Archives
-
▼
2013
(98)
-
▼
April
(13)
- දැන්ද ඇහැරුණේ ?...
- සංස්කෘතික අපරාධයක්...
- ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!
- සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
- සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ
- ‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී
- නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’
- නිසි වෙලාවට ඒක සිද්ධවේවි
- පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
- රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ
- චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ
- මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි
- අනේ මෙහෙම ලව්
-
▼
April
(13)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Photos – Jaffna Titans Vs Hambantota Bangla Tigers | Lanka T10 Super League 2024 | Finals - ThePapare.com | Viraj Kothalawal | 19/12/2024 | Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright in...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
දැන්ද ඇහැරුණේ ?...
Sunday, April 28, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:57 AM 0 comments
සංස්කෘතික අපරාධයක්...
සංස්කෘතික අපරාධයක්...
* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?
* එතකොට ‘දෙරණ’ නාළිකාව එක්ක ඔබේ අවුලක් නැහැ?
* මෙය නම්කර තිබෙන්නේ ම ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල කියා. එතකොට එහි ආකෘතිය හා කාර්යභාරය ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද?
* එදා ඔබ කළ ප්‍රකාශය අපේ පාඨකයන් වෙනුවෙන් මේ මොහොතේ සිහිපත් කරමුද?
* තව දුරටත් ඔබ යමක් කිව්වා?
* සංගීතයේ විවිධ ශෛලීන් තියෙනවා. අනෙක කෙනකුගේ රුචිය තව කෙනෙකුට වහ කදුරු නොවෙන්නත් පුළුවන්...?
* නමුත් අද තාරුණ්‍යය නැඹුරු වී සිටින්නේ සහ ඔවුන් නිර්මාණකරනයේ යෙදෙන්නේ එවැනි සංගීත ශෛලීන් ආභාස කොට ගනිමින් නේද?
* සංස්කෘතික ඝාතනයක් ලෙසත් ඔබ මෙය හඳුන්වා දී තිබුණා..?
* ඔබ සුභාවිත ගීයට පි‍්‍රය කරන, ඒවා අගයන කෙනෙකු විදිහටයි මේ විරුද්ධ මතය ගෙනහැර පාන්නේ?
* ඉස්සර අපි ග්‍රැමෆෝනයෙන්, ගුවන් විදුලියෙන් අහපු ගීත අද රූපවාහිනියෙන්, වීඩියෝ මාධ්‍යයෙන් දකිනවා. රූප රචනය එහෙම නැතිනම් මේ විෂුවල් කියන මාධ්‍යය අද ගීතයක ජනප්‍රියත්වයට හේතුවන ප්‍රබල සාධකයක් වී හමාරයි. ඔබ කියන්නේ එවැනි අංගයක් ගීතයට අවශ්‍ය නැහැ කියලද?
* නමුත් ඔබ කියන ආකාරයේ සුභාවිත ගීත අද තරුණ පරපුර වෙතින් බිහි වෙන්නේ නැහැනේ?
* එතැනදි එහෙම දෙයක් වුණේ නැතිද?
* ඔබේ හිතමිත්‍ර ජැක්සන් ඇන්තනි පවා මෙහි විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා?
* ටී. එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, බූඩි කීර්තිසේන වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙම උළෙල නියෝජනය කළා. ඔවුන් අතින් තෑගි ප්‍රදානය වුණා?
* එතකොට ඔබ කියන්නේ මේ ප්‍රවීණයන් ‘දෙරණ’රූපවාහිනිය මගින් ගොනාට ඇන්දුවා කියල ද?
* ඔබේ සදාචාරාත්මක නොවීම ගැන...?
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:57 AM 0 comments
Labels: Gossip
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!
ඉරාණි අබේසේකර
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 AM 0 comments
Labels: මතක සැමරැම්
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ
ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:53 AM 0 comments
Labels: අදහස
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:53 AM 0 comments
නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’
චිත්‍ර දැක්මක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:52 AM 0 comments
නිසි වෙලාවට ඒක සිද්ධවේවි
නිසි වෙලාවට ඒක සිද්ධවේවි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:51 AM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
Monday, April 1, 2013
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි.එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA) බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’ (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
විශේෂයෙන් සොලනාස්ගේ සුප්‍රකට උද්ධෘතයක් වූ “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුව කි” යන්න පතිරාජ දැන සිටි අයුරු සාක්ෂාත් වන්නේ හැත්තෑව දශකයේ දී පමණ පළවූ ‘සිනමාව විප්ලවීය කලා මාධ්‍යයකි’ යන පොත් පිංචෙනි. එය පතිරාජ සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් අනුව සකස් කරන ලද්දකි.
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’ (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’ (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී. එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:07 PM 0 comments
Labels: චිත්‍රපටිය
රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ
රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ
තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් නොකරන බව සඳහන් කළ ගම්හේවා තවදුරටත් මෙසේ ද සඳහන් කළේ ය.
“ඔය ළමයා (රෝයි) ගායනා කළ ‘මා දෑසේ වේදනා’ - ‘රත්තරං ප්‍රාර්ථනා’ ගීත දෙක වගේ ම ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ‘පෙම්වතුන් සිනාසේ’ ගීතයත් මම රිංගින්ටෝන්ස් සඳහා දීලා තිබෙනවා. මම ඔය හැමදේම කර තියෙන්නේ බුද්ධිමය දේපළ නීතියෙන් ලැබී තිබෙන හිමිකම් යටතේ නීත්‍යානුකූ®ලවයි.
ශිහාන් මිහිරංග (“මා දෑසේ වේදනා”) සහ තීක්ෂණ අනුරාධ (“රත්තරං ප්‍රාර්ථනා”) ගීත දෙක ගැයුවේ රිංගින්ටෝන්ස් සඳහා පමණයි. මේ ගීත දෙක ගායනා කරන්න තුන් වැනි පාර්ශ්වය හැටියට ඔය ළමයා (රෝයි) ට තියෙන අයිතිය අපි තවම තහනම් කරලා නැහැ. ඊට වඩා ඕවා ගැන අපි කතා කරන්න ඕනෑ නැහැ.”
“මම ජාතික තරුණ සේවා සභාවට පැමිණියේ උපදේශකවරයෙකු ලෙසයි. ඔය ළමයා (රෝයි පීරිස්) එවිට උන්නේ අභ්‍යාසලාභියෙකු ලෙසයි. මා දැන් වැඩිහිටියෙක්. ගුරු ගෝලයෝ වශයෙන් මෙන් ම කලාකරුවන් වශයෙන් ද අදහස් වලින් මෙලෙස බැණ දොඩා ඇණ කොටා ගන්න.
අපහාස කරගන්න ඕනේ නැහැ අපි. ගුරුවරයෙකු ලෙස මා සිතන්නේ එහෙමයි. දිගින් දිගටම අපහාස වන අයුරින් ඒ ළමයා කටයුතු කළොත් පමණක් මං හිතාගෙන ඉන්නවා නීතිමය පියවරක් ගන්න. දැනට නීතිඥ උපදෙස් අනුව මම කටයුතු කරමින් සිටිනවා.”
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:06 PM 0 comments
Labels: Gossip
චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ
චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම ලංකාව පුරාම ප්‍රේක්ෂකයෝ ඒක බලනවා.
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:06 PM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි
මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි
භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ නවතම තතු විමසන්නටය.
ඔබ රංගනයට පිවිසි ආකාරය සිහිපත් කරමු
මගේ මුල්ගම ගම්පහ; දැන් පදිංචිය මහරගම. පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකාවට. පාසල් යන කාලේ පටන් මම ආශා කළේ සංගීතයට. පාසලේදි මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.
සංගීතයට තිබුණු ඇල්ම නිසාම ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා වසර 6 ක් පමණ. ඒ අතරතුරේදි තමයි මට රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඉන්පසුව මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
රංගන ශිල්පිනියක් වීමේ ආශාව හිතේ කොනක හෝ තිබුණ ද?
මම ආශා කළේ ගායිකාවක් වෙන්න. නමුත් යොමුවුණේ රංගනයට.
එතකොට ඔබේ පළමු ටෙලිනාට්‍යය?
සිරස නාලිකාවෙන් විකාශය වුණු “සඳ සාක්කි.” එය දීර්ඝ ටෙලි නාට්‍යයක්. එහි මම නිරූපණය කළේ පාද දෙකම අහිමි තරුණියකගේ චරිතයක්.
එතකොට ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
“සඳසාක්කි”, “ඉඳුවරී”, “බාලොලි මල්” “හිම පියලි” “රන්තරු” “සොයුරී” සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.
සිනමාවට ඔබේ දායකත්වය...?
මේ වන විට මම එක් සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ රොෂාන් කුරුප්පුගේ “මල් විල ෆාම්” චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මම. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
ඔබ හිතන විදියට ඔබගේ රංගනය ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ කුමන චරිතයෙන් ද?
‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයේ ‘සුංගි’ කියන චරිතයෙන්. ඒ චරිතය තුළ මට ගොඩක් දේවල් කරන්න තිබුණා. ඒ රංගනය දැකපු අධ්‍යක්ෂවරු කීපදෙනෙක්ම මාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගත්තා.
එතකොට ඔබ මේ දවස්වල මොනව ද කරන්නෙ...?
“සසර සක්මන” ‘හිම පියලි’ ‘රන්තරු’ සහ තවත් ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.
ඔබ මෙතෙක් රඟපා ඇති චරිතවල ස්වභාවය...?
මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගතවෙලා තියෙන්නේ කෙටි කාලයක් වුණත් හොඳ ටෙලිනාට්‍ය කීපයකම විවිධාකාරයේ චරිත නිරූපණය කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ඒ චරිත අතර පෙම්වතිය, දියණිය වැනි චරිත වගේ ම ඉතාම සංකීර්ණ චරිතත් තිබුණා. එලෙස විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි.
ඔබ ප්‍රවීණයින් එක්ක සාර්ථකව එකට වැඩ කරනවා ද?
පසුගිය කාලෙ මම ප්‍රවීණයින් රැසක් සමඟම වැඩ කළා. මම ප්‍රවීණයින්ට ගොඩක් ගරු කරනවා. ඔවුන්ගෙන් අපේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් ලබාගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම ජයනි අක්කා (ජයනි සේනානායක) කුමාර තිරිමාදුර අයියා මට ගොඩක් උදව් කරනවා.
දැන් ඔබ සංගීතය අමතක කරල ද?
නැහැ. මට එහෙම කරන්න හැකියාවක් නෑ. කේමදාස මාස්ටර් ඉන්න කාලේ මම මාස්ටර්ගේ ප්‍රසංගවලට ගොඩක් දායක වුණා. නමුත් වැඩියෙන් රංගනයට යොමු වුණු නිසා සංගීත කටයුතු තරමක් මඟ හැරුණා. මේ දිනවල මගේ නවතම ගීතයක වැඩ කරගෙන යනවා. මැයි මාසයේ දී පමණ ඒ ගීතය රූප රචනාවක් සමඟින් රසිකයින්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගනය සරල ද?
නැහැ. කොහෙත්ම නෑ. ඒකට උපතින්ම ලැබුණු වාසනාවනක් වගේම අභ්‍යාස කිරීමෙන් ලබාගත් දැනුමත් තියෙන්න ඕන. රංගනය ප්‍රගුණ කළ යුතු විෂයයක්. ඒ සඳහා විශේෂ අභ්‍යාස ක්‍රම තිබෙනවා. මම හිතනවා මට රංගනය ගැන ඉගෙනගන්න ලැබුණේ එය ඉගෙන ගන්න ඉන්න හොඳම කෙනාගෙන් කියලයි.
ඒ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන්. කේමදාස මාස්ටර් ඉගැන්නුවේ සංගීතය පමණක් නෙමෙයි. රංගනය පිළිබඳ මනා දැනුමක් අපට ලබා දුන්නා. ඒ ඔපෙරාවලට අපට සම්බන්ධ කර ගැනීමේදී. ඉදිරියටත් මට රංගනය ගැන මේ රටේ ප්‍රවීණයින්ගෙන් මෙන්ම තවත් ක්‍රම වලින් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඔබ රැකියාවක් ලෙස මොනව ද කරන්නෙ?
දැන් මගේ රැකියාව රඟපෑම.
දිගටම රංගනයේ ඉන්නව ද?
ඔව් මට හැකිතාක් කල් මම රංගනයේ යෙදෙනවා. ඒ වගේම කවදා හෝ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පවුලේ තොරතුරු...?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.
පවුලේ අය හැර ජීවිතයට සමීප තවත් කෙනෙකුන් ඔබට ඇති නේද?
දැනට නම් නෑ. මගේ ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත, මට ගොඩක් ආදරය කරන කෙනෙක් මගේ ජීවිතයට සමීප වේවි කියල මම හිතනව.
Silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:05 PM 0 comments
Labels: Gossip
අනේ මෙහෙම ලව්
අනේ මෙහෙම ලව්
කරල් හතර 540 යි
දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි.
කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ඇය තම රාජකාරි සඳහා එහි නතර වූවා. මාධ්‍ය සගයා ආපසු කොළඹ ආවා. ඒ බඩ ඉරිගු තම්බා කෑමේ සිහිනයත් එක්කයි.
ගමන පුරාම දැඩි නින්දේ පසු වූ ඔහු නිවෙස අසලදී රථයෙන් බැස ගියා. ගෙදරට ගොඩවන විටම සිහිපත් වූයේ බඩ ඉරිගු බස් රථයේ අමතක වූ බවයි.
සෙසු හිතවතෙකු දැන ගත්තොත් ඒ බඩ ඉරිගු ආපසු නෙලැබේ යැයි සිතූ ඔහු ආයතනය වෙනුවෙන් මාධ්‍යවේදීන් ගමන් ගත් බස් රථයේ සහායකයාට එස්. එම්. එස්. පණිවුඩයක් යැව්වේ බඩ ඉරිඟු කරල් ඔවුන්ගේ සමාගමේ තබා ගන්නා ලෙසයි.
ඊළඟට අපේ මාධ්‍ය සගයා කළේ කිරිබත්ගොඩ සිට ත්‍රීවිලරයක නැගී නුගේගොඩ පැත්තේ ප්‍රවාහන සමාගමට පැමිණීමයි. ඒ රිය සහායකයා වෙනත් රාජකාරියට යාවි යැයි ඇති වූ බිය නිසයි.
කෙසේ වුවත් අපේ මිත්‍රයාට රුපියල් පන්සියයක ගාස්තුවක් ත්‍රීවිලරයට ගෙවන්නත් සිදු වුණා. ඒ වන විට, පෙම්වතිය ලබා දුන් බඩ ඉරිගු කරල් හතරේ වටිනාකම රුපියල් පන්සිය හතළිහක් වූ නමුත් බඩ ඉරිඟු කරල්වල රසය නම් වැඩි වෙනසක් වී තිබුණේ නැහැ.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:04 PM 0 comments
Labels: Gossip