ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු
මේ දිනවල තිරගත වන බෙනට් රත්නායක සිනමා නිර්මාණයක් වන “ඉර හඳ යට” සඳහා තම රංගන දායකත්වය ලබාදෙන ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සරසවිය සමඟ කළ කතා බහකි මේ.
“ඉර හඳ යට” චිත්‍රපටයට ඔබ සම්බන්ධ වීම කොහොමද සිද්ධ වුණේ
යුද්ධය දරුණුවට කෙරීගෙන ගිය කාලෙක තමයි මේකේ පිටපත මගේ අතට ලැබුණේ. දවසක් අපේ ගෙදර ආව බෙනට් රත්නායක මහත්මයා පිටපත මගේ අතට දීලා මේ චරිතය කියවලා බලලා කරන්න කැමැති නම් කියන්න කියලා කිව්වා. පිටපත කියවගෙන යද්දී මට කරන්න තිබුණු චරිතය ගැන මා තුළත් පැහැදීමක් ඇති වුණා. රඟපාන්නත් කැමැති වුණා.
ඔබේ චරිතය මොන විදිහටද තේරුම් ගත්තෙ?
ම නිරූපණය කරන්නේ එල්.ටී.ටී.ඊ යේ අරමුණ වෙනුවෙන් අවංකවම කැපවුණු තරුණියකගේ චරිතයක්. මුලදී අවංක අරමුණක් වෙනුවෙන් එකට ගොනුවුණු ඒ සංවිධානයේ නායකකාරකාදීන් පස්සෙ තමන්ගෙ මුල් අරමුණ අමතක කරලා.
තම තමන්ගෙ අරමුණ කරා යන්න ගන්නවා. නමුත් ඒ මුල් අරමුණ වෙනුවෙන් කැපවුණු කාන්තාව ඒ වෙනුවෙන් කැපවන ආකාරය විශ්වසනීය ආකාරයෙන් ගොඩ නගා තිබුණා. යථාර්ථවාදී නිරූපනයකට ඉඩක් තිබුණු නිසා මම ඒ චරිතයට කැමැති වුණා. ඒ චරිතය අන්තවාදී නොවී සාධාරණ විදිහට නිරූපණය කරන්න උත්සහ කළා. ඒක කොච්චර සාර්ථකද කියන එක තීරණය කරන්න වෙන්නෙ පේ‍්‍රක්‍ෂකයන්ටයි.
දැන් ඒ චිත්‍රපටය බලද්දී මොකද හිතෙන්නෙ
ලස්සන පිටපතක් මත පදනම් වුණු චිත්‍රපටයක් බව මට හැෙඟනවා. මේකේ සිද්ධි මාලාව තව තවත් ගොනු වුණා නම්. සංස්කරණය වුණා නම් හොඳයි කියලා දැන් මට හිතෙනවා. එහෙම වුණා නම් එය නරඹලා එළියට එද්දි දැනෙන හැඟීම මීට වඩා ප්‍රබල වෙන්න තිබුණා.
සුළු චරිතවලට පවා ප්‍රබල ශිල්පීන් යොදාගෙන චිත්‍රපටයේ පදනම ශක්තිමක් කරන්න අධ්‍යක්‍ෂවරයා උත්සහා කරනවා කියලයි මට හිතෙන්නෙ. හොඳ චිත්‍රපටයක් කරන්න අධ්‍යක්‍ෂවරයා සෑහෙන උත්සහයක යෙදුණා. ඒකට කැමරාකරණය පැත්තෙනුත් හොඳ සහයක් ලැබිලා තියෙනවා. එක කැමරා ශිල්පියාගේ දක්‍ෂකමක් නිසා ඒ ගෞරවය ඔහුට හිමිවෙන් න ඕන.
ඔබට ලැබෙන චරිතයක් භාර ගැනීම තීරණය වෙන්නෙ?
මම හුඟක් කැමැති සමාජ යථාර්ථයට. ඇත්ත කතා කරන චිත්‍රපටවල රඟපාන්න. චරිත නිරූපණය භාර ගත්තම ඒ චරිතය මගේ ඇඟ ඇතුළේ වැඩ කරන්න ගන්නවා. දැක්මත් සහිත චරිතයක් නම් ඒ වගේ චරිත කරන්න වැඩි කැමැත්තක් තියෙනවා. සමාජයට යමක් දෙන්න පුළුවන් චරිතයක් නිරූපණය කරන්න තියෙනවා නම් රංගන ශිල්පියකුට ලැබෙන තෘප්තිය වැඩියි. චරිතයට සාධාරණයක් කළ හැකි දැක්මක් ඇති චරිතයක් නම් මම ඒක භාර ගන්නවා.
චරිත නිරූපණය ගැන ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?
චරිත නිරූපණයක් කියන්නෙ තමන්ගෙ අත්දැකීම් සහ තමන් විශ්වාස කරන දැක්ම කියන දේත් තමන් නිරූපණය කරන චරිතයට එකතු කරන දෙයක්. තමන් දරන මතයක් ඇතුව නිරූපණය කරන චරිතයක් තමයි වඩාත් ආර්ථවත් වෙන්නෙ. නළුකම පින්සලක් නම් දැක්මක් ඇතිකොට ඒ පින්සලෙන් අඳින සිතුවම වඩාත් අර්ථවත් වෙනවා.
චරිත නිරූපණයත් එහෙමයි. තමන් තුළ තියෙන හැකියාව දැනුම හා දැක්ම කැටි කරලා තමන්ට ලැබෙන චරිතය පෝෂණය කරලා යම් චරිතයක් ප්‍ර‍්‍රතිනිර්මාණය කිරීම තමයි චරිත නිරූපණයක් හැටියට ගන්න වෙන්නෙ.
මෙරට සිනමා කෘතියක් පිටරට සම්මානවලට පාත්‍රවීම ගැන?
ඕනෑම නිර්මාණයකට විදේශ සම්මානයක් ලැබීම සතුටට කාරණයක්. ඒක අපි දියුණුයි අපිත් ඒ තරග තුළ ඉන්නවාය කියන එකට ලැබෙන පිළිගැනීමක්.
ඒ තුළ තමන් ඇගයීමකට ලක්වෙනවාය කියන කාරණයත් වැදගත්, මොකද ලෝකයට පොදු තේමාවක්, ලෝකයේ ඇගයීමට ලක්වීම වගේම ඒ සඳහා වන සංචාරයකින් ශිල්පීන් ලබන නවමු ඇත්දැකීම් හා දැනුම ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ. නමුත් සම්මානයක් ලැබීම නිසාම යම් නිර්මාණයක් අතිශයින්ම සාර්ථකයි කියලා කියන්න බැහැ.
සම්මාන පිටරට සිනමා වෙළෙඳ පොළ තුළ ඉඩක් හැදෙනවාට වඩා මෙරට පේ‍්‍රක්‍ෂකයන් අද්දා ගන්න යොදා ගන්න බවක් පේනවා නේද?
මට හිතෙන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ යම් කඩා වැටීමක් තියෙන නිසා ටෙලිවිෂන් එකෙන් මේ පේ‍්‍රක්‍ෂකයා ගලවා ගෙන සිනමාව වෙත ඇද ගන්න ඒක හොඳ දෙයක්. නමුත් සිනමා කෘතිය සම්මානයට පාත්‍ර වෙන්නෙ මොන අරමුණින්ද කියන දේ ගැනත් අපට හිතා බලන්න වෙනවා.
ලෝක සිනමා ධාරාවන් එක්ක අපිත් ඒ ගමන යනවද කියන ප්‍රශ්නය ගැන අපට හිතා බලන්න වෙනවා. පිටරට සම්මානයක් නිසාම ලංකාවේ මාර්කට් වේවියි කියලා කියන්න අමාරුයි. ඒ නිසා ලෝක සිනමා ධාරා හඳුනාගෙන ඒ ගැන අවබෝධයක් ඇතිව අපේ පේ‍්‍රක්‍ෂකයා ඉහළට ඔසවා තබන්න උත්සහා කරන්න ඕන. ඒ සඳහා විදෙස් ඇගයීම් හේතුවක් වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.
අපේ රටේ සිනමාව කඩා වැටෙන්න බලපානවයි කියන හේතු ඔබ දකින්නේ මොන විදිහටද?
දියුණු රටවල මිනිස්සුන්ව කුඩා කාලයේ සිටම හොඳ පේ‍්‍රක්‍ෂකයෙක් වෙන්න, පාඨකයෙක් වෙන්න පුරුදු පුහුණු කරනවා. කාන්ස් චිත්‍රපට උළෙලේ උදේවරුවේ ළමුන් පාසල් නිල ඇඳුම පිටින් විශාල වශයෙන් එක්ක ගෙන එනවා. එහෙම කරන්නෙ ඒ අයට පුංචි කාලෙම රස වින්දනය හුරු කරන්න ඕන නිසා.
සමහර රටවල අඩුම ආදායම් ලබන කෙනෙක් පවා මාසෙකට චිත්‍රපට කීයක් බලනවද කියලා සමීක්‍ෂණය කරනවා. ඒකෙන් පුළුවන් සමාජයක රසවින්දනය මැන ගන්න. අපේ පුංචි කාලෙත් අපව පාසල්වලින්ම චිත්‍රපට, නාට්‍ය එහෙම බලන්න එක්කගෙන යන ක්‍රමයක් තිබුණා. නමුත් පස්සෙ කාලෙක කලාව රසවිඳිමේ ඒ සංස්කෘතිය පාසලෙනුත්, සමාජයෙනුත් ඈත්වෙලා ගියා.
අපේ රටේ ඇති වුණු බොහොමයක් සමාජ සංස්කෘතික කාරණ මේ කඩා වැටීමට හේතුවෙනවා ඇති. පස්සේ කාලෙක අපේ රසවින්දනය අවදි වෙන්නත්, අපි නිර්මාණ කරණය පැත්තට යොමු වෙන්නත් මේ ලබපු අත්දැකීම් හේතුවක් වුණා.
නමුත් අද වෙනකොට එහෙම තත්ත්වයක් සමාජයේ දකින්න නෑ. රූපවාහිනිය නිසාම සිනමාව කඩා වැටුණා කියනවට වඩා මේ පැති ගැනත් හිතන්න ඕනය කියලයි මට නම් හිතෙන්නෙ.
0 comments:
Post a Comment