහත් වූ සහයෝගයක් දැක්වීය. අද දක්වාම ශ්‍රීපාලියේ භාවිතා වන ‘මේ සිරි ලක්දිව තුම් ශ්‍රීපාලි අපේ’ යන ගීතය ඔහුගේ රචනයකි.

පාණදුර වලපොල ජෝතිරතන ස්වාමීන්වහන්සේ ශ්‍රීපාලියේ සිංහල, පාලි, සංස්කෘත භාෂා ඉගැන්වූ ආචාර්යවරයා වූ සේක. ශ්‍රීපාලි කඳුමුදුනේ උපාසන ගල අසල කුටියක උන්වහන්සේ නේවාසිකව වැඩ සිටි සේක. මේ කර්මාන්ත අංශය එකල හැඳින්වූයේ ශිල්පායතනය නමිනි.

කලාභවනෙහි සංගීත ඉගැන්වීම සඳහා මුලින්ම පැමිණි ආචාර්යවරයා වූයේ සරණගුප්ත අමරසිංහ මහතා ය. ඩිල්රුබා, එස්රාජ් වැනි භාණ්ඩ වාදනය ඉගැන්වීම හා ගායනය ඉගැන්වීම ඔහුට භාරවිය. ශාන්ති නිකේතනයේ හා ලක්නව් භාත්ඛණ්ඩ සරසවියෙන් උගත් ඔහු එකල විසූ දක්ෂ සංගීතඥයෙකු විය. විල්මට් ඒ.පෙරේරා මහතාගේ බිරිඳ වූ පෙරේරා මැතිනිය චිත්‍ර ශිල්පය ඉගැන්වූ ආචාර්යවරිය වූවාය. ඉංග්‍රීසි පාසලේ උගන්නා සෑම ශිෂ්‍යයකුටම ශිල්පායතනයෙන් කිසියම් වූ කර්මාන්තයක් ඉගෙනීම ද එකල අනිවාර්ය විය.

එකල පිරිමි ශිෂ්‍යයන් 17 – 20ක් පමණ වූ ශ්‍රීපාලියට දරුවන් එවීමට බොහෝ මව්පියෝ අකැමැති වූහ. චිත්‍ර, නැටුම්, සංගීත ආදිය ඉගෙනීමෙන් තම දරුවන්ට අනාගතයක් නැතැයි යන හැඟීම එකල මව්පියන් සතුවිය. සෞන්දර්යය අංශයන් සඳහා දක්ෂතම ආචාර්යවරුන් තෝරාගැනීම විල්මට් ඒ.පෙරේරාගේ අභිප්‍රාය වූයෙන් ඔහු 1935 දී ලංකාවේ කෑගල්ල ප්‍රදේශයේ ඇතිවුණු දරුණු මැලේරියා වසංගතයට සහනාධාර ලබාදීමට ගියේය.

ශ්‍රීපාලියේ පැරැණි ගොඩනැඟිල්ලක්

එහිදී දක්ෂතම නැටුම් පරපුරක නැට්ටුවන් මුණගැසීමෙන් ඔවුන් ශ්‍රීපාලියට කැඳෙව්වේය. ඒ අනුව කෑගල්ල අරණායක ගැවිලපිටියේ බුදවත්තේ නැටුම් පරපුරේ ජේම්ස් දම්මන්නාගොඩ ශ්‍රීපාලියේ මුල්ම උඩරට නැටුම් ගුරුවරයා විය. ඔහුගෙන් පසු එම නැටුම් පරපුරෙහිම පුංචිගුරු ටී.සුබන්චි, සුමිත්‍රා යන ආචාර්යවරු ශ්‍රීපාලියෙහි උඩරට නැටුම් ගුරුවරුන් ලෙස වරින් වර සේවය කළෝය.

මේ නැටුම් ශිල්පය කෙතරම් අනර්ඝ වූයේ ද කිවහොත් රවීන්ද්‍ර සංගීතයෙහි නිපුණයෙකු වූ ද, ශාන්ති නිකේතනයේ දක්ෂතම නෘත්‍ය නාට්‍ය (මුද්‍රා) ශිල්පියා වූ ද, මනිපූරි හා බාලි නැටුම් ප්‍රගුණ කළ ශාන්ති දේව ඝෝෂ් ශිල්පියා 1936 වර්ෂයේ දී උඩරට නැටුම් හදාරනු පිණිස ශ්‍රීපාලියට පැමිණියේය. ඒ සමඟම ඔහු ශ්‍රීපාලි ශිෂ්‍යයන්ට සංගීතය ඉගැන්වූයේය.

1937 දී ලක්නව් හි භාත්ඛණ්ඩ විද්‍යාලයේ උපාධිධරයකු වූ සංගීත විශාරද ‘විද්‍යාධර්වසල්වාර්’ නම් මරාටි සංගීතඥයා ශ්‍රීපාලියට එක්විය. කේරළයේ කේරළ කලා මණ්ඩලයේ ‘ආනන්ද ශිවරාමන්’ නම් දක්ෂතම කථකලි නළුවා ශ්‍රීපාලියේ කථකලි නර්තන ආචාර්යවරයා වශයෙන් පත්ව ආවේය. චිත්‍ර ශිල්පය ඉගැන්වීම සඳහා ශාන්ති නිකේතනයෙන් ‘කිරාන් දේ’ නම් වංග චිත්‍ර ශිල්පියා ශ්‍රීපාලියට පැමිණියේය. ඔහු රවීන්ද්‍ර සංගීතයෙහි ද අති දක්ෂයකු වූ අතර සංගීතය ද ඉගැන්වූයේය. ඔහු විසින් අඳින ලද බිතු සිතුවම් කිහිපයක් ශ්‍රීපාලියේ රවීන්ද්‍ර ශාලාවේ මේ දක්වා ද දක්නට ලැබේ.

ආනන්ද සමරකෝන්, ඇල්.ටී.පී.මංජු ශ්‍රී යන ලංකාවේ සුප්‍රසිද්ධ ශිල්පියෝ එදා ශ්‍රීපාලියට පැමිණ කිරාන් දේ මහතාගෙන් චිත්‍ර ශිල්පයේ ආභාසය ලබාගත් අය අතර වූහ.

1938 දී ‘ජයන්ති ලාල් පරාක්’ නම් චිත්‍ර ශිල්පියා බොම්බායේ සිට මෙහි පැමිණියේය. ඔහු ශ්‍රීපාලියෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන මෙහි නැටුම් උගනමින් සිටි සිසුන්ට ඉන්දියානු නැටුම් උගන්වා කලකින් සියරට ගිය තවත් ආචාර්යවරයෙකි.

එකල ශ්‍රීපාලි ශිෂ්‍යයන්ගේ පාසල් ඇඳුම වූයේ රෙදි බැනියමින් යුත් ජාතික ඇඳුමයි. ශාන්ති නිකේතනයේ වැඩිහිටි ශිෂ්‍යයන් ඇමතූ වදන් වූ ‘ශාන්තිදා (ශාන්ති අයියා) ‘බච්චු දී’ (අක්කා) යන සම්ප්‍රදාය අනුගමනය කරමින් ශ්‍රීපාලි ශිෂ්‍යයෝ ද තම වැඩිහිටි ශිෂ්‍යයන්ට ‘අයියා’ යනුවෙන් ඇමතූහ.

එකල ශ්‍රීපාලියට ඇතුළත් වූ සෑම ශිෂ්‍යයකුම නේවාසික විය යුතු බව ප්‍රතිෂ්ඨාචාර්යතුමාගේ අදහස විය. ගුරු ඇසුරෙහි හැදී වැඩී යාම පැරණි ගුරුකුල ක්‍රමයට අයත් වූවක් විය. මේ නිසා ආරම්භයේ සිටම සෑම ශිෂ්‍යයෙකුම ‘අවන්ති’ නිවාසයේ නේවාසික වූයේය. එම ශිෂ්‍යයෝ සහෝදරයන් මෙන් එක පවුලක ඇතිදැඩි වූහ. ඔවුන්ගේ ආහාරය සඳහා එකල ලැබුණේ නිවුඩු සහිත සිංහල හාලේ බතය.

එයට හාල් ලැබුණේ විල්මට් පෙරේරා මහතාට අයත් අනුරාධපුරයේ කුට්ටම්පොකුණ වෙල් යායෙනි. මාළුපිනි අතර පරිප්පු අනිවාර්යය විය. මේ බත සැපයීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද පිත්තල තැටි හා පිත්තල ජෝගුද විය. 1950 දශකය අවසන් වන තුරුම මේ තැටි හා ජෝගු විය. ශිෂ්‍ය නිවාසයට අවශ්‍ය කිරි සැපයීම සඳහා රයිගම් කෝරළ ග්‍රාම ජීවිත සංරක්ෂණ සංගමය මඟින් බේත් කොටුවට යාබද කිරි ගොවිපළක් ද පවත්වාගෙන යන ලදී. පසු කලෙක ගොවිපළෙන් කොටසක් ශ්‍රීපාලි ක්‍රීඩා භූ®මිය ලෙසට සකස් කරන ලදී.

යටත්විජිත යුගයේදී හෙළ කලාවන් යළි පණගැන්වීම අරමුණු කරගනිමින් ආරම්භ කළ ශ්‍රීපාලිය 1936 ජනවාරියේ පටන් ආධාර ලබන තුන්වැනි ශ්‍රේණියේ විදුහලක් වශයෙන් ලියාපදිංචි කරන ලදී. එහිදී ඉංග්‍රීසි අනිවාර්යයෙන් උගත යුතු අතර ශ්‍රීපාලියට ආවේණික වැදගත් නියමයන් එලෙසම පවත්වාගෙන ගියේය. මුලින්ම ඇති කළ පරිදි බදාදා සහ ඉරිදා සතියේ නිවාඩු දිනයක් වූ අතර ඉතිරි පස් දවස පාසල් දින විය.

විදේශීය නම් ගම් ලබා සිටි හැම දෙනාම දේශීය හෝ පෙරදිගට ගැළපෙන නම් ලබාගත යුතු විය.

1941 දී ශ්‍රීපාලියට කාන්තාවන් ඇතුළු කරගැනීම ආරම්භ විය. සැම ශිෂ්‍යාවක්ම අනිවාර්යයෙන්ම ළමා සාරියෙන් සැරසිය යුතුªයි.

ශ්‍රීපාලි භූමියේ අදත් ප්‍රෞඩව නැඟී සිටින්නේ එදා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් විසින් මුල්ගල තබා ඉදිකරන ලද ගොඩනැඟිල්ලය. වර්තමානයේ එය භාවිතාවනුයේ පුස්තකාල ගොඩනැඟිල්ල වශයෙනි. ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් පොහොසත් රමණීය කඳුගැටයක ඉදිවුණු ශ්‍රීපාලියේ සියලු ගොඩනැඟිලි දේශීයත්වයට අදාළ ලෙස ගොඩ නඟන්නට එදා විල්මට් ඒ. පෙරේරා දැඩි උත්සාහයක් ගත්තේය.

ශ්‍රීපාලිය රජයට පවරා ගැනීමෙන් පසු මේ දක්වාම දිවයිනේ කීර්තිමත් නමක් දිනාගත් පාසලක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බබළයි. මේ වන විට 75 වැනි වසර සමරන ශ්‍රීපාලියේ වර්තමාන විදුහල්පතිවරයා වන්නේ ජේ.ඩී.එල්.වී.කේ.ජාසිංහ මහතාය. 75 වැනි සංවත්සරය වෙනුවෙන් වසර පුරාම විශේෂ උත්සව මාලාවක් සංවිධානය කර තිබෙන අතර මේ වන විට සිසුන් 4000ක් ගුරුවරුන් 152ක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 31 දෙනෙක් ශ්‍රීපාලියට ඇතුළත් වෙති.

සාරධර්ම අගයන සමාජයක් බිහිකිරීම උදෙසා විල්මට් ඒ. පෙරේරාගේ දර්ශනය හා අරමුණු මූලික කරගනිමින් ශ්‍රීපාලි සම්ප්‍රදායයන් රකිමින්, නව ලොවට උචිත, නවීන දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් බිහිකිරීම පිණිස වර්තමානයේ ශ්‍රීපාලිය කැපවී සිටියි.

READ MORE - හෙළ කලාව යළි පණ ගැන්වූ ‘හොරණ ශ්‍රීපාලියට’ 75 යි

‘සිසින්ද්‍රා’ යළිත්

අපේ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකා යුවළක් වන සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න යුවළගේ ගීත රැසක් ඇසීමේ අවස්ථාව පසුගිය සතියේ අපට උදාවුණා.

ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘ආරාධනා’ වැඩසටහනෙන්. මේ දිනවල මේ දෙදෙනාගේම අවධානය යොමු වී ඇත්තේ ඔවුන්ට පෙම් බැඳි අපේ රටේ ශ්‍රාවක හිතවතුන් පිනවීම පිණිසය.

මෙතෙක් ශ්‍රී ලාංකේය රසික හිතවතුන්ට විඳගැනීමට නොහැකිවූ අත්දැකීමක් වන ‘සිසින්ද්‍රා’ ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට මේ දෙදෙනාම මේ දිනවල සූදානම් වෙනවා. පසුගිය කාලයේ සිසිර සේනාරත්නයන් මඳක් අසනීපයෙන් පසුවූ බැවින් නිහැඩියාවකින් පසු වුවත් දැන් ඒ සියල්ල යථා තත්ත්වයට පත්වෙලා.

ඒ සමඟම ඉන්ද්‍රානි සේනාරත්න සිය සංගීත දිවියේ සුවිශේෂි අත්දැකීම් අළලා ලියූ ‘රන් පියවර’ නම් ග්‍රන්ථය ද එළිදක්වන්නට සූදානමින් ඉන්නවා.

හිරුණි


READ MORE - ‘සිසින්ද්‍රා’ යළිත්

වේදිකාවට ‘සිකුරා’ ලබලා...

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන කලා මාධ්‍යයන් තුළ විසිහත් වසරක් පුරා රංගන කාර්යයේ යෙදෙමින් ඉදිරියට පැමිණි සරත් දික්කුඹුර රංඟන ශිල්පියා තම කුළුඳුල් නිර්මාණය වේදිකාවට ගෙන ඒම පිණිස මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි. ඒ පිළිබඳ හා ඔහුගේ කලා දිවියේ තොරතුරු දැන ගැනීම සඳහා ඒ ශිල්පියා සම්ග කළ කතාබහකි මේ.

* ඔබගේ කුළුදුල් නිර්මාණය වේදිකා නාට්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට සිතුවේ ඇයි?

ඇත්තෙන්ම වේදිකාව කියන්නේ මා ඉතාම ඇලුම් කරන ස්ථානයක්. එහි තිබෙන සජීවී බවට මා ප්‍රිය කරනවා. එබැවින් මගේ කුළුඳුල් නිර්මාණය ලෙස වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමට කල්පනා කෙරුවා. මෙහිදී රුසියානු ජාතික නිකලොයි ගොගොල්ගේ ‘ද මැරේජ්’ කෘතියේ සිංහල පරිවර්තනයක් වූ ‘සිකුරා’ නාට්‍ය පිටපත පිළිබඳ මගේ අවධානය යොමුවුණා. මෙය ආරියරත්න විතානගේ පරිවර්තනයක්.

* මෙයට පෙරත් ‘ද මැරේජ්’ කෘතියේ සිංහල පරිවර්තන වේදිකාවට නැගුණා නේද ?

‘සිකුරා’ ජවනිකාවක්...

“ඔව් සිකුරු යුද්ධය, මඟුල් හටන, කපුවා කපෝති නමින් වේදිකාවේ රැව් පිළි රැව් දුන්නා. එබැවින් මේ කෘතිය ශ්‍රී ලාංකිකයින්ට බෝහෝම සමීප පිටපතක් නිසාත් ඊට හානියක් නොවන සේ යළිත් වරක් ‘සිකුරා’ නමින් වේදිකාවට ගෙන එන්නට තීරණය කළා. මේ සඳහා ‘සිකුරා’ වේදිකා නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු වු වෛද්‍යාචාර්ය බර්නාඩ් පතිරාජ මහතා මට අතුරුගිරියේ නාලක පෙරේරා පදනමේ සභාපති නාලක පෙරේරා මහතා හඳුන්වාදී එයට වැයවෙන මූල්‍ය පහසුකම් ලබාදීමට උපකාර කිරීම සිහිපත් කළ යුතුයි.

* පරිවර්තන නාට්‍යක් ඉදිරිපත් කිරීමට ඔබ පෙළඹුණේ ඇයි ?

වඩා හොඳ නිර්මාණයක් කිරීමට මා කලෙක සිට පිටපතක් සෙව්වත් එය ඉටුකරගැනීමට නොහැකිව සිටින මොහොතක මට මේ ‘සිකුරා’ පිටපත ලැබුණා. 1988 සිට මම විලියම් ෂේක්ස්පියර් කේන්ද්‍රයට සම්බන්ධවී ‘ඔතෙලෝ’, ‘මැක්බර්ත්’, ‘හැම්ලට්’ වැනි පරිවර්තන වේදිකා නාට්‍යවල රඟපා තිබුණු බැවින් මේ පරිවර්තන නාට්‍ය කිරීමට මම පෙළඹුණා කීවොත් නිවැරැදියි.

මෙම පිටපතේ තිබෙන සුවිශේෂ තාවයන් ලෙස මම දකින්නේ අරියරත්න විතාන මහතා ලාංකික අනන්‍යතාවය රැකෙන පරිද්දෙන් ඉතාම දක්ෂ ලෙස ‘සිකුරා’ පිටපත පරිවර්තනය කර තිබෙනවා. මෙය හාස්‍ය උත්පාදිත නාට්‍ය වුණත් එහි තිබෙන ආදර්ශවත් හා උසස් බව නිසා උසස්පෙළ විභාග විෂය මාලාවටද ඇතුළත් කර තිබෙනවා. ‘සිකුරා’ වේදිකා නාට්‍ය සදහා පාත්‍ර වර්ගයා තෝරා ගැනීමේදී මම ඉතාම ඕනෑකමෙන් කටයුතු කළ අතර ඒ සදහා දක්ෂ රංඟන ශිල්පීන් කණ්ඩායම තෝරාගත්තා.

* ඉකුත් සමයේ වේදිකා නාට්‍ය නිර්මාණය නොවීම රංඟන ශිල්පීන්ට පාඩුවක් නේද ?

ඔබ පවසන දේ හරි. ශ්‍රී ලංකාවේ රංගනය ඉගැන්වීමේ ආයතනයක් නොමැති බැවින් රංගන ශිල්පීන්ට ඒ සඳහා අධ්‍යාපනයක් ලබාගත හැක්කේ වේදිකාවෙන්. ධම්ම ජාගොඩ, දයාන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වැනි ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවන් රංඟන ශිල්පීන්ට දොරගුළු විවර කළ නිසා එදා දක්ෂ රංගන ශිල්පීන් රැසක් බිහිවුණා. නමුත් දැන් ඒ රටාව අහෝසි වෙලා දක්ෂ රංඟන ශිල්පීන් අපට නොලැබෙන බව වර්තමාන ටෙලිනාට්‍ය දෙස බලනවිට පේනවා.

එබැවින් රංගනයට පැමිණෙන යෞවන යෞවනියන්ට මේ පිළිබඳ අවබෝධයක් හා වුණමනාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඉදිරි ගමන ඉතාම පටු බව පැහැදිලියි. මේ රටේ අවාසනාවකට මෙන් එක රැයින් කලාවීරයන් බිහිකිරීමට ඇතැම් මාධ්‍ය ක්‍රියා කරනවා. ඉන් කලා ක්ෂේත්‍රයට විය හැකි හානිය කල්පනා කර නැහැ. එබැවින් මේ මාධ්‍ය හසුරුවන අය හා රජය එක්වී වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ නැවතත් හැටේ, හැත්තෑවේ දශකයේ තිබූ කලා ප්‍රබෝධය ඇතිවිය හැකියි කියා මම විශ්වාස කරනවා.

* වේදිකාව තුළ ප්‍රේක්ෂකයින් රඳවාගන්න කුමන වැඩපිළිවෙළක් සකස්විය යුතු ද ?

වේදිකා නාට්‍ය පෙන්වන ශාලා ගාස්තු හා ප්‍රවේශ පත්‍ර ගාස්තු අඩුකොට වැඩි ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය ශාලා තුළට ගෙන්වීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. රටේ පැවැති කලබලකාරී යුද වාතාවරණය දැන් නොමැති නිසා ඊට හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ලක්වැසි ජනතාවට සාමයෙන් නිදහසෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදාකර දුන් රණවිරුවන්ට උපහාර දැක්වීම පිණිස ලබන සැප්තැම්බර් මස (11) දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වෙන ‘සිකුරා’ වේදිකා නාට්‍යයේ දර්ශන වාර දෙකක් රාගම පුනරුත්ථාපන රණවිරු සෙවණේ සිටින ආබාධිත රණවිරුවන්ටත් පාසැල් දරුවන්ටත් පෙන්වීමට අපි තීරණය කළා. ‘සිකුරා’ වේදිකා නාට්‍ය නිර්මාණය කිරීම සඳහා හවුල් වූ ෂෙල්ටන් මිහිදුකුල සූරිය මහතාවද මම මේ අවස්ථාවේ සිහි කරනවා.

READ MORE - වේදිකාවට ‘සිකුරා’ ලබලා...