හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා
මාර්තු 22 දා සිට තිරගත කෙරෙන ‘ආත්මා’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියන්ගේ විතරක් නොවෙයි, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නළු නිළියන්ගේත් අවධානය දිනා ගන්නට සමත් වෙලා. මේ අවධානය ඇති වුණේ ‘ආත්මා’ රූපගත කිරීම් සිදුකළ දින සිටයි.
එක් අවස්ථාවකදී මෙහි රූපගත කිරීම් සිදුවෙද්දී අද්භූත ගී රාවයක් ඇසී තිබුණා. එය ඇසී තිබුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුසාන් වර්මා පැලඳගෙන සිටි ඉයර්ෆෝනය ඔස්සේයි. රූපගත කිරීම්වලට බාධාවක් ලෙස ඇසුණු ඒ ගී රාවය නිසා අධ්‍යක්ෂවරයා විමසිලිමත් වුණා.

වහාම රූපගත කිරීම් නවතා දමා ඉයර්ෆෝන් යුගල ගැලවූ ඔහුට, පියවි සවනින් ඒ හඬ ඇසුණේ නැහැ. අද්භූත කතාවක් රැගත් ‘ආත්මා’ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බිපාෂා බාසු සහ නවාසුදින් සිද්දික්. චිත්‍රපටය රූපගත කරන දිනවල දී බිපාෂාට ද දැනුණේ අමුත්තක්ලු. ඇය ඒ බව කිහිප වරක් ප්‍රකාශ කර තිබුණා.
සමහර අවස්ථාවලදී ඇයගේ නින්දට පවා බාධා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම, අමනුෂ්‍ය දෝෂ ඇතැයි පැවසෙන ස්ථානවලදී සිදු කෙරුණු රූපගත කිරීම්වලින් පසුව තමන්ට මෙම අපහසුතා ඇතිවූ බවයි බිපාෂා ප්‍රකාශ කළේ.
“ඇත්තම කිව්වොත් මට ඒ දවස්වල රෑට නින්ද ගියේත් නැහැ. අධ්‍යක්ෂවරයාට ඕනැවුණා, හොල්මන් - අවතාර ගැවසෙනවා කියල විශ්වාසයක් තිබුණු තැන්වලත් සමහර දර්ශන රූපගත කරන්න.
ඒ වගේ තැන්වල මට රඟපාන්න සිද්ධ වුණා. ඉන් පස්සෙ තමයි, මට දවස් කීපයක්ම යනතුරු රෑට නින්ද නොගියේ. බොරු කියන්නෙ මොකට ද? මම ඇත්තටම බයවුණා. මම කවදාවත් හිතුවෙ නැහැ, ‘ආත්මා’ වගේ චිත්‍රපටයක මට රඟපාන්න ලැබේවි ය කියලා.
නමුත්, අධ්‍යක්ෂ සුසාන් වර්මා, මීට කලින් වතාවලදී වගේම මේ වතාවෙදීත් මාව තෝරා ගත්තා. එයා හරි හොඳ කෙනෙක්. ඉතින්, ‘ආත්මා’ චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා කළාම, මට ඒ ඉල්ලීම අහක දාන්න බැරිවුණා. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ‘මායා’ කියන කාන්තාවගේ චරිතයයි. ඒක මහ අමුතු චරිතයක්.” බිපාෂා එලෙස කීවේ විස්මය රැඳි දෑසින්.
බිපාෂා මීට කලින් ද ‘රාස්’, ‘රාස් - 3’ වැනි අද්භූතජනක සිදුවීම් රැගත් චිත්‍රපටවල රඟපෑවා. ඒ වුණත් දැන් ඇය පවසන්නේ මින් මතුවට මෙවැනි චිත්‍රපටවල රඟපෑමෙන් වැළකී සිටින බවයි.
සුජීව තේවහෙට්ටිගේ
1 comments:
I have read some good stuff here. Definitely worth bookmarking for revisiting.
I surprise how much effort you put to create this type of excellent
informative web site.
my website ... come posso guadagnare soldi
()
Post a Comment