රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

“ඔය ළමයා (රෝයි) ගායනා කළ ‘මා දෑසේ වේදනා’ - ‘රත්තරං ප්‍රාර්ථනා’ ගීත දෙක වගේ ම ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ‘පෙම්වතුන් සිනාසේ’ ගීතයත් මම රිංගින්ටෝන්ස් සඳහා දීලා තිබෙනවා. මම ඔය හැමදේම කර තියෙන්නේ බුද්ධිමය දේපළ නීතියෙන් ලැබී තිබෙන හිමිකම් යටතේ නීත්‍යානුකූ®ලවයි.

“මම ජාතික තරුණ සේවා සභාවට පැමිණියේ උපදේශකවරයෙකු ලෙසයි. ඔය ළමයා (රෝයි පීරිස්) එවිට උන්නේ අභ්‍යාසලාභියෙකු ලෙසයි. මා දැන් වැඩිහිටියෙක්. ගුරු ගෝලයෝ වශයෙන් මෙන් ම කලාකරුවන් වශයෙන් ද අදහස් වලින් මෙලෙස බැණ දොඩා ඇණ කොටා ගන්න.
අපහාස කරගන්න ඕනේ නැහැ අපි. ගුරුවරයෙකු ලෙස මා සිතන්නේ එහෙමයි. දිගින් දිගටම අපහාස වන අයුරින් ඒ ළමයා කටයුතු කළොත් පමණක් මං හිතාගෙන ඉන්නවා නීතිමය පියවරක් ගන්න. දැනට නීතිඥ උපදෙස් අනුව මම කටයුතු කරමින් සිටිනවා.”
0 comments:
Post a Comment