----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විරු තරු අද අවසන් සටනේ

Saturday, July 7, 2012

ඉහළ හරසර මැද සවිය මැන බැලූ

විරු තරු අද අවසන් සටනේ

අවසාන තරගය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

රණවිරුවන්ගේ ගායන කුසලතා ජාතික තලයට හඳුන්වා දුන් මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රියැලිටි ටී. වී වැඩසටහන වූ “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියේ දෙවැනි අදියරේ අවසාන තරගය ජූලි 06 (අද) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ජාතික රූපවාහිනියේ සජීවිකරණ දායකත්වයෙන් හා ඩයලොග් ආසිආටාහි පූර්ණ සවි බලයෙන් සංවිධාන කෙරෙන රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ගැන එහි නියමු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා දැක්වූ අදහස් මෙසේය.

l ලෝකයේ වෙනත් මිලිටරි රියැලිටි ටී.වී. වැඩසටහනක් පිළිබඳ ආදර්ශයක් නැති පසුබිමක හා දේශීය වශයෙන් මෙම මාදිලිය ගැන විවේචන පවතින අවස්ථාවක “රණවිරු රියල් ස්ටාර්” බිහිවූයේ කෙසේද ?
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හැම කෙනෙක්ගෙම හිතේ තිබුණේ හමුදා සෙබළා කියන්නේ ඉතාමත් දැඩි හදවතක් තිබෙන සටන්කාමියෙක් කියලයි. ආරක්ෂක ලේකම්තුමාට මේ අදහස වෙනස් කරන්න අවශ්‍ය වුණා. ඔහු ඒ අවදියේ ආරම්භ කළ “අපි වෙනුවෙන් අපි” වැඩසටහන මෙම වැඩසටහනේ පූර්වගාමී කර්තව්‍යයක් විදිහට හැඳින්විය හැකියි.
“රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බිහිවූ වැඩසටහනක්. 2010 වසරේ එක්තරා සැන්දෑවක එතුමා හිටපු අතිරේක ලේකම් වික්‍රමසිංහ මහතාට, ඩයලොග් ආසිආටා සමාගමේ අධිපති ආචාර්ය හාන්ස් විජේසූරියට හා මට කතා කර මෙම අදහස ඉදිරිපත් කළා. ඩයලොග් සමාගම ඒ අදහස ඉත සිතින් පිළිගෙන අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වුවත් වික්‍රමසිංහ මහතාට ජාතික රූපවාහිනියට හා මට ආරක්ෂක ලේකම්තුමා බලාපොරොත්තු වූ දෙය ඒ ආකාරයෙන් ඉටු කිරීම විශාල අභියෝගයක් වුණා.
එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපි 2010 ඔක්තෝ­්බර් මස පළමු අදියර ආරම්භ කළා. එහි අවසන් තරගය 2011 මැයි මස පැවත්වූවා. ආරම්භයේදීම අප අතර අදියර තුනක් යටතේ වැඩසටහන් තුනක් පවත්වන්න එකඟතාවාක් ඇතිවූවා. දෙවන අදියර 2011 ඔක්තෝබර් පටන්ගෙන එහි අවසන් අදියර අද මෙලෙස පැවැත්වෙනවා. මෙම තරගය අවසන් වූ වහාම තුන්වන පියවර සඳහා අයදුම්පත් කැඳවනවා.

l රණවිරු රියල් ස්ටාර් වැඩසටහන බලාපොරොත්තු වූ අරමුණ ජයගත් බව ඔබ විශ්වාස කරන්නේ කෙසේද ?
මෙම වැඩසටහන ආරම්භ වන විට එයට පෙර විවිධ ආකාරයේ රියැලිටි ටී.වී. වැඩසටහන් දොළහක් පමණ ක්‍රියාත්මක වෙමින් තිබුණා. නමුත් ඒවාට සම්බන්ධ වූයේ නළුනිළියන්, ක්‍රීඩකයන් හෝ ගායකයන්. මෙවැනි වැඩසටහනක් ගැන පූර්වාදර්ශයක් අන්තර්ජාතික වශයෙන් වත් තිබුණේ නැහැ. රූප මාධ්‍යයට මෙම අදහස ගෙන එන්නේ කොහොමද කියන එක ගැන ගැටලුවක් තිබුණා. නමුත් අපිට තිබුණ අභියෝගය ආරක්ෂක ලේකම්තුමාට තිබුණේ නැහැ. ඔහු අපිට කිව්වා මෙලෙස කරන්න එවිට දෙවන හෝ තෙවන වටයේදී අපි බලාපොරොත්තු වන විදිහට ඔවුන්ගේ ප්‍රසාංගික හැකියාවන් ඉදිරියට පැමිණෙයි කියලා.
පසුගිය තරගයේ ජයග්‍රාහකයන්ගේ නිර්මාණ ඇතුළත් කැසට් පටය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව
ඒ අභියෝගය අපි ජයගත්තා. පසුගිය වසරේ පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී ලංකාවේ බිහි වූ නිර්මාණාත්මක රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන ලැබීම එයට එක සාක්ෂියක්. අනිත් සාධකය වන්නේ වැඩ සටහනට ලැබුණු කෙටි පණිවුඩ ප්‍රමාණයයි.
වෙනත් රියැලිටි වැඩසටහන්වලට මූලික වටවලදී ලැබුණු කෙටි පණිවුඩවල සාමාන්‍යය වන්නේ ලක්ෂ දෙකක්. අවසාන වැඩසටහන සඳහා ලක්ෂ 6 – 7 අතර අගයක්. නමුත් රණවිරු රියල් ස්ටාර් මූලික වටයේදී ලක්ෂ 9 ක පමණ එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබුණු අතර අවසාන තරගයේදී මිලියන 2.2ක වාර්තාගත කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබුණා. අනික් වැඩසටහන්වලට මුළු කාලය ඇතුළතදීවත් ඊට ආසන්න විය හැකි මට්ටමක එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබී නැහැ.

l සාමාන්‍යයෙන් රියැලිටි ටී.වී වැඩසටහනක දක්නට ලැබෙන නොඑකඟතාවයක් මෙම වැඩසටහනේ දකින්න නොලැබෙන්නේ ඇයි ?
මෙම වැඩසටහන අවසන් වීමෙන් පසුවද ඔවුන් නැවත තම සේවය රට වෙනුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා හමුදා විනයට හානි වන පරිදි හැසිරීමට අපි මේ වැඩසටහනින් දිරි දෙන්නේ නැහැ. ජනප්‍රියත්වය සඳහා තරගකරුවන් හා විනිශ්චය මණ්ඩල සාමාජිකයන් අතර ඇතිවන සංවාද මේ වැඩසටහනේ නැත්තේ ඒ නිසයි. කමිසයක බොත්තම් නිසි ආකාරයෙන් පියවාගෙන සිටීම වැනි සුළු කරුණක් ගැන පවා අපි සැලකිලිමත් වෙනවා.

l ජයග්‍රහාකයන්ගේ කලා හැකියාවන් ඉදිරියට පවත්වාගෙන යන්න ඉඩක් තිබෙනවාද?
පසුගිය වර ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ජාතික මට්ටමේ හා ආරක්ෂක අංශයන්ගේ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගීත එකතුකර කැසට් පටයක් නිකුත් කර තිබෙනවා. පසුගිය වර ජයග්‍ර­ාහකයන්ට හෙට (07) සිට ඔස්ට්‍රේලියාවේ නගර හතරක පැවැත්වෙන මසක සංදර්ශන චාරිකාවකට අවස්ථාව ලබාදී තිබෙනවා. එය සංවිධානය කරන්නේ එහි ශ්‍රී ලංකා තානාපති හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ මහතායි.

 

අසේල මනුකුලසූරිය

වයස - 33

ගම - නාරම්මල, දඹගිරිගම

මම නාරම්මල මහා විද්‍යාලයෙන් හා නක්කාවත්ත ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. යුද හමුදාවට සම්බන්ධ වූයේ උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන අතරතුරයි. මේ වන විට මම යුද හමුදාවට බැඳිලා වසර දාසයක් වෙනවා. විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා පළමු වසරේ ඉගෙන ගන්නවා.
මම යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්. ඕගනය වාදනය කිරීමට මම වඩාත් කැමතියි. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී ගායනය සඳහා පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය ලබා තිබෙනවා. යුද්ධය පැවැති කාලයේදී යාපනය, කිලිනොච්චිය යනාදී සෑම ප්‍රදේශයකටම ගොස් ගායනයෙන් සම්බන්ධ වෙමින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට දායකව තිබෙනවා. ඒ කාලයේදී යුද්ධය අවසන්ව අපේ දක්‍ෂතා මෙලෙස තරගයකින් එළි දක්වන්න පුළුවන් දවසක් එයි කියලා කිසි ලෙසකින්වත් හිතුවෙ නැහැ. ඒ නිසා වෙැනි අවස්ථාවක් ඇති කළ ආරක්ෂක ලේකම්තුමාට හා ජනාධිපතිතුමාට ස්තූති කරනවා.
මම රණවිරු රියල් ස්ටාර් මිෂන් 1 සහභාගි වුණත් මට ගමන් කළ හැකි වූයේ අවසන් 150 දක්වා පමණයි. මෙවර පසුගිය වසරට වැඩිය තරගකාරීත්වය ඉහළ ගොස් තිබියදී ඉදිරියට එන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ගයාන් අරුණප්‍රිය

වයස - 26

ගම - කුරුණෑගල, වාරියපොල

2005 වසරේදී සාමාන්‍ය වාදකයෙක් ලෙස නාවික හමුදාවට බැඳුණා. මං ඉගෙන ගත්තේ කුරුණෑගල ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයෙන්. මට නර්තනය හා සම්බන්ධ වූ පවුල් පසුබිමක් තිබෙනවා. පාදෙණිය මොරගොල්ලාගම පරම්පරාවේ සාමජිකයෙක් නිසා මට උඩරට නැටුම් වගේම පාරම්පරික වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් තිබෙනවා.
බෙර, දවුල්, තම්මැට්ටම වැනි වාද්‍ය භාණ්ඩ වගේම ඔක්ටපෑඩ් හා ඩ්‍රම්ස් වැනි බටහිර සංගීත භාණ්ඩත් වාදනය කරන්න පුළුවන්. රණවිරු ස්ටාර් පළමු තරගය ජයග්‍රහණය කළේ නාවික හමුදාවෙන් නිසා මගේ බලාපොරොත්තුව එම කිරුළ රැක ගැනීමයි.
මට මගේ සේනා විධායකයෙන් හා බළගණයෙන් විශාල සහයක් ලැබෙනවා.

අයෝමි පෙරේරා

වයස - 28

ගම – වාද්දුව

යුද හමුදාවට බැඳීම මගේ කුඩා කාලයේ සිට තිබුණු බලාපොරොත්තු ඉටුවීමක්. මට සහෝදරයන් නැහැ. සහෝදරියන් තිදෙනෙක් සිටිනවා. එයින් වැඩිමහල් දෙන්නා විවාහක යි. බාල නංගි ඉගෙන ගන්නවා. රට බේර ගන්න රණවිරුවන් කරන කැපවීම දැකලා ඒ වෙනුවෙන් අපේ පවුලෙන් කිසිවෙක් හෝ දායක විය යුතුය කියන අදහසින් මම 2009 දී හමුදාවට බැඳුණා.
යුද හමුදාව ගෞරවනීය වෘත්තියක්. මම එහි ඉංජිනේරු අංශයේ සෙබළියක් හැටියට සේවය කරනවා. යුද හමුදාවට බැෙඳන්න මට උදව් කළ මේජර් ජනරාල් වසන්ත කුමාරසිංහ මහතා හා ඉංජිනේරු බලකායේ මේජර් ජනරාල් මහින්ද අඹන්පොල, කර්නල් මහේෂ් පෙරේරා යන මහත්වරු දුන් ධෛර්යය අගය කරනවා.
පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවෙන් හා මෙතෝදිස්ත විදුහලින් මගේ ඉගෙනීමට හා කලා හැකියාවන් දියුණු කරන්න විශාල ශක්තියක් ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු විශාරද කල්‍යාණි ධම්මිකා ගුරුතුමිය යටතේ ඉන්දීය රාගධාරී සංගීතය ඉගෙන ගත්තා.
පසුගිය වසරේ පැවැති ආරම්භක රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ඉදිරිපත් වුණත් මූලික වටවලදීම මට ඉවත් වන්නට සිදු වුණා. මෙවර අවසන් වටයට ඉදිරිපත් වන්නට ලැබීම අඛණ්ඩ උත්සාහය හා පුහුණුව නිසා ලැබුණ දෙයක්. මම අවිවාහකයි. තරගයේ දී මම ගායනා කළ ඇන්ජලීන්, ලතා, උරේෂා ගායිකාවන්ගේ ගීත වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ එකම බලාපොරොත්තුව මෙවර කුසලානය යුද හමුදාවට ලබා දීමට යි.


ඉමාලි පතිරණ

වයස - 29

ගම – ගලේවෙල, පහළ වැව

මම ගුවන් හමුදාවෙ කෝප්‍රල්වරියක් ලෙස සේවය කරනවා. හමුදාවට බැඳුණේ මෙයට වසර 8 කට පෙර 2004 අප්‍රේල්වලදී. ඉගෙන ගත්තේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන්.
බාල කාලයේ සිට සංගීතයට ඇල්මක් තිබුණු නිසා සා.පෙළ හා උසස් පෙළ දෙකටම සංගීතය හැදෑරුවා. විශ්වවිද්‍යාලයට තේරුණත් එහි නොගිහින් ගුවන් හමුදාවට බැඳුණා. ඒකට හේතුව මගේ අප්පච්චි. ඔහු වසර 21 ක් යාපනයේ පලෙයි ඇතුළු ක්‍රියාන්විත ප්‍රදේශ රැසක රාජකාරි කළා. ඔහු අපිට රට වෙනුවෙන් සේවය කිරීමේ වැදගත්කම කියලා දුන්නා. මමත් හමුදාවට බැඳුණේ ඒ අනුවයි.
මම විවාහකයි. ඔහුත් සේවය කරන්නේ ගුවන් හමුදාවෙ. වෙනත් රියැලිටි ටී.වී. වැඩසටහන්වලට සහභාගී වී නැති වුවත් මම පසුගිය වසරේ පැවැත්වූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනටත් සහභාගි වුණා. එහිදී මට ගමන් කළ හැකි වුයේ අවසාන හැට දෙනා දක්වා පමණයි. ඒ නිසා මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව චන්ද්‍රලේඛා පෙරේරා. ඇයගේ ගීත තුනක් මම තරගයට කිව්වා.

ක්‍රිෂාන් දුමින්ද රාජ්

වයස - 27

ගම – මතුගම, හොරවල

මම යුද හමුදාවෙ ලාන්ස් කෝප්‍රල්වරයෙක් වශයෙන් සේවය කරනවා. හමුදාවට බැඳුණේ 2010 වසරේ දී. මට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිනවා. අවිවාහකයි.
යුද හමුදාවෙ තුන් දෙනෙක් රියල් ස්ටාර් කිරුළ අබියසට පැමිණ තිබෙනවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය යුද හමුදාවට ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. ඔවුන් අතරින් කවුරු ජයග්‍රාහකයා වුවත් කමක් නැහැ. අපේ අරමුණ යුද හමුදාවට කීර්තියක් ගෙන ඒමයි.
මම යුද හමුදාවට දායකත්වය ලබා දෙන්නේ තූ®ර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. සංගීතය පාසල් අධ්‍යාපනයෙන් පසුත් විෂයක් ලෙස හැදෑරුවා. වාද්‍ය හා ගායන විශාරද නන්දා පෙරේරා මහත්මිය මගේ ගුරුතුමියයි. ඇය යටතේ මම ගායන විශාරද උපාධියේ I හා II කොටස් ඇතුළුව මුළුමනින්ම සම්පූර්ණ කර තිබෙනවා.
මෙයට පෙර මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් හා රණවිරු ස්ටාර් තරග වලට තරගකර අවසන් විසි හතර දෙනා අතරට පැමිණ තිබෙනවා. ගියවර මට තරගයෙන් ඉවත් වීමට සිදු වූෙ ය් අසනීප තත්ත්වය නිසයි. ශාස්ත්‍රිය ගායනයන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නිසා අවසන් තරගයේ දී එවැනි ගායන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
.Dinamina
READ MORE - විරු තරු අද අවසන් සටනේ

අපේ ලෝකය සැහැල්ලුයි

Thursday, July 5, 2012

Sarsaviya

අපේ ලෝකය සැහැල්ලුයි

නාමෙල් - මාලිනී වීරමුණි පුංචි තියටර් මැද පුංචි නිවසක
නගරය බෙහෙවින් කලබලකාරීය. එකිනෙකා පරයමින් ඉදිරියට ඇදෙන්නට වෙර දරන වාහන එක් පසෙකින් නෙත ගැටේ. ඒ බොරැල්ලේ සිට රාජගිරිය දෙසටය. බොරැල්ල නගරය දෙසට දිවෙන අනෙක් මං තීරුවේ දක්නට ලැබෙන්නේ වාහන තදබදයකි. ඒ කලබලකාරී පරිසරය දෙස වඩාත් උස් තැනක සිට මම නිසොල්මනේ බලා හිඳීමි.
දඟකාර සුළං රොදක් කොහෙදෝ සිට පාව විත් ගත දැවටේ. සරතැස නිවාලන්නට එය මහගු අත්වැලකි. කූල් ඩ්‍රින්ක් එකක් . . . නැතිනම් ටී එකක්. ඕනෑනම් කිතුල් හකුරුත් එක්ක කහට එකක් බොන්නත් පුළුවන්.
ඒ හඬ එක්වරම මගේ කල්පනා ලෝකය විසුරුවා දමයි. මට පමණක් නොව ඔබටද හොඳින් හුරු පුරුදු ඒ හඬ මාලිනී වීරමුණිගේය. නැතිනම් මේ දිනවල ‘දූවරු’ ටෙලි නාට්‍යයෙන් ඔබට වඩාත්ම සමීප ග්‍රේස්ගේය.
‘කිතුල් හකුරුත් එක්ක කහට’
මම වහා පිළිතුරු දුනිමි.
මා මේ සිටින්නේ ‘නාමෙල් - මාලිනී – පුංචි තියටර් හි තෙවන මහලේ පිහිටි ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ ආලින්දයට යාබද බැල්කනියේය. සැබැවින්ම මේ සැඳෑ යාමය වෙන්ව ඇත්තේ ඔවුන් දෙපළ හා වඩාත් ළෙන්ගතු කතාබහකටය.
උණු කහට බඳුනත්, ඉස්තරම්ම කිතුල් හකුරු කැබැල්ලත් ගතට එක කරන්නේ ප්‍රබෝධයකි.
කිතුල් හකුරු ඇඟට හොඳ ෙඖෂධයක් . . . නාමෙල් වීරමුණි එසේ පවසමින් ආලින්දයේ අසුනකට බර දෙන්නේ මුව පුරා ඇඳුණු සිනහවක් සමඟය.
ඔන්න අපි පුංචි තියටර් එකේ චිත්‍රපට පෙන්වන්නත් තීරණය කළා. ඒ අනුව මේ රටේ පළමුවැනි ඩ්. ච්. සිනමාහල විදිහට මේ රඟහල ඉතිහාසයට එකතු වෙනවා. රොහාන් වැලිවිටගේ ‘ෆයින් විෂන්’ ආයතනය මගින් තමයි මේ කාර්ය සිදු කෙරෙන්නේ. ලංකාවේ සිනමාහල් කිහිපයකම ඩ්. ච්. තාක්ෂණයට ගැළපෙන විදිහට දැන් සකස් කරමින් පවතිනවා. පුංචි තියටර් එකෙන් තමයි ඒ චිත්‍රපට බෙදා හරින්නේ.
නාමෙල් සිය රඟහල මගින් දැනටමත් දියත් කර තිබෙන නව සැලසුම පිළිබඳ අපට තතු හෙළි කළේ එලෙසිනි. නාමෙල් හා සිනමාව අතර ඇත්තේ සිව් දශකයකටත් වඩා දිගු ඉතිහාසයකි. 1970 වසරේ තිරගත වූ ‘වෙස් ගත්තෝ’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඔහු ‘හාර ලස්සේ’, ‘සදහටම ඔබ මගේ’, ‘වල්මත් වූවෝ’ ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක විය. එසේ වුවත් ඔහු වඩාත් ප්‍රකට වුයේ නාට්‍යවේදියකු ලෙසිනි. කැලිෆෝනියා නෝර්ත් රිජිඩ් විශ්ව විද්‍යාලයේ නාට්‍යය කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට ද ඔහු හිමිකම් කියයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්’ වේදිකා නාට්‍යයේ තමයි මුලින්ම මම රඟපෑවේ. ඒ 1958 වසරේ. එතකොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. සරච්චන්ද්‍රයන් තමයි මගේ නාට්‍යය කලා ලෝකයේ ගුරුවරයා. මගේ මුල්ම නාට්‍යය නිෂ්පාදනය ‘ගොළු බිරිඳ’යි. ඊට පස්සේ මම ‘වංශක්කාරයෝ’, ‘නැට්ටුක්කාරී’ නාට්‍යය නිෂ්පාදනය කළා. ඒවා ප්‍රේක්ෂකයෝ අතර ගොඩක් ජනප්‍රිය වුණා. ‘බස් නැවතුම’ හා ‘මාධ්‍යවේදියකුගේ අසිපත’ කියා මෑතකදී මම තවත් නාට්‍යය දෙකක් නිර්මාණය කළා. විශේෂයෙන්ම ‘මාධ්‍යවේදියකුගේ අසිපත’ හරහා මම කතා කළේ 1989 වගේ කාලෙක අපේ රටේ පැවැති භීෂනකාරී යුගය ගැන. අපේ රටේ දේශපාලනඥයකු, සත්‍යය කතා කරන මාධ්‍යවේදිනියක මර්දනය කරන්න පාතාල නායකයකු පාවිච්චි කරන හැටියි මේ නාට්‍යයෙන් කියෙැවෙන්නේ. මෙහි දර්ශන වාර 16 ක් අපි වේදිකා ගත කළා. ඉදිරියේදීත් රඟ දක්වන්නට සූදානමින් ඉන්නවා.
තමන් නිර්මාණය කරන නාට්‍යය වේදිකා ගත කිරීම සඳහා තමන්ගේම නාට්‍යාගාරයක් හිමි මෙරට එකම නාට්‍යකරුවා නාමෙල් වීරමුණි පමණක්ම විය යුතුය. එනමුදු ඔහු නීතිඥ වෘත්තියෙන් හා වෙනත් කලා කටයුතුවලින් ඉපයූ ධනය යොදවා මෙම රඟහල ඉදි කරනු ලැබුවේ එවැනි පටු පරමාර්ථයක් මුදුන්
පමුණුවා ගැනීමට නොව, පොදුවේ මෙරට නාට්‍යය කලාවේ උන්නතිය වෙනුවෙනි.
පුංචි තියටර් හරහා විශේෂ කාර්යභාරයන් රැසක් සිදු කෙරනවා. නාට්‍යය වැඩමුළු, නැටුම් පංති, සාහිත්‍ය සම්මන්ත්‍රණ, මාධ්‍යය සාකච්ඡා, පැදුරු පාටි වගේ නොයෙක් කටයුතුª මෙතන සංවිධානය කෙරෙනවා. මේ තියටර් එක ආරම්භ කිරීමේ මූලික අරමුණ නාට්‍යය කලාව තරුණ පරපුර අතරට ගෙන යාමයි. නාට්‍යය නිෂ්පාදනය, රචනය, රංගනය පිළිබඳ වගේම තවත් නොයෙකුත් විෂයය ක්ෂේත්‍රයන්වල නිපුණයන් බිහි කිරීමට තෝතැන්නක් අප නිර්මාණය කළා. අප බලාපොරොත්තු වූ ආකාරයටම එය ඉෂ්ට වුණේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකින් හෝ සිදු වෙනවා. ඒක වැදගත්.
ඔබ මෙහි චිත්‍රපට පෙන්වන්න තීරණය කළේ නාට්‍යය බලන්නට නරඹන්නන් නොඑන නිසාද?
බොහෝ නාට්‍යය නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වෙන්නේ නාට්‍යය දර්ශනයක් සඳහා හය, හත් සීයක පිරිසක් රැස් කරවා ගන්න. පුංචි තියටර් එකේ ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියා ඔවුන් ලුම්බිණි නැතිනම් ජෝන් ද සිල්වා වගේ රඟහලක මේක පෙන්වනවා. නමුත් සෙනඟ පනහක්වත් එන්නේ නෑ. අනෙක මෙතනට වැඩිපුර එන්නේ ඔය නාට්‍යය ශාලා දෙකටම යන අය නෙවේ. ලයනල් වෙන්ට්ඩ් එකට යන පිරිස. ඔවුන්බොහෝ දෙනෙක් මධ්‍යම පාන්තිකයෝ.
අපට නාට්‍ය රසිකයෝ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් හා නාට්‍යය ශිල්පීන් වෙනුවෙන් අපේ රඟහලේ දෙවැනි මහල සම්පූර්ණයෙන්ම පර්යේෂණාත්මක නාට්‍යාගාරයක් බවට පත් කරන්න අප තීරණය කළා.
ඒ නාට්‍යාගාරයේ කොපමණ පිරිසකට ඉඩකඩ වෙන් වෙනවාද?
අඩුම තරමේ දෙසීයකට විතර. එතනදි ස්ථිර වේදිකාවක් නෑ. අපට රවුම් තියටර් එකක් විදිහටත්, නැතිනම් ප්‍රොසිනියම් තියටර් එකක් විදිහටත් මේක භාවිත කරන්නට පුළුවන්. බොහොම සමීපව, කිට්ටුවෙන් ඉඳගෙන රසිකයාට මේ සොඳුරු අත්දැකීම විඳගන්නටයි අප මේ වගේ නාට්‍යාගාරයක් නිර්මාණය කළේ.
වර්තමානයේ තරුණ නාට්‍යකරුවන් වඩාත් උනන්දුවක් දක්වන්නේ තත්කාලීන සමාජ, දේශපාලන අර්බුද තමන්ගේ නාට්‍යය නිර්මාණ ඔස්සේ සංවාදයට බඳුන් කරන්න. මේ ප්‍රවණාතව ගැන කතා කළොත්?
ඒකයි වෙන්න අවශ්‍යය. හැබැයි ඒකත් එක්තරා රැල්ලකට විතරක් සීමා වෙලා. විශේෂයෙන්ම පවතින දේශපාලන ක්‍රමයට හා සාමාජීය තත්වයන්ට සිනාසීමක් තමයි ඔවුන් කරන්නේ. ඒ කියන්නේ ඔවුන් මූලික කර ගන්නේ හාස්‍යය. නමුත් මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරලා කොහොමද මේකට පිළියම යොදන්නේ කියා ඔවුන් සිතන්නේ නැහැ. තේරුමක් නැති හාස්‍යයත් කාටවත් වැඩක් නැහැ.
හාස්‍ය තුළින් ගැඹුරු සමාජ යථාර්ථයක් මතු කළ හැකි බවයි ඔබ කියන්නේ?
ඔව් . . . විශේෂයෙන්ම නාට්‍ය කලාව හරහා. ග්‍රීක නාට්‍යය බැලුවාම සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. එතකොට ශේක්ස්පියර්ගේ, බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය බැලුවාම සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. සමාජීයයි. මූලික වශයෙන්ම ඒ වගේ දෙයක් අපේ රටේ කළේ සරච්චන්ද්‍රයන් හා හෙන්රි ජයසේනයි. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන මේක වෙනස් අයුරින් කළා. නමුත් මේ සමාජ, දේශපාලන ප්‍රශ්න බොහෝම ව්‍යක්තව තමන්ගේ කෘතිවලට ආරෝපණය කළේ සරච්චන්ද්‍රයන්. එතුමන්ගේ ‘මනමේ’ නාටකයේ තිබෙන්නේ සමාජ තල දෙකක ගැටුමක්. වැද්දා වෙන සමාජයක, රජු තවත් සමාජයක. මේ දෙගොල්ලම ප්‍රබලයෝ.
සරච්චන්ද්‍රයන් විදග්ධ නාට්‍යය කලාව තුළින් ඒ කළ දේ හරියටම තේරුම් ගත්තේ මේ රටේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා. නමුත් ආර්. ආර්. සමරකෝන්
‘කැළණි පාලම’ වගේ නාට්‍යයක් හරහා මතු කළ දේශපාලන යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාගේ මොලේට වගේම පපුවටත් දැනුණා . . .?
ඔව්, සමරකෝනුත් වෙනස් ආකාරයකින් දේශපාලනය ගැන කතා කරපු පුද්ගලයෙක්. සාමාජීය වශයෙන්. ඔහුගේ ‘දූවිලි’ වුණත්’ එහෙමයි. ඒ වගේම සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’, සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ වගේ නාට්‍යයත් මා හුඟක් අගය කරනවා. ධර්මසිිරි බණ්ඩාරනායක වගේ නාට්‍යකරුවකුත් අපට අමතක කරන්නට බැහැ. ඔහු ශිල්පීය අතින් අන්තිම ඉහළටම ගිය කෙනෙක්.
එතකොට නව පරපුරේ ඔබේ ඇගැයීමට ලක් වෙන නාට්‍යකරුවන් නැහැ?
අලුත් පරපුරේ රාජිත දිසානායක, ඉන්දික ෆර්ඩිනැන්ඩු, බුද්ධික දමයන්ත වගේ නාට්‍යය ශිල්පීන්ට මා කැමැතියි. ඔවුන්ගේ ඇතැම් නිර්මාණ මා අගය නොකරනවා නෙවෙයි.
වේදිකාව, සිනමාව අභිබවමින් අද වඩාත් ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබෙන්නේ ටෙලි නාට්‍යය. එය ප්‍රබල මාධ්‍යයක්. සිනමාවෙන්, වේදිකාවෙන් කළ හැකි මෙහෙවර ටෙලි නාට්‍යය මගින් සිදු කරන්නට බැරිද?
කරන්න පුළුවන්. ඒත් කරන්නේ නැහැනේ.
නාමෙල් එසේ කියමින් මාලිනී දෙස බැලුවේ ඇයට ද අප සංවාදයට එක් වන මෙන් නිහඬ ආරාධනාවක් කරමිනි. සැබැවින්ම මාලිනී වීරමුණි නාමය වඩාත් ප්‍රචලිත වූයේ මෙරට ටෙලි නාට්‍යය කලාව හරහා යැයි පැවසීම සත්‍යයකි.
එහෙම කරන්න බැරි හේතුව මම හිතන්නේ ඒ වගේ දේවල්වලට අනුග්‍රාහකයන් නැහැ. අනෙක දැන් මිනිස්සු මහන්සි වෙලා ගෙදර ඇවිත් ටෙලිවිෂන් එක ඉස්සරහ වාඩි වුණාට පස්සේ ඒ ගොල්ලන්ට මහ විශාල ප්‍රශ්න ඕනෑ නැහැ. ඒ මිනිස්සුන්ට ඕනෑ සරල වින්දනයක්. එයාලා යථාර්ථය ගැනයි, ගැඹුරු දර්ශනයකුයි බලාපොරොත්තු වෙන්නේ නැහැ.
පේ‍්‍රක්ෂකයෝ හැමෝම එහෙමද?


මම හිතන්නේ අපි ගත්තොත් 90% ක්ම ඔය නාමෙල් කියපු උසස් නිර්මාණ බලන්න කැමැති නැහැ.
ඇත්තද?
මා එසේ විමසුවේ නාමෙල් දෙස බලමිනි.
අද ටෙලිවිෂන් එකේ වැඩිපුර තියෙන්නේ මේ ලෝකේ කොහෙවත් නැති විදිහේ ආදරයක්. අද අපි දකින්නේ එස්. එම්. එස්. ලව් එකක්. කමක් නැහැ අද සමාජේ වෙනසත් එක්ක එහෙම නොවීත් බැහැ. ඒත් සැබෑ ආදරය ඊට වඩා බොහොම ගැඹුරුයි. සංවේදියි.
මාලිනී අක්කා ඒ කතාව අනුමත කරනවාද?
බොහෝ නාළිකාවල තියෙන්නේ අද්භූත දේවල්, විඳින්න බැරි දේවල්. හැම ටෙලි නාට්‍යකම කොල්ලෙක්, කෙල්ලෙක් ඉන්නවා. අම්මලා, තාත්තලා කැමැති නැහැ. ඒක දැන් යල් පැනපු, ඒකාකාරී දෙයක්. නළු, නිළියො වෙනස්. හැබැයි තේමාව යල් පැනපු එකක්. අපට ඊට වඩා සංවේදී හදවතට දැනෙන ටෙලි නාට්‍යය කරන්න බැරි ඇයි. ඒකට හේතුව අද ටෙලිවිෂන් එකේ හොඳ රචකයෝ නැහැ.
අඩ සිය වසක් යනු මිනිසත් ජීවිතයක් අනුව ගතහොත් දිගු කලෙකි. අඹු - සැමි යුවළකට සිය කුටුම්භ දිවියේ සතුටෙන්, සෙනෙහසින් එවැනි කාලයක් අත්වැල් බැඳ ලංව හිඳින්නට හැකි වේ නම් එය පූර්ව භවයක සිදු කළ මහා පුණ්‍යකර්මයක හේතුªඵලයකැයි මට සිතේ. නාමෙල් මාලිනී යුවළ ද එවන් පුණ්‍යවන්තයන්ය. එළඹෙන දෙසැම්බර් 13 වැනි දිනට ඔවුන් යුග දිවියේ පනස් වසර සමරති.
නාමෙල් අයියට දැන් වයස?
මගේ බිරිඳ නම් වයස කියන්න එපා කියලයි තියෙන්නේ. කමක් නෑ, දැන් මට අවුරුදු හැත්තෑ හතක්.
එයින් වසර පනහක්ම ගෙවුණේ ඇය සමඟ?
ඔව් . . . ඒකත් ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. මේ කාලය පුරාම අපි දුක, සැප බෙදා ගෙන ජීවත් වුණා. අපි අතරේ රණ්ඩු, සරුවල් – හැල හැප්පීම් නැතිවා නෙවෙයි. ඒවා නැත්තේ කොහෙද? හැබැයි ඒ ප්‍රශ්න අපි නිරාකරණය කර ගන්නවා එවෙලේම. ඒකට තියෙනවා හොඳ පිලියමක්.
මොකක්ද . . .?
මට කේන්ති ගියාම එයා කට වහ ගන්නවා. එයාට කේන්ති ගියාම මම කට වහ ගන්නවා. එච්චරයි. හැබැයි මම මාලිනීගේ අදහස්වලට කවදත් ගරු කළා. ඉදිරියටත් එහෙමයි.
මගෙ මූණ බැලුවම නපුරු පාටයි. මට කරන්න දෙයක් නෑ දෙවියනේ. ඒ් මම උපන් හැටිනේ. නාමෙල් දිහා බලපුවාම එයා හරි අහිංසක පාටයි. ඒ්ත් ඇත්තටම ඒකේ අනෙක් පැත්ත. එයා සැරයි, මම අහිංසකයි. අනෙක නාමෙල් එයාට හිතුණ දේ කරනවා. මට කියන්නේවත්, මගෙන් අහන්නේවත් නෑ. දැනුත් ඔන්න උඩ තට්ටුවේ බාස්ලා ගෙනල්ලා මොකක්ද හුටපටයක් . හැමෝම දැනගත්තට පස්සේ තමයි එයා කරන දේ මම දැන ගන්නේ. ඇත්තටම අනේ කලා පිස්සුව තමයි හැමදාම එයාට තිබුණේ. ඒ පිස්සුව මගේ ඔළුවට දැම්මෙත් එයාමනේ. නෝක්කාඩු ස්වරූපයක් කතාවෙහි ගැබ්ව තිබුණ ද ඇගේ වත පුරා දිස් වන්නේ ආදරණිය බැල්මකි. ඒ බැල්ම තුළ ඔවුන් ගේ ජීවිතයේ බොහෝ දෑ සටහන්ව ඇතැයි මට සිතේ.
ජීවිතය ගැන තෘප්තිමත්ද?
එය කිසි විටෙකත් ඔවුනගෙන් ඇසිය යුතු පැනයක් නොවේ. නමුදු ජීවිතයේ සැදෑ සමය ගත කරමින් හිඳිනා මේ දෙන්නා - දෙමහල්ලන්ගේ ලෝකය කිසියම් හුදෙකලාවකින් වෙලී ඇතිද?
ජීවිතයේ ගොඩක් දේ අපට ලැබුණා. අපි, අපිව බලාගෙන ඉන්නවා. අපේ ලෝකය හරිම විවෘතයි. ඒ නිසාම අපි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
දරු මල්ලෝ ළඟ නැති එක කනගාටුවක් නෙවේද?
අපට පුත්තු දෙන්නයි. එක දුවයි. ඒ හැමෝම විවාහ වෙලා විදෙස් රටවල ජීවත් වෙන්නේ. සතියකට දෙපාරක්වත් අපි දුරකතනයෙන් කතා කරනවා. අවුරුද්දකට වතාවක් එයාලා මෙහෙ එනවා. නැතිනම් අපි එහෙ යනවා එයාලා බලන්න.
එයාලගේ වගතුගත් අපට කියන්නකෝ?
නාමෙල්ගේ කතාවට මඳක් බාධා කිරීම සාධාරණ යැයි මට හැඟේ. ඒ හැමෝම වෘත්තිකයෝ. හැබැයි අපි ඒ ගොල්ලන්ගෙන් යැපෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම දුවට ඕනෑ වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. එයා ශ්ලෂ්නා වීරමුණි. ඈ නවසීලන්තයේ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා. ලොකු පුතා හේෂාන්, අමෙරිකාවේ බොස්ටන්වල වෙබ් ඩිසයිනර් කෙනෙක්. පොඩි පුතා තරිඳු එයත් පදිංචි නවසීලන්තයේ. නිව්සීලන්ඩ් නේවි එකේ නිලධාරියෙක් විදිහට ඔහු සේවය කරනවා.
නාමෙල් - මාලිනී කැදැල්ලෙන් සමු ගන්නා මොහොතේ මට සිතුණේ එක් දෙයක් පමණි. ඒ ‘ජීවිතයකට තවත් මොනවාද. . .?’ කියාය.


READ MORE - අපේ ලෝකය සැහැල්ලුයි

ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......

Sarasaviya

ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......

ජෝතිපාල සමඟ ප්ලේන්ටීයක්වත් නොබිව් අය අදඔවුන් ජෝති හා එකට ‘අඩි පුඩි’ පවා ගැසූ බවට කයිවාරු ගසති. එහෙත් එච්. ආර්. යන මුලකුරු දෙකෙන් කියැවෙන්නේ ‘හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ්’ යන්න බවවත් ඔවුන් ඇතැම් විට නොදන්නවා විය හැකිය.
එහෙව් රටක මර්වින් සිල්වා අමාත්‍යවරයා, ජෝතිපාලයන් හා ඉතා සමීපයෙන් ඇසුරු කිරීමට වරම, වාසනාව ලද අයෙකි. හේ ජෝතිගේ ගීවලට පෙම් බැන්දේ දේශපාලනයට පිවිසෙන්නට බොහෝ කලකට පෙරාතුවය. ජෝතිපාලයන් සතුව තිබූ ‘මනුස්සකම’ ඔහුට වඩාත් දැනුණේ දේශපාලන ලෝකයේ ‘අමනුස්සකම්’ දුටු විටය.
ජෝති දැයෙන් සමුගෙන පස් විසි වසරක් සපිරෙන මේ මොහොත වන විට මර්වින් සිල්වා යනු මෙරට දේශපාලන ලෝකයේ ප්‍රබල භූමිකාවකි. කෙතරම් කාර්යබහුල දිවියක් ගත කළ ද ඔහු අදත් ජෝතිගේ ගීයකට සවන් දෙන්නේ මනා සංහිඳියාවකින් යුතුවය. ජෝතිගේ උතුරා ගිය මිනිස් ගුණාංගයන්ට ඔහු අදටත් ගෞරවය පුද කරන්නේ හිස නමා ආචාර කරමිනි.
මේ ‘අමරණීය’ ජෝති පිළිබඳ සිය ආදරණීය මතකය අවදි කරන්නට මර්වින් සිල්වා නමැති කලාකාමී සහෘදයා අප හා එක් වූ අයුරුයි.
ජෝති ගැන කියන්න කලින් මම සඳහන් කරන්න කැමැතියි ගීයට, කලාවට මගේ තිබුණ ආශාව, උනන්දුව ගැන. ඇත්තෙන්ම ගීතයට මම පෙම් බැන්දේ ජෝතිපාලයන්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායන ශිල්පීන් නිසා. බෙලිඅත්ත ගමේත්, පාසලේත් මම ඒ කාලේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධයි. මඟුල් ගෙවල්වලට මාව නැතිවම බෑ. පාසලේ විවිධ ප්‍රසංගවලත් නිතර මම ගී ගයනවා. වැඩියෙන්ම මම ගායනා කළේ කෙල්ලන්ගේ සිත් ඇද ගන්න පුළුවන් සිංදු.
කුඩා කල පටන් සිය ගායන ලොවේ වීරයා වූ ජෝතිපාලයන් හඳුනාගෙන, ඔහු සමඟ කිට්ටු ඇසුරකට මර්වින් මුල පුරන්නේ සංසාර පුරුද්දකට මෙනි.
අපේ අම්මගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල. ඒ නිසා අපේ ගෙදර රේඩියෝවෙන් වැඩිපුරම කළේ ඔහුගේ ගීත අසන එක. රේඩියෝ එකේ ජෝතිගේ ලස්සන සිංදුවක් යන කොට අම්මා කියනවා ‘පුතේ ඔය සිංදුව පොඩ්ඩක් පාඩම් කර ගනින්’ කියලා. මම ඉතින් පොඩි නෝට් එකක් ගහ ගන්නවා. අම්මට ඕනෑ ඒ ගීත නැවත ගායනා කරන්න. ඉතින් ගුවන් විදුලියේ අපේ වීරයා වෙලා සිටි ජෝතිපාල අපේ තාත්තගේ බෙලිඅත්තේ හංමුල්ල හන්දිියේ කඩේට එන්න, යන්න වුණා. ඔහු එතකොට ‘හරිශ්චන්ද්‍ර’ ආයතනයේයි, ‘ටැංගානා’ ටී එකෙයි දෙකේම සේවය කළා, අලෙවි නියෝජිතයකු හැටියට. ජෝතිපාල ගමට ආවාම හරියට මඟුල් ගෙයක් වගේ. සෙනඟ පිරිලා. අපි ගොඩේ මිනිස්සුනේ. ඉතිං ගොඩේ අය ජෝතිපාල පණ පිටින් දැකලා නෑනේ.
ඒ කාලේ ඔබ දුටු ජෝතිගේ විශේෂ ගුණාංග මොනවාද?
ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. ආඩම්බරකමක් ගෑවිලාවත් තිබුණේ නැහැ. මිනිස්සු ප්‍රබුද්ධ වෙන්න ඕනෑ. නමුත් ප්‍රබුද්ධකම කැන්සර් එකක් වෙලා මොළයට හා නහරවලට ගියාම ඒක භයානක රෝගයකට මුල පුරනවා. ඒ රෝගෙට ලෝකෙ කොහේවත් බේත් නැහැ. මානය කියන රෝගයට බෙහෙත් නෑ. ඒකට කාගෙන් හරි හොඳ පොලු පාරක් කෑවම තමයි අර නියම තත්වෙට පත් වෙන්නේ. ජෝති හැමදාම හිටියේ මිනිස්සුත් එක්ක. ඔහුගේ ඒ නිහතමානී ගුණාංගය එදා වගේම මියයන තුරුත් ඔහු ළඟ තිබුණා.
ජෝතිපාල බෙලිඅත්තට පැමිණි විට මර්වින් ගේ පියාගේ කඩයට මෙන්ම නිවසට ද ඒමට පුරුදු වූයේ මර්වින් හා ඒ වන විට තිබූ දැඩි හිතවත්කම නිසාවෙනි.
ඒ වෙනකොට ජෝතිට මාවත්, මට ජෝතිවත් නැතිව බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ජෝති සමහරදාට රෑ නවතිනවා. පොඩි අඩියක් ඕනෑ එයාට. තාත්තා ඒවා සපයනවා. ඉතිං ජෝති අඩියක් ගහලා පොඩි සිංදුවක් එහෙමත් කියනවා. අපේ ගේ ළඟ හොඳ කුඹුකේ ලිඳක් තිබුණා. අපි නාන්න යනවා ඒකට. මම ජෝතිට නාන්න වතුර ඇදලා දෙනවා. අර බෝධියකට වතුර වත් කරන සයිස් එකෙන් තමයි මම එයාට වතුර ඇදලා දෙන්නේ. ඒ කාලේ රිවෝඩ් කියලා සුවඳ සබන් ජාතියක් තිබුණා. ජෝති ඒ සබන් පාවිච්චි කරන්න හරිම කැමැතියි. ඇත්තටම අද මට හිතෙන්නේ ජෝතිට එදා වතුර ඇදලා දුන්නා වගේම පිට අතුල්ලලා, නාවලා, පිහදාලා ඔහුට මේස්, සපත්තුත් පැළැන්දුවා නම් කොයි තරම් හොඳ ද කියලයි. මොකද ජෝති කියන්නේ ඒ තරම් හොඳ මහත්මයෙක්.
ජෝති රුහුණේ මී කිරිවලට අතිශයින් ප්‍රිය කළේය. මර්වින් කොළඹ යන විට ජෝති වෙනුවෙන් මී කිරි හට්ටි කිහිපයක් ගෙන යන්නට අමතක කළේ නැත.
ජෝති එතකොට හිටියේ බත්තරමුල්ලේ කොස්වත්තේ අම්මයි, තාත්තයි එක්ක. මම ගමේ ඉඳන් ජෝති බලන්න එනවා. ගොඩක් වෙලාවට එන්නේ උදේ වරුවේ. මම එනකොට මෙන්න ජෝති රේස් කොලේ බලන්න බුකියට ගිහින්. ‘ආ . . .. මල්ලි කිරිත් ගෙනාවද . . .?’ කියලා සිනහමුසු මුහුණින් තමයි ඔහු මාව පිළිගන්නේ. ජෝතිත් එක්ක පැය කීපයක් ගත කරලා මම ආපසු යන්නේ ගතයි, සිතයි නැවුම් ප්‍රබෝධයකින් පුරවාගෙන. මම අනුරාධපුරයේ ඇලයාපත්තුවේ සිටි කාලෙත් ජෝති මාව බලන්න ආවා. ඒ ආපුවාමත් පොඩි අඩියක් එහෙම ගහලා ඔහු ගී ගයනවා. ඒ වෙලාවට ජෝතිගේ මුවින් ගී ගැයෙන්නේ හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගේ.
ඔබ වඩාත් ප්‍රිය කරන ජෝතිගේ ගී මොනවාද?
ඉස්සර අපේ කටේ වැඩිපුරම තිබුණේ ‘සිරියාමේ සාරා’ ගීතය. ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘වැහිදාට අඹරේ’, ‘එපා එන්න කියලා’, ‘උන්මාදිනියේ’, ‘පිළිගන්න මම චන්න ඇමැති වෙමී’, ‘මුලදි බැන්ද’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘අඬන්නේ ඇයි සුදු මැණිකේ’ වගේ ගීතවලට මම ගොඩක්ම කැමැතියි. තාමත් ඒ ගීත මම රස විඳිනවා. විශේෂයෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයේදී ජෝතිට ගහන්න කෙනෙක් හිටියේ නෑ. ඔහුට තිබුණේ තිරයට කදිමට ගැළපෙන හඬක්. ජෝතිගේ ඒ ගායනය ගැන විජය කුමාරණතුංගයන් වරක් කී කතාව තාම මට මතකයි.



READ MORE - ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......

ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !

ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !

සාහිත්‍යවේදී ගුණදාස අමරසේකරයන්ගේ අලුත්ම නිර්මාණය, "රූපාන්තරණය" නවකතාව එළිදැක්‌වීමේ උත්සවය පෙරේදා (19 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. පොත් දොරට වැඩීමේ උත්සව ගැන ඉතා අමිහිරි අත්දැකීම් ඇති නිරෝධ මෙතැනට සහභාගි වුණේ ද විචිකිච්චාවක්‌ ඇතුවය. බුද්ධදාස ගලප්පත්තිගේ කෙටිකතා පොත එළිදැක්‌වීමේ උත්සවයේදී ප්‍රධාන දේශන පැවැත්වූ මහාචාර්ය ගංගානාත් සහ පියල් කාරියවසම් කියා සිටියේ දොරට වඩින පොත ගැන කතා නොකොට වෙන ඕනෑ දෙයක්‌ කතා කරන්නැයි ලේඛකයා තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. එහෙත් උත්සවයට සහභාගි වී සිටි පිරිස එම කාලය වෙන් කළේ දොරට වඩින පොතෙන් නැතත් දේශකයන්ගෙන් හෝ ලැබෙන යමකින් ඔළු පුරවාගන්නටය. ඒ බව තේරුම් ගන්නට තරම් ඔළුවක්‌ තිබූ පියල් කාරියවසම් අද දවසේ සාහිත්‍ය කරුවාගේ සමාජ වගකීම ගැන වැදගත් යමක්‌ කතා කළේය. ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්‌කුගේ ප්‍රථම නවකතාව "නුඹ සමඟ" එළිදුටු උත්සවයද ඊට දෙවැනි නැත. අනෙකුත් දේශකයන්ට සාපේක්‌ෂව වැඩි කාලයක්‌ ගත් සේන තෝරදෙනිය වෙනත් සාහිත්‍ය දේශකයකු වෙනත් තැන්වලදී පළකළ අදහස්‌ විවේචනය කරන්නටත්, තමන්ගේ දෘෂ්ටිවාදයට පටහැනිව ලියන ලේඛකයන්ගේ නුගුණ විමසන්නටත් විය. එතැනට පැමිණිය වුන්ටද සිදුවූයේ හිස්‌ අතින් පිටව යැමට ය. මේ අතර පසුගිය 18 වැනිදා පැවැති මහාචාර්ය ගංගානාත්ගේ පොත් දොරට වැඩුමට සහභාගි වූවන්ට කිසිවක්‌ ඔළුවලට ලැබුණේ නැතත් බඩ පුරා පැණි වළලු කන්නට ලැබුණු බව නම් නිරෝධට ආරංචිවිණි.

නිරෝධට ඇති කනගාටුව නම් මෙබඳු දොරට වැඩීමේ උත්සවවල න්‍යාය පත්‍රයට අනුව සංවාදයක්‌ ඇති බව සඳහන් වුවත් එබඳු සංවාද ඇති නොවීමයි. ගුණදාස අමරසේකරයන්ගේ උත්සවයේදී ද ඒ අඩුව එසේම වුණි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අමරසේකරගේ එදා නිර්මාණ හා අද නිර්මාණ අතර යම් මතයක්‌ ගොඩනඟන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නට වුවද ඔහුගේ දිගු දේශනය තුළ ඒ අමුද්‍රව්‍යය කිසිවක්‌ නිමි ද්‍රව්‍ය බවට පත්වුණේ නැත. තේරෙන්නටම කියන්නේ නම් ලේඛකයකු ලෙසත්, සමාජ ක්‍රියාකාරිකයකු ලෙසත් අමරසේකර දැරූ දේශපාලන මත, ගොඩනැගී දේශපාලනික චින්තනය අද දවසේ දේශපාලන යථාර්ථය තුළ ස්‌ථානගත වන්නේ "ජුලම්පිටියේ අමරේ" බඳු දේශපාලනික අවිඥානිකයන් මත බවට නිර්මාල් ගොඩනැඟි ප්‍රබල තර්කය ඔහුගේ කතාව පුරා දියාරුවී ගොස්‌ තිබිණි. "ගමනක මුල් සිට ජුලම්පිටියේ අමරේ" දක්‌වා අමරසේකරයන්ගේ සාහිත්‍ය භාවිතාව පිළිබඳ යම් සංවාදයකට ඉඩ විවර කළ නිර්මාල් විසින්ම ඒ ඉඩ අහුරා දැමුයේ ඇයිද යන්න නිරෝධට තේරුම්ගත නොහැක.

"රූපාන්තරණය" කෘතිය සම්පූර්ණයෙන් කියෑවීමට ඉඩක්‌ නොලැබුණත් එහි අන්තර්ගතය පිළිබඳ යම් වැටහීමක්‌ ලැබූ නිරෝධ විග්‍රහ කරගන්නේ මෙය "ගමනක මුල" පටන් ගමනක අග දක්‌වා වූ නවකතා මාලාවේ දිඟුවක්‌ ලෙසය. නිර්මාල් ඒ පිළිබඳ ඉතා වැදගත් අදහසක්‌ පළ කළේය. අමරසේකරගේ විශිෂ්ටතම නවකතා බවට පත් වන්නේ මුල් කාලීන නවකතා බවත් අද ඔහු වෙනත් මඟක්‌ තෝරාගෙන ලේඛනයේ නිරත වන බවත් නිර්මාල් කියා සිටියේය. කෙසේ වෙතත් නිර්මාල් සෘජුව කිසිවක්‌ කීවේ නැත. කීවේ නැතිද නොකියන්නට පරෙස්‌සම් වුණා දැයි දන්නේ නැත. පැහැදිලිව හෝ අපැහැදිලිව නිර්මාල් කියන්නට උත්සාහ කළ දේ නිරෝධට දැනුණේ මෙසේය.

1984 දී ගමනක මුල ලිවීමේ පටන් 2012 රූපාන්තරණය දක්‌වා විටින් විට ප්‍රබන්ධ 9 ක්‌ ඔස්‌සේ මෙරට සිංහල මැද පංතියේ පරිණාමය පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කළ රචනා පෙළ ඔස්‌සේ ගොඩනැඟි ජාතික මතවාදය අද වනවිට අවරගණයේ දේශපාලනික භාවිතාවකට කිසියම් තල්ලුවක්‌ දී ඇත. ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන රැස්‌වීමකට පහරදී දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම ගැන විමසා බලතොත් විරුද්ධ දේශපාලන මතවාදයන් නොඉවසන තැනකට ජාතික චින්තනයෙන් ආඪ්‍ය වූ අද දවසේ දේශපාලන බලාධිකාරිය විතැන් වී ඇත.

මේ අදහස තහවුරු කිරීම සඳහා නිර්මාල් විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "ධර්මිෂ්ඨ සමාජය" කෘතියත් සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ "කොළපාට සමාජය" කෘතියත් ගෙනහැර පෑවේය. 1977 ඡේ. ආර්. ජයවර්ධන ගේ ධර්මිෂ්ඨ සමාජය සංකල්පයට එරෙහිව සරච්චන්ද්‍රයන් එදා සිය මතය පළ කළ අයුරුත්, සරච්චන්ද්‍රගේ මතවාදය නිශේධනය කිරීමේ අරමුණින් "කොළපාට සමාජය" ලියෑවුණු අයුරුත් පැහැදිලි කළ ඔහු සියල්ල අවසානයේ අද අප යළිත් "කොළපාට සමාජයම" පිළිගෙන තිබෙන අයුරුත් පිළිබඳ කළ විග්‍රහය අමරසේකරගේ අලුත් සාහිත්‍ය ප්‍රවණතාව අරබයා කළ හොඳම විග්‍රහය යෑයි නිරෝධට සිතෙයි.

මෙහිදී "නේෂන්" පුවත්පෙත් කර්තෘ මාලින්ද සෙනෙවිරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති ගැන පළ කළ අදහසද නිරෝධගේ අවධානය දිනා ගති. 56 දරුවන් මේ රටට කළේ විනාශයකැයි අමරකීර්ති කියන කතාව තාර්කික නැතැයි කී මාලින්ද අද අප යහපතට ම ගොස්‌ නැතත් අයහපතටම ගොස්‌ නැත්තේද 56 පෙරළිය නිසා බව කියා සිටියේය.

අමරකීර්තිගේ සාහිත්‍ය අමරසේකරට දිරවන්නේ නැතිවා මෙන්ම, අමරසේකරගේ සාහිත්‍ය අමරකීර්තිට දිරවන්නේ නැති බව ද කවුරුත් දනී. එහෙත් මේ නොදිරවීම් අතරින් පොදුවේ සිංහල සාහිත්‍ය සමාජයට යම් දැනුමක්‌ විවර කෙරෙන බව නිරෝධ දකී. සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ පරිණතභාවය අතින් අමරසේකරයන් සතු වටිනාකමත්, සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ඇකඩමිකභාවය අතින් අමරකීර්ති සතු වටිනාකමත් මීට වඩා අද දවසේ සිංහල සාහිත්‍යයේ උන්නතියට අවශ්‍ය වන බව නිරෝධ කල්පනා කරයි. අමරසේකර "යළි උපන්නෙමි" බඳුවක්‌ යළි ලිවිය යුතු යෑයි නිරෝධ කියන්නේ නැත. අමරකීර්තිගෙන් මේ දේශපාලන භාවිතාවට ප්‍රශස්‌ති ගායනා ලැබිය යුතු බව නිරෝධ කියන්නේ නැත. එහතේ මේ මොහොතේ මෙන්ම අප රට පසුවන අනතුර මීට වඩා විදග්ධභාවයකින්, විශ්වාසනීයත්වයකින් යුතුව අමරසේකරගෙන් මෙන්ම අමරකීර්තිගෙන්ද විග්‍රහ විය යතු බව නිරෝධ කල්පනා කරයි.

දැන් මේ සටහන අවසන් කළ යුතුය. එහෙත් ඊට පෙර "රූපාන්තරණය" දොරට වැඩුම් උළෙල අතරමැද දී පුවත්පත්වල ප්‍රවෘත්ති පළ කළ යුතු ආකාරය ගැන හැඟීම්බරව කතා කළ ගෙවිඳු කුමාරතුංග ගේ චෝදනාවට පිළිතුරක්‌ නොදුන්නොත් අඩුවකැයි හැඟේ.

ඔහු සියලු පුවත්පත්වලට චෝදනාත්මකව කියා සිටියේ ජුලම්පිටියේ අමරෙගේ ප්‍රවෘත්තිය මුල් පිටුවේ දමන පත්තරවලට ගුණදාස අමරසේකරයන්ගේ අලුත් නවකතාව එළිදැක්‌වීම මුල්පිටුවේ ප්‍රවෘත්තියක්‌ නොවීම ජාතියේම අභාග්‍යයක්‌ බවයි. ඔහු මේ අදහස්‌ පළ කළ ආකාරය හා එහිදී එතැන සිටි ජාතික පුවත්පත් හි ප්‍රධාන කර්තෘවරුන් කීප දෙනකුගේ නම් සඳහන් කළේ ඇයිද යන්න දන්නේ ඔහුම පමණි. නිරෝධට නම් පෙනුණේ පුවත්පත් ප්‍රකාශනය හා පොත් ප්‍රකාශනය ගෙවිඳුට පටලැවී තිබූ බවයි. අනෙක ගුණදාස අමරසේකරයන් බඳු කෘතහස්‌ත ලේඛකයකුට පුවත්පතක ඉඩ වෙන් කළ යුතු ආකාරය ගැන පොත් මුදලාලි කෙනකුට තීරණයක්‌ දිය හැකි යෑයි නිරෝධ කියන්නේ නැත. ඕනෑම පුවත්පතක සියලුම පිටුවල කොලම් සෙන්ටිමීටරයකට මිලක්‌ ඇත. මුල් පිටුවේදී ඒ මිල වටිනාකමින් තවත් ඉහළ යයි. එබඳු පසුබිමක්‌ තුළ වුවද බොහෝ පුවත්පත් සාහිත්‍ය බඳු විෂයකට වර්ණ පිටු හතරක්‌ වෙන් කිරීම යනු ඉමහත් සේවයකි. එනිසා ගෙවිඳුගෙන් ප්‍රශ්න කිහිපයක්‌ අසන්නට නිරෝධට හිතෙයි.

1. ඔබේ ප්‍රකාශන ආයතනය මුද්‍රණය කරනු ලබන පොත් ප්‍රකාශයට පත් කරන්නේ නොමිලේ බෙදා හැරීමටද?

2. පොතක්‌ එළිදක්‌වන ප්‍රවෘත්තියක්‌ පුවත්පත්වල සාහිත්‍යටම අදාළ පිටුවේ පළවීම ප්‍රමාණවත් නැතිද?

3. පොතක්‌ ප්‍රකාශයට පත් කර අලෙවියෙන් ආදායමක්‌ ලබන හෙයින්, අමරසේකරයන් බඳු ලේඛකයකුගේ කෘතියක්‌ හෝ එළිදකින අවස්‌ථාවක පුවත්පතක මුල්පිටුවේ දැන්වීමක්‌ පළ කිරීමට තරම් ප්‍රකාශකයකුට මැදිහත්වීමක්‌ කළ නොහැකිද?


නිරෝධ

READ MORE - ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

 
ගෙවිඳුගෙන් පැහැදිලි කිරීමක්‌

අකුරට බුහුමන් කරන්න

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

ගුණදාස අමරසේකරයන් ගේ අලුත් ම නවකතාව, රූපාන්තරණය හෙවත් සෝමදේව ගේ සංක්‍රාන්තිය නවකතාව දොරට වැඩි උලෙළේදී§ මා පොදුවේ ජනමාධ්‍යයන් ගෙන් ද විශේෂයෙන් පුවත්පත්වලින් ද කළ ඉල්ලීම ගැන 'වටමඬල' සාහිත්‍ය අතිරේකයේ නිරෝධ දැක තිබුණේ සම්පූර්ණයෙන් ම නිෂේධාත්මක ලෙස ය. පුවත්පත් කතුවරුන් ගේ, පුවත්පත් කලාවේදීන්ගේ ශුද්ධ වූ කටයුත්තට මුදලාලි කෙනකු ගේ අවිනීත මැදිහත්වීමක්‌ ලෙස ය. නිරෝධ සිය -චින්තාවලී තීරුවෙහි මගෙන් පිළිතුරු ඉල්ලා කළු අකුරෙන් මුද්‍රණය කර තිබූ ප්‍රශ්නවල හරයෙන් මෙන් ම ඊට පෙර ''... පුවත්පත් කතුවරුන්ට උපදෙස්‌ දීමට තරම් පොත් මුදලාලි කෙනකුට සදාචාරාත්මක අයිතියක්‌ ඇත්දැයි නිරෝධ කල්පනා කරයි'' ආදි ලෙස එන වැකිවලින් ද ගම්‍ය කරන්නේ එ බව ය. එ දින උත්සවයට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයට දරාගැනීමට අපහසු තරම් පිරිසක්‌ එක්‌ රොක්‌ වුව ද දිවයින පාඨකයන් හා සලකන විට එ ඉතා සීමිත පිරිසක්‌ බැවින් මා කළ ඉල්ලීම කුමක්‌ දැ යි නොදන්නා පාඨකයන් හමුවේ ප්‍රශ්න කරනු ලැබීමත් පිළිතුරු බැඳීමත් සදාචාරාත්මක නොවන හෙයින් එ දින මා කළ ඉල්ලීමෙහි, ප්‍රකාශයෙහි හරය ඔබ පාඨකයන් ඉදිරියේ පළමු ව තැබිය යුතු ය යි සිතමි.

මා එම සභාව හමුවේ තැබූ ප්‍රශ්නය වූයේ කිසියම් අත්වැරැද්දක්‌ නිසා රිය අනතුරක්‌ වූ විට එය මුල් පිටුවේ වාර්තා කරන පුවත්පත්, අපරාධකරුවන් ගේ ක්‍රියාකාරකම් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ක්‍රීඩකන් ගේ දක්‌ෂතාවන් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ලේඛකයන් සම්බන්ධයෙන් උදාසීන වන්නේ මන්ද කියා ය. විශේෂයෙන් ම ලේඛකයා මත රඳා පවතින පුවත්පත් සිය ජීවිත කාලය ම ලේඛන කලාවට කැප කොට එහි විශිෂ්ටතා අත්පත් කරගත් අමරසේකරයන් වැනි විශිෂ්ටයකු ගේ සාහිත්‍යමය ක්‍රියාකාරකම් සඳහා මුල් පිටුවේ ඉඩ විවර කළ යුතු නො වේ ද කියා ය. එහිදී අපට පුවත්පත් ඇතුළු සියලු ජනමාධ්‍යවලින් ඇති තරම් ප්‍රචාරය ලැබුණු බවත් එ දින උත්සව ශාලාව පිරී ඉතිරී යැමට තරම් සහෘදයන් සහභාගී වීමට එය ද හේතු වී ඇති බවත් ඊට අදාළ ප්‍රචාරය ලබාදුන් සැමට කෘතඥ වන බවත් ස`දහන් කළ මා කියා සිටියේ ප්‍රශ්නය ප්‍රචාරය පිළිබඳ ව නො ව ප්‍රමුඛතා පිළිබඳ ව බව ය. අවසාන වශයෙන් මා සභාව හමුවේ තැබුවේ විශිෂ්ටතා දක්‌වන ක්‍රීඩකයන්ට මුල් පිටුව හිමි වන විට විශිෂ්ටතා දක්‌වන ලේඛකයන්ට එ තැන නොලැබේ නම් අපේ ළමා පරපුර ලේඛනයට යොමු වේ ද යන ප්‍රශ්නය ය" රටේ අනාගතය වෙනුවෙන් මේ තත්ත්වය නිවැරැදි විය යුතු නො වේ ද යන්න ය.

දැන් අපි නිරෝධ ගේ ප්‍රශ්නවලට යොමු වෙමු.

1. ඔබේ ප්‍රකාශන ආයතනය මුද්‍රණය කරනු ලබන පොත් ප්‍රකාශයට පත් කරන්නේ නොමිලේ බෙදාහැරීමට ද?

නිරෝධ මගෙන් මෙසේ අසන්නේ මුල් පිටුවේ පළ කරන්නේ මොන ම ආර්ථික වටිනාකමක්‌වත් නැති දේවල් නිසා ද? මුල් පිටුවේ පළ වන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මිල මුදල් අය කිරීමෙන් තොර ව යෘ අපරාධකරුවන් මිනී මරන්නේ මුදලට නොවේෘ ප්‍රතිපත්ති ගරුකව යෘ පසුගිය දා සනත් ජයසූරිය හින්දි නිළියක හා රඟනු මුල් පිටුවේ ම පළ කර තිබුණේ ඔහු එ ස`දහා මුදල් අයකර නොතිබුණු නිසා යෘ එ රංගනය මාතර ඡන්ද දායකයන් පිනවීම ම අරමුණු කර ගත්තක්‌ නිසා යෘ

හිතවත් නිරෝධ, ක්‍රීඩකයකු ගේ පින්තූරයක්‌ පළ වන විට එය ඔහු ගේ, ඔහු වෙනුවෙන් කටයුතු කරන එජන්ත ගේ, ඔහු ඇඳ සිටින සපත්තුවේ නැති නම් අතේ ඇති පිත්තේ ආදි වූ සියල්ලෙහි වෙළෙඳ වටනාකම වැඩි කිරීමට හේතු වේ. ලේඛකයකු ගේ සුවිශේෂතා ඇගයීමේ දී ද එ ආකාරයට ම ඔහු ගේ

පොත්, එවා ප්‍රකාශයට පත් කරන ආයතන ආදි සියල්ලට යම් වෙළෙඳ අගයක්‌ ද එකතු වන බව පැහැදිලි ය. ලක්‌ෂ ගණන් උපයන දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට, ක්‍රීඩකයන්ට මුල් පිටුව විවෘත වෙද්දි ඔවුන් උපයන දෙයින් සොච්චමක්‌වත් නොඋපයන ලේඛකයන්ට මේ ආර්ථික ක්‍රියාවලිය පෙන්වා එ දොර වැසීම යුක්‌ති සහගත වන්නේ කෙසේ ද?

මෙයට අමතර ව අප නොමිලේ බෙදා හැරීමටත් පොත් මුද්‍රණය කරන බව නිරෝධට මතක්‌ කිරීමට සිදු ව තිබීම කණගාටුවට කරුණකි. වටමඬලට මේ තාක්‌ අප එවූ පොත් නොමිලේ මිස බිල්පත් සමඟ එවූයේ නෑ නො වේ ද? අප ප්‍රකාශයට පත් කරන සෑම පොතකින් ම මුද්‍රණය කරනු ලබන පිටපත් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක්‌ මුද්‍රණය කරනු ලබන්නේ නොමිලේ බෙදා දීමට ය" පුවත්පත් කතුවරුන්ට, සාහිත්‍ය පිටු සංස්‌කාරකවරුන්ට, විචාරකයන්ට හා විද්වතුන්ට ලබා දීමට ය. එ ක්‍රියාවලිය ද පොතේ අලෙවියට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අප එ කාර්යයෙහි නියෑළෙන්නේ ප්‍රචාරයට වඩා බුද්ධිමය දායකත්වයක්‌, සමාජ කාර්යභාරයක්‌ අපේක්‌ෂාවෙන් ය.

දෙ වන ප්‍රශ්නය සළකමු.

2. පොතක්‌ එළිදක්‌වන ප්‍රවෘත්තියක්‌ පුවත්පත්වල සාහිත්‍යයට ම අදාළ පිටුවේ පළ වීම ප්‍රමාණවත් නැති ද?

සාහිත්‍යය ප්‍රවෘත්ති සාහිත්‍යය පිටුවට ක්‍රීඩා ප්‍රවෘත්ති ක්‍රීඩා පිටුවට ආදි ලෙස එ එ ප්‍රවෘත්ති එ එ පිටුවට සීමා වේ නම් මුල් පිටුව තිබෙන්නේ කුමක්‌ වෙනුවෙන් ද? රටේ ජාතියේ අවධානය යොමු විය යුතු ප්‍රමුඛ කාරණ වෙනුවෙන් බව අප ගේ හැඟීම යි. එහිදී දේශපාලනඥයකු, ක්‍රීඩකයකු විශිෂ්ටතා දක්‌වන විට ඔහුට විවර වන මුල් පිටුව ලේඛකයකු, රංගධරයකු, චිත්‍ර ශිල්පියකු, සංගීතඥයකු විශිෂ්ටතා අත්පත් කරගන්නා විට ඔවුන්ට ද විවර විය යුතු ය. එය ඔවුන් වෙනුවෙන් කරන දෙයකටත් වඩා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් වූ කරුණක්‌ ලෙස ය අප දකිනුයේ. ආසියාවේ සංස්‌කෘතියට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජපානයේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයකින් පිරිනමනු ලබන සම්මානය මේ වසරේදී සිබිල් වෙත්තසිංහ මහත්මියට හිමිවීම සම්බන්ධයෙන් අප ගේ පුවත්පත් ලබා දුන් ප්‍රමුඛතාව කුමක්‌ ද යන්න මේ ප්‍රශ්නයෙහි අදාළත්වය මොනවට කියාපායි.

තුන් වන ප්‍රශ්නයට යොමු වෙමු.

3. පොත් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශයකයා අලෙවියෙන් ආදායමක්‌ ලබන හෙයින් අමරසේකරයන් බඳු ලේඛකයකු ගේ කෘතියක්‌ හෝ එළිදකින අවස්‌ථාවක පුවත්පතක මුල් පිටුවේ දැන්වීමක්‌ පළ කිරීමට තරම් පොත් ප්‍රකාශකයකුට මැදිහත්මක්‌ කළ නොහැකි ද?

මෙලෙස වෙළෙඳ දැන්වීම් ගැනත් කොලම් සෙන්ටි මීටරයේ රුපියල් සත මිල ගැනත් කතා කරමින් නිරෝධ ඉටු කරන්නේ පුවත්පත් කලාවේදියකු ගේ කාර්යභාරය ද? වෙළෙඳ කළමනාකරුවකු ගේ කාර්යභාරය ද? ඔබ කියන්නේ පොතක වටිනාකම, ලේඛකයකු ගේ වටිනාකම පුවත්පතක කතු මඬුල්ල තීරණය කරනවාට වඩා පොත් ප්‍රකාශකයකු ගේ මුදල් වැය කිරීමේ හැකියාව මත තීරණය වීම සුදුසු බව ද? නිරෝධ ඔබ පෙනී සිටිය යුත්තේ පොත් ප්‍රකාශනය මුදලාලිකරණය වීම වෙනුවෙන් ද? ඉන් මුදාගැනීම වෙනුවෙන් ද?

හිතවත් නිරෝධ, රූපාන්තරණය කෘතිය එළිදැක්‌වූ උත්සව සභාවේදී මා කළ ආයාචනයේ හරය වන්නේ අකුරට බුහුමන් කරන්න යන්න ය. කුමාරතුංග මුනිදාසයන් දරුවන්ට ලියූ ඒ කවි පදයේ අරුත ජාතියක්‌ ලෙස ක්‍රියාවට නැගීSමේ අවශ්‍යතාවය ය. ලේඛනය මත රඳා පවතින පුවත්පත්වලට එහිදී ප්‍රමුඛතම වගකීමක්‌ හිමිවන බව ජනමාධ්‍ය විෂයෙහි ප්‍රවීණයන්, පුවත්පත් කතුවරුන් හා කලාවේදීන් හමුවෙහි සිහිපත් කරලීම ය. මා මුදලාලියකු වේ වා, නො වේ වා, එ ආයාචනය ගැන මැදිහත් ව සිතනු මැනවි.

ගෙවිඳු කුමාරතුංග


READ MORE - පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය

'අර මිහිරි සීනු නාදය' කියවූයෙමි

චින්තක රණසිංහ

නොනිදන අවධිය

ටෝල්ස්‌ටෝයි, දොස්‌තයෙවුස්‌කි, සාත්‍ර වැනි උසස්‌ නිර්මාණකරුවන්ගේ උසස්‌ බවට එක්‌ හේතුවක්‌ වන්නේ තමා පය ගසාගෙන සිටින තමාගේ ආධ්‍යාත්මික, භෞතික ලෝකය අවංකව, නිර්භයව හා තීක්‌ෂණ ආකාරයෙන් විවේචනයට ලක්‌ කිරීමයි. මේ කෙටිකතාවෙන් අමරකීර්ති කරන්නේ ද එබඳු ආත්මීය ආභ්‍යන්තරික තීක්‌ෂණ විවේචනයයි. එම විවේචනය උචිත කලාත්මක සංයමයකින් සිදු කිරීමට හෙතෙම සමත් වේ. ලාංකේය සරසවි පද්ධතියේ ගුරු සිසු දෙප්‍රජාව මතු නොව අලස මධ්‍යම පාන්තික මානසිකත්වය ද මෙහි දී කර්කශ ලෙස විමර්ශනයට ලක්‌වේ. ඉන්ද්‍රජාලික, මනෝජාල හෝ කුමන අද්භූතයක්‌ වේවා භාවිත කළ යුත්තේ අප අවට ගලායන ජීවිතය විනිවිදීමට මිස එහි යථාව මායාවෙන් වසා දැමීමට නොවේ. අමරකීර්ති ආවේගශීලී විවේචකයකු වන නමුත් සංයමශීලී නිර්මාපකයකු ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දේ.

'නොනිදන අවධිය' එනම් කතාවේ නමම ප්‍රධාන වශයෙන් ද්විත්ව අර්ථ ලබාදේ. එක්‌ අර්ථයක්‌ නම් කතාව ලියා ගුරුවරයාට බාරදෙන විදර්ශන ප්‍රේමසිරි ගේ 'නිදා නොගැනීමේ කාලය හෙවත් සිකියුරිටි කාලයයි'. අනෙක නම් කතාවේ තේමාව ඇසුරින් මතුකරගත හැකි පේරාදෙණියේ ස්‌වර්ණමය යුගය සහ වර්තමාන අවධිය පිළිබඳ සන්සන්දනාත්මක තත්ත්වයයි. ඒ අනුව මේ පසුකරන්නේ නොනිදා අවධියෙන් පසුකළ යුතු සංකීර්ණ අවධියයි. ස්‌වර්ණමය යුගය ලෙස පසුවී ඇත්තේ අනාගත අලස යුගයකට පදනම දමන්නා වූ කාලයකි. දැන් ඇත්තේ නොනිදා අවධිව සිට එළඹෙන සිහි බුද්ධියෙන් විවේචනයේ නිරත වීමයි. ඒ නිසා එක්‌ අතකින් මෙය විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදියයි. විදර්ශනලා හන්තානයේ මහාචාර්යවරුන්ට පවා හේතු සහිතව අභියෝග කරන්නේ මේ යුගයේය.

අතිශය පටු වූ ලෝකයක ගුරුන් හා සිසුහු කල් ගෙවති. ඒ ලෝකයේ සීමා ඔවුන් විසින් පනවා ගනිමින් දිගු කාලීනව නඩත්තු කෙරේ. සටහන් දීම, ප්‍රශ්නෝත්තර ක්‍රමයේ විභාග, පොත් නොකියවීම හා නොගැඹුරු දේ පමණක්‌ ඉගෙනීම, බාහිර උපාධි වෙළෙ¹ම මෙසේ නඩත්තු කරන අලස අධම ක්‍රමයේ සංරචකයෝ ය. විදර්ශන ප්‍රේමසිරි වීරයකු වන්නේ මෙම ඒකාකාරී නීචත්වය පවතින ආචාරධර්ම උල්ලංඝනය කරමින් හෝ විනාශ කර දැමීම තුළය. එය එක්‌ අතකින් වෙනත් මාදිලියක විකල්ප ආචාරධර්ම රාමුවකට පණ දීමකි. රාත්‍රියේ කථිකාචාර්යවරුන්ගේ නිවෙස්‌වලට ඇතුල්වන විදර්ශන හොරකම් නොකරයි. ඒවායේ ඇති ද්‍රව්‍යමය ක්‍රියා පටිපාටිය අවුල් කරයි. ලුණු සීනිවලට මුසු කරයි. කිරිපිටි පාන්පිටි එකට දමයි. ඔරලෝසුවල වෙලාව වෙනස්‌කරයි. එලාම් වෙනස්‌ කරයි. කොම්පියුටර්වලට 'පොල්බූරුවා' වැනි පාස්‌වර්ඩ් දමයි. ගෘහ භාණ්‌ඩ තැබූ ස්‌ථාන වෙනස්‌ කර පද්ධතියම වියවුලෙන් වියවුලට ඇද දමයි. හන්තාන කේන්ද්‍ර කොටගත් ගුරු සිසු ප්‍රජාවගේ මතු නොව බහුතර ශාස්‌ත්‍රපීඨ ප්‍රජාවගේ ජීවිත මෙම කතාවේ නිරූපිත චරිතයන්ගේ ජීවිතවලට අසමාන නොවේ. විවෘත සංවාදයක්‌ හෝ නව දැනුම නිර්මාණය කිරීම වෙනුවට ඒ තුළ ඇත්තේ ගුඩු පොල්ගෙඩි දැක්‌මකි. අලස වතකි. කතුවරයා විදර්ශන ලවා එක්‌ තැනක මෙසේ පවසයි.

"ඊළඟට මං වැඩේ දුන්නේ සෝමානන්දයට. ඌත් කරෝලකාරයා වගේම වැඩකට නැති එකෙක්‌. උගේ සංස්‌කෘතික ත්‍රිකෝණෙ තමයි, නිල නිවාසේ - ධර්මරාජෙ - අධ්‍යයන අංශෙ. ඔච්චර තමයි උගේ ලෝකෙ. අයිවර් ජෙනිංස්‌ලා මුන්ට ක්‌වාටර්ස්‌ හදලා දීලා අපිට හොස්‌ටල් හදලා දෙන්න ඇත්තේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි හරි හරි ශාස්‌ත්‍රීය සංවාද කරයි කියලා වෙන්ට ඇති. ඒකට අපි උන් ක්‌වාටර්ස්‌වල බුදි. අපි හොස්‌ටල්වල බුදි. උනුත් කරන්නේ බොරු. අපිත් කරන්නේ බොරු.- අර මිහිරි සීනු නාදය 58 පිටුව

මේ කතාව කියවද්දී මට සිහි වුණේ මීට වසර කීපයකට පෙර ස්‌වදේශීය සේවයෙන් විකාශය වූ ගුවන්විදුලි නාට්‍යයකි. එහි කතා පුවත ශාස්‌ත්‍රීය පර්යේෂණවල නිරත නොවී වරප්‍රසාද විඳින මහාචාර්වරු සොය සොයා මරණ දඬුවම් පමුණුවන අයෙකු පිළිබඳවයි. විදර්ශනගේ මෙහෙයුම ද එම කතාව සිහි කරයි. එසේ ම සරසවියට එන අතළොස්‌සක්‌ හෝ බුද්ධිමය නැඹුරුවක්‌ සහිත ශිෂ්‍යයින් එහි පවතින බුද්ධි හීන රටාවෙන් ඉතාමත් ඉක්‌මනින් කලකිරෙන ආකාරය පෙන්වයි. ඔවුන් සිකියුරිටිකාරයින් වන්නේ මේ දුෂ්ඨ අධ්‍යාපන ක්‍රමය නිසා නොවේද යන්න මෙහිදී මැනවින් විදාරණය වේ.

අමරකීර්ති මෙහිදී ඉලක්‌ක දෙකක්‌ සාර්ථකව ජයගනී. එකක්‌ නම් හොඳ සාහිත්‍ය කෘතියක්‌ නිර්මාණය කිරීමයි. අනෙක නම් ආත්මීය අභ්‍යන්තරික විවේචනයක්‌ තමාද නියෝජනය කරන සරසවි ප්‍රජාව වෙත ගෙන ඒමය. මේ දෙකම අතිශය වැදගත් ය.

අලුත් ලෙච්චමී

පංති අනන්‍යතාව, ජාතික අනන්‍යතාව මෙන්ම සංස්‌කෘතික අනන්‍යතාව ද අතිශයින්ම සංකීර්ණ යුගයක්‌ පසුකරන ප්‍රජාවකට වැදගත් විය හැකි කතාවකි 'අලුත් ලෙච්චමී'. ජනතාවාදය යටතේ ඉතාමත්ම සරල ස්‌ථානයකට ඌණනය කළ මේ අනන්‍යතා කතුවරයා වෙනත් ප්‍රවේශයකින් ප්‍රතිනිර්මාණය කරන්නේ සමකාලීනත්වය නමැති සාධකය ඉහළින්ම තබා ගනිමිනි. අවසානයේ දී ලෙච්චමීගේ ඉරණම උපතේ සිට විකාශය වූ දරදඬු ඉරණමක්‌ බව හෙළිදරව් වන අතර ප්‍රභූ හා නිර්ප්‍රභූ ලෙස ජාතීන් දෙක අතර පවතින ගැටුම නිරූපණය වේ. එසේම මිනිසා විවිධ තත්ත්ව, භූමිකාවලට ආරෝපණය වීම සහ ඒවා තුළදී ඔහු හෝ ඇය ලබන අනන්‍යතා පිළිබඳ සාකච්ඡාවකට මේ කතාවෙන් පදනම වැටේ. මෙබඳු ප්‍රවේශ සහිත කෙටිකතා සිංහලයේ විරලය. ජස්‌ටින් පියරත්නගේ 'නූතන ගුඅර්නිකා' කෙටිකතා සංග්‍රහයේ එන 'ගැබ්ජියේ වැඩ කළ දෙමළ තරුණයා' පිළිබඳ කතාව අමරකීර්තිගේ කතාව සමඟ සමාන්තර තේමාවක්‌ ගන්නා ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය.



සුවඳ දුම් දැල

ලංකාවේ දේශපාලන නායකත්ව පොරය තුළ වර්තමානයේ වැඩෙන අර්බුදය පැරණි ප්‍රභූ - නිර්ප්‍රභූ අර්බුදයට පිටින් පවතින සුවිශේෂ අර්බුදයක්‌ ලෙස මේ කතාව තුළ සාකච්ඡාවට ලක්‌වේ. එහෙත්, ඒ සඳහා භාවිත කෙරෙන සංකේත ඇතැම් විට චරිත හා සිදුවීම් තීව්‍ර කරන්නේ ද, නැතහොත් ව්‍යාජ ඉන්ද්‍රජාලික සංකේතයක්‌ සේ මතුවන්නේ ද යන සැකය මට ඇතිවේ. නිදසුනක්‌ සේ විජිතගේ වෛරය සංකේතවත් කිරීමට යෙදූ 'නයා'ගේ සංකේතය නොතිබුණ ද මෙම කතාවේ විකාශයට හානියක්‌ නොවේ යෑයි යන මතය මම දරමි. අමරකීර්තිගේ කතා කලාවේ මුල සිටම පවතින එක්‌ අර්බුදයක්‌ ලෙස මෙම අධි ආරෝපිත සංකේත භාවිතය දැකිය හැකිය. අවශ්‍ය පමණට කතාව හැසිරවිය හැකි අවස්‌ථාවල පවා අනවශ්‍ය සංකේතවලට ඔහු ප්‍රියකරන විට මට සිහිපත් වන්නේ සයිමන් නවගත්තේගම ගේ ඇතැම් කතාය. මේ කතාවේ පවතින තේමාත්මක අගය හා සෞන්දර්යාත්මක අගය අතර පවතින පරස්‌පරය සාහිත්‍යමය කෘතියක්‌ ලෙස කතාව පහතට ඇද දමයි. ගල්බනිස්‌ සහ නෙක්‌ටෝ ආත්මීය ලෙස කතාවට ගැලපුනත් නයා නැතිව කතාව ගොඩනැඟීමට විශාල අවකාශයක්‌ තිබුණි.

කුඩා කල ලැබූ අපහාස, පරිහාස වැඩිහිටි වියේ දී මතුවීම ස්‌වභාවිකය. බරපතළ කාරණා පැවසීමට සංයමශීලීව වනිතාර්ථ මතුකළ හැකි සංකේත නිර්මාණය කිරීම සතුටකි. පහත වාක්‍ය කීපය එයට කදිම උදාහරණයකි.

'විජිත බණ්‌ඩාර බේකරියෙ නතර වුණා. ජිනදාස මාමා ගල්බනිස්‌ ඕනෑ තරම් කන්න දුන්නා. නෙක්‌ටෝත් දුන්නා. - අර මිහිරි සීනු නාදය 104

මනෝ විද්‍යාව, මනෝ විශ්ලේෂණය ටොන් ගණනින් වපුරන - එහෙත් එයින් සාහිත්‍යයට දැනෙන හරවත් කිසිවක්‌ නොවන මෙවන් යුගයක මේ කතාව දීර්ඝ වශයෙන් විවරණය කිරීමට මනෝ විද්‍යාව ගෙනඒමේ හැකියාව පවතී. එහෙත් ඒ මෝස්‌තරයක්‌ ලෙස නොව කතා නිර්මාණය තුළ මනෝ විද්‍යාව යොදාගත හැකි සේ නිර්මාණය කර ඇති පඨිතමය ශක්‌තිය නිසාය.


රතුවන් රත්නවල්ලි

පුරාණෝක්‌තියක්‌ පරිශීලනය කරමින් තීව්‍ර සාහිත්‍ය කෘතියක්‌ විය හැකි තරමේ නවීනෝක්‌තියක්‌ නිර්මාණය කිරීමට අමරකීර්ති දක්‌වන හැකියාව මෙම කතාවේ දී කැපී පෙනේ. පුරාණෝක්‌ති බහුභූත ලෙස භාවිත කරමින්, එය ව්‍යාජ මෝස්‌තරයක්‌ බවට පත්කරවන සාහිත්‍ය ප්‍රජාවක්‌ වෙසෙන සමාජයක මෙය අගය කළ යුතු තත්ත්වයකි. මේ කතාවේ දී ද අපට හමුවන්නේ 'නොනිදන අවධිය' කතාවේ එන ආචාර්ය ප්‍රජාවේම තවත් එක්‌ සාමාජිකයෙකි. එහෙත් කතාව තීව්‍ර වන්නේ 'අලුත් ලෙච්චමී' මෙන්ම මේ කතාවද ස්‌ත්‍රී දෘෂ්ඨියෙන් ප්‍රකාශ කළ නිසාය. ඒත් මේ කතාවේ හරය බුද්ධිමය පරපුරක්‌ ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින මේ පිරිස කොයිතරම් අනුකම්පාවට ලක්‌විය යුතු අධම ගනයේ සමාජ සංස්‌කෘතික භාවිතයක්‌ සහිත මුග්ධ ප්‍රබෝධකයන් පිරිසක්‌ ද යන්නයි. මේ මුග්ධ ප්‍රබෝධකයන්ගේ උපවිඥනය තුළ එකකුත්, උඩු සිතේ තවත් දෙයකුත් ක්‍රියාත්මක වේ. මේ කතාව නිම වන්නේ එම යටි සිත උඩු සිතට පිවිසීමෙන් වන මාධ්‍ය විකාරයකිනි.

මෙහි එන චරිත සියල්ල අනුකම්පාවට ලක්‌විය යුතු හා අනුකම්පාවට ලක්‌විය හැකි ආකාරයෙන් නිරූපණය කර තිබීම සුවිශේෂ තත්ත්වයකි. විශේෂ චරිතයක්‌ ලෙස මාතලේ කච්ෙච්රියේ වැඩ කරන සුගත් සැලකිය හැකිය. ඔහු දක්‌ෂකම් ඇති, එහෙත් නිසි තැනට ඒමට නොහැකි වූ රටපුරා විසිරී සිටින විවිධ චරිතවල ගුණාංග මැනවින් සංකලනය කිරීමෙන් උපන් චරිතයකි. කතාව කියන්නිය ඔහු සමඟ ගොඩනඟා ගන්නා දුරකථන ඇසුර ෙ€දවාචකයක්‌ බවට පත්වූ ජීවිතවල ජීවන ලාලසාව ගැන ගැඹුරින් යමක්‌ පවසයි.

'එලූ පැදුර' මෙරට සරසවි ඇදුරන් එක්‌ව මාධ්‍ය මඟින් ගෙන යන මහ විගඩම් පිළිබඳ හොඳ සංකේතයකි. ශාස්‌ත්‍රීය යන පදයට අයත් නොවන ජනප්‍රිය ව්‍යාජ මලු ගණනින් පවසන ඔවුහු ඒවා ගැනම පී.එච්.ඩී. ලියා ආචාර්ය උපාධිද ලබති. දැනුම ගවේෂණය වෙනුවට විහිර් ගවේෂණය කරති. සද්ධර්මරත්නාවලිය, ජාතක පොත පෙරළා හුදු තොරතුරු පමණක්‌ එක්‌රැස්‌ කරති. පහත කොටස උපහාසය හෝ පරිහානිය වෙනුවට මෙරට විද්වතුන්ගේ සහ ඔවුන් ගෙන යන ව්‍යාජ විද්වත් ජීවිතයේ ෙ€දවාචකය හෙළිකරයි. අමරකීර්ති එය කියනාකාරයට මා තුළ හටගන්නේ පහන් සංවේගයකි.

'ඒකෙන් පස්‌සේ තමයි මානෙල් හිතන්න පටන් ගත්තේ ඇත්තටම රත්නෙ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ විවාහෙන් පස්‌සෙනෙ නේද කියලා. ඊට කලින් ලියලා තිබුණේ කවුරුවත් දන්නෙ නැති නිසÄස්‌ පොතක්‌ එයාලගේ තාත්තාම අච්චු ගහලා දීලා තිබුණේ - රස්‌සාවේ ස්‌ථරිර වෙන්ඩ සම්මුඛ පරීක්‌ෂණයට ගෙනියන්ඩ. බැඳිලා අවුරුදු තුන යනකොට තමයි එයාගේ පොතක්‌ කොළඹ ප්‍රකාශකයෙක්‌ භාරගත්තෙ. - අර මිහිරි සීනු නාදය 117 පිටුව

මේ කෙටිකතා සංග්‍රය ගැන ලිවීමට තවත් බොහෝ දේ ඇතත් දැනටමත් ලිපිය විශාල වශයෙන් දික්‌ වී ඇති නිසා මෙයින් නවතිමි. අමරකීර්තිගේ භාෂාව ගැන විශේෂයෙන් ඉදිරියේ දී ලිවීමට අදහස්‌ කරමි.



සමාලෝචනය

අමරකීර්ති මේ කතා සංග්‍රහයේ ගත් සියලුම උත්සාහයන් පශ්චාත් - යටත්විජිතවාදී ව්‍යාපෘතිය තුළ මෙරට මුහුණ දෙන අර්බුදයේ විවිධ ස්‌වරූප ඉස්‌මතු කිරීමට ගත් ප්‍රයත්න දැකිය හැකිය. Post Colonial Poetry in English hk fmd; wrUñka Rajeev S.patke, Alpert Wendt ගෙන් උපුටා ගන්නා පහත කොටස අමරකීර්තිගේ උත්සාහය හඳුනා ගැනීමට කදිම න්‍යායික ප්‍රවේශයක්‌ යෑයි සිතමින් මම නවතිමි.

‘For me, the post in post - colonial does not just mean after, it also means around,
through, our of, alongside, and against'

අවසානයි


READ MORE - විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය

විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්



විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
මහාචාර්ය විමල් දිසානායක

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ

ඉතා අවිවේකී මොහොතක හදිසියේ හමුවූ මහාචාර්ය විමල් දිසානායක සිය නවතම කෘතිය වන "නිහඬ නිම්වළල්ල" අරබයාද වෙනත් සාහිත්‍ය කරුණු අරබයාද පළකරන ලද අදහස්‌ කීපයක කෙටි සාරාංශයන් පහත පළවේ.

ඔබගේ නවතම කෘතිය "නිහඬ නිම්වළල්ල" ලෙස නම් කෙරේ ඇයි?"

නිම්වළල්ල යන සිංහල වචනය Horizon කියන ඉංගී්‍රසි වචනයේ පරිවර්තනයක්‌. මෙම පදය සාහිත්‍ය තුළ දාර්ශනික සංකල්පයක්‌ ලෙස යොදාගන්නවා. මෙහි මූලික අර්ථය නම් කිසියම් ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ සිදුවිය යුත්තේ පැහැදිලි සීමා ඇතුළත බවයි. මෙම ශාස්‌ත්‍රීය සීමාවක්‌ හඳුන්වා දීම සඳහා නිම් වළල්ල යන පදය භාවිතා කෙරෙනවා. මේ ග්‍රන්ථයේ අරමුණ සාහිත්‍යයත් ඉතිහාසයත් අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කිරීම. අප බොහෝ විට ඉතිහාසය සලකන්නේ සාහිත්‍යය කෘතියක පසුබිම හැටියටයි. එහෙත් නවීන සාහිත්‍යවේදීන් පෙන්වා දෙන්නේ ඉතිහාසය සාහිත්‍ය කෘතියක පසුබිම නොවෙයි. එහි අර්ථයේම වැදගත් කොටසක්‌ බවයි. මේ කරුණ සනාථ කිරීමට මා මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි සියල්ලෙන්ම උත්සාහ දරා තිබෙනවා.

ඔබ ඉතිහාසය යන්නෙන් හඳුන්වන්නේ දේශපාලන ඉතිහාසය පමණක්‌ද?

කොහෙත්ම නැහැ. මේ සංකල්පය ඉතා පුළුල් එකක්‌. දේශපාලන ඉතිහාසය එක්‌ අංශයක්‌ පමණයි. මේ හැරුණු විට සංස්‌කෘතික, බුද්ධිමය ඉතිහාසයද වැදගත් තැනක්‌ ගන්නවා. මෙම ලිපි සංග්‍රහයෙන් මා ඒ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මෙම ලිපි සංග්‍රහයෙන් ඉතිහාසය යන සංකල්පයෙහි සංකීර්ණ ස්‌වභාවයත් එය සාහිත්‍යයට බලපාන ආකාරයත් පෙන්නුම් කිරීමට මා උත්සාහගත්තා.

එය තවදුරටත්a පැහැදිලි කළොත්?

ඉතිහාසය පිළිබඳ සාම්ප්‍රදායික මතය නම් එය අපක්‌ෂපාතී වූත් මධ්‍යස්‌ථ වූත් විස්‌තර කථනයක්‌ බවයි. වෙනත් වචනවලින් පවසද තොත් අප පොළොන්නරු යුගය පිළිබඳ කරුණු විමසීමේදී ඉතා මධ්‍යස්‌ථ ලෙස ඒ යුගයේ පැවැති ආර්ථික, සාමාජික, සංස්‌කෘතික ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මෙහි කිසියම් සත්‍යයක්‌ ඇති බව පිළිගත යුතුයි. එහෙත් වර්තමාන ඉතිහාසවේදීන් කියා සිටින්නේ ඉතිහාසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මධ්‍යස්‌ථ විස්‌තර කථනයක්‌ නොවන බවයි. මීට ප්‍රධාන හේතු 2 ක්‌ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉන් පළමුවැන්න තමයි, අප බොහෝ විට ඉතිහාසය සම්පාදනය කරන්නෙ භාෂාව මගින් වීම. භාෂාව මාර්ගයෙන් අතීතය නිරූපණය කිරීමේදී අනිවායයෙන්ම ලේඛකයාගේ පුද්ගලත්වයෙන් කොටසක්‌ ඊට ඇතුළු වෙනවා. එම නිසා ඉතිහාසයකින් අපේක්‌ෂිත මධ්‍යස්‌ථ භාවයට හානියක්‌ පැමිණෙනවා.

දෙවැන්න තමයි කිසියම් යුගයක්‌ පිළිබඳ ඉතිහාසයක්‌ රචනා වීමේදී ඒ යුගය හා සම්බන්ධ හැම සිදුවීමක්‌ම ඊට ඇතුල් කරන්න බැහැ. ඇතැම් සිදුවීම් ඇතුල් කිරීමටත් ඇතැම් සිදුවීම් බැහැර කිරීමටත් සිදුවෙනවා. මෙම තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම පුද්ගල ආත්මීය ලක්‌ෂණ හා වින්දනය ඊට ඇතුල් වෙනවා. මේ හේතුව නිසා නවීන ඉතිහාසවේදීන් ප්‍රකාශ කරන්නේ ඉතිහාසය මධ්‍යස්‌ථ විස්‌තර කථනයකට වඩා පුද්ගල ආඛ්‍යාන ස්‌වරූපයක්‌ ගන්නා බවයි.

ඔබ එසේ ප්‍රකාශ කළත් අප රටේ බොහෝ විචාරකයන් හා ප්‍රබන්ධ කතාකරුවන් ඉතිහාසය සාකච්ඡා කරනුයේ දේශපාලන දෘෂ්ඨිකෝණයකින්.

සාහිත්‍යයත් ඉතිහාසයත් අතර ඇතැමුන් තුළ මිථ්‍යා විශ්වාසයක්‌ තියෙනවා. එනම් සාහිත්‍ය හුදෙක්‌ සමාජ යථාර්ථවාදී ලක්‌ෂණයන්ට සීමා විය යුතුයි කියල. මෙය දුර්මතයක්‌. ඊට හේතුව විවිධ වර්ගයේ සාහිත්‍ය කෘතිවල විවිධ ස්‌වරූපයෙන් ඉතිහාසය ප්‍රවිශ්ඨ වෙනව. උදාහරණයක්‌ ලෙස ගතහොත් ගාර්සියා මාකේස්‌ ගේ ඇතැම් කෘති අද්භූත කාල්පනික ආඛ්‍යාන රටාවක්‌ අනුගමනය කරනවා. නමුත් ඒ අතරම ඒවායේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය මැනවින් නිරූපණය වී තිබෙනවා. එම නිසා සාහිත්‍යයත් ඉතිහාසයත් අතර සම්බන්ධය හුදෙක්‌ යථාර්ථවාදී කෘතිවලට පමණක්‌ සීමා කරන්න බැහැ.

අප හැමවිටම වාගේ සාහිත්‍ය සම්බන්ධව නිර්ණායක ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නේ බටහිර රටවල් ඇසුරින්. පෙරදිගින් එවැනි උදාහරණ හෝ නිර්ණායක සොයා ගැනීමට නොහැකිද?

අපේ රටේ සාහිත්‍ය විචාරයෙහි තිබෙන ප්‍රබල දුර්වලතාවයක්‌ නම් අප හැමවිටම නිදර්ශන, ප්‍රවණතා, නිර්ණායක යනාදිය බටහිර සාහිත්‍යයෙන් පමණක්‌ ලබාගැනීම. බටහිර රටවල විශිෂ්ට සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇති බව සත්‍යයක්‌. එහෙත් ඒ අතරම ඉන්දියාව, ජපානය වැනි ආසියාතික රටවලත් ලතින් ඇමරිකානු හා අප්‍රිකාවෙන් උසස්‌ නිර්මාණ බිහිවන බව අමතක කළ යුතු නැහැ. අපේ සාහිත්‍ය සාකච්ඡාවලදී විචාරයන්වලදී මේ රටවල නිපදවන උසස්‌ කෘති පිළිබඳවද සාකච්ඡා විය යුතුයි. උදාහරණයක්‌ වශයෙන් ජපානයේ සිටින ජනප්‍රිය ලේඛකයෙක්‌ වන හරුකි මුරකමි සලකා බලන්න පුළුවන්. අමුතු ආකාරයේ පරිකල්පන ශක්‌තියක්‌ උපයෝගී කරගනිමින් යථාර්ථවාදී හා අද්භූතවාදී සම්ප්‍රදායක්‌ එක්‌ තැන් කරමින් ඔහු බිහිකොට ඇති සාහිත්‍ය කෘති අපගේ විමර්ශනයට ලක්‌විය යුතුයි.

"ඉතිහාසය" පද්‍ය සාහිත්‍යයටත් බලපවත්වනවාද?

ඉතිහාසයේ බලපෑම පද්‍ය සාහිත්‍යයේත් පැහැදිලි ලෙස දක්‌නට ලැබෙනව. එය නවකතා සාහිත්‍යය තරම් ප්‍රබල ලෙස මතු නොවුණත් පද්‍ය සාහිත්‍යයේද එය වලංගු සාධකයක්‌. වෙනත් වචනවලින් පවසතොත් කවියකුගේ නිර්මාණ ශක්‌තියත් ඓතිහාසික විඥනයත් අතර ඇති සමබන්ධය සාහිත්‍ය විචාරයේදී අපගේ පරීක්‌ෂණයට ලක්‌විය යුතුයි. එපමණක්‌ නොවේ. සිනමාවටත් එය වලංගු කරුණක්‌. සිනමා ව්‍යාකරණයේ එක්‌ මූලික ලක්‌ෂණයක්‌ නම් සමෝදානයයි. (පදබඒටැ) මෙහි අර්ථය එකිනෙකට වෙනස්‌ සංකල්ප රූප දෙකක්‌ සංඝටනය කොට නව අර්ථයක්‌ මතු කිරීමට උත්සාහ කිරීමයි. මෙය චිත්‍රපට කලාවේ මුල් අවධියේ පටන් දක්‌නට ලැබෙන ලක්‌ෂණයක්‌. ඉතිහාසය හා සාහිත්‍යය අතරද දක්‌නට ලැබෙනුයේ මෙවැනි සම්බන්ධතාවක්‌.

සාහිත්‍යය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව තුළ ජන සාහිත්‍යය, මිථ්‍යා කතාවලට හිමිවන ස්‌ථානය කුමක්‌ද?

ජන සාහිත්‍ය හා මිථ්‍යා කතා සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව ශක්‌තිමත් කිරීමක්‌. ලතින් ඇමරිකානු රටවල බිහිවූ මායා යථාර්ථවාදය නමැති ආඛ්‍යාන සම්ප්‍රදාය ගොඩනැගීමේදී ඒ රටවල පාරම්පරික ජන සාහිත්‍යය මිථ්‍යා කතා යනාදිය එම රටවල ලේඛකයන්ට දැඩි බලපෑමක්‌ කළා. ඒ ඇසුරින් ඔවුන් විශාල ආභාෂයක්‌ ලැබුවා. නොබෙල් ත්‍යාගය දිනාගත් ගාර්සියා මාකේස්‌ වරක්‌ ප්‍රකාශ කළා තමාගේ නවකතාවල ආඛ්‍යාන රීතිය සකස්‌ කිරීමට සම්පූර්ණයෙන්ම බලපෑවේ සිය මිත්තනිය කුඩා කල කියූ ගැමි කතා හා සුරංගනා කතා බව. එමෙන්ම ඔහුගේ නිර්මාණ තුළ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ තියෙනව. ඔහු යථාර්ථවාදය ඉක්‌මවා අද්භූතවාදී ලක්‌ෂණ යොදා ගන්නවා. ඒ සඳහා ඔහු එක්‌ උපක්‍රමයක්‌ යොදා ගන්නවා. එනම් භාෂාවේ රූපක වාක්‍යාර්ථ බවට පත්කිරීමයි. උදාහරණයක්‌ වශයෙන් "ප්‍රවෘත්තිය ගලා යයි" යන්න රූපකයක්‌ වුවත් ගාර්සියා මාකේස්‌ "ප්‍රවෘත්තිය ගලා යයි" යන රූපණය ව්‍යර්ථයෙන් ගෙන "ප්‍රවෘත්තිය" පොළොව දිගේ, දොරවල් යටින්, ගලායන අයුරු භෞතික පදනමක පිහිටා නිරූපණය කරනවා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද්භූත ස්‌වරූපය ආරෝපණය වෙනව.

අද අපේ සාහිත්‍යය විචාරය ගැන ඔබගේ අදහස කුමක්‌ද?

අද මෙරට සාහිත්‍ය විචාර කලාවේ දක්‌නට ලැබෙන එක්‌ දුර්වලතාවක්‌ නම් නිර්මාණාත්මක සාහිත්‍ය කෘතිය ආරම්භක ස්‌ථානය කරගනු වෙනුවට කිසියම් සාහිත්‍ය සංකල්පයක්‌ ආරම්භක ස්‌ථානය ලෙස ගෙන එය සාහිත්‍ය නිර්මාණය මත ආරෝපණය කිරීමයි. මෙයින් සිදුවන්නේ නිර්මාණයටත් විචාරයටත් හානියක්‌. සාහිත්‍ය විචාරය ඇරඹිය යුත්තේ කිසියම් සාහිත්‍ය නිර්මාණයක්‌ කියවා පළමුව තමා ලබන වින්දනය තුළින්. එම වින්දනය විග්‍රහ කිරීමේදී විවිධාකාරයේ සංකල්ප උපයෝගී කරගන්න පුළුවන්. මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක්‌ වනුයේ බොහෝ විට අපේ රටේ විචාරකයන් මේ විවිධ සාහිත්‍ය විචාර සංකල්ප ගැඹුරු ලෙස අධ්‍යයනය නොකොට කනින් කොනින් අසා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් මහත් හානියක්‌ වන බවයි.

අද සිංහල ලේඛක පරම්පරාව ගැන ඔබේ අදහස කුමක්‌ද?

හොඳට ලියන අය ඉන්නව. එහෙත් ඒ අයට නිසි මාර්ගෝපදේශයක්‌ නැහැ. තමන්ට කැමති කැමැති විදියට සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා. ලේඛකයාට ලිවීමේදී තමන්ට කැමති ලෙස ලිවීමේ නිදහසක්‌ තිබිය යුතුයි. එහෙත් අවසානයේදී එම කෘතිය අපූර්වත්වයෙන් තොර වේ නම්, අවම වශයෙන් කියවීමට පවා බැරිනම් එවැනි කෘතිවලින් වැඩක්‌ නැහැ. මෙහිදීද විචාරයේ අවශ්‍යතාව පැනනගිනවා. පුවත් පත්, විශ්වවිද්‍යාල හරහා මෙය නියම මගට ගත හැකි වුවත් එවැනි කිසි තැනකින් එවැනි නිර්ණායක ගොඩ නැගෙන්නෙ නැහැ. විවිධ සංකල්ප, මිනුම් දඬු පිළිබඳ හරවත් ලෙස කෙරෙන සාකච්ඡා වෙනුවට කෙරෙනුයේ පාඨකයා බිය කරන සංවාද. අපට නරක කෘතියකින් හොඳ කෘතිය තෝරා ගැනීමට හැකි වුවත් හොඳ කෘතියකින් විශිෂ්ට කෘතිය තෝරාගන්න බැහැ.
READ MORE - විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්

ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්

Lakbima

 altඅපේ පත්තරකලාවේදීන් දෙදෙ‍නෙක් පසුගියදා මිනුවන්ගොඩ පැත්තේ තිබුණ දර්ශන තලයකට ගියා. ඒ ගියේ එදින එතැන රූගත කරමින් තිබූ ටෙලි නාට්‍ය යකට සම්බන්ධ නළු නිළියන් හමුවෙන්න. තමන් ගිය රාජකාරිය කරගෙන යන අතරේ ‍නාට්‍ය ක කණ්ඩායමේ හිටපු නිෂ්පාදන අංශයේ

පුද්ගලයෙකුත් පත්තරකලාවේදීන් සමග කතාවට වැටුණා.මේ කතාව බොහෝම සමීපව රහසිගතව කෙරෙන කතාබහක් බවට පත් වෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.
 ''මහත්තයා දන්නවද කාරණාවක්...මහේෂිකා (ඉතා ජනප්‍රිය නිළියක් සදහා යෙදූ අන්වර්ථ නාමයකි) නිවාඩු හැම වේලාවකම එනවනේ ......හෝටලේට."
''ඒ මොකටද?"
''මොකටද අහන්නේ..දන්නැද්ද..පාට් ටයිම් කීයක් හරි හොයා ගන්ඩනේ"
''වෙන්ඩ බෑ..එයා හරි හොද කෙනෙක්නේ..කසාදත් බැදලනේ ඉන්නේ" පත්තරකලාවේදීන් පැවසුවා.
''හරි..සර්ට විස්වාස නැහැනේ..ඔහොම ඉන්ඩ..මම දැන් කතා කරලා සර්ට බඩුයි හොරුයි දෙකම අල්ලලා දෙන්නම්." එහෙම කියලා  එයාගේ මොබයිලයෙන් කාටද කතා කළා.
''හලෝ මැනේජර් මහත්තයාද..?මහත්තයා.. මේ සුනිල් කතා කරන්නේ. අද  මහේෂිකා මිස් එනවද?...ආ.. ඇත්තද..? නෑ..නෑ..අපේ මහත්තයෙක්ට ඕන කරනවා එයාව.."
පත්තරකලාවේදීන් දෙදෙනා පුදුමයෙන් මේ සංවාදය අසා සිටින්නට වූයේ කිසිදාක මහේෂිකා මෙබදු මට්ටමට වැටුණ නිළියක් වශයෙන් වාර්ථා තබා නොතිබුණ බැවින්.
''සර්..මහේෂිකා මිස් අද එන්නැහැලු.හෙට එයාව කස්ටර්මර්ලා දෙන්නෙක්ම බුක් කරලා තියෙන්නේ.හෙට පුථවන් එයාගේ තරම දැන ගන්න.ඔන්න සර් චාන්ස් එක.එයාගේ සෝබන සාන්ත දාන්ත වෙස් මූණ හෙට ගලවලා දාන්න සර්ලට පුථවනි." නිෂ්පාදන අංශයේ පුද්ගලයා පැවසුවා.
''හරි..එහෙමනං හෙට මහේෂිකා හෝටලේට ආපු ගමන්ම මට කෝල් එකක් දෙන්න..හැබැයි මං පත්තරෙන් කියලා කාටවත් එහෙම කියන්න එපා.."කියමින් පත්තරකලාවේදියෙක් තමන්ගේ ජංගම දුරකතන අංකය මොහු අතට දුන්නා.
පසුවදා සවස 7ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණා පත්තරකකලාවේදියාට.
''සර්..ඔන්න මොණර පැටික්කි හෝටලේට රිංගුවා.පුථවන් නම් අල්ල ගන්ඩ.." මෙම පුද්ගලයා පැවසුවා.
''හරි..මම දැන් කතා කරන්නම් හෝටලේට.ඔයා දෙන්ඩ මට මැනේජර් මහත්තයගේ ටෙලිපෝන් නොම්ම‍‍රේ.මම දෙන්නම් මහේෂිකාට කුඩු ‍වෙන්ඩ." පත්රතකලාවේදියා එහෙම කිව්වේ මේ කතාවේ ඇත්ත නැත්ත සහසුද්දියෙන් දැන ගන්න හිතා ගෙනමයි.
ආරංචිකරුවාගෙන් ලබා ගත්ත දුරකතන අංකයට  පත්තර කලාවේදියා කතා කළා.
"හලෝ..මට මේ නොම්මරේ දුන්නේ සුනිල්..දන්නවනේ එයාව..අද මහේෂිකා ආවද?
"ඔව්.."
එයා දැන් ඉන්නවද..?
"ඔව්..ඔව්..හැබැයි එයා බිසි.දැන් කස්ටර්මර් කෙනෙක් එක්ක රූම් එකට ගියා.ඊට පස්සේ තව එක්කෙ‍නෙක් ඉන්නවා.මහත්තයා ඕනනං පුලුවනි රෑ දහයට විතර සෙට් වෙන්ඩ."
'එකටනං කමක් නෑ..කීයද මහේෂිකගේ ගාණ?"
''රෑම් චාජර්ස් එක්ක රුපියල් 15000යි"
''මට ෂෝට් ටයිම් එපා..ෆුල් නයිට් එකට කීයද?"
"ෆුල් නයිට් එකක්නං සර්...ම්.........40000ක් විතර වෙනවා.ගාණනං ටිකක් සැරයි තමයි සර්..ඒත් කාකි යුනිෆෝම්වලටත් ජරාව දෙන්ඩ ඕනනේ..නැත්තං මහේෂිකා වගේ හයික්ලාස් ඇක්ටර්ස්ලා  මේ වගේ තැන්වලට බස්සන්ඩ බෑනේ.."
"ඒකටනං කමක් නෑ මැනේජර් මහත්තයා..මම තව මිනිත්තු දහයකින් විතර කතා කරන්නම්කෝ.." එහෙම කියලා පත්ර්කලාවේදියා ජංගම දුරකතනය විසංදිධි කළා. ඊට පස්සේ එයා කෙලින්ම දුරකතන ඇමතුමක් ගත්තේ මහේසිකාගේ ජංගම දුරකතනයට.ඒ තරමට මහේෂිකා මේ පත්රකකලාවේදියා දැන සිටියා.
''හලෝ අයියා..මොකද මේ රෑ.."මහේසිකා මිහිරි හඩින් විමසුවා.
"ඔයා කොහෙද නංගි ඉන්නේ.."
"මං පිලියන්දල ඉන්නේ අයියා..අද  පිටිගොඩ මහත්තයාගේ ටෙලිඩ්රාමා එකේ  නයිට් ෂූටින්.."
"වෙන කවුද ඔයත් එක්ක දැන් ඉන්නේ..?" පත්තරකලාවේදියා එහෙම ඇසුවේ මේ කියන කතාව ඇත්ත කතාවක්ද කියලා දැන ගන්න.
මහේෂිකා ඉතා ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්ගේ නම් එක දිගට කියා ගෙන ගියා.
"මට දෙනවද ටිකකට රංග. (ජනප්‍රිය නළුවෙකුට යෙදූ  අනවර්ථ නාමයකි) රංග ඉතා ජනප්‍රිය නළුවෙකි. රංග සමග කළ කතා බහේදි පත්රටකලාවේදියා දැන ගත්තා මහේසිකාගේ ජීවිතයත් එක්ක මිනුවන්ගොඩ හෝටලේ මැනේජර් කැත සෙල්ලමක යෙදෙන බව. සංවාදය විසංධි කළ  පත්තර කලාවේදියා යළිත් වරක් හෝටලයේ මැනේජර්ට කතා කළා.
'' තමුසේ මහා බොරුකාරයෙක්නේ මැනේජර් මහත්තයෝ.මහේෂිකා දැන් ඉන්නේ පිලියන්දල.එයා ෂූටින්. මම දැන් පොලිසියට කතා කරලා මේ සිද්ධිය කියනවා. දැන  ගන්නවා මම පත්තරකලාවේදියෙක් කියලා.."
මනේජර් වැද වැටෙන්නට පටන් ගත්තා.
''අනේ බුදු සර්..පොලිසියටනං කියන්න එපා.
''එහෙනං කවුද ඕයි මහේසිකා කියලා තමුසෙගේ හෝටලේ දැන් ඉන්න කෙල්ල"?
"ඒ ඩමියක් සර්.."
''මොනවා"
'ඔව් සර්..දැක්කොත් සර්රුත් පුදුම හිතෙයි. මහේෂිකාම තමයි. අරපු අතක් නෑ.කපාපු පලුව. අපේ ජනප්රිහය නිළියෝ වගේ පේන  ඩමි ඕන තරම් ඉන්නවා සර්. දෙකක් දාගත්තට පස්සේ කස්ටර්මර්ටත් මේ කෙල්ලන්ව පේන්නේ එයාලගේ හීන ලෝකවල ඉන්න ජනප්‍රිය නිළියෝ වගේ සර්.."
READ MORE - ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්

www.srilankayouthnews.com

Wednesday, July 4, 2012


http://srilankayouthnews.com

READ MORE - www.srilankayouthnews.com

සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්

සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්
2012 ජූලි මස 01 15:37:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
3Share මව් පදවිය ලැබීමෙන් පසුව සංගීතා වීරරත්න නමැති රංගන ශිල්පිනිය රඟපෑමෙන් තරමක් දුරට ඈත්වුණා. ඒත් දැන් සංගීතා නැවතත් රඟපෑමට එක්වෙලා. වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනය කරන ”දෝනි” චිත‍්‍රපටය සමග ඇය මෙලෙස යළිත් රඟපෑමට එක්ව සිටිනවා. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ කමල් අද්දරආරච්චිද නැවත කරළියට පැමිණීමයි. කමල් සහ සංගීතා මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත යුගල ලෙස හඳුන්වන්න පුළුවනි. සංගීතා නැවතත් රඟපෑමට පැමිණීමට අමතරව රූ රැජිණ තරග සංවිධානය කිරීමටත් දායක වන බව ආරංචියි. ඒ සියලූ විස්තර දැනගන්න අපි මොහොතකට ඇය හමුවෙමු.


සංගීතා නැවතත් රඟපෑමට. එහෙම නේද?
මහේෂ්, නිශාන්ත සහ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට වලට රඟපෑමෙන් එක්වුණා. ඊට අමතරව තමයි දෝනි චිත‍්‍රපටයේ රඟපෑමට එක්වුණේ. මේ චිත‍්‍රපට සියල්ලට දායක වුණේ ”උත්පලවණ්ණා” සහ තිරගත වීමට නියමිත නිම්නයක හුදෙකලාව චිත‍්‍රපටවල රඟපෑමෙන් පසුවයි. හරියටම කිව්වොත් අවුරුදු දෙකහමාරකට විතර පසුවයි.

දෝනි චිත‍්‍රපටයේ අනෙක් ප‍්‍රධාන චරිතය රඟපාන්නෙ කමල් අද්දරආරච්චි. ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මේ චිත‍්‍රපටයේ චරිතය තෝරා ගැනීමට එය තවත් එක් හේතුවක් වුණා. රංගනයේදී ඊළඟ චරිතය සම සමව තිබීම ශිල්පියකුට හෝ ශිල්පිනියකට වැදගත්. මේ සුසංයෝගය චිත‍්‍රපටයට හොඳ දායකත්වයක් වේවි.

දෝනි මොන වගේ චිත‍්‍රපටයක්ද?
ඕනෑම චිත‍්‍රපටයක් වාණිජ අතින් සාර්ථක වීමේ පරමාර්ථ ඇතිව තමයි කළ යුත්තෙ. මම හිතන්නෙ මෙය කරන්න ඇත්තෙත් ඒ අරමුණ ඇතිව වෙන්න ඇති. එය විඳින්න පුළුවන්, විඳගත හැකි නිර්මාණයක් බවයි මගේ හැඟීම. පවුලේ කතාවක් හැටියටයි මම දකින්නෙ. මේ චිත‍්‍රපටයේ හැටියට මම මවක්. මට දුවෙක් සිටිනවා. මේ දුව හරිම ලස්සනයි. මේ නිසාම මම හරි ආසාවෙන් රඟපෑවෙ.

මේ සමගම නැවතත් දිගටම රඟපෑමේ කටයුතුවල යෙදෙන්නද කල්පනාව?
ඔව් දැන් මට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ. මොකද දුව පෝෂ්‍යා දැන් පෙර පාසල් යන වයසට ලංවෙලා. නැන්දම්මා සිටින්නෙත් අපි එක්කයි. එයාලගෙන් වගේම රොෂාන්ගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. ඒ නිසා දැන් නැවතත් රඟපෑම් කටයුතුවල නිරත වෙන්න පුළුවනි.

වෙනත් ශිල්පිනියන් හා සසඳන විට ඔබ ටෙලි නාට්‍යවලට එහෙම දායක වුනේ නැහැ. ඔබට ටෙලි නාට්‍යවල රඟපෑමට ආසාවක් නැද්ද? නැත්නම් ආරාධනා නැද්ද? ඒත් නැත්නම් වුවමනාවක් නැද්ද?
ටෙලිනාට්‍යවල රඟනොපෑවාම නොවෙයි. අවුරුදු දහයකට පෙර රඟපෑවා. නමුත් ඇත්තටම කතාව නම් හොඳ ටෙලිනාට්‍ය නිර්මාණයකට ආරාධනා නොලැබීමයි.

ඒ කියන්නෙ මේ නිර්මාණය වන ටෙලිනාට්‍ය සියල්ලම හොඳ ඒවා නොවෙයිද?
හොඳ ඒවා නිර්මාණය වෙනවා. නමුත් මට ආරාධනා ලැබුණෙ නැහැ.

ඔබ වැඩිපුර මුදලක් අය කරන නිසා ආරාධනා නොලැබෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?
වෘත්තීය රංගන ශිල්පිනියක ලෙස මම ප‍්‍රතිපත්තියක් ඇතිව කටයුතු කරන කෙනෙක්. මේක මගේ රස්සාව. ඒ නිසා ඊට අදාළව කටයුතු කිරීම වැදගත්.

ජනප‍්‍රියත්වය කියන කිරුළ රැකගන්න සහ සම්මාන ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔබට නැද්ද?
ටෙලි නාට්‍ය හෝ චිත‍්‍රපට වේවා මට වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයේ චරිතයයි. ඒ චරිතය නිසා ජනතාවට හොඳ රංගනයක් දෙන්න පුළුවන් නම් මට වඩා වැදගත් වෙන්නෙ එයයි.

සිනමාවේ තරු කිරුළ තවමත් රැකගෙන සිටියත්, ඔබ ඔබගෙ සිරුරෙ හැඩය ගැන හිතන්නෙ නැහැ කියලා ක්ෂේත‍්‍රයේ අය කියනවා නේද?
වෘත්තීය ශිල්පිනියක් ලෙස අනිවාර්යයෙන්ම සිරුරේ හැඩය ගැන හිතන්න වෙනවා. ඒත් මවක් වුණාට පස්සෙ මට වඩා වැදගත් ඒ මව් චරිතයට අර්ථයක් ලබාදීමයි. මගේ සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දරුවාට කිරි දී පෝෂණය කිරීම ඊට වඩා වැදගත්. දරුවා ආසාවෙන් බොන කිරි ටික මවක් ලෙස මම දෙන්න  ඕනෑ. ඒ හැරත් අපේ පරම්පරාවේ ආරය අපට වෙනස් කරන්නත් බැහැ. කොහොම වුණත් මගේ පෙනුමේ වැදගත්කම රංගනයට අත්‍යාවශ්‍ය නොවන්නෙ චරිතය ගැන විතරක් හිතන නිසයි.

මේ සියල්ල අතරේ ඔබ රූ රැජිණ තරග සංවිධානයටත් ඇවිත්ලූ නේද?
ලෝකයේ පවත්වන සුන්දරම තරගය ලෙස මම දකින්නෙ ලෝක රූ රැජිණ තරගාවලියයි. එහි ශ්‍රී ලාංකීය තරගය මෙහෙයවන්නේ රොසිටා වික‍්‍රමසිංහ මහත්මියයි. ඇය කරන මේ මිස් ශ්‍රී ලංකා තරගාවලියේ පසුබිම් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම සඳහා මටත්, ෂෙරීන් කුමාරණතුංගටත් ආරාධනා ලැබුණා. ඒ ආරාධනය අපි දෙන්න බොහෝම කැමැත්තෙන් බාරගත්තා.

මේ වගේ දෙයකට සම්බන්ධ වීමෙන් ඔබ සහ ෂෙරීන් බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද?
ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉතා හොඳ නියෝජනයක් ඉදිරිපත් කිරීම තමයි ප‍්‍රධාන අරමුණ. ඇත්තටම ඒ වෙනුවෙන් අපේ සියලූ පළපුරුදුකම් මේ තරගකාරියන්ට ලබාදී ඔවුන් දිරිගන්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් කීර්තියක් ගෙනදීම සඳහා ඒ අය යොමුකරවීම තමයි ප‍්‍රධාන පරමාර්ථය. ලංකාව ගැන යහපත් බලාපොරොත්තුවක් ලෝකයට ගෙන යාමට මේ වගේ තරග හරි වැදගත්.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



READ MORE - සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්

විජය-කුවේණි අධ්‍යක්‍ෂගෙන් පික්‌චර් පිස්‌සාට පිළිතුරක්‌...

විජය-කුවේණි අධ්‍යක්‍ෂගෙන් පික්‌චර් පිස්‌සාට පිළිතුරක්‌...





පසුගිය සතියේ මාගේ ''විජය කුවේණි'' නිර්මාණය ගැන ''මඤaඤං කොලමේ'' පික්‌චර් පිස්‌සා ලියා තිබූ පිස්‌සු දේවල් වලට මා උත්තර ලිවීම කරන්නේ පිස්‌සෙක්‌ වුණත් මිනිහා අපේ පත්තර මිත්‍ර පිච්චර් පිස්‌සෙක්‌ වීම නිසාම ඔහු දැනුවත් කිරීම මාගේ යුතුකමක්‌ බැවිනි.

රාජ කුමාරියකගේ ඇමති මණ්‌ඩලයකට දැන උගත් වැඩිහිටියන් මිස පුංචි කොලු ගැටව් පත් කරන සිරිතක්‌ ලෝකේ කොහේ රාජ්‍යයකවත් නැහැ. ඒකයි මා ''විජය කුවේණි'' චිත්‍රපටයේ ඇමති මණ්‌ඩලයේ චරිත වලට වැඩි හිටි පෙනුම ඇති රංගන ශිල්පීන් තෝරා ගත්තේ. පික්‌චර් පිස්‌සා රජ වුණු දවසට කොල්ලො කුරුට්‌ටො ටිකක්‌ ඇමති මණ්‌ඩලයට පත් කර ගෙන උන්ගෙන් උපදෙස්‌ අරන් රජ කරලා බලන්නකෝ.

''ක්‍රි. පූ. 543'' අද තියන හින්දි භාෂාව හෝ සිංහල භාෂාව තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ ''ප්‍රාකෘත'', ''මගධ'' වැනි පැරණි භාෂාවන්. ඒ භාෂාවන් යොදා ගෙන ''විජය කුවේණි'' චිත්‍රපටයේ දෙබස්‌ ලිව්වා නම් ඒ දෙබස්‌ම නළු නිළියෝ කතා කළා නම්, අද''විජය කුවේණි'' චිත්‍රපටය බලන ප්‍රේක්‍ෂයන්ටත් පිස්‌සු හැදිලා, පික්‌චර් එක බලපු පික්‌චර් පිස්‌සාට පිස්‌සු ඩබල් වෙලා, ඔළුව මඤaඤං වෙලා, කන් දෙකත් තක්‌බීර් වෙලා අඤ්ඤ කොරොස්‌ වෙලා ''විජය - කුවේණි'' ගැන පසුගිය සතියේ මඤ්ඤං කොළමට ලියපු ටිකවත් ලියාගන්න බැරි තත්වයට පත් වෙන්න තිබුණා.

ඉතිහාස චිත්‍රපටයක්‌ කළා කියලා අතීතයේ තිබුණ හැම දෙයක්‌ම ඒ විදියටම දාලා වර්තමානයේ ප්‍රේක්‍ෂයන්ට පික්‌චර් කරන්න බෑ. පිස්‌සාගේ නමට පික්‌චර් කෑල්ලකුත් තියන නිසා ඒක තේරුම් ගත්තොත් හොඳයි.

හිස බූ ගෑ විජය කුමරා සහ පිරිස ලංකාවට ආවා, තෙල් ගාලාද කෙස්‌ වැව්නේ කියලා ඇහුවානේ. පික්‌චර් පිස්‌සාට කව්ද කිව්වේ ඕක, ඔයාගේ ආච්චි ද සීයා ද, මං හිතන්නේ පිස්‌සු මුණුබුරාට වගේ එයාගේ ආච්චිටත් සීයාටත් පිස්‌සු ඇති බොරු කියන්න. පිස්‌සෝ,... විජය කුමාරයයි පිරිසයි ඉන්දියාවෙදි තට්‌ටෙ ගාලා පිටුවහල් කරාම ''සුප්පාරක'' කියන රටට මුලින්ම සේන්දු වෙලා එහෙත් කාලයක්‌ ඉඳලයි ලංකාවට සේන්දු වෙලා තියෙන්නේ. එහෙමයි වංශ කතා ඇතුළු ඉතිහාසයේ තියෙන්නේ.

අර ටීවී කතාවකුත් කියලා තිබුණනේ, රෑට රෑට නිදිවරාගෙන කුණු වෙබ් අඩවි බලන කොට දවල්ටත් ඒවා තැන් තැන් වල මැවිලා පේනවා. පිස්‌සන්ට මේවා ඩබල් වෙලා පේනවා. පිස්‌සන් කරන කියන දේවල් සිහිය හොඳට තියන මිනිස්‌සු ගණන් ගන්නේ නැහැ. පිස්‌සන්ට අනුකම්පා කරනවා. හැබැයි, පිස්‌සෙක්‌ වුණත් මිනිස්‌සුන්ට ගල් මුල් වලින් ගහලා ඩැමේඡ් කරන්න හදන කොට සිහිය තියන මිනිස්‌සු නිකන් ඉන්නෙත් නැ. ඒ නිසා පික්‌චර් පිස්‌සා කල්පනාවෙන් පිස්‌සු කෙලියොත් හොඳයි.

කුවේණි විතරක්‌ ලස්‌සන වුණේ කොහොමද කියලා පිස්‌සා අහලා තිබුණනේ, කුවේණි ලස්‌සන ස්‌ත්‍රියක්‌, අසාමාන්‍ය රූප සම්පත්තියක්‌ තිබුණ ඓතිහාසික චරිතයක්‌. නැත්නම් රාජ කුමාරයෙක්‌ ගේ හිත වශී වෙන්නත් බැහැනේ පිස්‌සෝ. ඒ නිසයි මං කුවේණි චරිතයට ලස්‌සන කාන්තාවක්‌ තෝරා ගත්තේ. ඒක සිනමා අධ්‍යක්‍ෂ වශයෙන් මගේ නිදහස, අයිතිය. පික්‌චර් පිස්‌සා පික්‌චර් එකක්‌ කරන දාට කැත කෙල්ලෙක්‌ගේ චරිතයක්‌ ලියලා ඒ ප්‍රධාන චරිතයට කැතම ගෑනියෙක්‌ දාලා බයිස්‌කෝප් එකක්‌ කරලා බලන්නකෝ...

කුවේණි පුරුෂයෙක්‌ ගත්තොත් ඒ පුරුෂයාටත් රටටත් අපල වෙනවා මිසක්‌ පිටදේශයෙන් එන පුරුෂයන් ගැන ඉතිහාස කතාවක්‌ නැහැ. ඒකත් පිස්‌සාට තවත් පිස්‌සෙක්‌ කියපු මඤaඤං කතාවක්‌..

කුවේණිගේ තන පටේ සර්ව පිත්තල කෑලි ලෝහ පතුරු ගැනත් පික්‌චර් පිස්‌සා කියලා තිබුණනේ, විජය කුමාරයා ලංකාවට ආවට පස්‌සේ තමයි, කුවේණිගේ තණ පටේ සර්ව පිත්තල හැට්‌ට සැරසිලි තිබුණේ. මේවා විජය කුමාරයාගෙන් ලැබුණා වෙන්නත් පුළුවන්, නැති වුණත් පිස්‌සෝ, සර්ව පිත්තල ලෝහ ඉන්දියාවේ, ලංකාවේ තිබුණ දේවල්...

විජය කුමාරායාත් කුවේණිත් හම්බවෙච්ච වෙලාවේ ඒ දෙන්නා අතර මුලින්ම ඇති වුණ ආදර හැඟීම් සුන්දර පෙම් ජවනිකා කලාත්මක විදියට පෙළ ගහලා තිබුණ ජවනිකා හැල්ලුවට පත් කර ලිවීම ගැන, ''පික්‌චර් පිස්‌සා'' ගැන මගේ ඇති වුණේ කලකිරීමක්‌ එක්‌ක අනුකම්පාවක්‌. මොකද අපේ පත්‍ර මිත්‍ර පිස්‌සාට පික්‌චර් කියලා කැල්ලකුත් තියන නිසා සභ්‍ය හා අසභ්‍ය පික්‌චර් වල වෙනස හඳුනාගන්ට බැරිව, ලියලා තිබුණ මඤ්ඤං කතාවට. ආදරය ප්‍රේමය කලාත්මක ලෙස පෙන්වීම හා අමු අමුවේ ලිංගිකත්වය පෙන්වීමේ සිනමාවේ වෙනස, තේරුම් ගන්න බැරි නම්, පිස්‌සුව තද නොවෙච්ච වෙලාවක ''ඇරිස්‌ටෝටල් හා භරතමුණි'' හොඳට කියවලා නව නාට්‍යයේ රසය වගේ දේවල් තේරුම් ගත්තම උතුම් කලාවේ රස විඤ්ඤානය හඳුනාගෙන මඤ්ඤං කොළම ඉදිරියටවත් ලියන්ට හැකිවේවි. එහෙම හදාරන්නේ නැතිව බොරු පිස්‌සු පාට්‌ එකෙන් සිනමා කෘති වලට අනවශ්‍ය මඩ විචාර ලියන්න ගිහින් පික්‌චර් කෑල්ලක්‌ කපා ගෙන පිස්‌සු පූසෙක්‌ වෙලා, මඤ්ඤං කොළමත්, මඤ්ඤං කරගෙන තමයි නතර වෙන්න වෙන්නේ. එහෙම වෙන්න එපා කියලා මං පත්තර මිත්‍ර පික්‌චර් පිස්‌සාට අවවාද කරනවා.


සුගත් සමරකෝන්
විජය - කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ

READ MORE - විජය-කුවේණි අධ්‍යක්‍ෂගෙන් පික්‌චර් පිස්‌සාට පිළිතුරක්‌...

මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා

නෝමන් පලිහවඩන

මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා
පැවසීය.

ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය.

මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

READ MORE - මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා

‘කලර්’ සී. ඊ. එල්. එයි

‘කලර්’ සී. ඊ. එල්. එයි



කමල් අද්දරආරච්චි වසර අටකට පසු රඟන ‘කලර්’ සිනමාපටය ‘විජය කුවේණි’ගෙන් අනතුරුව සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙයි. මේ සිනමා සිතුවම අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයෙක් හෙළ සිනමාවට එකතු වේ. ඒ ඉසුරු වීරසිංහ මුදළිය.
කලර් ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි.
ඇන්ජලා සෙනෙවිරත්න, උදයන්ති කුලතුංග, සඳනි සුලක්නා, ජයනි සේනානායක, ශ්‍රීමාල් වෙඩිසිංහ, ප්‍රියන්ත මංසිළු, දුෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස කලර් හි රගංන දායකත්වය සපයති.
මෙය නෙත්සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහගේ නිෂ්පාදනයකි.
ප්‍රියන්ත මලවිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් ගේ කලා අධ්‍යක්ෂණයෙන්, ඉමල් ශානකගේ අංග රචනයෙන් හැඩ වූ කලර් හි සංගීතය සංඛ දිනෙත්ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක් වෙති. චලිත මනුරංග සහාය අධ්‍යක්ෂවරයාය.
ප්‍රචාරණ සැලසුම සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දනගෙනි.
Sarasaviya
READ MORE - ‘කලර්’ සී. ඊ. එල්. එයි

කාර්යබහුල යුවතියක් වෙලා

sarasaviya

පුංචි තිරයේ ප්‍රේමවන්තිය වූ වාසනාවන්තිය
ශලනි තාරකා

කරල් දෙකට ගෙතූ දිගු වරලස දෙකට නවමින් බැන්දා වූ පීත්ත පටිය ඇගේ උවනට ගෙනාවේ ආලෝකයකි. පීත්ත පටියේම පැහැයෙන් යුතු ගවුමක් ඇඟලා සිටින මේ යුවතිය සිය නිවෙසේ ගෙවත්ත අසල වූ වන වදුලට පිවිසෙන අඩි පාරේ ගමන් කළේ සැබෑම සතුටිනි.
සිය සිත්නැඟි සතුට ප්‍රකාශ කරන්නට මෙන් ඕ තුරුලතාවන් අතර සුපිපි සුන්දර පුෂ්පයක් අල්වා ගනිමින් ඊට සිය මුව ළං කළාය. ශ්වේත වර්ණයෙන් බබළන ඒ සොඳුරු පුෂ්පය වෙතට ළං වුණ මේ සොඳුරු යුවතිය අපට සිහිපත් කළේ මලක වසා සිටිනා සමනලියකි. මේ දඟකාර දැරිය මලින් මලට පියඹා යන සමනලිියක සේ අඩි පාර දිගේ ලැසි ගමනින් ඉදිරියටම පියමං කර නතර වූයේ ගඟක් අසලය. ඒ ආසන්නයෙහි ඇති ගලක් උඩ වාඩි වූ ඇගේ චර්යාව අපට පැවසුවේ ඈ එතනට පුරුදු කාරියක් බවකි.
‘නිර්මලා’
මම ඇයගේ නමින් ඇමතීමි. ගිය වසරෙහි සිදුවුණු මේ සොඳුරු හමුවීම මගේ මතකයට නැගුණේ මෙවර ඈ දුටු ඇසිල්ලේය. වසර කිහිපයකට පෙර යුවතියන්ගේ හදවත සැඟව ගත් ‘ගඟ අද්දර’ සිනමා පටයේ නිර්මාලා වන්නට ඇය වරම් ලද්දාය. ඒ පුංචි තිරයට ‘ගඟ අද්දර’ පැමිණි සමයෙහිය. ඒ අහඹු අවස්ථාව ලද නිර්මලා මා අසලය. ඕ ශලනි තාරකාය.
‘එදා වගේම මේ කාලයෙත් ‘ගඟ අද්දර’ නිර්මලාට ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙමෙයි මමත් නිර්මලාට ගොඩක් ආදරය කළා. නිර්මලා කියන්නේ මගේ රංගන ජීවිතයට ලැබුණු අපූරු චරිතයක්. ඒ චරිතය මගේ රංගන දිවියේ අමතක නොවන සනිටුහනක්.’
නිර්මලා හා බැඳුණු ඒ අතීතය සිහිපත් කරමින් ශලනි අප සමඟ කතාබහට පිවිසියාය.
මේ දවස්වල ඇය ඔබ අසලට පැමිණෙන අවස්ථාවන් බොහොමයකි. ඒ ස්වාධීන රූපවාහිනියෙහි සතියෙහි දින පහෙහි රාත්‍රී 8.30 ට සිහින පියාපත් හි මිහිරංගි ලෙසිනි. එම සේවයෙහිම සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 8.00 ට ‘අලුත් ගෙදර’ හි කවීෂා නම් යුවතියයි. හිරු ටී. වී. හි රාත්‍රී 8.00 ට ‘සිහිනයකි ජීවිතේ’ සොනාලි අනෙක් භූමිකාවයි.
‘ඔබ බොහොම කාර්යබහුල යුවතියක් වෙලා’
‘මා රංගනයට පිවිසියාට පස්සේ කොයි තරම් කාර්යබහුල වුණාද කිව්වොත් විවේකයක් ලැබුණු දවසක් මගේ මතකයට නගන්න බැරි තරම්. කොයි තරම් අවිවේකීව කාලය ගත කළත් ඒ නිසා දැනෙන මහන්සිය එක් වරම නැති වෙලා යන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසයි.
පසුගිය කාලයේ නිර්මලාට වගේම මේ දවස්වල ප්‍රේක්ෂකයන් මාව අමතන්නේ මිහිරංගි වගේම සොනාලි කියන නම්වලින්. ඔවුන් ඒ තරමටම ඒ දෙපළට ආදරෙයි. මේ අතරෙදි ඔවුන්ගෙන් ලැබෙන විවේචනයන් නැතිවමත් නොවෙයි. චරිතවල හොඳ හා නරක කියන සියල්ලම දකින්නේ ඔවුන්. ඔවුන් කරන ඒ කුමන ප්‍රතිචාරයක් වුණත් මා පිළිගන්නේ බොහොම නිහතමානීව හිස නමලයි.’
දිගින් දිගටම ප්‍රේමවන්තියගේ චරිතයම රඟපාන්නද ඔබ සිතාගෙන ඉන්නේ?
‘රංගනයට පිවිසිය දා පටන් මට මෙතෙක් ලැබුණේ පෙම්වතියගේ චරිතයයි. ඒ නිසා ඒ චරිතය දිගින් දිගටම රඟපාන්න මට සිදු වුණා. නමුත් ඒ චරිතයෙන් මිදිලා වෙනස් ඕනෑම චරිතයක් රඟපාන්න කියලා අධ්‍යක්ෂවරයෙක් මට කිව්වොත් ඒ ආරාධනාව මම බොහොම සතුටින් භාර ගන්නවා. ඒ වගේම අන්ධ හා ගොළු චරිතයක් රඟපාන්න මම බොහොම මනාපයි.’
මේ දවස්වල රඟපාන ‘අලුත් ගෙදර’ කවීෂාගේ චරිතය අන් චරිතවලින් තරමක් වෙනස් බවයි පෙනෙන්නේ.
‘අලුත් ගෙදර’ ටෙලි නාට්‍යයෙන් කතාබහට ලක් වෙන්නේ අනාථ නිවාසයක වෙසෙන වැඩිහිටියන් පිළිබඳයි. එහිදී ඔවුන් වගේම කවීෂා කියන්නෙත් අනාථ ළමයෙක්. අම්මා, තාත්ත නැතිව ඈ හැදෙන්නේ අනාථ නිවාසයේ. එහෙම කෙනෙක් තමයි මේ වැඩිහිටි නිවාසයේ ඉන්න වයසක කාන්තාවට ආදරය කරන්නේ. ඒ විතරක් නෙමෙයි ආදරයෙන් රැක බලා ගන්නේ. ඒ චරිතය රඟපාන අයිරාංගනී ඇන්ටි වගේ ප්‍රවීණ කෙනෙක් සමඟ නිතර ලැබුණු ඇසුර මගේ ජීවිතයට ගොඩක් වටිනවා.
ටෝනි රණසිංහයන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ රඟපාන්නට ලැබීම මට ලැබුණු එක්තරා වාසනාවක්. ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් නවක අපට බොහොම වැදගත්. මොකද රංගනයේදි සිදු වන යම් යම් වැරැදි එතනදි නිවැරැදිව කෙරෙන්න ඕන කොහොමද කියා කියා දීම වැනි උතුම් ගුණාංගයන් ඔවුන් සතුයි. ඔවුන්ගේ ඒ ගුණ යහපත් බව අපේ ජීවිතයටත් කියා දෙන්නේ පාඩම් රාශියක්.
මේ ලබාගත් සියලු දේ සමඟින් ඔබගේ ඊළඟ ඉලක්කය වේදිකාවද?
වේදිකාවේ රඟපෑමට ආරාධනාවන් කිහිපයක්ම ලැබුණා. නමුත් අනෙක් කටයුතුත් සමඟ තිබෙන කාර්ය බහුලත්වය ඒ මඟ අහුරලා. වේදිකාව කියන්නේ බොහොම කැප කිරීම් රාශියක් කළ යුතු මාධ්‍යයක්.
දිගින් දිගටම වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට ද ඔබ සැරැසෙන්නේ?
‘වෘත්තීය රංගන ශිල්පිනියක් වීමට වඩා මගේම ව්‍යාපාරයක හිමිකාරියක් වීමට මා කැමැතියි. ඒ නිසා දිගින් දිගටම රංගනයෙහි නිරතවීමට මගේ අදහසක් නෑ. ව්‍යපාරයක නිරත වන අතරතුර රඟපාන්නට මා කැමැතියි.’
ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණයන් අතරින් අමතක නොවන සිදුවීමක් ගැන සඳහන් කළොත්?
‘ඒක සිදු වුණේ ගඟ අද්දර රූපගත කිරීමකදී. මට රාත්‍රියේදී ගඟේ තිබුණු ඒ රූපගත කිරීමේදී මම ගිය පාරුවෙන් වතුරට වැටෙන දර්ශනයක් තිබුණා. හොරණ – මතුගම ප්‍රදේශයේ තිබුණු ගඟක තිබුණු මේ රූපගත කිරීම සඳහා සියල්ල සූදානම්. ඒ වැටෙන්න තිබුණු තැන අඩි 120 ක් විතර ගැඹුරු බව මට දැනගන්නට ලැබුණා. හොඳට පීනන්න බැරි වුණත් යන්තමට වතුරේ නොගිලී ඉන්න මට පුළුවන්. කොහොම වුණත් රූගත කිරීමට සියල්ල සූදානම්.
මම වතුරට වැටෙන්න හැදුවා විතරයි හෝව් හෝව් කියලා කෑගැහිල්ලක් ආවා. මේ රාත්‍රී රූගත කිරීමේදී ගඟට වැටිය යුතුමය කියලා ඔවුන් මට දීලා තිබුණේ ලණුවක්. රාත්‍රියේදී තිබෙන මෙවැනි රූපගත කිරීම්වලදී දෙන ලණුවලට මම නිතරම වගේ අහු වෙන්නේ ඉබේමයි.’
ඉදිරියේදී ඔබව දකින්නට හැකි නිර්මාණ පිළිබඳ පැවසුවහොත්?
‘මොහාන් නියාස්ගේ ‘මයාවී’ චිත්‍රපටයේ රඟපෑවා. මේ දවස්වල සංස්කරණ කටයුතු සිදු වෙනවා. මගේ දෙවන චිත්‍රපටය වන්නේ ‘මායාවී’ යි. ඊට අමතරව ‘අනූ අටේ අටක්’ කියන ලක්මිණී අමරදේවගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල මුල් අදියර අවසානයි. ඉදිරියේදී මේ සියල්ල ඔස්සේ මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි වේවි’


READ MORE - කාර්යබහුල යුවතියක් වෙලා

පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ

පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ


සීසපාටිකා හරහා අවධානය දිනූ වසන්ති කියයි
කඳු නිම්නය පහළ ගන කැලෑවකි. ඒ මධ්‍යයෙ හි පිහිටි ගල්තලාවක ඈ වාඩිවී හුන්නාය. ’සීසපාටිකා’ කුවේණියගේ සේවිකාව.වුරු ගැනද කල්පනාව ? මම ඇගේ දැහැන් බින්දෙමි. කුවේණි ගැන මිසක්.....වෙන කා ගැන මං හිතන්නද? සීසපාටිකාට කුවේණියගෙන් තොර ලෝකයක් නැත.
සීසපාටිකා ගැන ගොඩක් අය කතා කරයි “විජය කුවේණි” පෙන්නනකොට. අපට කතා කරන්නද ගොඩක්දේ තියෙයි. එතකොට මං එන්නම්කො “සරසවියට”.
”විජය කුවේණි” දර්ශනතලයේ දී ඈ එදා කීවා නිවැරදිය. සීසපාටිකාව අද අපේ කතා නායිකාව මනාව නිරූපණය කොට තිබේ.
පොරොන්දු වූ පරිදි ඈ”සරසවියට” ගොඩවුණාය. ඒ සීසපාටිකා මෙන් නොව ඇගේ සැබෑ ජීවිත චරිතයවන වසන්ති රන්වල ලෙසිනි.
සීසපාටිකාට මිනිස්සු හරි ආදරෙයිලු නේද?
ඇත්තටම ඒකමටත් දැණෙනවා සාමාන්‍ය ජනතාවගෙන් පමණක් නොව අපේම අය මට කියලා තියෙනවා චිත්‍රපටයේ මං සෑහෙන්න කැපී පෙනෙන යමක් කරලා තියෙනවාලු. හැබැයි......
ඇයි කතාව නැවැත්තුවෙ?
ඒ චරිතයේ මං මීට වඩා ඉදිරිපත් කරපු සීන් තිබුණා. නමුත් චිත්‍රපටය සංස්කරණයේදී ඒවා ඉවත් කරලා. ඒකෙන් වෙලා තියෙන්නෙ එහි මුල සහ අග නැතිව මැද විතරක් ඉතිරි වෙච්ච එක.
දුකයිද ඒ ගැන? චෝදනාවක් ද ඒ?
අනේ නැහැ. අධ්‍යක්ෂවරයාට වුවමනා දේ තමයි අවසානයේ එළියට එන්නේ. මම කිව්වෙ ඒ දර්ශනත් තිබුණානම් අගය වැඩිවෙනවා කියලා සීසපාටිකාගේ.
ඔබ “සීසපාටිකාව“ හොයාගෙන අන්තර්ජාලයේ සැරිසැරුවලු. ඇත්තද? ඒ කතාව.
ඒ පැනයට පිළිතුරු දීමට ප්‍රථම වසන්ති මදක් සිනාසුනාය.
ඔව්, අධ්‍යක්ෂවරයා මට චරිතය දුන්පසුව මං ඇය මොනවගේ තැනැත්තියක්ද යනවග ඉන්ටර්නෙට් එකෙන් හොයලා බැලුවා. මේ ගෙවන කාර්ය බහුල දිවියත් එක්ක ඉතිහාස පොත් පෙරළ පෙරළා බලන එකට වඩා එය පහසුයිනෙ. මට සීසපාටිකා ගැන දත්ත ලැබුණා. ඒවා උපයෝගී කරගනිමින් සහ අධ්‍යක්ෂවරයා චරිතය ගැන කියූ දේවල් එකතුකොටයි මං සීසපාටිකාව නිරූපණය කළේ.
වසන්ති අධි අංගනයක යෙදෙන්නියක් කියලා සමහරු කියනවා. එය පිළිගන්නවාද? විශේෂයෙන් විජය කුවේණි හි ඔබ අධි රංගනයක යෙදෙමින් අනිත් රංගන ශිල්පීන්ට වඩා අවධානය දිනාගන්න හදනවාලු?
ඕවා කියන කවුරුන් හෝ පෙන්නලා දුන්නොත් රංගනයේ සීමාව එතැනින් පහළ සිට මං රඟපාන්නම්.මගෙ හැකියාව සහ අධ්‍යයනය තමයි චරිත නිරූපණයේදී ම’තුළින් එළියට එන්නේ. ඒක අධි රංගනයක්ද කියන්න මට තේරෙන්නෙ නැහැ.අනික මං කවදාවත් මිනිස්සුන්ගෙ අවධානය ගන්න රඟපාන කෙනෙක් නෙමෙයි.
එතකොට ඔබ රඟපාන්නෙ?
මේක මගේ උපතින් ගෙනා හැකියාව.වෘත්තියක් විදියටවත් ජනප්‍රිය වන්නවත් රඟපාන්නෙ නැහැ. ඒත් ජීවත් වන්නට මුදල් අවශ්‍යයි. ඒ හින්ද මං මට අගයක්, තක්සේරු කරගෙනයි වෘත්තියේ නියැලෙන්නේ.
වසන්තිට රඟපාලා මොනවද ලැබුණේ?
වචනයෙන් විස්තර කරන්න අමාරුයි ගොඩක් දේවල් මට රඟපාලා ලැබුණා.
ඔබට රඟපාන්න ලැබුණේ සීමිත අධ්‍යක්ෂවරුන් කිහිපපොළක් යටතේ පමණයි මොකක්ද ඊට හේතුව?
මට හිතෙන විදිහට ඔය සීමිත ගොඩට වැටෙන්නේ කේෂත්‍රයේ විශේෂ අධ්‍යක්ෂවරු ඔවුන් කරන නිර්මාණ ඉතාම ගුණවත්. උදාහරණයක් විදියට සරත් ධර්මසිරි මහත්මයා. ඔහුගේ නවතම චිත්‍රපටයෙහි මං රඟපෑවා. මට එවැනි අයගෙන් ලැබුණේ මතුපිටින් අතගාගෙන යන චරිත නෙමෙයි. ඒක නිසා ඔබ කියූ සීමිත අධ්‍යක්ෂවරුන් ගැන සතුටුයි.
ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ සිනමා පටයේද රඟපෑවා. එහි ඔබේ චරිතය ගැන සහ එවැනි නිර්මාණයකට දායකවීම පිළිබඳ ඔබට දැනෙනදේ කියමු.
ඒ චරිතයට නමක් නැහැ. මං එහි රඟපෑවෙ එහි ප්‍රධාන චරිතය වූ ගයේෂාගේ අම්මා හැටියට. ඇය දුෂ්කර ගමක ජීවත්වන ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිච්ච කාන්තාවක්. සංජීවව මං ගොඩක් කල් ඉඳලා දන්න මිතුරෙක්. ඔහු ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයටත් මාව ගත්තා. ඒ විශ්වාසයට තමයි මේ චරිතෙ මට භාර දුන්නේ. මං දායක වූ චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවීම කියාගත නොහැකි සතුටක්. මීට වඩා මට ඒ ගැන කියන්න අපහසුයි. ඒ මං තවම චිත්‍රපටය දැක්කෙ නැති නිසා.
ලැබෙන චරිතවලට උපරිම සාධාරණත්වයක් ඉටුකරන රංගන ශිල්පිනියක් ලෙස ඔබ ප්‍රකටයි. එහි රහස කුමක්ද?
අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීම, රංගන ශිල්පියකු නිතරම පිළිපැදියයුතු කරුණු දෙකක්.මං එහෙම ඉන්න හින්දයි මට චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
කලාවට ඇවිත් කොපමණ කල්ද?
අවුරුදු 21 ක් විතර.
මේ කාලය තුළදි සිදු වූ අමිහිරිම අත්දැකීම මොකක්ද?
මුල් කාලයේ මට ලැබෙන්න තිබුණු සම්මානයක් මං නවක වැඩියි කියලා වෙනත් කෙනකුට ලබා දුන්නා. එදා නම් මට ගොඩක් දුක හිතුණා.
”රන්වල” නාමය කලාවට බොහෝ සෙයින් සමීපයි. ඔබත් ඒ පරපුරේ පුරුකක්ද?
ඔව්, ලයනල් රන්වල මගෙ බාප්පා. ඒ කියන්නේ තාත්තගේ මල්ලි. තාත්තා විනී රන්වල ඔහු තමයි මාව කලාවට ගෙනාවෙ.
දැන් තවත් පුද්ගලික විස්තර කතා කරන්න වෙලාව?
පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ. සිලිඳු රන්වල කියලා මට දුවෙක් ඉන්නවා. ඒ ඇති.
වසන්ති රන්වල හරිම ආඩම්බර චරිතයක්ලු? මොකක්ද ඒකේ සත්‍යතාව ය.
මම කේෂත්‍රයේ අයත් එක්ක එක්තරා සීමාවක් යටතේ ඉඳගෙනයි ගනුදෙනු කරන්නේ ඒකයි එහෙම කියනවා ඇත්තේ.


READ MORE - පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ

නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්

අප ගයමු කවදාටත් රස සිංදු සෑම මසකම අවසන් සෙනසුරාදා
‘අපි ගයමු - කවදාටත් රස සිංදු’ ගීතමය වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොළඹ කමත එළිමහන් රංග භූමියේදී පැවැත්වේ.
ග්‍රැමෆෝන් යුගයේ සිට නූතනය දක්වා ශ්‍රී ලාංකේය ගායකයන් විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ විශිෂ්ට ගීත රැසක් එක්ව ගායනා කර රස විඳීමේ අත්දැකීම් ජනතාවට ලබාදීමේ අරමුණැතිව මෙම ගී සරණිය පැවැත්වේ.
මෙම මාසික ගීතමය සංග්‍රහය සඳහා සහභාගී වන රසික රසිකාවියන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන බව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල ඒකනායක මහතා ‘සරසවිය’ට පැවැසීය.
මෙම ගීත සරණිය පවුලේ සැමට සංගීතය රස විඳිය හැකි සන්ධ්‍යාවක් වනු නොඅනුමානය.

READ MORE - නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්

විජය කුවේණි දින පනහ පනී

විජය කුවේණි දින පනහ පනී



සුගත් – ගයාන් සම්මාන දිනති. ප්‍රදර්ශකයන්ට විශේෂ සම්මාන සුගත් සමරකෝන් නිර්මාණය කළ විජය කුවේණි චිත්‍රපටය අති සාර්ථක ලෙස ආරම්භක සිනමා ශාලා සියල්ලෙහිම දින පනහ ඉක්මවීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් චිත්‍රපට සංස්ථා ශාලාවේදී පැවැත්විණ.
චිත්‍රපටයේ නිර්මාතෘවරුන් මෙන්ම එය තිරගත කළ සිනමාහල් අගයමින් සම්මාන ප්‍රදානය කිරීම විශේෂ කරුණකි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර මෙහිදී ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පිරිනැමුණු සිංහ සම්මානයෙන් පිදුම් ලදහ. ඊට අමතරව චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වූ ශිල්පීන් කිහිප දෙනකුට රන් පදක්කම් පිරිනැමූ අතර කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලාවන් තිස් හතකට සම්මාන පිරිනැමිණ.
මේ එහි සම්මානනීය පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි.

ගයාන්
සුගත්
 
READ MORE - විජය කුවේණි දින පනහ පනී

උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව

අනුරාගික රාත්‍රියක අන්සතු සිහිනයක් මරා දැමීම


වංචාකාරී රසයක් සොයන්නට රහසිගත නවාතැනක් තිබීම කෙතරම් ලොකු උපකාරයක් වනු ඇතිද? යතුරු පහකින් අගුල් දැමුණු මේ සුවපහසු උඩුමහල විවාහක මැදිවියේ මිනිසුන් පස් දෙනෙකුගේ රහසිගත ආශාවන් සන්තෘප්ත කිරීම කෙරෙහි දිවි හිමියෙන් බැදී සිටියි.
හාත්පස ලෝකයට ප්‍රීතිමත් කුටුම්භ තුළ සිනාවෙන් කල් ගෙවන මිනිසුන් එක්තරා අඳුරු මොහොතක තම ලලාසාවන් මුදා හරින්නට නන්නාදුනන ගැහැනුන් යොදා ගනී.මේ අය ආදරය අහිමි සාමාන්‍ය ගැහැනුන් විය හැකි අතර වෛශ්‍යාවන් ද විය හැකිය.වඩා වැදගත් මේ බව රහසිගතව තබා ගැනීමය.සාමාන්‍ය සමාජය තුළ ශුද්ධෝත්තමයන් සේ පෙනී සිටීමය.
එහෙත් සිහිනය පුපුරා ගොස් මිතුරන් පස් දෙනා උභතෝකෝටියකයකට පත් වේ.එක් අනුරාගික රාත්‍රියක සියල්ල වෙනස් වේ.රහසිගත නවාතැනේ සුවපහසු සිරියහන මත කාන්තාවක මරා දමා ඇත. බැලූ බැල්මට මේ මිනීමැරුමකි.දැන් මිතුරන් පස් දෙනා සමඟ ම ප්‍රේක්ෂකයාවද සිනමාපටය විසින් උස්සා පොළොවේ ගසා තිබේ.
සිනමාපටය විසින් දැඩි පීඩනයක් අපට යොමු කරයි. දැන් ප්‍රේක්ෂකයා විසින් මිනීමරුවන් සොයා ගත යුතුය.සැකකාර පිරිමින් පස් දෙනාට වෙන් වෙන්ව ද්වේශ කළ යුතුය.ඉනික්බිති ඉතිරිව ඇති සාක්ෂි අනුව යමින් සිදු වූයේ කුමක්දැයි සොයා යුතුය.සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි අප දැන සිටීම එතරම් වැදගත් නැත.සිදු විය යුතු දෙය ප්‍රේක්ෂකයා දනී.අප දකින්නට බලාපොරොත්තු වන නරුම කතාන්දරය අප විසින්ම එවිට ගොතාගෙන අවසන්ය.
සිනමාපටයේ අධ්‍යක්ෂවරයා පෙනී සිටින්නේ එවිටය.ඔහු අපේ පූර්ව නිගමනශීලී මනස කළඹවාලයි.වැරදි දිශාවන් වෙත යොමු කරවයි.දැන් මොහොතකට පෙර මේ වැරදිකාර මිනිසුන්ට ද්වේශ කළ සත් ගුණවත් ප්‍රේක්ෂකයා ස්වකීය වැරදිකාර ජීවිතය අනෙකෙකුගේ ඇසින් දකින්නට පටන් ගනී.
එරික් වෑන් ලෝයි අධ්‍යක්ෂණය කළ 'ලොෆ්ට්' සාමන්‍ය කතා සම්ප්‍රධායෙන් පිට පාරක යන කතාවකි.බාර්ට් ඩි පෝව් තිර නාටකය ලියූ 'ලොෆ්ට්' හි රංගනයෙන් කොයීන් ඩි බොයූ, ෆිලිප් පීටර්ස්,මැතියාස් ෂොනේර්ට්ස්,බෲනෝ වැන්ඩන් බෲකේ,කොඊන් ඩි ග්‍රේව්,වීර්ලේ බීට්න්ස් දායක වී ඇත.බෙල්ජියම් සිනමාපටයක් වූ 'ලොෆ්ට්' තිරගත වූයේ 2008 ඔක්තොම්බරයේදීය.යුරෝ 3,200,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු මේ සිනමාපටය බෙල්ජියමේදී පමණක් උපයා ගත් ආදායම ඩොලර් 7,075,161 කි.
ස්වකීය බිරින්දෑවරු හුදෙකලා කොට රූපශ්‍රීයෙන් අගතැන් වෛශ්‍යාවන් සහ ළාබාල තරුණියන් තම නවාතැන වෙත ගෙන යන මොවුන් විවිධාකාර චරිත ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයන්ය.එක් අයෙකු වෛද්‍යවරයෙකි.ඔහුගේ බිරිය සුව කළ නොහැකි රෝගාබාධයකින් පීඩා විදින අතර අන් ගැහැනුන් ඇසුරු කිරීම යන මාතෘකාවට අදාල නොවන තැනක ඔහු සිටගෙන සිටියි.එහෙත් සාදයකදී ඇස ගැටෙන වසඟකාරී වෛශ්‍යාවක කෙරෙහි බැදෙන ඔහු සීමා ඉරි ඉක්මවා යයි.නවාතැන හිමි මැදිවියේ පුද්ගලයා වඩාත් වංචාකාරී ලෙස ගැහැනු ඇසුර පවත්වාගෙන යන්නෙකි.
ඔහු වඩාත් රහසිගතය.අන් අය ඉදිරිපිට හෙළි නොවෙයි.සැඟවුම්කාරකයකි. අන් අය වරදට පෙළඹවීම කෙරෙහි දැඩි උවමනාවකින් පෙළෙන්නෙකි.පෙළඹවීම යන්නට වඩා ආසන්න වචනය යටි හිතේ සැඟව තිබෙන,එහෙත් ඉටු කර ගැනීමට ධෛර්යය නොමැති දෑ ඉටු කර ගැනීමට අත් උදව් දෙන ලෙස වෙනස් කළ හැකිය.
ක්‍රිස්,වින්සන්ට්,ලූක්,ෆිලිප් සහ මානික්ස් ගැටෙන්නේ ලලාසවක් සමඟය.සුරූපී තරුණියකගේ මළ සිරුර ඒ ලලාසාවේ වැලැක්විය නොහැකි ගොදුර බවට පත්ව ඇති. ෆිලිප් පාදඩ ගති ලක්ෂණ පෙන්නුම් කරන වෛශ්‍යාවක පවා දූෂ්‍ය කළ ගණයේ අයෙකි.එහෙත් ඔහු සිය නැගණිය දිවි හිමියෙන් සුරකියි.ඈ දෙස තම මිතුරෙකු වූ මානික්ස් කැත බැලුම් හෙළනු දුටුයෙන් ණයෙකු සේ කිපෙයි.වින්සන්ට් ඇසින් සියලු දේ නරඹමින් අඳුරේ පව් කරයි.
ෆිලිප් ගේ නැගණිය සමඟ නවාතැනේ නිතිපතා කම්සැප ලබන්නේ ඔහුය.ක්‍රිස් නම් යහපත් කුටුම්භ හිමියාට වෛශ්‍යාවක පහස ලබාදෙනු පිණිස මුදල් ගෙවන්නේ ඔහුය.නැරඹුම් ප්‍රීතිය විදින්නා ලූක්ය.ඔහු මිතුරන්ට හොර රහසේ උඩුමහල් සයනාගාරයේ සිදුවන දෑ පටිගත කරයි.
නමුත් ඔහු වින්සන්ට් නිතිපතා කැදවාගෙන එන එක් ගැහැනියක කෙරෙහි බැදී ගිය සිත් ඇතිව වෙසෙයි.එක් තීරණාත්මක දිනෙක නොසිතුව ලෙස ගැහැනිය වෙතින් ඔහු ප්‍රතික්ශේප වෙයි.ඈ කියන්නේ 'මේ ආත්මෙ නම් නෙවෙයි,සමහර විට වෙන ආත්මෙක අපි හම්බවෙමු' කියාය.
මිතුරන් තව දුරටත් මිතුරන්ම නොවන්නේ එහෙයිනි.හොඳීන් දැන සිටිනවා යයි සිතූ මිතුරන්ගේ ඇතුළු සිත ඔවුනොවුන් නොදන්නා බව ඔවුන්ටම පසක් කරන්නේ නිරුවත් කර මරා දැමූ ගැහැනියගේ මළ සිරුරයි.
එහෙත් තව දුරටත් ඔවුන් සොයා ගන්නේ ඈ වින්සන්ට් විසින් මරා නොදැමුණු බවයි.වින්සන්ට් යහපත සඳහා ඇයව අත් හැර දැමුණු බවයි.සාරා නම් ඈ වෙත බැදුණු සිත් ඇති ලූක් ඈ නිද්‍රාවට පත් කරන්නේත්,එන්නතක් මඟින් සිරුරට බෙහෙත් අධික මාත්‍රාවෙන් ඇතුළත් කර ඈ මරා දමන බවයි.ලූක් විසින්ම සාරා ලියන්නා සේ සමුගැනීමේ ලිපියක් වින්සන්ට් වෙත ලියන්නේ උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව හේතුවෙනි.එකිනෙකා කෙරෙහි සැක සහිත සිත් ඇති මිතුරන් තම තමන්ගේ වෛරය පිරිමසා ගන්නේ ගැහැනුන් කෙරෙහි වඩා සාර්ථක පිරිමියෙකු වූ වින්සන්ට්ගෙන් පළි ගැනීමටය.
ෆිලිප් සාරාගේ අතේ මැණික් කටුව අසල මාරාන්තික කැපුමක් ඇති කර ඈ සයනයට තබා මාංචුලන්නේ මරණය තව තවත් නාටකීය කිරීමටය.එහෙත් ෆිලිප් විසින් මැණික් කටුව අසල අත තුවාල කරන්නේ ජීවතුන් අතර සිටින සාරාව බව ක්‍රිස් සොයා ගන්නේ අවසාන මොහොතේය.එනම් සාරා මරා දමන්නේ ෆිලිප් විසිනි.ඒ තම කුඩා නැගණියව දූෂ්‍ය කිරීමේ වරදට වින්සන්ට් හට දෙන දඩුවමක් ලෙසිනි.
සාරා නම් ගැහැනිය මේ නාටකීය මොහොත සරසන ගොඳුර වන්නේ ඈ වෛශ්‍යාවක නිසා විය හැකිය.එසේත් නැත්නම් ඈ ලිංගික භාණ්ඩයක් පමණක් නිසා විය හැකිය.මැදිවියේ මිතුරන් පස් දෙනාගේ රහසිගත වූත් අනුරාගී වූත් වින්දනය එළිදරව් වීමේ ලැජ්ජාව වැසී යන්නේ ඇගේ මරණයෙනි.
'ලොෆ්ට්'පෙන්වන්නේ අනෙකාගේ රහසිගත ජීවිතයයි.ප්‍රේක්ෂකයා දකින්නේත් අනෙකාගේ අපවිත්‍ර ජීවිතයයි.එහෙත් සිනමාපටය ඔබට ඇත්තටම පෙන්වන්නේ අනෙකාව නොව ඔබවමය.මේ ඔබේ අවිඥානික ආශාවයි.
සතෘප්ත කර ගත නුහුණු මායාකාරී සිහිනයයි.ඒ සිහිනයෙන් ප්‍රේක්ෂකයා අවදි වන්නේ ඇගේ මරණයේ තියුණු වේදනාවකිනි.සිනමාපටය අපූරු වන්නේ එහෙයිනි.ඔබට පෙන්වන කතාවෙන් පරිභාහිර වෙනත් කතාවක් ඉන් උකහා ගත හැකි නිසාවෙනි.මේ රඟන්නේ වෙනත් කතාවකි.'ලොෆ්ට්' නරඹන්නට මා ඔබ පොළඹවන්නේ එහෙයිනි.


READ MORE - උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව