අවුරුදු හතරක් පමණ වයසැති කුඩා දිය‚ය සහ ඇගේ ආච්චි බසයේ වාඩි වූ අතර යාබද අසුණේ සිටියේ තරුණ පෙනුමැති කාන්තාවකි. ඇය කිහිප විටක් කුඩා දැරියට මදහස පා කතා කිරීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ විය. පසුව තම අතේ තිබූ සතුන්ගේ පිංතූරු අඩංගු පොතක් රැගෙන බලන්නට වූවාය. ටික වේලාවකින් දැරියද පිංතූරු පොත දෙස එබී බලන්නට විය.
මද වේලාවකින් කාන්තාව —බබා මොන්ටිසෝරි යනවාදැ˜යි ඇසුවාය. දැරිය —නැහැ මම ඉස්කෝලේ යනවා˜ කීවාය. එවිට ආච්චි —ඇයි දුව බොරු කියන්නෙ. දුව මොන්ටිසෝරි යනවා කියලා ඇන්ටිට කියන්න˜ යැයි කීවාය. දැරිය —මම බොරුවට ස්කෝලේ යනවා කියලා කීවේ. මම යන්නේ මොන්ටිසෝරියට˜ යැයි සිනහවෙමින් පැවසුවාය.
—හා කමක් නැහැ. ඔයාගේ ගුරුතුමියගේ නම මොකක්ද˜ කාන්තාව විමසූ විට දැරිය නම කීවාය. මෙසේ කාන්තාව නොයෙකුත් ප්‍රශ්න ඇසූ අතර දැරිය ඒවාට පිළිතුරු දුන්නාය. අසන්නට ප්‍රශ්න නොමැති වූ නිසා කාන්තාව නිහ~ විය. දැන් දිය‚යගේ වාරයයි. —ඇන්ටිගේ නම මොකක්දැ˜යි ඇය ඇසූ කළ කාන්තාව නම කීවාය. —ඔයා රඬාවක් කරනවාද?˜ දැරියගෙන් තවත් පැනයකි. —ඔව් මම ගුරුවරියක්˜ කාන්තාව පිළිතුරු දුන්නාය. —ඔයා ගුරුවරියක් නෙමේ. ඔයා බොරු කියන්නේ.˜ දැරිය කීවාය. —ඇයි එහෙම කීවේ˜ කාන්තාව විමසූ අතර එයට පිළිතුරු දුන් දැරිය —ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ. එයාලා අඳින්නේ සාරි.˜ යැයි කීවාය.
කාන්තාව මුවින් නොබැන සිටි අතර ඇය දෙස හොඳ විපරමින් බැලු දැරිය —ඔයා කොන්ඩේ ඩයි කරලා නේද ඉන්නේ.˜ යැයි ඇසුවාය. කාන්තාවගේ මුහුණ ඇඹුල් විය. එය දුටු දැරිය, —ගණන් ගන්න එපා ඇන්ටි මෙහෙම හිටියට අපේ ආත්තම්මාත් කොණ්ඩේ ඩයි කරලා ඉන්නේ˜ යැයි කීවාය. ආච්චිට හීන් ඩාදිය දමන්නට වූ අතර බසයේ සමහරු සිනාසෙන්නට වූහ. වහා දිය‚ය නැගිටුවා ගත් ආත්තම්මා ඉදිරියෙන් ඇති බස් නැවතුමෙන් බැස්සාය.
කි්‍රස්ටෝපර් සීපියන්
අනුරාධපුරය
Copy Rights - Lankadeepa
0 comments:
Post a Comment