මම ඔබට ගැහැනුකමක් දෙමි

ළා දුඹුරු පැහැති ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ ළඟා කර ගත නොහැකි සන්සුන් බවක් ප්‍රාර්ථනා කරන්නාක් මෙනි.
මෙහෙකාරියක දොඩම් යුෂ වීදුරුවකට බෙහෙත් පෙත්තක කුඩු කලවම් කරන විට ඇය දුහුල් රෙදි කැබලි කපමින් මැටි අනුරූවල මුහුණු සරසයි. කුඩා විදුලි සෝපානයකින් ආහාර සමඟ පොතක් සහ ගෝනි රෙදි කැබලි රෝලක් ඉහළට ගමන් කරයි.
ඈ සිරකාරියක්ද?

ප්ලාස්ටික් ශල්‍යය වෛද්‍යවරයකු ප්ලාස්ටික් සැත්කම් ගැන දේශන පවත්වන අතර මහත් රුචියෙන් ඒ සැත්කම ගැන කතාබහ කරනු පෙනෙයි. මහත් ආරක්ෂාවක් සහිතව තැනුණු නිවසක වසන ඔහු විටින් විට සත්ත්ව ලේ ඇතුළු තවත් බොහෝ දෑ නිවසට රැගෙන විත් පරීක්ෂණ පවත්වනු පෙනෙයි. ප්‍රේක්ෂකයා හදිසි අනුමාන කිරීම්වලට එළැඹ කතාවක් නිර්මාණය කර ගැනීමට තැත් කරනු පෙනෙයි.
නමුත් පෙද්‍රෝ අල්මදෝවා ඊට එකඟ නොවෙයි. ඔහු ලියූ තිර නාටකය ඔබ නොදන්නා අන්තයකට ඔබව රැගෙන යයි. ඒ පෙද්‍රෝ ගේ ගති ස්වභාවයයි. ඔහුගේ අධ්‍යක්ෂණය ද එලෙසමයි.
‘ද ස්කින් අයි ලිව් ඉන්’ ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු දිගේ ගමන් යන්නක් නොවේ. අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩා බිඳ දමා සතුටු වන්නෙකි. ඔහු හිතුවක්කාරයෙකි.
ස්පාඤ්ඤ සම්භවයක් ඇති පෙද්‍රෝ අල්මදෝවා යනු අති සාර්ථක සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ පරම්පරාවට ඔහු යෝධයෙකි. 1999 වසරේ හොඳම විදෙස් සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් ‘ටොඩෝ සොබ්‍රේ මී මඩ්‍රේ’ (All About my Mother නම් ස්පාඤ්ඤ සිනමාපටය ඔහුගේ දස්කම එ

ඒ වසරේම හොඳම විදෙස් සිනමාපටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත්, කාන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් පෙද්‍රෝ හිමි කර ගත්තේ උක්ත සිනමාපටය වෙනුවෙනි.
මහත් විවාදාත්මක සිනමාකරුවකු වන අල්මද්‍රෝවා 1980 දී සිය ප්‍රථම වෘත්තාන්තය “පෙපී ලුසී බොම් ඇන්ඩ් අදර් ගර්ල්ස් ඔෆ් ද හීප් “ චිත්‍රපටය හරහා ස්පාඤ්ඤයේ නවරැල්ලක් නිර්මාණය කළේය.
හයිහීීල්ස් කිකා ටයි මී අප් ටයිම් ඩවුන්, ද ෆ්ලවර් ඔන් මයි සී්ක්‍රිට්, බෑඩ් එඩියුකේෂන් වැනි එකිනෙකට වෙනස් වූද, මහත් ආන්දෝලනාත්මක සිනමා පට රැසක් නිර්මාණය කළේය. ද ස්කින් අයි ලිව් ඉන් ඔහුගේ නවතම චිත්‍රපටය ගෙන එන්නේ ද එවන්ම අමුතුම කතා තේමාවකි. අන්තෝනියෝ බෙන්දරාස්, එලීනා අනායා සහ ජෑන් කෝනෙට් සිනමාපටය පුරා තම ආධිපත්‍ය පතුරුවන ආකාරය මනාව පෙනෙයි.

රොබට් සමඟ යහන්ගත වීමට උත්සාහ දරන වේරාය. එය ප්‍රතික්ෂේප කරන රොබට්ය. කොටියෙකු සේ වෙස් වලාගෙන සර්කසයකින් පැන එන සේකාය.
රොබට්ගේ නිවසේ මෙහෙකාරියගේ අවජාතක පුත්‍රයාය. අනුකම්පාව පතා විත් තම මව ශරීර ඇපයට තබාගෙන රොබට් සුරකින ගැහැනිය දූෂණයට ලක් කරන්නාය.තවත් මොහොතකින් අපට

සිනමාපටයේ තවත් කොටසකින් පෙනී සිටින්නේ ප්‍රේක්ෂකයා අනුමාන කර වැරැදෙන රොබට්ගේ අතීත කතාවයි. සේකා සමඟ පැන ගොස් මෝටර් රථ අනතුරකින් දැඩිව පිළිස්සෙන රොබට්ගේ බිරියගේ ජීවිතයයි.
තම දියණියගේ ඇස් ඉදිරිපිටම උඩ තට්ටුවක ජනේලයකින් පැන සිය දිවි නසා ගන්නා රොබට්ගේ බිරියගේ කතාවයි. ඒ දැක ජීවිතයේ සමනල අවධිය මමෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවන ඔවුන්ගේ දියණියගේ කතාවයි. රාත්‍රී සාදයකදී ඇයට අතවර කරන්නට තැත් කරන තරුණයාට අත්වන අවාසනාවන්ත ඉරණමයි.
තම දියණියට අතවර කරන්නට තැත් කළ තරුණයාව ලිංග විපර්යාසයකට භාජනය කර සිරකරුවෙකු ලෙස තබා ගන්නා රොබට්ගේ රහසිගත ජීවිතයයි. තරුණියක දූෂණය කරන්නට තැත් කිරීමේ වරදට ගැහැනියක වීමට සිදුවන පිරිමියකුගේ අසාමාන්‍ය ජීවිතයයි. අනුමාන කිරීම් සියල්ල සමඟ ප්‍රේක්ෂකයා විස්මයට පත් කරලීමට ආසා කළ පෙද්‍රෝ අපට කියන්නේ ස්පාඤ්ඤ සිනමාවේ අරුමැසිභාවයම නොවේද? ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලා අමතක කර ගත නුහුනු ගණයේ සිනමාපටයක් වන්නේ එහෙයිනි.
0 comments:
Post a Comment