.jpg)
.jpg)
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.
.jpg)
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.

.jpg)
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත්
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.
.jpg)
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.

.jpg)
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.
.jpg)
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා
ප‍්‍රසාංගික වීරයායි.
.jpg)
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.
පසුතලය- park Street mews
.jpg)

0 comments:
Post a Comment