![]() |
‘‘ජැක්සන්-කුමාරි’’ යුවළගේ ලොකු පුතා හෙවත් පවුලේ දෙවැන්නා අඛිල ධනුද්ධරය. තුන්වැන්නා හෙවත් පවුලේ අන්තිමයා සජිත අනුත්තරය. ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, සෝමරත්න දිසානායකගේ සූරිය අරණ චිත‍්‍රපටයේ වැදි පැටියාගේ චරිතය සමගය. එම චිත‍්‍රපටයේ රඟපාන විට කොලූ පැංචෙකු වූ සජිත අද කඩවසම් නව යෞවනයෙකි. ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සජිත පසුගිය වසරේ උසස් පෙළට මුහුණ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ඇත. කලා අංශයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ඇති ඔහු දැන් සූදානමින් සිටින්නේ සරසවි ප‍්‍රවේශය සඳහාය. එලෙසින් සරසවි වරම් ලබා සිටින සජිතගේ අරමුණ වන්නේ උපාධිය ලබා ගත් පසු කලා අංශයේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණාත්මක ගමනක යෙදීමටය. වයස අවුරුදු 21 සපුරන සජිත කලා අංශය තෝරා ගැනීම ගැන පවසන්නේ මෙලෙසිනි.
‘‘කලාව අපේ පවුලෙන්ම ආ දෙයක්. හැබැයි සාමාන්‍ය පෙළ දක්වා අම්මයි - අප්පච්චියි අපට මග පෙන්වීම හැර බලපෑම් කළේ නැහැ. අපට කැමති විදියට විෂයයන් තෝරා ගන්න ඉඩ දුන්නා’’ඒ විදියට අධ්‍යාපනය ලද සජිත කලා අංශය තෝරා ගත්තද, අය්යා අඛිල ධනුද්ධර කලා අංශ ගැන හිතපු කෙනෙක් නම් නොවෙයි. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අඛිලගේ වයස අවුරුදු 23කි. ඔහුගේ ආසාව තිබෙන්නේ වාණිජ අංශයටය. එම අංශයෙන් ඩිප්ලෝමා සහතික ලබා ඇති ඔහු කලාවට සම්බන්ධ වී ඇත්තේ අහම්බයකිනි.
සජිත මල්ලී අය්යා ගැන අද පවසන්නේ එලෙසිනි. අඛිල මුලින්ම තාරුණ්‍ය ස්පර්ශ කළේ රොමේෂ් සුගතපාලගෙ ‘‘දිගුදෑස දුටුවාම’’ ගීතයේ රූප රචනයට පෙනී සිටීමෙනි. ඉන්පසු එහි දෙවැනි ගීතය වූ දිගු දෑස දුටුවාම ගීතයට පෙනී සිටි අඛිල සිනමාවට පා තබන්නේ සෝමරත්න දිසානායකයන්ගේ ‘‘සිරිපැරකුම්’’ චිත‍්‍රපටය සමගය. එහි ප‍්‍රධාන චරිතයට දායකව සිටින්නේ මේ අඛිලය. හෙට දින තිරගත වීමට නියමිත සිරි පැරකුම් චිත‍්‍රපටයේ රඟපාන ඒ චරිතය සමග අඛිල ගැන බොහෝ දෙනා කතා කරනු ස්ථිරය. සජිත ගැන බොහෝ දෙනා අද කතා කරන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් නිසාය. එහි ෂෂිකා ජෝන්ස් සමග නර්තනයේ යෙදෙන්නේ ඔහුය. සජිත එක්ක අතීතයට ගියොත්, මුලින්ම ඔහු ගැන කතා කර ඇත්තේ ශ්‍රී ලාංකීය රසිකයින් නොවේ. යුරෝපයේ සිනමාලෝලී රසිකයින්ය. ඕෆ්රෝඞ් නමැති ජර්මානු චිත‍්‍රපටයක රඟපෑම ඊට හේතුවය. සුමිත් කුමාරගෙ කුරුළු පිහාටු සහ සජිතගෙ අප්පච්චි කළ අබා චිත‍්‍රපටවල රඟපා ඇත්තේ ඉන් පසුවය.
‘‘ඇත්තෙන්ම අය්යටයි - මටයි ඉගෙන ගන්න ආසා හිතුණෙ අක්කා නිසයි. අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. මට මේ උසස් පෙළ ඉස්තරම් විදියට පාස්වෙන්න උදව් කළේ අක්කා. අපේ අම්මා රජයේ රැකියාවක් කළේ. ඉතින් අම්මයි - අප්පච්චියි කාර්ය බහුල වුනාම ඉස්සර අක්කා අපට උයලාත් දුන්නා. අපිව බලා ගත්තෙ එයා. අක්කා විවාහ වුණේ වෛද්‍යවරයෙක් එක්ක. දැන් ඒ අය්යත් වැඩිපුර විදේශීය අධ්‍යාපනය ලබා මෙහි ඇවිත්. ඒ දෙන්නත් අපි එක්ක සිටීම ගැන අපට ලොකු සතුටක් තියෙන්නෙ.’’තම පවුලේ ශක්තිමත් බව සහ ඉස්තරම් ආකාරයේ සහෝදර බැඳීම ගැන ඒ පවුලේ බඩ පිස්සා ප‍්‍රකාශ කළේ එලෙසිනි. මේ අය්යා - මලෝ දෙන්නා තම අම්මා - අප්පච්චි මෙන්ම අක්කා ගැනද වඩාත් ආඩම්බර වෙයි. ඒ ආඩම්බරකමට හේතුවක් ඇත. අරුත්බර බව ඊට හේතුවය. විසේකාර තාරුණ්‍යය සමාජයට හිතකර වී ඇත්තේ ඔවුනට මේ පවුලෙන් ලැබුනු හරවත් බව, මඟ පෙන්වීම නිසාම නොවේද? සජිත සහ අඛිලගෙ හමුව අවසන අපට වටහාගත් දේ එයයි. රටට ප‍්‍රකට වගේම ඔවුනගේ පවුලත් අරුත්බර යැයි සඳහන් කළ හැකිමය.
.jpg)





0 comments:
Post a Comment