----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සමනළියක් තනිවෙලා.....

Saturday, June 16, 2012

‘භාග්‍යා’ ජූනි කලාපය නිකුත් වේ!


නැවුම් සඟරාමය ආස්වාදයක් පාඨකයාට ලබා දෙනු පිණිස පළවන ‘භාග්‍යා’ මාසික සඟරාවේ අලුත්ම කලාපය දැන් නිකුත් වී ඇත. දක්ෂ ලේඛක ලේඛිකාවන් වන තරංගා දිසානායක (ප්‍රාර්ථනා සිහිනේ), ඇන්ටන් ප්‍රසාද් සමරනායක (කළු නැට්ටුක්කාරි), ජෝජ් රොබ්සන් ද සිල්වා (සමනළියක් තනිවෙලා), සංජීවනී අටුළුගම (සඳක් සේ පායා) ලියන රසබර නවකතා ‘භාග්‍යා’ සඟරාවට ඇතුළත් වෙයි.


READ MORE - සමනළියක් තනිවෙලා.....

‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී


‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් සිංහල නාට්‍ය ඉතිහාසය (1867 සිට 1911 දක්වා) අළලා ලියන ලද ‘සිංහල නාට්‍යයේ විකාශනය’ නම් වූ ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය පසුගියදා එළිදුටුවේය. මහාචාර්ය කාරියවසම් සිංහල නාට්‍ය ඉතිහාසය අළලා මෙහි ඉතිරි කොටස් දෙක ද මීට ඉහත ලියා ඇත. ‘විසි වසරක නාට්‍ය හා රංග කලාව‘ (1911 – 1931), ‘විසිපස් වසරක නාට්‍ය හා රංග කලාව‘ (1932 – 1956) එම කෘති දෙකය. මේ සියලු ග්‍රන්ථ මරදානේ එස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන වන්නේය.
READ MORE - ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී






‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී


පූජ්‍ය හත්පෝරුවේ චන්දරතන හිමියන්ගේ ගී පද සංකල්පනා ඇතුළත් ‘සඳ මඬලක් සේ’ සංයුක්ත තැටිය දොරට වැඩීමේ ගී සරණිය මේ මස 23 වන දා සවස 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වේ.
ශාස්ත්‍රවේදී පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළේ විශේෂ දේශනය රෝහණ බැද්දගේ ශූරීන් විසින් පවත්වනු ලබන අතර, රෝහණ බැද්දගේ, ජගත් වික්‍රමසිංහ, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ජානක වික්‍රමසිංහ, සෝමසිරි මැදගෙදර වැනි ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පිනියෝ රැසක් මෙම අවස්ථාවට ගී ගැයීමෙන් දායක වෙති.
READ MORE - ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී

ඔෂීන් යළිත්

(කොළඹ, ලංකාපුවත්) –
කලෙක මෙරට ළමා පරපුර මෙන්ම වැඩිහිටියන් ද අමන්දානන්දයට පත් කළ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව  ජාතික රූපවාහිනියෙන් යළි විකාශය කෙරේ.

ජපානයේ එන්. එච්. කේ. රූපවාහිනිය නිෂ්පාදනය කර ලොව රටවල් 60ක රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව සතියේ දින පහේම පස්වරු 06.30 සිට 07.30 දක්වා විකාශය කෙරෙනු ඇත.

විසිවන සියවසයේ මුල් භාගයේ ජපානයේ ජීවත්වූ දුගී ගොවි පවුලක දිරිය ගැහැණියකගේ කතාව මෙම නාට්‍ය මාලාව තුළින් නිරූපණය වේ. එසේම ඔෂීන් නාට්‍යමාලාවට පාදක වන්නේ ජපන් කාන්තාවක් වුවද එය මුළුලෝකයේම කාන්තාවන් මුහුණ දෙන සමාජ අත්දැකීම් පොදුනේ නිරූපණය කරනු ලබයි.

අතිශය සුන්දර සහ ආදර්ශවත් කතා මාලාවක් වන ඔෂීන්, දස වසරකට පසු මෙලෙස ළමා පරපුරට පිදෙනුයේ ජපන් ලංකා මිත්‍රත්ව පදනමෙන් ලද තිළිණයක් ලෙසිනි.

Lanka puwath
READ MORE - ඔෂීන් යළිත්

තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැනීම් 30 වනදා


(කොළඹ -ලංකාපුවත්) ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන ජනසන්නිවේදන පාඨමාලාව සඳහා අභ්‍යසාලාභීන් බඳවා ගැනීම මෙම මස 30 වෙනි දින  පෙ.ව.9.00ට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පුහුණු අංශයේදී පැවැත්වේ.
මෙම පාඨමාලාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැනට නියුතු සහ ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රයට පිවිසිමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට හා පාසැල් තුළ ජනසන්නි‍වේදනය විෂය හදාරනු ලබන සිසුන්ටද  හැදෑරීය හැක.
‍එසේම පාඨමාලාව සඳහා අයදුම්කරන්නන් අයදුම්පතක් සමඟින් ජාතික හැඳුනුම්පත,අධ්‍යාපන සහතික සහ කුසලතා පිළිබඳ සහතික සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය යුතුය.

Lanka Puwath
READ MORE - තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැනීම් 30 වනදා

නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ

නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ


සිසිල් සමඟ උණුසුම් කතාබහක්




සිසිල් ගුණසේකර වරින් වර අපට හමු වන්නේ වේදිකාවේ පෙළහර පෑ අධ්‍යක්ෂවරයකු ලෙසිනි. විදෙස් රටක ජීවිතය ගෙවුවද ඔහු අපේ වේදිකාව අත් නොහළ බව සහතික වන්නේ මේ දිනවල ඔටුණු සමඟ නැවත සිසිල් වේදිකාවට ආදරය කිරීම හේතුවෙනි. හෙට ටවර් රඟහලෙන් ගමන් අරඹන ඔටුණු ගැනත් අපේ රටේ වේදිකා නාට්‍ය කලාව ගැනත් සිසිල් සමඟ කළ උණුසුම කතාබහකි මේ.
* කලකට පස්සේ ඔබ නැවත වේදිකාව සමඟ. එතැනින් මේ කතාබහ අරඹමු.
ඔව් . . . මම මෙවර ලංකාවට ආවේ ටෙලි නාට්‍යයක් කරනවා කියන අරමුණින්.
නමුත් අද ටෙලි නාට්‍ය පත් වෙලා තිබෙන තත්ත්වය දිහා බැලුවම එතනට වැටෙන්න මට හිත ඉඩ දුන්නේම නැහැ. ඒ නිසා නැවතත් සුපුරුදු පූජනීය වේදිකාවට ගොඩ වෙන්නට සැලසුම් කළා.
මම පිළිගන්නේ තවමත් මිනිස්සු කැමති සජීවී කියන දෙයට. සජීවී කියන කලාවේ තියෙන දේ වෙන කිසිම දෙයකින් සන්සිඳුවන්නට බැහැ.
මම ඩිජිටල් කියන තාක්ෂණය පිළිගන්නේ නැහැ. හැම දේම ඩිජිටල් වුණත් අපි ජීවත්වෙන්නේ සජීවි ලෝකයක. ඒ නිසාම නැවත වේදිකාවට ගොඩ වෙන්නට හිතුණා. ඒ අරමුණ ඇතුවයි ඔටුණු හැදුවෙ.
* ඔටුණු මොන වගේ තේමාවක් ගත් කතාවක්ද?
මේක අනුවර්තනයක්. නිවුන් සහෝදරයන් දෙදෙනකු සහ කාන්තාවක් අතර හට ගන්නා අවුලක් තමයි ඔටුණු තේමාව. පැය දෙකක් තිස්සේ වේදිකාවේ මේ අවුල නිරාකරණය කිරීම තමයි සිදු වන්නේ.
* අද වන විට එදාට සාපේක්ෂව ප්‍රේක්ෂකයා කාර්යය බහුලයි. ඔබ සිතනවද එදා වගේ අදත් ප්‍රේක්ෂකාගාරයට ඔබේ නිර්මාණය බලන්න සෙනඟ පිරේවි කියලා?
අද පමණක් නොවෙයි, එදත් ප්‍රේක්ෂකයා කාර්යය බහුල වෙලා හිටියා. නමුත් අපේ නිර්මාණ බලන්න රසිකයො පෝලිමේ ඇඳුණා.
හොඳ නිර්මාණවලට අදටත් අපේ රටේ හොඳ තැනක්, ඉල්ලුමක් තියෙනවා කියලා මං නොබියව කියනවා. මගේ නිර්මාණය ජනතාව අනිවාර්යයෙන්ම වැළඳ ගන්නවා කියලා විශ්වාසය අද වගේම හෙටත් මට තියෙනවා.
* අපේ රටේ රංග ශාලා ගැන සෑහීමට පත්වෙනවාද?
මට තිබෙන්නේ ඒ ගැන කණගාටුවක්. තවමත් අපේ රටේ රඟහල තිබෙන්නේ ඉතාමත් ඛේදනිය තත්ත්වයක. මේ පිළිබඳ වගකීම රටේ පාලන තන්ත්‍රයට දමන්න මං කැමැති නැහැ.
පාලන තන්ත්‍රයේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීම තුළින් අපට මේ ප්‍රශ්නයට සරල විසඳුමක් ලබා ගන්නට හැකි වේවි.
* මීට පෙර ග්‍රාමීය මට්ටමින් පාසල් ශාලා තුළ නාට්‍ය ප්‍රදර්ශනය කළ කාලයක් තිබුණා. අද නාට්‍යකරුවන් එවැනි දේ ගැන සිතන්නේ නැති බවක් පෙනෙනවා.
ඔව් . . . ඉස්සර අපි වහල තිබුණු ශාලා නැවත විවෘත කරලා පිරිසුදු කරලා නාට්‍ය පෙන්නුවා.
නමුත් අද ඒ කැපවීම නැහැ. ඔටුණු ඕනෑ තැනක පෙන්වන්න මං සූදානම්. මගේ අරමුණ ජනතාවට හොඳ සජීවි රසාස්වාදයක් ලබාදීමයි.
* අද නාට්‍ය පිළිබඳ බොහෝ ජනතාව දැනුවත් නැහැ?
ඒක හරි. එදා අපි ජනතාවට නාට්‍ය ගැන කිව්වේ බොක්කුවේ, කඩ පිල්, වත්තේ ගහපු පෝස්ටරෙන්. ඒත් අද ඒ දේ කරන්න බැහැ. මං උදාහරණයක් කියන්නම්.
මම ඔටුණු පෝස්ටර් කොළඹ දැන්වීම් පුවරුවල ඇලෙව්වා. ඉන් පස්සේ මං ටවුන්හෝල් එක ළඟට වෙලා පෝස්ටර් දිහා බලාගෙන හිටියේ මගේ මිතුරෙක් එනකල්. ඒ මොහොතේ ඇලවූ පොස්ටරය විනාඩි තුනෙන් මං ඉස්සරහම වැහුවා. සේල් එකකින් වෙළෙඳ භාණ්ඩයමක් ගැන තියෙන පෝස්ටරයකින් මගේ පෝස්ටරේ වැහුවනං දුක නැහැ. මගේ පෝස්ටරේ උඩින් ඇල වුණේ තවත් නාට්‍යයක පෝස්ටරයක්. මං ඒ උදවියට මං ගැන කිව්වා. ඒ වගේම ඒ පෝස්ටරයේ දැක්වෙන අධ්‍යක්ෂවරයාටත් කතා කරලා මේ වගේ අය පෝස්ටර් ගහන්න දාන්න එපා කියලත් කිව්වා.
මේකයි අද තත්ත්වය. ඉතිං කොහොමද ජනතාව දැනුවත් වෙන්නේ. අද නාට්‍යකරුවෝ සුන්දරයි කිව්වට සුන්දර නෑ.
* මේ රටාව වෙනස් කරන්න ඔබට බෑ.
ඔව්. මම ඒක දන්නවා. මම කියන්නේ පෝස්ටර් මාධ්‍යයට ප්‍රායෝගික ගැටලු තිබෙන නිසා නාට්‍යකරුවන්ට තමාගේ පණිවිඩය ගෙන යන්නට රූපවාහිනී නාලිකාවල සහනදායී මුදලට දැන්වීම් ප්‍රචාරයක් ලබා දිය යුතුයි කියලා.
අද ඇතැම් වේදිකා නාට්‍ය බිහි වන්නේ සම්මාන අරමුණු කොට ගෙන?
මොන සම්මානය ලැබුණත් ජනතාවගේ ප්‍රසාදය කියන සම්මානය නැතිනම් වැඩක් නැහැ. අනෙක මේ සම්මානවලට ලකුණු දෙන අය නාට්‍ය ගැන දන්නේ නැහැ. මං සම්මාන බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගන්නෙත් නෑ.
* ඔබ ඔස්ටේ‍්‍රලියාවේත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?
ඔව්. පසුගිය කාලයේ මගේ මැන්ඩෙලා නාට්‍ය ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය වුණා.
ඔස්ට්‍රේලියාවේ කලා කටයුතුවලට සෘජුව දායකත්වය දක්වන Sydwest Multicultural Services කියන ආයතනයේ ඉල්ලීම පරිදි මම මැන්ඩෙලා යළි නිෂ්පාදනය කළා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදෙස් නළු නිළියන් තමයි ඊට මම යොදා ගත්තේ. මේ නාට්‍ය බලල පැහැදුණු එම ආයතනය නගර මධ්‍යයේ මෙම නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට මට ආරාධනා කළා. නාට්‍ය පෙන්නුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. මැන්ඩෙලා හි කරන්නේ සුද්දන්ට බනින එක. මේක බලපු සුද්දෝ ඔවුන්ට බනිද්දි විසිල් ගහල හිනා වුණා. ඔවුන් මගේ නාට්‍යයේ විවේචන ඉතාමත් සුහදශීලීව බෙදා ගත්තා.
* බොහෝ විදේශගත වූ කලාකරුවන් අපේ නිර්මාණ හා ඒ ආශ්‍රිත පරිසරය සසඳන්නේ ඔවුන් ජීවත් වන දියුණු රටවල් සමඟයි.
මම තවම ජීවත් වන්නේ ලාංකිකයකු විදියට. ඒ නිසා ඒ බොරු මවාගත් චරිත මං ළඟ නැහැ.
ඔටුණු දායකත්වය ගැන කතා කරමු.
රොඩ්නි වර්ණකුල, මනීෂා නාමල්ගම, ප්‍රියන්ත සෙනවිරත්න, පියුමි බොතේජු, විශ්ව ලංකා, රෝහිත පෙරේරා සහ ෆර්නි රෝෂණී රංගනයෙන් දායක වෙනවා. ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන්ද, ගීත සහ ඇඳුම් නිර්මාණයෙන් මගේ දුව ඩිල්කා සමන්මලීත්, නිෂ්පාදනයෙන් මගේ බිරිය විමලීන්ද්‍රී කුමාරිත්, නිෂ්පාදන කළමනාකරණයෙන් චන්දන කුමාරත්, නිෂ්පාදන සහායෙන් බොනී ද ලියනගේත් මේ සඳහා මට ශක්තිය සපයනවා.
* ඔබ නැවත යා යුතුයි. නාට්‍ය අතරමඟ කඩා වැටෙයිද?
නෑ . . . මං වැඩ කරන්නේ වගකීමෙන්. ඒ නිසා මේ නාට්‍ය මඟදී කඩා වැටෙන්නේ නැති බව සහතිකයි.
* මෙතැනින් පස්සේ මොකද වෙන්නේ?
මං ප්‍රාර්ථනා කරනවා මට ටෙලි නාට්‍යයක් කරන්න නොලැබේවායි කියලා. ඊළඟට හිත සිනමාවට.

READ MORE - නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ

ලීසයි මමයි සමානයි

ආසියානු පැසිපික් රූ රැජණට තරග වදින ගයේෂා සමඟ කතාබහක්
අවට කඳුවල වැදී නැඟෙනා මඳ නලෙහි මුණු මුණුව සමඟ මුමුණන ළදැරියක්. දැලි කුණු දූලි ගෑවුණු ගවුම අපට සිහිපත් කරන්නේ ඒ වයසේදී ඇයට විඳින්නට වුණු අතෝරයන් ගැන. ඇයටත් වඩා උස වතුරපිරුණු පනිට්ටුව මේ පුංචි ළදැරිය උස්සගෙන එන්නේ අපහසුවෙන්.
අම්මෙක්, තාත්තෙක් නැති ඈ ගෙවන මේ දුක්ඛිත ජීවිතයට ආලෝකය ගේන්නේ නගරාධිපතිතුමා. ඇගේ මෙහෙකාර සේවයට දිගු නිවාඩුවක් දෙන ඔහු ළදැරියව හදා වඩා ගන්නේ තමන්ගේම දුවෙක් වගේ. ඈ ‘දූලි පින්තාරු’වේ ලීසා. කාලය ගෙවිලා ගියා. කාගෙත් හිත ගත්ත මේ අපූරු කෙළි පෙඩ්ඩ යුවතියක් වුණා. යුවතියක් ලෙසින් ඔබ හමුවට පැමිණි ඒ ලීසාව හොයා ගෙන අපි ගියේ හැව්ලොක්ටවුමට. ලැබුණු දුරකතන ඇමතුමට අනුව අපි ඒ ආසන්නයේම නතර වුණේ ඇගේ රුව දකින අදහසින්. ඒ ඇසිල්ලෙන් අසල තිබුණු රූපලාවන්‍යාගාරයෙන් එබිල බැලුවේ ලීසා. ඔබ හොඳින් හඳුනන ඈ ගයේෂා පෙරේරා.
‘ඉතිං ලීසා’
‘ ‘දූලි පින්තාරු’ හි ලීසාගේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වගේම ආදරය තවත් එවැනි වෙනස් චරිතයකට පිවිසීමට ලැබෙන ආරාධනයක් කියලයි මට සිතෙන්නේ. දූලි පින්තාරු ටෙලි නාට්‍යයයේ පිටපත මට ලැබුණේ මාස 06 කට කලින්. පිටපත කියෙව්වාට පස්සේ මම ලීසා ගැන සොය බැලුවා. ටෙලි නාට්‍යයට පාදක වුණු ‘ලේ මිසරාබ් ලේ’ කෘතියේ ලීසා පිළිබඳ පුංචි අධ්‍යයනයක යෙදුණා. ඒ වෙන කොට රූපවාහිනියේ විකාශය වුණු ‘මනුතාපය’ චිත්‍රපටය මා නරඹා තිබුණා.
එහි ලීසා පිළිබඳත් මගේ මතකය අලුත් වුණා. මේ ලැබුණු අත්දැකීම් සමඟ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන ලීසා කවුද කියලත් ඔහු මට පැහැදිලි කිරීමක් කළා. මේ සියල්ලේ එකතුවකින් සැදුණු තරුණ ලීසා කෙනෙක් තමයි ප්‍රේක්ෂකයා දැක්කේ. ඒ වගේම මා රඟපෑ චරිත අතරින් වඩාත්ම මගේ ආදරය දිනා ගත්තේ දූලි පින්තාරු හි ලීසාඈට මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී බොහොම සමීප බවක් ඇත කියා දැනෙන බවත් කියන්නම ඕන.’
ඒ කුමන අයුරින්ද?
‘තරුණ අවධියේ රඟපෑ චරිතයට මම පණ පෙවුවත් මගේ ළමා කාලය රඟපෑවේ සඳලි චූටි නංගියා. ඇගේ ස්වරූපයත්, මගේ ළමා කාලයේ ස්වරූපයත් එකට පෑහෙන්නේ නොසිතුව විදියටයි. ලීසා මට වඩාත් ළඟ බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්. මේ මොන දේ වුණත් ටෙලි නාට්‍යයෙහි පුංචි ලීසා තරම් මා දුක් විඳපු චරිතයක් නම් නොවෙයි.’
රංගනයට පිවිසෙන්නට පෙර ඈ ජාත්‍යන්තර රූ රැජින තරගයකට ඉදිරිපත් වුණු සුන්දරියක්. මේ අපූරු ආරාධනයට ඈ යොමු වෙන්නේ ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර. රූ රැජින තරගය අවසන් වී ගත වුණේ සතියක් වගේ කාලයක්. ගයේෂාගේ දුරකතනයට කතා කරන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ‘නිම්වළල්ල ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසෙන මට දිගින් දිගටම රඟපාන්නට ආරාධනා ලැබෙනවා. ඒ අතරතුරදියි 2009 වසරේ සංචාරක රූ රැජින තරගයට පෙනී සිටින්නේ. මේ සංචාරක රූ රැජින තරගයෙන් මට දක්ෂම රූමතිය වීමේ වරම් ලැබෙනවා. ඒ ජයග්‍රහණය එදා මට දැනුණේ මගේ ජයග්‍රහණයකට වඩා මගේ රට ලැබූ ජයග්‍රහණයක් විදියටයි.
මේ දවස්වලත් මා මේ කඩිමුඩියේ සූදානම් වෙන්නේ ලෝක ආසියානු පැසිපික් රූ රැජින තරගයටයි. මේ තරගයට මා යොමු කරවන්නේ යොරාකා එන්ටර්ටේට්මන්ට් ආයතනයේ ගෝමස් මහත්මියයි. ඔවුන්ගේ මූලිකත්වයෙන් ලැබුණු මේ තරගය මගේ ජීවිතයට තවත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්නයි මා මේ තරම් මහන්සි වෙන්නේ. තරගය සඳහා මා සමඟ රටල් 75 ක රූප රාජිනියෝ තරග වදිනවා. එහිදී මා ඉදිරිපත් වන්නේ මගේ රටේ නමින්.
රට ජයග්‍රහණය කිරීමේ මූලික වගකීම පැවරිලා තිබෙන්නේ මටයි. ඒ සඳහා රටේ අනන්‍යතාවන් හැඟෙන ඇඳුම් නිර්මාණය කරන්නේ චරිත්, දයානන්ද වගේම භාණු කියන මෝස්තර නිර්මාණකරුවන්. විවිධ අවස්ථාවන්වලදී ඉදිරිපත් කළ යුතු නර්තනයන් පිළිබඳ පුහුණු කරන්නේ චන්දන වික්‍රමසිංහ කියන මගේ නැටුම් ගුරුතුමා. අන් තරගවලදී වගේම මේ තරගයේදීත් ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් මට රටක් වටිනවා.’
රටේ අනන්‍යතාව විදහා දැක්වෙන ඒ විශේෂ ඇඳුම පිළිබඳ යමක් කිව්වොත්.
රටේ අනන්‍යතාවය මැවෙන ජාතික ඇඳුම මෙවර නිර්මාණය වෙන්නේ මොනර පිහාටුවලින් වීම විශේෂත්වයක්. මේ විශේෂ මොනර ඇඳුම පිළිබඳ ඔබට යමක් කිව යුතුමයි. බොහොම මහන්සියෙන් වගේම සුන්දර ආකාරයෙන් නිම කළ ඇඳුම වෙනුවෙන් මා රජයෙන් බලපත්‍රයක් ගත්තා. ඒ මේ සුන්දර ඇඳුම රැගෙන යන්න වගේම රැගෙන එන්නයි.’
පුංචි තිරය, රිදී තිරය කියන මාධ්‍ය දෙකම ඔබට නුහුරු නුපුරුදු නොවුණත් වේදිකාව තවමත් ඔබට ආගන්තුක තැනක් නේද?
‘රිදී තිරය පිළිබඳ කතා කරන කොට මගේ පළමු චිත්‍රපටය පිළිබඳත් යමක් කිව යුතුයි. ‘පියාඹන මාළුවෝ’ කියන චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ සංජීව පුෂ්ප කුමාර කියන අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටය මගේ රංගන ජීවිතයේ විශේෂ නවාතැන්පොළක්. අද වන විට අන්තර් ජාතික සම්මාන රාශියක් ලබා ගන්නට තරම් ‘පියාඹන මාළුවෝ’ චිත්‍රපටයට හැකි වෙලා. ඒක කොයි තරම් සුභ ආරංචියක්ද? මේ ගැන සිහි කරන විටත් මම චිත්‍රපටය වෙනුවෙන් කළ කැප කිරීම ගැන දැනේනේ සතුටක්.
.ඒ වගේම වේදිකාව ගැන කතා කළොත් වේදිකා රංගනයට පිවිසීමේ ආශාවක් මගේ සිත තුළ නලියනවා. නමුත් වේදිකාව කියන්නේ බොහෝ කාලය කැප කළ යුතු , වගකීම් රාශියකින් බැඳුණු තෝතැන්නක්. දක්ෂ රංගන ශිල්පීන්ගේ මුල නිර්මාණය වී තිබෙන්නේ එතැනින්. එතනට යන්න මා කැමැත්තෙන් සිටියත් ඊට හරස් වී ඇත්තේ කාලයයි. ආරාධනයක් ලැබුණොත් ඒ පිළිබඳ සිතා බැලීමට මා අදහස් කරනවා.’
‘පියාඹන මාළුවෝ’ චිත්‍රපටයේදී ගයේෂාට විවිධ වූ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු වුණත් ඈ ඒවා සාර්ථකව ජය ගත්තා.
එහෙම නේද?
‘එහෙම කියද්දී මගේ සිතට නැඟෙන්නේ චිත්‍රපටයේ එක ජවනිකාවක්. මුහුදට ඉදිරිපස තිබෙනා ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති යෝධ උස ගල මුදුණේ රූපගත කිරීමට තිබුණු ඒ අවස්ථාව බිය ජනකයි. අධ්‍යක්ෂවරයා ඒ ජවනිකාව රඟපාන්න පුළුවන්ද කියලා අහන කොටම මම දෙවරක් සිතුවේ නැතිව හා කියලා උත්තර බැන්දා. ගල මුදුනට නගින ගමන බොහාම දුෂ්කර වුණා. අනික් අයගේ උදව්වෙන් ගල තරණය කරමින් මම ගල මුදුනටම ගියා. සුළඟ බොහොම තදයි. සුළඟට කරකැවිලා දැන් දැන් මාව බිම වැටෙයි කියලා හිතුණත් ඒ සිතුවිල්ල යටපත් කරගෙන චරිතයට පිවිසෙන්න මා උත්සාහ කළා. ඒ කාරිය සාර්ථක වුණත් ඊළඟට ගලෙන් බිමට බහින්න කළ දහිරිය දන්නේ මාත් ඒ කණ්ඩායමත් විතරයි.’
මේ වන විටත් ටෙලි නාට්‍යය කිහිපයකට ගයේෂාට ආරාධනා ලැබිලා.
ලීසාගේ චරිතයෙන් පස්සේ රංගනයට පිවිසීමේදී ඔබ තෝරා බේරා ගෙන චරිත නිරූපණය කරාවිද?
‘රංගන කටයුතුවලදී මා නිර්මාණ භාර ගන්නේ වසරකට ටෙලි නිර්මාණ දෙකක් පමණයි. දූලි පින්තාරුවල වගේ යමක් කළ හැකි චරිතවලට යොමුවීමේ දැඩි පිපාසයකින් මා පෙළෙනවා. දෙනුවර කිරණ, සඳ එළිය, මිල්ලෑව වලව්ව කියන මගේ රංගනය රැගත් ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වේවි.’ මේ සියලු දේ අතර ඇගේ සිත ලෝක ආසියානු පැසිපික් රූ රැජින තරගය අසල නතර වෙලා.
‘මා උත්සාහ කරන්නේ අන් තරගකරුවන්ට හොඳ තරගයක් දෙමින් ආසියානු පැසිපික් රූ රැජින වන්නයි. ඒ සිහිනය හදවතෙහි සඟවා ගනිමින් පෙරටම යන්නයි.’
‘ඒ සිහිනය සිහිනයක්ම නොවී සැබෑවක්ම වේවා’ ගයේෂාගෙන් සමුගන්න මොහොතේ අප ඇයට පැවසුවේ හදවතින්මයි.
   Sarasaviya
READ MORE - ලීසයි මමයි සමානයි

ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.

විශිෂ්ටයන් දෙදෙනෙකු මැවූ ආදර දේවතාවිය වෛෂ්ණාවී

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතා සංකල්පයක්

ටෝනි රණසිංහගේ තිර රචනයක්

සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයක්


සුරංගනා කතාවක හෝ ජනප්‍රවාදයක ජීවත් වූ දේවතාවියන් පිළිබඳ බොහෝ සුන්දර කතා අපි අසා ඇත්තෙමු. ඔවුන් ගැන මතකයන් අප සිත් තුළ තැන්පත්ව ඇත්තේ ආශ්වාදජනක අන්දමිනි. මේ කතාවට ද පදනම්ව ඇත්තේ එවන් දේවතාවියකි. නමුත් ඇය මිහිකතට එන්නේ වෙනස්ම විලාශයකටය.
ඇයගේ නම ද අපූරු එකකි.
මේ දේවතාවියගේ රුව පළමුව සිතුවම් වන්නේ ශ්‍රේෂ්ටයකුගේ මනසේය. ඔහු ශ්‍රේෂ්ටයකු සේම සිනමාවේ අති විශිෂ්ටයෙකි. හෙළ සිනමා වංශ කතාව වෙනමම තැනකින් ලියන්නට පටන් ගත් මහා යුග පුරුෂයෙකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අසහාය සිනමාවේදියාණන්ගේ සිත ඒ දේවතාවියගේ කතාව බිහි වූ තිඹිරි ගෙය වූවේය. එතුමාණන් ඇය ගැන තතු විත්ති ටෝනි රණසිංහයන්ට කීවේය.
ඔහු එය මනසින් මනාව ග්‍රහණය කොට තිර පිටපතක් බවට පත් කළේය. ඒ සවිමත් සුසංයෝගයෙන් මැවූ දේවිතාවියගේ කතාව අධ්‍යක්ෂණය පැවරුණේ ද තවත් අග්‍රගණ්‍ය සිනමාවේ දියණියකටයි.
ඇය හෙළ සිනමාවෙ කිවිඳිය ලෙස විරුදාවලිය ලද සුමිත්‍රා පීරිස්ය. ඇය මේ සිනමා පබැඳුම තමාට අනන්‍ය ශෛලිියෙන් කැමරාවෙහි සටහන් කර ගත්තීය.
සිනමාවේ විශිෂ්ටයන් තිදෙනකු එක්ව මැවූ මේ දේවතාවිය මේ සටහන නිමාවන භාගයේදී නෙඅනුමානව ඔබට හමුවනු ඇත.
දේවතාවිය මෙලොවට ගෙන එන්නේ ඔසඳාය. ඔහු රූකඩ කර්මාන්තය තම ජීවිකාව කරගත් මාපිය සෙනෙහස අහිමි කාර්යශූර යෞවනයෙකි. පරම්පරාවෙන් ලැබුණු වෘත්තීයට අසාධාරණයක් නොකළ හෙතෙම සියුම්ව රූකඩ නෙළන ආකාරය විශ්මයජනකය.
ඔසඳා රූකඩ සන්දර්ශන ද පවත්වන අයකි. වැර වෑයමෙන් හරි හම්බ කරනා දෙයින් ඔහුත් ඔහුගේ එකම හිතෛෂියා වූ අත්තම්මාත් බත සරිකොට හැකි පරිදි ජීවත් වූවේය.
රුචිරා ඔසඳාගේ මාමණ්ඩියගේ දියණිය වූයේය. ඉඳහිට ඔසඳාගේ නිවසට ආගිය ඇය ඔසඳට දැක්වූයේ මෙතෙකැයි කියා කිව නොහැකි සෙනෙහසකි.
ගමෙහි තනිකඩ තරුණ තරුණියන් පිළිබඳ උනන්දුවන කපුවකු ඔසඳාට විවාහ යෝජනාවක් ගෙන එන්නේ මේ අතරතුරය. ලක්ෂ්මී නම් වන ඔසඳාට යෝජනා වන තරුණියට පෙම්වතකු සිටින බව කිසිවකු දැන සිටියේ නැත.
ඇයට සහකරුවකු සොයන්නේ මවුපිය කැමැත්තටය. ලක්ෂ්මීගේ තත්ත්වය නොදැන ඇයට ඔසඳා කැමැත්ත ලබා දෙන්නේ කැමැත්තෙනි.
ඔහු ඇයට සිතින් ප්‍රේම කරන්නට පටන් ගනියි. දිනෙන් දින මෝරා වැඩෙන ඒ ආදරයට ඔසඳා ආදරය කරන්නේ ජීවිතය දෙවැනි කොටය.
දින සති මාස ගෙවී ගියේ වේගයෙනි. ඔසඳාට අභාග්‍ය සම්පන්න ආරංචියක් ලැබෙන්නේ සර්වාංගයම සළිත කරමිනි. ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත. ආදරය උපන් තැනම මිය ගොස් ඇති වග ඔහුට දැනුණේය.
ඔසඳා මොහොතක් අජීවී රූකඩ අතර තනි විය. තමාත් රූකඩත් අතර කිසිදු වෙනසක් නැති වග ඔහුට දැනිණ. අවට පිරික්සා රුක් අත්තන කොට කැබැල්ලක් අතට ගත් ඔසඳා එය දෙතුන් වරක් ඒ මේ අත පෙරළිය.
දෑතට හුරු කුඩා කියත සහ නියන අතට ගත් හෙතෙම එය නොහික්මුණ ලෙසින් කපන්නට පටන් ගත්තේය. ක්‍රම ක්‍රමයෙන් එයින් අරුම රුවක් මතු වෙමින් පැවතිණ. ඒ රුව ඔසඳාගේ සිතෙහි ඇති චිත්ත රූපයක් වන්නට පුළුවන.
පැය ගණනක් ඔහු රුක් අත්තන කොටය සමඟ හරඹ කෙරුවේය. අවසන එයින් ඉස්මතු වූයේ රූ ශ්‍රියාවෙන් අනූන නාරි දේහයකි. එය ලක්ෂ්මීට අතිශය සමානය. එක්තරා මොහොතක ඒ අප්‍රාණික කාන්තා රුව කාමරයේ හුදකලා විය.
ඒ අජීවි රුවට අපේ කතා නායිකාව වූ දේවතාවිය ආරූඪ වී මෙලොවට වඩින්නේ ඒ මොහොතේය. වෛෂ්ණාවී නම් වූ ඇය සිතූ පැතූ සම්පත් දෙන දේවතාවියකි.
තමා මැවූ රූකඩය ප්‍රාණියකු වූ බව දුටු ඔසඳා තිගැස්සෙන්නේ කුතහලයෙනි. ඇයත් සමඟ වචනයෙන් ගනුදෙනු කරන හෙතෙම පියවරෙන් පියවර ඇයට සමීප වන්නේ ලක්ෂ්මී නොමැති වියෝව මඳක් හෝ පහ කර ගැනීමේ අටියෙනි.
ඇවැස්ස මස්සිනා දේවිතාවියකට පෙම් බඳින වග දැන ගත් රුචිරාගේ සිත අප්‍රමාණ සංවේගයක පැටලෙයි. මෙතෙක් තම සිත් ඔසඳා වෙනුවෙන් ඉපදී තිබුණේ කුමන ආදරයක්දැයි රුචිරාට වැටහීමට පටන් ගනියි.
එතැන් සිට මේ සිත් අතර ඇතිවන කතාව අප සිනමා කිවිඳියගේ දොළොස් වැනි සිනමා කාව්‍ය ඔස්සේ ගලා යන්නේ සුනිමල ගඟක් පරිද්දෙනි.
වෛෂ්ණාවි වූ ඒ සොඳුරු නිර්මාණය කතුහලයත්, විශ්මයත්, අපූර්වත්වයත් කැටි වූ එකකි.
මෙහි වෛෂ්ණාවිය ඔබ හොඳින් හඳුනන යශෝධා විමලධර්ම නිරූපණය කරයි. රූකඩ තනන්නෙකු වශයෙන් ගැඹුරු අධ්‍යාත්මික රංගනයක යෙදෙන්නේ සම්මානනීය නළු තුමිඳු දොඩම්තැන්නයි. වෛෂ්ණාවී ඔස්සේ රිදී තිරයට අලුත් මුහුණක් හඳුන්වා දෙයි. පුංචි තිරයේ ‘මලී’ වූ ඇය සමාධි අරුණි ඡායා වේ.
මේ තරුණ ප්‍රධාන ත්‍රිත්ව රංගන ප්‍රතිභාව මැද ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, වසන්ති චතුරාණි, ක්ලීටස් මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මහේන්ද්‍ර පෙරේරා, වැනි ප්‍රවීණයන් ද වෛෂ්ණාවී රංගනයෙන් විචිත්‍රණය කර තිබේ.

නිෂ්පාදනයට එක්වූ කණ්ඩායම:
නිෂ්පාදනය – ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට්
පුද්ගලික සමාගම වෙනුවෙන් මනෝ නානායක්කාර
කැමරාව - ඩොනල්ඩ් කරුණාරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
සංස්කරණය – චමත් පරණවිතාන
සහය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා, සතිකා වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර
කලා අධ්‍යක්ෂණය – උපතිස්ස ඉලංගකෝන්
අංග රචනය – ඊබට් විජේසිංහ
ඇඳුම් නිර්මාණය - සුරංගා විජයවික්‍රම
සෙසු නළු නිළියන්:
රොෂාන් පිලපිටිය, තෙසාරා ජයවර්ධන, ෂෙහාරා හේවදේව

READ MORE - ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.

සුදු නංගිට පත්වීමක්



පුංචි තිරයේ සුදු නංගි හෙවත් අයෝමි ශානිකා මේ දිනවල හරිම කාර්ය බහුලයිලු. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ වීම නිසා.
වසර පහක් තිස්සේ රංගන කටයුතු අතරතුර,අධ්‍යාපන කටයුතු හැදෑරූ අයෝමි දැන් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක්. වසර ගණනක් වෛද්‍යවරියක් වීමට මහන්සි ගත් සුදු නංගිට සරසවිය සුබපැතුම්.


READ MORE - සුදු නංගිට පත්වීමක්

බිමල්ට සැලියුට්

බිමල් ජයකොඩිට මේ දිනවල හරි හරි ඇබැද්දි සිදු වෙනවා. ගාමනී චිත්‍රපටයේ මේජර්ගේ චරිතය රූපණයට පසු ඔහුට එවැනිම හමුදා චරිතවලට හැම අතින්ම ආරාධනා ගලා එනවා. සංජය ගුණවර්ධනගේ අලුත්ම ටෙලි නාට්‍යයෙත් ඔහු හමුදා නිලධාරියෙක්.

දවසක් මෙහි රූගත කිරීම් කරන අතරතුර හදිසියකට හමුදා නිල ඇඳුම පිටින්ම නගරයට ඇවිත්. ඉහළ හමුදා නිලධාරියෙක් අසල සිටිනවා දුටු සාමාන්‍ය සෙබලුන් දෙදෙනෙක් එක පාරටම සැලියුට් කළා. මේ ඉහළ හමුදා නිලධාරියාගේ වෙස් අරන් තියෙන්නේ අපේ බිමල් ජයකොඩිනේ කියලා ටික වෙලාවක් කතාබස් කර සෙබලුන් යන්න ගියාලු.
මේ නාට්‍යයේම බිමල් රඟන හමුදා නිලධාරියා මැරෙන දර්ශනයක් හා මළ ගෙදර දර්ශනයක් තියනවා. සෙනඟ ගැවසෙන හන්දියක මෙය රූගත කිරීම් වෙලා තියෙන්නේ.
‘මේ යුද්ධය නැති කාලෙත් අපේ තරුණ හමුදා නිලධාරීන් මැරෙන්නේ මොන කරුමෙකටද’ කියල අහල පහලින් යන අයත් කියනවලු.
ටික වෙලාවක් ගියාට පසු තමා අර මහා සෙනඟට තේරිලා තියෙන්නේ මේ නාට්‍යයක කොටසක් කියලා. බිමල්ට දැන් ඒ පැත්තේ මිනිස්සුත් ගොඩක් ආදරෙයිලු.
READ MORE - බිමල්ට සැලියුට්

මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්

 

 

උමාලි චරිතයට ජපානයේ ඉහළ ප්‍රතිචාර

සිනමාපටය ශාලා 201 ක ප්‍රදර්ශනයට

දැවැන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතය


මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්


ජපානයේ තෝකියෝ නුවර නිනොන් සරසවියේ සිනමා අධ්‍යයනාංශයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළ මා හට එහි අංශාධිපති මහාචාර්ය සයිතෝ මහතා අපූරු පණිවුඩයක් ගෙනාවේය.
මෙවර අපේ අධ්‍යයනාංශයට අයදුම් කළ තරුණ පිරිසේ අපූරුවට කැපී පෙණෙන ශ්‍රී ලාංකේය කියා කියන ලස්සන කළු කෙල්ලක් සිටිනවා. ඇය ගැන ඔබ දන්නවාද?
මොකක්ද නම . . .
උමාරී තිරොකරතොන සන්.
ඒ කියන්නේ සිංහල භාෂාවෙන් උමාලි තිලකරත්න. ඔව්, මට ඇය සිහිපත් විය ඒ අරුංගල් ටෙලි නිර්මාණයේ විශිෂ්ට රංගනයක යෙදුණු උමාලි තිලකරත්න විය යුතුය.
චීන, ජපන්, කොරියානු කහ පාට කෙල්ලො කොල්ලො අතරේ සුරූපී උමාලි නිල් මැණිකක් සේ කැපී පෙනෙන බව ඇය විශ්ව විද්‍යාලයට තෝරා ගත් මහාචාර්ය මන්සුෂිමා මහතා පැවසීය.
මෙතෙක් මෙම විශ්ව විද්‍යාලයේ සිනමා අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු කළ එකම ශ්‍රී ලාංකිකයා මා වුණු බැවින් ඊළඟට සරසවියට පැමිණෙන උමාලි ගැන සතුටක් ඇති විය. ඇය ගැන නිර්දේශයක් ලියා දෙන්නැයි මහාචාර්ය සයිතෝ කළ ඉල්ලීම මම ඉතා ඉහළින් ඉටු කළෙමි.
ලෝකයේ විශ්ව විද්‍යාල අතර සිනමා කලාව හැදෑරීමට ඇති විශිෂ්ටතම අධ්‍යයන අංශයක ඇය සිනමා රංගනය පිළිබඳ දෙවන වසර සිසුවියක ලෙස කටයුතු ආරම්භ කළාය.
ඇයගේ තනියට එම සරසවියේම අධ්‍යයන කටයුතු කළ ‘සුසුරන්’ ටෙලි නිර්මාණයේ ‘මෝයි’ ගේ චරිතය රඟපෑ හීරගි නම් නිළිය මම ඇයට හඳුන්වා දුන්නෙමි.
උමාලි ආරම්භයේදීම නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙන අයි. එම්. ඕ. සමාගමට බැඳුණාය. වැඩි කලක් යන්නට පෙර මඑජිමා නළුවරණ කටයුතු කරන ජපන් මහතකු ඇය සොයා පැමිණියේය. උමාලිට ජපානයේ සිනමා පටයක ප්‍රධාන චරිත නිරූපණයට අවස්ථාව උදා වුණාය.
ඒ 2012 ජූනි 02 දින ජපානයේ විශාලතම සිනමා ශාලාව වන මිලනොෂා ඇතුළු සිනමා ශාලා 201 ක ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ ‘ෆයිනල් ජජ්මන්ට්’ ට්ත්‍රපටයේය. මසකි හමාමොතො අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ‘ ලීන්’ නමැති චරිතය පණ පෙවීම උමාලිගේ වගකීම විය. මියුරා කොතා රංගන ශිල්පියා සමඟ ඇයට රඟපෑමට ලැබුණු මෙම චිත්‍රපටය විශාල පිරිවැයක් දරා නිපදවන ලදී.
තෝකියෝවේ යෞවන යෞවනියන්ගේ පාරාදීසිය වන ෂිබුයා නගරය චිත්‍රපටයට කේන්ද්‍ර පසුබිම වෙයි. ඇතැම් දර්ශන ෆුකුෂිමා ප්‍රදේශයේ විශාල නිල් තිර මධ්‍යයේ ඉදිවුණු නිර්මිත පසුබිමක රූපගත කෙරුණේ කම්පියුටර් ග්‍රැෆික් තාක්ෂණය උපයෝගී කොටගෙන චිත්‍රපටය නිමැ වී ඇති බැවිනි.
සරසවිය පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න සහෘදයාණන් උමාලිගේ විස්තර ලියා දෙන්නැයි කළ ඉල්ලීමට අනුව මම උමාලිට දුරකථනයෙන් ජපානයට කතා කළෙමි.
‘මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ කරන කියන දේවල් ගැන නැවත නැවත සිතා බලන්නට මේ චිත්‍රපටය හේතු වෙනවා. මේ චිත්‍රපටය ඕනෑම මිනිසකුගේ යහපත් මානසික ආකල්ප වර්ධනයටත් ගුණාත්මක වශයෙන් හොඳ මිනිසකු බිහි කිරීමට හේතු වේවා.
ජපන් සමාජයේ නැති වී යන අන්‍යෝන්‍ය විශ්වාසය, ආදරය ගැන මෙහි කතා කෙරෙනවා. කොටින්ම කීවොත් මුළු ලෝකයම අවනත වන්නේ ආදරයට මිස බලයට නොවන දේශපාලනමය පැත්තකුත් මෙහි තිබෙනවා.
මිනිසා සකස් කිරීමට හේතු වූ ආගම පවා අද්‍යතන සමාජය භේද කිරීමට හේතු වී තිබෙනවා. නමුත් අනාගතයේදී සැමට පිහිට වන්නේ යුද්ධය නොව සාමයික ආදරය බව මෙහි පණිවිඩයයි.’
ලින් නමැති ඔත්තුකාරියගේ චරිතයට පණ පොවන උමාලි ඇයට ලැබුණු මේ අවස්ථාව ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නීය.
මෙම චිත්‍රපටය එහි නාමය වන ‘ෆයිනල් ජජ්මන්ට්’ නිසා කිතුණු සංකල්පයක් ලෙස හැගුණ ද බුදුන් වහන්සේ දේශනා කළ ධම්ම පදයේ එන ‘වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් වෛරය සංසිඳීය හැක්කේ මෛත්‍රියෙන්’ යන බුදු වදන මෙම චිත්‍රපටයට පාදක වී ඇති බව මගේ අදහසයි.
ආදරය දෙදරා යාම නිසා දෙමාපිය දූ දරු, ගුරු සිසු, බාල මහලු සබඳතාවල මානුෂීය පදනම මුළුමනින්ම බිඳ වැටේ. සමාජයේ එකිනෙකා අතර ආදරය ගිලිහී යාමෙන් සමාජයේ අන්‍යෝන්‍ය විශ්වාසවන්තභාවය බිඳී යෑමෙන් මුළු සමාජයම බිඳ වැටීම මහත් ඛේදවාචකයකි.
රටවල් අතර හොඳ හිත පලුදු වීම නිසා යුදමය වාතාවරණයක් ඇති වීම නොවැලැක් විය හැක්කකි. නමුත් අනාගතය සඳහා එසේ නොවීමට මේ පශ්චාත් නුතන සමාජයට ඇති වගකීම වටහා දීමට ආදරය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් චිත්‍රපටයේ ඉදිරිපත් කෙරේ.
ආදරය මුළු මහත් විශ්වයටම පොදු උතුම් ගුණයක් ලෙස මෙහි ඉදිරිපත් වෙයි. ‘කින් මිරයි යොගෙන්’ හෙවත් ‘නුදුරු අනාගතයට අනාවැකියක්’ යන්න ‘ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටයට තේමා වෙයි.
වෙනත් විදේශ බලවේගයකින් මුළු මහත් ජපානයම ආක්‍රමණය කරන බිහිසුණු සිදුවීමක් උපකල්පනය කරමින් චිත්‍රපටයේ ගොඩ නැඟීම සිදු වෙයි. 1912 ආරම්භ කළ ජපානයේ පැරැණිතම චිත්‍රපට බෙදා හැරීමේ සමාගමක් වන නික්කත්සූ සමාගම ඔවුන්ගේ වසර 100 ක සැමරුම ද මෙම චිත්‍රපටය බෙදා හැරීමත් සමඟ සිදු කිරීම ද විශේෂත්වයකි.
සීත සෘතුවක පුරා රූපගත කළ මෙම චිත්‍රපටයේදී ඉතා උසස් ගෞරවයට උමාලි පත් වූ බව ඇය ආඩම්බරයෙන් පැවසුවාය. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ නිළියක් විදේශ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එකම ආසියාවේ ඈත කෙළවරක ඇති ජපානය වැනි සුන්දර රටකදී රිදී තිරයෙන් ලෝකය දකින්නට හැකි වූ උමාලි නම් සුරූපිනියට අප සැමගේ ශුභාශිංසන පළ කරමු.


 
READ MORE - මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්

සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........

ප්‍රේමයේ නොනැසෙන මතකය අමතකව

මයිකල් සුක්සි අධ්‍යක්ෂ - “ද වාව්”
1973 පෙබරවාරි 14 වැනිදා උපන් මයිකල් නිව් යෝර්ක් සහ කොනෙක්ටිකට් හි දිවි ගෙවූවෙකි.අන්තර්ජාතික සබඳතා සහ නීතිය පිළිබද උපාධියක් ඇති හෙතෙම අහම්බෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි අයෙකි. 2009 දී තිරගත වූ ග්‍රේ ගාඩ්න්ස් ඔහුගේ පළමු සිනමාපටයයි. දෙවැන්න 'ද වාව්' ය. තෙවැන්න නම් කර ඇත්තේ රොසලින් නමිනි. එය ඉදිරියේ දී තිරගත වීමට නියමිතය. ගෝල්ඩන් ග්ලෝබ් සහ එමි සම්මානලාභියෙකු වන මයිකල් සිනමා තිර රචකයෙකු සහ නිෂ්පාදකයෙකු ද වේ.


ප්‍රේමය කෙතරම් තදින් හිතේ තැන්පත් වී ඇතිද? ඉසියුම් කල්පනාවන් තුළට කිදා බසිමින්, මතකය වර්ණවත් සිතුවමක් කරමින් යටි සිතේ තැන්පත් වී ඇතැයි සිතන ප්‍රේමය හදිසි අනතුරකින් වියැකී යා හැකි ද? බිරියට තම ස්වාමි පුරුෂයා අමතක වී යා හැකිද? ජීවිතයේ අර්ධයක් ගෙවුණු තැන මතකය නතරව තිබිය හැකි ද?
සිදු නොවිය හැකි එවන් හිඩැසක් පුරවා ගන්නට ළතෙත් ස්වාමි පුරුෂයෙකු කරන සටනකි මේ. සිනමාපටය 'ද වාව්' ය.තිරගත වූයේ 2012 පෙබරවාරියේ දී ය. ඇමෙරිකානු ඩොලර් 30 000 000 ක් වියදම් කර නිපැයූ මේ සිනමාපටය තිරගත වී පළමු සතිය ඇතුළත පමණක් උපයා දුන් ආදායම අමෙරිකානු ඩොලර් 41 202 458 කි. මේ වන තෙක් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් 125 014 030 කි. එනම් වාර්තාගත ආදායමකි.
පෙගී ලෙස රඟන රැචෙල් මැක් ඇඩම්ස් සහ ලියෝ ලෙස රඟන චැනින්ග් ටැටම් ගේ රංගනය වැඩි ලකුණු ලබා දිය හැකි තරම් ය. විශේෂයෙන් ම අති සංවේදී දෙබස් සහිත ය.එකිනෙකාට අතිශය පෙම් කරන යුවලක් තම මෝටර් රථයෙන් ගමනක් යන්නේ මහත් හඬින් කෑ කොක්සන් නඟමින් සිනාසෙමිනි. ඈ ඉමහත් ප්‍රීතියකිනි. ඈ කෙහෙරැල්ලක් අවුල් කරමින් විටින් විට ඈ වැළඳ ගන්නා ඔහු වඩාත් ප්‍රීතිමත්ය.
හාත්පස හිම වැටෙන අතර මාර්ගය හිම කිරම මෙන් ඉලිප්පීගෙනය.වින්ඩ්ස්ක්‍රීනය මත පතිත වී ඇති හිම තට්ටු එදින හැමූ හිම පතනයේ බරපතලකම පවසයි.සීතලෙන් ගැහෙන ඇගේ දෙ අත්ල තම දෙතොලේ උණුසුමෙන් සුවපත් කරන ප්‍රීතිමත් ස්වාමියා මෝටර් රථය අතරමඟ නතර කරන්නේ ඇගේ සුසුවඳ වත රිසි සේ නරඹනු පිණිස ය. ඈ සිඹිනු පිණිස ය. එහෙත් ඔවුන්ගේ ඉරණම එක් නොසැලකිලිමත් ට්‍රක් රථ රියදුරෙකු විසින් වෙනස් කර දැමීමට කලින් ම තීරණයක් ගෙන ඇති සැටියකි.
'දඩාං...!'
හැප්පීමක අවිනිශ්චිත කැළැඹීම ප්‍රේක්ෂකයා අත්පත් කර ගන්නා අතර මන්දගාමී රූපයකින් ඈ වින්ඩ්ස්ක්‍රීනය කුඩු කරමින් මෝටර් රථයේ බොනට්ටු ව මත පතිත වීම පෙනේ.දැන් ප්‍රේක්ෂකයා මහත් කැළැඹීමකිනි. අවිනිශ්චිතභාවයකිනි.
සිනමාපටය හරියට ම පටන් ගන්නේ එතැනිනි.ආදර කතාවක් නරඹන රසිකයාට අනවශ්‍ය තිගැස්මක් තිළිණ කරන අධ්‍යක්ෂකවරයෙකු හා කෝපයෙන් පුපුරමිනි.කතාව කියන්නේ ලියෝ ය.
එනම් පෙගී ගේ ස්වාමි පුරුෂයා ය. එහෙත් එසේ ආත්ම කථනයක් මෙවන් සිනමාපටයකට අත්‍යවශ්‍යද යන්න යළිත් සලකා බැලිය යුතු ය.කතාවක් කීමට වඩා කතාව බැලීමට රසිකයන්ට ඉඩ දීමට අධ්‍යක්ෂවරයාට තිබුණි. ඔහු ගේ අනවශ්‍ය මැදිහත් වීම නුරුස්සනා සුළු ය.
මයිකල් සක්සි අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයට නිෂ්පාදකවරු හත් දෙනෙකි.තිර රචකයන් තිදෙනෙකි. එනම් සිනමාපටය සෑදීමට අනවශ්‍ය තරම් සෙනඟක් හවුල් වී ඇත.
ඒ අනවශ්‍ය සෙනඟ විසින් අතොරක් දර්ශන මුළුමනින් ම විනාශ කර දමා ඇත.සමස්ථයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන වර්ගයේ සිනමාපටයක් වූ 'ද වාව්' සාර්ථක වී ඇත.
පෙගී තමන්ගේ උසස් පාන්තික ජීවිතය අත් හැර දමා නගරයට එන්නේ සිය පියා සහ තම යෙහෙළියක අතර පවතින සබඳතාවක් හේතුවෙනි. ඉන් හට ගත් කළකිරීමෙන් ඕ සැඟවීමට නගරය තෝරා ගනී.කලින් තීරණය කර ගත් ජීවිත ගමනක් යාමට සිතා සිටි පේජ් ගේ සර්ව සම්පූර්ණ ජීවිතය ඈ විසින් ම කඩා බිඳ දමා අලුතින් සකසා ගනී.
ඒ අලුතින් සකසන ජීවිතයේ විසාල ම කැබැල්ල ලෙස ඇගේ පෙම්වතා ලියෝ පෙනී සිටී. එවක් පටන්ප්‍රේමය ඔවුන්ගේ ජීවිත හරහා හමා යයි.
මූර්ති ශිල්පිණියක ලෙස පෙගී කටයුතු කරන අතර ලියෝ සංගීත පටිගත කිරීමේ ස්ටුඩියෝවක හිමිකරුවෙකි.ඔවුන් විවාහ වන්නට තෝරා ගන්නා ස්ථානය ද සිනහා උපදවයි. ඒ කෞතුකාගාරයකි.
යහළු,යෙහෙළියන් සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින අතර විවාහයේ චාරිත්‍ර විධි කරන්නා ලෙස පෙනී සිටින්නේ ද ඔවුන්ගේ යහළුවෙකි.ආරක්ෂක නිළධාරීන් එතැනට කඩා වදින්නේ මේ අතරතුර ය.මනාලියත්,මනාලයාත් මල් පොකුරු ඔසවාගෙන කෞතුකාගාරයෙන් එළියට දුවන අතර මහාමාර්ගයේ ස්වල්ප දුරක් ද ඔවුන් කුඩාවුන් මෙන් දිව යයි.
දැඩි නීති-රීති සහ සාම්ප්‍රදායික ජීවන රටාවකට කොටු වී සිටි පෙගී නිදහස ලබන්නේ ලියෝ තුළිනි.එහෙත් සියල්ල කණපිට හැරෙන්නේ රිය අනතුරත් සමඟ ය.
එවිටත් ඈ තම සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට ඔහු වෙතට නැඹුරු වෙනවා පමණි.ප්‍රේමයෙන් ඔවුනොවුන් කෙරෙහි ආශක්තව සිටි යුවළ අන්ත දෙකකට තල්ලු කර දමන්නේ ඉන් පසුව ය.
ඈ සිහි ලබන්නේ මතකයේ අවුරුදු ගණනාවක හිඩැසක් සමඟ ය.පෙර ජීවිතය මිසක වර්තමානය ඇයට මතක නැත.ඇගේ ප්‍රේමය ඇයට මතක නැත. ඇගේ ස්වාමි පුරුෂයාව ඇයට මතක නැත.
ඇගේ අලුත් ජීවිතය ගැන අංශුවකුදු නොදන්නා පෙගී විසිරී ගිය මතකය යළි එකතු කර ගැනීමට තැත් කරන්නේ වැරදි ක්‍රමයකට ය. ලියෝ මහත් අර්බුදයකය.ස්වකීය බිරිය තමාව නාදුනන බව කියන අතර සාමාන්‍ය ජීවිතයේ බොහෝ දෑ නුහුරු ලෙස දිවි ගෙවයි.
ඔහු තම බිරියව දිනා ගැනීමේ අසාමාන්‍ය අරගලයක නිරත වෙයි.ආදරය අමතක වීමකින් කෙලවර නොවන බව තදින් ම විස්වාස කරයි.
'ද වාව්' මේ වසරේ පැවත්වෙන සම්මාන උළෙල ද්විත්වයක ම විවිධ අංශ යටතේ නිර්දේශ වී ඇත.එම්.ටී.වී සම්මාන උළෙලේ හොඳම නළුවා,හොඳම සිනමාපටය සහ හොඳම සිප ගැනීම වෙනුවෙන් නිර්දේශිතය.
ටීන් චොයිස් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය,හොඳම නළුවා,හොඳම නිළිය යන අංශ යටතේද නිර්දේශ වී ඇත. 'ද වාව්' නිර්මිත වූයේ සත්යේ සිදුවීමක් ආශ්‍රයෙනි.කිම් සහ ක්‍රීකිට් කාපෙන්ටර් අතර ඇති වූ සිදුවීමක් ඇසුරෙනි.
මේ නමින්ම ලියූ පොත ඒ සඳහා මූලාශ්‍ර වී ඇත.ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් මාස 10 කට පසු සිදුවූ මෝටර් රථ අනතුරකින් ක්‍රීකිට් ගේ කෙටි කාලීන මතකය විනාශ වී ඇත.
අනතුරින් හට ගත් දැඩි කම්පනයත්,මොළයේ සෛලවලට වූ හානියත් නිසා අනතුරින් සුව වූ පසු ඈ තම ස්වාමියාව නාදුනන ලෙස හැසිරී ඇත.එහෙත් කිම් තුළ පැවති දැඩි ආදරය යළි ඔවුන් ප්‍රීතිමත් පවුලක් කිරීමට සමත් වී ඇත.එහෙත් කිසි දිනෙක ඇයට මතකය යළිත් ලැබී නැත. සත්‍ය කතාවක් ඇසුරින් තැනුණු 'ද වාව්' වඩා වැදගත් වන්නේ එහෙයිනි.
මෙවන් දේ සිදු වී ඇත.යළි යළිත් සිදුවනු ඇත.ප්‍රේමය මතකය සමඟ කරන ගණුදෙණු වියැකී ගිය පසුත් යමෙකුට එක සේ පෙම් කළ හැකි නම් මතකය තව දුරටත් ඔවුනොවුන්ට හිරිහැරයක් නොවනු ඇත.

READ MORE - සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........

‘ගෝනි එලුවා’

අද සිනමාවේ තියෙන්නේ ‘ගෝනි එලුවා’ සංකල්පය

මාලක දේවපි‍්‍රය නව පරපුරේ තරුණ සිනමාකරුවෙකි. ‘බහුචිතවාදියා’ ඔහුගේ කුලුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය වෙයි. මාලක මීට ඉහත කෙටි චිත්‍රපට 9 ක් නිර්මාණය කර ඇත. ‘ට්‍රාන්ස්ෆරන්ස්’, ‘ලයිෆ් සර්කල්’, ‘එක්ස්චේන්ජ්’ ඉන් කීපයකි. ඉන් බොහෝමයක්ම අන්තර්ජාතික සම්මානයන්ට පවා පාත්‍රව තිබීම සුවිශේෂත්වයකි.
ඔබ වෘත්තාන්ත සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ කෙටි චිත්‍රපට ඔස්සෙ?
මම කෙටි චිත්‍රපට හැදුවේ අතේ සතයක්වත් නැතුව. ඒවා ‘ලෝ’ බජට් මේ. ඇත්තටම ‘නෝ’ බජට්. පින්සල්, කැන්වස් හා වර්ණ නැතුව අඟුරු කෑල්ලකින් හරි ‘ආට්’ එකක් කරන්න පුළුවන් නම් සල්ලි නැතුව කෙටි චිත්‍රපටයක් කළ හැකි ය කියන තිර අධිෂ්ඨානයේ මං හිටියා.
ඒ අනුව මේ වන විට මං කෙටි චිත්‍රපට 9 ක් නිර්මාණය කරලා තියෙනවා. ඒවා අන්තර්ජාතික චිත්‍රපට උත්සවවලට යොමු වුණේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මැදිහත් වීමෙන්. මගේ කෙටි චිත්‍රපටවලට ජාත්‍යන්තර සම්මාන ලැබීමේ ප්‍රතිඵලයක් විදියට මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ජර්මනියට ගොස් සිනමාකරණය ඉගෙනගන්න.
කෙටි චිත්‍රපට කියන්නේ වෙනමම ශානරයක්. ඔබ ඒක දකින්නේ කොහොම ද?
ඔව්. ඒක වෙනමම ශානරයක්. අපේ රටේ කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ; කෙටි චිත්‍රපටයක් නම් එහි ධාවන කාලය අතිශයින්ම කෙටි විය යුතු ය යන්න. ඇත්තෙන්ම කෙටි විය යුත්තේ කාලය නෙමෙයි. එයින් අදහස් කරන්නේ සංක්ෂිප්ත බවයි. ක්‍රිස්ටොෆ් ක්‍රිසලොව්ස්කිගේ ‘ෂෝට් ෆිල්ම් එබවුට් ලව්’ කියන චිත්‍රපටය කෙටි චිත්‍රපට ශානරයට අයිතියි. එහෙත් එහි ධාවන කාලය පැයකට ආසන්න වෙනවා.
ඔබේ කෙටි චිත්‍රපට කොහෙන්ද බලන්න පුළුවන්?
මගේ හැම කෙටි චිත්‍රපටයක්ම අන්තර්ජාලයේ තියෙනවා. ඒ නැතුව අපට මේවා පෙන්වන්න වෙන තැන් නැහැ. ජර්මනිය වගෙ රටවල කෙටි චිත්‍රපට සඳහා විකල්ප ප්‍රදර්ශන මං තියෙනවා. උමං දුම්රියවල, බස් නැවතුම් පොළවල කෙටි චිත්‍රපට පෙන්වනවා.
ඔබ කෙටි චිත්‍රපට හැදුවේ විශ්ව විද්‍යාලයයේ ඉද්දි. අද විශ්ව විද්‍යාලවල එවැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් දකින්න ලැබෙනව ද?
අද විශ්ව විද්‍යාලවල දකින්න තියෙන්නේ බක්මහ සැණකෙළි, අක්ෂි සායන, වෙසක් තොරණ, ඩෙංගු මර්දන වැඩසටහන් වගේ දේවල්. ඉන් එහාට දෙයක් නැහැ. ඒක බරපතළ සමාජ අර්බුදයක්. අද මනුෂ්‍ය සම්බන්ධකම් කියලා දෙයක් නැහැ. එකිනෙකා ‘පාවිච්චි’ වෙනවා. එච්චරයි.
ඔබේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය කොහොමද නිෂ්පාදනය වුණේ?
මම ජර්මනියේ ඉද්දියි මෙහි තිර පිටපත ලිව්වේ. ආචාර්ය තිස්ස අබේසේකරගේ පුත් දිමිත්‍ර අමිතෝදන මට දුන් ඉඟියකට අනුව මං ඩිජිටල් ඒෂියා එන්ටර්ටේන්මන්ට්ස් සමාගම හිමි මනෝහන් නානායක්කාර සමඟ ඊමේල් ලිපි හුවමාරුවක යෙදුණා. සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’, ඩෙනිස් පෙරේරාගේ ‘ත්‍රී වීලර්ස් ඩයරි’ යන චිත්‍රපට ඔහු මීට ඉහත නිෂ්පාදනය කර තිබුණා. මනෝහන් මගේ තිර රචනය කියෙව්වා. අන්තර්ජාලය ඔස්සේ මගේ කෙටි චිත්‍රපට දැකලා තිබුණා. ඔහුට මා ගැන කිසියම් විශ්වාසයක් තියෙන්න ඇති.
ඇයි ඔබ ඔබේ තිර රචනය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත යොමු කළේ නැද්ද?
නැහැ. මොකද, චිත්‍රපට සංස්ථාව ගැන මගේ එතරම් විශ්වාසයක් නැහැ. එතැන තියෙන්නේ වැඩවසම් චින්තනයක්. ඔවුන් වැඩ කරන්නේ වෙන වෙන ඇජෙන්ඩාස්වලට අනුවයි.
‘බහුචිතවාදියා’ කවර තේමාවකින් යුතු චිත්‍රපටයක් ද?
මෙහි තේමාව සමකාලීන තාරුණ්‍යය. අද තරුණයන්ගේ බලාපොරොත්තු, සිහිනවල තියෙන්නේ අර්බුදකාරී විසිරුණු ස්වභාවයක්. නිශ්චිත වූ අදහසකට ගොනු නොවන බහුවිධ චින්තනයකින් දෝලනය වන ස්වරූපයක් තමයි මෙහි හඳුනාගන්න පුළුවන්. තාක්ෂණික ගෝලියකරණය තුළ සංස්කෘතිය ධනවාදය විසින් අත්පත් කර දෙනු ලැබ ඇති අන්තර්ජාලයේ විවිධ මාදිලි (ෆේස් බුක්, ස්කයිප් වැනි) භාවිතයට ගනිමින් ඔවුන් තම අපේක්ෂා, සිහින ඉටුකර ගැනීමට කරන්නා වූ වෑයමක් මෙහිදී දැකිය හැකියි.
ඔබ ‘බහුචිතවාදියා’ තනා ඇත්තේ ඩිජිටල් තාක්ෂණයෙන්. ඩිජිටල්වලින් හදන චිත්‍රපට, සිනමාව නෙමෙයි කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා.
ඒක වැරදි අදහසක්. තමන් වැඩ කරන්නේ සෙලියුලොයිඩ්වල විතරයි, ඩිජිටල්වලින් වැඩ කරන්නේ නැහැ කියලා කියන අය මටත් මුණගැහිලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා අහනකොට ඔවුන් කියන්නේ සෙලියුලොයිඩ්වල තරම් හොඳ රෙසොලූෂන් එකක් ඩිජිටල්වලින් ගන්න බැහැලු. අන්තර් ජාතික චිත්‍රපට උත්සවවලදි ඒ අය බලන්නේ චිත්‍රපටයක ‘කන්සෙප්ට්’ එක මිසක් රෙසොලූෂන් එක නෙමෙයි. සිනමාවේ තියෙන්නේ සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප. වෙන ඉන්ද්‍රජාලයක් නැහැ. ‘කන්සෙප්ට්’ එකයි වැදගත්.
අද එළිදකින චිත්‍රපට දිහා බලද්දි ඔබට මොනවද හිතෙන්නෙ?
අපේ රටේ තියෙන එක් ප්‍රශ්නයක් තමයි ‘ආර්ට්’ කියන එකයි, ‘ක්‍රාෆ්ට්මන්ට්’ කියන එකයි වෙන්කර හඳුනා නොගැනීම. දැන් වඩුවෙක් ගත්තොත් එයා කලාකාරයෙක් නෙමෙයි; ක්‍රාෆ්ට්මන්ට් කෙනෙක්. එයා පුටු හදනවා; මේස හදනවා, කැබිනට් හදනවා. එයාට අයිඩිලොජි එකක් නැහැ. කලාකාරයෙක් වුණාම ඔහුට අයිඩියොලොජි එකක්, කිසියම් මතවාදයක්, දර්ශනයක් තිබෙන්න ඕනැ. අපේ රටේ වැඩිපුර ඉන්නේ ‘ක්‍රාෆ්ට්මන්ලා’ මිසක් කලාකාරයෝ නෙමෙයි. ඒ අය කරන්නේ ‘ආර්ට්’ නෙමෙයි.
මොකක් හරි කරලා ගාණක් කපාගන්නයි බලන්නේ. අද අපේ සිනමාවේ තියෙන්නේ ‘ගෝනි එලුවා’ සංකල්පය. එතැන එළුවෙක් නැහැ. නිකං ගෝනි ටිකක් එලලා තියෙනවා. අශෝක හඳගම වගේ සිනමාකරුවකුගේ පවා අද මම දකින්නේ අපගමනයක්. ඔහුගේ ‘ඉනිඅවන්’ කියන දෙමළ චිත්‍රපටය මම බැලුවා. ඔහු පවා මේකට අහුවෙලා. අද නව සංකල්පවල දරිද්‍රතාවයක් තියෙනවා. උදේට කෑවයි හවසට අරක්කු බීවයි කියලා අදහස් පහළ වෙන්නේ නැහැ.


READ MORE - ‘ගෝනි එලුවා’

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව


සිඳු පතුලේ කිමිද සැඟවී
නිල් දියඹ පීර පීරා
සොයමි නුඹව මා//
කිඳුරංගනාවියේ

නිදි යහනේ දී වුවත් තම පෙම්වතිය හා තුරුළුව සිටින්නට සිහින දකින මෙම පෙම්වතාගේ ශෘංගාරාත්මක සිහින ජවනිකාව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ‘සිඳු පතුළේ කිමද සැඟවී’ යන නමින් ඕනෑම අයෙකුට නැරඹීමට අවස්ථාව ලැබී ඇත. මුළුමනින්ම දිය යට රූගත කර ඇති මෙම සංගීත වීඩියෝව සම්මානනීය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනීගේ දෙවැනි සිනමා නිර්මාණය වූ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ ඇතුළත් ගීතමය දර්ශනයකි.
චිත්‍රපටය සඳහා රොමාන්තික ස්වභාවය වඩාත් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය වූ නිසා මෙවැනි වෙනස්ම ආරයක උපක්‍රමයක් යොදා ගත් බව ඉනෝකාගේ අදහසයි. ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සඳහා මෙවැනි සංගීත වීඩියෝවක් යොදා ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර මුළුමනින්ම දිය යට රූගත කරන ලද ප්‍රථම සංගීත වීඩියෝව ද වෙයි. මෙම චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රංගනයෙන් එක්වන උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම දක්ෂ නර්තන ශිල්පීන් හා කිමිදීමට ඇති දක්ෂතාව නිසාත් ඔවුන්ගේ ඒ දක්ෂතාවයෙන් මේ සිනමා කෘතිය සඳහා උපරිම ඵල ප්‍රයෝජන ගැනීමට මේ අවස්ථාව යොදා ගෙන ඇති බව ඉනෝකා අප හා පැවසුවාය.
ගීතමය ජවනිකාවක් රූගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නම් තෝරාගත් හෝ නිර්මාණය වූ ගීතයට අවශ්‍ය ලෙස රූගත කිරීම සිදු කිරීම වුවත් මෙම දර්ශනයේ ද පොදු ක්‍රමවේදය අබිබවා යමින් දින 06 පුරාවට පුහුණුවකින් පසු පැය 6 රූපගත කිරීමෙන් අනතුරුව ඒ දර්ශනයට ඔබින ගීතයක් නිර්මාණය කර පටිගත කර ඇත. මේ දර්ශන පෙළට ඉනෝකා කොතරම් ඇලුම් කළා ද යත් ඒ දර්ශනය වෙනුවෙන් පැයක් වැනි කෙටි කාලයක් තුළදී ඈ අතින් මේ ගීතයේ පද නිර්මාණයව ඇත.
මෙම ගීතය ඉනෝකාගේ තෙවැනි ගී නිර්මාණය වන අතර මෙහි තනුව හා ගායනයෙන් නදීක ගුරුගේ සහ නවක ගායිකාවක වන දේවශ්‍රී ද සිල්වා එක් වෙති. සංගීතයෙන් නදීක ගුරුගේ රුවන් වීරසේකර, ලෙලුම් රත්නායක, නාලක ජයසිංහ හා ලසන්ත කාරියවසම් එක් වී ඇත. විනාඩි 04කට නිර්මාණය වූ මෙම ගීතමය දර්ශනය සඳහා විශේෂිත වූ, කැමරා ආලෝකය, තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන ඇති අතර ඒ සඳහා චන්දන ජයසිංහ කැමරාකරණයෙන් එකතු වී ඇත. මෙම රූප දර්ශනය ‘දිය මුද්‍රා අංගයක්’ ලෙස නිර්මාණය කර ගැනීමට ඉනෝකාට අවශ්‍ය වී තිබුණ හෙයින් ඒ සඳහා නර්තන වින්‍යාසයෙන් උපදෙස් ලබාගෙන ඇත්තේ ගයාන් ශ්‍රීමාල් නමැති යොවුන් නර්තන ශිල්පියාගෙනි.


READ MORE - දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව

අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු

නයනා කුමාරි



වෙබ් අඩවිවල පළවන පුවත්වලට පිළිතුරු දෙයි



ඉතින් නයනා මේ දවස්වල තරමක් කාර්යබහුලයි වගේ?
මේ දවස්වල හුඟාක් මංගල උත්සව තිබෙනවා. විශේෂයෙන්ම මැයි, ජූනි, ජූලි මාස මංගල උලෙළ වැඩි වශයෙන් පැවැත්වෙන මාස. මේ නිසාම, මගේ සැලෝන් එකට හුඟාක් වෙඩින්ස් ලැබිලා තියෙනවා. මගේ සුරතින් මනාලියන් සෑහෙන පිරිසක් මේ දවස්වල මම හැඩ කරනවා. ඒ නිසා මාස දෙක තුනක් තිස්සේ ඉඳලම තරමක් කාර්ය බහුල ජීවිතයක් තමයි මම ගතකරන්නේ. සැලෝන් එකේ කටයුතුත් සමඟ තමයි වැඩිපුර කාලය ගතකරන්නේ.
මේ දවස්වල වැඩිපුරම ඔබ ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?
ගොඩාක්ම ටෙලිනාට්‍ය භාරගත්තේ නැහැ. නමුත් අලුත් ටෙලිනාට්‍ය තුනකටම රංගනයෙන් දායක වුණා. මම වැඩිපුරම පේන්න නැති වුණත් ඔය වෙබ් අඩවිවල මගේ චරිතය ඝාතනය කරමින් ඔය එක එක කතා යන්නේ.
ඇත්තටම මොකක්ද ඔබට හැදී තිබෙන කටකතාව?
ඔය කටකතා නවත්වන්න මට බැහැ. ඕව ඔහොම තමයි. මට කාලයක් තිස්සේම ඕවගේ පොඩි පොඩි කටකතා හද හදා තිබුණා. ඒත් ඒ දේවල්වලින් මමවත් මගේ සැමියාවත් පවුලේ කිසිම කෙනෙක් සැළුණේ නැහැ. මේ විදිහට මට මඩගහන එක මම දකින්නේ මගේ පවුල් ජීවිතය විනාශ කරන්න අටවපු උගුලක් විදිහටයි. මේ දේ කරන පහත් මිනිස්සු මීට පෙරත් මෙවැනි වැඩ කළා. නමුත් අද වෙන කොට ඒකෙ උග්‍රතම අවස්ථාවට තමයි මේ කටකතා ඇවිත් තිබෙන්නේ.
මේ අසත්‍ය දේවල් වෙබ් අඩවිවල ප්‍රචාරය වන විට ඔබේ සැමියා මොනවගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?
සුමිත් හැමවෙලාවෙම මාව අස්වසනවා. ඔහු හැමවිටම කියන්නේ මට ඔයා විශ්වාස නම් ඔයාට මාව විශ්වාස නම් ඒ ඇති කියලා. ඒත් මං ගැන නොදන්න සාමාන්‍ය රසිකයන් මේවා බලලා මං ගැන මොන වගේ ප්‍රතිරූපයක් හදාගන්නවද? ඒක තමයි මට තියෙන කනස්සල්ල. ඒ අය එක එක විදිහට තමයි මං ගැන හිතන්නේ. මොකද මම අද ඉන්න මේ තත්ත්වයට ආවේ ඉතාම දුක් මහන්සියෙන්. ඉතාම අහිංසක විදිහට. මට කටකතා මේ ක්‍ෂේත්‍රයේ ඇත්තටම හැදිල තිබ්බේ නැහැ. හැදුණෙත් නැහැ.
මේ ලෝකෙ ගැහැනියක් අහන්න පුළුවන් දරුණුම කටකතා තමයි දැන් මම අහන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ චරිතය ඝාතනය කරලා අසත්‍ය ප්‍රචාර පළ කරපු වෙබ් අඩවි අද මගේ මහත්තය ගෙ නමත් මේවාට ඈඳගෙන තිබෙනවා. මේ නිසා ඔහුත් කලකිරීමෙන් ඉන්නේ. අපේ ජීවිත විනාශ කරන්න මොන දේ කළත් අපි සැලෙන්නේ නැහැ. මම කියන්නේ මේ දේවල් කරන මිනිස්සුන්ටත් මේ අසත්‍ය ප්‍රචාරවලටත් පැවැත්මක් නැහැ කියලයි.
අපි ඉතාම හොඳින් සාමකාමීව ජීවත්වුණා. ඒ තුළ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපි ඒ හැම දේම හදාගෙන බොහොම සරලව අපේ ජීවිත අදටත් ගත කරනවා. ඒත් අද අපිට එල්ල කරන චෝදනා ඇත්තටම දරා ගන්න බැරි දේවල්. අද අපිට මේ දෙන ගින්දර මේ දේවල් කරන, මේ අසත්‍ය ප්‍රචාර පතුරුවන මිනිසුන්ටත් බුදු දහමට අනුව ලැබෙන බව මම දන්නවා. අනිවාර්යයෙන්ම ඔවුනුත් මේ විදිහටම විඳවාවි.
ඔබත් එක්තරා දේශපාලනඥයකුත් සම්බන්ධ කරගත් ඡායාරූපයක් එක් වෙබ් අඩවියක පළ වී තිබෙනවා නේද?
ඒක අමූලික බොරුවක්. ඒ පින්තූරෙ හදපු එකක්. ඇත්තටම මේ වැඩ කරන්නේ තමන්ගේ වෙබ් අඩවි ජනප්‍රිය කරවගෙන ඒ මඟින් යැපෙන තිරිසන් මිනිස්සු.
මෙවැනි කටකතා වර්තමානයේ බොහෝ නළු නිළියන්ට හැදෙනවා. ක්‍ෂේත්‍රයේ හිතමිතුරන් මේ ගැන දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද?
ක්‍ෂේත්‍රයේ හුඟ දෙනෙක් මේ ගැන දන්නවද කියල මම දන්නෙ නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රයේ කුණු හොයන පිරිසකුත් ඉන්නවා. මට මගේ මහත්තයා මව්පියො සහෝදර, සහෝදරියො, ළඟම යෙහෙළිය ගයාත්‍රි ඇත්තටම මේ දේවල් දරාගන්න මට ශක්තිය දෙනවා. ඔවුන් නිරතුරු මා අස්වසනවා.
දැන් ඔබේ පුතා තරමක් ලොකු ඇති?
ඔව්. ඔහු දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දැන් පුතාට අවුරුදු හතකට ළඟයි. අපි සාමාන්‍ය විදිහට ඉතාම සරලව පොළොවෙ පය ගගහලා ජීවත්වෙන පවුලක්. මගේ සැලෝන් එකේ වැඩ කටයුතුවලට මගේ මහත්තයා හුඟාක් උදව් කරනවා. එයත් දියුණු මට්ටමකට ගෙන එන්නට අපි උත්සාහ කරනවා. ඒ ඇරෙන්න වෙන විශේෂ දේවල් අපේ ජීවිත තුළ නැහැ.




READ MORE - අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු

කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ්ඩායමෙන් අලුත් වැඩක්....

Friday, June 15, 2012

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
කලාවට කැමති අය අපේ Academic players Group එකට එකතු කරන්න....... 
වරදින එකක් නෑ..... 
මොකද මේකෙ අනං මනං ඇත්තෙම නැහැ..... 
university of kelaniya

වැඩි විස්තර දැන ගන්න  එකතු වෙන්න

https://www.facebook.com/groups/academicplayers

READ MORE - කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ්ඩායමෙන් අලුත් වැඩක්....

සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී



සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සෑම වසරකම ප්‍රකාශයට පත් කරනු ලබන ‘සිනමා ශිල්පී දුරකතන නාමාවලිය – 2012’ කෘතිය මෙම වසරේත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්විණ.
නාමාවලිය මිලදී ගන්නන්ට එය ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දළුගම ‘සරසවි’ චිත්‍රාගාරයෙන් මිල දී ගත හැකිය. දුර බැහැර ජනතාවට මෙම නාමාවලිය මිලදී ගත හැක්කේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක අංශයට රු: 400/- ක් සමඟ ‘ගෙවන කාර්යාලය, ටොරින්ටන්’ ලෙස සඳහන් කරමින් මුදල් ඇණවුමක් එවීමෙනි.


READ MORE - සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී

සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

මෙරට ප්‍රකට රංගධරයකු හා ප්‍රවීණ නාට්‍ය කලා ආචාර්යවරයකු වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා ගේ 72 වන ජන්ම දිනය සමරා පැවැත්වෙන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකනය 17 වන ඉරිදා සවස 3 ට ටවර් රඟහලේ දී පැවැත්වේ.
සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය හා රංගන කලා මෙහෙවර අගැයෙන මේ වැඩ සටහනේ දී ‘සාලමන් නම්’ ඔහු ගේ චරිතාපදානය ද ‘අහිමි ජීවිත’, ‘සක්විති නික්මන’ නාට්‍ය රචනා දෙක ද එළිදැක්වේ. මාහාචාර්ය කාලෝ ෆොන්සේකා හා ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි දෙසුම් පවත්වන මෙම වැඩ සටහනේ දී සාලමන් ෆොන්සේකා ගේ රංග කලාව පිළිබඳ වාර්තා චිත්‍රටයක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත
ටවර් රඟහල පදනම සංවිධානය කරන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන ඉදිරිපත් කරනු ලබන්නේ මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි සහ පාලිත සිල්වා විසිනි.

READ MORE - සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

ලුම්බිණි රඟහලේ අවුලක් නෑ

ලුම්බිණි රඟහලේ අවුලක් නෑ

සුමනතිලක වීරසූරිය ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයේ ප්‍රථම මහජන දර්ශනය ‘අවුලක් නෑ’ මෙම මස 20 වැනිදා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවේ.
සේනක, සුනිමල්, කමල්, නිල්මිණි, ඩැනිං, ප්‍රින්සි, උබේවංශ, අංජලී, තුෂාර, ගිහාන්, රංගන, දිල්හාරා රංගනයෙන් දායක වන මෙම නාට්‍යයේ රචනය අනුර වීරවර්ධනයි.
READ MORE - ලුම්බිණි රඟහලේ අවුලක් නෑ

ආඩම්බරකාරයා ලුම්බිණි එයි


ආඩම්බරකාරයා ලුම්බිණි එයි

රංගන ශිල්පී සුමිත් රත්නායකගේ ‘ආඩම්බරකාරයා’ නවතම වේදිකා නාට්‍ය මෙම මස 16 වැනිදා සෙනසුරාදා හැව්ලොක්ටවුන්හි ලුම්බිණි රඟහලේ දී වේදිකා ගතවේ.
මෙහි සුමිත් රත්නායක, සුසිලා කෝට්ටගේ, පියුමි බොතේජු හා මධුකා මඩුවල ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වේ.
READ MORE - ආඩම්බරකාරයා ලුම්බිණි එයි

කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා

දුලානි අනුරාධා

‘සරසවිය’ට විශේෂයෙන් හෙළි කරයි

පෙම්වතෙක් ඉන්නවා. දැනට ඒ ඇති










කලාව, ඉතිහාසයට වඩා දාර්ශනික යැයි ඇරිස්ටෝටල් පඬිවරයා පවසා තිබේ. ඉතිහාසගත හුදු කතා ප්‍රවෘත්තියක්, මහා කලා කෘතියක් බවට පත් වන්නේ ඒ න්‍යායට අනුවය. නමුදු එවන් විශ්මිත පරිවර්තනයක් සිදු කළ හැක්කේ පරිණත කලාකරුවකුට පමණකි.
ලක් ඉතිහාසයේ වඩාත්ම අසාධාරණයට, අවමානයට පාත්‍ර වූ කුවේණිය, වත්මන් ලාංකේය ජන සමාජය වෙතට සුගත් සමරකෝන් කැටුව එන්නේ ගෞරවාන්විත හා ආදරණීය චරිතයක් විලසිනි. මිනීමස් බුදින යකින්නියක සේ මහා වංශයේ සඳහන් කුවේණිය සැබෑ මිනිස් දියණියක බව ශපථ කරමින් රිදී තිරය මත දිග හැරෙන ‘විජය – කුවේණි’ කතා පුවත ලාංකේය සිනමා වංශයට එක් කරන පොහොසත්කම සුවිසල්ය.
සැබැවින්ම කුවේණිය, අපේ ඉතිහාසයේ කිසි දිනෙක අප හැර නොගිය, හැර නොයන සෙවනැල්ලකැයි මට සිතේ . . .
එහෙම නේද?
අතීත කුවේණිය ගැන මම වර්තමාන කුවේණියගෙන් එසේ විමසමි. ඈ මුවට නැෙඟන්නේ මන්දස්මිතයකි. එය මනස්කාන්තය. අතිශයින්ම සොඳුරුය.
එක ඇත්ත. කුවේණිය අපේ හදවත්වල සදා ජීවමාන චරිතයක්. මම හිතන්නේ මේ ලක් දෙරණ පවතින තුරු ඇගේ මතකයත් යුගයෙන් යුගයට ජීවමාන වේවි.
වත්මන් කුවේණිය, අතීත කුවේණිය පිළිබඳ එසේ පිළිණ දෙන්නේ කිසියම් අභිමානයකින් හා ගෞරාන්විත හැඟීමකින් යැයි මට හැඟේ.
දුලානි අනුරාධා . . .
වත්මන් කුවේණිය ලෙසින් අතීත කුවේණියට මනා සාධාරණයක් ඉටු කළ සොඳුරු රුවැත්තිය. එපමණක් නොව සිය ප්‍රථම සිනමා රංගනයෙන් ‘හොඳම නිළිය’ ලෙස ‘සරසවිය’ සම්මානයෙන් පුද ලද පුණ්‍යවන්තිය.
ඉතින් දුලානි, මේ කුවේණි චරිතය රඟ දක්වන්නට ඔයාට අවස්ථාව උදා වුණේ?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා තිර පිටපත රැගෙන මා හමු වෙන්නට ආවා. මේක අපි කවුරුත් දන්න කතාවක්. මහාවංශය හරහා අපේ හදවත්වලට කිඳා බැස තිබුණේ කුවේණිය මිනීමස් කන යක්ෂණියක් විදිහටයි. නමුත් මේ තිර රචනයෙන් කුවේණියට ලොකු සාධාරණයක් ඉටු වී තිබුණා. ඒ නිසා මම මේ චරිතය රඟපාන්නට නොපැකිලව ඉදිරිපත් වුණා.
මේ රංගනය ඔබට අභියෝගයක් නොවුණා වෙන්න බැහැ?
පැහැදිලිවම, ඒක අභියෝගයක් වුණා. කුවේණි කියන්නේ මේ රටේ හැමෝම දන්න, අහලා තිබෙන චරිතයක්. ඈ ගැන මම අහලා තිබුණ දේවලුත් එක්ක අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ මේ චරිතය නිරූපණය කළා. තිර පිටපතෙන් වගේම ඇඳුම් පැළඳුම් හා වේෂ නිරූපණයෙනුත් කුවේණිය උපද්දන්න ලොකු දායකත්වයක් ලැබුණා.
මෙවැනි චරිතයක් සාර්ථක කර ගන්නට විශාල කැප කිරීමක් කරන්නට වෙනවා?
ඔබ කිව්වා වගේ හරිම කැපවීමකින් මේ චරිතය මම කළේ. දුෂ්කරතා ගොඩකට මුහුණ දුන්නා. මට විශාල කොණ්ඩයක් පළඳින්න වුණා. ඒක හිස මත දරාගෙන ඉන්න අපහසුයි. ඒ වගේම රජ ඇඳුම්. දුවන්න, පනින්න වගේම කඩු සටන් කරන්නත් සිදු වුණානේ. ඒ දේවල්වලට ලොකු වෙහෙසක් දරන්න වුණත් චිත්‍රපටය නරඹන කොට සිතට දැනුණේ සතුටක්.
ඒ සතුට ඔබේ හැකියාව වෙනුවෙන්ම ද?
මෙවැනි දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න ලැබීමම සතුටක්. මගේ රංගනය සම්බන්ධයෙන් ගත්තොත් සමහර තැන්වල මීට වඩා හොඳට රඟපාන්න පුළුවන්කම තිබුණා නේද කියලා සිතුණු අවස්ථා තිබුණා.
ඔබ කඩු හරඹයෙත් මනා දක්ෂතාවක් පිළිබිඹු කළා?
කඩු හරඹය අලුතෙන් ඉගෙන ගත්තා මේ චරිතය වෙනුවෙන්ම. විජය කුමාරයාගේ මුහුණ ළඟින්ම කඩු පහර කීපයක් එල්ල කරන්න තිබුණා. මට ලොකු බයක් දැනුණා රොජර් අයියාගේ මුහුණ තුවාල වෙයිදෝ කියලත්. ඒ අවදානමත් හිතේ දරාගෙනයි මම කඩු සටන් කළේ. නමුත් ඒ දර්ශන පෙළ සාර්ථකව රූගත කෙරුණා.
මේ චිත්‍රපටය පුරාම ඔබ ලොකු ජවයක්, ශක්තියක් මුදා හරිනවා?
මම නර්තනය හදාරපු කෙනෙක් නිසා ශරීරිය හැසිරවීම, සමබරතාව ගැන ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි මට කඩුවක් එක්ක නටන්න තිබුණනේ. ඒක නම් හරිම අසීරු කාර්යයක්.
ලාටා රටෙන් ලක් බිමට එන විජය කුමාරයාට අපේ රට, ජාතිය පාවා දුන් හැතිරියක් විදිහට ඇතැමුන් කුවේණිය හඳුන්වනවා. මේ චිත්‍රපටය පුරාම ඇයට විරුද්ධවාදීන් එල්ල කරන මුඛ්‍ය චෝදනාව එයයි.
කුවේණි තමන්ගේම රටේ කොන් වෙලා, හුදකලා වෙලා හිටියේ. ඇයට තමන්ගේම සනුහරේ අයගෙන් එල්ල වූ අපවාද, චෝදනා එමටයි. විජය කුමාරයා එන තෙක් ඇයට පිළිසරණක්, හව්හරනක් තිබුණේ නැහැ.
ඉතින් පිරිමියකුගේ ආදරයට, සෙනෙහසට ඈ කැමැති වෙනවා. අද වුණත් තරුණියක් විවාහ වෙන්නේ පිරිමියකුගේ ආදරය, සෙනෙහස අවශ්‍ය නිසානේ. තමන්ගේම රටේ කොන් වෙලා හිටපු කුවේණියටත් එදා ඒ මානුෂීය අවශ්‍යතාවය දැනෙන්නට ඇති. අපි කුවේණි දිහා බලන්න ඕනෑ ඒ සාධාරණ දෘෂ්ඨියෙන්.
කොහොම වුණත් ඒ ආදර සබඳකම් පලුදු වී, පවුල් සංස්ථා බිඳ වැටී අවසානයේ ඔවුන් වෙන් වෙනවා. කුවේණිය, විජය සිය මාළිගාවෙන් පන්නා දමන්නේ ඇයට දරුණු ලෙස පහර දෙමින්. අද සමාජයේත් මෙවැනි දේ බහුලව සිදු වෙනවානේ. මෙවැනි අත්දැකීමකට ඔබ මුහුණ පෑවොත්?
කවුරු හරි මාව එළවන්නේ එපා නිසානේ. එහෙම එළෙව්වොත් කුවේණි වගේම මමත් යන්න යයි. ආයෙත් එතැන රැඳිලා ඉන්න එකේ තේරුමක් නැහැනේ. හැබැයි මම නම් කාලයක් දෙයි ඔහුට මාව තේරුම් ගන්න. විජය වෙනුවෙන් ඈ සියලු දේ කැප කළා. කිසිම ඥාතියෙක්, සහෝදරයෙක් ඇයට සිටියේ නැහැ. විජය ඈ එලවා දැමූ අවස්ථාවේ කුවේණිය අන්ත අසරණභාවයට පත් වෙනවා.
අතීත කුවේණිය වෙනුවෙන් උපන් ශෝකී හැඟීමකින් වත්මන් කුවේණියගේ වුවන දුක්ඛ සෙයියාවකින් ඇළලී යන අයුරු මට පෙනේ. අතීත කුවේණිය එදා විඳී දුක්, ගැහැට, සංතාප, වේදනා වත්මන් කුවේණියගේ ඇට මිදුලුවලට පවා කා වැදී ඇති සැටියකි. ඉතිහාස පොතේ කුවේණිය විසි එක්වන සියවසේ ජීවමාන චරිතයක් බවට පත් කිරීමේ විස්මිත හැකියාව ඇයට ලැබුණේ ඒ හඳුනා ගැනීම නිසා යැයි මම කල්පනා කරමි.
කුවේණියට සාධාරණයක් කළ ඔබට පවා යම් අසාධාරණයක් වුණා?
ඔව්. ඇත්තටම මම ඒ ගැන මේ මාධ්‍යයකට හෙළිදරවු කරන ප්‍රථම අවස්ථාව. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් අන්තර් ජාලය ඔස්සේ අහම්බෙන් මම දැක්කා. එහි එක් රූප රාමුවක කිසියම් විකෘතියක් නැතිනම් මවාපෑමක් කර තිබූ නිසා මට ලොකු අවුලක් වුණා.
තවදුරටත් පැහැදිලි කළොත්?
චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබුණා මම උස් තැනක හිඳන් පනින. ඒ ජවනිකාවට මම ඇඳගෙන හිටියේ ටයිට් ෂෝට් එකක්. ඒත් ඒක ග්‍රැෆික් නිර්මාණයක් මඟින් වෙනස් කරලා මගේ දෙපා නිරාවරණය වෙන විදිහට ඉතාමත් කෙටි ඇඳුමක් විදිහට හදලා තිබුණා.
එවැනි කෙටි ඇඳුමක් ඔබ පාවිච්චි කළේ නැහැ?
නැහැ, කොහෙත්ම නැහැ.
වගකීමෙන් ද ඔය ප්‍රකාශය කරන්නේ?
ඔව්. ඉතාමත්ම වගකීමෙන්. මම ගුරුවරියක්. ඒ නිසා මේක මට විශාල ප්‍රශ්නයක්. මානසික පීඩාවක්.
අන්තර් ජාලයෙන් මේක දැක්කට පස්සේ ඔබ මොකද කළේ?
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කළා. පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට කියා ඔවුන් කිව්වා. නමුත් ඊටත් වඩා සුදුසු චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට මේක දැනුම් දීමයි කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහත්මාට මේ අවනඩුව ගැන කිව්වා. කරුණු විමසා බලා ඔහු මට දැනුම් දුන්නා චිත්‍රපටයේ එහෙම දර්ශනයක් තිබුණත් එය ප්‍රදර්ශනයට කලින් ඉවත් කළා කියලා.
මේ අකටයුත්ත සම්බන්ධයෙන් ඔබ කාටද ඇඟිල්ල දිගු කරන්නේ?
එහෙම කාටවත් ඇඟිල්ල දිගු කරන්න කෙළින්ම මට බැහැ. මොකද මේක කාගේ වුවමනාවට වුණ දෙයක් ද කියලා මම හරියටම දන්නේ නැති නිසා.
චිත්‍රපටයේ නිෂ්පාදක – අධ්‍යක්ෂ මේ ක්‍රියාවට වගකිව යුතු යැයි ඔබ හිතන්නේ නැතිද?
ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. මොකද සංස්කරණයේදී පවා මේ වගේ දෙයක් වෙන්නට පුළුවන්නේ. සමහර විට නිෂ්පාදක – අධ්‍යක්ෂ අපහසුතාවයට පත් කරන්න වෙනත් කෙනෙක් මේ වගේ වැඩක් කළා වෙන්නත් බැරි නැහැ.
චිත්‍රපටයේ හෝ පූර්ව ප්‍රචාරක පටවල මේ ජවනිකාව ඇතුළත් නොවුණ නිසා ඔබට එතරම් කලබල වෙන්න දෙයක් නැහැනේ?
ඔව්, නමුත් අන්තර්ජාලය ඔස්සේ තවමත් අර හොරට හදපු දර්ශනය දකිනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නය. නමුත් චිත්‍රපටයට රූගත කළ නියම දර්ශනයත් අන්තර් ජාලය ඔස්සේ ළඟදීම දකින්න ඔබට පුළුවන් වෙයි. එතකොට මේ කතාවේ ඇත්ත, නැත්ත කාටත් තේරෙයි.
ඒ පිළිබඳ විමසමින් ඈ තවත් වෙහෙසට පත් කළ යුතු නැතැයි මට සිතේ. රංගනය යනු ගෞරවණීය වෘත්තියකි. කිසිවකුª විසින් මෙවැනි නොහොබිනා ක්‍රියාවක් සිදු කළේ වී නම් එය එක් නිළියකට පමණක් කළ අවමානයක් නොව සමස්ත නිළි පරපුරටම කළ නිගරුවකි.
ඒක නෙවෙයි අපි දැන් දුලානිගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද?
පෞද්ගලික ජීවිතේ සරල, සාමාන්‍ය විදිහට ගත කරනවා. ගුරු වෘත්තියේ අභිමානය රැකගෙන නිළියක් විදිහට සාර්ථක ගමනක් යන්නයි මගේ බලාපොරොත්තුව.
එතකොට ආදරය, විවාහය වගේ දේවල්?
මට වුණ අසාධාරණය මුලින්ම හෙළි කළේ සරසවියට. ඒ වගේම මගේ ආදර සම්බන්ධයත් මේ මුලින්ම කියන්නේ ඔයාලට. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඒත් වැඩි විස්තර දැන්ම කියන්න අවශ්‍යය නෑ කියලා මට හිතෙනවා. විවාහ වෙන දවසත් මුලින්ම ‘සරසවිය’ට කියන්නම්කෝ.
 
 
Sarasaviya
READ MORE - කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා

"බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ

Wednesday, June 13, 2012


READ MORE - "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ

"බොක්ස්" ගැන තව ටිකක්.........

http://www.boondi.lk/
“බොක්ස්" යනු සිනමා ශාලාවක් තුළ චිත‍්‍රපටයක් නැරඹීම සඳහා විශේෂයෙන්ම සකස් කළ ආසන දෙකක් හෝ තනි යුගලාසනයක් සහිතව තනන කුඩා කුටි විශේෂයයි. මෙය දියුණු කලාවන් සහිත යුරෝපීය සමාජාවකාශයක් තුළ නම් අතිශය පෞද්ගලික නැරඹීම් කුටියක් විය හැකි වුව ද ලාංකීය අර්ථයෙන් වෙනස් තැනෙක ස්ථාන ගත වන්නකි. අගනුවර හෝ වෙනත් නගර තුළ පොදුවේ මෙය සිරුරේ ශෘංගාර කලාප පිළිබඳ කුහුල් සිතැති අහිංසක පෙම්වතුන්ගේ සිට ගණිකාවකගේ පහස විඳීමට ලොල් ඕනෑම වයස් ප‍්‍රමාණයක පුද්ගලයෙකු පෙම්වතියක හෝ ලිංගික ශ‍්‍රමික ගැහැණියක හා වසංවන තැනෙකි. චාලකගේ නාට්‍ය පුරාම ඇත්තේ මේ අවකාශයට ගණිකාවක කැඳවාගෙන යනු ලබන රජයේ සේවකයෙකු මුහුණදෙන සිදුවීමකි. ඒ මොහොතේ ශාලාවේ තිරගත වන්නේ “පරසතු මල්" චිත‍්‍රපටයයි. නාට්‍යයේ අපූර්වත්වය වන්නේ චිත‍්‍රපටයේ හඬ පටය හා නාට්‍ය පාත‍්‍රයාගේ රංගය සම්මිශ‍්‍රණය කිරීම වන අතර, එය මෝස්තරකාරී කලවම්කිරීමකින් ඔබ්බට විහිදී යන්නේ නාට්‍ය හා බද්ධවීම මතිනි. මෙහිදී ගණිකාව කුඩා කල තම පියා හා මෙම චිත‍්‍රපටය නැරඹූ මතකය ඔස්සේ බොනී මහත්තයා ගේ චරිතයට අනන්‍ය වෙයි. ඒ අතර ඇය රැ‍ඟෙන ආ මැදි වයසේ කාර්යාල සේවකයා උත්සුක වන්නේ තමාගේ කායික අවශ්‍යතාවය දෘඪ ලෙස ඉටුකර ගැනීමටය. නාට්‍යය ගලා යන්නේ ගැහැණිය චිත‍්‍රපටය හා අනන්‍යවීම ඊට බාධාවක් බවට දිගින් දිගටම පත්වෙද්දි හටගන්නා ගැටුම ඔස්සේ යි. තමාට ජීවිතයේ දී භෞතිකව හමුනොවන බොනී මහත්තයා නැමැති චරිතය ගැහැණියගේ ෆැන්ටසි වස්තුව වන විට, ඈ අභියස සැබෑ ලෙස හිඳින ගනුදෙනුකාර පිරිමි ශරීරය ඇයට බාධාකාරී වේ. ඇගේ ෆැන්ටසිය ඔහුට බාධාකාරී වේ. සුළු මොහොතක, සුළු අවකාශයක හට ගැනෙන මේ ද්වන්ධ ගැටුම තුළ නිරූපනය වන්නේ අතිශයින් දේශපාලනික සිදුවීමක සිරස්කඩකි. නගර ශෝභිනිය අතීතයේ දැරියක ලෙස පරසතුමල් නැරඹීමට කැඳවාගෙන විත් ඇත්තේ පියාය. එය බෙහෙවින් සංකේතාත්මක, සංකීර්ණ අරුත් දනවන මතක සිහිගැන්වීමකි. පියා විසින් හඳුන්වා දෙන ලෝකයෙහි ද අවසන අත්විඳින්නට ලැබෙන ලෝකයෙහි ද පරස්පරය හෙවත් "ෆැන්ටසිමය පිරිමියා" සහ "මුණගැසෙන ඇත්ත පිරිමියා" අතර වෙනස, ඇගේ ජීවිතයට හැරවුම් ලක්ෂයක් වී ඇත්තේ සිතූ පැතූ අයුරින් නොවේ. මෙය පුරුෂ බල කේන්ද්‍රීය දෘෂ්ටිවාදයෙන් හුස්ම ගන්නා සමාජයක, "ආශාවේ වස්තුව" වන ගැහැණිය සතු ඉරණමයි.

පරසතු මල් හි "බොනී මහත්තයා" යනු පාරම්පරික දේපළක් හිමි, අප‍්‍රමාණ නුරාවකින් දැවෙන රදළ සල්ලාලයෙකි. නමුදු ඔහුලේ සළෙල බව තුළ කිසියම් ආචාරධාර්මික බවක් ඇත. තම වලව් ගෘහය ආශි‍්‍රත ගැමි අවකාශයේ ඇහැට කනට පෙනෙන සිත් ගත් සියලු ස්තී‍්‍රන් දැපනයේ දමා ගන්නා හෙතෙම සංගීතයට හා සිතුවමට ලොල් කලාකාමියෙකු ද වෙයි. අනෙක් අතට ඔහු ගැහැණුන් ග‍්‍රහණය කර ගනුයේ බලහත්කාරීත්වයෙන් ම ද නොව පොළොඹවා ගැනීම ද මතිනි. එසේම ඔහුගේ වසඟයට නතු වීම ට ගමේ තරුණියන් තුළ ද අවිඥ්ඥානික ආශාවක් ඇතුවා මෙනි. නමුදු බොනී ගේ වඩාත්ම සිත් ගත් ගැහැණිය ඔහුව මායිම් නොකරයි. අවසන ඔහු මධුවිතටම ලොල්ව පරාජිත පේ‍්‍රම විප්පයෝගයක ගිලේ. කෙසේ වුව ඔහු කය පහසට ගත් තරුණියන්ට සිය දේපළින් භෞතික සංග‍්‍රහයක් ද කළේය. මෙය ඉඩකඩමින් කැරෙන තිළිණයක් විය හැකි මුත් එම මානුෂික අර්ථ දැක්වීමේ දෘෂ්‍යමානීය මොහොත පසු කළ හොත් වැඩවසම් සමාජ ස්ථරයක ලිංගික ශ‍්‍රම සූරාකෑමක් මත උපන් වරදකාරීබවින් ගැලවීමේ මගක් ලෙසද කියවිය හැකිය. චිත‍්‍රපටය දෙස බලා සිටිනා කය විකුණන පහළ පාන්තික ගැහැණියට බොනී මහත්තයා ෆැන්ටසියක් වන්නේ එම දෘෂ්‍යමාන මානුෂීය අරුත තුළ නොතිත්ව ගිළෙන බැවිණි. "බොනී මහත්තයගෙ ඇස් වල කඳුළු.... බොනී මහත්තය කියන්නෙ අඬන මිනිහෙක් නෙවෙයි. අඬන්නෙ ආදරේ හින්දා... එයා මං ළඟ හිටියනං ඇස් දෙකෙන් එක කඳුලු බිංදුවක් බිමට වැටෙන්ඩ මං ඉඩ දෙන්නෙ නෑ..." මෙවැන්නක් නාට්‍යයේ නගර ශෝභිනියගේ මුවට නැගෙන්නේ, පරසතු මල් කතා කරුවා සිය අවසාන විග‍්‍රයේ දී බොනීව තබන, සිතෙහි නැගි පරමාදරයක් වෙනුවෙන් උමතුවූ ආස්ථානයේ බලවත්කම මතය.

සිහින පෙම්වතා තිරයේ දකිනු හැකි ශාලාවට තමා කැඳවාගෙන ආ මිනිසා කෙරෙහි ඈ ගනුදෙනුකාර කමකට වඩා බැඳෙනුයේ තුති පූර්වක හැඟීමකිනි. ඇය ගණුදෙනුකාර පිරිමියා විසින් කුලී කාමරයකට රැ‍ගෙන නොගොස් සිනමා ශාලාවට රැගෙන විත් ඇත්තේ ඇගේ ගාස්තුව ලෙස රුපියල් හාර සියයක් වෙන් කළ පසු කාමර කුලිය ගෙවීමට මුදල් නැති නිසාය. එබැවින් ඔහු හැකි ඉක්මණින් තම කාර්යය කරගත යුතුය. ඒ සඳහා වහාම ඇය චිත‍්‍රපටයෙන් ගලවා ගත යුතුය. “පිළිවෙතින් පෙළගැසෙමු" යැයි ඉහළින් එන විකාර සහගත අණට ඉලක්ක වූ සමාජය කෙතරම් ආතතිගත දැයි යන්න මේ උත්සාහය තුළ ගොඩනැගෙන සංවාදය ඔස්සේ මතුවේ. ගනුදෙනුකාර පිරිමියා වුවද ජීවිතය විඳීම නොව විඳවීම ඉරණම වූ අවාසනාවන්තයෙකි. සැබැවින්ම ඔහුට ජීවිතයක් නැත. ජීවත් විය යුතු වන්නේ එදිනෙදා බිල්පත් ගෙවීම සඳහා ශ‍්‍රමය වැගිරවීමට ය. අවසන නිවසට යන මිනිස් රොඞ්ඩට බිරිඳගෙන් ලැබෙනුයේ සුවදායක කය පහසක් නොව උදේ සිට සවස්වන තුරු දරුවන් කරපින්නාගෙන නැගුණු වෙහෙසින් පීඩිත පරොසය. ගැහැණිය එක දිගට දරුවන් වැදීමේ උපකරණයක් බවට පත්කරන්නේ ද පිරිමියා ම විසිනි. මේ ලාංකේය සමාජ නියැදියක ඇත්ත කතාවය. එහෙත් එය බොරු යැයි කියන්නේ මතට, දුරාචාරයට තිත තබා සුබ අනාගතයක් පතා මයාවක ගිලී හිඳින්නේ අපම ය. අප තුළ ඇති නරක ගැන කතා නොකරන අපි නොමසුරුව අනෙකාගේ වනචරකමට තර්ජනය කරන්නෙමු. තම අවශ්‍යතාවය සපුරා ගන්නට දඟළන අතරතුරේ යාබද කුටියේ සිදුවන ලිංගික හැසිරීමට මේ පිරිමියා දොස්නගමින්, "යකෝ අපි ආවෙ වැදගත් විදියට චිත‍්‍රපටියක් බලන්ඩ. තොපි අවලං වැඩ කරනවා" යැයි සිදුරකින් බලමින් බැන වදින්නේ සමස්ත සමාජයේ ම සිල්වතේ නිරුවත ප‍්‍රකාශ කරමිනි.

"පරවුණු මල් වල සුවඳ අතීතේ- පරසතු මල් ළඟ විසිර ගියාවේ" ගීතය තිරයේ දිගහැරෙන අතර තුර එය නාට්‍යය හා සමාන්තර වන්නේ අපූරු ලෙසය. ගීතයට ඇලූම් කරන ගැහැණිය එය අවසන්වීමට මත්තෙන් පිරිමියාගේ බෑගයේ තිබු කඩදාසියක් ඇද ඔහුගේ පෑන ඉල්ලා සටහන් කර ගැනීමට උත්සාහ දරන්නීය. මෙය නාට්‍යය තුළ ප‍්‍රබල සංකේතීය ප‍්‍රකාශනයකි. ඇයට සම්පූර්ණයෙන් ගීතය ලියා ගැනීමට නොලැබේ. ඇය ලියූ කොටස දෙස බලයි. පිරිමියාට තරු විසිවේ. “මොකද්ද යකෝ මේ කළේ. මේක මගෙ පොඩි එකාගෙ උප්පැන්න සහතිකේ." මෙසේ ප‍්‍රහසන අවස්ථා එකින් එක පසුවෙයි. ඇය අවසන ඔහුගේ ඉල්ලීමට ඉඩ දී අසුනෙහි ඇලවේ. ඔහු කලිසම බුරුල්කොට ඇගේ සිරුර මත නැග ගනී. සැබැවින්ම ඇය ඔහුට ඉඩ සලසන ආකාරය තුළ පේ‍්‍රක්ෂකයාට ඇතිවන්නේ නිරායාස අනුකම්පාවකි. එහෙත් ඔහු තම අවශ්‍යතාවය සපුරා ගන්නට සැරසෙන විටදී ම චිත‍්‍රපටය නිමාවී ශාලාවේ විදුලි බුබුළු දැල්වේ. එසේ තියුණු හාස්‍ය රසයෙන් අනුන මතුපිට සිදුවීම් යට ඇත්තේ කුමක් ද? ශෝකාන්තයකි. අනෙක් අතට සමකාලීන ජීවිතයයි. කෙසේ වුව මේ ලියවිල්ල අසම්පූර්ණ කියවීමකි. ඒ, පිරමිඩාකාර සාගර අයිස් කන්දක මෙන්, දෘශ්‍යමානයෙන් ඔබ්බෙහි බොක්ස් හි යටි තලය විශාල බැවිනි.


 ___________________________________________________________________________
 

බොක්ස් හි ඇති සිදුවීම කෙටියෙන් විස්තර කරනවා නම්, එහි ඇත්තේ ගණිකාවක් සමග සිනමාහලක බොක්ස් අසුනකට යන පිරිමියෙක් ගැන සිදුවීමක්. නාට්‍යයේ සිදුවීම් දිගහැරෙන විට මේ පුද්ගලයා රජයේ සේවකයෙක්, මධ්‍යම පාන්තිකයෙක්, මාස් පඩි කාරයෙක් ලෙස ඔහුගේ චරිතය අපට දැනෙන්න පටන් ගන්නවා. ''බොක්ස්'' වචනයේ (මේ මොහොත තුල) පරිසමාප්ත අර්ථයෙන්ම අපූරු කෙටි නාට්‍යයක්. එහි එන අත්දැකීම කෙටි නාට්‍යයකට ඉතාමත් උචිත අවස්ථාවක්. කොටින්ම නාට්‍යකරුවා විසින් තෝරාගෙන තිබෙන අවස්ථාවම නාට්‍ය රසය පිරී තිබෙන්නක්. ඔහු තම නාට්‍යයේ අකෘතිය සකස් කරගෙන තිබෙන්නේ අනුභූතියටම සරිලන පරිදි වීම විශේෂත්වයක්. නාට්‍යයේ අකෘතිය විසින් නාට්‍යකරුවා සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා අදහස් තීව්ර කරනවා. නාට්‍යයේ ඉදිරිපත් කිරීම තුල පසුබිමින් ගලා යන මහා සිදුවීම වන චිත්‍රපට දර්ශනයේ හඬ පටය, නාට්‍යකරුවා විසින් විටින් විට අපට ඇසීමට සළස්වනවා. එය සංකේතාත්මකව, නාට්‍යයේ යටිපෙල බිහි කිරීමට යොදාගෙන ඇති ආකාරය අතිවිශිෂ්ඨයි. එයම සිනමා තිරය මතින් ප්‍රක්ෂේපණය කෙරෙන ආලෝක කදම්භයන් දැක්වෙන දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙස ද යොදාගෙන තමන් නොකියා කියූ දෙය තවතවත් ප්‍රබල කිරීමට ද චාලක අවස්ථාව තිබුණු බව මෙහිලා පැවසිය යුතුයි.

නාට්‍යයේ චරිතයන්ගේ දෙබස් අතරින් විටෙන් විට මතුවන චිත්‍රපටයේ දෙබස් අපට ඇසෙන්නේ, චිත්‍රපටයේ චරිත, නාට්‍යයේ චරිතයනට දක්වන ප්‍රතිචාර ලෙසයි. නාට්‍යයේ සිටින ගණිකාවගේ ආදරය හිමිකරගත් පරමාදර්ශී පෙම්වතා ඇයට හමුවන්නේ චිත්‍රපටය තුලදීයි. රිදී තිරයේ පෙම්වතාගේ හඬට, ඇය අප ඉදිරියේ හිඳිමින් ප්‍රතිචාර දක්වනවා. ''බොක්ස්'' තුල සිටින ගණිකාවට ප්‍රතිමුඛ වන සමාජයේ, බොනී මහත්තයා-හොඳ කෙනා හෙවත් මහා පොදු පුරුෂ ෆැන්ටසිය ඉදිරියේ දර්පණය තැබීමට චාලකට හැකිවී තිබෙනවා. ප්‍රචණ්ඩත්වය ෆැන්ටසිකරණය වීම සහ ෆැන්ටසියම නැවත පද්ධතිගත ප්‍රචණ්ඩත්වය බිහිකිරීමට දායක වීම දක්වා ගැඹුරක් දැනවීමට බොක්ස් සමත් වී ඇති බව මගේ නිගමනයයි.

නාට්‍යයේ පසුතලය නාට්‍යයේ අත්දැකීම සමග ගසට පොත්ත මෙන් බද්ධ වී තිබුණා මෙන්ම එය නවමු අත්දැකීමක් ද වුනා. එමෙන්ම ඔවුන් විසින්ම නිර්මාණය කරගත් වේදිකා තාක්ෂණයක් ද නාට්‍ය පුරාම දැකගන්නට ලැබුණා. නාට්‍යයේ රගපෑ සරත් කරුණාරත්න සහ සුදාරා රන්දිනී, විශිෂ්ඨ රංගනයන් සැහැල්ලුවෙන් ඉදිරිපත් කරමින් තම චරිත වෙත උපරිම සාධාරණය ඉටුකොට ඇති බව පැවසිය යුතුයි. තවත් වේදිකා නාට්‍ය කිහිපයකින් අප දැක ඇති සරත්, බොක්ස් හීදී අපට හමුවන්නේ වෙනස්ම කෙනෙකු ලෙසින්. ඔවුන් දෙදෙනාම තම චරිතයන්හි දිග පළල හඳුනාගෙන, හුදු හාස්‍යයට පිරිනැමෙන ගැලරියේ විසිල් අභිබවා නාට්‍ය වෙනත් සියුම් තැනකට රැගෙන යාමට සමත් වී තිබුණා.

''බොක්ස්'' තුලින් පිටතට එන හාස්‍යය මතුවන්නේ නාට්‍යයේ සන්දර්භය මත සිදුවන ගැටුමක් ලෙසයි. විටෙක එය සැබෑවටම සිදුවන්නක් ද යැයි ප්‍රේක්ෂකගාරයට සිතෙන තරමටම හාස්‍යජනක වෙනවා. එහෙත් එසැනින්ම අපට අප සමගම එකඟ වන්නට සිදුවෙනවා! මට සිතෙන පරිදි ''බොක්ස්''තුලදී සිදුවන්නේ සම්මුති සත්‍යය ඉදිරියෙන් ප්‍රේක්ෂකගාරයේ එකිනෙකා ගේ පෞද්ගලික සත්‍යය තැබීමයි. එවිට සිනහ සයුරක ගිලෙමින් නාට්‍ය නැරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැහැ. නාට්‍යයේ බොහෝ තැන් වලදී ප්‍රේක්ෂකාගාරය ''බොක්ස්'' රසවිඳින්නේ සාමූහිකවයි. නාට්‍යයට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර වල හැඩය තීරණය වීමට, ඔවුනොවුන් සජීවීව දක්වන පෞද්ගලික ප්‍රතිචාර තුලින් සිදුවන දිරිගැන්වීම් ද හේතුවෙනවා. ප්‍රතිඵලය වන්නේ සාමූහික සිනහවක්. එවිට නාට්‍යය අවසානයේ දී අපූරු දෙයක් සිදුවෙනවා නාට්‍යයේ සමස්ථය සඳහා තමන්ගේ ප්‍රතිචාරය විය යුත්තේ සිනහවක් ද සුසුමක් ද යන වග තීරණය කිරීමට ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනා දිහා බැලීමට සිදුවෙනවා. ඒ මොහොත වන විටත් ප්‍රේක්ෂකයන් වන අප සිටින්නේ අඩ අඳුරේ, තම තමන්ගේ බොක්ස් තුලට වී නිසා අප අසළ සිටින්නා අප දෙස හොරැහින් බැලූ බව අප දකින්නේ නැහැ. අප ද ඔහු දෙස බැලූ බව ඔහු දන්නේත් නැහැ.





READ MORE - "බොක්ස්" ගැන තව ටිකක්.........

"රහස්‌ උදවිය"++++++++++++++++පියල් කාරියවසම්

Sunday, June 10, 2012

මර්දනය ඇතිවෙද්දී නිර්මාණකරුවා තුළ උපක්‍රම ගොඩනැඟෙනවා
නාට්‍යවේදී පියල් කාරියවසම්

නාට්‍යවේදී පියල් කාරියවසම්ගේ නවතම නාට්‍ය නිර්මාණය "රහස්‌ උදවිය" ලබන 12 වැනිදා සහ 13 වැනිදා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේදී වේදිකාගත වෙයි. රාජ්‍ය සම්මානලාභී නළු නිළියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්‌, අනසුයා සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය සපයන මෙහි සංගීතය නදීක ගුරුගේ විසිනි. වේදිකා පසුතල නිර්මාණයෙන් රුවන් බණ්‌ඩාර රණසිංහ, ආලෝකකරණයෙන් බන්දුල හේවගේ, වෙස්‌ ගැන්වීමෙන් ප්‍රියන්ත සිරිකුමාර, වේදිකා පරිපාලනයෙන් සංජය හෙට්‌ටිආරච්චි රංග වස්‌ත්‍ර නිර්මාණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ගයා නාගහවත්ත ඇතුළු පිරිසක්‌ එක්‌වෙති. සම අනුග්‍රහය සුනේත්‍රා බණ්‌ඩාරනායක පදනම විසිනි. වේදිකාව මෙන්ම ලේඛනය ද සිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් පියල් "ආචාරී සීයා දුටු දිදුලන අන්ධකාරය" කෙටිකතා සංග්‍රහය (රාජ්‍ය සම්මාන) සහ "වීදුරු කුඩු කැවුණු කලෙක" නමින්a නවකතාවක්‌ ද රචනා කළේය. "කොන්තරාත්තුව" (1994) "මට එරෙහිව මම" (2000 - රාජ්‍ය සම්මාන) "මාස්‌ටර් බිල්ඩර්" (2006) පියල්ගේ වේදිකා ප්‍රකාශනයි. මේ සංවාදය "රහස්‌ උදවිය" නාට්‍ය ප්‍රථම වේදිකාගත කිරීම නිමිත්තෙනි.



අපි රහස්‌ උදවිය" තේමාත්මකව විග්‍රහ කරගමු

මේ නාට්‍යයේ අවස්‌ථා තුනක්‌ තියෙනවා. නූතන, මධ්‍යම පාංතික සහ නාගරික ජීවිත හතරක්‌ පසුබිම් කරගෙනයි මෙහි චරිත විකාශය වෙන්නේ. තේමාත්මකව ගත්තොත් මං හිතනවා තිස්‌ අවුරුදු යුද්දෙකට පස්‌සේ මේ මොහොතේ ලංකාවේ තියෙන්නේ ග්ලෝරියස්‌ ඇබ්සර්ඩිටි (glorious absurdity) එකක්‌. එහෙමත් නැත්නම් ආශ්චර්යාත්මක විකාරරූපී භාවයක්‌. දේශපාලනික සහ සමාජීය යන හැම පැත්තකින්ම මේ තත්ත්වය දකින්න පුළුවන්. නපුර නැති කරන්න කියලා මිනිස්‌සු තවත් නපුරටම යන තත්ත්වයකුයි අද පවතින්නේ. මේක යම් ආකාරයකට මතු කළ හැකි ආඛ්‍යානයකුයි මම ගොඩනඟන්න උත්සාහ ගන්නේ. කතන්දරයකට වඩා නාට්‍යයේදී අවස්‌ථා තුනක්‌ රූපණය වෙනවා. නාට්‍යමය අවස්‌ථා එකකට වැඩි ගණනාවක්‌ දකින්න පුළුවන්. එක වස්‌තු විෂයක්‌ වටා ගොඩනැගෙන නාට්‍යයක්‌ නොවෙයි මේක. ලංකාවේ මේ මොහොතෙ අපි ජීවත් වෙන්නේ කොයි වගේ ප්‍රතිවිරෝධතාවන් එක්‌කද, මේවා අතර තියෙන සහසම්බන්ධය මොකක්‌ද.... ඔය වගේ කාරණා ටිකක්‌ ගැන කතා කරන්නයි මම උත්සාහ කරන්නේ.

තවත් පැත්තකින් ගත්තොත් කාලය අවකාශය ඉක්‌මවා යන ගති ලක්‍ෂණ ගොඩක්‌ පළ කරනවා. මම පසුගිය කාලේ කළ සාහිත්‍යමය අධ්‍යයනයත් සමග බටහිර ලතින් ඇමරිකානු සහ ඉන්දියානු කතා කලාවේ ආභාෂයන් මේකට එකතුවෙලා තියෙනවා කියා මා විශ්වාස කරනවා. මේ නාට්‍යයේදී මම එක්‌තරා ආකාරයකට මායාව පාවිච්චි කරනවා. සියලුම කලාවන් අතරින් මායාව තියෙන හොඳම තැන වේදිකාවයි. කාලය අවකාශය අතර එහෙ මෙහෙ පැන යථාර්ථය විනිවිද දකින්න උපක්‍රමයක්‌ හැටියටයි මම මායාව පාවිච්චි කරන්නේ.

චරිත ගැන කතා කළොත් මෙහි චරිත පාවිච්චි කරන්නේ සංකේත හැටියට. උදාහරණයක්‌ හැටියට එකම ගැහැණියගේ යුග දෙකක්‌ නිරූපණය කෙරෙනවා. අතීතය සහ අනාගතය හැටියට එයින් කියෑවෙන්නේ අපේ දෙමව්පියෝ ගත්ත ඓතිහාසික තීරණ නිසා අපි අද පීඩා විඳිනවා. ඒ වගේම අපි අද ගන්න නරක තීරණ නිසා අනාගත ලෝකයට නපුරක්‌ එක්‌ක වාසය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ මිනිස්‌ ජීවිතයට මේ මොහොතේ දේශපාලනයෙන් මිදෙන්න බැහැ. ගී්‍රක නාට්‍යකරුවා ඉරණම කියන එක තේරුම් ගත්තේ යම් බලවේගයක්‌ විසින් පාලනය කරන තත්ත්වයක්‌ හැටියට. නමුත් අපි දන්නවා අපේ ඉරණම පාලනය කරන්නේ අප විසින්ම තීරණය කොට උත්කර්ෂයට නංවන සංකල්පවලින්. අප විසින්ම ස්‌ථානගත කරන ආයතන සහ සමාජ පද්ධති විසින් තමයි මේ ඉරණම තීරණය කරන්නේ. ඒ දේශපාලන පක්‍ෂවෙන්න පුළුවන්. ව්‍යවස්‌ථාදායක, විධායක හෝ අධිකරණය වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, ආගමික නිකාය ආශ්‍රිත ආයතන වෙන්න පුළුවන්. මේ සියල්ල විසින් අපේ ඉරණම අද තීරණය කරනවා. මේ කාරණා සංවාදයකට ලක්‌ කිරීමකුත් රහස්‌ උදවිය ඔස්‌සේ සිදු කෙරෙනවා.



පියල් වසර හයකට පසුවයි වේදිකා නාට්‍යයකට ප්‍රවේශ වෙන්නේ. මීට ඉහතදී කෙටි කතා සංග්‍රහයකින් සහ නවකතාවකින් ඔබේ ප්‍රකාශනය සමාජගත කළා. මේ පවතින සමාජ, දේශපාලනික ගතිකයන් යළි නාට්‍යයකින් පළ කළ යුතුයි කියන තීරණයකට එළැඹුණේ ඇයි?

නවකතා සහ කෙටිකතා වගේ සාහිත්‍යාංගයකින් සමාජයට කළ හැකි බලපෑම ඓතිහාසිකවම වෙනස්‌වෙලා තියෙනවා. උදාහරණයකට අපේ ලංකාව වගේ සමාජයක්‌ ඇතුළේ අපි පොත් දාහයි මුද්‍රණය කරන්නේ. ඒකත් විකිණෙන්න සෑහෙන කාලයක්‌ යනවා. සංස්‌කෘතිකමය වශයෙන් නවකතාව අපේ ජීවිතේ කොටසක්‌ බවට පත්වෙලා නෑ. කෙටිකතාවත් එහෙමයි. නමුත් ලෝකයේ එහෙම නෑ. ඉන්දියාව වගේ රටක වුවත් අන්‍ය භාෂාවලින් තරුණ පිරිස ලියන, එනම් මලයාලම්, උර්දු, කොංකනි, ඩොග්රි වගේ භාෂාවලින් ලියන නවකතා කෙටිකතා පවා ඉතා ඉක්‌මනින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වෙලා ජාත්‍යන්තරයට යනවා. නමුත් නවකතාවක්‌ නොකියවන එක අඩුවක්‌ විදිහට දකින තරුණ පිරිසක්‌ අපේ රටේ නෑ. තවත් පැත්තකින් ලෝකයම විෂුවල් මීඩියා කියන එකට ඇදී යමින් පවතිනවා. අපි උසස්‌ පෙළ පංතිවලට එනකොට රුසියානු පරිවර්තන සම්පූර්ණයෙන්ම කියවලා අවසන්. ඒත් අද ඒක වෙනස්‌වෙලා. හුඟක්‌ අය උත්සාහ කරන්නේ "ෂෝට්‌ µsල්ම්ස්‌" කරන්න. අසූ ගණන්වලින් පස්‌සේ විෂුවල් මීඩියා එකෙන් උපන් දරුවා ඉන්නේa. නමුත් කොහොම වුණත් මේ පාඨක ප්‍රේක්‌ෂක සමාජයට කිසියම් ආකාරයකින් අපි සමීප විය යුතුයි. ඊට මාධ්‍යයක්‌ විදිහට තමයි මම නාට්‍ය තෝරා ගන්නේ. නවකතාවකට වඩා ඉතා ඉක්‌මනින් ප්‍රතිචාර ලබන්න නාට්‍යයකින් පුළුවන්. සිනමාවෙන් ඊටත් වැඩියි. සාහිත්‍යයේ දී නාට්‍ය කියන මාධ්‍ය අමතක කරන්න බැහැ. ලෝකයේ පැරණිම සාහිත්‍ය බවට පත් වන්නේත් නාට්‍ය. නාට්‍යවල තවත් විශේෂත්වයක්‌ තමයි ප්‍රේක්‌ෂකයා සහ නිෂ්පාදකයා කියන දෙදෙනාම එකට හැදෙන්නේ. හරියට පොතක්‌ සංස්‌කරණය කරනවා වගේ දර්ශන වාරයක්‌ වාරයක්‌ පාසා ප්‍රේක්‌ෂකයා වගේම නිෂ්පාදකයාත් ප්‍රතිපෝෂණය වෙනවා, අලුත් වෙනවා.



මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා ලෙස තෝරා ගැනෙන්නේ චරිත හතරක්‌, ඉනුත් කාන්තා චරිත තුනක්‌ හා එක්‌ පුරුෂ චරිතයක්‌ ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ. මේ තෝරා ගැනීම ඔබේ ප්‍රකාශනය වනිත කරන්න කොයි තරම් උදව්වක්‌ වෙනවාද?

ඕනෑම නිර්මාණකරුවෙක්‌ උත්සාහ කරනවා. තමන්ගේ ප්‍රකාශනය හැකිතාක්‌ සියුම්ව සහ සරලව සමාජගත කරන්න සහ ගොඩනඟන්න. මේ නාට්‍යයේ කේන්ද්‍රය වෙන්නේ ගැහැනිය. මොකද මා දුටුවා පසුගිය අවුරුදු තිස්‌ ගණන තිස්‌සේම ගැහැනු භූමිකාව සමාජ ප්‍රගතශීලී ස්‌ථාවරයකට ඇවිත් තිබෙනවා. උදාහරණයකට ස්‌වාධීනත්වයට කාන්තාව හුඟක්‌ නැඹුරු වෙලා තියෙනවා. සටන්කාමීත්වයට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මිනීමැරුම් හුඟක්‌ වැඩිවෙලා තියෙන්නේ. පිරිමි ආත්මයට මේක දරා ගැනීමේ අපහසුවක්‌ තියෙනවා. මට අවශ්‍ය දේශපාලනික හා සංස්‌කෘතික කාරණා ටික මෙන්න මේ චරිතවලින් කියනවා. මේවා චරිතවලටත් වඩා කිසියම් සංකේත පද්ධතීන් ලෙස හඳුන්වන්න පුළුවන්. තව පැත්තකින් වේදිකා සාහිත්‍යයේ පාවිච්චි කරන ලොකුම වචනයක්‌ තමයි අයිරනි (Irony) නැත්නම් උත්ප්‍රාසය. මේ "ඩ්‍රැමටික්‌ අයිරනි" (dramatic
irony) එක වේදිකාවේදී ඉතා වැදගත්.

මගේ ප්‍රකාශනය උද්දීපනය කිරීම සඳහා මම ජනශ්‍රැතිය පාවිච්චි කරනවා. ගායනා, සිද්ධි, අවස්‌ථා පාවිච්චි කරනවා. ඒ කරන්නේ ඒ ගායනා උත්කර්ෂයට නංවන්න නොවේ. ඒවා ඇතුළේ තියෙන වනිතාර්ථ මතුකරගන්න. උදාහරණයක්‌ විදිහට අපි දන්නවා. දොර නාරින් අමල් බිසෝ.... කිව්වාම ඒ ගෙදර දොර නොවේ කියලා. එයින් ඔබ්බට ගිය සංකේතාර්ථ දනවන මානව විද්‍යාත්මක සාධක තියෙන කාරණා ගණනාවක්‌ අපේ කතා කලාවේ වගේම ඕනැම රටක දකින්න තියෙනවා. අද කතාකාරයෝ කරන්නේ එබඳු දේ අරගෙන ඒවා ඇතුළේ තියෙන උත්aප්‍රාසය මතු කරන්න උත්සාහ කරන එක. මමත් ඒ දේ කරනවා සමහර නාද ගායනා සහ සංගීතය ආශ්‍රය කරගෙන.



මේ නාට්‍යයේදී ඇතැම් කාරණා ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක්‌ ලෙස ඔබ ඉන්ද්‍රජාලික තත්වයන් භාවිතයට ගන්නවා කියා කියනවා. එබඳු උපක්‍රමයන්ට යැමට ඔබට සිද්ධ වෙන්නේ සෘජුව කියාපෑමේ නිදහස යම් ආකාරයකට සීමා වී ඇති නිසා. අද මේ තත්ත්වය අනාගතයේ අපට කෙබඳුÊප්‍රතිඵලයක්‌ උදා කරයි කියලාද ඔබ කල්පනා කරන්නේ...?

මර්දනය හෝ බාධා ඇතිවන්න, ඇතිවන්නයි විවිධ වර්ණවත් උපක්‍රම නිර්මාණකරුවා තුළ ගොඩනැගෙන්නේ. ඒ අභියෝග එන තරමට නිර්මාණ කරුවා සූක්‌ෂම වෙනවා. මම කැමැති නැහැ. 'කලාකරුවා' කියන වචනෙට සමාජය ඇතුළෙ ඉන්නේ ක්‍රියාධරයන්. ඒ ක්‍රියාකාරීත්වයන් ඉදිරියේදී විවිධාකාරයෙන් වෙනස්‌ වේවි. සමාජය ගරා වැටෙනකොට ඝාතනය උත්කර්ෂයට නැංවෙන සමාජයක්‌ ඇතුළෙ ජීවිතය තවතවත් දිදුලන එකයි වෙන්නේ. එසේ දිදුලන බව පෙන්වන්න නිර්මාණකරුවෝ තවත් විවිධාකාර උපක්‍රමයන් සොයා ගනීවි. උදාහරණයක්‌ විදිහට අති මර්දනයක්‌ තිබෙන ඉරානය වගේ රටක බලන්න සිනමාව කොයි තරම් ඉදිරියට ගිහින් තියෙනවාද කියලා. ඉරාන සිනමාකරුවෝ කතන්දර කියන්නෙ නෑ. ඔවුන්ගේ චිත්‍රපට හරියට හයිකු කවි වගේ. දර්ශන තුන හතරක්‌ පෙන්වලා මතු කරන උත්ප්‍රාසය ඉතා ප්‍රබලයි. එබඳුÊතියුණු දැක්‌මක්‌ අපේ නාට්‍යකරුවෝ ඇති කර නොගත්තොත් තමන්ගේ කාර්ය සාර්ථකව ඉටු කරන්න බැරි වෙනවා. මේ ක්‍රියාදාමයේදී අපි මර්දනයට ලක්‌ වෙන්න පුළුවන්. එය මගහැර යන උපක්‍රම අප සොයාගත යුතුයි.

උදාහරණයක්‌ විදිහට මේ දිනවල මම කියවනවා මාරියෝ වර්ගාස්‌ගේ "ඩෙත් ඉන් අන්දීස්‌" කියන නවකතාව ඊට අනුව අන්දීස්‌ කඳුවැටිය හරහා ආණ්‌ඩුව අධිවේගී මාර්ගයක්‌ කපාගෙන යනවා. ඇත්තටම කරන්නේ මාර්ගය කපන ගමන් සැන්ඩිවිස්‌කා ගරිල්ලා ව්‍යාපාරය ගැන තොරතුරු හොයන එකයි ඒක මර්දනය කරන එකයි. මේ කතාව කියන්න වර්ගාස්‌ පාවිච්චි කරන්නේ බ්ලැක්‌ කොමඩි (ඊක්‌ජන ඤපැdහ) එකයි. නවකතාව කියවද්දී පේනවා අපි ගතකරන මොහොත කොයි තරම් හාස්‍යජනකයිද කියලා. අපිට හිනා යන්නේ අපේ තියෙන දුර්වලතාවලට. මා හිතනවා ඉදිරි ලෝකය කියවන්න මේ උත්ප්‍රාසාත්මක ක්‍රමය වඩාත් හොඳයි කියා.



ඔබ කොයිතරම් උත්සාහයක්‌ දරනවාද ඔබේ ප්‍රකාශනය සෞන්දර්යාත්මක අන්තයකින් ඉදිරිපත් කරන්නට?

හැම නාට්‍යකරුවකුම තමන් කියන්න හදනදේ කීම සඳහා සෞන්දර්ය වේදයක්‌ සොයාගන්න ඕනේ. අප මෙතෙක්‌ භාවිත කළ සාම්ප්‍රදායික සෞන්දර්ය මාධ්‍යයන්ගෙන් ඒ සඳහා සහාය ලැබිය නොහැකි නම් වෙනත් සෞන්දර්ය විෂයන් භාවිතයට ගන්න සිදු වෙනවා. විශේෂයෙන් නාට්‍ය කියන්නේ සෞන්දර්ය විෂයන් ගණනාවක්‌ එක්‌තැන් කරන තැනක්‌. ඒ සෞන්දර්යවේදය හොයා ගන්න නම් මූලිකව කළ යුතු කාර්යයක්‌ තමයි අපි මේ කරන්නේ වේදිකාව තුළ නුතන ශාන්තිකර්මයක්‌ කරන එකයි කියා ප්‍රේක්‌ෂකයාට අරුත්ගැන්වීම. එහිදී ලෝකයේ අනිත් රටවල මේ සෞන්දර්ය භාවිතයන් සිද්ධ වෙන්නේ කොහොමද ඒවා අපේ රටට ගැලපෙන ආකාරයට ගොඩනඟන්න ඕනෑ කොහොමද කියන එක සොයා ගත යුතුයි. උදාහරණයක්‌ විදිහට ළමයින්ගේ ලෝකය ඇතුළේ සම්ප්‍රදායික "ලොජික්‌" එකක්‌ නැහැ. අපි කරන්නේ ඔවුන් ලොජික්‌ එකකට හරවන එකයි. නමුත් එයින් ඔබ්බට ගිය පරිකල්පනීය ලෝකය ඇතුළේ ඔවුන් වෙනත් සත්තාවන් ගණනාවක්‌ අවබෝධ කර ගන්නවා. මේ තියෙන නපුර තේරුම් ගන්න නම් සෞන්දර්යවේදියාට පුළුවන් වෙන්න ඕනේ එබඳු මටසිලිටි තත්ත්වයකට පත්වෙන්න.



කලාකරුවෙක්‌, එසේත් නැතිනම් ඔබ අදහස්‌ කරන ආකාරයේ ක්‍රියාධරයෙක්‌ට සමාජයේ සිදුවන දේ සම්බන්ධයෙන් සහෘදයා අවදි කිරීමේ වගකීමක්‌ තිබෙනවා. ඒ වගකීම නිසි අයුරින් ඉටුවීම සමාජය වෙනස්‌ කිරීමට ප්‍රබල දායකත්වයක්‌ දෙනවායෑයි කීවොත් නිවැරදිද?

කලා ක්‍රියාධරයන්ට සමාජයට යම් බලපෑමක්‌ කළ හැක්‌කේ ඉතා සුළු මට්‌ටමින් ලෝක මට්‌ටමින් ගත්තත් එහෙමයි. අනෙක්‌ වාස්‌තවික තත්ත්වයන් ලෝකය තුළ නිර්මාණය වෙන්න ඕනෑ. කලා කෘතිවලින් සහ කලාවේ නියෑලීම තුළ ජන සමාජයට යම් උත්තේජනයක්‌ ඇති නොකරනවාය කියා කියන්න බැහැ. දියුණු යුග තුනක්‌ ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ගී්‍රක, ඉලෙසබෙතානු සහ රුසියානු කියන මේ යුගවල විශාල වෙනස්‌කම්වලට මිනිස්‌ සමාජය පාත්‍ර වෙනවා. උදාහරණයක්‌ විදිහට ඩිකන්ස්‌ගේ නවකතා නිසා එංගලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්‌කරණ ඇති වෙනවා. අපෙත් එබඳු චරිත, සිද්ධි තිබෙනවා. අද දේශපාලන විග්‍රහයේදී ඕනෑම රාජ්‍ය තන්ත්‍රයක පැවැත්මේ මූලික සාධකයක්‌ ජනමාධ්‍ය විසින් ඉෂ්ට කරනු ලබනවා. මේ නිසා නිර්මාණාත්මක ක්‍රියාධරයන්ට කළ හැකි දේ ඇත්තේ එක්‌තරා ප්‍රතිශතයක්‌ පමණයි. සමාජීය වෙනස්‌කම් වෙන්න නම් විශාල දේශපාලන බලවේග වශයෙන් සමාජ අවශතාවන් ඇතුව ගොඩනැගෙන්න ඕනෑ.


සංවාදය - නිරෝෂන් හැඳලගේ
ඡායාරූප - සුජාතා ජයරත්න

Irida Divayina 
READ MORE - "රහස්‌ උදවිය"++++++++++++++++පියල් කාරියවසම්

ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.

ලීසයි මමයි සමානයි

ආසියානු පැසිපික් රූ රැජණට තරග වදින ගයේෂා සමඟ කතාබහක්
අවට කඳුවල වැදී නැඟෙනා මඳ නලෙහි මුණු මුණුව සමඟ මුමුණන ළදැරියක්. දැලි කුණු දූලි ගෑවුණු ගවුම අපට සිහිපත් කරන්නේ ඒ වයසේදී ඇයට විඳින්නට වුණු අතෝරයන් ගැන. ඇයටත් වඩා උස වතුරපිරුණු පනිට්ටුව මේ පුංචි ළදැරිය උස්සගෙන එන්නේ අපහසුවෙන්.
අම්මෙක්, තාත්තෙක් නැති ඈ ගෙවන මේ දුක්ඛිත ජීවිතයට ආලෝකය ගේන්නේ නගරාධිපතිතුමා. ඇගේ මෙහෙකාර සේවයට දිගු නිවාඩුවක් දෙන ඔහු ළදැරියව හදා වඩා ගන්නේ තමන්ගේම දුවෙක් වගේ. ඈ ‘දූලි පින්තාරු’වේ ලීසා. කාලය ගෙවිලා ගියා. කාගෙත් හිත ගත්ත මේ අපූරු කෙළි පෙඩ්ඩ යුවතියක් වුණා. යුවතියක් ලෙසින් ඔබ හමුවට පැමිණි ඒ ලීසාව හොයා ගෙන අපි ගියේ හැව්ලොක්ටවුමට. ලැබුණු දුරකතන ඇමතුමට අනුව අපි ඒ ආසන්නයේම නතර වුණේ ඇගේ රුව දකින අදහසින්. ඒ ඇසිල්ලෙන් අසල තිබුණු රූපලාවන්‍යාගාරයෙන් එබිල බැලුවේ ලීසා. ඔබ හොඳින් හඳුනන ඈ ගයේෂා පෙරේරා.
‘ඉතිං ලීසා’
‘ ‘දූලි පින්තාරු’ හි ලීසාගේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වගේම ආදරය තවත් එවැනි වෙනස් චරිතයකට පිවිසීමට ලැබෙන ආරාධනයක් කියලයි මට සිතෙන්නේ. දූලි පින්තාරු ටෙලි නාට්‍යයයේ පිටපත මට ලැබුණේ මාස 06 කට කලින්. පිටපත කියෙව්වාට පස්සේ මම ලීසා ගැන සොය බැලුවා. ටෙලි නාට්‍යයට පාදක වුණු ‘ලේ මිසරාබ් ලේ’ කෘතියේ ලීසා පිළිබඳ පුංචි අධ්‍යයනයක යෙදුණා. ඒ වෙන කොට රූපවාහිනියේ විකාශය වුණු ‘මනුතාපය’ චිත්‍රපටය මා නරඹා තිබුණා.
එහි ලීසා පිළිබඳත් මගේ මතකය අලුත් වුණා. මේ ලැබුණු අත්දැකීම් සමඟ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන ලීසා කවුද කියලත් ඔහු මට පැහැදිලි කිරීමක් කළා. මේ සියල්ලේ එකතුවකින් සැදුණු තරුණ ලීසා කෙනෙක් තමයි ප්‍රේක්ෂකයා දැක්කේ. ඒ වගේම මා රඟපෑ චරිත අතරින් වඩාත්ම මගේ ආදරය දිනා ගත්තේ දූලි පින්තාරු හි ලීසාඈට මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී බොහොම සමීප බවක් ඇත කියා දැනෙන බවත් කියන්නම ඕන.’
ඒ කුමන අයුරින්ද?
‘තරුණ අවධියේ රඟපෑ චරිතයට මම පණ පෙවුවත් මගේ ළමා කාලය රඟපෑවේ සඳලි චූටි නංගියා. ඇගේ ස්වරූපයත්, මගේ ළමා කාලයේ ස්වරූපයත් එකට පෑහෙන්නේ නොසිතුව විදියටයි. ලීසා මට වඩාත් ළඟ බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්. මේ මොන දේ වුණත් ටෙලි නාට්‍යයෙහි පුංචි ලීසා තරම් මා දුක් විඳපු චරිතයක් නම් නොවෙයි.’
රංගනයට පිවිසෙන්නට පෙර ඈ ජාත්‍යන්තර රූ රැජින තරගයකට ඉදිරිපත් වුණු සුන්දරියක්. මේ අපූරු ආරාධනයට ඈ යොමු වෙන්නේ ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර. රූ රැජින තරගය අවසන් වී ගත වුණේ සතියක් වගේ කාලයක්. ගයේෂාගේ දුරකතනයට කතා කරන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ‘නිම්වළල්ල ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසෙන මට දිගින් දිගටම රඟපාන්නට ආරාධනා ලැබෙනවා. ඒ අතරතුරදියි 2009 වසරේ සංචාරක රූ රැජින තරගයට පෙනී සිටින්නේ. මේ සංචාරක රූ රැජින තරගයෙන් මට දක්ෂම රූමතිය වීමේ වරම් ලැබෙනවා. ඒ ජයග්‍රහණය එදා මට දැනුණේ මගේ ජයග්‍රහණයකට වඩා මගේ රට ලැබූ ජයග්‍රහණයක් විදියටයි.
මේ දවස්වලත් මා මේ කඩිමුඩියේ සූදානම් වෙන්නේ ලෝක ආසියානු පැසිපික් රූ රැජින තරගයටයි. මේ තරගයට මා යොමු කරවන්නේ යොරාකා එන්ටර්ටේට්මන්ට් ආයතනයේ ගෝමස් මහත්මියයි. ඔවුන්ගේ මූලිකත්වයෙන් ලැබුණු මේ තරගය මගේ ජීවිතයට තවත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්නයි මා මේ තරම් මහන්සි වෙන්නේ. තරගය සඳහා මා සමඟ රටල් 75 ක රූප රාජිනියෝ තරග වදිනවා. එහිදී මා ඉදිරිපත් වන්නේ මගේ රටේ නමින්.
රට ජයග්‍රහණය කිරීමේ මූලික වගකීම පැවරිලා තිබෙන්නේ මටයි. ඒ සඳහා රටේ අනන්‍යතාවන් හැඟෙන ඇඳුම් නිර්මාණය කරන්නේ චරිත්, දයානන්ද වගේම භාණු කියන මෝස්තර නිර්මාණකරුවන්. විවිධ අවස්ථාවන්වලදී ඉදිරිපත් කළ යුතු නර්තනයන් පිළිබඳ පුහුණු කරන්නේ චන්දන වික්‍රමසිංහ කියන මගේ නැටුම් ගුරුතුමා. අන් තරගවලදී වගේම මේ තරගයේදීත් ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් මට රටක් වටිනවා.’
රටේ අනන්‍යතාව විදහා දැක්වෙන ඒ විශේෂ ඇඳුම පිළිබඳ යමක් කිව්වොත්.
රටේ අනන්‍යතාවය මැවෙන ජාතික ඇඳුම මෙවර නිර්මාණය වෙන්නේ මොනර පිහාටුවලින් වීම විශේෂත්වයක්. මේ විශේෂ මොනර ඇඳුම පිළිබඳ ඔබට යමක් කිව යුතුමයි. බොහොම මහන්සියෙන් වගේම සුන්දර ආකාරයෙන් නිම කළ ඇඳුම වෙනුවෙන් මා රජයෙන් බලපත්‍රයක් ගත්තා. ඒ මේ සුන්දර ඇඳුම රැගෙන යන්න වගේම රැගෙන එන්නයි.’
පුංචි තිරය, රිදී තිරය කියන මාධ්‍ය දෙකම ඔබට නුහුරු නුපුරුදු නොවුණත් වේදිකාව තවමත් ඔබට ආගන්තුක තැනක් නේද?
‘රිදී තිරය පිළිබඳ කතා කරන කොට මගේ පළමු චිත්‍රපටය පිළිබඳත් යමක් කිව යුතුයි. ‘පියාඹන මාළුවෝ’ කියන චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ සංජීව පුෂ්ප කුමාර කියන අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටය මගේ රංගන ජීවිතයේ විශේෂ නවාතැන්පොළක්. අද වන විට අන්තර් ජාතික සම්මාන රාශියක් ලබා ගන්නට තරම් ‘පියාඹන මාළුවෝ’ චිත්‍රපටයට හැකි වෙලා. ඒක කොයි තරම් සුභ ආරංචියක්ද? මේ ගැන සිහි කරන විටත් මම චිත්‍රපටය වෙනුවෙන් කළ කැප කිරීම ගැන දැනේනේ සතුටක්.
.ඒ වගේම වේදිකාව ගැන කතා කළොත් වේදිකා රංගනයට පිවිසීමේ ආශාවක් මගේ සිත තුළ නලියනවා. නමුත් වේදිකාව කියන්නේ බොහෝ කාලය කැප කළ යුතු , වගකීම් රාශියකින් බැඳුණු තෝතැන්නක්. දක්ෂ රංගන ශිල්පීන්ගේ මුල නිර්මාණය වී තිබෙන්නේ එතැනින්. එතනට යන්න මා කැමැත්තෙන් සිටියත් ඊට හරස් වී ඇත්තේ කාලයයි. ආරාධනයක් ලැබුණොත් ඒ පිළිබඳ සිතා බැලීමට මා අදහස් කරනවා.’
‘පියාඹන මාළුවෝ’ චිත්‍රපටයේදී ගයේෂාට විවිධ වූ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු වුණත් ඈ ඒවා සාර්ථකව ජය ගත්තා.
එහෙම නේද?
‘එහෙම කියද්දී මගේ සිතට නැඟෙන්නේ චිත්‍රපටයේ එක ජවනිකාවක්. මුහුදට ඉදිරිපස තිබෙනා ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති යෝධ උස ගල මුදුණේ රූපගත කිරීමට තිබුණු ඒ අවස්ථාව බිය ජනකයි. අධ්‍යක්ෂවරයා ඒ ජවනිකාව රඟපාන්න පුළුවන්ද කියලා අහන කොටම මම දෙවරක් සිතුවේ නැතිව හා කියලා උත්තර බැන්දා. ගල මුදුනට නගින ගමන බොහාම දුෂ්කර වුණා. අනික් අයගේ උදව්වෙන් ගල තරණය කරමින් මම ගල මුදුනටම ගියා. සුළඟ බොහොම තදයි. සුළඟට කරකැවිලා දැන් දැන් මාව බිම වැටෙයි කියලා හිතුණත් ඒ සිතුවිල්ල යටපත් කරගෙන චරිතයට පිවිසෙන්න මා උත්සාහ කළා. ඒ කාරිය සාර්ථක වුණත් ඊළඟට ගලෙන් බිමට බහින්න කළ දහිරිය දන්නේ මාත් ඒ කණ්ඩායමත් විතරයි.’
මේ වන විටත් ටෙලි නාට්‍යය කිහිපයකට ගයේෂාට ආරාධනා ලැබිලා.
ලීසාගේ චරිතයෙන් පස්සේ රංගනයට පිවිසීමේදී ඔබ තෝරා බේරා ගෙන චරිත නිරූපණය කරාවිද?
‘රංගන කටයුතුවලදී මා නිර්මාණ භාර ගන්නේ වසරකට ටෙලි නිර්මාණ දෙකක් පමණයි. දූලි පින්තාරුවල වගේ යමක් කළ හැකි චරිතවලට යොමුවීමේ දැඩි පිපාසයකින් මා පෙළෙනවා. දෙනුවර කිරණ, සඳ එළිය, මිල්ලෑව වලව්ව කියන මගේ රංගනය රැගත් ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වේවි.’ මේ සියලු දේ අතර ඇගේ සිත ලෝක ආසියානු පැසිපික් රූ රැජින තරගය අසල නතර වෙලා.
‘මා උත්සාහ කරන්නේ අන් තරගකරුවන්ට හොඳ තරගයක් දෙමින් ආසියානු පැසිපික් රූ රැජින වන්නයි. ඒ සිහිනය හදවතෙහි සඟවා ගනිමින් පෙරටම යන්නයි.’
‘ඒ සිහිනය සිහිනයක්ම නොවී සැබෑවක්ම වේවා’ ගයේෂාගෙන් සමුගන්න මොහොතේ අප ඇයට පැවසුවේ හදවතින්මයි.
READ MORE - ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.