----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004

Sunday, August 29, 2010

හුලවාලී චිත්‍රපටයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ දක්ෂ රගපෑමක යෙදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ධර්ම ශ්‍රී මුනසිංහයන් නළුවෙකු මෙන්ම අති දක්ෂ තිරනාටක රචකයකු ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු හා හඬ කැවීම් ශිල්පියකු ලෙසද ක්ෂේත්‍ර කීපයකම විශිෂ්ටත්වයට පත් වූ කලා කරුවෙක් විය.

1930 මාර්තු 01 වැනිදා මහනුවරදී උපත ලැබූ ධර්ම ශ්‍රී 1952 දී ලංකා ගුවන් විදුලි සේවයේ ලිපිකරුවෙක් ලෙස සේවයට බැඳී ළමා පිටිය, ග්‍රාමීය සන්ධ්‍යාව, ගුවන් විදුලි රඟමඩල වැනි වැඩසටහන්වලට සම්බන්ධ වී පසුව මොනරතැන්න, මුවන් පැලස්ස, ගජමුතු, මුදලි මංකඩ, ආදී අතිශය ජනප්‍රිය නාට්‍ය මාලා 23 ක් පමණ රචනා කළේය.

බිනරමලී චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඔහු හුලවාලි චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හඳුනා ගැනීමත් සමඟ සිනමා තිරනාටක රචනයට ද පිවිසෙමින් මයුරිගෙ කතාව, මුවන් පැලැස්ස, තවලම, බාඳුරා මල්, රෑ මනමාලි, ඇතුළු 1982 දී මහත් ආන්දෝලනයකට තුඩුදුන් සාගරයක් මැද චිත්‍රපටයේ තිර කතාවද ලීවේය. එම වසරේ හොඳම තිර රචනයට හිමි සරසවිය සම්මානය ද හිමිකරගත් ධර්ම ශ්‍රී රූපවාහිනියේ ප්‍රථම ප්‍රාසංගික ටෙලිනාට්‍යය වූ දිමුතු මුතු නාට්‍යය රචකයාද විය.

එතැනින් නොනැවතුණු මුනසිංහයන් නයිල් නදී කුමාරි, සැප දුක හාරන මීයෝ, පරිසරයේ හිත මිතුරෝවැනි කාටුන් වැඩසටහන් ගණනාවක්ද රූපවාහිනියට පරිවර්තනය කළ අතරම පිනෝකියෝ, මල්ගුඩි දවස, ඔෂීන්, රොබින්සන් ආන්දරය වැනි නාට්‍ය රැසක සිය හඬ මුසු කළේය.

එකම නාට්‍යයේ විවිධ චරිත වලට විවිධ හඬවලින් හඬදීමේ උපන් හැකියාවක් තිබූ මේ අසහාය කලාකරුවා 2004 අගෝස්තු 28 වැනිදා සියලු කලාවන්ට විරාමය තැබීය.


1 comments:

Anonymous said...

Dharmasri uncle... mata Voicing kiya dun obata pin sidu wewa...
Dayabara Puthek.....

Post a Comment