----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ජෝති අතීත මතකයෙන් ඇසෙන අපූරු කතාවක්

Sunday, September 5, 2010

දින කිහිපයකට පෙර ජෝති ගේ කකුලෙහි ඇති වූ ආබාධය මේ වන තුරුත් සුව වී නොතිබිණි. ඒ හේතුව නිසාම අජන්තා පැමිණියේ ජෝතිව ගීත පටිගත කිරීමකට රැගෙන යාමටය. මාලිගාවත්තේ නිවෙසට වී මඳ වේලාවක් බලා උන් අජන්තා ජෝතිගේ පැමිණීමත් සමඟ ගමන පිටත්වීමට සූදානම් වූයේ සතුටිනි.

‘මහත්තයා අද මට රෙකෝඩින් එකට යන්න බෑ වගේ’.

‘ඇයි ඒ?’

‘මේ කකුලෙ අමාරුවත් එක්ක මට ටිකක් අපහසුයි’.

‘ඉතිං සින්දු කියන්නේ කකුලෙන් නෙවෙයිනෙ මහත්තයා’.

‘ඒක ඇත්ත මට නිකං බෑ වගේ’.

‘ඒක හරි යන්නෙ නෑ. සුජාතා නංගිත් ඉන්නව බලාගෙන’.

‘ඒකත් එක ප්‍රශ්නයක් තමයි. සුජාතා නංගිට තනියම සින්දුවේ කෑල්ල කියල යන්න කියමු. අපි පස්සෙ ගිහිං මගේ කෑලි ටික කියල දාමු’.

‘එහෙම බෑනෙ මහත්මයා, මේ සින්දුවල හැඟුම්බර බව එන්නෙ දෙන්නම කියද්දී.

අජන්තාට උවමනා වූයේ කෙසේ හෝ ජෝතිව ගීත පටිගත කිරීමට රැගෙන යාමටය.

‘මේකයි මහත්මයා සුජාතා නංගිත් එක්ක සින්දු කියද්දී බේරෙන්න බෑ බනිනවනෙ. පොඩ්ඩක් වැරදුණොත් කෑ ගහනවා. අනෙක මට කතා කරන්නෙ ළමයො කියලනෙ’.

‘ඉතිං ළමයො කිව්වම මොකද?’

‘නෑ ඉතිං මට වැඩිය සුජාතා නංගි බාලයිනෙ’

‘ඔව්, ඒ තමයි සුජාතාගෙ හැටි. මට කතා කරන්නෙත් ළමයො කියල’.

‘ඒ වුණාට මචං මට නිකං මදිකමක් වගේනෙ ළමයො කිව්වම’.

‘නෑ, නෑ සුජාතා එහෙම කියන්නෙ ආදරේට’.

කෙසේ හෝ අජන්තා ජෝතිව කැමැති කරවා ගනිිමින් පටිගත කිරීමට යාමට පිටත් වූයේය. ඉන් පසුව මරදානට පැමිණි මිතුරන් දෙදෙනා කොළඹ ආනන්ද විද්‍යාලයට ඉදිරියෙන් පිහිටුවා තිබෙන පිරවුම්හලට ගොඩ වැදුණේ රථයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහාය. රථයට ඉන්ධන පුරවාලන අතරතුර යාබද මෝටර් රථයේ සිටින ධර්මදාස වල්පොලයන් අජන්තාට කතා කළේ මිතුදම නිසාමය. අජන්තා සමඟ කතා කරමින් උන් ධර්මදාස, ජෝති දුටුවේ මඳ ප්‍රමාදයකට පසුවය.

ධර්මදාස වල්පොල දුටු ජෝති රථයේ හිඳගෙනම ඔහු සමඟ කතා බහ කළේය. ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව ධර්මදාස වල්පොලයන් මරදාන දෙසට ගමන් කළ අතර අජන්තා ගමන ඇරැඹුවේ පුංචි බොරැල්ල දෙසටය. පුංචි බොරැල්ලේ පාලු ස්ථානයක රථය නැවැත් වූ අජන්තා ජෝති දෙස බැලුවේ දැඩි කේන්තියෙනි.

‘උඹ නං මාර බඩුවක් තමයි’

‘ඇයි ඒ?’ ධර්මදාස අයිය මහත්තයට වැඩිය කොච්චර සීනියර්ද?’

‘ඉතිං . . .’

‘ඉතිං කියන්නෙ ඒ මිනිහ කොච්චර නිහතමානිද’

‘මොකක්ද මහත්තයා ඒ කතාවෙ තේරුම?’

‘නෑ . . . මහත්තයට තිබුණා ධර්මදාස අයිය එක්ක නැගිටල බැහැල ගෞරවයෙන් කතා කරන්න’

‘ඔව් ඒක ඇත්ත’

‘ඇයි ඉතිං එහෙම නොකළේ?’

‘එහෙම නොකළෙද . . . එහෙම නොකළේ් මෙන්න මේක නිසා’

ජෝති උළුක්කු වී ඉදිමී තිබූ කකුළ අජන්තාට පෙන් වූයේය. අජන්තාට ඒ මොහොතේ තරු විසි විණි.

තමාගේ අතපසුවීමට සමාව ඉල්ලූ අජන්තා නැවත කතා කරන්නට පටන් ගත්තේ ශබ්දාගාරයේදීය. ජෝති ඉතාමත් අපහසුවෙන් ශබ්දාගාරයට ගොඩ වූයේය.

‘මේ මහත්මයා . . . සුජාතා නංගි ඉන්නවා. පොඩ්ඩක් වැරදුණොත් ඉවරයි. ඒකනෙ මං කිව්වෙ වෙනම වොයිස් කරමු කියලා’.

සුජාතා දුටු ජෝති උන්නේ තැතිගැන්මෙනි.

ජෝතිත් අජන්තාත් ශබ්දාගාරයට ගොඩ වෙද්දී හිඳගෙන උන් සුජාතා මොකද ළමයො උනේ’ කියමින් ජෝති වෙතට පැමිණියේ සහෝදර ළැදියාව නිසාමය. ‘ඕකනෙ මං කිව්වෙ ළමයො කියනව කියල’.

ජෝති අජන්තාගේ කණට කෙඳිරුවේය.

‘එහෙනං මං කියන්නද ළමය කියන්න එපා කියල’.

අජන්තා ජෝතිගෙන් ඇහුවේ මුමුණමිනි.

‘අම්මෝ එපා, මට බයයි’.

ජෝති අජන්තාට කිව්වේ සිනාසෙමිනි.

එසේ ඇරැඹුණු ජෝති - සුජාතා යුගය අදට ද අමරණීය සිහිවටන තබමින් අප අතරේ පවතී.

මේ එදා ජෝති - සුජාතා ගැයු යුග ගීයයි.

ජෝති – විල මැද ඕලු නෙළුම් පාට රුවින් රඟන රැඟුම්

පිපුණා සේ මහදේ ප්‍රේම හැඟුම්

සුජාතා - මේ වාගේ මිහිරි දවස්

ගෙනාවේද කුමන පොතකින් කවි පෙළකින්

කලිනුත් අසා තිබේ මෙවැනි කියුම්

ජෝති – නිලුපුල් නීල නුවන් පුර හඳ වන් මුහුණ ඔබේ

සුජාතා - කිවිඳුන් ඔය උපමා පුරාණයේ කියා තිබේ

ජෝති - මොණරුන් පිල් කළඹේ රුව සැරසූ මුහුණ ඔබේ

සුජාතා - කිවිඳුන් ඔය උපමා පුරාණයේ කියා තිබේ

ජෝති – තිසරුන් උකුළු විලේ රඟන රඟේ ලලිත ලතා

සුජාතා - පාඩම් පොතක තියේ ඔහොම කතා

0 comments:

Post a Comment